..
..
..
චුට්ට චුට්ට රෑ වෙන්න අරන්....මහ හෝසෙට අහස අල්ලන්නා හේ විහිදුනු මාදං ගස්....ගිනිසීරියා ගස් වගේම අතරින් පතර හැදුනු තල් , කිතුල් ගස් අතරින් වැටුනු මලානික ඉර එලිය ගැට පිච්ච මල්වලට පිපෙන්න පාර කියාගෙන හැංගිලා යන්නම යද්දි....වැව් රැලි අස්සෙ පෙති ගුලි කරාගෙන නින්දට යන්න සැරසුනු නෙලුම් පොහොට්ටුවලට තනි රකින්නදෝ මූකලානට උඩින් අඩවන් වුනු හද පායාගෙන විත් තිබුනා...
..වැව් මාලුයි කොස් තම්බලයි...හනේ අම්මේහ් මට නම් බත් එපා....කොස් එක්ක මාලු හොදි ටිකක් දාලා දෙන්නකෝ...
වැව් මාලුවෙක් අල්ලගන්න..තුන පහ දාලා පදමට උයාගන්න මහ ලොකුවට වියදමක් උනේ නැතිකොට දවස් දෙකකට සැරයක් නම් ගෙදර වැව් මාලු වැරදුනේම නැති තරම්...වැව්වල මාලු හිදිලා නොගියට මොකෝ කොස් ගහක් පොලොස් ගහක් හොයාගන්න ගමම පීරන්න උනා වෙනකොට....අප්පච්චි අරගෙන ඇවිත් තිබුනු කොස් ගෙඩිය උයනකම් පොඩීට නම් මේ ලෝකෙ සිහියක් නැති උනා...ගෙදරට එක ගානේ අබ ගහක් තිබුනට මොකෝ කොස් ගහක් තිබුනෙ නම් ගෙවල් පේලියකට දෙක තුනක් වගේ වෙන්න වෙද්දි කවදත් කොස්වලට පෙරෙතකම් කරන පොඩීට බත් එක බෙදකම්වත් සිහියක් නැතිව ගියා...
..ඔහොම ඉදින් පොඩී.උබ විතරක් නෙවේනේ මේ ගෙදර ඉන්නේ.තව උන් ඉන්නවනේ....
..අනේ ඉතින් ...
..බත් වගේ ගිලින්න තරම් කොස් උයලා නෑ...ඉදහන් අප්පච්චිට බෙදලා ඉවර වෙනකම්.....
පොඩී කට ඇද කරගත්තා..නිවුන්නුන්ගෙන් බාලම උනේ.පොඩී.....කවුරුත් පොඩී කියලා කියන නිසාදෝ කෙල්ලත් පොඩි එකෙක් වගේ අම්මා හරි අප්පච්චි හරි අස්සෙමයි..ඒත් බැරි නම් ලොකූගෙ අස්සෙමයි...හදන්නෙම පොඩ්ඩක් කන් කුන් කාලා හුරතල් වෙලා ඕන දේ කරගන්නනේ....
තීනුත් එක්ක ගෙදර ඉන්නෙ අට දෙනෙක් උනත් අම්මා කලේ පිගන් හතක් සිමෙන්ති බැම්ම උඩින් පේලියට තියාපු එක.....වීදුරු පිගන් හතරක් විතරක් තිබුනා වෙද්දි ඉතිරි තුනම උනේ ප්ලාස්ටික් මැටි කෝප්ප...ගෙදරට අමුත්තෙක් ආවොතින් කියලා පරිස්සමට කැබිනෙට් එක ඇතුලෙ හංගලා තියලා වීදුරු පිගන් ඇරෙන්න ගෙදර වැඩි පාවිච්චියට ගත්තෙම ප්ලාස්ටික් පිගන් හරි ප්ලාස්ටික් මැටි කෝප්පහරි උනා....වීදුරු කෝප්ප තිබ්බෙත් දෙක තුනක් වෙද්දි....කෙල්ලො ටිකට පාට හතරකින් ප්ලාස්ටික් කෝප්ප ගෙනත් දීලා තිබුනා...නැත්නම් පුළුවන්ද අරයට වැඩී මට අඩුයි කියලා මරාගන්න පාරට බිදගත්තාම කෝප්ප ගෙනත් දෙන්න.....
බත් මුට්ටියෙ අඩියෙන් පොඩ්ඩක් විතරක් ඉතුරු වෙන්න පිගන් හතට බත් බෙදලා මාලු කූරි ටිකත් කොස් ටිකත් බෙදුව අම්මා අන්තිමට අතට ගත්තේ එයාගේ මැටි කෝප්පේ....සම්බෝලයක් හදන දාකට.එහෙම නැත්නම් සලාදයක් හදන දාකට දාන්නෙත් ඒ මැටි කෝප්පෙට වෙද්දි...කැමැත්තෙන්ම අම්මා එයාගෙ නමට මැටි කෝප්පෙ අයිති කරන් තිබුනා.....පොඩී ඉල්ලුවා වගේම කෙල්ලට බත්වලට වඩා කොස් පුරවලා දීලා බත් එකේ මදිපාඩුවට අම්මත් ඉතිරි කොස් ටික පුරවගද්දි....කෑම මේසයක් නැතත් මුලු පවුලම රෑ කෑමට එකතු වෙලා තිබුනා....
ධතාශ් ඉපදෙන්නත් කලින් ඉදන්ම ගෙදර කෑම කද්දි අප්පච්චි වාඩි උනේම බිමින් වෙද්දි....බිම හලන නිසාම බට්ටිත් අනිවාර්යයෙන් බිම වාඩිවෙලා කන එක නීතියක් උනා....ඒ හැරෙන්න නිවුන්නු දෙන්නා ටීවි එක දාගෙන එතනින් පුටුවක් අරන් වාඩිවෙද්දි ගෙදර කෙනෙක් නොවන ගානට මිනාශි හැමදාමත් වගේ කාමරේ අස්සට රිංග ගත්තා...
..අම්මේහ්....
..ඇයි ලොකූ මොනාද ඕන....
පුටුවකින් උනත් බිමින් උනත් හැමෝම හිටියේ වාඩිවෙලා කන ගමන් වෙද්දි...අම්මා විතරක් හිටගෙන සිමෙන්ති පඩියට හේත්තු වෙලා ඉද්දි ධතාශ් කතා කලේ නොරිස්සුමෙන් ...
..හිටගෙන කෑවා කියලා කාගේවත් බඩක් වැඩියෙන් පිරෙන්නෑ....ඉදගෙන කන්න...
..කතා කරලා වැඩක් නෑ ලොකූ...මට කියලා කියලා එපා වෙලා ඉන්නේ....උබලා අම්මා තාම ඉන්නෙ මහ අදිකාරම්ලගේ යුගේනේ....කසාද මිනිහා එක්ක ඉදන් කන එකත් පවක් කියලනේ හිතන්නේ...
..මොනාද ඒයි මේ ලමයි ඉස්සරහා කියන්නේ..
..ඔය පුස්සෙන් පිරුනු මොලේ ඇතුලට යන්නෙ නැති දේ කිව්වේ...උබලා ආච්චම්මා තමා උබලා අම්මගෙ ඔලුව කාලා තියෙන්නෙ ලොකුවෝ..කන්න උයලා දීලා කන්න බත් පත බෙදලත් දීලා උබලා අම්මට බැරි මොකද එකට ඉදගෙන කන්න..මේ ගෑනුන්ගෙත් මල සමයං....රස්සාවකට ගියාට වැඩක් නෑ තාම ඉන්නෙ සුද්දගෙ කාලේ...
අප්පච්චි ඒක කිව්වෙ ඇනුම් පදයක් ගානට...ඒවගේම නොරිස්සුමෙන්...අප්පච්චිට අම්මගෙ ඔක්කොම හරි..ඕන් ඔය ඕනාවට වඩා දක්වන පති භක්තිය තමා ඉවසන්න අමාරු.....සැමියා බිරිදගෙ දෙවියා කිව්ව පලියට කොතනකවත් ලියලා නෑ සැමියව වන්දනාමාන කරගෙන දේවත්වයෙන් අදහන්න ඕන කියලා...වහලියක් වගේ බැලමෙහෙවරකම් කරන්නඕනයි කියලා.විවාහය කියන්නෙ දෙන්නෙක් එකතු වෙලා රැකගන්න බැදීමක් නම්...ඒ බැදීම ඇතුලෙ දෙන්නටම සමාන හිමිකමක්..ගෞරවයක් ලැබෙන්න ඕන....පවුලක බර අදින්නෙ දෙන්නම නම් ...රස්සාවක් කරන එකම නෙවෙයි...කෙනෙක් රස්සාවකට යද්දි අනිත් කෙනා ගෙදර ,දරුවෝ බලාගෙන ඉන්නවා නම්...ඒකම හවුල් ව්‍යාපාරයකට සමානයි...හවුල් ව්‍යාපාරයක හවුල් වෙන හැම කෙනෙක්ටම සමානව අයිතිය බෙදිලා යනවා නම් විවාහයක් ඇතුලෙත් වෙන්න ඕන ඒ දේම නෙවේද.....අයිතිය සමානව අඩු වැඩියක් නැතිව බෙදිලා යන එක නෙවේද...
සැමියට ගරු කරන එකේ වැරැද්දක් නෑ..ඒ ගෞරවය අනිවාර්යයෙන් ලැබිය යුතු දෙයක්...ඒත් එයින් අදහස්කරන්නෙ බිරිද කුස්සිය මුල්ලට වෙන්න ඕන කියන එක නෙවේ...රස්සාවක් කලත් නොකලත් බිරිදට හැම මොහොතකට සැමියට එහා පැත්තෙන් වාඩිවෙන්න අයිතිය තියනවයි කියන එක.....
...ඒ උනාට අම්මි නම් ඩැඩා එක්ක එකටම වාඩිවෙලයි කන්නේ....ඩැඩා බයිනවනේ පොඩ්ඩක් හරි අම්මි කෑම කන්න එන්න පරක්කූ උනොත්...ඩැඩාට බෑනෙ අම්මි නැතුව කන්න....අම්මිව ඕනමයිනෙ බත් එක බෙදාගන්න...
..ඇත්තද සුදු මහත්තයෝ..
..ඕ ඕ ඇත්තනේ...සුදු මහත්තයා බොරු කියන්නෙ නෑනේ...ඒ උනාට හලෝ අම්මි කෑම මේසෙට එන්න පරක්කු උනාම ඩැඩා ගිහිල්ලා අම්මිව එක්ක ආවා උනාට ඩැඩා පොඩ්ඩක් හරි කැම කන්න එන්න පරක්කු උනොත් අම්මි කෙලින්ම ඩැඩාව බත් එක බෙදලා දීලා සෝෆා එකට පන්නනවනෙ....
..ක්..හැක්..කැහැක්.....
ඔන්න ඉතින් එක් කෙනෙක් නම් හොරා වගෙ ධතාශ්ගෙ අත් ගොබයක් අස්සෙ මූන හංගන් කිව්වේ වැරැද්දක් කරපු ගානට....ඒ අස්සෙ ධතාශ්ට කොහෙදෝ නැති කැස්සකුත් එනකොට අප්පච්චි නම් බලන් හිටියෙ කටත් පොඩ්ඩක් විතර ඇරගෙන..
..සුදු මැනිකේ එහෙමත් කරනවද..
..නැත්නම් නැත්නම් ..අම්මි තීනුටත් එහෙම කරනවා නේන්නම්...එක දවසක් කාමරේ දොරත් ලොක් කරන් පාඩම් කරකර ඉද්දි..
..කියවන්න නෙවේ කෝ කට අරින්න...
ධතාශ් බලෙන්ම වගේ තීනුගෙ කටට ඇගිලිතුඩුවලින් අනපු චූට්ටන් බත් කටක් කවද්දි තීනු හොදම එකෙන් රවලා ධතාශ්ගෙ උරහිසට පාරක් ගැහුවා...
..කියන්න දෙනවා මෝඩයොහ්...තීනුට කියන්න දෙනවා....
තීනුටත් දැන් ධතාශ් එක්ක අප්පච්චි ලගින් බිම වාඩිවෙලා කන එක පුරුද්දට ගිහින්...එතකොට පුලුවන්නේ අප්පච්චි එකට හොදට කෝප්පයක් හෝදන්න....ඔහොම කියවන්න ගියොත් අද නම් කන්න වෙන්නෙ නැති නිසා කොච්චර රැව්වත් මොකො කියලා ධතාශ් රවන්න රවන්න ඒ රවද්දි උල් වෙන තොල්පට අතරට බත් ගුලි එබුවා...
ඒ කිව්ව කතාවෙ මහලොකු බරක් පතලක් තීනුට නොතේරුනත් ධතාශ්ගෙ හිතට ඒ කතාවෙ බර දැනුනා.....උගත් කාන්තාවක් සහ නූගත් කාන්තාවකගෙ වෙනස.......උගත් මිනිස්සු දන්නවා තමන්ගෙ අයිතිවාසිකම් උපයගන්න....තමන්ගෙ තැන මොකක්ද සහ ලැබිය යුතු ගෞරවය ලබාගන්න...ඒත් කාන්තාවක් නූගත් වෙන තරමට එයා රිංගන්න හදන්නෙම කුස්සිය මුල්ලට...කුස්සියෙන් සහ පවුලෙන් තොර ලෝකයක් නෑයි කියන සිතුවිල්ලට......ඉතින් සමහර පිරිමි ගැහැනු ඉගෙන ගන්නවටත්...රස්සාවක් කරනවටත් අකමැති හේතුවත් ඕකමයි....අප්පච්චි ඒ ජාතියේ පිරිමියෙක් නොවුනත්...සමහර පිරිමි හොයන්නෙම කුස්සිය මුල්ලට වෙන ගැහැනු....කවදාවත් සැමියා ඉස්සරහා හඩ උස් නොකරන ගැහුවත් බැන්නත් ඒ තමන්ගේ දෛවය කියලා දරුවන්ගෙ නාමයෙන් ඉවසන ගැහැනු....
උගත් උනත් අදටත් කුස්සිය මුල්ලට රිංගන්න හදන හනමිටි අදහස් තියන ගැහනු ඉන්න ලෝකෙක....ගැහැනියෙක් කියන්නෙ දරුවෝ වදන්න උයන්න පිහින්න විතරක් ඉන්න වහලියක් කියලා විස්වාස කරන පිරිමි ඉන්න සමාජෙක...ධතාශ් ඇත්තටම සතුටු උනා එයාගෙ අම්මා අප්පච්චි වගේ කෙනෙක් ලග නතර උනු එක ගැන.....ගෑනිගෙන් කාලා ඇදලා ඉන්න එක ලැජ්ජාවක් උනු පිරිමි අස්සෙ...අම්මා රස්සාවකට යන එක එකට වචනයක්වත් නොකියා වැඩ ඇරිලා එනකම් පාර බලන් ඉන්න අප්පච්චි වගේ පිරිමියෙක්ම අම්මට ලැබුනු එක ගැන....එහෙම නොවුනා.නම්...අම්මගෙ සිතුම් පැතුම් එක්ක මෙලහකට අම්මා ආත්මාර්තකාමි පිරිමියෙක්ගෙ සුහච කීකරු වහලියක් ගානට වැටෙන්න තිබුනා.....
..දෙයක් අහන්නද ම්ම්..
..මොකක්ද...
..දවසක චූටි වස්තුව මගෙම වෙයිනේ...හැමදාටම....කාටවත් අයිති කරගන්න බැරි වෙන්නම...
..නෑනේ දතාස් නෑනේ....දවසක විතරක් නෙවේනේ...තීනු දැනටමත් ඔයාගෙනේ....ඔයාගෙ විතරනේ දතාස්....ඔයාගෙ ...ඔයාගෙ..අනේහ්..ම්හ්ම්...
..කෝ ඉතින් දගලන්න එපා වැටෙයි ම්ම්..මන් කිව්වෙ නෑනේ දැන් මගේ නෙවේ කියලා..මගෙ නෙවේ නම් වෙන කාගෙද ම්ම්..අහන්නේ නීතියෙන්ම.මේ බටු ඇටේව මගෙ කරගත්තු දාක....මටම විතරක් ලියාගත්තු දාක...
..ඕඕ ඉතින් ...එතකොට මොකද දතාස්...එතකොට මොකද...
..ම්ම්..අන්න එදාට....මගෙ වස්තුව මන් එක්ක එක වහලක් යටට වෙන දාට.....
...ඕඔ...එදාට....
...කෑම කන්න එන්න පරක්කු උනොත් මාවත් අම්මි වගේ සෝෆාවට පන්නනවද ම්ම්...
කෑම කාපු අප්පච්චි අම්මව එක්කන් ටීවි එක ඉස්සරහට යන්න යද්දි....තීනුට කවන නිසාම හැමදාමත් අන්තිමට කන ධතාශ් පිටිපස්සෙන් තුරුලු උනේ එයාගෙ චූටි වස්තුවට.....පිගාන හෝදන ගමන් හිටිය තිනු බෙල්ල හරෝලා බැලුවා උනත්......කොන්දෙන් පාත් උනු ධතාශ් ඒ බෙල්ල අස්සට මූන ගහගද්දි කෙනෙක්ට නම් කල්පනා කරන්න දෙයක් තිබුනා..
..තීනු කරන්නෙද...ආ දතාස්...තීනු කරන්නෙද...
..ම්ම්...තීනු කරන්නෙ මොකක්ද ඉතින් ....
එයාගෙ වස්තුව තුරුලු කරන්නම ධතාශ් හෙමීට දෙපැත්තට පැද්දුනා.....ඉන වටෙයවපු අත් එක්ක කිටි කිටියෙ තුරුලු කරන් හරි පරිස්සමට දෙපැත්තට පැද්දුනා...
..දතාස්ව සෝෆා එකට යවලා බෑනේ...එතකොට තීනුට කවන්න කෙනෙක් නෑනේ....ඒ නිසා..
..ඒ නිසා ම්ම්...
..ඩැඩා කෑම කන්න පරක්කු වෙන්නෙ ෆෝන් එක ඔබන නිසානේ...එක්කෝ මැච් එක බලන නිසානේ....අම්මි වගේම තීනුත් ආස නෑනේ කතා කරද්දි ඇහෙන්නෙ නෑ වගේ ෆෝන් එකම බදාගෙන ඉන්නවට....අනේ පොඩ්ඩක්වත් ආස නෑනේ තීනු...ආස නෑමයිනේ දතාස්....
..එතකොට මගෙ වස්තුවට දුක හිතෙනවනේ නේද...
..දුක නෙවෙනේ දතාස්...තරහනේ.තරහනේ යන්නේ චූටි වස්තුවට....ඔන්න ඔයා නම් ලොකු වෙලා ඩැඩා වගේ වෙන්න එපා හරිද දතාස්.....කෑම කන්න එන්න කියද්දි ඇහෙන්නෙ නෑ වගේ නම් ඉන්න එපා....එතකොට .එතකොට...ම්හ්ම්...එතකොට තීනු බත් බෙදලා දීලා සෝෆා එකට යවන්නෙ නැ ෆෝන් එක උඩ තියලම චක් චක් ගාලා ඇගිලි ටික තලලා දානවා....!
..යකෝ කොල්ලෝහ්...!..
ධතාශ් ගැස්සිලා වගේ තීනුගෙන් අයින් උනේ ඒ වචන ලග....කන්න පරක්කු උනොත්.ඇගිලි ටික තලන්න...ඒකත් ෆෝන් එක උඩම තියලා....ධතාශ්ට කෙල ගිලුනෙත් නැති තරම් ඒ කිව්ව දේ අහලා..පිටිපස්සට හැරිලා හිටිය තීනු මහ අම්මන්ඩියෙක් වගේ ඉනටත් දෙක තියාගෙන ඒ කිව්ව තාලෙට නම් ධතාශ්ට මහ රෑත් දාඩිය දාන්න ගත්තා....කියන්න බෑනේ...ඇත්තටම මේ ඇට්ටර පැටියා කියන විදිහට කලොත්..
...ඇයි ඇයි දැන් කෑ ගහන්නේ ඔහොම..මන් කිව්වේ එහෙම කලොත්නෙ හලෝ....ඇහුනෙ නෑ වගේ හිටියොත් විතරනේ...නැත්නම් එහෙම කරන්නෙ නෑනේ...ෆෝන් එක පැත්තකට දාලා තීනු එක්ක විතරක් ඉන්නවා නම් එහෙම කරන්නෙ නෑනේ....
සමහර වෙලාවට තීනුගෙ වචන හරි සරලයි..ඒ වචන හරි නිදහස්...එයාගෙන් පිටවෙන්නෙම ඒ හිතේ හැංගිලා තියන අදහස්...එයාට කියන්න ඕනමයි කියලා හිතෙන දේවල්....පිගාන හෝදලා රැක් එකෙන් තියපු තියපු තීනු ආපහු ධතාශ්ගෙ පැත්තට හැරෙද්දි....ඒ ඇස්වල තිබුනු සැහැල්ලු බව...සරල හැගීම් ලග...මොහොතක් ධතාශ්ගෙ හිතත් ගැහෙන්න ගත්තා...බරක් පතලක් නොදැනී කතා කරන වචන ලග..මෙච්චරයි කියන්න බැරිව ඒ හිත හෙල්ලුනා....
...මොනාද මගෙ සුදු මහත්තයට ඕන ම්ම්...
..ඒ කියන්නේ දතාස්...කන්න මොනාහරියක්ද..ආ දතාස්....පැනිරස මොනාහරිද....
..කඩචෝරු මල්ල මගෙ..!..එහෙම දෙයක් නෙවේ...වස්තුවට ඕන මොන වගේ ජීවිතයක්ද..මන් අහන්නෙ මන් එක්ක ගත කරන්න කැමති මොන වගේ ජීවිතයක්ද....මන් අතේ බටන් ෆෝන් එකක්වත් නැතුව වස්තුව හිතනවා දවසක මගෙ අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙයි කියලා....ඒ වගේ....දවසක චූටි වස්තුව එක්ක මන් ගත කරන්න ඕන මොන වගේ ජීවිතයක්ද...දැන්ම බැරි උනත් පුලුවන්නෙ මට ඒ වගෙ දවසක් වෙනුවෙන් දැන්ම ඉදන් මහන්සි වෙන්න ම්ම්...මගෙ වස්තුව ආස කරන විදිහට සුවපහසු විදිහට ගෙවන්න කැමති ජීවිතයක්.....
ධතාශ් තීනුගෙ අත් යටින් උස්සලා වාඩි කෙරෙව්ව්වෙ කුස්සියේ සිමෙන්ති බැම්ම උඩින්....ඒ සිමෙන්ති බැම්මට ටයිල් අල්ලලා නැතත්..ඒ උඩ වටිනා පිගන් බඩු නොතිබුනත්...පත්තර කොල කීපයක් පිලිවෙලට අතුරලා ඒ උඩින් නවලා තිබුනු පිගන් කෝප්ප තිබුනු කඩවල්වල ටොෆි දාන හිස් බෝතල් පරිප්පු,කුරුදු පොතු , මිරිස් කුඩු, කහ කුඩුවලින් පිරිලා එක පෙලට බිත්තියට හේත්තු වෙලා සිමෙන්ති පඩිය උඩ රැදිලා තියෙද්දි....තීනුත් ඒ උඩම වාඩිවෙලා එයාගෙ ලෝකෙම.උනු ධතාශ් දිහා බලන් හිටියා....වැටෙන්න නොදී ඒ ඉන වටෙ අතක් යවලා තීනුගෙ කකුල් අතරට විත් ධතාශ් ඇහුවෙම එයාට ජීවත් වෙන්න ඕනමොන වගෙ ලෝකෙකද කියලා වෙද්දි...තවමත් දුම් දාන අගුරු ගැහුනු දර ලිප දිහා බලාගෙන තීනු ධතාශ් එක්ක හිනා උනා.....හුරතලේට කපටිකමට දාන හිනාවක් වෙනුවට එයා අවංකවම හිනා උනා.....
..මේ තීනු ජීවත් වෙන්න ආස කොහොමද කියලාද අහන්නේ ආ දතාස්..
..ඔව්නේ...දතාස්ගෙ තීනු ජීවත් වෙන්න ආස කොහොමද කියලනෙ අහන්නේ....ම්ම්...හැමවෙලාවෙම සිග්නල් තියෙන ෆෝන් එකක්...රූප.පැහැදිලිව පේන , ඇන්ටනාව කරකවන්න ඕනෙ නැති ලොකු ටීවි එකක්....පෙරලෙනකොට කොන්ද රිදෙන්නෙ නැති සනීපෙට නින්ද යන ලොකු ඇදක්...ඕන සීතලකට ඔරොත්තු දෙන ගනකම් බෙඩ්ශීට් එකක්....කැමති තරම් ඇදුම් ගොඩගහන්න අල්මාරියක්...මේ වගේ නැතිව ටයිල් අල්ලපු පැන්ට්‍රි කබඩ් තියන කුස්සියක්....දුම් බටෙන් පිබින්න ඕන නැති ඉක්මනටම උයාගන්න පුළුවන් ගෑස් ලිපක්....අනිවාර්යයෙන්ම ෆිජ් එකක්...කවුරු හරි එබෙයි කියලා බයෙන් නාන්න ඕන නැති හතර අතින් වැහුනු බාතෲම් එකක්....තව වාඩි උනාම මේ ඇබිත්තන් පස්ස රිදෙන්නෙ නැති සයිකලයක් වෙනුවට හොද වාහනයක්...ම්ම්..මගෙ වස්තුවගේ හිතේ මොනාද තියෙන්නේ...ඒ හැමදෙයක්ම...අද බැරි උනත් දවසක පුළුවන් ඔයාගෙ මොඩ දතාස්ට ඉශ්ට කරලා දෙන්න....කියන්න....මගෙ වස්තුවට කොහොමද ජීවත් වෙන්න ඕන....පොරොන්දු වෙන්න පුළුවන් අවුරුදු කීයක් ගියත්...චූටි වස්තුවට මන් ලගට එන්න අවුරුදු කීයක් ගියත්...මේ දතාස්ට පුළුවන් ඒ වෙද්දි හැමදේම ලෑස්ති කරලා තියන්න...බය නැතුව මන් ලගට එන්න පුළුවන් වෙන්න ඒ හැමදේම ලෑස්ති කරලා තියන්න..
සමහර වෙලාවට ධතාශ්ගෙ ඇස් හරි බරයි....තීනුට දරාගන්න බැරි තරමටම ඒ ඇස්වල හැගීම් හරි බරයි.....
තීනුගෙ කම්මුලක් පිරිමදින.ගමන්..ඒ ඇස්වලට එබිලා ධතාශ් කතා කරද්දි...තීනුගෙ අත් නිරායාසයෙන්ම.ධතාශ්ගෙ කර වටේ එතුනා...දැනටමත් අනාගතය ගැන බලාපොරොත්තු පොදි බදින ඒ ආදරනීය හදවතට උඩින් ඒ අත් හරි තදට එතුනා....
..ඔහොම කිව්වට දන්නවා නේද ඔය හැමදේම කරන්න හොදට ඉගෙන ගන්න ඕන කියලා...මෙහෙම හේන් රැකලා බෑ කියලා....
..ඒක මන් දන්නවා වස්තුව....කලින් ඕනකමක් තිබුනෙ නෑ...බලාපොරොත්තුවක් තිබුනේත් නෑ....ඒත් ආදරේ කොච්චර තිබුනත්...කිසිම තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවව දුක් විදින්න එවන්න කැමති නෑ කියලා මතක් වෙනකොට මට කීයටවත් ඕන නෑ සුදු මහත්තයව ලගට ගන්න පුළුවන් ලගම පාරට පයින් ගහන්න...හුගක් ලොකු කැපවීමක් උනත් ඒකෙන් පස්සෙ මගෙ කියලා.විස්වාස කරන දෙයක්...හැමෝගෙම කැමැත්ත ඇතුව මගෙ වෙනවා නම් කොහොමටවත් බෑ අත ලගම තියන ලේසිම පාරට පයින් ගහන්න....
..අද අමුතුයිනේ ඔයා...
..එහෙම හිතෙනවද ම්ම්..එහෙනම්.එහෙම වෙන්න ඇති...මට පුළුවන් වස්තුව ලගට ගන්න මගෙ උපරිමයෙන් මහන්සි වෙන්න....කියන්න මොන වගේ ජීවිතේකටද මගෙ වස්තුව ආස...මොන වගේ මන් එක්ක ජීවත් වෙන්නද....
..ආසද...ම්..?..
..ඔව්...මොන විදිහටද...
තීනුගෙ ඇස් දෙක වටයක් කැරකුනා....මොනාහරි කල්පනා කරන්න වගේ තොල්පට යාන්තමට උල් උනා..බෙල්ලත් පොඩ්ඩම පොඩ්ඩක් පැත්තකට ඇල වෙද්දි....ඊලග තප්පරේ ලොකුම ලොකු හිනාවක් එක්ක තීනු කලින්ටත් වඩා තදින් ධතාශ්ගෙ කරේ එල්ලුනා....
...දතාස්ගෙ තීනු ජීවත් වෙන්න ආස කොහොමද කියලනෙ අහන්නේ....ම්ම්...හැමවෙලාවෙම සිග්නල් තියෙන ෆෝන් එකක් වෙනුවට කොයිවෙලාවෙත් තීනු එක්කම කියවන ධතාශ් කෙනෙක්......පෙරලෙනකොට කොන්ද රිදෙද්දි පපුව උඩට නැගලා සනීපෙට නිදාගන්න පුලුවන් ධතාශ් කෙනෙක්... සීතලට පොරවනබෙඩ්ශීට් එකක් නැතත් තදට තුරුලු වෙලා ගුලි වෙන්න පුලුවන් ටෙඩියෙක් වගේ ඉන්න ධතාශ් කෙනෙක්..ලොකුම ලොකු අල්මාරියක් වගේ කොයිවෙලාවෙත් රෙදි හෝදන රෙදි නවන ඩොබී කෙනෙක් වගේ ඉන්න ධතාශ් කෙනෙක්...බාගෙට ගඩොල් බැදපු කුස්සියක් ඇතුලෙ.උනත් මේ දැන් වගේ..මේන් මේ දැන් වගේ තිනුව තුරුලු කරන් ඉන්න පුලුවන් උසම උස ධතාශ් කෙනෙක්...දුම් බටෙන් ලිපට පිබ පිබ ඉද්දි දූවලා ගිහින් කොන්දට පැනලා චොක් ගොඩාරියක් දීගෙන යන්න පුලුවන් ධතාශ් කෙනෙක්...හතර වටින් ටකරම් ගහලා තිබ්බත් නැතත් නාන වෙලාවට ඇවිල්ලා තනි රකින්න මොන මොනාහරි කියෝන ධතාශ් කෙනෙක්.......තව වාඩි උනාම මේ ඇබිත්තන් පස්ස...ම්ම්හ්..ඒක ඇබිත්තන් එකක් නෙවේනේ...ම්හ්ම්..ඒ උනාට වාඩි උනාම ඒක රිදෙන්නෙ නැති වෙන්න වලවල්වලින් යන්නෙ නැති..බොරලු උඩින් යන්නෙ නැති...පරිස්සමට පැඩල් එක පාගන සයිකලයක් තියෙන ධතාශ් කෙනෙක්.....එහෙම පුළුවන් නේද...ආ හලෝ.....තීනුට ඒවගේ ජීවිතයක්....ඒ වගේ ධතාශ්ලා ගොඩක් ඉන්න ජීවිතයක්....අවුරුදු කීයකින් ආපහු ආවත් පුළුවන් නේද......පොරොන්දු වෙනවා නේද බයක් සැකක් නැතුව දුවලා එන්න ඒ වගේ ජීවිතයක් තීනුට හදලා තියෙනවා කියලා...අකින්සගෙ අක්නුල්...!..පුළුවන් නේද මේ තිනු ඉල්ලන ඒ වගේ ජීවිතයක් හදලා තියන්න.....
බොරලු පාට ඇස් දෙකක් දිහා බලන්ම....ලස්සන හිනාවක් එක්ක වීදුරු ඇස් ලොකු කරලා ඒ පිටදාපු වචනවල බර ඇහිපියවලටවත් දරාගන්න බැරිවදෝ.....රලු පපුවක හැගීම් අවුස්සපු කුලුදුල් අයිතිකාරයා කවුදෝ බලාගන්න ඒ බොරලු ඇස් අස්සෙන් පිනි කදුලක් පල්ලම් බැහාගෙන කම්මුල් දිගේ රූරලා යන්න යද්දි.....ධතාශ්ගෙ වස්තුව ධතාශ්ගෙ අත් අස්සටම හිර උනේ කිටි කිටියට....
...අක්නුල්ගෙ අකින්ස....පොරොන්දු වෙනවා....අවුරුදු කීයක් ගියත්...ආපහු මගෙ තුරුලට දුවන් එන දවසට පොරොන්දු උනා වගේම ජීවිතයක් හදලා තියනවා....මගෙ වස්තුවට ඕන උනා වගේම ධතාශ්ලා ගොඩක් ඉන්න ජීවිතයක් හදලා තියනවා....
වෙව්ලන හඩකින් ධතාශ් ඒ වචන පිට දාන ගමන් හැගීම් පිරුනු හාදුවක් තිබ්බෙ තීනුගෙ උරහිස උඩට.ඉතින් අත් දෙකෙන්ම එයාගෙ අයිතිකාරයව වැලදගෙන තීනු හිනා උනේ දුමටම කලු ගැහුනු කුස්සියේ ටකරම් වහල දිහා බලන්......එයාට දැනෙනවා උරහිස තෙමන ධතාශ්ගෙ කදුලෙ බර.....ඒ වගේම මොහොතකට හරි සැනසෙන්න හොයන ඒ හදවතේ හඩ....
..ධතාශ්ව විතරක් හරියන්නෙ නෑනේ හැමදේකටම ම්ම්...චූටි වස්තුව වෙනුවෙන් එයා වගේම හුරුබුහුටි ගෙයක්.....හොදයි නේද....
...හැබැයි එක දෙයක් ඕනනේ දතාස්...අනිවාර්යයෙන් ඕනනේ...
..මොනාද ම්ම්..
..නීනුට කාමරයක්...මේ අපේ නිනුට කාමරයක්...
..හා..එයාටත් කාමරයක්...
..එතකොට අම්මටයි අප්පච්චිටයි....එයාලට කෝ...
..ම්ම්..එයාලටත් එකක්...
...සීයා අත්තා නම් එපාමයි...ඕන්නෑ ඒ මෝඩයව....වද්දගන්නෙ නෑ කිව්වනෙ තීනුව ආයෙ එහෙට...එහෙනම් තීනුට ඕනත් නෑ...
..එහෙම කියන්න එපා ඉතින් ...එයත් පවුනේ....
..පවුනෑනේ ස්කෝලමහත්තයා..පොඩ්ඩක්වත් පවුනෑනේ...
..ඇත්තද...හාකෝ එහෙනම්...
..ඒ වෙද්දි නන්ගිලා බැදලා නැත්නම් එයාලටත් කාමරයක් හාද...ඩැඩයි අම්මි නම් එන්නෙ නෑනේ..එයාලට ඒ ගේ තියෙනවනේ....
..ම්ම්..හා..
..ඇයි අපේ බබාලා...ආ දතාස්...අමතක උනාද මෝඩයෝ..බබාලා..අපි දෙන්නගෙ බබාලා...
..එහෙම අයත් ඕනද ඉතින් ....ම්ම්..ඕන එකක් කරගන්නකෝ....එක් කෙනෙක් උනත් දහ දෙනෙක් උනත් මගෙ වස්තුව කැමති නම් එච්චරයි ....
ධතාශ් හිනාවෙනවා....තීනුගෙ උරහිසට එයා හිනාවෙන වග දැනෙනවා....ඉතින් තීනු එයාගෙ වීදුරු ඇස් තදින් පියන් හුස්මක් ඇදලා ගත්තේ ධතාශ්ගෙම උරහිස මතට දෙතොල් තද කරන්.....
..ඇයි හිතන්නෙ තීනුට සතුටින් ඉන්න සැප සම්පත් ඕනමයි කියලා...ඕන නෑනේ...තීනුට ඒ වගේ දේවල් ඕන නෑනේ...
..ඔයාගෙ මෝඩ දතාස්ට සමාවෙන්න ම්ම්..ආයෙ එහෙම හිතන්නෙ නෑ...කවදාවත් ආයෙ එහෙම හිතන්නෙ නෑ....සමාව දෙනවා නේද ම්ම්...
..නෑ ඕන්නෑ....ඕනෙම නෑ..
...ඕනෙම නැද්ද ඉතින් ..අපරාදෙනේ....ඕනෙ නැත්නම් රෑට අල්ලගන්නනේ හිටියෙ හොරාව මන්....
..ම්හ්ක්..ඕනනේ...ඕනනේ දතාස්..කවුද ඕන නෑ කිව්වෙ ආ...කවුද කිව්වේ....
..හොර ගෙඩියා මගෙ...ටික කාලයක් දෙන්නකෝ ම්ම්..හැමදේම විසදලා තියන්නම්...හැමදේම...ම්ම්...
..හැමදේම විසදන්න...ඒත්....තීනුගෙ මෝඩ දතාස්ව තීනුට නැති නොකර....
..ම්ම්.වස්තුව මගෙ...!...
ධතාශ්ගෙ බර හාදුවක්...ආයෙමත් නතර උනේ තීනුගෙ උරහිසක් මත.....සමහර තැන්වල ධතාශ්ට හරි අමාරුයි චූටි වස්තුව තේරුම් ගන්න..චූටි වස්තුව තේරුම් අරන් ඉන්න තරම් තවම බැරි උනා ධතාශ්ට එයාගෙ තීනුව තේරුම් ගන්න....
..........................
........................................
යේ........ ආවනේ ශිරූ බබා කාලෙකින්....
කමෙන්ට් එකක් දාගෙන යන්න අද චැපිය ගැන...ම්හ්ක්..තීනු ගැන..අනිවාර්යයෙන් කියාගෙන යන්න...
ආදරෙයිනෙ මන් කතාව අයින් කලා.කියලා දැනගෙන හොයලා බලපු ඔය හැමෝටම.....එහෙම කියලා නැ ඉතින් හැමෝටම එක වගේ ආදරෙයිනේ...
මන්
ශිරූ💙