දඬු මොණරු

By yuchi91

41.6K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 27

808 104 43
By yuchi91

මළ ගෙයක් කියන්නෙම ඇඩුම්,වැලපුම් වලින් පිරුණු,බිමට නැමුණු දුක්බර මූණු වලින් පිරුණු තැනක්.තවමත් මිනිය ගෙනත් නැතත් දමිත් අයියලාගේ ගෙදරත් විලාප වලින් නම් අඩුවක් නෑ. දමිත් අයියා කියන්නේ ළමයි හය දෙනෙක්ම ඉන්න පවුලේ බඩ පිස්ස. ලොකුම අක්ක බැදලා ඉන්නෙ අල්ලපු ගමට නිසා එයත් මේ වෙද්දී ගෙදරට ඇවිත් විලාප තියන ගමන් හිටියෙ. කොහොමත් පවුලක වැඩිමලාට පවුලේ බාලයා කියන්නේ දරුවෙක් වගේනෙ.පවුලේ දෙවෙනි අයියා තමයි ආර්මි එකේ ඉදල නැති වෙලා තියෙන්නේ. තුන් වෙනියත් අක්ක කෙනෙක්ලු, එයා බැඳල ඉන්නෙ දුරක නිසා හෙට එයිලු. ඊලඟ අය්යලා දෙන්නාගෙන් ලොකු එක්කෙනා ඉස්පිරිතාලෙට ගිහින්.අනිත් අයියා ආර්මි එකේ ඉදල නිවාඩු ඇවිත් ගිහින් තියෙන්නෙත් ඊයේ පෙරේදලු. එයා තමයි යශ් අයියගෙ යාළුවා.

මළ ගෙදරට ඇවිත් හිටිය මිනිස්සු ඔහේ ඉදගෙන විස්තර කතා කරද්දි තමයි මමත් ඒ පවුලේ විස්තර දැන ගත්තේ.

"මේ තුන් දෙනාව ගෙදරට දාලා අපි ආයෙත් එමුද බං. හැබැයි අද නම් මිනිය ගේන්න වෙන එකක් නෑ, හෙට වත් වෙයි"

දුවික අයියා අපිව පෙන්නලා යශ් අයියට කියද්දි එයා ඉඳන් හිටිය තැනින් නැගිට්ට.

"දැන් කරන්න වැඩක් නෑනේ බං, හෙට උදේට එමු, මං ගෙදර යන්න ඕන බං"

යශ් අයියා එහෙම කියාගෙන දමිත් අයියගෙ තාත්තා ළඟට ගිහින් කතා කරා. ඒ වෙලාවේ තමයි පොඩි මහත්තයා කාර් එකක ඇවිත් මිදුලෙන් බැස්සේ. පොඩි මහත්තයා කෙලින්ම ආවේ අපිට ටිකක් එහායින් හිටපු දමිත් අයියගෙ ලොකු අක්කගෙ මහත්තයා ළඟට.

"විජේ"

"පොඩි මහත්තයා"

"මං මේ ඉස්පිරිතාලේ ඉදල එන ගමන්, මං හිතන්නේ හෙට දවල් වෙයි මිනිය ගේද්දි. පොලිස් පරීක්ෂණ කෙරෙන නිසා පරක්කු වෙයි"

"එහෙමද පොඩි මහත්තයා"

"මොනව හරි උදව්වක් ඕන නම් මට කියන්න. මං මල් ශාලාවටත් සල්ලි බැදලා ආවේ"

"අනේ පොඩි මහත්තයා මේ වෙලාවේ මේ කරන උදව්ම මදිද"

"එහෙම තමයි බං ගමේ මනුස්සයෙක්ට කරදරයක් උනාම. මං යන්නම් එහෙනම්. හෙට එන්නම්කො"

"හොදමයි පොඩි මහත්තයා"

පොඩි මහත්තයා යන්න කලින් අපිව දැකලා අපි ළඟට ආවා.

"ආ මේ ඉලංදාරි දෙන්නත් ඉන්නෙ, කාත් එක්කද ආවේ, දැන් කොහොමද යන්නෙ"

"මේ අය්යලා එක්ක ආවේ පොඩි මහත්තයා, දැන් මේ එයාල එක්ක යන්න හැදුවෙ"

හසා එහෙම කියද්දි පොඩි මහත්තයා හැරුණේ මං ඉන්න පැත්තට.

"පරිස්සමින් යන්න එහෙනම්, රෑ තිස්සෙ ගමන් බිමන් හොඳ නෑ.දැන් ළමයො මල්ලිව තනියම ගෙදර තියලද ආවේ"

"නෑ පොඩි මහත්තයා මනෝරි නැන්දලගේ ගෙදර"

"එහෙනම් කමක් නෑ. කට්ටියම පරිස්සමින් ගෙවල් වලට යන්න එහෙනම්"

පොඩි මහත්තයා අන්තිම ටික කිව්වෙ යශ් අයියල දිහාත් බලාගෙන. දුවික අයියයි, පිවිතුරු අයියයි පොඩි මහත්තයා එක්ක හිනා වෙද්දි, තමන්ගේ තාත්තාව වත් ගණන් ගන්නෙ නැති මගේ එකා ෆෝන් එකට ඇස් දෙක ඔබන් පාඩුවේ හිටිය.

බයික් තුනම හසාගෙ ගේ ලඟ නැවැත්තුවා. මං හසා එක්කම ගෙදරට ගිහින් මල්ලිව එක්කන් ආවා. ඒ එද්දිත් බයික් තුන එතනමයි.

"ඉක්මනට යන්න මං මෙතනට වෙලා බලා ඉන්නම්"

"හරි අය්යේ, පරිස්සමින් යන්න. ගිහින් මට මැසේජ් එකක් දාන්න"

මං මල්ලිවත් අතින් අල්ලන් ගෙදර ආවා. ඒකා හිටගෙන බුදි.මල්ලි මනෝරි නැන්දලගේ ගෙදරින් බත් කාලා. සෝම නැන්දා ගෙනත් තිබ්බ බත් පිඟන් දෙක එහෙම්මයි.මල්ලිව ඇදට යවලා මං සාලෙට ඇවිත් පුටුවක ඉඳ ගත්ත.

දමිත් අයියගෙ අම්ම,තාත්ත, අක්ක අඩපු හැටි මට මැවිලා පේනවා.එදා සදීර අයියගේ ගෙදරත් මේ වගේම තමයි. එදා නම් මං හිටියෙ මෙළෝ සිහියක් නැතිව. මට අඩා ගන්න වත් සිහියක් නෑ. ඇස් දෙකට පෙනුනු දේ විශ්වාස කරන්න බැරුව මං බලන් හිටියා සදීර අයියා හිනා වෙවී ඇවිත් මං එක්ක කතා කරනකම්.

දමිත් අයියට තිබුණ දාලා ගිය උන් ගැන නොහිතා අර අහිංසක අම්ම තාත්ත ගැන වත් හිතන්න.එයා මැරුණ කියල එයාට මානවී අක්කව ලැබෙන්නේ නෑනෙ.ටික කාලයක් ඉවසන් හිටිය නම් හිතේ තියෙන දුක අඩු වෙන්න තිබ්බා.අන්න එදාට හිතෙයි මං ජීවත් වෙන්න තීරණේ කරපු එක කොච්චර හොඳයිද කියල.

විනාඩි පහලොවක් විතර මං එහෙමම ඉඳන් හිටිය. දැන් නම් යශ් අයියට ගෙදර යන්න හොඳටම වෙලා.ඒත් තාම මැසේජ් එකක් නෑ. ඒ නිසාම මං මැසේජ් එකක් දැම්ම. යන්තම් බඩගින්නක් දැනෙනවා. ඒත් යශ් අයියා පරිස්සමින් ගෙදර ගියාද නැද්ද කියලා දන්නෙ නැති නිසා කන්න හිතක් නෑ.

මැසේජ් එක දාලා ටිකකින් කෝල් එකක් ගත්තාම රින්ග්ස් යද්දි ඒක කට් උනා. ඒත් අනිත් අතට ආයෙත් මට කෝල් එකක් ආවා.

"ඔයා ගෙදර ගියාද අයියෙ"

"ඔව් බං, දැන් මේ අම්ම එක්ක කතා කරලා කාමරේට ආවේ"

"මං බලන් හිටියා ගෙදර ගිහින් මැසේජ් එකක් දානකන්"

"අනේ සොරි මැණික,ඒක අමතක උනා බං. මගේ හිතට හරි නෑ කියල දන්නවනෙ"

"හරි අයියෙ කමක් නෑ දැන් ඉතින් පරිස්සමට ගෙදරට ගියානේ....ඔයා කෑවද"

"කොහෙ කන්නද බං, දැන් මේ වොෂ් කරන් ඇවිත් කන්න ඕන. උබ කෑව නේද"

"තාම නෑ"

"තාම නෑ කියන්නේ දැන් වෙලාව කීයද බලපන්. දැන් වත් කාපන් ඇටි කිච්චො. නොකා එහෙම නිදා ගන්න බෑ හරිද"

"හා හා...ඔයා ගෙදර ගියා කියනකම් බලන් හිටියෙ කන්න,දැන් කන්නම් ඉතින්. ඔයත් කන්න හොඳද"

"මමත් වොෂ් දාගෙන ඇවිත් කන්නම්. මගෙ මැණික කාලා ඉවර වෙලා නිදා ගන්න. අනම් මනන් මුකුත් නොහිතා නිදා ගන්න හොඳද"

"හරි අය්යේ. ඔයත් මට කිව්ව වගේම කාලා ඉවර වෙලා අනම් මනන් නොහිතා නිදා ගන්න"

"අනේ හරි හරි පණ්ඩිත සීයේ"

යශ් අයියා පිටට නොපෙන්නුවට දමිත් අයියට වෙච්ච දේ නිසා අවුලෙන් ඉන්නෙ. අන්තිම දවස් ටිකේ ඈත් වෙලා හිටියට එයාලා ළඟින් ආශ්‍රය කරපු යාලුවොනෙ.

රෑ නින්දට ගියත් වෙච්ච දේවල් එක්ක නින්ද යන්නෙත් නෑ. හෙට වැඩට යන්නත් ඕන. ඒත් එක්කම මට මතක් උනේ හෙට තඹර අයියා එනව නේද කියලා. දෙයියනේ මේකා ඇවිත් අනිවාර්යෙන්ම මාව හොයන් එනවා. හෙට වැඩට ගියොත් අහු වෙනවා, ඒත් නොයා ඉන්නත් බෑ.

මේ වෙලාවේ කරන්න දෙයක් මතක් වෙන්නෙත් නැති නිසා චවියට මැසේජ් එකක් දැම්ම.ඇහැරන් ඉන්නවා නම් රිප්ලයි කරයිනෙ. ඕකා ලඟ විසඳුමක් තියෙයි සමහර විට,ඒ තරම් ගේම්කාරය ඕකා..........

"කාව හරි පාවල දීලා ශේප් වෙමු බං"

"ඒ කිව්වෙ"

"අපි කියමු තුහින සර් සෙනසුරාදා උදේට නොමිලේ ක්ලාස් එකක් කරනව කියල. මං උදේට සර්ලට කියන්නම් තඹර අයියා ඇහුවොත් කියන්න කියල "

චවියා එව්ව මැසේජ් එක කියවලා මට හිනා ගියා. මුගේ මොළේ තමයි මොළේ. ඇලේ දැම්මත් මදි සුපිරි මොළ ගෙඩිය.

දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් හරි. අපි දවසම වැඩ කරන්නෙත් නෑනෙ. දෙක හමාර තුන වගේ වෙද්දි එන්න පුළුවන්.

°
°
°

උදේ වැඩට ගියාම පොල් වත්තේ ප්‍රදාන මාතෘකාව දමිත් අයියා.ඔය අස්සෙන් මානවී අක්ක ගැනත් කතා වෙනව ඇහෙනවා. දැන් මුළු ගමම දන්නවා ඒ දෙන්නා අතරෙත් සම්බන්ධයක් තිබ්බ කියල. ඉතින් දමිත් අයියට වෙච්ච දේට මිනිස්සු කෙලින්ම දොස් කියන්නෙ මානවී අක්කට.

මං හසා එක්ක පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා වැඩ කරේ. මොකද මමත් ඒ පවුලේ කෙනෙක් නිසා එයාලා කතා කරන අතරේ මට දෙන බැල්මට මට අපහසුවක් දැනුනා.

"නේත්‍ර.....උබ අවුල් ගන්න එපා.ඕවට උබට කරන්න දෙයක් නෑනෙ"

"අනේ මන්දා බං, කොච්චර ගණන් ගන්නේ නැතුව ඉන්න හිතුවත් ඒක කරන්න බෑ"

"ඔය ඔක්කොම තව දවස් දෙක තුනක් යනකම් විතරයි, ඊට පස්සේ හැමෝටම ඕක අමතකයි. කතා කරන්න අලුත් මාතෘකාවක් හොයා ගනී"

"ම්ම්ම්, අද වේලාසනින් යනව නේද බං"

"මං හිතුවේ දෙකට වගේ යන්න"

"ඒ වෙලාව හොඳයි. තඹර අයියට අහු නොවී ඉන්නත් එපැයි"

"උබ මළ ගෙදර යනවද"

"යනවනම් යශ් අයියා එක්ක යන්නම් කිව්ව"

"හවස් වෙලා යමු එහෙනම්, චවියත් යන්න ඕන කිව්ව"

අපි දෙක වෙද්දි වැඩ ඉවර කරලා එන්න ආවා. මළ ගෙදර යන මිනිස්සු ගිහින් එන මිනිස්සු ගුරු පාරට ආවා විතරයි හම්බ වෙන්න ගත්තා.

මං ගෙදර නොයා හසාගෙ ගෙදරට ඇවිත් මූණ හෝදලා උදේ එහෙන් ගෙනත් තිබ්බ ඇදුම් ඇදගෙන කිලිටි ඇදුම් එහෙ තියලා උදේ ගෙනත් තිබ්බ පොත් දෙක තුනත් අතට ගත්ත. මේවත් චවියගේ උපදෙස් තමයි. තඹර අයියට මෙච්චර වෙලා මං ඉගෙන ගත්ත කියල පෙන්නන්නත් එපැයි.

මං එද්දී හිතුවා වගේම ඒ යකා මිදුලෙ තිබ්බ සිමෙන්ති පුටුවෙ ඉඳන් ඉන්නවා. මාව දැක්ක විතරයි මූණට යන්තම් හිනාවක් ආවත් ඒ හිනාව මට දෙන්න ලෝබ කමේද මන්දා ආයෙත් නැති කර ගත්ත. ඊට පස්සේ මූණට ආවේ නපුරු පාටක්.....

"කොහෙද නේත්‍ර ගියේ"

"තුහින සර් ක්ලාස් එකක් දාලනෙ අය්යේ. නොමිලේ උගන්නන්නේ සංගීත, ඉංග්‍රීසි විෂයන් දෙකම"

"ම්ම්ම් ටියුෂන් නොයන නිසා ඔහොම වත් දෙයක් ඉගෙන ගන්න එක හොඳයි.කාලා, වොෂ් එකක් දාගෙන එනවද මං එක්ක මද්දු මාමගෙ දිහා ගිහින් එන්න.... බලපන් ඉතින් අර මෝඩ යකත් කරගෙන තියෙන දේ. ආවට පස්සෙ තමයි ඒකත් දැන ගත්තේ "

අයියෝ මේ තඹර අයියත් මං එනකම්ම හිටියනේ ඇවිදින්න යන්න, දැන් ඉතින් බෑ කියන්නයැ. ඉක්මනට වොෂ් කරන් ඇවිත් කාලා ලෑස්ති වෙලා එළියට එද්දිත් මේකා අර පුටුව උඩ.

"හරිද යමු නේද එහෙනම්"

එයා නැගිට්ටට පස්සේ අපි දෙන්නා එකටම ඇවිදන් ගියා.

"මේ යක්කුත් කර ගන්න දේවල්.ඌටත් ඉවසීමක් නෑනෙ ඉතින්,මානවී ගිය එකටත් වඩා දැන් ප්‍රශ්නෙ දමිත්ගෙ මරණෙට හේතුව එයා නිසා. ගමේ මිනිස්සු දැන් අපි දිහා පවා නුහුරට බලන්නේ නේත්‍ර"

ඒ කතාව නම් ඇත්ත.අපි යද්දි මද්දු මාමගෙ කඩේ වහල.ඒ නිසා අපි කෙලින්ම ගෙදරට ගියා.නැන්ද නම් අපිව දැක්ක ගමන් අඬන්න ගත්තා.

"ඇයි මාමේ කඩේ වහල"

"වැඩක් නෑ පුතේ උදේ ඉඳන් කිසි එකෙක් කඩේට ආවෙ නෑ, අපිට දැන් මේ ගමේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ"

"ටිකක් ඉවසලා ඉමුකො මාමේ, දවස් දෙක තුනක් යද්දි මිනිස්සුන්ට ඕක අමතක වෙයි.කෝ අනගි"

"ඔය ඉන්නෙ කාමරේට වෙලා. අනේ මන්දා පුතේ ඒකිට ඉස්කෝලෙ යන්නත් බැරිළු. මොනව කරන්නද කියල මට නම් තේරෙන්නේ නෑ "

"ලොකු නංගි ගැන ආරංචියක් නැද්ද මාමේ"

"නෑනෙ පුතේ. අනික මම දැන් ඒකි ගැන බලාපොරොත්තු අතෑරලා ඉන්නෙ. ඔහොම දරුවෝ මොකටද. අඩුපාඩුවක් නොකර හැදුවා. එකෙක් එක්ක ගියා නම් හිත හදා ගන්න තිබ්බා. දැන් අර අහිංසක කොල්ලගේ මරණෙටත් අපි වග කියන්න එපැයි පුතේ"

"ලොකු පුතේ අපි හිතුවේ ටික දවසක් අපේ ගමට ගිහින් ඉදල එන්න"

"මෙහෙ ඉන්නම බැරි නම් ටික දවසකට එහෙ ගිහින් ඉන්න නැන්දේ. මේ ප්‍රශ්න පොඩ්ඩක් අඩු උනාම එන්න එහෙනම්"

"ඒක තමයි පුතේ"

මාමලා එක්ක කතා කරලා ඉවර වෙලා අපි දෙන්නත් එක්ක එන්න ආවා. එයාලා ටික දවසකට නැන්දගෙ ගමේ ගිහින් ඉන්න එකත් හොඳයි. දැන් මිනිස්සු තරහෙන්නෙ ඉන්නෙත්.

ගෙදර ඇවිත් ඉවර වෙලා මං යශ් අයියට මැසේජ් එකක් දැම්ම.එයාගෙන් රිප්ලයි එකක් ආවා දොළ ළඟට එන්න කියලා. තඹර අයියා එයිද දන්නෙත් නෑ කියලා හිත හිතා මං මල්ලිටත් කියල දොළ ළඟට ආවා.මං යද්දි යශ් අයියා ලොකු කල්පනාවක. සුදු ශර්ට් එකකට කළු ඩෙනිමක් ඇදලා. මළ ගෙදර ගිහින්ද කොහෙද......

"අයියෙ මළ ගෙදර ගියාද"

"ම්ම්ම් ඔව් බං, උදේ ඉඳන් එහෙ ඉදල මේ ගෙදර ඇවිත් වොෂ් දාගෙන ආයෙත් යන්නෙ.හවසට උබව එක්ක යන්නම්, අර යකා කෝ"

"තඹර අයියද, දැන් මාත් එක්ක මද්දු මාමලගෙ ගෙදර ඉඳන් ආවේ"

"ඌටත් දැන් උබ නැතුව අඩියක් ඉස්සෙන්නේ නෑ වගේ නේද. ඌත් එක්ක රට වටේ ගිහින් එහෙම නම් අහු වෙන්න එපා පුතෝ මට "

"අයියෝ නෑ අනේ ඉතින් මද්දු මාමගෙ ගෙදරටනෙ ගියේ"

"අද වැඩට ගියාද, කාලා එහෙමද ඉන්නෙ"

යශ් අයියා මගේ කොණ්ඩෙ අතින් හද හද හරි ආදරෙන් අහද්දි මං ඒ මූණ දිහා බලන් උන්නා. යකා වගේ ඇගට කඩන් පැන්නත් මේ වගේ ඉඳ හිටල හරි නිවිච්ච විදියට මට ආදරෙන් කතා කරද්දි මං හරි ලෝබයි.

"ඇයි බං ඔහොම බලන් ඉන්නේ"

"නිකන්....ආදරේ හිතුන"

"මමත් මගේ පණ්ඩිත බට්ටට ආදරෙයිනෙ ඉතින්.වරෙන් චුට්ටක් තුරුල් කරන් ඉන්න.මේ දවස් ටිකේම මළ ගෙදර වැඩ නිසා උබ ලඟ ඉන්න වෙලාවක් නැති වෙයි මැණික. ඒකයි දැන් බලන්න ආවෙත්"

යශ් අයියා එහෙම කියපු ගමන්ම මං ගිහින් ඒ පපුවට තුරුල් උනා. එයා මගේ හිස්මුදුන ඉබල ලොකු හුස්මක් ගත්ත.

"අද රෑට එන්න වෙන්නෙත් නෑනෙ. හවස් වෙලා ලෑස්ති වෙලා ඉන්න, අයාල්ටත් කියන්න ලෑස්ති වෙලා ඉන්න කියල"

"ම්ම්ම්, දමිත් අයියගෙ අයියා ආවද"

"ඔව් බං දවල් ආවා. පොලිස් මැසේජ් එකක් දැම්ම ලොකු මස්සිනා ගිහින්. ඒ නිසා එවල ඉතින්"

"ම්ම්ම්"

"දිමුත් තමයි බං මට පොඩි කාලේ ඉඳන්ම හිටිය හොදම යාළුව. අපි දෙන්නම එක වයස. දමිත් අවුරුදු දෙකක් බාලයි. ඒ උනාට අපි තුන් දෙනා ඒ දවස් වල එකටම තමයි හිටියෙ.දිමුත් ආර්මි එකට ගියාට පස්සෙත් දමිත් මං එක්කමයි හිටියේ. ඒ උනාට පස්සෙ පස්සෙ ඌට අර අනිත් යාළුවෝ ටික සෙට් උනාම ඌ වෙනස් උනා. කතා බහ කරලා එකට හිටියට ඌ ඇහුවෙ අර අනිත් උන් කියන දේ විතරයි......

පස්සෙ ඉතින් මටත් පිවිතුරුයි, දුවිකයි සෙට් උනා. දිමුත් නිවාඩු එන හැම සැරේම අරූට කිව්ව ඔය අනිත් යාළුවෝ කියන දේවල් ඔළුවට ගන්න එපා කියලා. කෝ ඉතින් ඇහුවද නෑනෙ...... උබ දන්නවද නේත්‍ර ඌ මානවී එක්ක යාලු වෙලා තියෙන්නෙත් ඔට්ටුවක් නිසා"

"මොකක්.....ඒ කිව්වෙ"

"අර උගේ වටේ හිටිය හැතිකරේ ඌට චැලෙන්ජ් කරලා මානවීව යාළු කර ගෙන පෙන්නපන් කියල. පස්සෙන් උන් ඔට්ටු පවා අල්ලලා ඕකට. ඒත් හැබැයි ඌ ලව් එක ඇත්තටම කරල තියෙන්නේ, ඔය යාළුවෝ ටිකට මළ ගෙදර පැත්ත පළාතක වත් එන්න දුන්නෙ නෑ දිමුත්ලා"

වලට ඇදල දාන පාප මිත්‍රයෝ මැරුණට පස්සෙ මොකටද ඉතින්.

"මටත් ඌව අතාරින්නෙ නැතුව ඉන්න තිබ්බෙ බං "

"අනේ අය්යේ"

"ඇඩුවෙ නැති උනාට මට දුකයි මැණික, මං මේ උබ ළඟට වෙලා ඉන්නෙත් හිතට පොඩි සැනසීමක් දැනෙන නිසා"

"මට තේරෙනවා අයියෙ ඔයාගෙ දුක.මගේ ළඟින්ම හිටිය කෙනෙක් මගේ ඇස් ඉස්සරහම බයික් එක හැප්පිලා මැරුණම මටත් ඔය දුක දැනුනා"

"ම්ම්ම්, හොදම යාලුවෙක්ද"

"ඔව් අපි පොඩි කාලෙ ඉඳන්ම එකට හැදුනේ, මං ඔයාට ඒ කතාව පස්සෙ වෙලාවක කියන්නම්"

"කතාව..... ඒ කියන්නෙ එතන කියන්න තරම් ලොකු කතාවක් තියෙනවද"

"ම්ම්ම් "

"හරි එහෙනම් ඒ ලොකු කතාව මං පස්සෙ වෙලාවක අහ ගන්නම්කො"

කතාව නොකියත් මෙහෙම නම් කිව්ව දවසට මේකා මගේ පෙද එකින් එක ගලවයිද මන්දා.නෑනෙ ඉතින් පෙද තියෙන්නේ මට නෙවෙයිනේ එයාටනෙ.

"මැණික මම දැන් යන්නද. හවසට මං කියන්නම් එතකොට ලෑස්ති වෙලා ඉන්න. පොඩි එකාව අයාල්ලගෙ ගෙදර තියමු"

කම්මුලකුත් ඉබල යශ් අයියා එහෙම කියද්දි මං ඔළුව වනලා නැගිට්ට. එයා මාව මඟට ගෙනත් ඇරලල තමයි ආයෙත් ගියෙත්.

ගෙදර ආවට පස්සෙ චවියගෙන් Whatsapp  එකට voice message එකක් ඇවිත් තිබුනා.

"නේත්තරයෝ හය හමාර වෙද්දි අපි එනවා ලෑස්ති වෙලා ඉඳපන් මයෙ අම්මා"

පිස්සු පගයා. මූට මගේ නම කට පාඩම් කරවන්න ඕන.දැන් නම් හතර හමාරත් පහු වෙලා පහටම ලඟයි.

"මල්ලි, අපි මළ ගෙදර යනවා. අදත් සෙනාල් මල්ලිලා එක්ක ඉන්න පුළුවන් නේද"

"ඉන්න නම් පුළුවන් අයියෙ. ඒක නෙවෙයිනේ ප්‍රශ්නෙ, තඹර අයියා ඔයාට මළ ගෙදර යන්න දෙයිද, අපි දෙන්නට හොරෙන් තමයි යන්න වෙන්නේ. ඒ උනාට අද නම් එයා දැන ගන්නව අපි ගෙදර නෑ කියල"

"හැමදාම එයා කියන දේත් කරන්න බැහැනේ මල්ලි. දැන ගත්තොත් ඉතින් ඕන නම් බනී"

"හොරෙන් පැන ගන්න බලමු කෝකටත්"

තඹර අයියා අපේ ජීවිත වලට ඕනවට වඩා මැදිහත් වෙනවද මන්දා.මට එයාගෙ හැසිරීම තේරුම් ගන්න බෑ.

මං ෆෝන් එකත් අරගෙන ගිහින් ගෙයි පිටි පස්සෙ තිබ්බ ලී බංකුව උඩ ඉඳ ගත්ත. යශ් අයියා හිතේ දුකෙන් ඉද්දි මගෙත් හිත බරයි වගේ. මං ඔහේ බංකුව උඩ ඉඳන් ඉද්දී මං ළඟින් ඇවිත් ඉඳ ගත්තේ තඹර අයියා.

"මොනවද නේත්‍ර ඔච්චර කල්පනා කරන්නේ"

"මුකුත් නෑ අයියෙ මං මේ නිකන් ඉදගෙන හිටියෙ"

"මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න නේත්‍ර"

මගේ උකුල උඩ තියන් හිටපු අත අරන් එයාගේ අත් දෙකට මැදි කරන් තඹර අයියා එහෙම කියාගෙන ආයෙත් මං දිහා බැලුවා.එයාගෙ බැල්ම හරි අමුතුයි. මගේ හිතට වද දෙන දේ නම් ඇත්තක් වෙන්න එපා.....

"ගෙදර ඉන්න එපා වෙනව නේත්‍ර ආච්චි අම්මලාගෙ කියවිල්ල නිසා"

"ඇයි ඒ මොනවද කියන්නේ"

"මානවී ගැන තමයි ඉතින්. එයාලට දැන් පාරෙ බැහැලා යන්න බැරිලු.ගෙදර හැමෝම එකතු වෙලා ඔය ගැන කතාව....... එයාලා කියන දේත් ඇත්තක් නැත්තෙමත් නෑ තමයි ඉතින්.සීයට මේ ගමේ මිනිස්සු ගොඩක් ගරු කරනවා නේත්‍ර.දැන් අර මළ ගේ නිසා සීයලටත් මිනිස්සු මොනව හරි කියනව ඇති ඉතින්"

"ම්ම්ම්, දැන් මද්දු මාමල මෙහෙන් යයිද අයියෙ"

"ටික දවසකට යයි. ඒකත් හොඳයි ඉතින්"

"මේවා දැකල අනගි වත් හොඳට හැදුණොත් හොඳයි "

"ඇයි නේත්‍ර එහෙම කිව්වෙ"

"එයත් අක්ක වගේම තමයි අයියෙ. ඔයාවත් පුළුවන් නම් අවවාදයක් දීල බලන්න"

"ඒකත් එහෙමද, මං එහෙනම් එයා එක්ක කතා කරලා බලන්නම්කො"

"ම්ම්ම්"

"මීනුගෙ බුලත් පැල ටිකට මැස්සක් ගහන්න වෙයි නේද "

"ඔව් අය්යේ, හසා එහෙම එන්නම් කිව්ව උදව් කරන්න "

"ලබන සතියේ සෙනසුරාදා, ඉරිදා දා ගමු. මමත් ඉන්නවනෙ"

"හා"

තඹර අයියා තාමත් මගේ අත අල්ල ගත්ත ගමන්මයි.අත ඇදලා ගන්නත් බෑ. එයාගෙ හිතේ මං ගැන තියෙන්නේ සහෝදරකමට එහා ගිය හැගීමක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා. එයා නිකන් මට අයිතිවාසිකම් කියන්න හදනවා වගේ. මාව පාලනය කරන්න හදනවා වගේ දෙයක් මට දැනෙන්නේ. අපි ගැන හොයල බලල උදව් කරන නිසා හිත රිද්දන්නත් බෑ.



අපේ ගේ පිටි පස්සෙන් හසාලගේ ගෙදරට යන්න පොඩි අඩි පාරක් තියෙනවා. හිස් ඉඩම මැදින් ගිහින් හසාලගේ මිදුලට වැටෙන පොඩි පාර සෙනාල් මල්ලි තමයි හදාගෙන තිබ්බෙ අපේ ගෙදරට එන්න. දෙන්නත් එක්ක බුලත් පැල ගෙනත් තිබ්බෙත් ඒ පාරෙන්.

මල්ලි ඒ පාර ගැන කියල ඒකෙන් යමු කියද්දි මමත් කැමති උනේ ආච්චි අම්මලට හොරෙන් යන්න ඕන නිසා. තඹර අයියා දැක්ක නම් යන්න දෙන්නෙත් නෑ. එයාලා යටතේ ඉන්න නිසා එහෙම මූණටම දෙයක් එපා කියද්දි අපිට හිතුවක්කාර වෙන්න බැහැනේ.

හයයි කාලට විතර අපි දෙන්න හසාලගෙ ගෙදරට ආවේ. මල්ලි සෝමා නැන්දට කියල තිබ්බ පාඩම් වැඩ වගයක් කරන්න මනෝරි නැන්දලගේ ගෙදර යනවා කියල. කෑම ටික තියලා යන්න කියල යතුරත් එයාට දීල ආවේ.

බයික් එකක හෝන් එකක් ඇහෙද්දි මමයි හසයි පාරට ආවා. යශ් අයියා ඉන්නවා අපි එනකන්. ඒ ළඟින්ම දුවික අයියාගේ බයික් එකත් නැවැත්තුවා. ඒකේ තුන් දෙනයි. දුවී අයියයි, චවියයි අනූප සරුයි. චවියා මැද හිටපු නිසා ඌව නිකන් චප්ප වෙලා වගේ. හිටපු විදිය දැක්කම හිනා යනවා. හොඳ වැඩේ ඔය පගයට, මගේ නම හරියට නොකියන නිසා ඔහොම වෙලා මදි.

"නේත්‍ර නගින්න, මල්ලි උබත් පිටි පස්සෙන් නැගපන්"

යශ් අයියා අපි දෙන්නටත් එයාගෙ බයික් එකට නගින්න කියද්දි මමත් බයික් එකට නගින්න හැදුවත් මට ලොකු අඩුවක් දැනුනා.අද මල් දෙකක් පිපිලා නෑනෙ......

"කෝ තුහින සර්ල"

"එයත් මළ ගෙදර යන්න අපේ එකාගෙ බයික් එකට නැග්ගා. ඒ පොල් බූරුවා සර්වත් අරන් ඉගිල්ලුනා. කොහේ මඟුලක ගියාද මන්දා. පස්සෙ එයි මළ ගෙදරට"

"ඒ එද්දී පිවිතුරු අයියා යහතින් හිටියොත් හොදයි"

දුවික අයියා කියපු දේට මමත් උත්තර දෙද්දි තුහින සර්ගෙ හැටි මතක් වෙලා කට්ටියට හිනා ගියා.

"අපේ එකාගේ කණ ඉතුරු වෙලා තිබ්බොත් ඇති මට"

යශ් අයියා එහෙම කියාගෙන මට ඔලුවෙන් ඉගි කරා බයික් එකට නගින්න කියල. ඊට පස්සේ මගේ පිටි පස්සෙන් හසාත් බයික් එකේ ඉඳ ගත්ත......

දමිත් අයියගේ අම්මලාට අඩා ගන්න වත් සිහියක්, පණක් නෑ. දමිත් අයියව දැක්ක ගමන් මගෙත් හිත බර උනා. එයා මන් එක්ක තරහෙන් ඉන්න ඇති. ඒත් මගේ හිතේ තරහක් නෑනෙ. බයික් එකේ නැගලා ගම පුරාම එහෙ මෙහෙ ගිය කොල්ල මේ වගේ ඉන්නවා දකිද්දී පපුව පිච්චිලා යනවා.

අපි කට්ටිය එළියේ තිබ්බ පුටු වගේක ඉඳ ගත්ත. කොළු කුරුට්ටෝ පිරිලා. කැරම් බෝඩ් එකක් පැත්තක තියෙද්දී ඒ වටෙත් කට්ටිය පිරිලා. කොහොමත් මළ ගෙයක් උනාම කොල්ලො රංචු පිටින් එකතු වෙන්නේ රෑටනෙ.

අපි ඉදගෙන කතා කර කර ඉද්දී පිවිතුරු අයියගෙ බයික් එක ආවා. අපේ බිම් මල රතු වෙලාද මන්දා.අර ගගනාමිය බිම් මලව කොහේ එක්ක ගියාද මන්දා.

ඒ දෙන්නත් එක්ක ගේ ඇතුලට ගිහින් ඇවිත් අපේ ළඟින් ඉඳ ගත්ත.

"කොහෙද බල්ලෝ තෝ ගියේ"

දුවී අයියා එයාගේ ළඟින් ඉඳ ගත්ත පිවිතුරු අයියට පොඩි පාරක් ගහලා අහද්දි බිම් මල ඇවිත් මගේ ළගින් ඉඳ ගත්ත. අනේ මන්දා මූණ විතරක් නෙවෙයි තොල් දෙකත් රතු වෙලා.අපිට හොරෙන් මෙයාලා අතර මොකක් හරි ටිලින් ටිලින් එකක් වෙනවද මන්දා.....

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                               ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

49.4K 5.6K 28
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙ...
130K 7.1K 45
Have you ever read a story about women who kill to protect people that can't protect themselves. Well this story is about just that. Follow Galleri...
7.6K 401 19
A Taehyung FF (Kim Taehyung X Reader) ~ The story revolves around a God in the Underworld who fell in love with his own Ferryman. He is then punished...