තේව් !

Od Mrs_wang_kavi

6.6K 579 113

මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 ... Více

හැඳින්වීම...
°°°පළවෙනි පරිච්ඡේදය°°°
°°°දෙවනි පරිච්ඡේදය°°°
°°°තුන්වෙනි පරිච්ඡේදය°°°
°°°හතරවෙනි පරිච්ඡේදය°°°
°°°පස්වෙනි පරිච්ඡේදය°°°
°°°හයවෙනි පරිච්ඡේදය°°°
°°°හත්වෙනි පරිච්ඡේදය°°°
°°°අටවෙනි පරිච්ඡේදය°°°
°°°නමවෙනි පරිච්ඡේදය°°°
°°°දහවෙනි පරිච්ඡේදය°°°
°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°
°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දාසයවෙනි පරිච්ඡේදය°°°
°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°
°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°
°°°දහනමවෙනි පරිච්ඡේදය°°°
°°°විසිවෙනි පරිච්ඡේදය°°°
°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිදෙවනි පරිච්ඡේදය°°°
°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහතරවෙනි පරිච්ඡේදය°°°
°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහයවෙනි පරිච්ඡේදය°°°
°°°විසිහත්වෙනි පරිච්ඡේදය°°°
°°°විසි අටවෙනි පරිච්ඡේදය°°°
°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°
°°°තිස්වෙනි පරිච්ඡේදය°°°
announcement

°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°

178 18 0
Od Mrs_wang_kavi

මං දන්නෑ අයියෙ. තාම මට හිතාගන්න බෑ මොකද්ද ඒ අශෙල් අයිය කරපු බලු වැඩේ කියල. අයිය දන්නෑ අශ්වින් කොච්චර අහිංසකද කියල.

මං හිටියෙ ගෙදර කාමරේ. ඇත්තටම කාටවත්ම අද ස්කූල් යන්න ඌමනාවක් තිබ්බෙ නෑ. මං උදේම අශියට කතා කරාම ඌ යන්නෑ කිව්ව නිසා මමත් ගෙදර හිටියෙ අභිසෙස් අයියටත් මැසේජ් එකක් දාල තව පැය තුන හතරක් නිදාගත්ත. පස්සෙ නැගිටල වට්සප් එක පැත්තට යද්දි අභිසෙස් අයියගෙන් මැසේජ් විසි එකකුයි කෝල් හතරකුයි තිබ්බ. ඇත්තටම මේ මනුස්සය මං ගැන හොයල බලන විදියට මං කැමති. හවසට අශ්වින්ලෑ ගෙවල් පැත්තෙ ගිහින් ඌට මොකද බලන්න ඕන. මං කල්පනාවෙ ඉද්දි අභිසෙස් අයිය එහෙං කතා කරා.

ඒක තමයි අහී.. සමහරවිට අපි නොදන්න මොනවම හරි දෙයක් වෙන්න පුලුවන් නෙ. මටත් හිතාගන්න බෑ අශෙල් එහෙම කරා කිව්වම. අපි හිතනවට වඩා උන්ගෙ පව්ල ටිකක් තදයි මල්ලි

හ්ම්...ඒත් එහෙම එකක් නං හරි විදියට තේරුම් කරන්න තිබ්බ, ඇරත් මොකද්ද අයියෙ ශෙහාරා අල්ලං එයා කරන්නෙ?

ඒක තමයි අහී. බලමුකො වෙන දෙයක්. ඔයා අශ්වින් ට කතා කලාද?

එකාතකින් අභිසෙස් අයිය පව්, වටෙන්ම තැලෙනව. අශෙල් අයිය උනත් දැනගන්න ඕන බොරු බලාපොරොත්තු නොදී ඉන්න. නෑ මං අවසානෙ මටයි අභිසෙස් අයියටයි එකතු වෙන්න පුලුවන් වෙයි කියනව නෙමෙයි. ඒ උනත් අඩුතරමෙ අඩුපාඩුවක් නොකර අයිය මට ආදරේ හරි කරනවනේ. අනික අර දෙන්න යාලු වෙලා දවස් කීයද?? කම්පෙයාකරනව නෙමෙයි. ඒ උනත් අශ්වින් හරි අහිංසකයි

අහී????

ආයෙ අශ්වින් පස්සෙ ආවොත් මං අශෙල් අයියගෙ ජනපද බෝල කපල කුඩු කරනව.

අහී!!!

ආහ් ඕ අයියෙ

අශ්වින් බලන්න යනවද?

හවසට ඒ පැත්තෙ ගිහින් එන්නං අයියෙ.

මාත් එන්නද?

ඕන නෑ අයියෙ අපි දෙන්න උනත් එකට දැක්කොත් උගෙ හිත තව පෑරෙන එකනෙ වෙන්නෙ

ඇත්ත තමයි. එහෙනං පරිස්සමට ගිහිල්ල එන්නකො. ආවම අපි කතා කරමු.

හරි හරි දැන් ගිහින් පාඩම් කරන්න අයිය. මමත් පොතක් බලාගන්න ඕන.

හරී බායි

බායි





~


හවස මං බයික්කෙකත් අරන් බඹර වැහිල වගේ අශියලගෙ ගෙවල් පැත්තට යද්දි ඇන්ටි මල් පැල වලට වතුර දානව.


ආ පුතා.

ඇන්ටි මොකෝ කරන්නෙ

මල් පැල ටික මැලවිල අනේ වතුර පොඩ්ඩක් දැම්ම.

අශ්වින්ලගෙ අම්ම මාර ලස්සනයි, ඇත්තටම අපෙ බඩා සර්ට කොහෙන් සෙට් උනාද මංද. කොහෙන්වත් නෙමේ ඉතිං ගුරු ගෝල සබඳතා මෙව්වා. ලාවට හිනාවක් යද්දි මං බයික්කෙක පාක් කරල ඒකෙන් බැස්ස

අශ්වින් කෝ ඇන්ටි

අහ් අශ්වින් ඔය ඉන්නෙ ඊයෙ නිදි මරලද කොහෙද පුතේ ඇස් රතුවෙලා ගිහින් පොඩ්ඩක් නිදාගන්න කිව්ව. උණ අමාරුව වෙන්න ඇති පව්

ඒක තමා ඇන්‍ටි අද ඉස්කෝලෙ ගියෙත් නෑනෙ ඉතින්

ඒකනෙ


මං ගේ ඇතුල්ට ඇවිත් අශියගෙ කාමරේට යද්දි ඌ නිදි. පව් වැඩේ ඇස් රතුවෙලා ඉදිමිල ගිහින්. කඳුළු පාරවල් මූණෙ. උගෙ මූණ සුදුමැලි වෙලා ගිහින්. අනේ මංද අශෙල් අයියට නං හෙන පිට හෙන ගහලත් මදිනෙ. බේසික පුතා. මං ෆොටෝ එකක් ගහල අභිසෙස් අයියට යැව්ව.

''එයා නිදි''

මං සාලෙට වෙලා ටිකක් ෆෝන් එක එබුවෙ ඌ නැගිටිනකං. නැගිට්ටට පස්සෙ වටයක් දාල එනව දෙන්න එක්ක ගිහිං. ටික්කින් ඌ නැගිටලද බලන්න මං යද්දි ඌ හිටියෙ අතේ පේප කටර් එක්කුත් තියාගෙන ඇස් වහං

හු#න්නෝ

මං ඉක්මනට පැනල ඒක ඇදල දාද්දි මගෙ අල්ල කැපිල ලේ එන්න ගත්ත. පේප කටර් එක විසි වෙලා ඇඳ යටට වැටුන. මුංගෙ අම්ම දන්නව නං එහෙම.

ඕයි මට ජීවත් වෙන්න බෑ බං. මට මැරෙන්න ඕන බං

අශිය මාව තද කරල බදාගෙන අඬන්න ගත්ත. දෙයියනේ මං මොනව කරන්නද. අහං ඉන්න විතරයි මට පුළුවන්. මං හිමීට උගෙ පිට අතගාන්න ගත්තා

නාඬා ඉඳපන් බං. අශෙල් අයියට පින නෑ. උඹ ඌට බොරුවක් කලේ නෑනෙ. මොකටද උඹ මැරෙන්නෙ. ඌ තමා මැරෙන්නෝන. අභිසෙස් අයියල උනත් ඌට නෑ ආයිමත්. උඹ මෝඩ වැඩ කරල මාවත් උඹෙන් ඈත් කරගන්නැතුව ඉඳපන්.

එ-එතකොට අර ශෙහාරා??

ඒකි ගැන නොහිතා හිටපන් බං. ඒකි කොහෙත්ම අදාල එකියක් නෙමේනෙ බං . තේරෙනවනෙ උඹට. අශෙල් කියල එකෙක් ඉඳියෙ නැති ගානට උඹ හැසිරියන් තේරුනාද උඹට ගොං බිජ්ජෝ

අශ්වින්ට හිනාවක් ගියා.

මං වැටෙන්නෑ බං. මට කිසි දෙයක් නැති වෙලා නෑනෙ. මං මොකටද වැටෙන්නෙ.

ආන් එහෙම ඉඳපන් මගෙ කොල්ල.

අල්ල කැපිච්ච පාර එන ලේ ටික මං දිවෙන් ලෙවකාල දැම්ම

සමාවෙයන් බං මගෙ මෝඩකම් හින්ද තමයි සේරම.

පිස්සුද බං මෙන්න මෙහාට වරෙන් බෙහෙත් ටිකක් දාං එන්න මේකට




___________________________________________


කම්මැලි යකෙක් වැහිල ඕතර්ට සමාවෙන්න. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔක්කෝටම කිරියෙන් පැණියෙන් උතුරල ගලල යන්නෝනෙ හර්ත. පරිස්සමට ඉන්න හැමෝම 😘

Pokračovat ve čtení

Mohlo by se ti líbit

2.1K 250 8
බොරුව බොරුවමයි මැණික! බොරු කොහොම කිව්වත් වැරදි! -යසිරු යුගත්-
2.7K 329 9
වැලක් එතෙන්න ඕනේ ගහකම ද? එතකොට ද ඒ ගහ ශක්තිමත් වෙන්නේ ? වැලට ස්ථාවරත්වයක් එන්නේ? ගහක් තවත් ගහක එතෙන්න බැරිද ? වැලක් තවත් වැලක එතෙන්නේ නැද්ද ? සමාජයේ...
6.5K 232 12
na jaemin | bruised - in a world where people gets the same bruises as their soulmates. ▪︎soulmateau!
3.6K 702 14
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - * Cover credits goes to - Miku_Sasuke