Strike 2.0

By Yazwi_03

1.1K 169 173

240401 More

1.
2.
4.
5
6
7
gxb

3

117 21 11
By Yazwi_03


"let's raise our glasses !!! Yeli, here's to your brilliance, dedication, and the exciting road ahead. Cheers to your success!"

දිග මේසයක වාඩි වෙලා හිටපු තරුණියෝ කිහිපදෙනෙක් තම තමන්ගේ ශැම්පේන් වීදුරු එකිනෙක හප්පවාගනිමින් යේලිගේ අලුත් ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළා.. අගනුවර ඉහළ පැලැන්තියේ මිනිසුන් සේම ඒ පැලැන්තියේ යැයි පෙනී සිටීමට ආශා කල මිනිසුන්ගෙන් පිරි ගිය අවන්හලක කලින් වෙන්කරවාගත් මේසයක මැදට වෙන්න වාඩිවෙලා ඉඳපු යේලි හිනාවෙවීම පුරවගත්තු ශැම්පේන් වීදුරුවෙන් ටිකක් රස වින්දා..

හාත්පස විවිධ පාටවල්වල ලයිට් එළිවලින් දිලිසුම් දෙද්දි අවන්හලේ මේස පුටු හැදි ගෑරුප්පු වලිනුත් ඇති කළේ දිලිසුමක් ම විතරයි.. ඒක හරියට එතන ඇවිත් හිනාවෙවී ආහාර ගන්න විනෝද වෙන මිනිස්සුන්ගේ අඳුර හංගන්න අවන්හල විසින්ම ගන්න ප්‍රයෝගයක් වගේ.. පැත්තකින් ලස්සන කඩහඬකින් සින්දුවක් මිමිනෙද්දි යේලිවත් යේලිගේ යාලුවෝ ටිකවත් ඒ සින්දුවට හෝ ඒ සංගීතයට හෝ ඇහුම්කන් දෙන්න වෙලාව වෙන් කළේ නෑ.. ඒ හැමෝම කතාබහේ කාර්‍ය්බහුල වෙලා හිටියා..

"යේලි ඔයා මාර ලකී හරිද.. නිකන් හිතන්න.. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බ්‍රේක් අප් වුණු දවසෙම ඔයාව බෙස්ල්වර්ල්ඩ් එකට සිලෙක්ට් වෙනවා හිතන්න්කෝ අනේ.. මාරයිනේ.."

යේලිගේ එක යාළුවෙක් එහෙම කිව්වාම යේලි ශැම්පේන් වීදුරුව මේස උඩින් තියලා මේසෙට බර වුණේ ලොකු කතාවක් කියන්න මුල පුරනවා වගේ...

"නිකන් මිනිහා මගේ ලයිෆ් එකට කොඩිවිනයක් වගේ වෙලා ඉඳලද කොහෙද නේ.."

"හරියටම හරි... අනික මොන මෝඩයෙක්ද නේ.. ඔයා වගේ කෙල්ලෙක් ඉඳිද්දි ඔයාට ම චීට් කරන්න..."

"කොහොම හරි ඒක ඒ මෝඩයගේ අවාසනාව.. හා නැද්ද... "

යේලිගේ යාලුවෝ වගේම ආත්‍රා ජුවලර්ස් එකේ යේලිගෙන් ඉගෙන ගන්න එන කිහිපදෙනා ඒ කතාවලට හිනාවෙවී කෑමවලට වගේම අඩුවක් නැතුම බීමවලටත් සාධාරණයක් ඉශ්ට කළා.. හැබැයි ඔය මේසේ වාඩිවෙලා හිටපු එක්කෙනෙක් නම් බොරුවටවත් හිනාවෙන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි හිටියේ.. අතට හිරවෙලා තිබුනු ශැම්පේන් ග්ලාස් එකේ නෙක් එක බොහොම තදින් අල්ලගෙන රුහානා හිටියේ තමන්ගේ කේන්තියත් ඊර්ෂ්‍යාවත් මිශ්‍ර වුණු හැඟීම් පාලනය කරගන්න අසාර්ථක උත්සාහයක් ගන්න ගමන්..

රුහානා කියන්නේ යේලිගේ ළඟම යාලුවෙක් වගේම ඇය විලාසිතා නිර්මාණශිල්පිනියක්.. තමන්ට නොලැබෙන ජාත්‍යන්තර අවස්ථා යේලි කොහොම හරි ලබාගන්න එක ගැන රුහානට ඒ කාලේ ඉඳන්ම යේලි එක්ක තිබුණේ ලොකු කේන්තියක්.. ක්ෂේත්‍ර දෙකක වැඩ කරත් යේලිගේ සමහර ඉන්ටනැශනල් ප්‍රොජෙක්ට්ස්වල කොස්ටියුම් ඩිසයිනින් සයිඩ් එකට රුහානව රෙකමන්ඩ් කරන්න වගේම ඒ වගේ කන්ට්‍රෑක්ට්ස්වලට රුහානාව ජොයින් කර ගන්න යේලි උත්සාහ නොකරන හින්දා වගේම එහෙම කරන්න ඉඩක් ලැබුණාමත් යේලි හැමවෙලාවෙම ඒ අවස්ථා රිජෙක්ට් කරන හින්දා රුහානා හැමවෙලාවෙම යේලි එක්ක බොරු යාලුකමක් පෙන්නගෙන හිත යටින් ඇවිලෙමින් හිටියා.. අද ඒ ගින්න තව සැර වෙලා...

"ඔයා හෙව්වේ නැද්ද ඒ කෙල්ල කවුද කියලා.."

"හොයලා වැඩක් නෑ.. අනික ඒ කෙල්ලට බ්ලේම් කරලා වැඩක් නෑ.. අර මිනිහත් ඉතින් කැමැත්තෙන්මනේ ඕක කළේ..."

"අනේ ඔයා හොඳ වැඩි... මන් වගෙ වුණානම් ඔය කෙල්ලගේ කෙස් ගහෙන් ගහ ගලවනවා..."

"මෙනුරට එහෙම කරන්න හේතු තියෙන්න ඇතිනේ යේලි නේද.."

මෙච්චර වෙලා කටපියාගෙන හිටපු රුහානා ටිකක් සද්දෙන් එහෙම ඇහුවේ යේලි දිහා බලාගෙන රුහානගේ ඇස්වල තියෙන ගිනි රස්නේ යේලිට ඒ වෙලාවෙ හොඳටම දැනුනා වගේම පෙනුනා.. මේසේ හිටපු හැමකෙනාම වගේ රුහානා කියපු දේත් එක්ක එයා දිහා බැලුවේ පුදුමෙන් බර ඇස්වලින්...

"ඔව් තියෙන්න ඇති..."

"ඉතින් ඔයා එයා පිට වරද පටවලා හරියනවද.. ඔයාට මොකක් හරි වැරැද්දක් වුණානම් ඒ හැම එකකම වගකීම ඔයාගේ මිසක් පිට මිනිස්සුන්ගේ නෙමෙයි.. විකාර දොඩවනවා..."

හරිම තරහෙන් එහෙම කියාගෙන කියාගෙන ගියපු රුහානා එහෙමම වාඩිවෙලා ඉඳපු තැනින් නැගිටලා කොන්ඩෙත් ගස්සගෙනම වගේ යන්න ගියේ මේසේ ඉඳපු අනික් හැමෝම යේලිත් රුහානත් දිහා මාරුවෙන් මාරුවට බලද්දි...

"ආශ්.. ඒවා වැඩක් නෑ.. අපි දැන් මේක එන්ජෝයි කරමු ගායිස්..."

පාටි මූඩ් එක විනාශ වෙයි කියලා හිතුණු හින්දා අවන්හලෙන් එළියට බැහැලා ගියපු රුහානා දිහා ටිකක් වෙලා බලන් ඉඳපු යේලි ආයෙම එහෙම කිව්වේ තවත් ටෝස්ට් එකකට ග්ලාස් එක raise කරන ගමන්...

කාලෙකට පස්සේ යාලුවොත් එක්ක ටිකක් විනෝද වුණු නිසා යේලිගේ හිතට දැනෙමින් තිබුණේ පුදුම නිදහසක්..ඒ වගේම මේ වගේ වෙලාවක තනියම ගෙදර යනන් වුණොත් අනිවාර්‍යයෙන්ම මෙනුර ගැන කල්පනා වෙන බව යේලි දැනගෙන හිටියා.. හිත මහන්සි කරවන මතකවලින් දුක් විඳිනවට වඩා මේ වගේ හිතට නිදහස ලැබෙන විනෝදයක් ලබාගන්න තියෙන එක ඇත්තටම කොච්චර හොඳ දෙයක්ද කියලා යේලි කල්පනා කළේ යාලුවොන්ගේ හිනා සද්ද අතර අතරමං වෙලා ඉඳිද්දි..

කාලය වේගෙන් ඉගිලිලා යද්දි යේලි වගේම යේලිගේ යාලුවෝ ටිකත් ආසනවලින් නැගිට්ටේ තම තමන්ගෙ ගෙවල්වලට යන්න කියලා හිතාගෙන.. අවන්හලේ ගාස්තුව විදියට අංක පහකට වැඩි වුණු මුදලට යේලිගේ බැංකු කාඩ්පත පිළිතුරු බඳිද්දි.. යේලිට ඇත්තටම ඒක ගැන ගාණක් නොවුනෙ කාලෙකින් ඒ තරම් සැලකිය යුතු මුදලක් තමන්ගේ පෞද්ගලික දේකට වියදම් නොකරපු බව මතක් වුණු හින්දා...

"රූ.. ගෙදර ගියාද දන්නෑ නේ"

යාලුවෝ එක්ක එළියට ආපු යේලි කට්ටියගෙන් එහෙම ඇහුවේ රුහානා අවන්හලෙන් එළියට ගියේ එච්චර හොඳ හිතකින් නොවන නිසා..

"යන්නැති යන්නැති.. මන් කෝල් එකක් දීලා බලන්නම්කෝ.."

යේලිගේ එක යාලුවෙක් එහෙම කියලා තමන් තමන්ගේ වාහනවල එහෙමත් නැත්තන් ඕඩර් කරපු ටැක්සිවල නැගිලා ගෙවල්වල යද්දි යේලි අවන්හල ඉස්සරහා හිටගෙන හොඳට අත් දෙක දිගඇරලා අත්වල හිරි ඇරගත්තේ තනියමම හිනාවෙන ගමන්මයි.. කාර් එක ගාවටත් වෙනදට වඩා වැඩි සතුටකින් ඇවිදගෙන ගියපු යේලිට ආයෙම මුණගැහුනේ රුහානගේ ගිනිගන්න ඇස්...

"රූ තාම ගියේ නැද්ද.. මන් කා එකට ඇවිල්ලා කෝල් එකක් ගන්න හැදුවෙ... මන් ඔයාව ඩ්‍රොප් කරන්නද..."

යේලි එහෙම කියාගෙනම රුහානා හිටපු තැනට ආවේ හිනාවෙවීමයි.. ඒත් යේලි රුහානට ළං වෙන්න යද්දිම වගේ රුහානා යේලිගේ මූණට එයාගේ අතේ ගුලි කරන් ඉඳපු ලස්සන හෙයා පින් එකක් දික් කළා.. යේලිට ඒක දැකපු ගමන් ඒ මොකක්ද කියලා අඳුනගන්න වැඩි වෙලාවක් නැ.. එ යේලි රුහානගේ උපන්දිනයක් වෙනුවෙන් විශේෂයෙන්ම හදලා දුන්නු ජුවලරි කලෙක්ශන් එකේ තිබුණු රෝස් ගෝල්ඩ් ලස්සන චූටි සමනලයෙක් ඉන්න හෙයා පින් එකක්...

"ඇයි මේක කැඩුණද..."

එක පාරටම යේලිගේ මූණට දික් වුණු හෙයාපින් එක දිහා බලපු යේලි රුහානගෙන් ඇහුවේ ඇත්තටම මොකුත් හිතාගන්න බැරි වුණු නිසා..

"දැක්කෙ නැද්ද මේක ඊයේ රෑ.."

"ඊයේ රෑ.... මතක නෑනේ...."

"ඔහ් එහෙමද..."

යේලිගේ උත්තරෙන් තවත් රුහානගේ කේන්තිය වැඩිවුණා.. එහෙමම මොබයිල් ෆෝන් එක අතට ගත්තු රුහානා ඒකෙ එහෙ මෙහෙ ඇඟිලි යවලා ටිකකින් ඒ ෆෝන් එකත් යේලිගේ මූණට දික් කළා..

ෆෝන් ස්ක්‍රීන් එකේ තිබුණු කිසින් පෝස් එකක ඉඳපු රුහානවයි මෙනුරවයි දැක්කාම යේලිගේ හිතේ තිබ්බ සතුට එහෙමම කලු වලාකුලකින් වැහිලා ගියා.. ඇස්වල තිබුණු නිදහස හුළඟට ගහගෙන ගිහිල්ලා යේලිගේ බලාපොරොත්තු උතුරලා යමින් තිබුණු ඇස් හිස් වෙද්දි යේලි එදා රෑ වගේම හෑන්ඩ් බෑග් එකේ පටිය හයියෙන් තද කරලා අල්ලගත්තා.. රුහානගෙ අතෙ තිබුණු ෆෝන් එක අරගෙන පොළොවේ ගහන්න තරම් තද තරහක් හිතේ ගොඩ නැගෙමින් තිබ්බත් යේලි අමාරුවෙන් ඒ හැඟීම් පිට පනින්න නොදී වහන් කරගත්තා....

"තමුන් මගෙන් හැමදේම ඈත් කරානේ යේලි නේ... බලනවා මන් තමුසෙගෙන් තමුසෙගේ බෝයිෆ්‍රෙන්ඩ්ව ඈත් කළා.. දැක්කද.. පේනවද.... දැන් දැනෙනවද ආස දේවල් ඈත් වෙද්දි.. නෑ ළඟින්ම ඉන්න එකෙක් තමන් ආස දේවල් තමන්ගේ උදුර ගනිද්දි දැනෙන වේදනාව.. දැන් දැනෙනවද..."

රුහානා ෆෝන් එක පෙන්න පෙන්න යේලිගේ මූණටම වචනවලින් දමලා ගහද්දි යේලි තව තවත් අත පය දරදඬු කරගෙන ඒ පින්තූරේ දිහා බලාගෙන හිටියේ කොහොම හරි ඇහෙන් කඳුළක් නොවැටෙන්න වග බලාගනන් ගමන්..

"තමුසේ කොච්චර සක්සන් වුනත් වැඩක් නෑ.. තමුසෙගෙ මානුෂීය පැත්ත බිංදුවයි.. තමුසේ මන් ගැන හිතුවෙ නැ... මෙනුර ගැන හිතුවේ නැ.. තමුසේ හිතුවේ තමුසෙ ගැනම විතරයි.. දැක්කනේ තමුසෙගේ ආසම සෙල්ලම් බඩුව දැන් තියෙන්නෙ මන් ගාව.."

"ආහ්.. සොරි මොකක්ද... සෙල්ලම් බඩුව....හහ්.."

ෆොටෝ එක දිහා බලාගෙන ඉඳපු දැහැනෙන් එළියට ආපූ යේලි අත් දෙක පපුවට බැඳගන්න ගමන් පොඩි නක්කල් හිනාවක් දාන ගමන් රුහානගේ ළඟට ළං වුණා...

"ඔයා හිතන්නේ ඔහොම නම්.... මට මෙනුර ගැන හරි දුකයි.. පව් අසරණයා... අනික.. මන් පාවිච්චි කරපු දෙයක්නේ ඔයා ඔය ලොකුවට අයිති කරගෙන තියෙන්නෙ.. සෝ මට ප්‍රශ්නයක් නෑ.. මට ඔය එක එක මිනිස්සු ගැන හිතනවට වඩා කරන්න වැඩ තියෙනවා.. ආ.. අනික මෙනුර මට කරපු දේ ඔයාට කරන්න දෙපාරක් නම් කවදාවත් හිතන එකක් නෑ රූ.. සෝ බී කෙයාෆුල් ඇන්ඩ් කන්ග්‍රැජුලේශන්ස්..."

එහෙම කියපු යේලි රුහානට පොඩි හිනාවකින් සංග්‍රහා කරලා කාර් එකෙ දොර අරින්න යන්න ගියේ ඉක්මනින්ම එතනින් පැනලා යන්න රුහානගෙ වෛරක්කාර ඇස්වලින් බේරිලා කොහෙට හරි යනන් යේලිට අතිශයින්ම උවමනා උනු හින්දා...

"ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැද්ද..."

"වට් ඩූ යූ මීන්..?"

"මෙනුර එක්ක බ්‍රේක් අප් උන එක ප්‍රශ්නයක් නෙමෙයිද.."

"නෑ කොහෙත්ම නෑ..."

"ඇයි යේලි තමුසේ ඔහොම හැසිරෙන්නේ හැමතිස්සෙම මට ඕන දේවල් මගෙන් ඇත් කරන්නේ ඇයි තමුසේ ආ.."

"ඕන දේවල්..."

"බබා වෙන්න එපා හලෝ... තමුසේ මේ ළඟදි ජුවලරි කරපු එක ෆැශන් ශෝ එකකටවත් මාව කන්ටැක්ට් කරලා දුන්නේ නෑ තමුසෙ.. ගිය සතියේ තමුසෙට ආපු ෆැශන් වක්ශොප් එකේ ෆැශන් ඩිසයිනර් කෙනෙක්ව හයර් කරන්න ඕන කිව්වාම ඒ ප්‍රොජෙක්ට් එකේ මැනේජර් මාව රෙකමන්ඩ් කරපු වෙලාවෙත් තමුසේ මාව රිජෙක්ට් කළේ නැද්ද යේලි ආ... ඇයි තමුසේ මට එහෙම කරන්නෙ.. මගේ අවස්ථා ඇයි තමුසේ නැති කරන්නේ.."

"රුහානා.. ඒක අවස්ථාවක් නෙමෙයි ඒක අනවශ්‍ය රිස්ක් එකක්.. තේරුම් ගන්න.. අනික ඔයාට සක්සස් වෙන්න ඕන නම් ඔයාම දේවල් ඇචීව් කරගන්න ඕන එහෙම නැතුව අනුන්ගේ පානෙන් එළිය බලලා හරියන්නෑ.. මෝඩයෙක් වගේ කෑගහන්නැතුව දැන් ගෙදර ගිහිල්ලා හෙට උදේට අර ප්‍රොජෙක්ට් එකේ ඩ්‍රාෆ්ට්ස් ටික මට දාන්නකෝ.."

"හ්හ් මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තමුසේ මාව ප්‍රොජෙක්ට් එකෙ තියාගන්නවද... ආ යේලි.."

"රූ බබා.. පාරේ යද්දි ජරාවක් පෑගුනොත් අපි ඒක අයින් කරලා දානවා මිසක් සපත්තුව විසි කරන්නෙවත් මගේ ගමන නවත්තලා ඒ ජරා ගොඩ ගැන හිත හිත ඉන්නෙවත් නෑනේ.. ජරා ගොඩ අයින් කළා ඉස්සරහට ගියා දැට්ස් ඉට්... ගුඩ් නයිට්.."

යේලි එහෙම කියලා රුහානට තවත් එක වචනයක්වත් කියන්න ඉඩ නොතියා කා එක ස්ටාට් කරගෙන යන්න ගියා.. තව ටිකක් වෙලා එතන හිටියානම් තමන්ගේ පාලනය සම්පූර්ණෙන්ම ගිලිහිලා යන බව යේලි හොඳටම දැනගෙන හිටියා.. තවත් කෙනෙක් ඉස්සරහා තරහා අරන් කෑගහන්නේ ඇතුළාන්තයෙන් පරාජිත හැඟීමක් ටික ටික මෝදුවේගෙන එද්දි කියන එක යේලි තදින්ම විශ්වාස කරපු දෙයක්.. මෙනුරට ඒ පරාජිත බව නොපැකිලිව දකින්න ඉඩ දුන්නත් රුහානට ඒක කොහෙත්ම දකින්න ඉඩ දෙන්න අවශ්‍ය නැති බව යේලි තදින්ම හිතට තරවටු කරගෙන හිටියා.. කඳුල කියන්නෙත් ආත්මීය පරාජයක සංකේතයක් කියලා හිතාගෙන හිටපු යේලි කඳුළු රුහානා ගාවදි ඉස්සර වෙනවට කොහෙත්ම කැමති වුණේ නෑ..

වේගයෙන් තමන්ගෙ රථය යන දිහාවට අරගෙන ගියපු යේලි හිතට දරාගන්න පුළුවන් උපරිම සීමාවකට ඇවිත් වාහනය පාර අයිනට කරලා නැවැත්තුවා.. වාසනාවට ඒ දෙපැත්තේ පේළියට හිටවපු ගස් කොළන් වගේම ඈතින් පොඩි ජලාශයක් විතරක් දැකගන්න තිබුණු යම්තාක් හුදකලාවට ගියපු පාරක්..

කා එක නවත්තපු යේලි පපුව හයියෙන් අල්ලගෙන මහා සද්දෙන් හිතේ තිබ්බ වේදනාව ශබ්ද ශක්තියට මුසු කළා.. උගුර හිර කරන ඇස් දවන.. පපුව හිර කරන ඒ හැඟීම ඕනවටත් වඩා යේලිව අසරණ කරද්දි යේලි ඇස්වලින් බේරෙන කඳුළුවලට පහළට යන අතකට යන්න දුන්නේ ගස් කොළන්.. අහස තරු හඳ හැර වෙන කෙනෙක් තමන් දිහා බලන් නොඉදින බව දන්න නිසාමයි..

පපුවට සැරින් සැරේ අතින් ගහගන්න ගමන් ස්ටියරින් වීල් එකේ දෙතුන් පාරක් ඔලුව ගහගත්තු යේලි ඔලුව උස්සගන්නවත් බැරි තරමට මානසිකව වැටිලා ඉඳපු නිසාම වෙන්නැති ස්ටියරින් විල් එකටම ඔලුව බර කරගත්තා..

කඳුළු කම්මුල් දිගේ ඔහේ පහළට බහිද්දි යේලි තවදුරටත් ඒ කඳුළු වලක්වන්න ගියේ නෑ.. යේලි ඇත්තටම මෙනුරට ආදරේ කරපු බව මේ ලෝකෙන්ම දැනන් හිටියේ යේලි විතරක්ම වෙන්න ඇති.. කොච්චර හයියයි කියලා පෙන්නුවත් කාශ්ටක ඉර එළියෙන් පොළොව පුච්චන්න හැදුවත් ඒ ඉරත් වළාකුළුවලින් වැහිලා ගිහින් අහස කඩාගෙන වැටෙන දවස් අනිවාර්‍යෙන්ම තියෙනවා.. ඒ වගේ දවස්වලට හුළඟ වැහි බිංදු ඇතට විසි කර කර අඬ අඬ වහින වැස්ස නතර කරන්න උත්සාහ කරනවා.. ඉතින් යේලිගේ ජීවිතේ යේලි සෞම්‍ය හුළං වගේ කියලා හිතන් ඉඳපු මිනිස්සු චණ්ඩ සුලිකුණාටු වගේ උනාම ඒක ඇත්තටම අහසටත් දරන්න අමාරු දෙයක්...

"හැමෝම තමන් කරපු වැරදි ගැන හරි ලොකුවට මගේ ඉස්සරහට ඇවිත් කතා කරන්නේ කොහොමද දෙයියනෙ.. ඇයි එකපාරක්වත් නිකමටවත් මගෙන් සමාවක් ඉල්ලන්නැත්තේ. එයාලා වැරැදි නැද්ද.. මන් විතරද වැරැදි එතකොට.."

.......................................................

Continue Reading

You'll Also Like

Bunny Cam | JJK By ru🐝

Mystery / Thriller

9.7K 305 9
Jungkook, the weird, quiet, hot (?) guy in your office has always creeped you out. Turns out there was a lot more to him than you were expecting.
48.9K 6.5K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
2.4K 438 14
ඇස්කාරයෝ ! තාමත් ඔය ආඩම්බරකාර ඇස් ලස්සනට හිනා වෙනවා! මගේ පෙම්බර හිත ඇතුළේ හිරවුණු හැගීම් එක්කම! 📌️Start date : 2022/02/25 🔚End date : 2022/06/08
189K 20.2K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...