දඬු මොණරු

By yuchi91

44.7K 6K 1.5K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49
දඬු මොණරු 50
දඬු මොණරු 51

දඬු මොණරු 28

777 122 23
By yuchi91

මළ ගෙදර මිදුලෙ තිබ්බ පුටු වගේක අපි කට්ටිය ඉඳන් හිටිය.දිමුත් අයියා ඇවිත් යශ් අයියට කතා කරපු නිසා එයා නැගිටලා ගියාම ඒ පුටුවෙන් ඇවිත් ඉඳ ගත්තේ බිම් මල.

"සර්ගෙ මූණ රතු වෙලානේ, මදුරුවෙක් වත් කෑවද "

චවියටත් ඉතින් ඕන නැති දෙයක් නෑනෙ. ඒකා එහෙම අහද්දි බිම් මල තවත් රතු උනා.ඒ අස්සෙන් හිනා මල දිහාත් හොරෙන් බලනවා.අනේ හිච්චි රොයිටරේ උබ දන්න පගක් නෑ බං. ඒ උනාට මං නම් දන්නවා. මොකද ඉතින් මාවත් හරීයට මදුරුවෙක් කනවා රෑට රෑට.......

"රස්නෙ නිසා වෙන්න ඇති කොල්ලො"

අනේ හා ඉතින් අපි රැවටෙන්නම්, නැත්නම් මේ මල් දෙක පව්නෙ.චවියා හොඳ රොයිටරයක් කියල බිම් මලටත් දැනුණු නිසා වෙන්න ඇති එතනින් නැගිටලා අනූප සර් ළඟට ගිහින් ඉඳ ගත්ත. ටිකකින් යශ් අයියත් ඇවිත් ආයෙත් මං ලඟ ඉඳ ගත්ත.

"දැම්ම ගෙදර යන්න ඕනද, තව ටිකකින් ගිහින් ඇරලන්නම්"

"හා"

සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි මම ෆෝන් එක අතට ගත්ත. මගේ ෆෝන් එකට එන කෝල් ගැන මටත් වඩා උනන්දු මගේ මනුස්සයනෙ.

"කව්ද"

"තඹර අයියා"

"ඇයි බං ඌ ඔච්චරටම උඹේ පස්සෙන් එන්නෙ ආ...."

"අනේ අයියෙ ඒකට ඉතින් මං මොනව කරන්නද"

යශ් අයියගෙ ඇස් දෙකත් රතු වෙලා. එයා මට කෝල් ගත්ත කියල මං මොනව කරන්නද දෙයියනේ.

"අපිව හොයනවද දන්නෙ නෑ අයියෙ"

"හරි කතා කරල කියපන් දුවිකලගේ ගෙදර ඉන්නෙ කියල"

මං ෆෝන් එකත් අරන් නැගිටලා එළියට ගියා. මේ හරියේ සද්දෙත් වැඩි.

"හලෝ"

"කොහෙද මනුස්සයෝ ඉන්නෙ, රෑ තිස්සෙ ඇවිදින්නේ පිස්සු හැදිලද දෙන්නට"

"අයියෙ අපි මේ චවීලගේ ගෙදර ආවා. දැන් එන්න හදන්නේ, දුවික අයියා අපිව ගෙනත් දාන්නම් කිව්ව"

"හරි කීයට හරි එනවකෝ"

ඒ යකා ෆෝන් එක කට් කරද්දි අනිත් යකාත් මං ඉන්න තැනට ආවා, යක්කු දෙන්නෙක්ට අහිංසක මාව මැදි වෙලා.....

"තඹරව ඕනවට වඩා ලං කරගෙන ආයෙත් මගෙ යකා අවුස්සගන්න එපා නේත්‍ර හරිද"

යශ් අයියා මගේ අතක් තදින් අල්ලන් කියද්දි මං වේදනාව ඉවසන් හිටිය. මේ වෙලාවේ එයාට මුකුත් පැහැදිලි කරන්න බෑ. පස්සෙ හෙමිහිට තේරුම් කරලා දෙන්න ඕන.

ටිකක් වෙලා ඉඳගෙන හිටපු අපි ආයෙත් බයික් වල නැගලා එන්න ආවා. මේ පාර නම් මල් ජෝඩුව කොහෙවත් නොයා අපිත් එක්කම ආවා. යනකොට හෙමින් ගියත් එද්දී නම් යශ් අයිය වේගෙන් ආවේ තරහෙන් ඉන්න නිසාමද මන්දා, මගේ බයත් එයාට අමතක වෙලා.හසා පිටි පස්සෙන් ඉඳගෙන එක අතකින් මාව අල්ලන් හිටිය නිසා බය චුට්ටක් අඩු උනත් මම යශ් අයියව බදාගෙන ඒ පිටට මූණ තද කර ගත්තා.

හසාලගේ ගෙදරින් මල්ලිවත් එක්ක ගෙන මං ආපහු ගෙදර ආවා.අපි දෙන්නා ගේට්ටුවෙන් ඇතුලට එනකම්ම බයික් තුන නවත්තගෙන හිටිය. යශ් අයියා මං එක්ක කතා කරෙත් නෑ අහක බලන් හිටියෙත්.තඹර අයියට හෙට උදේට උත්තර බදිනවා කියල හිතුවට මොකද මෙන්න මේකා අපි එද්දිත් අර සිමෙන්ති පුටුව උඩට වෙලා ඉඳන් ඉන්නව,මූණ යකෙක් වගේ කරන්. කොහොමත් ඉතින් යකානේ.

"මීනු ගිහින් නිදා ගන්න, මට අයියත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන"

තඹර අයියා කියද්දි මල්ලි නිදිමතේ වැනි වැනි ගෙට ගියා. කතා කරන දෙයක් හෙට කතා කර ගන්න බැරිද මන්දා. මොකක්ද මෙච්චර කඩි කුලප්පුවක්.

"කොහෙද ගියේ"

"ඇයි අයියෙ මං කිව්වෙ චවිකලාගේ ගෙදර...."

"උබ මටද බොරු කියන්නේ නේත්‍ර,ආ........ චවිකලගේ ගේ තියෙන්නේ අර පැත්තෙද,කට්ටියත් එක්ක යනවත් මං බලාගෙන හිටියෙ. ඒ වගේම දැන් එනවත් මං බලන් හිටියෙ. අපිට කියන්නෙ නැතුව ඇයි මල ගෙදර ගියේ "

"අනිත් අයත් ගිය නිසා මමත් ගියා ඉතින්, වැරදි ගමනක් නෙවෙයිනෙ අයියෙ ගියේ"

"උබට ඕන ඕන විදියට එහෙම ඇවිදින්න දෙන්න බෑනෙ නේත්‍ර, අනික අර යශ් එක්ක උබට තියෙන යාළුකම මොකක්ද"

"විශේෂ දෙයක් නෑ ඉතින්,නිකන් කතා බහ කරනවා"

"ඇත්තට, මං ඒකත් හොයා ගන්නම්කො"

"මගේ ජීවිතේට ඕනවට වඩා ඇගිලි ගහන්න එපා අයියෙ. මං බබෙක් නෙවෙයිනේ. ඔයාට අයිතියක් නෑ එහෙම කරන්න"

"ඇයි මට අයිතියක් නැත්තේ, ඔය හැමෝටම වඩා අයිතියක් තියෙන්නේ මටයි යකෝ"

තඹර අයියා දත් මිටි කාගෙන හෙමින් කතා කරන ගමන් මාව එයා ළඟට ඇදලා අරන් තුරුල් කර ගත්ත. මං එයාගෙන් ඈත් වෙන්න දගලද්දි එයා කරේ මාව තවත් තදින් බදා ගත්ත එක.

"මගේ අයිතිය පෙන්නන්නද"

කණ ළඟට පාත් වෙලා එහෙම කියාගෙන එයා මගේ මූණ ඉබින්න ගත්තා.එයාට මාව මොන විදියට දැනුනත් මට එයාව දැනුනේ සහෝදරයෙක් විදියට විතරයි.මං ගොඩක් සතුටු උනා මං ගැන හොයල බලන්න ලොකු අයිය කෙනෙක් ඉන්නවා නේද කියලා.එහෙව් එයාම මට මෙහෙම කරද්දි පපුව කඩාගෙන යන තරම් දුකයි. අනික එයා මේ කරන්නේ බලහත්කාරකමක්, ඒ නිසාම දැනෙන අපහසුතාවය,බය එක්කම මට යශ් අයියව මතක් උනා. මාව ඉබින්න අයිතිය තියෙන්නේ එයාට විතරයි.....

දුක,බය,තරහ, අසරණකම මේ හැම දෙයක්ම එකතු වෙලා මට ඉකි ගැහෙද්දි මං කරේ පුළුවන් තරම් හයියෙන් තඹර අයියව තල්ලු කරපු එක.මගේ ඇඩිල්ල නිසාම එයත් මාව අතෑරලා තිබ්බ නිසා මට එයාව තල්ලු කරල දාන්න ලේසි උනා. එයාව තල්ලු කරපු ගමන්ම මං කරේ ගෙට දුවල ගිහින් දොර වහ ගත්ත එක. පපුවත් හිර වෙනවා වගේ. මං එහෙමම පපුවත් අල්ලන් ගිහින් ඇදේ ඉඳ ගත්ත.

මට හරියකට අඩා ගන්න වත් බෑ.ඇයි මාවම මෙහෙම අසරණ කරන්නේ.තනි වෙලා කියන හැඟීම හොදින්ම දැනිච්ච වෙලාවක ලොකු අයිය කෙනෙක් වගේ මට තඹර අයියව දැනුනේ.අපිට අයියා කෙනෙක්ගේ රැකවරණයක් ලැබුණ කියල සතුටු වෙච්ච හිතින්ම අද ඒ මනුස්සයා ගැන බයක් දැනෙනවා.

ෆෝන් එකත් අතට ගත්ත මං කුස්සියට ගිහින් පොඩි බංකුවෙන් ඉඳ ගෙන යශ් අයියට කෝල් එකක් ගත්තා. කාමරේ ඉඳන් කතා කරා නම් මල්ලිට ඇහෙන්න පුළුවන්.ඌ මේ ප්‍රශ්න ගැන දැන ගන්න ඕන නෑ.

"උබට මාවත් මතක් උනාද, දැන් ඉතින් මස්සිනාල ඉන්නවනේ"

කෝල් එක ආන්ස්වර් කරපු ගමන්ම යශ් අයියා කියවන් ගියේ මටවත් කතා කරන්න නොදී.

"අනේ අය්යේ"

"මොකද නේත්‍ර, ඇයි උබ අඬන්නේ"

"අනේ අයියෙ දැන් එන්නකෝ, අනේ අයියෙ කොහොම හරි එන්නකෝ, මට දැන් ඔයා ළඟ ඉන්න ඕන"

"දැන් ආයෙත් එන්නේ කොහොමද බං, මං මේ ගේ ලඟටම ඇවිත්"

"අනේ අයියෙ"

"ඇයි අඬන්නෙ කියපන් ඔක්කෝටම කලින්"

"ආවම කියන්නම්"

"මට බබ්බු නළව නළව ඉන්න වෙලාවක් නෑ බං, ඉක්මනට කියපන් දැන් උබ අඬන්නේ ඇයි කියල.මං තරහ උන නිසාද"

"නෑ"

"එහෙනම්"

"ඔයාට එන්න බැරිද අයියෙ"

"මේ රෑ මං ආයෙත් එන්නේ කොහොමද කියපන් නේත්‍ර"

තවත් මුකුත් නොකියා කෝල් එක කට් කරලා දාපු මං කාමරේට ඇවිත් කොට්ටෙට මූණ තද කරන් ඉකිය වාව ගත්ත.තඹර අයියත් එක්ක මං මෙහෙ දිගටම ජීවත් වෙන්නෙ කොහොමද. එයා ආයෙත් මගේ අකමැත්තෙන් මොනව හරි දෙයක් කරන්න ආවොත්. මං මේවා කාට කියන්නද.යශ් අයියා දන්නෙත් මගේ ඇගට කඩා පනින්න විතරයිනෙ. මේ වෙලාවේ මට ආරක්ෂිත හැගීමක් දැනෙන එකම මනුස්සයගෙ  අවශ්‍යතාව හොදින්ම දැනෙද්දී එයත් මං ලඟ නැති වෙද්දි මට දැනෙන දුක, අසරණ හැඟීම කියා ගන්න බෑ.

යශ් අයියා මට එක දිගට කෝල් ගත්තත් මං ෆෝන් එක සයිලන්ට් දාලා පැත්තකට කරා. කාමරේ මේසෙ උඩ තිබ්බ අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ එක ළඟට අරන් තුරුල් කර ගත්ත.

"අනේ අම්මේ,අනේ තාත්තේ...මට ගොඩක් බයයි. ඔය දෙන්නට වත් මගේ ලඟට එන්න බැරිද"

ෆොටෝ එකත් තුරුල් කරන් මං පුළුවන් තරම් රහසින් ඉකි ගගහා ඇඩුව. මල්ලිට ලේසියෙන් ඇහැරෙන්නෙ නෑ. ඒ උනත් මට බයයි ඌත් ඇහැරලා මේවා දැන ගත්තම ඒ පොඩි හිතටත් සැනසීමක් නෑ.

විනාඩි විස්සකට විතර පස්සෙ ආයිත් ෆෝන් එක අරන් බලද්දි මිස් කෝල්ස්, මැසේජස් පිරිලා. ඔක්කොම යශ් අයියගෙන්.

"නේත්‍ර මං ඇවිත් ඉන්නේ එළියට එනවා"

එයා අන්තිමට එවලා තියෙන මැසේජ් එක. හිතට සැනසීමක් දැනෙද්දී මං ඉක්මනට කුස්සිය පැත්තෙන් දොර ඇරන් එළියට ඇවිත් ලී බංකුව ළඟට දුවල ගියා. ඒ වෙද්දිත් එයා එතන ඉඳන් ඉන්නවා.

මං දුවගෙනම ගිහින් ඒ උකුළට පැනලා බෙල්ල වටේ අත් දාගෙන බෙල්ලෙන් මූණ හංග ගත්තා. දැන් මං ආරක්ෂිතයි කියල දැනෙනවා. හිතේ තිබ්බ බය නැති වෙලාම ගියා. ඒ බෙල්ලට මූණ තද කරන්ම මං ලොකු හුස්මක් ගත්ත. ඒත් යශ් අයියගෙන් කිසිම කතාවක් නැති වෙද්දි ආයෙත් හිත රිදුනා. මං අඩපු එක වත් එයාට ප්‍රශ්නයක් නෙවෙයිද.

මගේ හිතට සැනසීමක් ඇත්තෙම නෑ, බලාපොරොත්තු උන සැනසිලිදායක වචන මුකුත්ම නැති කොට මං ඉක්මනින්ම යශ් අයියගෙන් ඈත් වෙලා බංකුවේ පැත්තකින් ඉඳ ගත්ත. මට ඉන්නෙ මංම විතරක් කියල හිතෙද්දි මට ආයෙත් ඉකි ගැහෙන්න එද්දී මං කරේ අත් දෙකෙන්ම කට වහ ගත්ත එක.

"නේත්‍ර, දැන් ඇයි කියපන් මේ අඬන්නේ. මං තරහ උන නිසාද... ම්ම්ම්ම්....."

මං ඔළුව දෙපැත්තට වනල නෑ කිව්ව.

"එහෙනම්"

යශ් අයියා මගේ ලඟටම ඇවිත් මාව පපුවට තුරුල් කරන් ඔළුව අත ගාන්න ගත්තා. වෙච්ච දේ හංගන්න බෑ. ඒ නිසා ඕන දෙයක් වෙද්දෙන් කියල මට සරණක් වෙන්න පුළුවන් කියලා හිතෙන එකම මනුස්සයට මං ඒ කතාව කියල දැම්මෙ එයා තරහෙන් පුපුරද්දි.......

"මාර #ත්තෙක්නෙ යකෝ මූ,මං අද ඔය #ස බල්ලව ඉවරයක් කරල දානවා"

"අනේ අයියේ කලබලයක් කරන්න එපා මට බයයි, සීයලා අපේ ගැනත් දැන ගත්තොත්"

"එහෙමයි කියල මට පාඩුවේ ඉන්න පුළුවන්ද යකෝ. මට අයිති දේවල් වලට වෙන උන් අයිතිවාසිකම් කියන්න එද්දී මට #න්නයෙක් වගේ බලන් ඉන්නද කියන්නේ. මං උබව මලක් වගේ පරිස්සම් කරනවා කියලා උබත් හොඳටම දන්නවා නේත්‍ර. එහෙම නැත්නම් උබට ඕනම දෙයක් කරන්න මට ඕන තරම් අවස්ථාව තිබ්බ කියල උබත් හොඳටම දන්නවා"

"මං දන්නවා අයියෙ. ඒ නිසයි තඹර අයියව තල්ලු කරල දාලා ගෙට දුවගෙන ආවේ"

"ෂිට්..ඕකව මේ දැන් අහු උනොත් මරාගෙන මැරෙනව මං"

"මට දුකයි අය්යේ. මං තඹර අයියා දිහා බැලුවේ මගේම සහෝදරයෙක් වගේ. මං සතුටු උනා මටත් ලොකු අයියා කෙනෙක් ඉන්නවා නේද කියලා "

" උබේ හිතේ සහෝදරකම තිබ්බට උගේ හිතේ නෑනෙ මැණික. ඌ උබ දිහා බලන බැල්මෙන්ම ඕක තේරුණ නිසයි ඕකගෙන් ඈත් වෙලා ඉඳපන් කිව්වෙ"

"දැන් මං මොකද කරන්නේ අයියෙ.මට බයයි.මං කාට කියල කියන්නද අයියෙ.ඒ නිසයි ඔයාට කතා කරෙත්.මට මේ වෙලාවේ ඔයා ළඟ ඉඳන් මගේ හිත සනස ගන්න ඕන උනා.හිතේ බය නැති කරගෙන මට ආරක්ෂාවක් දෙන මේ පපුවේ හැංගෙන්න ඕන උනා. ඒ නිසයි මේ රෑ උනත් ඔයාට එන්න කිව්වෙ"

"හරි හරි දැන් අඬන්න එපා මැණික. මං ආවනෙ.මං දැන් ළඟ ඉන්නවනේ.මං උබට අතක් තියන්න එකෙක්ට වත් දෙන්නෙ නෑ මැණික. උබ මගේ පණනෙ, තරහ වෙලා හිටියෙ ඇත්තටම නෙවෙයි උබව පොඩ්ඩක් බය කරල අරූගෙන් ඈත් කරන්න. එන්නේ නෑ කියල කිව්වට උබ හිතුවද බං මං ඇත්තටම නෑවිත් ඉදී කියල. උබ ඔහොම අඩද්දි මං මොන ලෝකෙ හිටියත් එනව බං"

යශ් අයියගේ වචන මැද්දේ ඒ පපුවට තුරුල් වෙලා,ඒ උණුසුම විඳින ගමන් මං මගේ හිත සැහැල්ලු කර ගත්තා.

"අර බල්/ල ගැන මතක් වෙද්දිත් මට යකා නගිනවා බං. ඌට මොන හයියක්ද මගේ මැණිකගෙ ඇගට අත තියන්න"

"මං දැන් මොකද කරන්නෙ අයියෙ"

"ආයේ ඌට මුකුත් කරන්න මං ඉඩ තියන්නේ නෑ බං,බය නොවී ඉදින්.අද මං උඹේ ලඟ ඉන්නද මැණික, කමක් නැද්ද"

"ඔය ඇත්තමද අයියෙ"

"ඔව් බං ඔව්, මගේ පපුව අස්සේ ඉඳන් ආරක්ෂාවක් හොයද්දි කොහොමද කියපන්කො දාල යන්නෙ.අනික ගියත් මට සැනසීමේ ඉන්න පුළුවන්ද "

මගේ නළලට හාද්දක් තියලා ඉවර වෙලා එයා ෆෝන් එකත් අරන් නැගිට්ට.

"මැණික අම්මට කෝල් කරල කියන්න ඕන අද ගෙදර එන්නෙ නෑ කියල. අරුන් දෙන්නටත් කියන්න ඕන ඇවිත් මගේ බයික් එක අරන් යන්න කියල"

යශ් අයියා ටිකක් එහාට ගිහින් එයාගෙ අම්මටයි, දුවී අය්යලාටයි කෝල් කරලා ඉවර වෙලා ආයෙත් මං ළඟට ආවා.

"අද පිවිතුරුත් දුවීලගෙ ගෙදර නිසා දෙන්නත් එක්ක ඇවිත් බයික් එක අරන් යයි. ඌත් ගෙදරින් රණ්ඩු වෙලා ආයෙත් ඔය ඇවිත් තියෙන්නේ. උගේ කුඩම්මා අදුරන කෙල්ලෙක්ව උගේ කරේ ගහන්න හදනවා"

"ඉතින්"

"ඌ ඒකට රණ්ඩු වෙලා ආවේ. ඌට තවත් උබලගේ සර් එක්ක යාලුවෙක් වගේ ඉන්න බැරිලු. මං හිතන්නේ අද දෙන්නත් එක්ක ඒ ප්‍රශ්නෙ විසඳ ගෙන වගේ. හෙට ඕකා විස්තර කියයි "

"ම්ම්ම්"

"ගෙට යමුද එහෙනම් "

"හා "

"මැණික මට වොෂ් එකක් දාගන්න ඕන. සරමක් නැද්ද උබ ලඟ මට අදින්න"

"තියෙනවා දෙන්නම්"

මං මගේ ටවල් එකත් එක්ක යශ් අයියට සරමකුත් දීලා එයා වොෂ් කරන් එනකම් කුස්සියට වෙලා ඉදගෙන හිටිය,එයා මේ මහ රෑත් නාලා.කොණ්ඩෙ වතුර බේර බේර ශර්ට් එකක් වත් නැතුව සරම විතරක් ඇදගෙන ගෙට එද්දී මං බලාගෙන හිටියෙ වශී වෙලා වගේ. මමනේ ඉතින් මේ මනුස්සයගෙ අයිතිකාරයා.ආඩම්බරයක් හිතට දැනුන.මමත් ගිහින් මූණ අත පය හෝදන් ඇවිත් මල ගෙදර ඇන්ද ඇදුම් මාරු කරලා ෂෝටකට ටී ශර්ට් එකක් ඇදන් සාලෙට ගියා.යශ් අයියා පුටුවක ඉඳගෙන ෆෝන් එකට කොටනවා. දැන් නම් කොණ්ඩ කුරුල්ලා නෙවෙයි මේකා කොට්ටෝරුවා........

"නිදා ගමුද බං මහන්සි"

"හා"

අපි දෙන්නම කාමරේට ඇවිත් ලයිට් ඕෆ් කරලා ඇදට ආවා. යශ් අයියා ලඟ ගෙවෙන පළවෙනි රෑ. හිතට අමුතු කිතියත් දැනෙනවා.

"අය්යේ එක කොට්ටයයි, එක බෙඩ් ෂිට් එකයි නෙ තියෙන්නෙ"

"අපි දෙන්නට ඔය ඇති බං"

එයා ඇදට ගිහින් කොට්ටෙට ඔළුව තියාගෙන මට එයාගෙ පපුව උඩට අඩ ගැහුවා. මේ තියෙන්නේ දැන් මට ෂෝක් කොට්ටයක්.

"මැණික"

"ම්ම්ම්"

"අපි ටී ශර්ට් එක ගලවමුද "

එයා එහෙම කියද්දි මං ටී ශර්ට් එක ගලවලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ එයාගේ පපුවට තුරුල් වෙද්දි එයා බෙඩ් ෂිට් එක අරන් අපි දෙන්නවම වැහෙන්න දා ගත්ත. අපි දෙන්නගෙම නිරුවත් උඩු කය එකිනෙක තෙරපිලා තියෙද්දී ඒ මැදින් කිසිම බාධකයක් නැති නිසා උණුසුම ඕනවටත් වඩා දැනුනා.

"උබ දන්නවද මැණික මං මෙහෙම හිටියට ඉවසන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන්. ඒ මට උබව වටින නිසා. එහෙව් එකේ අරූ උබට කරදරයක් කරන්න ආවා කිව්වම මට ඉවස ගන්න බෑ බං. මට උබව කිස් කරන්න ඕන උනත් මං ඒකත් ඉවසන් ඉන්නෙ උබ ඉන්නෙ හිත බය වෙලා නිසා. අරූ කිස් කරන්න එද්දී දැනුනු බය තාමත් ඔය හිතේ ඇති. ඉතින් දැන් මං කිස් කරත් උබ බය වෙයි මැණික "

"එහෙම නෑ අය්යේ. මේ ඔයානෙ මං බය නෑ "

"මගේ චණ්ඩි ඇටි කිච්චා. ආයෙත් කවුරු හරි මොනවට හරි ආවොත් අතට අහු වෙන එකෙන් දීලා දාපන් මැණික "

"ම්ම්ම්"

"දැන් නිදාගමු,අපි හෙට මේ ගැන කතා කරමු. ඒ නිසා දැන් මුකුත් නොහිතා නිදා ගන්න, මං ලඟ ඉන්නවනේ හොඳද"

"ම්ම්ම්"

යශ් අයියා මගේ නළල ඉබලා මාව ඒ පපුවට තුරුල් කර ගත්ත. එයා විතරක් නෙවෙයි මේ වෙලාවේ මමත් ඉන්නෙ ඉවසීමේ අඩියේ.මගේ නිරුවත් පපුව යශ් අයියගෙ නිරුවත් පපුවට තද වෙද්දි කවදාවත් නොදැනුන අමුතු හැඟීම් ගොඩක් එක්ක මං ලොකු අරගලයක් කරා. එයා රකින සීලේ බිඳින්න බැරි නිසාම මං ඒ පපුවට තුරුල් වෙලා නිදා ගත්තා.


_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන, වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                                ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

40.9K 6.1K 37
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ
29.5K 4.3K 14
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
5.4K 767 16
" උබ කියන්නෙ පාර කොනක තියෙන මඩ පාරක් වැදිච්ච මලක වුනත් ලස්සනක් හොයන් ලියන්න පුලුවන් කෙනෙක්.. ලිලැක් පාටට හුරු අහසක කෝපි පාට කුඩයක් ඉහලන් ලැවැන්ඩර් මල...
14.6K 3.1K 23
Dark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්‍රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා...