දඬු මොණරු

By yuchi91

41.7K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 26

777 111 19
By yuchi91

මානවී අක්ක ඉස්කෝලෙ කැපී පෙනුනු ළමයෙක්නෙ. ඒ නිසාම හැමෝම කතා වෙන්නේ එයා ගැන. ඊයේ ඉස්කෝලෙ වෙච්ච සිද්ධියත් දැනගෙන හිටියේ කීප දෙනයි, ඒත් අද වෙද්දි ඒකත් හැමෝම දැන ගත්ත. අද අනගි ඉස්කෝලෙ ඇවිල්ලත් නෑ.

"ඇත්තටම කාත් එක්කද බං ගිහින් තියෙන්නේ. දමිත් අයියා නම් නෙවෙයි. අන්න ඌ පිස්සු නටනවා. ඕකා දැඟලුවේ ඕකට තමයි"

"ඇමති පුතා වෙන්නත් පුළුවන්, නැත්නම් ඉතින් තව කොල්ලො ඉන්න ඇතිනේ එයාට"

අද මුළු ඉස්කෝලෙම ඕක ගැන කතා වෙද්දි අපිත් ඒ ගැන කතා උනා.

ඉන්ටවල් එකේදි අපි කාලා අත හෝදන්න යද්දි මානවී අක්කගෙ යාලුවො ටික ටැප් එක ළඟ.අපිව දැක්ක විතරයි අමුතු විදියට හිනා වෙන්න ගත්ත.

"ආ නේත්‍ර, නෑනා හඳපානෙම ගිහින් නේද, මස්සිනාට බිංදුව තමයි ඉතින් දැන්"

ඒක ඇහුණු ගමන් චවියට යකා ආවේස උනා.....

"මේ නේත්‍ර උබලගෙ මාමට කියපන් පොලිසියට ගියාම දුවව ළඟින් ආශ්‍රය කරපු උන් ගැනත් කියන්න කියල, එතකොට දැන ගන්න පුළුවන් ඉන්නෙ කොහෙද, කාත් එක්කද ගියේ කියල එහෙම"

"ඒක නම් ඇත්ත බං හීමිජ්ජියෝ වගේ ඉන්නවා දැන් මුකුත් නොදන්න බබ්බු වගේ"

"ආ.... දැන් ඒකි පැනලා ගිය එකටත් අපිද පළි, බලන්නකෝ අනේ"

"ළඟින් ඉඳන් හැම බලු වැඩටම උදව් කරලා ඉවර වෙලා දැන් බොරුවට රඟපාන්න ඕන නෑනේ අක්කෙ. මොනව උනත් ළඟින් හිටපු යාළුවා නේද, දැන් එයාව විහිළුවට ගන්න එක හරි කැත වැඩක් නේද"

"මොකද මොකද ළමයි මේ සද්දෙ"

අනූප සර් එක්ක තුහින සර් කෑම කාලා අත් හෝදන්න ආවෙත් ඒ වෙලාවේ.

"බලන්නකෝ සර් මෙයාලා දැන් නේත්‍රට අනන් මනන් කියනව මානවී අක්ක ගැන කියල "

"ඈ බං කෙල්ලනේ..... එකට කාපු බීපු යාළුවා නේද කියලා ඔය ඩිංගට අමතක උනාද, ඔය ලව් වලට උදව් පදව් කරන්න ඇත්තෙත් ඔයාලා නේද, යාළුවව වළට ඇදලා දාලා වැරදුනාම හිනා වෙන එක හරි කැතයි නේද. මමත් අද උදේ ඉඳන්ම ඔය ළමයින්ගේ හැසිරීම බලන් හිටියෙ"

අනූප සර් හයේ පාරක් ගැහුවා කෙල්ලන්ගේ කටවල් වැහෙන්නම.උන් ටික හෙමින් සැරේ ලිස්සලා ගියා හොඳ වැඩේ ඕකුන්ට. යාළුවෝ කියල නෑ පණ දීගෙන හිටියට ඩිංගක් වැරදුන ගමන් හිනා වෙන්න ගන්නවා. උඩින් හොඳ මූණ පෙන්නන් හිටියට ඕකුන් බලන් ඉන්නේම වරදිනකන්.

"නේත්‍ර ඔයා ඕවා ගණන් ගන්න එපා පුතේ, මොකෝ ඔයා කිව්වෙ නෑනෙ එයාට පැනල යන්න කියල, අනික එයාට කොල්ලො හොයල දුන්නෙත් ඔයා නෙවෙයිනේ"

තුහින සර් මගේ පිටට පොඩි තට්ටුවක් දාලා එහෙම කිව්ව. කොහොමත් ඕක තව සතියක් යද්දි කට්ටියට අමතකයි.

අපි අත් හෝදන් පන්තියට යද්දි මඟදි අපේ ඉස්සරහට හිනා වෙවී ආවේ කොමස් එකේ ගෑණු ළමයෙක්. අපේ හසාට කැමති කෙල්ල.

"ආ මේක ඔය තුන් දෙනාට"

"මොනාද බං කෑමක්ද"

කෙල්ල පොඩි පාර්සල් එකක් හසාට දික් කරත් කෑමක්ද අහල ඒක කඩා ගත්තේ චවිකයා.

"අපේ ගෙදර පොඩි පාටි එකක් තිබුණා. තුන් දෙනත් එක්ක බෙදාගෙන කන්න"

කෙල්ල එහෙම කියල හසා එක්ක හිනා වෙලා යන්න ගියා.

"මොනව උනත් සුපිරි කෙල්ලෙක් බං"

ඔව් ඔව් ඉතින් බඩජාරියට කන්න මොනා හරි දුන්නොත් ඒ කෙනා සුපිරි තමයි. පන්තියට යනකම් වත් ඉන්නෙ නැතුව පාර්සලේ දිග අරිනවා.චොක්ලට් කේක් කෑලි තුනක්, මාෂ්මෙලෝ කෑලි තුනක් එක්ක පොඩි චොක්ලට් තුනක්. රට චොක්ලට් වගේ. චවිය නම් උගේ පංගුව ගත්ත ගමන් කටේ ඔබා ගත්තා. මගේ ටික මං බෑග් එකට දා ගත්තේ මල්ලිට දෙන්න. හසාත් උගේ ටික බෑග් එකට දා ගත්ත.

"නංගිට එහෙම නොදී කන්න හිතෙන්නේ නෑ බං"

ඇත්ත මටත් මල්ලිට නොදී කන්න හිතක් නෑ.ඌත් එහෙම තමයි මොනව හම්බ උනත් මගේ පංගුව උස්සන් එනවා.

"හසෝ..... මං හිතන්නේ කෙල්ල උබට කැමති.පරණ දේවල් අමතක කරලා අලුත් එකක් ගැන හිතමු බං"

"අනේ මන්දා බං, මට තියෙන ප්‍රශ්නත් එක්ක ලව් එකක් පටල ගන්න බයයි. අපේ දුප්පත් කම් වලට කෙල්ලෝ කැමති වෙයිද බං"

"හැමෝම එක වගේ නෑනෙ බං. ඔන්න ඔහේ අහල බලමු. හැබැයි ඉතින් ඉගෙන ගන්න ඒවත් කර ගනින්, නැත්නම් අන්තිමට දෙකෙන් එකක් වත් නෑ"



ඉස්කෝලෙ ඉවර වෙලා එළියට එද්දී කමියුනිකේෂන් එක ළඟ දඬු මොණරු දෙතුන් දෙනෙක් හිටිය. වෙනදට ඔයිට වඩා කට්ටිය ඉන්නව ඔතන. අද දමිත් අයියත් නෑ. ඔව් ඉතින් දැන් ඇවිත් කව්රු බලන්නද. පව් ඉතින්. දැන් කරන්න දෙයක් නෑ පෙරහැර ගිහින් ඉවරයිනෙ. එයාට වෙන අතක් බලා ගන්න තමයි තියෙන්නේ.

අර තුන් කට්ටුව දැන් දඬු මොණරු ටික ගෙදර දාලා පයින් තමයි ඉස්කෝලෙ ළඟට ගාටන්නෙ.ආදරේ නිසා කන කට්ටක්. හැබැයි ඉතින් මට නම් දුක අර දුවික අයියත් නිකරුනේ කටු කන එක ගැන. ඒකාට ලව් එකක් නැතත් යාළුවෝ දෙන්න නිසා පයින් ගාටනවා.

"නෑනණ්ඩි හොඳ වැඩක් කරල නේද"

"ඒකනෙ අයියෙ, මද්දු මාමල ඊයේ රෑ හෙව්වට හම්බ වෙලා නෑ"

"කොහේ හම්බ වෙන්නද බං අර යකා එක්කනෙ ගිහින් තියෙන්නේ"

"කව්ද"

"කවිඳු එක්ක, ඊයේ රෑ උගේ කාර් එකෙන් යනවා දෙතුන් දෙනෙක් දැකලා. දැන් ඉතින් ඌට ඇති වෙලා ගෙදර එවනකන් හොයා ගන්න වෙන්නෙ නෑ"

"මහ මෝඩ කෙල්ලෙක් අප්පා, මද්දු මාම ගැහුව කියලනෙ ඔය ගිහින් තියෙන්නේ"

"දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ බං, අර පොඩි එකීවත් ඕවා දැකලා හොඳට හැදුණොත් හොඳයි"

"දමිත් අයියා මොකද දන්නෙ නෑ නේද කරන්නේ"

"උදේ සනත් අංකල්ලගේ කඩේ ඉස්සරහට ඇවිත් කෑ ගහල. මානවීට බැන බැන ඉදල ගිහින්. ඒකෙන් හැමෝම දැන ගත්ත උන් දෙන්න යාළු වෙලා හිටිය කියල. උගේ කසාද ගෑණි නෙවෙයිනේ දාලා ගියේ ඔහොම ඇවිත් කෑ ගහන්න. ඌ වටේ ඉන්න උන් තමයි අවුස්සන්නේ"

"මොනව උනත් පව් අයියෙ"

"පව් තමයි ඉතින්, ඒත් ඌ පොඩි එකෙක් නෙවෙයිනෙ බං, ඕනවට වඩා දඟලන්න ගියානේ ඌත්"

යශ් අයියා හසාගේ ගේ ලඟට ඇවිත් නැවතිලා මං ගේට්ටුවෙන් ඇතුලට යනකම් බලන් ඉදල ගියා. මං යද්දි ආච්චි අම්මා ලොකු නැන්දත් එක්ක කුස්සිය පැත්තෙ ලොකු කතාවක්. මානවී අක්ක ගැන තමයි ඉතින්. අක්ක පැනලා ගිය එකට වගේම කුසුම් නැන්ද දුක් වෙන එකටත් එයාලට හරිම සතුටුයි. මේ මිනිස්සු ලඟ තමන්ගේ කමක් ගෑවිලා වත් නෑ. ආච්චි අම්මට ඒ තමන්ගේ මිනිපිරී කියල වත් දුකක් නෑ.අපේ අම්ම ගිය වෙලේ එයත් ඉන්න ඇත්තේ කුසුම් නැන්දා ඉන්න තත්වේ නේද කියලා මතක නෑ. හැබැයි ඉතින් ආච්චි අම්මා එදා දුක් උනාද නැද්ද කියලා කව්ද දන්නෙ. ඒ තරම් හිතක් පපුවක් නැති ගෑණියෙක්නෙ. සමහර විට අම්ම තාත්ත එක්ක පැනල යන්න ඇත්තෙත් ආච්චි අම්මයි ලොකු නැන්දයි එක්ක ඉන්න බැරි නිසා වෙන්න පුළුවන්.....

හවුස් මීට් ඉවර නිසා දැන් අපිට දිගටම වැඩ කරන්න පුළුවන්. දවස් තුන හතරකට පස්සේ අද මමයි හසයි වැඩට ගියා. මාව දැකලා සමහර අය ලඟ ඉන්න අයත් එක්ක කසු කුසු ගාන්න ගත්තා. මොකද මේ වෙද්දි මම ඉස්කෝලෙ මහත්තයාගෙ මුණුපුරා කියල කට්ටිය දැන ගෙන ඉවරයි. ඒ නිසාම මං බයෙන් ඉන්නෙ සීයලාට මං වැඩ කරන එක ආරංචි වෙයි කියල.මිනිස්සුන්ගේ බැල්මවල් මඟ ඇරලා මං පාඩුවේ වැඩ කරන්න ගත්ත. පැනලා ගියේ මාමගෙ දුව මිසක් මං නෙවෙයිනේ.....

"ලොකු සර් අයින් වෙන එකට උපහාර උත්සවයක් තියයි නේද බං, මට ඇහුනා සර්ලා මිස්ල කතා වෙනව"

"ඔව් බං ලොකු සර් අවුරුදු ගානක් ඉස්කෝලෙ හිටියනෙ, ඉස්කෝලෙ වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු මනුස්සයෙක් බං.ඊලඟට එන කෙනා කොහොම වෙයිද දන්නෙ නෑ"

මගේ මාමණ්ඩි නිසා කියනව නෙවෙයි, අපේ ලොකු සර් හරිම හොඳයි. වැරදි වලට දඩුවම් කරත් ළමයි එක්ක හරි ආදරෙන් ඉන්න මනුස්සයෙක්. ඒ නිසාම ළමයින්ට හරි දුකයි එයා අයින් වෙන එකට.

අද දවල් යශ් අයිය කිව්ව රෑට හම්බ උනාම කියන්න දෙයක් තියෙනවා කියල. දැන් ඉතින් ඒක දැන ගන්නකන් ඉවසිල්ලක් නෑ.



හතට විතර යශ් අයියගෙන් මැසේජ් එකක් ආවම මං ගියේ ගේ පිටි පස්සෙ හදල තිබ්බ බංකුව ළඟට.ටිකක් වෙලා යද්දි එයත් ඇවිත් මාවත් තුරුල් කරගෙන වාඩි උනා.

"මල්ලි කෝ"

"එයා ඉස්කෝලෙ වැඩක්"

"පොඩි එකා අපේ සම්බන්දෙ ගැන අවුල් නෑ නේද බං"

"එහෙම දෙයක් නෑ අයියෙ. ඌ පොඩි උනාට ඌට තේරෙනවා හොඳට. එහෙම පටු විදියට හිතන කොල්ලෙක් නෙවෙයි"

"ම්ම්ම්.... හෙට නිවාඩු නේද, දවසම වැඩද, උඹත් එක්ක දොළට යන්න බැරි උනා බං කාලෙකින්"

"හෙට යමු ඉතින්, මම ගොඩක් හවස් වෙනකම් ඉන්නෙ නැතුව එන්නම්"

"හා.... ඒක නෙවෙයි නේත්‍ර මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"

"ඒ මොකක්ද අයියෙ"

"මේකයි.....මට කලින් ගුරු පත්වීමක් ඇවිත් තිබුනා. ටිකක් දුර ඉස්කෝලයක් නිසා මං ගියේ නෑ. ඒක ඉතින් එහෙමම මඟ ඇරිලා ගියා. දැන් මට හිතෙනවා ඒක ගමේ ඉස්කෝලෙට හදා ගත්ත නම් හොඳයි කියලා "

"අනේ ෂෝක්නෙ අයියෙ"

"මගේ දේශපාලන හිතවත්කම් මගේ පාවිච්චියට යොදා ගන්නා මං කැමති නෑ. ඒත් උඹ නිසාම අපි හිතුවා ඒවා උදව්වට අරන් ගමේ ඉස්කෝලෙට පත්වීම ගන්න. දැන් නම් කොහොමත් උඹව දාලා දුරකට යන්න බෑ"

"කමක් නෑ අයියෙ මෙහෙට හදා ගන්නකො ඉතින්"

"ම්ම්ම්..... මං දැන් ජීවත් වෙන්නෙත් අම්මලා තාත්තලාගෙ දේවල් නිසානේ බං. මං දන්නවා උඹ ගැන දැන ගත්ත ගමන් අපේ අම්මයි තාත්තයි මේ වගේ දේකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. ඒ නිසා එදාට මට එක්කො එයාලගේ දේවල් නැති වෙයි, එහෙම නැත්නම් අතාරින්න වෙයි. එදාට මට ජීවත් වෙන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕන "

"එහෙම වෙයිද අයියෙ"

"උඹේ හිත හැදෙන්න බොරු කියන්න ඕන නෑනේ, ඇත්තටම අපිට ගොඩක් දේවල් වලට මූණ දෙන්න වෙයි. එදාට මට උබවයි මල්ලිවයි මෙහෙන් අරන් යන්න තැනක් තියෙන්න ඕන, ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕන"

යශ් අයියා එක දිගට කියවන් යද්දි මම කරේ එයාගෙ පපුවට තුරුල් වෙලා ඔහේ අහන් හිටපු එක. ඇත්තටම ඒ දවසට මූණ දෙන්න මට හයියක් තියෙයිද..........

"අයියයි, අක්කයි අපිට උදව් කරත් එයාලටත් උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා බට්ටෝ.උඹ මෙච්චර පොඩි වයසට ජීවත් වෙන්න ගන්න උත්සාහය දැක්කට පස්සෙ තමයි මටත් දුර දිග කල්පනා කරන්න හිතුනේ"

"ම්ම්ම්"

"උබල දෙන්නට කවදාවත් වරදින්නේ නෑ මැණික. මං ඉන්නකන් වරදින්න දෙන්නෙත් නෑ, ඉස්සරහට මොන ප්‍රශ්නෙ ආවත් උඹ මං එක්කම ඉන්නවා නම් මට ඕන දේකට මූණ දෙන්න පුළුවන්"

"ඔයා එක්ක ඉන්නෙ නැතුව මං කොහේ යන්නද අයියෙ"

"මං උඹට යන්න දෙන්නෙත් නෑ, උඹ අයිති මට විතරයි. හැමදාටම ඒක එහෙම තමයි. මං මගේ පවුලට ආදරෙයි. ඒත් එයාලා නිසාවත් උඹව නැති කර ගන්න මට බෑ මැණික. තව අවුරුදු දෙක තුනක් යද්දි අයියා ලංකාවට එයි. ඒ ආවම එයා අම්මලාව බලා ගනී. දැන් එයාලට මුණුපුරෙකුත් ඉන්නවනේ. ඒ උනාට මගේ ඇටි කිච්චට ඉන්නෙ මං විතරයිනෙ. මං කොහොමද බං ඉතින් උඹව අතෑරලා දාන්නේ. උඹ නැතුව මට ජීවිතයක් නෑ මැණික"

"අනේ අය්යේ"

"මං උඹට මෙච්චර ආදරේ කරයි කියල මම කවදාවත් හිතුවේ නෑ බං, ඇත්තමයි උඹ මගේ පණ බං"

යශ් අයියගෙ ආදරේ උතුරන වචන මට බර වැඩි. ඇස් දෙකට කදුළු පිරෙද්දි මං ඇස් දෙක පියා ගත්තා, ඒ අතරේ මගේ නළලට තොල් තද කරපු යශ් අයියා ඊලඟට නැවතුනේ මගේ තොල් ලඟ. ඒත් ඉතින් එයාට හාද්දක් දෙන්න උනේ නෑ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා"

"ආයිෂ්... කව්ද ඒ හෙනහුරා"

ඒ හෙනහුරා තමයි ඉතින් තඹර අයියා.

"කෝල් එක ගන්නද"

"ගනින් ගනින්.... මේ ප##යටත් වෙන වෙලාවක් තිබ්බෙම නෑනෙ කෝල් ගන්න"

මෙච්චර වෙලා මගේ ළඟ හිටිය ප්‍රේම කුරුල්ල දැන් යක්ෂ කුරුල්ලෙක් වෙලා.

"හලෝ අයියෙ කියන්න"

"නේත්‍ර ගෙදර නේද ඉන්නෙ, දැන් කොහොමද ඔහේ තත්වේ"

"වෙනසක් නෑ අයියෙ. මද්දු මාමල පොලිසි ගිහින්. අක්ක ගැන කිසිම ආරංචියක් නෑ "

මං කතා කරන අස්සේ පාඩුවේ ඉන්න බැරි මගේ මිනිහ මගෙ බෙල්ලට තොල් දෙක තද කරනව, මං ඉතින් ඇබරි ඇබරි කතා කරෙත්.

"මමත් හෙට ගෙදර එනවා නේත්‍ර, එතකොට මද්දු මාමල ගෙදර යන්න ඕන"

"ඒක නම් හොඳයි අයියෙ....... ආව්"

හැපුව නේද මේකා කන් පෙත්ත....

"මොකද නේත්‍ර"

"නෑ නෑ අයියෙ මේ මදුරුවෙක්"

අර යකා අතින් කට වහන් හිනා වෙනවා.

"ඉතින් මදුරු කොයිල් එකක් වත් ගෙනාවේ නැද්ද මනුස්සයෝ"

"මදුරු කොයිල් වලට යවා ගන්න බැරි වෙයි අයියෙ ලොකු මදුරුවෙක්"

මං මදුරු දණ්ඩ දිහා බලන් රවල කියද්දි ඒකා මට ඇද කරනවා.

"ඩෙංගුද දන්නෙ නෑ පරිස්සමින්. මං හෙට ආවම කොයිල් එකක් ගෙනත් දෙන්නම්"

යශ් අයියා එයාගෙ කමිසෙ බොත්තම් ඔක්කොම ගලවලා දාලා මාව ඒ නිරුවත් පපුවට තුරුල් කර ගත්ත. ඇත්තටම මට තඹර අයියා එක්ක කතා කර ගන්න වත් සිහියක් නෑ ඒ උණුසුම මැද ඉද්දී.

"මං එහෙනම් තියන්නම් නේත්‍ර, හෙට ආවම කතා කරන්න බැරියෑ.කාලා බීලා පරිස්සමින් නිදා ගන්නවා එහෙනම්"

කෝල් කට් උනත් මං එහෙම්මම උණුසුම් පපුවට තුරුල් වෙලා හිටියා.

"මාව මදුරුවෙකුත් කරා නේද එහෙනම්..... මං දැන් යන්නද මැණික. ගෙදර යන්න ඕන"

"අනේ අයියේ. චූටි වෙලාවක් මෙහෙම ඉන්න දෙන්නකො"

"අනේ ඉතින් මගේ ඇටි කිච්චා. හරි හරි ඇති තරම් වෙලාවක් ඉන්න"

යශ් අයියා ලොකු හුස්මක් අරන් පිට කරල මාව තද කරල තුරුල් කර ගත්ත. එයාගෙ හදවත ගැහෙන සද්දෙ පවා මට හොඳට දැනෙනවා. මට මේ මොහොතේ කාලය නවත්ත ගන්න පුළුවන් නම්. එයාගෙන් ඈත් වෙන්න බැරි තරම් මේ උණුහුමට මං ලෝබයි........

යශ් අයියා ගියාට පස්සෙ මං කාමරේට ආවා.හිතේ පැත්තක්ම නෑ වගේ.ආයෙත් එයාව හොයාගෙන දුවන් යන්න හිතෙනවා. අද දවසම හිත කලබල වෙලා තියෙද්දී එයා ලඟ හිටපු ටිකට හිත පුදුම තරම් නිවුනා. ඒ නිසයි එයා ඈත් වෙලා ගියාට පස්සෙ මට මේ තරම් දුකක් දැනෙන්නේ.....

"අයියෙ"

"ඇයි බං"

"මොකක් හරි කලබලයක්ද දන්නෙ නෑ නේද අයියෙ"

"ඇයි බං එහෙම කිව්වෙ"

"නෑ මේ වෙනදට වඩා වාහන එහෙ මෙහෙ යනවා වගේ. කට්ටිය හයියෙන් කතා කර කර යනවත් එක්ක"

මල්ලි එහෙම කියද්දි මං එයත් එක්කම මිදුලට බැස්ස. ටිකකින් දඬු මොණර සේනාවක් පාරේ වේගෙන් ගියා.

"ඊයෙ රෑ උලමා කෑ ගහද්දීම මට හිතුනා නෝනේ මොකක් හරි මූසල දෙයක් වෙයි කියල"

ආච්චි අම්මලගේ කුස්සිය පැත්තෙන් සෝමා නැන්දගෙ කටහඩ ඇහෙද්දි ඒ කිව්ව දෙයින් මටත් හිතුනා. මොකක් හරි දෙයක් වෙලා කියල.

"බිමට බාන කොටත් ඇගේ රස්නෙ තිබිලා නොවැ. පොඩි මහත්තයගේ වාහනේකින් ඉස්පිරිතාලේ අරන් ගිහින් තියෙන්නේ"

"මොකක් ගැනද අයියෙ අර කතා වෙන්නේ"

"අනේ මන්දා බං, බලමු කාට හරි කතා කරල"

කව්රු නැතත් චවියා දන්නවා ඇති විස්තරේ, ඒත් මං කෝල් එකක් ගත්තේ යශ් අයියට.

"ඇයි බට්ටෝ"

"මොකක්ද අයියෙ මේ කලබලේ"

"දමිත්ලගේ ගෙදර පොඩි කලබලයක් බං"

"ඒ කිව්වෙ"

"ඒ මෝඩ පගයා ගේ ඇතුලේ එල්ලිලා බං. දැන් ඉස්පිරිතාලේ අරන් ගිහින්. ඒත් වැඩක් නෑලු"

"ඒ කියන්නෙ"

"ම්ම්ම්... ඔව්.... උගේ මෝඩකම් වලට නිකරුනේ ජිවිතේ විනාශ කර ගත්ත"

"ඔයා දැන් කොහෙද අයියෙ ඉන්නෙ"

"ගෙදර යන්න ගිහින් මේක ආරංචි උන ගමන් දුවිකගෙ ගෙදරට ආවා. දැන් දමිත්ලගේ ගෙවල් පැත්තට ගිහින් එන්න ඕන. උගේ අයියත් මගේ හොඳ යාළුවෙක් බං. මං අර එදා කිව්වෙ ආමි එකේ යාළුවෙක් ගෙදරට ගිහින් දැම්ම කියලා "

"හරි අයියෙ එහෙනම් පරිස්සමින් ගිහින් එන්න"

මොනව උනත් මට හරි දුකයි. බොරු දේකට ජීවිතයක් විනාශ කර ගන්න ඕනද.

"මොකක්ද අයියෙ වෙලා තියෙන්නේ"

"මේ ගමේ අයියා කෙනෙක් නැති වෙලා බං"

"මොනව වෙලාද"

"මේ...... එල්ලිලාලු"

පොඩි එකා එක්ක කෙලින්ම ඕවා කියන්නත් බෑ. ඒ එක්කම හසාගෙන් මැසේජ් එකක් ආවා පාරට එන්න කියලා. මං මල්ලි එක්ක යද්දි ඌයි මල්ලියි පාරෙ හිටිය.

"උබට ආරංචිද බං"

"ඔව් බං දැන් මේ යශ් අයියා කිව්වෙ"

"ශික් මහ පිස්සු යකෙක් බං"

මල්ලිලා දෙන්නව හසාගේ ගෙදරට යවලා අපි දෙන්නා කඩුල්ල ළඟට වෙලා කතා කර කර ඉද්දී බයික් තුනක් ඇවිත් අපි ළඟ නැවැත්තුවා. යශ් අයියල..... අර හිච්චි පගාත් දුවික අයියගෙ පිටි පස්සෙන් එල්ලිලා ඇවිත්.

"මල්ලි උඹ යාළුවෝ දෙන්නත් එක්ක ඉඳපන් අපි ගිහින් එන්නම්"

"අනේ මේ පිස්සුද මමත් එනවා"

අරූ දුවී අයියගේ බෙල්ල බදා ගත්තා ඒ ගමන.

"අයියෝ තෝ නම් කොහොල්ලෑ බබෙක් වගේ එල්ලෙන්න ගත්තම. යශ් මොකද කියන්නෙ එහෙනම් මුන් දෙන්නත් එක්ක යමුද"

දුවික අයියා යශ් අයියා දිහා බලන් කියද්දි යශ් අයියා හා කියල මට ඔලුවෙන් පෙන්නුවා බයික් එකට නගින්න කියල.

"අයාල් මල්ලි අම්මට කියල වරෙන් උඹත් "

හසා දුවල ගිහින් නැන්දට කියල ඇවිත් පිවිතුරු අයියගෙ බයික් එකට නැග්ගා. එයාලා ඉස්සර වෙලා යද්දි යශ් අයියා ගියේ ගොඩක් හෙමින්. මේ වෙලාවෙත් එයාට අමතක උනේ නෑ මං බයික් එකේ යන්න බයයි කියල. මං එයාගෙ ඇග වටේ අත යවලා පිටට මූණ තද කරන් ඇස් දෙක පියා ගත්තා.

දමිත් අයියලගේ ගෙදර සෙනඟ පිරිලා, විලාප සද්ද මැද්දෙම මිනිස්සු හට් ගහනවා. මළ ගෙදරට ලෑස්ති වෙනවා. සාලෙ තිබ්බ පුටුවක ඉඳගෙන හිටපු කෙට්ටු ටිකක් වයස නැන්දා කෙනෙක් අඩා ගන්න බැරුව හුස්ම අල්ල අල්ල අඩනවා. අපිව දැකලා අපේ ළඟට ආව මාමා කෙනෙක් යශ් අයියගෙ අතින් අල්ල ගත්තා.

"අනේ මේ ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ පුතා නේද. අනේ බලන්නකෝ පුතේ වෙච්ච අපරාදෙ. අර ගෑණි නහින්න හදනවා මට බලන් ඉන්න බෑ පුතේ. නොකා නොබී දුක් විදගෙන උස් මහත් කරපු දරුවන්ගෙන් දෙන්නෙක්ම අපි ජීවත් වෙලා ඉද්දී මැරිලා යද්දි කොහොමද පුතේ ඉවසන් ඉන්නෙ "

මේ දමිත් අයියගෙ තාත්තා වෙන්න ඇති. එයා කිව්ව දේවල් මට තේරුනේ ගේ ඇතුලේ තිබ්බ ෆොටෝ එකක් දකිද්දී. හමුදා ඇදුමක් ඇදන් ඉන්න අයියා කෙනෙක්ගෙ රූපෙකට සුදු මල් මාලයක් දාලා තිබ්බා. ඒ කියන්නෙ කලිනුත් එයාගෙ පුතෙක් නැති වෙලා. කෑ ගහල ඇඩුවේ නැතත් ඒ වයසක ඇස් වලින් කදුළු කඩා වැටෙනවා. අපෙත් ඇස් කදුළු වලින් වැහිලා ගියා........

දමිත් අයියගෙ අම්මගෙ විලාපේ අහන් ඉන්න බැරි නිසාම අපි එළියට ආවා. පව් දෙයියනේ මේ මිනිස්සු.

"දිමුත්ට කිව්වද අක්කෙ"

"කිව්ව මල්ලි. නිවාඩු ඇවිත් ගිහින් දවස් පහක් වගේනෙ. එන්න දුන්නෙ නැතත් මොනව හරි කරල එනවා කිව්වෙ. අනේ ඉතින් පොඩි එකා කිය කියා පණ වගේ ආදරේ කරපු එකානෙ. එයාගෙ සල්ලි වලින් බයික් එකකුත් අරන් දුන්නෙ කොල්ලගේ ආසාව කියලනෙ"

දමිත් අයියගේ නෑන එක්ක යශ් අයියා කතා කරද්දි අපි පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ කරන්න තිබ්බ පුංචි පුංචි වැඩ ටිකකට උදව් කරල ඇවිත් මිදුලෙ තිබ්බ පුටු වගේක ඉඳ ගත්ත.

"අර වයසක මිනිස්සු දෙන්න දකිද්දී මට අර කාලකණ්ණියා ගැන දුකක් දැනෙන්නේ නෑ බං පුදුම තරහක් එන්නේ"

යශ් අයියා කොණ්ඩෙ අත් දෙකෙන්ම පිටි පස්සට කරන ගමන් කියවන් ගියා.

"දැන් බලපන් ඌව ඉන්නකන් අවුස්ස අවුස්ස වලට ඇදන් ගිය එක යාලුවෙක් වත් ඉන්නවද කියලා. මෝඩ යකා. අර ගෑණිත් යසට මොකෙක් හරි එක්ක ඇමිනෙනව ඇති. ඌ මැරුණ කියල ඒකි ආයේ එනවද නෑනෙ.පවුලේ උන් එපැයි ඒ දුකත් විදින්න"

යශ් අයියා දුකට, තරහට කියවන් යද්දි අපි අහන් හිටිය. ඇත්ත..... දාලා ගිය උන්ට කිසිම ගාණක් නෑ. අනිත් මිනිස්සුත් ඕක හත් දවසෙන් අමතක කරයි. ඒත් අම්ම, තාත්තට කවදාවත් අමතක කරලා සැනසීමෙන් ඉන්න බැරි වෙයි.........

දසමසක් නුඹෙ බර දරාගෙන මගේ පණ සේ නුඹව රැක්කේ
කුස තබාගෙන නිතර මා අත නුඹේ ගැනමයි ඉතින් සිතුවේ
හිස තබාලා රනින් කිරුළක් රජෙකු වෙන හැටි සිහින දැක්කේ
දස මසම ගෙවිලා දිනකදී මගේ පණ මේ ලොවට ආවේ..

කුසට අහරක් නොතිබුණත් අපෙ නුඹේ කුස නෑ හිස් උනේ
හිසට සෙවණක් නැති ගිනියමේ පියා හා මා වෙහෙසුණේ
නුඹේ සුරතල් වදන් දැකලයි අපේ වෙහෙසත‍් දුරු උනේ
ටිකෙන් ටික නුඹ ලොකු වෙලා අපගේ ලොවේ නේ රජ උනේ..

එදා හිනැහුනු බිළිඳු කිරිකැටි නාඹරයි දැන් දසත ඉගිලී
හරි වෙනස් දැන් නුඹේ සැමදේ නිතර හිනැහෙයි ඉතින් තනිවී
එහෙ මෙහෙන් අපෙ සවණ වැකුණා ප්‍රේමයක ඉන්නවලු පැටලී
නුඹව සිරකරලන්නෙ නැහැ අපි අවසරය අපෙ ගන්න හිනැහී..

සිනාවෙන් අපෙ ලොවම එළි කල මුව මඬල අද අදුරු වීලා
ආදරෙන් මන් උයාලා දී බෙදා දුන් බත පිළුණු වීලා
අතින් අල්ලන් ඇවිද ගිය පෙම නුඹව අතහැර දුරක වීලා
ලොවේ කිසිවෙක් නැතැයි සිතුවද මව්පියන් අමතකම වීලා..

උහුල ගෙන දුක් හැදුව රන්කඳ එල්ලිලාලූ ගෙයි බාල්කෙක
පණට වැඩියෙන් උබව රැක්කේ ඒ ලෙසින් උඹ දෙස බලන්නද
අපිට කලියෙන් උබේ මළකඳ මේ පැලේ සාලේ තබන්නට
අම්ම කෙනෙකුට කවමදාවත් බැහැනෙ මේ දුක දරා ගන්නට..

අපිව හැරදා මෙලෙස යන්නට කොහොම හිතුනද පුතේ උඹටත්
උබට හැකි මුත් අපිට නොහැකී ඇයි ද මැරුවේ නැත්තෙ අපිවත්
උඹ එපා කිව් උන්ට උඹගේ මරණෙ දුකකී කියා සිතුවත්
මව්පියන් සේ පෙම් කරන්නේ නැහැනෙ කිසිදා ලොවේ කව්රුත්..


____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

* කතාව දවසක් ඇර දවසක් දෙන්නම්, මේ දවස් වල ඩේලි දෙන්න අමාරුයි

කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                               ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

81K 12.1K 72
නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙
40.2K 6K 37
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ
9.9K 1K 32
ඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන...