" ටිකක් හෙලවෙන්නැතුව ඉන්න පුලුවන්ද...."
නළල පසාරු කරගෙන ගිහින් තිබුණු තුවාලෙ වේදනාවවත් නොතකා තමන්ගෙම ලෝකෙක අතරමං වෙලා උන්නු ඔහුට මං කිව්වත් ඔහු ඒකටවත් පිළිතුරක් දෙන්න මහන්සි වුනේ නෑ....
.
.
.
.
.
.
.
.
.
.
.
ඔහුට තිබුනේ කළුවටත් වඩා කළු මරියානාවටත් වඩා ගැබුරු ඇස් දෙකක්.... ඔව් ඒ ඇස් වලට පුලුවන් මනුස්සයෙක්ව ගිලගන්න.... හරියටම කිව්වොත් ඒ ඇස් කියන්නෙම තනිකරම කළු කුහරයක්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පළවෙනි වතාවට ඔහුගෙ ඇස් කියවපු මං දැක්කා... හරි අමුතුම වේදනාවක්... වේදනාවට අර්ථකථන දෙන කදුළු කතාවක්.... ඉතින් මටත් හිතුනා ඒ ඇස් අස්සෙ ගිලිලා ඔහුගෙ කදුළු කතාවේ රහ බලන්න....
ඉදින් මේ ඇරඹෙන්නෙ......
ඔහුගෙත් මගෙත් කදුළක් නොවී කදුළක් වූ අස්ථාවර පෙම් කවියේ සොදුරුතම පද ගෙත්තමයි....
________________________________
ඉදින්....
ඔවුනොවුන්ගෙ කළු සුදු ජීවිතවල පාට තවරාගන්නට වෙර දරනා ආදරණීය හදවත් දෙකක ප්‍රේමයට කව් පද ගොතන්නට ආදරණීය පාඨක ඔබට ආරාධනා...
Aster_lilium