Strike 2.0

By Yazwi_03

1.1K 169 173

240401 More

2.
3
4.
5
6
7
gxb

1.

382 34 58
By Yazwi_03

"ආශ් මේ ට්‍රැෆික් එක..."

වාහන පෝළිමක් අස්සේ වාහනේ නවත්තගෙන හිටපු යේලි හරිම නොරිස්සුමෙන් එහෙම කියලා සුක්කානමට අත මිට මොළවලා තද පහරක් ගැහුවේ හිතේ තිබුණු නොසන්සුන්කමට... ඒ අතරෙම පැසෙන්ජර් ශීට් එකේ තියලා තිබුණු තරමක් ලොකු ප්ලාස්ටික් පෙට්ටිය දිහා සැරෙන් සැරේ බලන්නත් යේලි අමතක කළේ නෑ.. මොකද ඒ පෙට්ටිය අද කෙනෙක්ගේ ජීවිතේ අමතක නොවන දවසක් බවට පත් කරන බව යේලි හොඳින්ම දැනගෙන හිටියා...

යේලි අභිමන්ත්‍රා දිසානායක කියන්නේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආභරණ නිෂ්පාදන ශිල්පිනියක්.. ආත්‍රා ජුවලර්ස් කියන්නේ යේලි ගොඩ නගපු ජුවලරි බ්‍රෑන්ඩ් එක... ඒක වීඅයිපී කස්ටමර්ස්ලට විතරක් සේවාව සපයපු කොටින්ම කස්ටමයිස් කරපු ආභරණ විතරක් හදන ජුවලරි බ්‍රෑන්ඩ් එකක්... යේලිට සම්මාන වලින් අගය කිරීම් ලැබුණු නිර්මාණ කිහිපයක් ආත්‍රා ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයේ ඉස්සරහින්ම වඩාත් කැපිලා පෙනෙන විදියට ප්‍රදර්ශනය කරලා තිබුණා.. ආත්‍රා ජුවලර්ස් කියන තරමක් විශාල නාම පුවරුව යටතේ අගනුවර තරමක් ජනාකීර්ණ පෙදෙසක තිබුණු දෙමහල් ගොඩනැගිල්ල ප්‍රධානව ම වෙන් වෙලා තිබුණේ යේලිගේ නිර්මාණ කටයුතුවලට... ඒ ප්‍රදර්ශනාගාරයේ යේලිගෙන් මේ ක්ශේත්‍රය ගැන වැඩිදුර ඉගෙන ගන්න ආපු සේවකයන් පස් දෙනෙක් වගේම.. ශෝ රූම් එකේ අනික් වැඩ කටයුතුවල යෙදිලා හිටපු සේවකයෝ පස් දෙනෙක් පමණ සේවය කළා...

මාර්ග තදබදය අස්සෙම යේලිගේ කළු පාට ටිකක් දුර්වර්ණ වුණු ඇක්සියෝ රථය ගමනාන්තයට ළඟා වුණා.. ඉඩ තියෙන තැනක් බලලා කාර් එක නවත්තපු යේලි පැසෙන්ජර් ශීට් එකේ තිබුණු පෙට්ටිය දිහා බලලා කෙටි හිනාවක් දාලා හෑන්ඩ් බෑග් එකේ තිබුණු මේකප් බෑග් එක එළියට අරගෙන ඒකෙන් පොඩි මිරර් එකක් එක්ක බ්‍රයිට් රෙඩ් ශේඩ් එකක ලිප් ග්ලොස් එකකුත් එළියට ගත්තා.. Rear view mirror එක තියෙද්දි ආයේ අමුතුවෙන් තව කන්නාඩියක් බදාගෙන වද විදින්න ඕන නෑ කියලා හිතපු යේලි හරිම ඉක්මනින් ඒක ආයෙම තිබ්බ විදියටම බෑග් එක ඇතුළට විසි කරලා කාර් එකේ මිරර් එකෙන් තමන්ව හරියට පේන විදියට ඒක සීරු මාරු කරගත්තා..

පස්සේ අර පර්ස් එකෙන් ගත්තු තද පාට ග්ලොස් එක පමණටත් වැඩියෙන් තොල්වල ආලේප කරගත්තු යේලි අගින් බ්ලොන්ඩ් කරපු පිට මැදට වෙන්නට වගේ තිබුණු එයාගේ කඩා හැලෙන ස්ට්‍රේට් කොණ්ඩේ අතින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදාගත්තේ මිරර් එකෙන් සැරෙන් සැරේ තමන් දිහා බලන ගමන්මයි.. පෙනුම ගැන සෑහීමකට පත් වුණු යේලි ඊටපස්සේ එහෙමම ලිප් ග්ලොස් එක පැසෙන්ජර් ශීට් එක පැත්තට විසි කරලා දාලා ගලවගෙන හිටපු හීල්ස් දෙකත් දාගෙන සුදු පාට හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන කාර් එකෙන් එළියට බැස්සේ ශයින් වෙන ශේඩ්ස් දෙකකුත් දාගෙනමයි...


යේළි කාර් එකෙන් එළියට බහිද්දි වටේ පිටේ කලබලෙන් එහෙ මෙහෙ යමින් ඉඳපු මිනිස්සු
මොහොතකට හැරිලා යේලි දිහා බලන්න අමතක කළේ නෑ.. ඒ යේලිගේ තිබුණු හිත් වශී කරන රූප ශ්‍රීය හින්දා නම් නෙමෙයි යේලිට තිබුණු අමුතු ෆැශන් සෙන්ස් එක හින්දා.. scarlet red පාටට හුරු ඔෆිස් කිට් එකක් ඇඳලා හිටපු යේලි දාගෙන හිටියේ රතු පාටින් ශයින් වෙන අඟල් කීපයක් ම උස හීල් එක.. කොටින්ම බැලන්ස් එකේ ඇවිදින්න බැරි වෙන තරමටම ඒ ෆුට් වෙයා එකේ හීල් එක හීනි සහ උසයි.. ඒ වගේම යේලි එක අතක දාගෙන ඉන්න තනි සුදු පාට බෑග් එක රතු පාට ඇඳුමට ළං වුණාම තවත් යේලිව හොඳටම කැපිලා පෙනුනා.. වටේපිටේ කිසිම දෙයක් තඹ දොයිතුවකට මායිම් නොකරපු යේලි මහ සද්දෙට කාර් එකෙ දොර වහලා ආයෙම පැසෙන්ජර් සයිඩ් එකේ දොර ඇරලා අර ප්ලාස්ටික් පෙට්ටිය අතට අරගෙන කලින්ටත් වඩා වේගෙන් සහ සද්දෙන් දමලා ගැහුවා වගේ දොර වහලා දැම්මේ වෙන මොකක් හරි තරහක් කාර් එකේ දොරෙන් පිට කරන්න වගේ...

හීල් එක පොළොවේ වැදිලා ඇහෙන 'ටොකොස්
ටොකොස්' සද්දෙත් එක්කම යේලි තමන් ඉදිරියේ තිබුණු මහල් ගණනාවකින් යුත් ගොඩනැගිල්ලට ඇතුළු වුණා.. යේලිව පහුකරගෙන යන යේලි දිහා කුටු කුටු ගගා බලන් හිටියේ යේලිත් එක්ක හමාගෙන ගියපු හුළඟට මුහු වෙලා තිබුණු නහය කඩාගෙන යන තරම් සැර ටෝකියෝ මිල්ක් bulletproof වර්ගයේ පර්ෆියුම් සුවඳ නිසා.. එස්කලේටර් එකට ගොඩ වුණු යේලි දෙවෙනි තට්ටුවේ වම් අත පැත්තට වෙන්නට තිබුණු ඔෆිස් එකක් දිහාවට ඇවිදගෙන ගියේ අර ප්ලාස්ටික් පෙට්ටිය වඩ වඩාත් හොඳට තද කරලා අල්ලගන්න ගමන්..

Happy birthday to you

Happy birthday to you

Happy birthday dear Menura..

Happy birthday to you !!!

යේලි ඒ ඔෆිස් එක තිබුණු පැත්තට ඇවිදගෙන යද්දිම ඇහුණේ ටිකක් සද්දෙන් පිරිසක් එකතු වෙලා බර්ත්ඩේ සෝන්ග් එක කියන සද්දේ.. ඒවගේම තව ටිකක් ඉස්සරහට ගියාම යේලි දැක්කා දිග මේසයක් ළඟ දහ පාළොස් දෙනෙක් වට වෙලා හිනාවෙවී අත්පුඩි ගගහා ඉන්න හැටි.. ඒ දිග මේසේ එක තැනක හැඩවැඩ දාපු බර්ත්ඩේ
කේක් එකකුත් ඒකට ළඟින්ම හිටගෙන ලස්සනට හිනාවෙවී ඉන්න පිරිමි ළමයෙකුත් හිටගෙන හිටියා.. කාර්‍යාලයෙන් තමන්ට හිමි වුණු දම් පාට පටියක් තිබුණු නේම් ටැග් එකක් බෙල්ලේ දාගෙන සුදු පාට ටී ශර්ට් එකක් උඩින් ස්කයි බ්ලූ කලර් ශර්ට් එකක් අන්බට්න් කරලා දාගෙන හිටපු ෆ්‍රින්ජ් හෙයා කට් එකට කොන්ඩේ හදාගෙන හිටපු තරමක් උස පැහැපත් කම්මුල් වල ගැහෙන ඒ පිරිමි ළමයා දිහා යේලි දාගෙන හිටපු ශේඩ්ස් අස්සෙන් බලාගෙන හිටියේ ගිනිගන්න ඇස්වලින්..

බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝම ඊළඟට බර්ත්ඩේ බෝයි කේක් එක කපනකන් බලන් නොඉවසිල්ලෙන් බලන් ඉද්දි යේලි එයාගේ ප්ලාස්ටික් පෙට්ටියත් අරගෙන ඒ මේසේ ගාවට ළංවුණා.. තමන්ට විශ් කරපු හැමෝටම හිනාවෙවී තෑන්ක් කරපු මෙනුර තමන්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ලැබුණු ලස්සන කියුට් කේක් එක කපන්න ලැහැස්ති වුණා..

කේක් එක කපන්න කියලා හිතාගෙන පොඩ්ඩක් ඔලුව පහතට නවපු මෙනුර හරිම ආසාවෙන් කේක් එකට පිහිය තියන්න යද්දිම සිද්ද වුණේ කවුරුවත් හීනෙකින්වත් සිද්ද වෙයි කියලා හිතපු දෙයක් නෙමෙයි.. එකපාරටම සුලි සුළඟක් වගේ එතනට කඩාගෙන ආපු යේලි කේක් එක කපන්න ඔලුව නවපු මෙනුරගේ බෙල්ලෙන් තද කරලා අල්ලගෙන කේක් එකේ මූණ එබුවේ වටේ ඉඳපු කට්ටියත් පුදුම වෙලා කරකියාගන්න දෙයක් නැතුව කටවල් ඇරන් බලන් ඉඳිද්දි.. සිද්ධිය එකපාරටම සිද්ද වුණු දෙයක් නිසා වටේපිටේ අයටත් ඒක නවත්තන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.. ටිකක් වෙලා මෙනුරගේ මූණ කේක් එකේ ඔබන් ඉඳපු යේලි මෙනුරගේ බෙල්ල අත ඇරලා ජරා ගොඩක් ඇල්ලුවා වගේ අප්පිරියාවෙන් බ්ලෙසර් එකේ අත පිහිදාගත්තා.. එකපාරටම සිද්ද වුණු දේ හින්දා හොඳමට තරහා ගිහින් ඉඳපු මෙනුර මූණ පුරා කේක් බේරෙද්දි එහෙමම ඔලුව උස්සලා බැලුවේ මේ වැඩේ තමන්ට කළේ කවුද කියලා බලාගන්න...

"බේබ්..."

තමන් ඉස්සරහා රතු කිකිළියෙක් වගේ හිටගෙන ඉන්න යේලිව දැක්ක ගමන් මූණේ බේරෙන අයිසින් එක අතකින් පිහිදගන්න ගමන් මෙනුර එහෙම කිව්වේ පුදුමෙන්.. හැබැයි ඒ මොහොතෙම ඒක හිනාවක් බවට කන්ටිනිව් වුණා..

"යු' ආ රියලි ෆනී බේබ්... අයි නෝ යූ ලව් ටු ප්‍රෑන්ක් මී නේ... හා හා හා..."

මෙනුර එහෙම කියලා සද්දෙන් හිනා වෙන්න ගත්තේ වටේහිටපු අයත් අමාරුවෙන් හිනාවෙන්න ට්‍රයි කරද්දි.... ඒත් යේලි හිටියේ ඇතුළාන්තයෙන් ගිනි ගන්න ගමන්.. ඒ නිසාම තවත් පරක්කු නොවුණු යේලී වටේ ඉන්න අය හිනාවෙන්න බිසී වුණු හින්දා තමන්ගේ අතේ තිබ්බ ප්ලාස්ටික් ටබ් එකේ පියන අයින් කරලා මෙනුර ඊළඟ වචනේ කියන්න යනකොටම ඒ ටබ් එකේ තිබුණු දේවල් මෙනුරගේ ඔලුවේ ඉඳන් පහළට වැක්කෙරන විදියට අත ඇරියා...

ඒ සිද්ද වුණු දේ යේලිට ඇරෙන්න අනික් හැම කෙනෙක්ටම පුදුමයක් වුණා. කුණු බිත්තර සාරු මෙනුරගේ ඔලුවේ ඉඳන් මුළු ඇඟ පුරා පහළට නානු වගේ ඇදි ඇදී බේරෙද්දි වටේ හිටපු මිනිස්සු ටිකක් ඈත් වුණේ බිත්තර සාරු ඇඟේ ගාවගන්න අවශ්‍ය නැති වුණු හින්දා වගේම ඒ කුණු බිත්තර ගඳ ඉවසගන්න බැරි වුණු හින්දා..

"බර්ත්ඩේ කේක් බේබි...."

තවමත් බිත්තර සාරු බේරෙන හින්දා ඇස් ඇරගන්න බැරුව හිටපු මෙනුරට යේලි එහෙම කිව්වේ අතේ තිබුණු ප්ලාස්ටික් ටබ් එක මේසේ උඩින් තියන ගමන්.. මූණ දිගේ බේරෙන බිත්තර සාරු ටික ටක් ගාලා එක අතකින් පිහිදාලා ඇස් ඇරගන්න පුළුවන් මට්ටමට වගේම කතා කරගන්න පුළුවන් මට්ටමට කුණු බිත්තර සාරු ටික අයින් කරගත්තට පස්සේ මෙනුර අමාරුවෙන් ඇස් ඇරියා...

"ආ යූ.... ක්‍රේයිසීඊඊඊ... වට් ද ෆක්... ඉස් ද්...."

"හා.. හා... හා... මොකද තමුසේ මාව ප්‍රෑන්ක් කළා වගේ මන් තමුසෙව ප්‍රෑන්ක් කරන්න හොඳ නැද්ද ආ...."

මෙනුර තරහෙන් කෑගහන්න ගියත් යේලි ඊටත් වඩා හයියෙන් මෙනුරගේ කටහඬ යටපත් වෙන තරම්ම සද්දෙන් බෙරිහන් දුන්නෙ වේගෙන් ශේඩ්ස් දෙකත් ගලවලා අතට අර ගන්න ගමන්.. යේලිගේ කටේ සද්දෙට මෙනුර විතරක් නෙමෙයි වටේ ඉඳපු මිනිස්සුත් භය භිරාන්ත වෙලා බලාගෙන හිටියා මිසක් ඒ මිනිස්සුන්ට රහසෙන් කුටු කුටු ගාන්නවත් සිහියක් තිබුණේ නෑ...

"ගායිස් මේක අපේ කතාවක්... ෆෝ ෆයිව් මිනිට්ස්.. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද.."

යේලි කන්නාඩිය ඇඟිලි අතරේ රඳවගෙන ඒක කරකවන ගමන් වටේ පිටෙ බලාගෙන හිටපු අනික් අයගෙන් ඇහුවේ බොහොම ඉවසීමෙන් වගේම.. යේලි එයාගේ තරහා කන්ට්‍රෝල් කරගෙන ඉන්න බව අනික් හැමෝටම පැහැදිලිවම දැකගන්න පුළුවන් වුණා යේලි දිවෙන් කම්මුල ඇතුළ තෙරපගෙන හිටපු විදියෙන්.. කොහොමත් අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා කුණු බිත්තර පාරක් කන්න අවශ්‍ය නොවන නිසා.. හැමෝම තම තමන්ගේ මේස වලට ගියේ රහසින් කුටු කුටු ගාන ගමන් යේලි සහ මෙනුර දිහා බලන ගමන්මයි...

"යේලි... තමුසෙට පිස්සු තද වෙලාද ආහ්හ්.. මේ මන් වැඩ කරන තැන...."

"ඇයි බබා.. බර්ත්ඩේ එකට මන් ඔයාට දුන්නු සප්‍රයිස් එක සැර වැඩීද ආහ්..."

"යේලී තමුසේ......."

"මේ තමුසේ මාත් එක්ක සෑහෙන ලොකු ගේම් එකක් ප්ලේ කරානේ නේ මේ ඒකට රිටර්න් එක... තමුසේ කොහොමද හිතුවෙවත්... මට චීට් කරන්න ආ....."

යේලි වැඩිය අනික් අයට නෑහෙන්න හැබැයි මෙනුරට හොඳට ඇහෙන්න පොඩ්ඩක් පහත් වෙලා එහෙම කිව්වේ ඇස්වලින් මෙනුරව පිච්චිලා යන තරම් බැල්මක් දාන ගමන්.. ඒක ඇහුණු ගමන් මෙනුරගේ කටත් එක්කම ඇරුණේ ඒ අලුත් ආරංචියෙන් ඇතිවුණු අදහාගන්න බැරි පුදුමෙට...

"බ්..බේබ්... අ.. අහන්නකෝ.. මන් ඔයාට චීට් කළෙ නෑ.. ප්ලීස් ට්‍රයි ටු අන්ඩස්ටෑන්ඩ් මී.. ක්... කවුරු හරි ඔයාට බොරු කියලා..."

"මන් මගේ ඇස් දෙකෙන් දකිනකන් කිසි දෙයක් විශ්වාස නොකරන බව තමුසේ දන්නවනේ... තවමත් ඒක පිළිගන්න හිතෙන්නැද්ද ආ..."

"යේලි.. ලිස්න්....."

"ජස්ට් ශටප් මෙනුර... දැනට මේ කතාවේ දුශ්ටයා මමනේ... එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ව මිනිස්සු ඉස්සරහා humiliate කළේ මමනේ නේ.. හැබැයි තමුසේ තව කියවගෙන ආවොත් ඒක අනික් පැත්ත ගහන්න මට බැරිකමක් නෑ.. මන් එහෙම කළොත් තමුසේ තවදුරටත් මේ මිනිස්සුන්ට අහිංසක හරිම යහපත් හුරුබුහුටි මෙනුර වෙන එකක් නෑ... තමුසේ එතකොට කෙල්ලෙක්ට හරිම කැත.. පහත් විදියට චීට් කරලා වෙන ගෑනු එක්ක බුදියන තවත් එක ජරාම ජරා කාලකණ්ණි පිරිමියෙක් විතරක් වෙයි..."

"ය්..යේලි...."

"මන් තමුසෙට එක දවසක් හරි ආදරේ කරපු හින්දා තමයි තමුසෙව හොඳ මිනිහා කරලා මේ කතාවේ දුශ්ටයා මම වුණේ හරිද... තමුසේ කොහොමද නිකන්වත් හිතුවේ මට චීට් කරන්න ආ..."

"යේලි අහන්න..."

"තවත් කතා කරන්නවත් අහන්නවත් දෙයක් මට නෑ මෙනුර.. තමුසේ හිතනවනම් මන් බෝයිෆ්‍රෙන්ඩ් චීට් කළාට පස්සේ පැත්තකට වෙලා අඬ අඬ ඉන්න ජාතියේ කෙල්ලෙක් කියලා ඒක තමයි තමුසෙට වැරදුණු ලොකුම තැන..."

මෙනුරගේ මූණටම එහෙම කියපු යේලි ආයෙම ශේඩ්ස් දෙක දාගෙන ටේබල් එක උඩින් තිබ්බ බාස්කට් එකත් එක අතකට අරගෙන කොණ්ඩෙත් ගස්සගෙන අනික් පැත්තට හැරිලා හරිම ස්ට්‍රේට් විදියට වටේ කුටු කුටු ගගා බලන් ඉන්න මිනිස්සුන්ව එක පොඩ්ඩක්වත් කෙයා නොකර ඔෆිස් එකෙන් එළියට ඇවිදගෙන ගියේ බිත්තර සාරු තාමත් ඇඟ පුරා බේරෙන මෙනුර යේලි දිහා තරහෙන් පුපුර පුපුර බලාගෙන ඉඳිද්දි..

බිල්ඩින් එකෙන් එළියට එන ගමන් බාස්කට් එක ඩස්බින් එකකට විසි කරපු යේලි ඒ වෝක් එකෙන්ම ඇවිල්ලා කාර් එකට නැගලා දොර වහලා හෑන්ඩ් බෑක් එක පැසෙන්ජර් ශීට් එකෙන් තියලා ශීට් එකේ පිටිපස්සට වෙලා වාඩිවෙලා ලොකූ හුස්මක් පහළට දැම්මා... ශේඩ්ස් දෙක ගලවලා පැත්තකට දාපු යේලි දකුණු අතෙන් කොණ්ඩේ ටිකක් පිටිපස්සට කරලා නළල තද කරගත්තේ ඇස් දෙක පියාගන්න ගමන්... ඒ විදියට ටිකක් වෙලා ඉඳපු යේලි ආයෙම ඔලුව ස්ටියරින් වීල් එකට ඔලුව ගහගත්තා.. එහෙමම දෙතුන් පාරක්ම යේලි ස්ටියරින් වීල් එකේ ඔලුව හප්පගත්තේ ආයේ පියවි සිහියට එන්න වගේ...

"ශික්..... හිතේ තිබ්බ ටික කියාගන්න බැරි වුණානේ..."

ආයෙම ඔලුව උස්සලා ශීට් එකේ පිටිපස්සට හේත්තු කරගත්තු යේලි අත් දෙකෙන්ම කොණ්ඩේ ඉස්සරහට ඇදගන්න ගමන් තමන්ටම එහෙම කියාගත්තා.. ඒ වෙලාවේ යේලිට මතක් වුණේ ඊයේ රෑ එයාගේ ඇස් දෙක ඉස්සරහම මෙනුර වෙන කෙල්ලෙක් එක්ක හුරතල් වෙවී ඉඳපු විදිය... කොහොම හරි එකොළහමාර වෙද්දි අමාරුවෙන් වැඩ ටික ඉවර කරගෙන ඉතුරු වුණු වැඩ ටික ඊළඟ දවසට ශෙඩියුල් කරගත්තු යේලි එදා රෑ මෙනුරට කෝල් එකක් දුන්නේ එයා ඉන්නේ කොහෙද කියලා දැනගන්න.. ටිකක් අසනීප හින්දා මෙනුර වේලාසින් ගෙදර ආව බව මෙනුරට ගත්තු කෝල් එකෙන් යේලිට දැනගන්න ලැබුණා.. හිත යට තව ප්ලෑන් එකක් තියාගෙන මෙනුරට රෙස්ට් කරන්න කියපු යේලි.. ලස්සන බර්ත්ඩේ කේක් එකකුයි මෙනුරට බර්ත්ඩේ ගිෆ්ට් එකකුයි අරගෙන මෙනුරව සප්‍රයිස් කරන්න කියලා හිතාගෙන එයාගේ අපාට්මන්ට් එකට ආවේ හිත යටින් සතුටු වෙන ගමන්..

යේලි පුළුවන් තරම් ඉක්මනට අපාට්මන්ට් එකේ අන්ඩග්‍රවුන්ඩ් පාක් එකේ කාර් එක පාක් කරලා තෑගිත් උස්සගෙන මෙනුරගේ ගෙදරට යන්න ලිෆ්ට් එකට ගොඩවෙන්න කියලා හිතාගෙන පාකින් එක මැදින් ඉස්සරහට ඇවිදගෙන යමින් හිටියා... ඒත් ඒ විදියට අඩි කීපයක් ඉස්සරහට යද්දි මෙනුරගේ කා එක ගාව දැකපු හෙවණැලි වගයක් නිසා යේලි යන ගමන පැත්තකින් තියලා කාර් එක නවත්තලා තිබුණු පැත්තට ළං වුනේ බොහොම සෝදිසියෙන්.. ඒත් ඒ වෙලාවේ යේලි දැක්කේ තමන්ගේ ජීවිතේ එයා දකින්න කොහෙත්ම ආස නැති දෙයක්.. කවදත් බොරුවයි රැවටීමයි පෙන්නන්නම බැරි වුණු යේලිට ඒ දැකපු දේවල් කොහෙත්ම දරාගන්න බැරි වුණා.. ඒත් හිතේ හයියට අතෙන් අත ඇරෙන්න ගියපු බෑග්ස් දෙක අතඇරෙන්න නොදී යේලි ඒ බෑග්ස්වල හැන්ඩ්ල්ස් තද කරලා අල්ලගත්තා..

ඇස් ඉස්සරහම තමන්ට පිටුපාලා ඉන්න කවුදෝ කෙල්ලෙක්ව පිස්සුවෙන් වගේ කාර් එකෙ බොනට් එකට හේත්තු කරගෙන කිස් කරන මෙනුරව දැක්කාම යේලිට දරාගන්න බැරි තරමේ කේන්තියක් ඇඟ පුරාම පැතිරෙන්න ගත්තා... මෙනුරගේ අත් කිසිම පාලනයක් නැතුව ඒ ගෑනු ළමයගේ පිට පුරා සැරිසරද්දි ඒ ගෑනු ළමයත් බොහොම කැමැත්තෙන් මෙනුරගේ ළඟටම තුරුලු වෙන හැටි යේලි බලාගෙන හිටියේ තමන්ගේ යටිතොල සෑහෙන තදින් දත්වලින් හපාගෙන ඉඳිද්දි.... ඒවගේම මෙනුර බොනට් එක උඩින් එක අතක් තියාගෙන කාර් එක පැත්තට බර වෙද්දි ඒ ගෑනු ළමයත් සීරුවට බොනට් එක උඩට බර වෙන හැටිත් ඒ දෙන්නගේ සිප ගැනීම් කිසිම විදියකින් නොනැවති දිගටම තව තවත් උමතු රළු බවකට පෙරලෙද්දි රතුවෙලා තිබුණු යේලි ගේ ඇස්වලට නොදැනීම කඳුළු පිරුණා...

අප්‍රසන්න මතකයක හිර වෙලා හිටපු යේලි ආයේ පියවි සිහියට ඇවිල්ලා ගොඩක් තදින් එයාගේ කම්මුල්වලට ගහගත්තේ හරි සිහියට එන්න... ආයෙම ලොකු හුස්මක් ගත්තු යේලි කාර් එක ඇතුළෙදිම සිල්වර් පින්ක් කලර් ඔෆිස් ශූට් එකකට මාරු වුණේ මෙනුරව මිට් වෙන්න යන්න ඇඳපු තද රතු පාට ඩ්‍රස් එක කාර් එකේ පිටිපස්සේ ශීට් එකට ගුලි කරලා විසිකරන ගමන්.. ඊටපස්සේ ආයෙම කාර් එකේ මිරර් එක ඇජස්ට් කරගත්තු යේලි ඒ වෙලාවේ දැක්කා එයාගේ ඇස් රතුවෙලා කඳුළු එන්න ඔන්න මෙන්න මට්ටමට ඇවිල්ලා කියලා...

"හ්හ්.... පිස්සුද බන් අඬන්න.. ඔය වගේ ජරා මිනිහෙක් හින්දා... නෝ නෙවර්.....!!"

තමන්ටම එහෙම කියපු යේලි අත් දෙකෙන් වේගෙන් ඇස්වලට හුලං ගහගන්න ගත්තේ හරියට ඇස්වල බාගෙට වගේ පිරිලා තියෙන කඳුලු වේලගන්න ට්‍රයි කරන ගමන්... ටිකකින් ටිශු එකක් අරගෙන තොල්වල ගාපු තද රතු ආලේපනේ පුදුම වේගෙන් පිහිදාලා පිහිදාලා අයින් කරපු යේලි flesh pink matte liquid lipstick එකක් අරගෙන ලිප්ස්වල ඇප්ලයි කළා... ආයෙම කොණ්ඩෙත් ටිකක් හදාගත්තු යේලි හොඳ හුස්මක් වගේ හොඳ හිනාවක් මූණට අරගෙන එයාගේ ආදරණීය කම්ෆර්ට් සෝන් එක එහෙමත් නැත්තන් ආත්‍රා ජුවලර්ස් ශෝ රූම් එක.. තවත් විදියකට කියනව නම්.. ආත්‍රා ජුවලර්ස් ස්ටුඩියෝ එක පැත්තට කාර් එක අරගෙන ගියා...

ඒ ගමනෙදි ආයෙම කලර් ලයිට් එකක් ඉස්සරහා වාහනේ නවත්ත වුණු නිසා ඒ අවසරෙන් නිකමට වගේ යේලි ෆෝන් එකට ආපු මැසේජස් චෙක් කළා.. ඒ අතරේ උඩින්ම තිබුණේ මෙනුරගේ මැසේජස් දෙක තුනක්..

"හරි මන් පිළිගන්නවා... මන් ඇක්සිඩන්ටලි ඔයාට චීට් කළා තමයි... හැබැයි මන් හිතලා කළේ නෑ ඒක..."

"හහ්... හිතලා කළේ නෑ කියන්නේ මොකක්ද මිනිහෝ.... අනික ඇක්සිඩන්ටලි.. ඒක මාර චීට් කිරිල්ලක් නේ දෙයියනේ...."

යේලි මෙනුරගේ මැසේජ් එක කියවලා තමන්ටම එහෙම කියාගත්තේ ඉහවහා යන තරහකින්..

"අනික කොහොමද ඔයා ඕක දැනගත්තේ.... කවුද ඔයාට කිව්වේ...."

"තමුසෙට නිකමටවත් සොරි කියලා කියන්න හිතෙන්නැද්ද මෙනුර.. ඇත්තටම.. තමුසේ මගෙන් සමාව ගන්න ඕන්නැද්ද... තමුසෙනේ වැරැද්ද කළේ.. මෙහෙම මිනිහෙක්ට මාත් රැවටුණානේ ශිට්.."

තමන්ටම එහෙම කියාගෙන ෆෝන් එක එහෙමම අනික් පැත්ත හරවලා ශීට් එක උඩට විසි කරපු යේලි ග්ලාස් එකට ඔලුව ගහගෙන බලාගෙන හිටියේ කොළ පාට මාර්ග සංඥාව දැල්වෙනකන්...

ස්ථානය : රාජ මාළිගාව

මාළිගාවේ විශාල තාප්පවලට එහා පැත්තේ තියෙන අගනුවර පරිසරය කොයිතරම් ඝෝෂාකාරී සහ කාර්‍යබහුල වුණත් තාප්පවලින් ඇතුළේ තිබුණු මාළිගාව අවට පරිසරයේ තිබුනේ අසාමාන්‍ය නිස්කලංක බවක්. කඩිසරව එහෙ මෙහෙ දුවන සේවිකාවන්ගෙන් පවා ඒ නිස්කලංක බවට බාධාවක් වුණේ නෑ.. ඒ අතරිනුත් වැඩිපුරම සුන්දර නිස්කලංක පරිසරයක් තිබුණේ නැගෙනහිර මාළිගාවේ අංගනයේ එක් අන්තයක හදලා තිබුණු ගිම්හාන මණ්ඩපය අවට පරිසරයේ.. හොඳට නඩත්තු කරපු තරමක් විශාල කොළ පාට තණ පිට්ටනියේ එක අන්තයක ලී කැටයම් සහිත කණු වගේම චීන ගෘහ නිර්මාණශිල්පයට අනුව නිමවන සද අගින් මකර හිස සහිත වහලය ඒ ගිම්හාන මණ්ඩපයට ගෙනාවේ අමුතු ලස්සනක්...

නැගෙනහිර මාළිගයේ හිමිකාරිත්වය දැරුවේ නව සහස්සක්ඛ පරපුරේ දෙවනි රජතුමා ; වෙනත් විදියකින් කියනවනම් 1985 සිට 2010 වෙනතෙක් රාජකීය කිරීටයේ භාරකාරත්වය දරලා මේ වනවිට විශ්‍රාම ගිහින් ඉන්න හිටපු රජතුමා එහෙමත් නැත්තන් දැනට කිරීටයේ භාරකාරත්වය දරන සහස්සක්ඛ පරපුරේ තුන්වන රජුගේ පියාණන්... රාජකීය පවුලේ වැඩිහිටියන් මුණ ගැසීමට යාම පෙරකාලයේ සිටම පැවතගෙන එන සිරිතක් වුණු නිසා... නැගෙනහිර මාළිගාවේ ගිම්හාන මණ්ඩපයේ සුවපහසු අසුන්වල වාඩිවෙලා හිටපු රජතුමා, වත්මන් රජතුමා සහ ඔහුගේ රැජිනිය උදෑසන තේ පානය ලබාගනිමින් සිටියා...

"කිරුලහිමි කුමාරයගේ විවාහය තවත් ප්‍රමාද කරන එක සුදුසු නැහැ අප්පච්චි"

තේ කෝප්පයෙන් හමන රස නහර පිනවන චීන තේ සුවඳින් ටිකක් ආඝ්‍ර්‍රාණය කරපු රජතුමා තමන්ගේ පියාට එහෙම කිව්වේ බැරෑරුම් කටහඬකින්..

"මාත් ඒ කතාවට නම් එකඟයි... දැන් අවුරුදු විසි හතක් වෙන්නත් ඇවිල්ලා.."

රජතුමාගෙත් රැජිනියගේත් කරුණු දැක්වීම් සාවධානව අහගෙන හිටපු පිය රජු තමන්ගේ තේ කෝප්පයෙන් උගුරක් පානය කරන අතරතුරේම මද හිනාවක් මූණට අරගත්තා...

"මටත් දැන් හිතෙනවා ප්‍රධාන්ට අපි දීපු කාලය ඇති කියලා... ආහ්.. ඔය එන්නේ කියනකොටම.. අපි මේ ගැන අද කුමාරයා එක්කම එහෙනම් කතාබහ කරගමු..."

සේවකයන් කිහිපදෙනෙක්ද සමඟින් ගිම්හාන මණ්ඩපය වෙතට එන කිරුළ හිමි කුමාරයව ඈත ඉඳන්ම දැකපු පිය රජතුමා එහෙම කිව්වේ සුපුරුදු හිනාව මූණට නගාගන්න ගමන්මයි.. උදෑසන වැඩිහිටියන් හමුවීමට පැමිණීමේදි ජාතික ඇඳුම එහෙමත් නැත්නම් නැශනල් එක අඳින එක අනිවාර්‍ය නීතියක් වුණා... කිරුළ හිමි කුමාරයා විශේෂයෙන්ම ඒ නීතියට යටත් වුණා.. උදේට වැටෙන සෞම්‍ය හිරු එළිය කිසි බාධාවක් නැතුව ප්‍රධාන්ගේ අයිවරි පාට නැශනල් එකට හරි අමුතු හැඩයක් අරගෙන ආවා.. කිරුළ හිමි කුමාරයා උදෑසන හමුවලට අඳින නැශනල් එක කිසිසේත්ම තනි සුදු සාමාන්‍ය නැශනල් එකක් වුණෙ නෑ... ඒක විවිධාකාරයේ සරල නමුත් අගනා මෝස්තරවලින් හැඩවුණු විවිධ පාටවලින් අලංකාර වුණු නැශනල් එකක්.. උස ප්‍රමාණයට ගැලපෙන මහතක් පවත්වාගෙන යාම රාජකීය කුමාරයකු වුණු ප්‍රධාන්ට අනිවාර්‍යෙන්ම සිදු කරන්න වුණා... මොකද ජනතාව ඉදිරියේ ප්‍රියමනාප කඩවසම් තේජාන්විත ප්‍රතිරූපයක් තබාගන්න එක කිරුළට හිමිකම් කියන කුමාරයෙක් සතුවෙන්න ඕන විශේෂ ලක්ෂණයක්..

ගිම්හාන මණ්ඩපයට ගොඩවුණු වහාම ප්‍රධාන් ඉස්සෙල්ලම පසඟ පිහිටුවලා වැඳලා තමන්ගේ මුත්තණුවන්ට ගරු බුහුමන් දැක්වුවා... ඔහු මුළු දේශයේම පිය රජතුමා වුණු නිසා රජමාළිගාවේ ඉහළම නිලය දරන්නා වුනේ ඔහුයි.. අනතුරුව පිළිවෙලින් රජතුමාටත් රැජිනියටත් පසඟ පිහිටුවා වැඳ තමන්ගේ ගෞරවය සහ උදෑසන සුබපැතුම් එක් කරපු කිරුළ හිමි කුමරු තමන්ට හිමි අසුනේ වාඩිවුණේ ප්‍රසන්න හිනාවක් මූණට ගන්න ගමන්.. ඒ අතරේ සේවිකාවන් දෙන්නෙක් යුහුසුලුව ප්‍රධාන්ට තේ පිළිගැන්වීම සිදුකළා...

"උදේම නැශනල් අඳින එක හරි කරදරයි නේ ප්‍රධාන්.."

පිය රජතුමා හිනාවක් මුහුණට නගාගෙන ප්‍රධාන්ගෙන් එහෙම ඇහුවේ ඔහු අද ටිකක් ප්‍රමාද වුණු නිසා..

"එහෙම නෑ පිය රජතුමනි.. ඒක සිරිතක්නේ... කිරුල හිමි කුමාරයා විදියට රාජකීය සිරිත් ඉටුකරන එක මගේ වගකීම.."

"ප්‍රධාන්.. මේ මුළු දේශයටම මන් පිය රජතුමා වුණාට මන් ඔයාගේ සීයා... බොහොම යසයි තරුණ ළමයට දේවල් අමතක වෙන ඉක්මන...."

"සමාවෙන්න සීයා.. මන් මේ දවස්වල මගේ පුහුණුවීම්වලට අවංක වුණා.. ඒකයි ඉබේම එහෙම කියවුණේ..."

ප්‍රධාන් එහෙම කිව්වාම වැඩිහිටියන් තුන්දෙනාගෙම අතරේ හිනාවක් පැතිරුණේ ප්‍රධාන්ගේ ඒ හැසිරීම දැකලා..

"ප්‍රධාන්ට ගෑනු ළමයෙක් එහෙම නැද්ද.. මන් අහන්නේ කැමති කෙනෙක්..."

ප්‍රධාන් තේ කෝප්පයට ඇස් ඔබාගෙන සිටින අතරතුර රජතුමා ඔහුට ප්‍රශ්නයක් විසි කළා..

"ගෑනු ළමයෙක්?"

"ඔව්.. කිරුළ හිමි කුමාරයා විදියට දැන් ප්‍රධාන් විවාහ වෙන්න ඕන.."

"ද්...දැන්ම?"

"ප්‍රධාන්ගේ තාත්තා විවාහ වුණේ අවුරුදු දහ අටේදි මන් විවාහ වුණේ අවුරුදු 21 දී.. ඉතින් ප්‍රධාන්ට සෑහෙන කල් හම්බෙලා තියෙනවනේ තනියම ඉන්න.."

රජතුමා එහෙම කිව්වේ අතේ තිබුණු තේ කෝප්පය ඉස්සරහින් තිබුණු පීරිසිය උඩින් තියන ගමන්.. අද නැත්තන් හෙට රාජකීය පවුල මේ ප්‍රශ්නය තමන් වෙත යොමු කරන බව ප්‍රධාන් හොඳටම දැනගෙන හිටියා.. ඒත් කටක් ඇරලා 'ඔව් මන් කැමති ගෑනු ළමයෙක් ඉන්නවා රජතුමනි' කියලා කියන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි ප්‍රධාන් හිටියේ.. තමන් ආදරේ කරන ගෑනු ළමයගේ අවසරයක් නැතුව විවාහය වගේ බැරෑරුම් දෙයක් ගැන රාජකීය පවුලට දැනුම් දෙන එක පොඩ්ඩක්වත් සුදුසු නැති බව ප්‍රධාන් හොඳටම දැනගෙන හිටියා.. ප්‍රධාන්ගේ හිතේ තිබුණු ලොකුම බය තමයි රජ පවුලෙන් නියම කරන ගෑනු ළමයෙක්ව තමන්ට විවාහ කරගන්න වෙයිදෝ කියන එක.. මොකද රාජකීය පවුලෙන් තමන්ට ගෑනු ළමයෙක් යෝජනා කළොත් කිරුළ හිමි කුමරු විදියට ඒක ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තිබුණත් ඒ ඉදිරිපත් කරන එක යෝජනාවකට හරි අනිවාර්‍යෙන්ම ඔහුට කැමති වෙන්න වෙන බව ප්‍රධාන් දැනගෙන හිටියා... හැබැයි තමන් ආදරය කරන ගෑනු ළමයා හැර වෙන කෙනෙක් මැරි කරන්න ප්‍රධාන්ගේ තුන් හිතකවත් අදහසක් තිබුණේ නෑ..

"ප්‍රධාන්ගේ හිතේ කවුරුහරි ගෑනු ළමයෙක් ගැන අදහසක් තියෙනවනම් හරි ඔයාට කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවනම් හරි අපිට කියන්න.. ඒ ගෑනු ළමයා මොන කුලේද මොන ආගමේද මොන ජාතියෙද.. දුප්පත්ද පොහොසත්ද කියන එක අපිට අදාල නෑ.. අපිට වටින්නේ ඔයාගේ කැමැත්ත.."

පිය රජතුමා බැරෑරුම් විදියට ප්‍රධාන්ගේ එක අතකින් අල්ලගෙන එහෙම කියද්දි ප්‍රධාන්ගේ ඇස් පුදුමෙන් ලොකු වුණා. එහෙමම ප්‍රධාන් බැලුවේ රජතුමාගෙත් රැජිනගෙත් මූණු දිහා ඒ දෙන්නත් සීයගේ කීම අනුමත කරන්න වගේ ඔලුව ඉහළ පහළ කරද්දි රජපවුලේ කවදාවත් නොගත් මේ වෙනස් තීරණය ගැන ප්‍රධාන්ට අදහාගන්න බැරි පුදුමයක් ඇතිවුණා....

"දෛවය ඔයාගෙන් සෑහෙන්න දේවල් උදුර ගත්තනේ පුතේ... ඉතින් ඒ මදිද... අපිට ඕන්නෑ ඔයා ආදරය කරන කෙනෙක් ඔයාගෙන් ඈත් කරන්න.. කිරුළ හිමි කුමාරයා වුණාට ඔයත් තරුණ දරුවෙක්නේ... ඔයා සතුටින් ජීවත් වෙන්න ඕන...."

"අ..අම්මා... මට දවසක් කල් දෙන්න පුළුවන්ද..."

"දවසක්?"

"ඔව්... එක දවසක්.. ඊට පස්සේ ඔයාලා කැමති තීරණයක් ගන්න.."

"ප්‍රධාන් දවසක් නෙමෙයි දවස් දෙක තුනක් හරි අපිට කල් දෙන්න පුළුවන්.. හැබැයි ඔයා හිතන් ඉන්න විදියට දේවල් සිද්ධ නොවුණොත් අපිට ඔයාට හොඳ ගෑනු ළමයෙක් බලන්න වෙනවා... තේරුණාද..."

"ඔව් රජතුමනි.. මට තේරෙනවා.. මට එකම එක දවසක් කල් දෙන්න.. ඒ ඇති..."

විවාහය ගැන කතාබහ එතනින් එහෙම නිමා වුනත් මේ වෙද්දි ප්‍රධාන්ගේ හිතේ ඇතිවෙමින් තිබුණේ පුදුමාකාර නොසන්සුන්බවක්.. උදෑසන හමුව ඉවර වුණු ගමන්ම වගේ ඉක්මනින්ම ඇයව මුණ ගැහෙන්න යන්න ඔහු තීරණය කළා... තමන් අවුරුදු කීපයක්ම ආදරය කරපු ගෑනු ළමයට ප්‍රපෝස් කරන්න හොඳ විදියක් ගැන ප්‍රධාන් දහ අතේ කල්පනා කළේ උදෑසන හමුවේ වැඩිහිටියන් විවිධ මාතෘකා ගැන රසවත් කතාබහක් කරගෙන යන අතරතුරේමයි..

....................................................................

Continue Reading

You'll Also Like

12.7K 1.2K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
49.2K 6.5K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
2.4K 438 14
ඇස්කාරයෝ ! තාමත් ඔය ආඩම්බරකාර ඇස් ලස්සනට හිනා වෙනවා! මගේ පෙම්බර හිත ඇතුළේ හිරවුණු හැගීම් එක්කම! 📌️Start date : 2022/02/25 🔚End date : 2022/06/08
4.8K 651 16
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසා...