දඬු මොණරු

By yuchi91

41.3K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 21

829 112 74
By yuchi91

ගුටි කාලා,අඩල,වැලපිලා, දවස් දෙක තුනක් නොදැක ඉදලා,ආයෙත් හම්බ වෙලා,ඇති තරම් තුරුලට වෙලා ඉදල යන්තම් හිත හදා ගත්ත. යශ් අයියා මාව තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. වැඩට යන්න එපා කිව්ව නම් මං ආයෙත් මොකක් තෝර ගන්නද කියලා අසරණ වෙනවා.

පහුවදා ඉස්කෝලෙ යද්දි සර්ලා දෙන්නත් ආවා.එයාලා ගෙදර ගියා කිව්වනේ. තුහින සර්ව දැක්ක ගමන් මට මතක් උනේ ජූඩ් අයියා කිව්ව දේවල්,ඕවා ෆෝන් එකෙන් කතා කරන්න බෑ.සර් එක්ක ඉස්කෝලෙදි කතා කරන්න ඕන.

"දැන් වත් හිනාවෙලා ඉඳපන්"

හසා මට විහිළු කරනවා, ඇයි ඉතින් මුන් දෙන්නට ඊයේ රෑම ලව් එකේ අලුත් තොරතුරු දැනගන්න ඕන උනානෙ. අර හිච්චි පගා නම් හැමදාම වගේ මගේ ඔලුවෙ ඉඳන් කකුල් දෙක ළඟට වෙනකම් ස්කෑන් කරා.උබ හිතනව වගේ මඟුලක් උනේ නෑ පගෝ, මගේ මනුස්සයගෙ ඉවසීම ඒ තරම් සුපිරි...... මෙහෙමයි ඉතින් සමහර වෙලාවට ඉවසීම සුපිරි වෙලා වැඩි කමට මගේ කම්මුල් රත් වෙනවා, ඒක වෙනම කතාවක් ඉතින්......

"මේ පිට්ටනියට යන්න කලින් තුන් දෙනාම මියුසික් රූම් එකට ඇවිත් යන්න"

තුහින සර් එහෙම කියාගෙන ස්ටාෆ් රූම් එකට ගියා.

"ඇයි බං නඩුවක්ද"

"නෑ බං නේත්රයෝ, දැක්කෙ නැද්ද සර්ලගෙ බෑග් වෙනදට වඩා පිරිලා කියල"

"ඉතින්"

"ඉතින් අහන්නේ ගොන් වස්සෝ සර්ලා දෙන්න ගෙදර ඉඳන් එද්දී ගෙනාපුව දෙන්න ඔය එන්න කියන්නේ, තෝ ඉතින් වේලිච්ච මාළු කූරියෙක්නෙ එල්ලන් ආවේ"

මේ ඇස් වලින් බේරෙන්න සර්ලගේ කෑම පාර්සල් වලට වත් බැරි උනා එහෙනම්.

"අඩෝ එහෙම කියන්න එපා බං, මූ එහෙම හරි ගෙනාවනේ, ඕවා අපිට අගේ නැති උනාට අම්මලාට නිධානයක් ලැබුණ වගේ තමයි. කඩේ තියෙන පරණ ඒවා වගේ නෙවෙයිනේ"

"හරි හරි බං මම නිකන් කිව්වේ, උබට වගේම මාළු කූරියටත් ආදරෙයි ඉතින්"

උදේ රැස්වීම ඉවර උනාම එක පීරියඩ් එකක් ඉගැන්නුව. ඊට පස්සේ අපි තුන් දෙනාම දිව්වෙ මියුසික් රූම් එකට. අපි යද්දිත් ඒක ඇතුලේ කට්ටිය.වෙන කව්රුත් නෙවෙයි අනූප සර්, අපේ මල්ලි, සෙනාල් මල්ලි, ධනුක මල්ලි, තව දහ තුනේ අය්යලා දෙන්නෙකුත් හිටිය. මේසෙ උඩ පාර්සල් දෙක තුනක් දිග ඇරලා.

"තව ටිකක් පරක්කු උනා නම් උඹලට හුළං තමයි පුතේ"

අනූප සර් මොනවද මන්දා කටේ පුරවන් කතා කරේ, කම්මුල් දෙක උල් වෙලා.

"සර් ඔහොම ඉද්දී ලස්සනයි, නැටුම් මිස් දකින්න තිබ්බෙ"

චවිය නැටුම් මිස්ව මතක් කරා විතරයි අනූප සර් කටේ තිබ්බ ටික ගිල ගන්න ගිහින් හිර කර ගත්තා.

"අනේ මන්දා උස මහත තිබ්බට මේ තනිකර බබ්බු"

බිම් මල එහෙම කියාගෙන පුටුවෙන් නැගිටලා ගිහින් නැමීගෙන කහින අනූප සර් ගෙ පිටට හොඳ පාරවල් දෙක තුනක් දීලා වතුර බෝතලයක් කටේ ගැහුවා. ඇත්තටම ඔය උසට මහතට ඉන්න ඔක්කොම බබ්බු තමයි. අපේ සර්ට වරදින්න විදිහක් නෑ, එයා බොරු කියන්නෙත් නෑ.

"නෑ නෑ බං ප්‍රශ්නයක් නෑ, අවුලක් නෑ ශේප්, ශේප්"

අනූප සර් පපුව අත ගගා එහෙම කියාගෙන ගිහින් තුහින සර් අහක බලනකන් ඉදල කොන්ද අත ගා ගත්තා.

"මේ මොනාද සර් මේ බෝල කැවුම්"

"ඕවා තමයි බං නාරං කැවුම්"

අනූප සර්ගෙ නාරං කැවුමයි, තුහින සර්ගෙ කජු අලුවයි, කිරි ටොෆියි කාලා කාලා උදෙන්ම බඩත් පිරුනා. මෙච්චර පැණි රස ගිලලා දිය වැඩියාව හැදෙයිද මන්දා.

කාලා, බීලා අස් පස් කරල හැමෝම එක්ක පිට්ටනියට යන්න එළියට බැස්ස, අනිත් අය ඉස්සර වෙලා යද්දි මම තුහින සර් එක්ක කතාවට වැටුණේ පරක්කු නොකර එයාව දැනුවත් කරන්න ඕන නිසා.

"ඌට කෙළ උනාම තමයි එහෙනම් මාව මතක් වෙලා තියෙන්නේ, බලමුකෝ මාව හොයාගෙන එයිද කියලා, එදාට තමයි මගේ හැටි දැන ගන්නේ, ෂිට්.... දාලාගියා නම් ඒ විදියට ඉන්න එපැයි මූසලය"

සර්ට අමතකත් උනා මේ කතා කරන්නේ එයාගෙ ගෝලයෙක් එක්ක නේද කියලා, වෙන වෙලාවට හරි සංවර කටක්නෙ ඉදල හිටලා ඇවිස්සුනාට.....

"ඒ උනාට මට නම් බයයි සර්"

"බය වෙන්න එපා පුතේ, කේශාන් එහෙම කරදර කරන කෙනෙක් නෙවෙයි, පස්සෙන් ආවත් මං අකමැති නම් යන්න යයි. ඒ නිසා බය වෙන්න එපා"

"ම්ම්ම් ජූඩ් අයිය කිව්ව සර්ව මතක් කරන්න කියල"

"හරි හොඳ කොල්ලා, මං හයර් ගියේ එයා එක්ක විතරයි. ඔය වැදගත් විදියට ඇදලා කරලා ඉන්න උන්ට වඩා ඒ රස්තියාදු පාටට ඉන්න කොල්ලො ලඟ මනුස්සකම තියෙනවා"

"ඒක නම් ඇත්ත සර්, අපේ වැල්ලේ කොල්ලො එහෙම තමයි "

"ඒක නෙවෙයි පුතේ මොකක්ද අර යශ්ගෙ ප්‍රශ්නෙ, ඔයාට වදයක් වෙනවද එයා"

"අනේ නෑ සර් එහෙම ලොකු වදයක් නෑ, ඔය හම්බුනාම කතා කරනවා එච්චරයි"

"ම්ම්ම්.... මටත් තේරුණා එයා ඔයාගෙ වටේ කැරකෙනව කියල. ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක්නෙ, අනික තනියම ජිවිතේ ගැට ගහ ගන්න පටන් ගත්තා විතරයි කල්පනාවෙන් වැඩ කරන්න "

අම්මෝ දැම්ම නම් සර්ලට ලව් එක අහු වෙන්න එපා. කේශ් අයියගේ ප්‍රශ්නෙ සර් හරි සැහැල්ලුවෙන් බාර ගත්තේ. ඒත් මට නම් බයයි. අපේ සර්ට ආයේ ඌ වගේ එකෙක් ඕනෙම නෑ. වෙන උන් නිසා සර්ව දාලා ගියා නම් ආයෙත් ආවත් ඔය ටිකම තමයි.

පිට්ටනියට යද්දි මඟදි ලොකු සර් චවියට කතා කරපු නිසා අනිත් අය යද්දි මමයි  හසයි ඌ එක්ක නැවතුනා..

"කොල්ලො මගෙ උවමනා කරන පොතක් ගෙදර දාලා ඇවිත්, අපේ ගෙදරට දුවල ගිහින් ඒක අරන් එන්න බැරිද"

"හරි ලොකු සර් මං ගෙනත් දෙන්නම්"

"මං අපේ හාමිනේට කතා කරල කියන්නම් පොත හොයල දෙන්න කියල.කොහෙද ඉතින් අර අපේ ගෙදර පොල් බූරුවෙක් ඉන්නවා මෙළෝ වැඩක් කර ගන්න බෑනේ"

ලොකු සර් අන්තිම ටික කියද්දි හසා බිම බලන් හිනාවෙන ගමන් මාව යන්තම් කෙනිත්තුව. ඔව් ඉතින් හුරතල් කර කර හදල දැන් බොරුවට බනිනවා.

"යමන් යමන් මාර චාන්ස් එක, මොනව හරි කන්නත් පුළුවන්"

ලොකු සර් මුගේ අතට රුපියල් පන්සීයකුත් දීලා.

"උබල දෙන්න පලයන් මං ඉන්නම්, මූට නැන්දම්මව පෙන්නලා එක්ක වරෙන්"

අපි දෙන්නට යන්න කියල හසා උන්ගේ නිවාසේ පැත්තට ගියා. යශ් අයියා ගෙදර ඉදීද දන්නෙ නෑ, එයාලගෙ ගෙදරට යන පළවෙනි පාර හිතටත් අමුතුයි.

"එහෙ කව්ද බං ඉන්නෙ"

"උඹෙ මිනිහයි, නැන්දම්මයි, උඹේ මස්සිනාගේ ගෑනියි, ළමයයි"

ඒ නෑදෑකම් ටික තේරුම් ගන්නත් ටිකක් වෙලා ගියා. එතකොට කෝ මස්සිනා ගැන කිව්වෙ නෑනේ.

"එතකොට යශ් අයියගෙ අයියා"

"එයා රට ගියා, ඌට තනියම හම්බ කර ගන්න ඕන කිව්වලු, දේපල සේරම මල්ලිට දෙන්න කියලා තියෙන්නේ, ඕවා කවදා හරි උබට තමයි නේත්‍රයෝ"

එහෙනම් ඒ නිසා වෙන්න ඇති කොණ්ඩ කුරුල්ලා රස්සාවක් වත් නොකර දවසම ඉගිල්ලෙන්නෙ.

අපේ ගෙවල් වලට යන පාරෙ එද්දී හම්බවෙන තුන්මං හන්දියේ තියෙන අනිත් ගුරු පාරෙන් අපි ඇතුළට ගියා. මහා ලොකු දුරක් යන්න උනේ නෑ චවිය ලොකු ගේට්ටුවක් ඇරගෙන ඇතුලට ගියා. ආච්චි අම්මලාගෙ ගෙදරට වඩා ලොකු සිංහල උළු සෙවිලි කරපු ගෙයක්.ඇන්තූරියම්, බෝගන්විලා වගේ මල් ජාති පිරිලා මිදුලෙ. ආසාවට වත් මල් ගහක් නැති අපේ ලෑලි ගෙවල් මතක් වෙනවා මේ වගේ ගෙවල් දකිද්දී.

බලු කූඩුවක ඉඳන් බල්ලෙක් බුරනවා ඇහෙනවා, ඇහෙන සද්දෙ හැටියට නම් එසේ මෙසේ එකෙක් වෙන්න බෑ. උගේ සද්දෙට වෙන්න ඇති ලස්සන අක්ක කෙනෙක් එළියට ආවා, එයා අවුරුදු දෙකක විතර බබෙක් වඩාගෙන හිටියෙ. මාව දැකලා හොඳට මගේ දිහා බලලා ආයෙත් හිනා උනා.

"ආ එන්න එන්න, අප්පච්චි මේ දැන් කතා කරා විතරයි"

"ආ මේ ළමයි ඇවිත්නෙ, ගෙට එන්න පුතේ මං පොත හොයන් එනකන්"

යශ් අයියගෙ අම්මත් එවෙලේ එළියට ආවා. මං හිතුවා වගේ නපුරු පාටක් නම් පේන්න නෑ, අපි දෙන්න එයාලා පස්සෙන් සාලෙට ආවා. ඒ දෙන්න ගෙට යද්දි අපි දෙන්නා සාලෙ ඉතුරු උනා. එක පැත්තක රාමු කරපු ලොකු ෆොටෝ ගොඩක් තියෙද්දී මං බැලුවේ ඒව දිහා, යශ් අයියගෙ උපාධි ෆොටෝ එකත් තිබ්බ. එතකොට එයා කොණ්ඩෙ වවලත් නෑ, අනික එච්චර උස මහතත් නෑ. එයාගෙ අයියගේ වෙඩින් ෆොටෝ එක වගේම අයියගෙයි මල්ලිගෙයි පොඩි කාලේ ෆොටෝ පවා තිබුනා. ඒ දෙන්නම එක වගේ, හැබැයි යශ් අයියා වැඩිපුර ලස්සනයි. චූටි කාලෙ ෆොටෝ වල හරිම හුරතල්.

චවිය සාලෙ තිබ්බ ලොකු මාළු ටැංකිය දිහා බලන් ඉද්දී මාත් ඌ ළඟට ගියා.

"උඹේ මිනිහ ගෙදර නෑ වගේ"

චවිය මගෙ කණට ලං වෙලා එහෙම කියලා තත්පර දෙක තුනක් යන්න උනේ නෑ අම්මේ කියාගෙන සාලෙට ආවේ යශ් අයියා. සරමක් විතරක් ඇදන් උඩට මුකුත් නෑ එලියෙ දාගෙන, ඔළුවත් කස කසා සාලෙට ආපු එකා අපිව දැක්ක ගමන් ගල් ගැහුනා.

"මේ... මෙහෙ කොහෙද"

"මූට නැන්දම්මව බලන්න ඕන කිව්ව නිසා එක්ක ආවේ, මාමණ්ඩි එක්ක නම් උදේ කතා කරානෙ"

චවිය කියද්දි යශ් අයියගෙ ඇස් දෙක ලොකු උනා. මේ මිනිහ ශර්ට් එකක් නැතුව ඉද්දී ලැජ්ජා හිතෙන්නේ මටයි, ඒකාට නම් ගානක් වත් නෑ. මගේ ඇස් දෙකත් කියන දේ අහන්නෙම නෑ එයාගෙ ඇඟ පුරාම යනවා. එතකොට තමයි ඉතින් දැක්කෙ කැළලක් වත් නැති පපුවේ තදට වැදිලා තිබ්බ දත් පාර.....

"උබව කෑවේ මොකාද අයියෙ"

හරිනෙ ඉතින් මුගේ ඇස් වලට දෙයක් හංගන්න නම් පොළවේ අඩි ගානක් යට කරත් බැරි වෙයි. ඒ මදිවට ඒක ඇහුවෙත් මගේ දිහා බල බලා.

"මේ..... මේ.... අපේ පොඩි එකා බං.. ඊයේ හවස වඩා ගත්තට පස්සෙ හැපුවා"

මගේ පොඩි එකාත් බය වෙලා වගේ මං දිහා බල බල ගොත ගහන්න ගත්තා.

"අනේ පව් පොඩි එකා කුක්කු හොයන්න ඇති"

මේ හිච්චි රොයිටරේව රවට්ටන්න තරම් උබවත්, මමවත් තාම පරිනත වෙලා නෑ අයියෙ. මූ ඇවිත් පත නරියෙක්.....

"මල්ලිලා අව්වේ ඇවිත් මහන්සි ඇති නේද, මේ බීම බොන්න, අම්ම තාම අර පොත හොයනව, චූටි ඔයාටත් බොන්න මොනවා හරි ගේන්නද"

"දැන් එපා අක්කෙ"

නෑන අක්ක අපිට බීම දෙකකුත් ගෙනත් දීලා ගියා. චවිය නම් දෝතින්ම වීදුරුව ගත්ත, බඩජාරිය.

"මල්ලි මට විනාඩි පහකට මේකව දියන්"

"පිස්සුද බං අය්යේ, මං මූව ගෙනාපු විදියටම එක්ක යන්න ඕන"

"මං මූව කන්නේ නෑ බං, චුට්ටක් කතා කරන්න"

"හරි හරි හැබැයි විනාඩි පහයි, හවසට අපේ ගෙවල් පැත්තෙ එද්දී මට මොනව හරි කන්න ගෙනත් දීපන් අයියෙ"

කඩචෝරුවක් නිසා ඌ මාව යශ් අයියට උගස් කරද්දි ඒකා මාවත් ඇදන් ළඟ තිබ්බ කාමරේකට ගියා. හොඳ වෙලාවට මගේ බීම එකත් අර මළ පෙරේතයට දුන්නෙ, නැත්නම් මෙලහට ඒක බිම.....

කාමරේ ඇතුලට ගිය ගමන් දොර වහල මාව දොරට තද කර ගත්ත එයා මූණට එබුනා.

"මගෙ මැණික අව්වෙ ඇවිත් රතු වෙලා"

නළලට හාදුවක් දීලා එහෙම කියද්දි මගේ අත ගියේ ඊයේ මං හපපු තැනට.

"රිදුනද"

"රිදුනත් මොකද උබනෙ, අනික උබ මාව දාලා ගියා කියලා හිතුනම ඔයිට වඩා රිදුනා"

එහෙම කිව්ව එයා මගේ නිකටෙන් අල්ලන් මූණ උඩට කරන් තොල් වලට පාත් උනා. ඒක පුංචි හාද්දක්.

"මේ රෝස පෙති වැඩිය රතු කරන්න හොඳ නෑ, හැබැයි අද රෑට නම් බේරුමක් නැති වෙයි"

මගේ කණ ළඟට පාත් වෙලා මුමුණද්දී මුළු ඇගම හිරි වැටුණා.

"දැන් යමු අම්ම එයි"

එයා එහෙම කියන් මගෙන් ඈත් වෙද්දි තමයි මට කාමරේ ඇතුලේ වට පිටාව පෙනුණෙ, ඒක පුරාම තිබුණේ චිත්‍ර. මගේ ඇස් ඒ හැම එකක් පුරාම ගිහින් එකක් ලඟ නැවතුනා.

පිරිමි ළමයෙක්.... එයා හිටියෙ වතුරෙ..... එයාගෙ ඇස් නිල් පාටයි....

"අ... අයියෙ අරක"

එයත් හැරිල බැලුව....

"මතකද එදා දොළ පාරෙ ඉස්සෙල්ලම හම්බුනු හැටි, මං එදා එතනට ගියේ චිත්‍රයක් අදින්න, කොහෙද ඉතින් නිල් ඇස් තියෙන දිය කිඳුරෙක් දොළට බැහැගෙන මාව පිස්සු වැට්ටුවනෙ, ගෙදර ඇවිල්ලත් ඒ රූපෙ අමතක කරන්න බැරි උන නිසා තමයි චිත්‍රයක් කරන් තියා ගත්තේ බල බල ඉන්න"

ඒ චිත්‍රෙ දකිද්දී හිතට අමුතුම හැගීමක් දැනුනා, තමන් ආදරේ කරන මනුස්සයා අතින් ඇදුන තමන්ගේම රූපෙ.....

අපි දෙන්න එළියට එද්දිත් අර අක්ක චවිය එක්ක කතාවක්, අපිව දැකලා එයා අමුතු හිනාවක් දාද්දි යශ් අයියා ඔළුව කස කසා එතනින් ගියා. චවියත් මගේ දිහා හොඳට බැලුවා....තාම මං පණ පිටින් සදමාලී.......  මං ගිහින් චවිය ළඟින් ඉඳ ගත්ත, ඒත් හිතට බයයි, අක්ක මොනව හිතුවද මන්දා. ඒ එක්කම යශ් අයියගෙ අම්මත් ආවා...

"මෙන්න පුතේ... මේක හොයන්න ගිහින් පණ ගියා..... ඒක නෙවෙයි මේ ළමයා කව්ද, කලින් දැකලා නෑනෙ"

"මේ අපේ දිසානායක සර්ගෙ මුණුපුරානෙ නැන්දේ, මෙහෙට අලුතෙන් ආවේ"

"අනේ මේ ඒ ළමයද, කොහෙද ඉතින් දැක්කෙ අදනෙ"

ඒ නැන්දා එහෙම කිව්වෙ මගේ ඔළුවත් අත ගාලා.

අපි ආයෙත් එන්න ආවත් යශ් අයියා පේන්න වත් නෑ, අක්ක දැකපු නිසා බය උනාද මන්දා....

අපි ගේට්ටුවත් වහගෙන පාරට ආවා. මෙන්න බොලේ අර ගේ ඇතුලේ හිටපු එකා තාප්පෙට හේත්තු වෙලා කකුලක් නවල තාප්පෙට තියන් බලන් ඉන්නවා. සරමට ටී ශර්ට් එකක් දාගෙන කොහෙන් හරි පැනලා එළියට එන්න ඇති.

"අනේ මෙහෙමත් මඟුල්, එක විනාඩියක් නොදැක ඉන්න බෑනේ"

චවියා අපිට බැන බැන ඉස්සර වෙලා ගිහින් කඩේකට රිංග ගත්ත. දැන් ඉතින් එයි කඩචෝරු මල්ලක් උස්සන්.

"අයියෙ"

"ම්ම්ම්"

"මං අද වැඩට යන්නද"

"මට එපා කියන්න බෑනෙ බං, ඒත් පරිස්සමින් හොඳද"

"හරි හරි"

"රෑ වෙලා හම්බ වෙන්න පුළුවන් නේද"

"පුළුවන්"

"ම්ම්ම්"

"ඒක නෙවෙයි අයියෙ අර අක්කා මොනව හිතුවද දන්නෙ නෑ නේද"

"මොනව හිතන්නද ඉතින්, මස්සිනාගේ නිල් මැණික ලස්සනයි කියලා හිතන්න ඇති "

"ඒ කිව්වෙ "

"අක්ක දන්නවා බං, අර චිත්‍රෙත් දැක්ක, උබව දැක්ක ගමන් මං කිව්වෙ නැතත් අදුර ගන්න ඇති,අනික අයියත් දන්නවා"

"අනේ අය්යේ"

"බය වෙන්න එපා බට්ටෝ, ඒ දෙන්නා කැමති. එයාලා ගැන දන්න නිසා තමයි ඕක කිව්වෙත්,නැත්නම් කීයට වත් උබව අමාරුවේ වැටෙන දෙයක් කරන්නේ නෑ"

එයා නම් කියයි, ඒත් මට බයයි"

"මං එහෙනම් මෙතනින් නවතිනවා, අම්ම හොයනවා ඇති. අර යකත් එක්ක පරිස්සමින් යන්න. මං දවල්ට එන්නම් ඉස්කෝලෙ ළඟට"

"හා, පිවිතුරු අයියටත් සර්ව දකින්නේ නැතුව සාංකාව ඇති"

"නෑ නෑ ඊයේ දැක්ක කිව්වෙ, ඌ බෝඩිම ළඟින් එහාට මෙහාට යද්දි ඔයාලගේ සර්ලා දෙන්න චූන් පාන් වෑන් එක නවත්තලා මොනවද ගන්න, අර කොට මඟුල මාළු පාන් ගෙඩියක් බදන් හිටිය කිව්වෙ"

අපි දෙන්නටම හිනා. සර් ඉක්මනට පිවිතුරු අයියට කැමැත්ත දුන්නොත් එයාට ආරක්ෂාවක් හරි ලැබෙයි. මට ඒ දේවල් යශ් අයියත් එක්ක කියන්න ඕන උනත් ඒක හොඳද නැද්ද කියලා හිතා ගන්න බෑ, සර්ගෙ කලින් සම්බන්දෙ ගැන උනත් එයා එක්ක කිව්වට මට හිතට හරි නෑ. මොකද ඒ දේවල් සර්ගෙ පෞද්ගලික දේවල්නෙ, ඒ උනාට එයාගෙ හොඳට නොකියත් බෑ.........

චවිය කඩචෝරු මල්ලක් උස්සන් අපි ළඟට ආවා. ඇවිත් බයිට් පැකට් එකක් යශ් අයියට දුන්නම එයා ඒක කඩලා බයිට් එකක් අරගෙන කෑල්ලක් කාලා ඉතුරු කෑල්ල මගේ කටින් තිබ්බ, චවිය උරහිස් දෙකත් අකුලන් ඊව් කියාගෙන එහාට ගියා. උබත් සුදාම්මියෙක් අල්ල ගත්ත දවසට අපි බලමුකෝ.

යශ් අයියා ඔළුවත් අත ගාලා පරිස්සමින් යන්න කියල ගියාම මම චවිය ළඟට දුවන් ආවා.

"ලව් කරලා ඉවරද"

"ම්ම්ම් ආයෙ රෑට"

කිව්ව නෙවෙයි කියවුණා.....

"ඈ..."

"ඇයි බං රෑට කෝල් ගන්නෙ ඒක කිව්වෙ"

"ඒක මිසක්"

"උබට ලව් එකක් සෙට් කර ගන්න හිතෙන්නේ නැද්ද බං"

"හිතෙනවා..... ඒත් වැඩක් නෑ"

"ඒ ඇයි"

"හිත ගියොත් ඉතින් යන්නේම අනුන්ගේ වතු වල හැදුණු පැපොලකට, එහෙම නැත්නම් පණුවෙක් කාපු ඇපලකට"

ඌ එහෙම කියන් බයිට් පැකට් එකක් එහෙමම කටේ හලා ගත්ත. මූ කන විදිය දැක්කොත් නම් මේ කපේට ලව් එකක් සෙට් වෙන්නෙ නෑ.

"හසාටත් කවුරුත් හිටියෙ නැද්ද බං"

"ඌ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්ට ලව් කරා, ඒත් ඒකි කැමති උනේ නෑ. ඒකි හොඳ පෝසත් පවුලක කෙල්ලෙක්, අපේ එකා දුප්පත් නිසා වෙන්න ඇති. දැන් ඒකි උසස් පෙළ කරන්න බාලිකාවට යනවා"

"පව් ඌ"

"ඔව් බං, ඌ තාමත් ඒකිට ලව්, මං කිව්වෙ හිත හදන් අමතක කරන්න කියල. අර කොමස් එකට අලුතින් ආව කෙල්ලෙක් ඉන්නවා, උබ ඉස්කෝලෙ ආව නැති දවසෙ මූ ඒකිගෙ ඇගේ හැප්පුනා බැරි වෙලා, ඒකිගෙ පොත් ටිකත් බිම, මූ ඒකත් ඇහිදලා දීලා සොරි කිව්ව, මේකිත් හිනා වෙලා කමක් නෑ කියලා ගියා. දැන් බං ඒකි අපේ එකා දිහා නිතරම බලනවා. මං හිතන්නේ ඒකි අපේ එකාට ලව් වගේ"

"ඌ දන්නවද"

"නෑ නෑ මගේ මීටරේ තරම් උගේ මීටරේ සුපිරි නෑනෙ,මට විතරයි තාම ඕක නෝට්"

උබේ මීටරේ ගැන මං දන්නෙ නැද්ද ඉතින්. එහෙනම් ඒ කෙල්ලටත් උබට හොරා ලයින් එකක් වත් දාගන්න බැරි උනා.....

ඉස්සරහට අපිට ක්‍රීඩා වලට ඉස්කෝලෙ නවතින්න වෙනවා, එහෙම උනොත් දිගටම වැඩට යන්න වෙන්නෙත් නෑ, අද වැඩට ගියාම සේන මහත්තයට ඒක කියන්න ඕන කියලා හසාත් කිව්ව. කොහොමත් පොඩි මහත්තයා ඉස්කෝලෙ දේවල් වලට මුකුත් කියන්නෙ නැහැලු.



වෙනදට ඉස්කෝලෙ ඉවර වෙලා එද්දී පිවිතුරු අයියලා ඉන්න තැනින් ගස්සගෙන එන තුහින සර් අද එයාල ලඟ නැවතුනා.

"මට යශ් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන"

"ඇයි තුහින"

"මං දන්නවා ඔයා අපේ නේත්‍රට කැමතියි කියලා, ඒත් ඉතින් එයා තාම ඉගෙන ගන්න වයසෙනේ. අනික මේ ළමයා ප්‍රශ්න ගොඩක් මැද්දේ ඉන්නෙ. ඒ නිසා ඔයා ඒ දේවල් තේරුම් අරන් හැසිරෙයි කියල මං හිතනවා. මේ මෙයා වගේ වදකාරයෙක් නම් වෙන්න එපා"

තුහින සර් කතා කරන දිහා ආසාවෙන් බලන් හිටපු පිවිතුරු අයියගෙ මූණ එක පාරටම වෙනස් වෙනවා මං හොඳටම දැක්ක. සර් එයාව පෙන්නලා මේ වගේ වදකාරයෙක් වෙන්න එපා කිව්ව එකට එයාට දුක හිතුනා. ඒත් එයා හරි ඉක්මනට ඒ දුක හංගන් හිනාවක් මූණට ගත්ත......

"මං නේත්‍රට ආදරේ කරන්නේ ඇත්තටම, මට එයාව රවට්ටන්න කිසිම උවමනාවක් නෑ, එයා තාමත් පොඩි එකෙක් නිසා මං මගේ සීමාව දන්නවා. අනික නේත්‍රව බලා ගන්න පරිස්සම් කරන්න මට පුළුවන් තුහින. ඒ නිසා බය වෙන්න එපා"

"නේත්‍ර අකමැති නම් කරදරයක් වෙන්නත් එපා යශ්"

තුහින සර් එහෙම කියාගෙන යද්දි අනූප සර් යශ් අයියගෙ පිටට තට්ටුවක් දාලා ඒ පස්සෙන් ගියා. අනිත් දෙන්නත් ඉස්සර වෙලා යද්දි මම යශ් අයියා ළඟට ආවා.

"දැන් ගෙදර යන්න, පරිස්සමින් වැඩ ටික කරන්න, ඇවිත් මට මැසේජ් එකක් දාන්න හොඳද, මගේ ඇටි කිච්චව බලන්න රෑ වෙලා එන්නම්"

එයා ඇහැක් ගහල අන්තිම ටික කියද්දි මාව ආයෙත් හිරි වැටුණා. පිවිතුරු අයියා බිම බලාගෙන ලොකු කල්පනාවක. පව් කියලත් හිතෙනවා. අපේ බිම්මල නම් ඕනවට වැඩි.

___________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි,ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම මං කියවනවා. ඒවා දකිද්දී සතුටුයි. මං ඔයාලට හරි ආදරෙයි අනේ ❤️☺️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

9.9K 1K 32
ඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන...
23.9K 3.5K 12
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
26.9K 3.4K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
129K 7.1K 45
Have you ever read a story about women who kill to protect people that can't protect themselves. Well this story is about just that. Follow Galleri...