දඬු මොණරු

By yuchi91

41.4K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 29

786 116 11
By yuchi91

පළවෙනි වතාවට මං ආදරේ කරන මනුස්සයගෙ තුරුලේ ඒ උණුසුමේ රැයක් ගෙවුනා. එයාට අයිතියක් තිබිලත්, මගේ කැමැත්ත තිබිලත් එයා මාව පරිස්සම් කරා.තඹර අයියා නිසා බය වෙච්ච හිතට මේ වෙලාවේ තාත්ත කෙනෙක්ගෙ වගේ ආරක්ෂාවක් ඕන වෙද්දි යශ් අයියගෙන් ඒක ඕනවට වඩා ලැබුණා.මාව ඒ පපුවට තුරුල් කරන්ම එයා රෑ එළිවෙනකම් හිටිය.

පාන්දර පහ හමාර වගේ වෙද්දි එයා ඇහැරලා මාවත් ඇහැරෙව්ව.

"මැණික, මං දැන් යන්න ඕන, කවුරු හරි දැක්කොත් උබටත් හොඳ නෑනෙ. මල්ලිත් දැන ගනී"

"ම්ම්ම්ම්"

"මං ගියාට පස්සෙ දොර හොඳින් වහ ගන්න, අද වැඩට යනවද"

"ඔව් අයියෙ යන්න ඕන"

"එහෙනම් මල්ලිව තියලා යන්න එපා. මට අර කාලකණ්ණියාව විශ්වාස නෑ මැණික"

"හසාලගේ ගෙදර නවත්තලා යන්නම්"

"හා.අද මළ ගෙදර අවසන් කටයුතු බං. ඒවට උදව් කරන්නත් ඕන. ඒ ඔක්කෝටම වඩා මට උබව වටිනවා බං. ඒ නිසා උබව පරිස්සම් කරන්නත් ඕන. වැඩට ගිහින් ඇවිත් අයාල්ලාගේ ගෙදරට හරි චවීලගේ ගෙදරට හරි යනවද"

"හා"

"මේ ප්‍රශ්නෙ ගැන මට දුවීලටත් කියන්න වෙනවා මැණික. පිටින් මේ ගෙදරට එන එකෙක්ගෙන් නෙවෙයිනේ මට උබව පරිස්සම් කර ගන්න වෙන්නේ, මේ ඇතුලෙම ඉන්න එකෙක්ගෙන්නෙ"

"ම්ම්ම්ම්"

"මං එහෙනම් යන්නම් මැණික. ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් කීයට වත් උබව දාලා යන්නෙ නෑ. ෆෝන් එක ලඟම තියා ගන්න. පරිස්සමින් ඉඳපන් මගෙ මැණික"

"හරි අයියෙ, ඔයත් පරිස්සමින් යන්න"

"ම්ම්ම් දොර වහ ගන්න, දෙන්නම තනි වෙන්නේ නැතුව පරිස්සමින් ඉන්න "

යශ් අයියා මගේ නළල ඉබල යන්න ගියාම මං කුස්සියේ දොර වහල දාලා ආයෙත් ඇදට ආවා. යශ් අයියගෙ සුවඳ තාමත් රැඳිලා තියෙන කොට්ටෙට මූණ තද කරන් ඉද්දී මට කෑ ගහල අඬන්න හිතුනා. ආදරේ කරපු මනුස්සයා තුරුලට වෙලා ඉදල ඈත් වෙලා ගියාම එහෙම තමයි. හිතේ පැත්තක්ම පාළු වෙලා ගිහින්.....

මගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ තවත් වැඩි උනා. එයා ඕන තරම් මට නපුරු වෙලා ඇති,රිද්දල ඇති.ඒත් ඒ හැමදේම එයා මට ආදරේ නිසානේ. ඊයේ උනත් මාව පරිස්සම් කරපු හැටි.මගෙයි මල්ලිගෙයි දෙන්නගෙම ආරක්ෂාව ගැන හිතන හැටි..... මං මගේ ජීවිතේට තෝර ගත්තේ හරිම මනුස්සයාව කියල හිතෙනවා.....

මල්ලිට ඇත්ත කියන්නත් බෑ,ඌ තඹර අයියට සහෝදරයෙක් වගේ ආදරෙයි. අනික මේ දේ ඌට බර වැඩි.ඒත් ඉතින් යශ් අයියා කිව්ව වගේ පොඩි එකාව ගෙදර තනියම තියන්නත් බෑ. අද ගෙදර ඉන්න එපා කිව්වොත් හේතු අහයිද, මගේ හිතට සැනසීමක් ඇත්තෙම නැද්ද......

මල්ලි උදේ ඇහැරුනාම මං ඌට කිව්ව මං වැඩ ඉවර වෙලා එනකම් හසාලගේ ගෙදර ඉන්න කියල. ඒකා මුකුත් ඇහුවෙ නැති නිසා හොඳයි.තඹර අයියා නිවාඩු එන දවසට විතරයිනෙ ඒකත්. නැත්නම් ඉතින් හැමදාම ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට කරදර කරන්නත් බැහැනෙ.

උදේ වැඩට යන්න එළියට බහින්න හැදුවත් තඹර අයියා මිදුලේ, ඌ නම් අර සිමෙන්ති පුටුවට අරක් ගත්ත කුම්භාණ්ඩයෙක්. ඔළු බක්කා නෙවෙයි මූ කොරවක්කා. ඉස්සරහ දොර ගේ ඇතුලෙන්ම වහල දාලා මං මල්ලිත් එක්කම කුස්සිය පැත්තෙන් එළියට බැහැලා ඒ දොර නිකන් වැහුවා. ගේ පිටි පස්සෙන් හසාගේ ගෙදරට තියෙන චූටි අඩි පාරෙන් අපි එහෙට ගියා. මල්ලි මගෙන් මුකුත්ම අහන්නේ නැතුව කියන දේ ඇහුව එකත් ලොකු දෙයක්, මට මේවා තේරුම් කරල දෙන්න බෑ, යාලුවෙක් එක්ක කතා කරනව වගේ ඒක ලේසි නෑ.......

"ආ මේ පුතාලා ආවද, මටත් අද තේ දළු කඩන්න යන්න තියෙනවා පුතේ. ඒකයි මේ උදෙන්ම යන්නෙ. මල්ලිව එක්ක ආව එක හොඳයි අපෙත් පොඩි දෙන්න විතරයිනෙ අද. දෙවෙනී....මං උයල තියෙන්නේ තුන් දෙනාත් එක්ක කාලා කොහේවත් නොයා ගෙදරට වෙලා ඉන්න ඕනෙ හොඳද. අය්යලා දෙන්න මට කලින් එයිනේ "

මනෝරි නැන්දත් එහෙම කියාගෙන වැඩට ගියා.මල්ලිවත් එහෙ නවත්තලා අපි දෙන්න වැඩට ආවා.හසා තාම දන්නෙ නෑ ඊයේ රෑ වෙච්ච දේ. ඌට හෙමින් කියන්න ඕන. හැබැයි ඉතින් අර හිච්චි රොයිටරේ නම් මෙලහට හැමදේම දන්නව ඇති. අයියල නොකිව්වත් ඕකා දොරකට හරි කණ තියන් අහන් ඉන්නවා. එහෙව් එකානේ......

"අඩෝ තඹර අයියා එහෙම දෙයක් කරයි කියල හිතන්න වත් බෑනෙ බං"

හසාට ඊයේ වෙච්ච දේ කිව්වම ඌටත් පුදුමයි.

"මමත් හිතුවෙ නෑ බං ඔහොම දෙයක්"

"දැන් ඉතින් මොකද කරන්නේ, එයා අද හවසට හරි හෙට උදේට හරි යයි නේද"

"බලමුකෝ.පුළුවන් තරම් එයාව මඟ ඇරලා ඉන්න ඕන"

"අනේ මන්දා බං උබට කොහෙන් වත් සැනසීමක් නෑනෙ. ඔහේ නැතුව වෙන යන්න තැනක් වත් නෑනෙ. අපිට වත් හරියට ඉන්න තැනක් තිබ්බ නම් නවත්ත ගන්න තිබ්බා "

"කොහේ යන්නද බං, අනික එයාට බයේ යන්න ඕනත් නෑ "

"පුදුමයි යශ් අයියා අරූට දෙකක් ඇන්නේ නෑ "

"කේන්ති ගිහින් හිටියෙ බං. අමාරුවෙන් කියල නවත්ත ගත්තේ. අනික සීයල අපි දෙන්නා ගැන දැන ගත්තොත් තවත් ප්‍රශ්නයක්නෙ "

"ඒක නම් ඇත්ත, කෝකටත් දැන් පරිස්සම් වෙලා ඉඳපන්, උවමනාවක් උනොත් අපි ඉන්නවනේ. උබල තනි වෙලා කියල හිතන්න එපා "

අද දෙක වෙද්දි ගොඩක් දෙනෙක් වැඩ නතර කරලා ගියා මළ ගෙදරක යන්න. ඒ නිසා අපි දෙන්නත් ආවා. මල්ලිත් එක්ක අර අඩි පාරෙන් ගෙදරට ඇවිත් නාගෙන ලෑස්ති උනේ මළ ගෙදර යන්න. යශ් අයියා කෝල් කරලා එක්ක යන්න එන්නම් කිව්ව. ඉස්සරහ දොර ඇරලා මිදුල බැලුවත් තඹර අයියා පේන්න හිටියෙ නෑ, පඩුපුල් ආසනේ රත් කරලා ඇති වෙලා වෙන්න ඇති.

සෝමා නැන්ද දොර ඇරලා තියෙනවා දැකලා ඇවිත් කතා කරා. ඒ මනුස්සයා දන්නෙත් නෑනෙ අපි කොහෙද ගියේ කියල.

"බත් පිඟාන් දෙකත් අරන් එද්දී දොරත් වහල. ඒ ගමන මං පිටි පස්සෙ දොරින් ගිහින් බැලුවත් කව්රුත් නෑ ගෙදර.මං බත් පිඟන් දෙක තියලා ආවා ඉතින්"

"අපි යාලුවෙකගෙ ගෙදර ගියා නැන්දේ"

"ආයේ කොහේ හරි යද්දි කියල යන්න පුතේ, අනිත් අය හොයල බැලුවේ නැති උනාට මං මේ බයෙන් හිටියේ"

"හරි නැන්දේ, අපි ආයෙත් මළ ගෙදර යනවා"

"රෑ වෙනකම් නොයිද එන්න එහෙනම්. මමත් ගිහින් ආවේ"

මං දොර වහලා එද්දී මල්ලි ගේට්ටුව ළඟට ගිහිනුත් ඉවරයි. මං බිම බලාගෙන මිදුල මැදින් ගේට්ටුව ළඟට එන්න ආවා. ඒත් මට එන්න උනේ නෑ ඔළු බක්ක මගේ ඉස්සරහට කඩා පැන්න. දැන් මට එයාව දකිද්දී දැනෙන්නේ බයක්.

"නේත්‍ර මට චුට්ටක් කතා කරන්න ඕන"

"මට කතා කරන්න වෙලාවක් වත් උවමනාවක් නෑ අයියෙ"

"ඊයේ වෙච්ච දේට සමාවෙන්න නේත්‍ර, මට තරහ ගිය නිසයි එහෙම දෙයක් උනේ"

"හරි අයියෙ සමාව දෙන්නම්,ඒත් ආයේ මගෙත් එක්ක කතා කරන්න එපා.මාව දැක්කෙ නෑ වගේ ඉන්න.මං ඔයාට සැලකුවේ මගේම අයියට වගේ.ඒ උනාට ඊයේ ඔයා හැසිරුණ විදිය නිසා මට ඔයාව එපාම උනා.මං ඔයාව කොච්චර විශ්වාස කරාද අයියෙ.සහෝදරයෙක් වෙලත් ඇයි ඔයා මෙහෙම කරේ "

"මං ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි නේත්‍ර,ඒ නිසා අපේ මැද්දට  සහෝදරකම් ගේන්න එපා. මං තමුසෙට ආදරෙයි නේත්‍ර, මං ආදරේ කරන්න ගත්තේ තමුසෙව දැක්ක පළවෙනි තත්පරේ ඉඳන්"

"මට ඔයාව සහෝදරයෙක් කියන හැඟීමෙන් එහා දකින්න බෑ අයියෙ, ඒ නිසා ඔයාගෙ හිතේ තියෙන දේවල් අමතක කරලා දාන්න, මං යනවා "

"කොහෙද යන්නෙ "

"මළ ගෙදර "

"කාත් එක්කද "

"චවිකලා එක්ක"

"තමුසෙ අදුරන්නේ නැති උන්ගේ මළ ගෙවල් වල ඔච්චරම රිංගන්නේ ඇයි නේත්‍ර"

"අදුරන්නම ඕන නෑනෙ අයියෙ මළ ගෙදරක යන්න,අපි වැටිලා ඉන්නෙ ඔයාලගේ තැනක තමයි,ඒත් එහෙමයි කියලා අපේ ජීවිත වලට ඕනවට වඩා ඇගිලි ගහන්න එපා අයියෙ.එහෙම උනොත් මට ආයෙත් මල්ලිත් එක්ක වැල්ලට යන්න බැරි කමක් නෑ.මට රස්සාවක් කරල ඌව බලා ගන්න පුළුවන්"

තඹර අයියා බලාගෙන ඉද්දිම මං එන්න ආවා, එද්දී මල්ලි ගේට්ටුව ළඟට වෙලා අපි දිහා බලන් ඉඳල හෙමින් හෙමින් ඉස්සරහට යන්න ගත්ත.

හසායි, සෙනාල් මල්ලියි දෙන්නත් මළ ගෙදර යන්න ලෑස්ති වෙලා. මනෝරි නැන්දා වැඩ ඉවර වෙලා ඇවිත් නිසා නන්ගිව දාලා යන්න පුළුවන්නෙ. අද නම් කට්ටිය වැඩි නිසා බයික් වල යන්නත් බැරි වෙයි.මං යශ් අයියට මැසේජ් එකක් දැම්මම එයා එක්ක යන්න එන්නම් කිව්වනෙ.....

එදා වගේම මල් ජෝඩුව ජෝඩු දාලා බයික් එකේ එද්දී හිච්චි රොයිටරයා දුවික අයියටයි අනූප සර්ටයි මැදි වෙලා චප්ප වෙලා හිටියා.උගේ බෙරි වෙච්ච මූණ දැක්කම මට හිනා. අපි කට්ටිය යශ් අයියා එනකන් ඉද්දී එයා ආවා. හැබැයි දඬු මොණර පිටේ නෙවෙයි ත්‍රී විල් එකක.

"කොල්ලෙක් ගෙන් ඉල්ලන් ආවේ. කට්ටිය වැඩි නිසා බයික් එකේ යන්නත් බෑනේ"

යශ් අයියා එහෙම අපිට ත්‍රී විල් එකට නගින්න කිව්ව. මමයි, හසායි මල්ලිලා දෙන්නයි ඒකට නැග්ගා. අපි ගෙවල් පහු කරන් යද්දි මම නම් නිකමට වත් බැලුවේ නෑ, ඒත් යශ් අයියා හොඳට ඒ පැත්ත බලන් ගියේ. ෂුවර් එකටම තඹර මල පඩුපුල් ආසනේ රත් කරනවා ඇති. මගේ කොණ්ඩ කුරුල්ලා ඉවසීමෙන් බලන් ඉන්නවා ඇත්තේ ඕකගෙ පෙති එකින් එක ගලවන්න වෙන්න ඇති.

මළ ගෙදර සෙනඟ පිරිලා. හමුදාවේ අය්යලා වගේකුත් ඇවිත් හිටියා. යශ් අයියා එයාලත් එක්ක එකතු වෙලා හෙනට වැඩ. ඒ අස්සේ ඉතින් මං ගැන හොයන්නත් අමතක කරේ නෑ. මළ ගෙදර කොල්ලො වැහි වැහැලා නිසා ඒකට බයයි කියන්නේ......

මල් ජෝඩුව පැත්තකට වෙලා ලොකු කතාවක්. ඒ අස්සේ අනූප සර් අපිව වට කරන් නයි අරිනවා. හොල්මන් කතා තමයි ඉතින්. හරියට ඇස් දෙකෙන් දැක්ක වගේ. තඹර අයියගෙ ප්‍රශ්නෙ තාම චවිය වත් දන්නෙ නැතුව ඇති. ඕකා දන්නවා නම් එහෙම මට දැන් මෙතන ඉඳන් උගේ ප්‍රශ්න වලට උත්තර බඳින්න වෙනවා. ඌටත් පස්සෙ හෙමිහිට කියල දානවා....

"දැන් කොල්ලනේ ඔය මිනිය ගෙයින් එළියට ගන්නවනෙ, උළුවස්සෙන් එළියට යන කොට අර මැරුණු මනුස්සයගෙ ආත්මේ පෙට්ටිය උඩට නගිනවා, ඊට පස්සේ ඔය තුන්මං හන්දි, හතරමං හන්දි අහු වෙනවනේ, ඔය හන්දියක් හන්දියක් ගානේ....."

"නැවෙනවා"

"නෑ බං නගිනවා"

"ඈ"

"මට මේ කතාව කියල ඉවර කරන්න දීපන් චවික පුතේ"

හැබැයි ඉතින් අර නගින කතාවට නම් පොඩි උන් දෙන්න ඇරෙන්න අනිත් අයට නම් කුප්ප හිනාවක් ගියා.

"ඔය මඟ දිගට තව ආත්ම පෙට්ටිය උඩට නගිනවා, ඒකනෙ බං යන්න යන්න පෙට්ටිය බර වැඩි වෙන්නේ"

"එතකොට සර් එයාලා එතන නවතිනවද"

"පිස්සුද කොල්ලො ආයෙත් ඔය කාගේ හරි කරේ නැගලා පුරුදු තැනට එනවා"

අපේ මල්ලි මගේ ළඟට ගුලි වෙද්දි මං දැක්කා සෙනාල් මල්ලි හසාගෙ අතින් අල්ල ගන්නවා. හොදම වැඩේ කියන්නේ අර හිච්චි පගා උගේ අයියගේ කරේ නගින්න ගිය එක.

"මේ මං අද තමුසෙගෙ කාමරේ හොඳේ"

"පිස්සුද බං පිවිතුරු අද ඉන්නෙත් එහෙ, සමහර විට යශ් අයියත් ඉදී.උබට ඉඩක් නෑ "

"එහෙනම් ඒ දෙන්නට ඒ කාමරේ දීලා තමුසෙ මගේ කාමරේට එනවකෝ අයියෙ"

"හරි යකෝ තාම රෑ උනේ නෑනෙ. අර පොඩි උන් දෙන්න ඉස්සරහ බොගේ කාඩ් කුඩු කර ගන්නේ නැතුව හිටු "

දුවික අයියා මල්ලිලා දෙන්නව පෙන්නලා කියද්දි අර යකා යන්තම් පුටුවේ හරි විදියට ඉඳ ගත්ත.පව් ඉතින් කාඩ් එක කුඩු වෙයි කියල බය ඇති. ඕකගෙ කාඩ් එකේ කුඩු වෙන්න තරම් දෙයක් ඉතුරු නෑ කියලා දන්නෙ අපිනේ.

ටිකකින් හාමුදුරුවෝ වැඩම කරලා මළ ගෙදර අවසන් කටයුතු පටන් ගත්තා. මෙච්චර වෙලා ඔහේ කියව කියවා හිටපු අපි හැමෝගෙම මූණු වලින් තේරුණා හිත් දුකෙන් බර වෙලා තියෙන තරම. පවුලේ අයගෙ විලාප අහන් ඉන්න බැරි තරම්. දමිත් අයියගෙ අම්ම අඩ අඩ කෑ ගහද්දි මල්ලි මගේ ඇගට හේත්තු උනා. මං ඒකව ඇගට තද කරන් අත් දෙක වටේ යවලා බදා ගත්තා. මල්ලිට ඔය වගේ දේවල් වලට ගොඩක් දුක හිතෙනවා.

දමිත් අයියගෙ අය්යලා දෙන්න, තාත්තා, මස්සිනාලා දෙන්න, යශ් අයියා,මිනියට කර ගහන් යද්දි අපිත් පස්සෙන් ගියා. දමිත් අයියලාගේ ඉඩමකම තමයි සොහොන හදල තිබ්බෙ. ඒ ලඟම තිබ්බෙ හමුදාවේ ඉඳන් නැති උන අයියගේ සොහොන....

දමිත් අයියගෙ ජීවිත කතාව එතනින් ඉවරයි. අසීමිතව ආදරේ කරලා බලාපොරොත්තු ගොඩ ගහ ගත්ත පරාජිත ප්‍රේමවන්තයෙක්ගෙ අවසානේ. ඉවසීම නැති කම, අඩුම ගානේ අම්ම ගැන වත් හිතුව නම් මේ වටින තරුණ ජිවිතේ අද මෙහෙම පොළව යට හැංගෙන්නේ නෑනෙ....



මළ ගෙදර වැඩ ඉවර වෙලා යශ් අයියා අපිව ගෙදරට ගෙනත් දැම්ම. අස් පස් කරන වැඩ වලට කට්ටිය ඉන්න නිසා යශ් අයියා බයික් එකත් අරගෙන ගෙදර යනවා කිව්ව. ගෙදර ගිහින් වොෂ් කරන් ටිකක් වෙලා නිදාගෙන ඉඳලා මාව බලන්න එන්නම් එතකන් මල්ලි එක්ක පරිස්සමින් ඉන්න කියලයි එයා ගියේ. අද රෑටත් එයාව ළඟ තියා ගන්න තිබ්බ නම්.

හොඳ වෙලාවට තඹර අයියා පේන්න හිටියෙ නෑ. දැන් නම් එයාව දකින එකත් හිතට වදයක්. එක කුසේ ඉපදුණු නැති එක ඇත්ත.ඒත් නෑ කමින් හරි සහෝදරයෝ වෙද්දි එයා කොහොමද කියන්නේ අපි අතර එහෙම සහෝදර කමක් නෑ කියලා. මාව දැකපු දවසෙලු ආදරේ කරන්න ගත්තේ. ඒ නිසා වෙන්න ඇති මගේ ඇගට කඩා පැන්නේ. මං එයාව සහෝදර කමට ආශ්‍රය කරද්දි එයාගෙ හිතේ තිබිලා තියෙන්නේ වෙන දෙයක්නේ.

මමයි මල්ලියි ටැප් එකෙන් මූණ අත පය හෝදන් ගෙට ගියා. ඉස්සරහ දොර වහලා දාලා මං නාන්න යද්දි මල්ලිත් ඒ එක්කම ඇවිත් මං එක්ක නා ගත්ත. දැන් නම් කළුවර වැටෙන්නත් ඔන්න මෙන්න. තඹර අයියා ගියාද එහෙම නැත්නම් ඉන්නවද දන්නෙ නෑ.මගේ හිත තාමත් බය වෙලා. මේ බය නැති උනේ නැතොත් තඹර අයියා ගෙදර එන දවස් වලට මට බයෙන් තමයි ඉන්න වෙන්නේ.....

නාලා ගෙට එද්දිම යශ් අයියගෙන් කෝල් එකක්.

"මැණික මොකද කරන්නේ, අර යකා ඉන්නවද"

"නාලා ආවේ දැන් අය්යේ. තඹර අයියව දැක්කෙ නම් නෑ. සමහර විට යන්න ඇති"

"මට මහන්සි බං චුට්ටක් වෙලා නිදාගෙන ඉඳලා එන්නද. දොර වහන් ගේ ඇතුලට වෙලා පරිස්සමින් ඉන්නවද එතකන්"

"හරි අයියෙ මං ගැන බය වෙන්න එපා, ඔයා ටිකක් වෙලා නිදා ගන්න, මහන්සි ඇතිනෙ"

"මං ඇවිත් මැසේජ් එකක් දාන්නම්"

"අයියෙ"

"ඇයි බං"

"අදත් ඉන්න බැරිද"

"ම්ම්ම් බලමුකෝ, මං ඇවිත් කියන්නම්"

"හා"

යශ් අයියත් එක්ක කතා කරලා ඉවර උනාට පස්සෙ මල්ලි කාමරේට ඇවිත් ඇද අයිනෙන් ඉඳ ගත්ත.

"අය්යේ"

"ම්ම්ම්"

"ඔයා මට නොකිව්වට මං දන්නවා තඹර අයියා ගැන"

"මොකක්"

"හිතලා අහන් හිටියෙ නෑ, ඒ උනාට ඊයේ යශ් අයියා තරහෙන් තඹර අයියට බනිද්දි මට ඇහුනා.අපරාදෙ මං එදා ඔයාව දාලා ගෙට ගියේ. කව්ද දන්නෙ අයියා කෙනෙක් වගේ හිටපු කෙනා එහෙම දෙයක් කරයි කියල "

"මේ දේවල් උඹේ හිතට බර වැඩි මල්ලි. මොනව උනත් උබ දැන් හැමදේම දැන ගත්තනෙ, ඒ නිසා දෙන්නම පරිස්සමින් ඉමු"

"ම්ම්ම්, තඹර අයියා ගිහින් නෑ. මං දැක්ක මිදුලට වෙලා මේ පැත්ත බලන් ඉන්නවා. ඔයා බය වෙන්න එපා අයියෙ මං ඉන්නවනේ. අනික යශ් අයියා වගේ අයියා කෙනෙක් මගේ අයියව ආරක්ෂා කරන්න ඉද්දී බය වෙන්න ඕන නෑනේ "

"උබ වගේ මල්ලි කෙනෙකුත් එද්දී කොහොමත් බය වෙන්න ඕන නෑ "

මං පොඩි එකාව ළඟට අරන් ඔළුව අත ගෑවා.

"කිසිම නෑදෑ කමක් නැතුව වැල්ලෙ අය්යලා අපිව කොච්චර ආරක්ෂා කරාද නේද අයියෙ"

ඒක ඇත්ත, වැල්ලෙ හිටිය එක එක තාලේ මිනිස්සුන්ගෙන්, අලුතෙන් ගොඩ බහින අයගෙන් අපි ආරක්ෂා උනේ අපිට වඩා දැනුම් තේරුම් තියෙන අය්යලා අපිව පරිස්සම් කරපු නිසා.උන්ගෙයි අපෙයි කිසිම නෑ කමක් වත් නැතුව. අපි ලගදී ගිය වෙලේ උනත් රුකීගෙන් මාව හංගලා තියා ගන්න තරම් උන් පරිස්සම් උනා.

තඹර අයියා වෙනදට ඉරිදා හවස් වෙද්දී යනවා. ඒත් අද ඉන්නෙ ඇයිද මන්දා. වීරයා වගේ පණ්ඩිත කමට හිටියට මගේ බොක්ක කූල් වෙලා. ආයෙත් එයාගෙ ස්පර්ශයක් වත් වදී කියල මට බයයි. මගේ වීරයා දඬු මොණරා පිටේ නැගලා මාව බේර ගන්න එනකන් බලන් ඉන්නයි දැන් තියෙන්නේ........

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️


කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                                ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

1K 78 4
අහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් ව...
42.5K 1.6K 30
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
27K 3.4K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
129K 7.1K 45
Have you ever read a story about women who kill to protect people that can't protect themselves. Well this story is about just that. Follow Galleri...