Gay Short-Story Collection

By RadhithReyshan

12.8K 1K 195

BL කෙටි කතා එකතුවකි. More

ප්‍රංශ පෙම්වතා - 01 කොටස
ප්‍රංශ පෙම්වතා - 02 කොටස
මහව කෝච්චිය
යාල් දේවීයෙන් ආ අමුත්තා
තිමිර පටල
සුදු කමිසය
තවත් එක (අ)වර්ණ කතාවක්
දැවෙන සුසුමන්
මගේ හද ගැස්ම නුඹයි
ඇසිල්ලක දුටු සිහිනේ
කොමාව සහ තිත
අවුරුදු තෑග්ග - 01 කොටස

අවුරුදු තෑග්ග - 02 කොටස

82 15 2
By RadhithReyshan

එක පාරම ගැස්සිලා බ්‍රයන් චෙරන් දිහා බැලුවා... එයා මෙච්චර වෙලාවක් ඇස් පිල්ලන් ගහන්නේ නැතිව වොඩ් එකට ඇතුල් වෙන දොර දිහා බලාගෙන හිටියේ චෙරන් එයි කියලා... ඒත් චෙරන් වොඩ් එකේ අනිත් පැත්තෙන් එනවා බ්‍රයන් දැක්කේ නෑ....බ්‍රයන්ගේ ඇස්වලට බලාගෙන ඉද්දි කදුළු පිරෙන කොට එයා ආයිමත් තරහෙන් අහක බලා ගත්තා...

"මල්ලි මොකද්ද වෙලා තියෙන්නේ... මොකද්ද අවුල"

"මුකුත් වෙලා නෑ... බයික් එක වැදුන වෙලාවේ මැරිලා ගියේ නෑ ඒකයි අවුල....ඇයි ඔයා ආවේ ..."

කොල්ලා පොඩි එකෙක් වගේ කදුළු හිරකරගෙන අහනකොට චෙරන්ගේ පපුවම පත්තු වෙලා ගියා... ඇත්තටම උඹ මම එනකම්ද රත්තරනේ ඔය තරම් බලාගෙන හිටියේ කියලා පපුවට තදින් තුරුල් කරගන්න හිතුනා...

"මම ඇහුව්ව දේට උත්තර දෙන්න... "

"ඇයි මම උත්තර දෙන්න ඕනේ... අනික ඔයා මගේ කවුද... "

"ඇයි අමතකද මමයි ඔයාව හොස්පිට්ල් අරගෙන ආවේ... මමයි ඔයාව හොස්පිට්ල් එකට ඇතුලත් කරපු කෙනා විදිහට නම දුන්නේ...."

"ඇත්තට එහෙම කරාම මම ඔයාගේ වහලෙක්ද..."

"නැ වහලෙක් නෙවේ... ඒත් ඔයාගේ ජිවිතේ අයිති මටයි කියලා හිතෙන්නේ නැද්ද...."

අහපු දේ බර වැඩිද මන්දා... මේචචර වෙලා ඇස් අස්සේ කදුළු තද කරගෙන හිටිය හැකියාව නැති වෙලා ගිහින් ඇස්වලින් වැටුන කදුළු කම්මුල් දිගේ ඇවිත් අහංකාර රැවුල අස්සේ හැංගුණා.... චෙරන්ට ඒ කදුළු දකින කොට හිතට ලොකු බරක් දැනුනා.. හරියට ජිවිතේට කදුළු දකින්න බැරි ඇස්වලින් කදුළු දකින කොට උහුල ගන්න බැරි වේදනාවක් දැනෙනවා වගේ.....

"මගේ ජිවිතේ ඔයාට අයිති නම් ඇයි අර විදිහේ තරහෙන් යන්න ගියේ..."

"ආ... එතකොට ඔයාට විතරද තරහ ගන්න පුලුවන්...."

"අනේ මේ... මම මොනාද කිව්වේ කියනවා..."

"ඔයාට උඩ පයින්න දෙයක් කිව්වේ නෑ...."

"අනේ ඔවු.... මොනාද කිව්වේ කියලා ඔයාම හිතලා බලනවා..."

"මේ මල්ලි... මේ මගේත් ඉවසිමේ සිමාවක් තියනවා... අනික උඹ වගේම මමත් පිරිමියෙක්... මටත් හොදට නගිනවා... උඹ දාන ලොකු සීන් බල බල ඉන්න මම පොන්නයෙක් නෙවෙයි...."

චෙරන්ට ආයිමත් තමන් සීමාව පැන්නා කියලා දැනුනේ කොල්ල චෙරන්වත් තල්ලු කරගෙන වොඩි එකේ එලියේ තියන ගල්බංකුවෙන් තරහෙන් ගිහින් වාඩි වෙන කොට... දුකෙන් ඉන්න කොල්ලට තමන් මොනාද මේ කිව්වෙ කියලා චෙරන්ගේ හිත දොස් කිව්වා...ඒ හැගීම ආවේගයෙන් රත්වෙච්ච චෙරන්ගේ හිත නිවිලා ගියා.... චෙරන් බ්‍රයන් ගාවට යනකොට කොල්ලා අඩලා...... චෙරන්ට ඒ කදුළු පපුවට මහ බරක් වගේ දැනුනා....

"මල්ලි...."

"ඇයි උඹ මට පාරේ බල්ලෙක් වගේ මැරෙන්න දෙන්නේ නැතිව මෙහෙම අරගෙන ආවේ....."

"මම දැන් ගහන්නේ උබේ කන රත්වෙන්න දැගනින්... සිහියක් කල්පනාවක් නැතිව උස්සන් එන කොට මට මතක් නොවෙච්ච දෙවියෙක් නැති තරම්... උඹට කරදරයක් වෙන්න එපා කියලා දන්න කියන හැම දෙවියෙක්ගෙන්ම ඉල්ලුවා.... උඹ මේ මගුලක් කියවනවා.. උඹ කාගේන් පලිගන්නද බෙහෙත් බොන්නේත් නැතිව කෑම කන්නේත් නැතිව හිටියේ කියහන්.... හරි උඹ දිනුම්... උඹ රිද්දනන පුලුවන් සුපිරිම ක්‍රමය තෝරගත්තේ....ඔලුව කැක්කුම ඔය තරමට දැනිලත් බෙහෙත් බොන්නේ නැතුව හිටියේ පිස්සු හැදිලද...."

බ්‍රයන් ඇස් ලොකු කර‍ගන චෙරන් දිහා බලාගෙන හිටියේ...

"නැ මේ මල්ලි මම ඇහැව්වේ..."

"ඔලුවේ වේදනාවට වඩා මගේ පපුවට දැනුන වේදනාව වැඩියි අයියේ.. අඩුම ගානේ මම අසනිපෙන් ඉන්නෙ කියලවත් බලන්නේ නැතිව මම අච්චර කතා කරද්දිත් ඔයා තරහනේ පුපුර පුපුර ගියේ.... එත කොට හිතුනේ නැද්ද මම අසනිපෙන් ඉන්නේ කියලා..."

"මමත් මනුස්සයෙක් මල්ලි....."

"මම දෙවියෙක් නෙවෙයි අයියේ..."

"දැන් පලි අරගෙන ඉවරයිද..."

"මම මගෙන්ම පලි ගත්තාම ඔයාට ඔය තරමට රිදෙන්නේ ඇයි..."

"ඒක තමයි මටත් හිතාගන්නේ බැරි... නෑ මේ...අනේ මේ මට රිදුන මගුලක් නෑ.... බම්බුව..."

මෙච්චර වෙලා පපුවේ පත්තු වෙච්ච ගින්දර නිවිලා ගියා වගේ බ්‍රයන්ට දැනුනා... කදුළු අතරින් කොල්ලට හිනාගියේ සියුම්ව නිල නොවන මට්ටමින් හරි මේ දැනෙන හැගිම හිතට ලොකු සහනයක් ගෙනාපු නිසා...

"මට බඩගිනියි... ඊයේ ඉදලා මුකුත්ම කලා නෑ...."

බ්‍රයන් බිම බලාගෙන එහෙම කියන කොට චෙරන්ගේ පපුව පිච්චිලා ගියා...ජිවිතේ කවදාත් පපුවේ ගැහුන නැති කුටීර වලටත් ලේ පිරිලා වගේ....චෙරන් කරේ දාගන හිටිය සයිඩ් බෑග් එක ඇතුලේ තිබුන කෑම එකයි වතුර බෝතලේකුයි එලියට ගත්තා....

"ආ.... කන්න... ආ... මේ වතුර එකෙන් අත හෝදගන කන්න...."

චෙරන් කෑම එක තියනකොටම කෝල් එකක් ආපු පාර ඒකට උත්තර දෙන ගමන් කෑම පාර්සලේ දිග ඇරලා බ්‍රයන්ට කන්න කියලා අතින් පෙන්නනගමන් කෝල් එකට කතා කලා.... ඒත් බ්‍රයන් දිග ඇරපු බත් එක අනනවා විතරයි කන්නේ නෑ.... චෙරන්ට ඒක දැනුනත් ඒක දැනුන බව පෙන්න්නේ නැතිව බොරුවට හදිස්සියක් බව පෙන්නන ගමන් බ්‍රයන් දිහා බැලුවා....

"එහෙනම් ඔයා කාලා බෙහෙත් බොන්න මල්ලි... මම යන්නම්... පොඩි වැඩක් තියනවා කරගන්න..."

ඒත් හිතපු නැති විදිහට බ්‍රයන් තරහෙන් කෑම එක එහෙම්ම බංකුව ලගතිබ්බ ඩස්බිස් එකට ගුලි කරලා විසිකරපු පාර චෙරන්ට මොනාද උනේ කියලා හිතාගන්න බැරිවුනා.... හිතට ආපු ආවේගෙට දෙපාරක් නොහිතා අත දිග ඇරලා බ්‍රයන්ගේ කම්මුලට ගැහැව්වා...

"මොකද්ද ඒ කරේ... ආ..."

"උඹ කවුද මට අත උස්සන්න චෙරන්..."

බ්‍රයන් අත මිට මොලවගෙන චෙරන්ට ගහන්න නැගිට්ටත් එයාට ඒක කරන්න බෑ... බ්‍රයන් මේචචර දවසකට කිසිම එකෙක්ගෙන් පාරක් කලා නිකන් ඉදලා නෑ.... එක පාරට පාරවල් සීයක් විතර ගහලයි බ්‍රයන්ලගේ සිස්ටම් එකට එයාලා වාඩුව ගන්නේ... ඒත් අතක් ඉස්සුවත් දැන් චෙරන්ට ගහන්න බැරි ඇයි කියලා එයාට හිතාගන්න බෑ....

"හරි ගහන්නේ අත ඉස්සුවේ ගහපන්.... ගහලා මදි මට..."

"කට වහගනින් අයියේ... මගෙත් ඉවසීමේ සීමාවක් තියනවා..."

බ්‍රයන් තරහ ඉවසගන්න බැරිව අත මිට මොලවලා වේගයෙන් ලග තිබ්බ ගහට ගහන්න යද්දී චෙරන් එයාට කලින් ඉස්සර උනා... උඹට හිරිමක් උනොත් මට එක දැනෙන්නේ තුවලයක් විදිහට මල්ලි... උඹ ඒක දන්නේ නෑ.... ඇත්තටම මට මොකද්ද වෙලා තියෙන්න් කියල මම දන්නෙත් නෑ...

"අත ඇරහන් මාව....."

"මොකද්ද බන් වෙලා තියෙන්නේ මොකද්ද මේ නටන පිස්සුව අර බලහන් අර වෝඩ් එකේ ඉන්න එවුනුත් උන්ගේ ලෙඩ අමතක කරලා ඉස්සි ඉස්සි බල බලා උබේ නාඩගම රසවිදිනවා..."

බ්‍රයන් අත ගසාදාලා අත ගලවගන්න හැදුවත් චෙරන් අත අතාරින්නේ නැතිව තදින් අල්ලගෙන හිටියා... එහෙම්මම අත අල්ලගෙන බ්‍රයන් එක්ක ආපහු බංකුවෙන් වාඩි වෙන කොටයි දැක්කේ කොල්ලාගේ කම්බුලේ ඇගිලි පාර හිටලා තියෙනවා...."

"අනේ මල්ලි... සොරි රත්තරනේ මම... මම හිතලා එහෙම කලේ නෑ... දෙයියනේ... අනේ සොරි මල්ලි....ඇගිලි පාරත් හිටලා මල්ලි..."

"ඔය පාර තව ටිකකින් මැකිලා යාවි අයියේ....ඒ පාරවල් මට දරාගන්න පුලුවන්.... ඒත් ඔයා මගේ හිතට ගහන පාරවල් දරාගන්න මට ශක්තියක් නෑ අයියේ..."

ඒ වචන චෙරන්ට දරාගන්න බැරිවුනා... හිතුවෙත් තැතිවිදිහට චෙරන්ගේ ඇස්වලට කදුළු ආවා... චෙරන් කවදාවත් මෙහෙම හැසිරිලා නෑ......

"මල්ලි ප්ලිස්... අනේ රත්තරනේ... උඹ අසනිපෙන් ඉන්නේවත් කියලා හිතුවේ නෑ.... ඇත්තටම මට පිස්සු හැදිලද දන්නේ නෑ බන්.... ප්ලිස් මල්ලි මට සමාවෙන්න...."

"ෂ්.... ෂ්.... ඇති ඇති කූල් ඩවුන් වෙන්න... රිලැක්ස් අයියේ....."

චෙරන් බ්‍රයන්ගේ අත අල්ලන් ඉන්න විදිහ වෙනස් කරලා ඒ අතේ ඇගිලි අතරේ එයාගේ ඇගිලා දාලා හිර කරගත්තා...

"මල්ලි මට..."

"ෂ්..... Silent ...."

බ්‍රයන් චෙරන්ගේ පපුවට තුරුල් වෙන ගමන් ලොකු හුස්මක් පිටකලා.... ඒත් එක්කම ආයිමත් චෙරන්ට කෝල් එකක් ආපු පාර දෙන්නා ඈත් වෙලා වෝඩ් එකට ආපහු ආවා.....

"තියන මුරන්ඩු කමට කෑම එක විසි කලා... බලනවා... කන්න දෙන්න කිසිම දෙයක් නෑ... යාලුවො ගෙනාපු බිස්කටි, බනිස්, චීස් විතරයි තියෙන්නේ... "

"ඇයි ඔයා උදේ අරගෙන ආපු බත් එක නැද්ද ඕකේ...."

දග වැඩ කරන පොඩි එකෙක් වගේ මූන හදාගෙන එහෙම කියනකොට චෙරන් ඒ ඇස් ලග නතර වෙලා බලාගෙන හිටියා...

"ඔයා ඔහොම බලාගෙන හිටියා කියලා මගේ බඩ පිරෙන්නේ නෑ....."

"ආ... සොරි... ආ...ඒත් මේක උදේ පාන්දර හදපු එකක්.... නරක් වෙලා ඇති මල්ලි... මම මොනා හරි...."

"එපා මට වෙන මොනවත් එපා...."

"යකෝ මේක මාර මුරන්ඩුකමක්නේ... ආයිමත් කන රත්කරගන්න හදන්නේ මට කියලා...."

"ගහන්න බැරි නම් මාව මරලා දැම්මත් මම කන්නේ මේ කෑම එක විතරමයි...."

"අයියෝ.. හරි කනවා ඉතින්... නරක් වෙලා තිබ්බොත් මට මොකද... "

චෙරන් කෑම එක ලංකරලා වතුර එකත් ලංකරලා බලාගෙන හිටියා... මිනිහා කෑම එක දිග අරින්නේවත් නෑ....

"දැන් ඒපාර මොකද... "

"මේක දිග ඇරලා මට කවන්න බැරිද... වැදිච්ච පාර දකුණු අත හොල්ලන කොට ආමරුයි අයියා..."

"අනේ මල්ලි ඇයි දෙයියනේ කලින් කිව්වේ නැත්තේ... කෝ.... ඉන්න...."

චෙරන් ඉක්මට අත සොදගෙන බත් එක දිග ඇරියා... කෙහෙල් කොලේ ඔතපු නිසා බත් එක මුකුත් වෙලා නෑ.....

"කෝ කට අරින්න..."

චෙරන්ගේ පපුව නතර උනා... පොඩි එකෙක් වගේ කට ඇරගෙන බත් කවාගන්න ලංවෙන බ්‍රයන්ව දැකලා...ජිවිතේ කවදාවත් නොවින්ද නොදැනු මානකට හිත විතරක් නෙවෙයි මුළු ආත්මයම අරගෙන යනවා වගේ චෙරන්ට දැනුනා....

"අම්මෝ පට්ට රසයි අයියා... මෙච්චර රසයි කියලා දන්නවා නම් රන්ඩු අල්ලන එක පැත්තකින් තියලා උදෙන්ම බත් එක දිග ඇරගෙන කනවා.. වාව්ව්ව්ව්...... මම කන රසම සීෆුඩ් රයිස් එක මේ.... ඔය ඉතින් අනේ... පොඩි එකෙක් නෙවේ මට ඔහොම කුරුළු කටවල් කවන්න... පොඩ්ඩක් ලොකු ඒවා කවනවකෝ..."

"කෝ.... කට ඇරහන් කෙලිම බත් එකම කටට ටිපර් කරන්න..."

"අපෝ.... කවදාවත් වැරදිලාවත් කාටවත් කවලා නම් පුරුද්දක් නෑ...."

"ආ... හරි ඔන්න දැන් හරි... මේ වතුර එක බොන්න...."

චෙරන් බ්‍රයන්ට බෙහත් ටිකත් දීලා ඔක්කොම කරන කොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා තිබුනේ... ඒත් බ්‍රයන් කලින් වොඩි එකේ හැසිරුන විදිහත් එක්ක දෙන්නට තව ටිකක් වෙලා ඉන්න නර්ස්ලා ඉඩ දුන්නා...

"හරි එහෙනම් කොල්ලෝ අපි ගියා...."

"අයියේ...."

"ඒ පාර මොකද චූ බරයිද...."

"අනේ මේ...මුකුත් නෑ......"

කියන දේ නොතේරෙනවා නෙවේ රත්තරනේ.. මේ හිතට තවත් බරක් වේදනාවක් දරාගන්න තරම් ශක්තියක් නෑ.... ඒක නිසා මේ තනිකම සැහැල්ලුව මට වටිනවා... චෙරන් තමන්ටම කියාගෙන යන්න බෑග් එක කරට දාගන්නකොටයි කොල්ලාගේ කම්මුල ආයෙමත් දැකේ...

"ගහලා ඉවර වෙලා දැන් බොරුවට මූන අත ගාන්න එපා... මට ගොඩක් රිදුනා... "

තවත් අවුස්සන්න මොනා හරි කියන්න හැදුවත් චෙරන්ගේ ඇස්වල කදුළු දකින කොට බ්‍රයන්ට දරාගන්න බැරිවුනා... චෙරන් බැග් එක කරේ දාගන කදුළු හංගගෙන වේගයෙන් යන්න හැරුනත් බ්‍රයන් චෙරන්ගේ අත තදින් අල්ලා ගත්තා...

"අනේ වදින්නම් අයියේ උදේ වගේ රන්ඩු කරලා තරහ වෙලා නම් යන්න හදන්න එපා... එහෙම උනොත් ඔයාට ඊලගට එනකොට මාව දකින්න වෙන්නේ මානසික ලෙඩ්ඩු ඉන්න වෝඩ් එකේ තමයි...."

පොඩි එකෙක් වගේ දාලායයි කියලා වගේ බයෙන් අතේ එල්ලිලා බ්‍රයන් එහෙම කියන කොට චෙරන්ගේ කදුළු තවත් අලුත් උනා...

"ඇත්තටම මම හිතලා ගැහුවෙ නෑ මල්ලි... මට තේරෙන්නේ නෑ මම මෙහෙම හැසිරිලා නෑ.... මට ඇත්තටම සමාව දියන්....."

"මටත් කියන්න තියෙන්නේ ඒකමයි අයියේ... මේ වෙනකම් මට අතක් උස්සපු එකෙක්ටවත් රිටන් එක නොදී කවදාවත් ඉදලා නෑ.... ඒත් අද එක පිස්සෙක්ට ගහන්න තියා අතක් උස්ස ගන්නවත් බැරිව මම අසරණ වෙලා.."

"සොරි මල්ලි... ඔයාගේ අතේ අමාරුව තියෙද්දි..."

"මගේ ඔලුව විතරයි පොඩ්ඩක් රිදෙන්නේ... නැතුව අතපය හතර හොදට වැඩ... කිසි අවුලක් නෑ...."

"මොකද්ද කිව්වේ... එතකොට දැන් ටිකකට කලින් කිව්වේ....."

"අනේ... අනේ... තරහ අරගෙන යන්න එපා.... ඕනෙ නම් ආයිමත් කම්මුලට ගහනවා... ඇගට වදින පාර ඉවසන්නම් අයියේ ඒත් හිතට වදින පාර මට දරාගන්න බෑ...."

පිස්සෙක් වගේ කියවන වචන වල බරපතල කම බ්‍රයන්ට දැනුනේ චෙරන් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට...

"ආ.. මේ මම ඒ කිව්වේ.... මේ වීල් එකක ගහලා තිබුන පොඩි මේව්වා එකක් මේ...."

"හරි දැන් මම යන්නම්... අද කලින් ගෙදර එනවා කියලා ආවේ අම්මා මග බලාගෙන ඇති... හෙට පරන අවුරුද්ද නිසා අද ඉවර කරගන්න වැඩ ටිකක් තියනවා...."

බ්‍රයන්ට තාමත් ඒ අත අතරින්න බැරිව අල්ලන් ඉන්නවා... බ්‍රයන්ටත් නොදැනීම ඒ ඇස්වලට කදුළු පිරෙනවා... චෙරන්ටත් බ්‍රයන්ව දාලා යන්න හිත දෙන්නේම නැති තරම්.... යන්න ඕනේ... ඒත් යන්නත් බෑ...

"අනේ ඇයි මල්ලියෝ මේ... ඔයාට අමාරුද මල්ලි... ඇයි මේ ඇස්වල කදුළු...... "

බ්‍රයන් කිසිම උත්තරයක් දෙන්නේ නැතිව චෙරන්ගේ අත අතෑරලා ඇදේ හාන්සෙ වෙලා කොට්ටෙට මූන තද කරගත්තා...

"ඔයා යන්න අයියේ... මට ඔයා යනවා බලන් ඉන්න බෑ... මම මෙහෙම ඉන්නම් ඔයා යන්න..."

"පිස්සා.. මොනාද මේ කියවනනේ... පරිස්සමෙන් ඉන්න... උපවාස හර්තාල් කරන්නේ නැතිව බෙහෙත් ටික බීලා ඉන්නවා... නැත්නම් නර්ස් කිව්වා උබේ අතපය හතර ඇදට තියලා ගැට ගහලා බෙහෙත් පොවනවා කියලා..."

"අනේ මේහ්.... ඒව නම් හදේ හරිද...."

බ්‍රයන් ආයිමත් අත මිට මොලවගෙන නැගිටලා කියවන්න ගත්තා...ඇත්තට මේකා නම් නොම්මර එකේ චණ්ඩියෙක්... අමු මැරයෙක්... ඒත් අනිත් හැමෝටම කොටියෙක් වගේ කඩාන පනින එකා පුස් පැටියෙක් ගානට ඇගේම ඇතිල්ලි ඇතිල්ලි මේ තරම් චෙරන් ලග හුරතල් වෙන්නේ කොහොමද කියල චෙරන්ට හිතාගන්න බෑ...

"හරි හරි නිදා ගන්න මම යනවා..."

කොල්ලව දාලා එනකොට චෙරන්ගේ පපුව හිස් වෙලා ගියා වගේ දැනුනා... හැරි හැරි බැලුවත් බ්‍රයන් ආපහු කොට්ටෙට මූන තද කරගෙන....

පරණ අවුරුද්දේ නිවාඩු දාලා ගෙදර ඉන්න හැදුවත් වැඩට යන්න උනා... උදෙන්ම බ්‍රයන්වත් බලාගෙන යන්න හිතුවත් දේවක චෙරන්ව ගන්න ආපු නිසා බයික් එකේ නැගලා කෙලින්ම ඔෆිස් ආවා....

"මේ... අර පෙන්ඩ්‍රයිව් එක කෝ බන්..."

"මගේ බෑග් එකේ සයිඩ් පොකට් එකේ ඇති බලහන්..."

කරන්න තිබුන වැඩේ ඉක්මනට ඉවර කරලා බ්‍රයන්ව බලන්න යන්න චෙරන් ට්‍රයි කලා....

"ආ... දැන් උඹ අරූට යතුර දුන්නද..."

"මොනාද බන් කියන්නේ... කාටද මොකද්ද..."

"අර ලයිට් කනුව බදාගෙන කිස් කරන්න හදපු එකාගේ බයික් එකේ යතුර...."

"අම්මෝ... උබේ කතා බ්‍රයන්ට ඇහුනම් තමයි මරු...."

"ආ.....ආ... ඒ මොකක්ද ඒ අමුතුම සිරික්කිය... එන පොට හොද නෑ සයිමෝ කෙල්ල ගෙට ගන් කිව්වලු...."

"නෑ බන් මේ මුකුත් නෑ..... "

"මුකුත් නැත්නම් අවුලක් නෑ..... "

" ආ මේ වැඩේ හරි...."

"එහෙනම් ඔහෙම්ම ජී.එම්. ගේ සෙකට්‍ර්‍රි කෑල්ලගේ මේල් එකට ඕක දාල අපි දෙන්නා පයිමු...."

"මේ... නෑ... උඹ පලයන් මම හිමිහිට එන්නම්... පොඩි වැඩක් තියවා.."

"මොන වැඩේ කරන්නත් කොල්ලගේ බයික් එක ඌට භාරදිලා යමු... පහල ඉන්න එස්.ඕ. ගෙන් පට්ට බර බරේ.... ඌ හරියට බයික් එක ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවා වගේ කෙදිරි ගාන්නේ..."

"ඒත් මේ...."

"ඒත් මේත් වැඩක් නෑ... යමන් නැගිටහන්...."

දේවකගේ බලකිරිල්ලට චෙරන් එයත් එක්කම හොස්පිට්ල් ආවා..... ඒත් මල්ලි පෙන්න නෑ....

"මිස් මේ අර ඇදේ හිටිය පේෂන්ට්...."

"ආ... එයාගේ කට්ටිය ඇවිත් ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක ඇඩ්මිට් කරන්න කියලා ටිකට් කපාගෙන ගියා......"

"ආ....තැන්කියු මිස්...."

චෙරන්ගේ පපුව හිස් වෙලා ගියා... චෙරන් මග දිගටම හීන මව මව ආවේ බ්‍රයන්ව හම්බ උනාම කතා කරන්නේ මෙනාද කියලා... හිතාගෙන ආපු හීනය එහෙම්ම බොද වෙලා ගියා...

"අයියෝ බන්... බලහන්කෝ වෙච්ච දේ..."

"අනේ ඒකනේ බන්.... කියලා වැඩන් නෑ... චෙරන් දැන් මොකද කරන්නේ... උගේ බයික් එක කොහොමද දෙන්නේ...."

"මොකක්....."

"ඇයි...."

"ආ මේ බයික් එක..."

"ඇයි බයික් එක තමයි.... උඹ හීල්ලුවේ වෙන මොනාට හරිද..."

"අනේ මේ විකාර කරන්නේ නැතුව යමන්... අර පෙන්නේ නැද්ද පාරවල් පාලුවට ගිහින් අපි දෙන්නා විතරයි පාරේ රස්තියාදු ගහන්නේ....."

චෙරන්ට සියුම් තරහක් ආවා....

"හරි... අපි බයික් එක පොලිසියට භාරදෙමු... කොහොමත් මිනිහට කට උත්තරයක් දෙන්න පොලිසියට යන්නම වෙනවනේ....."

"හරි එහෙනම් මොනා කරන්නද යන ගමන් ආයිමත් ඔෆිස් ගිහින් බයික් එකත් අරගෙන අර අපි කතා කරපු ට්‍රැෆික් සායන්ට භාරදෙමු...."

දෙන්නා එක්ක බයික් එක භාරදිලා එන්න ආවා... ඒත් මේච්චර වෙලා පිරිලා තිබුන චෙරන්ගේ හිත හිස් වෙලා ගිහින්.....

"හරි කොල්ලෝ එහෙනම් ගෙවි යන පරණ අවුරුද්දේ හැම කරදරයක්ම නතර වෙලා අලුත් අවුරුද්දේ අලුත්ම විදිහට ජිවිත් වෙන්න ලැබෙන්න පතනවා... අම්මයි අප්පච්චිවයි ආදරයෙන් මතක් කලා කියන්න.... "

"හරි මචං...."

චෙරන් හෙල්මට් එක දීලා හිමිහිට ඇවිදන් ගෙදර ආවා... හිත ගොඩක් හිස් වෙලා ගිහින්.... ඒ වගේම හිත ඇතුලේ ප්‍රශ්න ගොඩයි...

**************

රෑ පුරාම වැට්ටච්ච වැස්ස නිසා තාමත් අඹ කොලවලින් වැහි පොද වැටෙනවා...අඹ මල් වල වගේම කජුමල් වලත් සුවද ඇරලා තියන ජනේලෙන් එන හුළත් එක්ක චෙරන්ට දැනුනා... උදෙන්ම නැගිටලා තේක බිලා ඇදට පැන්නේ කරන්න විශේෂ දෙයක් නැති නිසා...හැම පැත්තෙන්ම ඇහෙන රතිඤ්ඤා හඩත් එක්ක අමුතුම සුන්දර බවක් දැනෙනවා.... ඒ හැමදේම අතරින් බ්‍රයන්ගේ මතකයන් සියුම් විදිහ හිත පාරනවා... හිත වෙනම ලෝකේක අතරමන් වෙලා තියන කොට ෆෝන් එක රින්ස් ගියා...

"සුබ අලුත් අවුරුද්දක් වේවා චෙරන්... "

"ආ.... සුබ අලුත් අවුරුද්දක්... මාවත් මතක් වෙලා තියෙන්නේ....."

"නැතුව නැතුව... උඹට තමයි නිකමටවත් මාව මතක් වෙන්නේ නැත්තේ.."

"අනේ උඹව මතක් කර කර ඉන්න උඹ මගේ ලව් එකද...."

"නැතුව මම මගේ වයිෆ් ගාව ඉන්න කාලයට වඩා වැඩි කාලයක් උඹත් එක්ක ඉන්න...."

"අම්මෝ හා.... දේවක මචං.... කෝ අක්කයි උබේ චණ්ඩියෝ දෙන්නයි...."

"අම්මෝ ඉන්නවා... පොඩි උන් අහනවා එයාලගේ බාප්පි එයාලව බලන්න එන්නේ නැද්ද කියලා..."

"අනේ එන්නම් බන්...කොහෙද මේ අම්මගෙයි අප්පච්චිගෙයි වැඩ වල ඉවරයක් නෑ.... "

"අනේ ඉතින් තුන්දෙනාම අපේ ගෙදර වරෙල්ලකෝ... ඕනේ නම් මම කැබි එකක් දාන්නම්..."

"එත කොට මේ ගෙදරට පාත් වෙලා ඉන්න උන්ව එලවන්නද බන්...."

"ඇයි මේ නැකත් වෙලාවෙත් ඇවිද්ද...."

"ඔව් ඉතින්... "

"ඇත්තට උඹ ගැන ඊරිසියයි බන්... නැදෑයෝ කියලා මගේ පැත්තෙන්වත් වයිෆ්ගේ පැත්තෙන්වත් වැඩිය එන්න යන්න කවුරුත් නෑ.... ඉන්න උනුත් යන්නේ පොඩ්ඩක් සල්ලි තියන උන් ගාවට විතරයි..."

"ඉතින්...."

"ඉතින් කියන්නේ අඩුම ගානේ උඹවත්.... "

"හරි සුද්දා මම එන්නම් ලගදිම...."

"ආ... මේ අන්න උබේ ලයිට් කණුව කිස් කරපු එකයි අර ගෑනියි පොලිසියට ඇවිත් වැඩෙත් සමාදාන කරගෙන අරූ උගේ බයික් එකත් අරගෙන ගිහින්...."

"සාමදාන කරගෙන.... ඇයි යකෝ ඒ ගෑනි පිස්සියෙක් වගේ පාර මැද්දේ රවුම් කරකවලා මනුස්සයෙක් මැරෙන්න ගිහින් අනූ නවයෙන් බේරිලා තියෙද්දිත් නිකම්ම සාමදාන වෙලාද..."

"ඒක මගෙන් අහන්න එපා ඒක අහපන් උන්ගෙන්.... ඇයි මිනිහා උඹට කතා කලේ නැද්ද..."

"කතා කරන්න නම්බර් එකක් තියෙන්න එපැයි..."

"ඇයි බන් එදා මගෙන් ඉල්ල ගත්තේ...."

"මොකක්... කොයි වෙලාවේද.... "

"ඇයි බන් අර ඇඩ්මිට් කරලා කතා කරලා එනකොට..."

"මමත් හිටියනේ... "

"හිටියා... උඹ අර නර්ස් කෑල්ලකට රබර් ඇහැ දාගෙන කතා කර කර හිටිය ටිකට ඌ ඉල්ල ගත්තා..."

"මට කොල් එකක්වත් ගත්තේ නෑ...."

"ඔහොම තමයි බන්... කවුරුත් තමන්ගේ වැඩේ කරගන්නකම් විතරයි..."

හිතට සියුම් දුකක් දැනුනත් කරන්න දෙයක් නෑ...

"මේ දේවක අනුභව කරන නැකත හරි වගේ මම පස්සේ ගන්නම්...."

"අපෝ බඩ රිදියන්..."

"අලුත් අවුරුද්දේ ඔහොමත් කියනවද මෝඩයෝ..."

"නෑ ඉතින් අපේ ගෙදර නැතක් කරන්නේ නෑ හරියට ඒකයි..."

"හරි මම තිබ්බා....."

චෙරන් ෆොන් එක තියනවත් එක්කම දොරේ බෙල් එක වදින හඩ ඇහිලා ගැස්සිලා ගියා....කවුද මේ වෙලාවේ... චෙරන් ෂර්ට් එකක් දාගෙන ඉස්සරහට ගිහින් දොර ඇරියා... මොහොතකට මේක හීනයක්ද නැත්නම් මේක මායාවක්ද කියල තෝරගන්න බැරුව චෙරන් ගල් වෙලා ගියා....

"මම ඇතුලට එන්නද... නැත්නම් මෙහෙම්ම මාව එලියේ තියාන කතා කරනවද..."

බ්‍රයන් හිනා වෙලා එහෙම අහන කොට චෙරන්ට හිතාගන්න බෑ...

"ආ.. මේ සොරි... මේ කොහොමද ගෙදර හොයාගත්තේ...."

"දැන් කාලේ මනුස්සයෙකුගේ ඇඩ්රස් එකක් හොයාගන්න ලොකු ගේමක් ගහන්න ඕනෙ නෑනේ..."

චෙරන්ට තාමත් පුදුමයි මේ වෙච්ච දේට...

"මල්ලී මේ...."

"මේ පස්සේ කතා කරමු... කෑම කන්න තියන නැකත හරි නේද... "

"ඒත් මේ..."

"ඔයා උදේටවත් මුකුත් හදාගත්තේ නෑ නේද.... නැත්නම් අර අල්ලපු ගෙදර ඇන්ටි දුවලගේ දිහා ගිය නිසා කෑම ගන්න බැරිවුනාද.... මොනා උනත් ඒ ඇන්ටිගේ සීෆුඩ් රයිස් එක පට්ටම රසයි...."

මෙච්චර කාලයක් ලෝකෙට වසන් කරගෙන හිටිය රහසක් එලියට ආවා වගේ දැනුනා.. ඒ දැනුන අසරණකම නිසාම ඇස් වලට කදුළු මතුවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.... ඒත්...

"මල්ලි මම මේ..."

"ෂ්... මුකුත් කියන්න එපා...."

හිතපු නැති විදිහට බ්‍රයන් ලගට ඇවිත් චෙරන්ව ඇදලා වගේ අරගෙන තුරුල් කරගේ නළල කිහිප පාරක් තදින් කිස් කලා.. ජිවිතේ හැම රෑකම දැක්ක හීනය හැබෑවෙනකොට දැනෙන සතුට දරාගන්න බැරිව චෙරන් තවත් තදින් ඇඩුවා.. බ්‍රයන් චෙරන්ව බෙල්ල අස්සෙන් පොඩ්ඩක් ඈත් කරලා බිත්තියේ මල්මාල දාලා එල්ලලා තියන අම්මාගෙයි අප්පච්චිගේ ෆොටෝස් දිහාට හැරුනා....ඒත් බ්‍රයන් හැමදේම දන්න නිසා චෙරන්ට ඒ ෆොටෝ දෙකේ විස්තර කරන්න තරම් ලොකු විශේෂයක් තිබුනේ නෑ.... ඒක නිසාම චෙරන් ආයිමත් බ්‍රයන්ව ලගට අරගෙන පපුවට තුරුල් කර ගත්තා...

"උඹ හිතයි මට පිස්සුයි කියලා... අවුරුදු හතකට ඉස්සේල්ලා අම්මයි අප්පච්චි ගිය බස් එක ඇක්සිඩන් වෙලා ඒ දෙන්නා මාව දාලා ගියා... ජිවිතේ අපි එකට ගතකරපු හැම මතකයක්ම එයාලා එක්ක අත ඇරලා දාන්නේ නැතිව මම දිගටම ඇදෙන ආව එක වැරැද්දක්ද... මට කවුරුන් නෑ.... මම තනිවෙලා කියලා මට කාගෙවත් අනුකම්පාවක් ඕනේ නෑ.... ඒ නිසාම මම අලුතින් වැඩට ගිය තැන කාටවත් මට කවුරුත් නෑ කියලා කියන්න ගියේ නෑ.... අනික වෙනදා වගේම අම්මා ගෙදර බලාන ඇති අප්පච්චි බනියි කියලා මුලින් මට නිකම්ම කියවුනේ පුරුද්දට... එහෙම නිකම්ම කියවෙලා මම මොකද්ද ඒ කිව්වේ කියලා හිතන කොට පිස්සු වගේ දැනුනා... ඒත් පස්සේ පස්සේ මම හිතලම ඒ වගේ දේවල් කිව්වා... මම දන්නේ නෑ.... මට ඒකෙන් මාර විදිහට මානසික සහනයක් දැනුනා... නෑ කියලා කියනවට වඩා බොරුවට හරි තියෙනවා කියලා කියන ඒ හැගීම මගේ ඒ හිස් වෙලා තියන හිතට මාරම සහනයක් දැනුනා... හැමදාම වගේ අල්ලපු ගෙදර ඇන්ටිගෙන් කෑම අරගෙන ඇවිත් වත්තෙන් කපාගත්තු කෙහෙල් කොලයක ඔතාගන ගෙදරින් ගේන කෑම එකක් විදිහට ගෙනිච්චා... පොඩි පොඩි රසකැවිලි කඩෙන් අරන් අම්මා හදලා දුන්නා කියලා ගිහින් දුන්නා... "

"හරි අයියේ හරි.... ඇති ඇති කෝ අපි මොනා හරි කලා ඉමු.... "

"මට බෑ... මට මෙහෙම ඉන්න දෙන්න මල්ලි..."

"බෑ.... මට බඩගිනියි..."

"සොරි... "

කාලෙකට පස්සේ චෙරන්ගේ පුංචි කෑම මේසේ පිරෙන්න වගේ බ්‍රයන් කිරිබත් කේක් ‍රස කැවිලි අරගෙන ඇවිත්...

"කොහෙන්ද මෙච්චර දෙවල්....."

"අපේ අම්මා හදලා..."

"මල්ලි...."

"සොරි මැණික.... උඹට වගේම මට කියලත් කවුරුවත්ම නෑ.... ඒත් මම දැන් අනාථයෙක් නෙවේ... මට ටිකක් පිස්සු නට් ලූස් ගතියක් තියනවා... ඒත් මට එදා හොස්පිට්ල් එකේ වගේ පොඩ්ඩක් ගහලා කරලා හදාගත්තට කමක් නෑ.... ඇත්තටම උඹ ගහපු වෙලාවේ දැනුන හැගීම කියන්න බෑ... උඹව මරාගන කන්න හිතුනා... ජිවිතේ කවදාවත් මගේ වැරදි වලට ගහලා බැනලා මාව හදාගන්න කවුරුවත් මට ඉදලා නෑ.... මේ බලහන් උඔ කරාබු දානවට අකමැති නිසා මම ඒ හැමෙදේමත් අයින් කලා....මට මගේ ජිවිතේ උඹත් එක්ක ඉතුරු ටික ගෙවලා දාන්න ඕනේ මගේ අයියේ...."

මුකුත්ම කියන්නේ නැතිව චෙරන් කොල්ලව තදින් තුරුල් කරගන්න කොට බ්‍රයන් චෙරන්ගේ තොල් තදින් කිස් කලා... ඒ පහස ඒ ආදරය චෙරන්ගෙ කදුළු තවත් අලුත් කලා...

"කෝ ඉන්න... අපි චාරිත්‍ර කරමු...."

"අනේ මොනාද පිස්සෝ කරන්නේ මේ... "

බ්‍රයන් ගෙනාපු තෑගි පාර්සලේ චෙරන්ගේ අතට දීලා දන ගහලා වදින කොට චෙරන්ට දරාගන්න බැරිවුනා...ඒ නිසාම බ්‍රයන්ව නැගිට්ටවලා තදින් තුරුල් කරගත්තා...

"අනේ රත්තරනේ මම මොනාද උඹට දෙන්නේ..."

"මට මුකුත් එපා...මම ඉස්සෙල්ලා ඉල්ලුවා වගේ මේ පපුවට මේ විදිට තුරල් වෙලා ජිවිතේ ඉතුරු ටික ගෙවලා දාන්න දියන් මගේ අයියේ... මට උඹ නැතිව ජිවිත් වෙන්න බෑ....මම ඔයා කියන විදිහට ඉන්නම්.... පිස්සු කෙලින්නේ නෑ මීට පස්සේ...... "

"මටත් තව දවස් දෙක තුනක් ගියා නම් උඹ ගැන හිතලම මටත් පිස්සු හැදෙනවා රත්නරනේ...."

"ජිවිතේ ඔයා තනි වෙලා නෑ මගේ අයියේ... ඒක නිසා අම්මා අප්පච්චිගේ කතාව නතර කරගන්න... ඔයාට මම ඉන්නවා... ඔයාව මගේ පනටත් වඩා ආදරෙන් මම බලාගන්නවා අයියේ...මම තනිවෙලත් නෑ මගේ ජිවිතේට ඔයා ඉන්නවා... අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා.... "

චෙරන් කදුළු වලින් තෙත් වෙච්ච බ්‍රයන්ගේ රෝස පාට තොල් පෙති ආයෙත් පාරක් ආදරෙන් කිස් කලා... ඒ පහස විදගන දෙන්නම තුරුල්වෙලා තදින් බදාගන ඇස් පියා ගත්තා...

කලෙකට පස්සේ ඒ අදුරු වෙලා තිබුන ගෙරදටත් අවුරුදු කුමාරයා අවුරුදු තෑගිත් අරගෙන ආවා... ඒ 14 වෙනිදාට විතරක් නෙවේ එදා ඉදන් ජිවිත කාලය පුරාවටම.....







***********නිමි************

✍️ රධිත් රේෂාන්✍️

කතාව කියවන හැමෝටම ස්තුතියි 🙏

වෝට් කරන්න අමතක කරන්න එපා. ❤

කතාව ගැන ඔයාලට දැනෙන අදහස් කියාගන යන්න. ❤

Continue Reading

You'll Also Like

9.5M 376K 38
*COMPLETED* (Y.O.L.O stands for: YOU ONLY LIVE ONCE) *** Carter Jones, the school nerd, and Killian Henderson, the reputated troublemaker, somehow en...
783K 21.1K 32
Highest Ranks: 🥈#2 in shortstorycollection #3 in Originalstory #3 in on...
22.2M 685K 29
"Ethan." Aiden pauses. "I want you." He softly bites my ear. "I want to kiss you more than you will ever know." Trying to avoid the daily beatings of...