අහිමි මතක (Taekook Nonfanfict...

By JeonJJT

4.4K 951 308

මන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සම... More

To My Readers 🥰
හැදින්වීම
පළමුවන කොටස
දෙවන කොටස
තුන්වන කොටස
හතරවන කොටස
A/N
හයවන කොටස
හත්වන කොටස
A/N
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වන කොටස
දොළොස්වන කොටස
දහ තුන්වන කොටස
දාහතරවන කොටස

පස්වන කොටස

244 60 6
By JeonJJT


අභිශේක් pov:


"අම්මේ....! මගෙ ඔලුව.
ඔලුව පුපුරන්න වගේ රිදෙනවා.මොකද්ද වුණේ. එතකොට කොහෙද මගෙ රෝසමල."


මන් ඇදෙන් නැගිටලා පහළට ගියේ රෝස මල මන් එක්ක නැති නිසා.පහලට යද්දි කවුරුවත් පහල හිටියෙ නැහැ. ඉතින් මන් එලියට ගිහින් බැලුවෙ කවුරුවත් ඉන්නවද කියලා. මේ වලව්වෙ මිනිස්සුන්ට මොනවා වෙලාද හිටි ගමන් අතුරුදහන් වෙන්නෙ. විශේෂයෙන්නම අර සුදූද සදූද කියන කොල්ලා. මේ ඉන්නවා මේ නෑ අනේ මන්දා.
මන් යද්දි අප්පච්චි ඉන්නවා ඉස්සරහ සැටියෙ ඉදගෙන.



"අභිශේක් නැගිට්ටද ? ඇයි කතා කරේ නැත්තෙ.දැන් හොදද"



"ඕනේ නෑ අප්පච්චි. මේක නිකන් කැරකිල්ලක් විතරයිනෙ."



"පුතා ඕකට බෙහෙත් ගන්නවනෙ.මන් වෙද මහත්තයා ගෙන්නලා ඇහුවා ඊයේ හවස. ඔය කැරකිල්ල තියන්නෙ දැන් කොයි කාලේ ඉදන්ද තවම අඩු නෑනේ.මට බය හිතුනෙ නැගිටින්න පරක්කු වෙච්චි හන්දා.අර සදූ කොල්ලත් ඊයේ හවස ඉදන් නිවනක් නැතුව වැඩ පොඩි එකාව බලාගන්නයි, ගෙදර වැඩ කරන්නයි.තව වෙද මහත්තයා දුන්නු බෙහෙත් කෙටුවෙත් සදූ කොල්ලම තමයි.ඒ කොල්ලා ඇඩුවත් එක්ක.මන් හිතන්නෙ බය වෙන්න ඇති. තවම හරි බොලද කොල්ලනෙ."




ම්..මොකද්ද ඒ කතාව. අප්පච්චි මොනවද දෙයියනෙ මේ කියන්නෙ.රෝසමලව බලාගත්තට නම් කමක් නෑ.ඒත් ඒ කොල්ල මොන එහෙකටද මන් faint උනහම අඩන්නෙ. අනික මන් එයාගෙ කවුරුවත් නෙමෙයිනෙ.



"අප්පච්චි එතකොට කොහෙද විනූ ඉන්නෙ."



"සදූ කොල්ලා එක්කම තමයි ඇත්තෙ.දැන් අප්පච්චිවයි සීයා පප්පවයි දෙන්නවම එපා වෙලාද කොහෙද මගෙ පොඩ්ඩට."



"මන් ගිහින් එක්ක එන්නම් අප්පච්චි."



මන් මිදුලට ගිහින් වත්ත වටේම බැලුවත් කවුරුවත් පේන්න හිටියෙ නෑ.ඒ නිසා මම මට හිතෙන එයාලා ඉන්න පුලුවන් අන්තිම තැනට ගියා. ඔව් හිතුවා වගේම පහළ ලිද ගාව.ඒත් මට ඒ කොල්ලා සදූව තියන් ඉදන් ඉන්න තැන දැකලා උන් හිටි තැනුත් අමතක වුණා.මට දැන් ඒ කොල්ලව බෙල්ලෙන් අල්ලගන්න පුලුවන්.කාගේ දරුවද ඒ කොල්ල මෙහෙම හැම තැනම එයාට ඕනේ ඕනේ විදිහට ගෙනියන්නෙ.මට ආපු කේන්තය එක්ක එක තප්පරෙන් මන් හිටියෙ ඒ කොල්ලා ළග.




"තමුන් ඔය මොකද කරන්නෙ ආ."





මන් ඇහුවට කොල්ලගෙ සද්දයක්වත් නෑ.මට ආපු කේන්තියට මම කොල්ලගෙ කම්මුලට ගැහුවා. මගෙ රෝසමල තමයි මට ඉන්න වටිනම වස්තුව.මන් ඉන්නකොටනම් කමක් නෑ.ඒ කොල්ලා කොහොමද මගෙන් අහන්නෙවත් නැතුව.මන් රෝසමලව මන් ලගට ගත්තෙ කොල්ලා කම්මුල අල්ලන් බිම බලන් ඉද්දි.





"තමුන් මේක හොදට අහගන්නවා.තමුන් ආපහු මගෙ රෝසමලට අතක් හරි තිබ්බොත් මන් නරක මනුස්සයයි කියන්න එපා.හොදයි හොදයි කියලා ටිකක් බලාගන්න දුන්නහම මේ වගේ තැන් වලත් එක්ක එනවද ආ.මගෙ දරුවට මොනවහරි වුණොත් තමුන්ව මම ඉතුරු කරන්නෙ නෑ.කාගෙ දරුවද තමුන් මෙහෙම තැන් තැන් වල අරන් යන්නෙ ආ.තමුන් මේ වලව්වෙ වැඩ කාරයෙක් වුණාට මගෙ දරුවා එහෙම නෑනේ.ඒ නිසා ආපහු තමුසෙ මගෙ දරුවව බලාගන්න ඕනේ නෑ.දැන් මෙතන මොකෙද්ද වගේ බලන් ඉන්නෙ නැතුව යනවා යන්න."





මට ඇත්තටම කේන්තියි.මන් ආපහු රෝසමලව එක්කන් වලව්වට එන්න ආවා.
ඒත් එක්කම රෝසමල මට කතා කරලා කිව්වෙ වෙනම දෙයක්.





"දැදා නැගිත්තද? ඒත් තදූ පව් දැදා. ඇයි උයා එයාත ගැවුවෙ. ලිදෙනවා ඇති තදූත.දැදා උයා ඊයේ දොයියන් ඉද්දි උයා නගිත්තෙ නා කීලා තදූනම් උයාත ගහව්වෙ නා.එයා උයාත කිශී එහෙකුත් දුන්නා.ඒත් උයා ඇයි එයාත ගහව්වෙ.කිශී දෙන්න හොද නෑද ඒ නිතාද උයා සදූත ගහව්වෙ."





මොකද්ද ඒ කතාවේ තේරුම ගැහුවෙනෑ, එතකොට කි..කිස් මො..මොනවද මේ රෝසමල කියන්නෙ.ඒ කොල්ලවනම් මට තේරුම් ගන්නම බෑ.මොන විකාරයක්ද මේ. ඇයි මට ඒ කොල්ල පව් කියලා හිතෙන්නෙ.මට ඒ වෙලාවේ එහෙම පව් කියලා හිතුනෙ නෑනේ.සමහර විට රෝසමල කිව්වනිසා වෙන්න ඇති.මට මොකද කවුරුවත් අඩපුවහම එයා සෙල්ලන් කරන්න හැදුවෙ මේ දේවරාජ පොඩි හාමුගෙ ජීවිතේ එක්ක.






___________________________________________





සදහිරු pov:


පුංචි බේබිව එක්කන් පහළට යන්න හිත නොදුන්නත් මම පුංචි බේබිවත් එක්කන් පහළට ගියේ පහළ ළිදට පොඩ්ඩක් එහයින් තියන ඇළේ මාළු බලන්න ඔන්නෙමයි කියලා පොඩ්ඩ අඩපු නිසා.පස්සෙ මාළුත් පෙන්නලා එනකොට ළිං පඩිය උඩ ඉදගන්න කියලා යනකොටම මට මතක් වුණේ පුංචි බේබි මන් අතේ නේද කියලා.ඒක පුරුද්දකට ගිහිල්ලා මට. පස්සෙ පුංචි බේබිව අරන් ගිහින් හාමිනේට දීලා පහළට එනවා කියලා හිතාගෙන උඩට යන්න හැරෙද්දිම සුදු බේබි එකපාරටම මන් ළගට ඇවිත් මොකද කරන්නෙ කියලා ඇහුවා. මට එකපාරටම වුණේ මොකද්ද කියලා හිතාගන්න බැරිවුණ නිසා උත්තර දීගන්න බැරි වුණා.



ඒත් පස්සෙ තමා මට තේරුණේ සුදු බේබිට හොදටම කේන්ති ගිහින් කියලා.එයා මට බනිනවා. හොදටම බනිනවා.




"තමුන් මේක හොදට අහගන්නවා.තමුන් ආපහු මගෙ රෝසමලට අතක් හරි තිබ්බොත් මන් නරක මනුස්සයයි කියන්න එපා.හොදයි හොදයි කියලා ටිකක් බලාගන්න දුන්නහම මේ වගේ තැන් වලත් එක්ක එනවද ආ.මගෙ දරුවට මොනවහරි වුණොත් තමුන්ව මම ඉතුරු කරන්නෙ නෑ.කාගෙ දරුවද තමුන් මෙහෙම තැන් තැන් වල අරන් යන්නෙ ආ.තමුන් මේ වලව්වෙ වැඩ කාරයෙක් වුණාට මගෙ දරුවා එහෙම නෑනේ.ඒ නිසා ආපහු තමුසෙ මගෙ දරුවව බලාගන්න ඕනේ නෑ.දැන් මෙතන මොකෙද්ද වගේ බලන් ඉන්නෙ නැතුව යනවා යන්න."



සුදු බේබි මට යන්න කියද්දි මන් කොහොමද තවත් මෙතනට වෙලා ඉන්නෙ ඒ නිසා මන් ආපහු හැරිලවත් නොබලා කෙලින්ම දුවලා
ආවේ මගෙ එකම සැනසීම තියෙන තැනට, හැමදාම මගෙ දුක නැති කරගන්න පුලුවන් එකම තැනට.


මන් ආවේ ලොකු හාමුගෙ කුඹුරේ මැද තියෙන ලොකුම ලොකු මාර ගහ ළගට.එතන හරිම නිස්කලංක තැනක්. කාගෙන්වත් කරදරයක් නැහැ.මන් හැමදාම වගේ ගහ මුල තියන තණකොළ ගොඩ උඩින් ගහට හේත්තුවෙලා වාඩි වුණා.මේ ගහ දන්නවා මගෙ වෙච්ච හැම දෙයක්ම.කරන්න දෙයක් නැතුව අසරණ කම නිසා හැමදාම මෙතනට ඇවිත් මන් අඩද්දි මගෙ දුක අහන්න හිටියෙ මේ ගහ විතරයි.ඊටත් කලින් මගෙ පළවෙනි වගේම අවසාන ආදරේ මන් ගැන එයාගේ හිතේ තියන හැගීම් ඉස්සරෝම කිව්වෙත් මේ ගහ ළගදිම තමයි.




මට තියන දුක ඒ ආදරෙයි කියලා කියපු එයාම මට අද මේ විදිහට බනිද්දි.දන්නවද ඒ වේදනාව කොච්චරද කියලා.අද තමයි පළවෙනි පාර , එයා මට අත ඉස්සුව.මට නවත්තගන්න බෑ ඇස් වලින් කදුළු එන එක. මන් කොච්චර උත්සහ කළාද මේ ඇස් වලින් වැටෙන කදුළු නවත්තගන්න.එහෙම කරන්න තවත් මන් ගොඩක් ශක්තිමත් කෙනෙක් නෙමෙයි මගෙ සුදු බේබි.දුක් විදිනවා කියලා මට මේ විදිහට උහුලන්න පුලුවන්ද, කවුරු බැන්නත් කමක් නැහැ.කිසි දෙයක් නොදැන මගෙ මහත්තයා මට කියපු දේවල්.පපුවට පිහියක් ඇන්න වගේ කිව්වෙ ඒ වචන. මන් මේ වලව්වෙ වැඩකාරයා වුණ එක මගෙ වැරැද්දක්ද මගෙ මහත්තයො. මහත්තයට මාව ගැලපෙන්නෙ නෑ කියද්දි මහත්තයම නේද එදා මට කිව්වෙ මන් මොන විදිහෙ කෙනෙක් වුණත් කමක් නෑ මන් ආදරේ කරන්නෙ මේ හදවතට විතරයි කියලා.ඒ හදවත දැන් කෑලි වලට කැඩිලා නිසාද ඔය විදිහට මාව අමතක කලේ. ඇයි මතකෙ නැති කරගත්තෙ මගෙ සුදු බේබි. ඇයි මට මෙහෙම කලේ. ඇයි මට තියන එකම සැනසීමත් මගෙන් උදුරගන්න හදන්නෙ මගෙ සුදු බේබි.මෙහෙ ඉන්න ටික කාලෙට හරි මට පුංචි බේබිත් එක්ක ඉන්න දෙන්න.මමත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක් කියලා ඇයි මේ කාටවත් තේරෙන්නෙ නැත්තෙ.ඇයි ඒ 😭.




මන් ඇඩුවා මට ඒ වචන අමතක වෙනකන්ම මම ඇඩුවා.පැයක් දෙකක් නෑ ඊට වැඩිය මන් ගහ මුල ඉදන් හිටියා.පස්සෙ මන් ආපහු වලව්වට එන්න ආවා.




___________________________________________





අභිශේක් pov:



මේ කොල්ලා කොහේ ගිහින්ද, දැන්නම් බයත් හිතෙනවා. ගැහුවත් හරි දැක්කෙම නෑ. මොනවා වෙලාද, මන් හිත හිතම එලියට බැස්සෙ හොයන්න යන්න.ඒත් මන් දැක්කෙ තඩි දර මිටියක් පැත්ක උකුල උඩින් තියගෙන අනික් අතින් ලොකු පොල් අත්තකුත් ඇදන් වලව්ව පැත්තට ඇවිදන් එන ඒ කොල්ලව.
බටු ඇටේ වගේ ඉදගෙන උස්සගන්නත් බෑ හරියට.මට හිතෙනවා ගිහින් උදව් කරන්න.ඒත් මන් මොකටද ඒ වගේ කොල්ලක්ට උදව්කරන්නෙ.ඇත්තටම මට ඕනේ නෑ උදව් කරන්න ඒත් ඉතින් මන් දන්නෙ නෑ ඒ කොල්ලව දැක්කහම මට එහෙම ඉන්න බෑ.කලින් දන්න අදුරන කෙනෙක් කරදරේ වැටිලා වගේමයි පේන්නෙ.
කමක් නෑ ඔන්න ඔහේ යනවා.කවුරුහරි දැනගත්තොත් දේවරාජ පොඩිහාමු වලව්වෙ දර අදිනවා කියලා වස ලැජ්ජාව.ඒත් මට ඒ කොල්ලා පව් කියලා හිතෙනවා.මන් ලගට යද්දි කොල්ලා පොඩ්ඩක් ගැස්සුනාද කොහෙද. ඒත් මන් දැන් තමයි එයාව හරියටම ළගට දැක්කෙ වගේම මන් ගහපු පාර කම්මුලේ මගෙ ඇගිලි පහම හිටලා තියන විදිහ.මට නොතේරුනත් අමුතු දුකකින් මගෙ මුලු හිතම පිරිලා ගියා.







❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤






පරක්කු උනාට සොරි 😁






😭😭😭😭


මොකද හිතෙන්නෙ


සදහිරු ගැන,



අභිශේක් ගැන,


තිසෙන්දි ගැන,


Comment කරන්න

Vote කරන්න



Bye



JeonJJT ✍️




Continue Reading

You'll Also Like

19.5K 284 38
The year on earth is 2051 and a new breakthrough in technology shook the world. Dimensional travel gates. This discovery was astonishing as this brok...
99.5K 1.6K 13
Brad Whitaker is a radio host trying to get his stepchildren to love him, and call him Dad. But his plans turn upside down when their biological fath...
112K 4.9K 32
Forgotten...That is what Hope Mikaelson is to everyone she cares about, the love of her life now with her best friend, her family only seeing a girl...
100K 1.4K 50
𝐈𝐭𝐬 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐝𝐚𝐲 𝐛𝐚𝐜𝐤 𝐭𝐨 𝐬𝐜𝐡𝐨𝐨𝐥 , 𝐀𝐚𝐥𝐢𝐲𝐚𝐡 𝐢𝐬 𝐧𝐨𝐰 𝐢𝐧 𝟏𝟎𝐭𝐡 𝐠𝐫𝐚𝐝𝐞, 𝐰𝐡𝐢𝐥𝐞 𝐬𝐡𝐞𝐬 𝐭𝐡𝐞𝐫𝐞 𝐬𝐡...