සුදු අරලිය...

By frenzykitty_3

12.1K 1.2K 1.7K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දාහතරවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පහලොස්වැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...

630 78 173
By frenzykitty_3

පාඩම් මේසෙ පුටුවකට වෙලා විද්වාන් අයියා ෆෝන් එක ඔබෝබ ඉන්නකොට තේව් අයියා ඇඳේ අයිනක වාඩිවෙලා රවාගෙන හිටියා..

මොන මගුලක් උනාත මේ ලමිස්සියො දෙන්නට.. ටික්කට කලින් පොරකාගන්න හිටපු පූසො දෙන්නා වගේ ඉඳලා දැන් ඉන්නවා බුම්මගත්ත බස්සො දෙන්නා වගේ..


" ම්-මේ අයියලා මේ බීම එක බොන්නකො.."
" නිවෙයි නැත්තම්.."


නිවෙයිද.. සිතල වෙයිද.. අනෙප්ප් මොන ලබ්බක් හරි කමන්නෑ..


" අ-අයියෙ ම් - - - "


" සයාෂ් කොහොමද මූව දන්නෙ.. "


මං ආපහු කතා කරන්න හදනකොට ඊට කලින් ඉස්සර වුන තේව් අයියා එහෙම ඇහුවා.. ඒ මදිවට එයා පාඩුවෙ ඉන්න විද්වාන් අයියට රවන්න අමතක කලෙත් නෑ..

මොකද මේ මිනිහා මෙච්චර රවන්නෙ.. ඉස්කෝලෙදි මෙහෙම නෑනෙ.. සිරිමත් ලමයට මක් වෙලාත..


" අහ්හ් මේ ඊයෙ මාව රණ්ඩුව වෙලේ බේරගත්තෙ විද්වාන් අයියා.."
" ඊට කලින්නම් මම විද්වාන් අයියව දන්නෑ.."


මං කිව්වම ආපහු මේ මිනිහා විද්වාන් අයියට රවලා අහක බලාගත්තා..

කිසි දෙයක් ඇහෙන්නෑ දකින්නෑ වගේ බීම එක බිබී හිටපු හිටපු විද්වාන් අයියා ටිකකින් ෆෝන්නෙක සාක්කුවට දාගන්න ගමන් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා..


" සයාෂ් මල්ලි.. එහෙනම් මම යන්නම්.."


" අයියෝ.. අයියා දැන්ම යනවද.."
" මොකද්දානේ.. තව ටිකක් ඉඳලා යන්නකො.."


" ම්හ්ම්.. උදේ ඉඳන් මෙහෙනෙ ලමයො අද.."
" අනික මට පෙරඩ් ප්‍රැක්ටිස් තියනවා හවසට.."


" ආහ්.. හරි එහෙනම් අයියෙ.."
" පරිස්සමෙන් ගිහිල්ලා ආපහු දවසක එන්නකො.."


හිනාවෙලා ඔලුව වනපු විද්වාන් අයියා බැලුවේ බිම බලන් ඉන්න සෙතිනුවා දිහා..


" මල්ලි මම යන්නම්.."


" අහ් හ්-හරි අයියෙ.."


අනේ පව්.. එයා බයවුනා.. මොනා උනත් ක්‍රශ් එක එකපාට්ට කතා කරනකොට බයවෙන්නෑද..

අහක බලන් රවාගෙන ඉන්න තේව් අයියා දිහා බලලා රවපු විද්වාන් අයියා කාමරෙන් එලියට ගියා.. මුන් දෙන්නගෙනම් මොකක් හරි කේස් එකක් තියනවා..

තවත් පැය භාගයක් විතර ඇස් රතු කරන් ඔහේ බලන් ඉඳපු තේව් අයියත් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා..


" පරිස්සමෙන් ඉන්න සයාෂ්.."
" ආපහු ඉස්කෝලෙදි රණ්ඩු වලට පැටලෙන්න එපා.. මම මේ උපරිම හොඳින් කියන්නෙ.."


අයියා ඒ වචන කිව්වෙ පැහැදිලි ගැඹුරු කටහඬකින්.. ඒ නපුරු ඇස් දිහා බලන්න තරම් හයියක් මට නෑ කියලා දැනෙනකොට මං බිම බලන් හිමින් ඔලුව වැනුවා..


" ම්ම්ම්.. මං යන්නම්.."
" ඉක්මනට හොඳ වෙලා ඉස්කෝලෙ එන්න.. මම බලාගෙන ඉන්නවා.."


" හ්-හරි අයියෙ.."


සෙතිනු දිහා බලලා ලාවට හිනාවුන අයියා එතනින් චුත වෙලා ගියාමයි මම හරියට හුස්මක් ගත්තෙ..

විනාඩි පහක් විතර යනකම් මට කතා කරන්න ඕන වුනත් වචන පිටට එන්නෑ කියලා දැනෙනකොට මට දැනුනෙ මහා මුස්පේන්තු හැඟීමක්..

ඒත් ඇයි එයා මං එනකම් බලන් ඉන්නෙ.. !!


" ස්-සෙතිනු.."


අන්තිමට මම වචන අහුලන් කතා කරනකොට සෙතිනුවා මං දිහා බැලුවා.. පොරගෙ මූන දැක්කම පේනවා ඉන්නෙ අප්සට් එකේ කියලා..

මොකද එයා දැනන් හිටියෙ නෑ මාව ඊයෙ බේරගත්තෙ විද්වාන් අයියා කියලා.. ඒ විතරක් ඈ.. එකපාරටම විද්වාන් අයියා බීම ට්‍රේ එකක් උස්සන් කාමරේට එනකොට මූට මොනා හිතෙන්න ඇත්ද..


" ම්ම්ම්.."


" මට සමාවෙයම් බං.. මට උඹට කියන්න විදිහක් තිබ්බෙ නෑ.."
" අනික විද්වාන් අයියා අද එයි කියලා මං හිතුවෙ නෑ බං.."


" ඇයි බං උඹ සමාව ඉල්ලන්නෙ.."
" ම්-මට සතුටුයි.. මං හිතුවෙ නෑ එයාව මට මෙච්චර ලඟින් දකින්න පුලුවන් වෙයි කියලවත්.."
" ඒ විතරද.. එයා යනකොට මට යන්නම් කියලත් ගියානෙ.."


අනේ මුගෙ ඇස් වල කඳුලු පිරිලා.. සෙතිනු ඉස්සර ඉඳන්ම ඔහොමනෙ.. පොඩ්ඩ ඇත්තම් දුක් වෙනවා.. පොඩ්ඩ ඇත්තම් සතුටු වෙනවා.. පව් මගේ සූටි රෝස මල..


" කෝ එන්න මම උඹර්ට උම්මෙකක් දෙන්න.."


මං අත් දෙක දෙපැත්තට කරන් කෑ ගහනකොට සෙතිනුවා ඇවිත් මට තුරුල් උනා..

හනේව් ඉතිම් මගෙ දරු පැටියාහ්හ්හ්.. !!


" මේහ්.. ඒයි අහනවකො.."


විනාඩි ගානක්ම තුරුල් වෙලා හිටියට පස්සෙ මම කතා කලාම සෙතිනු මගෙ ඇඟෙන් නැගිටලා හරියට ඇඳෙන් ඉඳගත්තා..


" කියහම්.."


" මේ.. තේව් අයියා කොහොමද දන්නෙ මම රණ්ඩු වුනා කියලා.."


" ආ මේකනෙ.."
" අයියා අද උදෙන්ම ආවා අපේ ක්ලාස් එකට.. එකපාරක් ඇවිත් ඔලුව දාලා පන්තිය දිහාම බලලා මං එක්කත් ලාවට හිනාවෙලා ගියා.."
" මං හිතන්නෙ අයියා හෙව්වෙ උඹව.."


වට්.. !! මේ මාව හොයන්න.. ඉස්කෝලෙ හෙඩ් පිපෙට්.. නෝ නෝ නෙවර්.. එහෙම වෙන්න බෑ..


" අයියා නිකම් එන්න ඇත්තෙ බං.."
" මාව හොයලා මොන ලබ්බක් කරන්නද.."


" පඬියා නොවී අහලා හිටපන්.."


පුහ්හ්හ්.. මුගෙ සැර බලාම්කො.. දැන් මේ විනාඩියකට කලින් හුරතල් වුන එකා නේත මේ..

නෑ නෑ.. ආපහු මට සෝස මල් නෑ.. !!


" හා හා කියලා ඉඳාම්කො.."


" ම්ම්ම්.. ආපහු විනාඩි පහලවකින් විතර ඇවිත් බලලා උඹ පේන්න නැති නිසාද කොහෙද මූන කොරහක් කරගෙන යුගාන් අයියා පන්තියෙන් ගියා.. ආය ගාථා පටන් ගන්නකම් පොර පේන්න හිටියෙ නෑ.."
" උබට කියන්න.. ගාථා පටන් අරන් විනාඩි පහයි ගියෙ අයියා කඩාගෙන බිඳගෙන ආවා මං ලඟට.. ඇවිල්ලා ඇහුවා  කෝ මල්ලි සයාෂ්   කියලා.."


හහ්හ්හ්.. කෝමත ගැම්ම.. අපි දවසයි ඉස්කෝලෙ ගියෙ නැත්තෙ.. හෙඩ් ප්‍රිෆෙක්ට්ගෙ ඉඳන් අපිව හොයලා..


" මං විස්තරේ කිව්වත් මම කියන්න කලින් යුගාන් අයියා වලිය ගැන දැනන් හිටියා.."
" මොකද මං අයියට කිව්වෙ උඹ කකුල කඩාගෙන ගෙදර කියලා විතරයි.."
" අනිත් පැත්තට පොර මගෙන් ඇහුවනෙ දුලාජ් එක්ක වලියක් දාගත්තෙ උඹද කියලා.."


මොන මගුලක්ද ඒ වෙලා තියෙන්නෙ.. වලිය හැමෝම දැනගෙනද.. හුටා.. !!

මං ඉවරයි දෙයියෝ.. !!


" ඒ-ඒත් තේව් අයියා කොහොමද වලිය ගැන දන්නෙ.."
" ඉස්කෝලෙ ලඟ පාත උන දේකුත් නෙවේනෙ.."


" ම්ම්ම්.. සමහරවිට ප්‍රිපෙක්ට්ලා ඒ ගැන කතා වෙන්න ඇති බං.."
" කොහොමත් වලියකට ගිහින් දුලාජ් හොස්පිට්ල් කියලා හැමෝම දන්නවා.. හැබැයි ඌ එක්ක රණ්ඩු උනේ උඹ කියලා දන්නෙ කීපදෙනයි.."


" ම්ම්ම්.."


හහ්හ්.. දුලාජ්ට ලැජ්ජ ඇති ඌට ගැහුවෙ පොඩි එකෙක් කියලා කියන්න..

කොහොමහරි මේක දුර දිග නොගියොත් ඇති.. නැත්තම් විද්වාන් අයියත් අමාරුවෙ වැටෙයි..


" ආපහු වලි වලට යන්නෙපා බං.. මොනා උනත් යුගාන් අයියත් කිව්වනෙ.."


" හ්ම්ම්.."


අනෙප් මෙහ්.. තේව් අයියා නෙවේ මහ ඒජන්ත ඇවිත් කිව්වත් මට එකේකෙව්වා කියන් ආවොත් මං නිකම් ඉන්නෑ..

මට ගැහුවොත් මාත් ගහනවා.. බැන්නොත් ඒත් ගහනවා.. දන්නෙ නෑ මේ සයාස්ගෙ හැටි..


" ඒක නෙවෙයි.. උඹද තේව් අයියව මෙහෙ එක්කන් ආවේ.."


" මම එක්ක ආවා නෙවෙයි.. ඌ මාව එක්ක ආවා.."
" ඉස්කෝලෙ ඇරිලා ගේට් එකෙන් එලියට එන්න හම්බුන්නෑ.. මූ මාව ඇදගෙන ඇවිත් බස්සෙකට රිංගුවා.. උඹව බලන්න එනවා කියලා මටත් කිව්වෙ බස් එකේදි.."
" උඹට කියන්න අයියා ඉස්කෝලෙ ඇරෙනකම් පිස්සෙක් වගේ බන් හිටියෙ.. හරියට ඩියුටි කලෙත් නෑ.. උදේ ඉඳන් මල පැනලා ඇස් ලා රතු පාටට හරෝගෙන හිටියෙ.."
" එයා පොඩි ලමයින්ට බනින්නෑනෙ බං වෙනදට.. චුට්ටක් සැර කරනවා විතරනෙ.. ඒත් අද අවේලාවේ ලොකු පන්ති අස්සෙ ආවා කියලා බැන්නා පොඩි උන් දෙන්නෙක්ට හොඳටම.. උන් අඬාගෙන ගියෙ අන්තිමට.."
" උදේම ප්‍රිෆෙක්ට්ලා ඔක්කොමත් බැනුම් අහලා.. අපේ පන්තියෙ දිනුකයත් ප්‍රිෆෙක්ට් කෙනෙක්නෙ.. ඌ තමා කිව්වෙ.."


" ඒ මොකද බං ඒ.."


" කවුද බං දන්නේ.. උදේම හිටියා හොඳට.. සමහරවිට යුගාන් අයියගෙ බැජ් එකේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වලියකට ගිය නිසා මල පනින්න ඇති.."
" ඕවා දුර දිග ගියාම අයියටත් බැනුම් අහන්න වෙනවනෙ බං.."


" ඔව් නෙහ්.."


මට හිතුනා හැබැයි තේව් අයියා හිටියෙ තරහෙන් කියලා..

මේකනේතින්.. ආපු වෙලේ ඉඳන් ඇස් රතු කරගෙන ඔහේ බලන් ඉන්නකොට ඕන එකෙක්ට පේනවනෙ අයියගෙ තරහා.. අත් මිටි මෙලවිලා නහරත් මතුවෙලා තිබ්බෙ..


" ඒත් බං එයාට තරහා ගියාට අනිත් උන් පලි නෑනෙ.."
" පෞ.. අර අහිංසක විද්වාන් අයියටත් රැව්වා හොඳටම.."


මං කියනකොට සෙතිනුවා ඇඳේ දිගා වෙලා මැරෙනකම් හිනාවෙන්න ගත්තා..


" ඇයේ ඇයේ තෝ හිනාවෙන්නෙ.."


" අනේ මංදා බං.. උඹනම් ඉස්කෝලෙන් , ගෙදරින් පිට කිසි දෙයක් දන්නෑ.."


වැදගත් ලමයි ඒම තමෛ.. මූ මොනාද දන්නෙ දැන් මං නොදන්න.. මං කට ඉරක් කරගෙන හිටියෙ මුගෙ හිනාව නවතිනකම්..

විනාඩි පහකින් විතර හිටියට පස්සෙ සෙතිනු හිනාවෙන එක නවත්තලා ඇඳෙන් වාඩිවුනා..


" උඹ කැකිරි පලලා ඉවරනම් දැන්වත් කියහම් මට.."


" ඉවරයි ඉවරයි.."
" අහපන්කො.. විද්වාන් අයියා එහා ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා උඹ දන්නවනෙ.."


" ඕ ඕ.."


" එතකොට අපේ එකේ එච් පී තේව් අයියනෙ.."
" අයියලා දෙන්නා නවය වසරෙ ඉඳන්ම තරහාකාරයො.. හැමෝම දන්නවා ඒ ගැන.. ඉස්කෝල දෙක නයි වෛරයි වගේම තමා ඉස්කෝල දෙකේ දැන් ඉන්න හෙඩ් ප්‍රිෆෙක්ට්ලා දෙන්නත්.."
" ඒ තරහට ලොකුම හේතුව බං උන් දෙන්නම එකම වයසෙ වුන එක.. දෙන්නම ස්පෝර්ට්ස් වලට වගේම ඉගෙන ගන්නත් එක වගේම දක්ශයි.."
" හැබැයි සයාස් ඔතන අනික් අය නොදන්න උන් දෙන්න විතරක් දන්න කේස් එකකුත් තියනවා.."
" ඔව්වා නිසාම පොඩි කාලෙ ඉඳන් දෙන්නම අතරෙ තිබ්බෙ ලොකු තරඟයක්.."


" අහ්හ්හ් මම දන්නවා ඉස්කෝල දෙක ස්පෝර්ට්ස් පැත්තෙන් දාර වලි කියලා.."


" ඔව් ඔව්.. උඹට මතකද ගිය අවුරුද්දෙ විද්වාන් අයියා ඒ ඉස්කෝලෙ බාස්කට් බෝල් කැප්ටන් වෙලා හිටියා.."


" එහෙම නම් ගම් වලින් මතක නෑ බං.."


" තිරිසනා.. !! "
" ගිය අවුරුද්දෙ විද්වාන් අයියා එහෙ බාස්කට් බෝල් කැප්ටන් වෙනකොට අපේ ඉස්කෝලෙ ෆුට් බෝල් කැප්ටන් උනේ තේව් අයියා.."
" කොහොමහරි ඉස්කෝල දෙක අතරෙ තිබ්බ තරඟ වලින් අපේ එක ෆුට් බෝල් චැම්පියන්ස්ලා වෙලා උන්ගෙ එක බාස්කට් බෝල් චැම්පියන්ස්ලා උනා.. ඒක මතකයිනෙ.."


" ඕ ඕ.. ඊට සතියකට විතර පස්සෙ ඉස්කෝල දෙකේ අයියලා සෙට් දෙකක් අතරෙ ලොකු වලියකුත් ගියානෙ.."


මං ගිය අවුරුද්දෙ උන දේ මතක් කර කර කියනකොට සෙතිනු ඔලුව වැනුවා.. එතකොට මම දහය වසරෙ හිටියෙ..


" ඔව් ඔව් එහෙම එකක් උනා තමයි.."
" ගියපාර වගේම අනිවා මේ පාරත් කේස් එකක් යයි.. මොකද අයියලා දෙන්නා මේ අවුරුද්දෙ එච් පීලනෙ.."
" ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ඒ දෙන්නා ඉස්කෝල දෙකේ වොලිබෝල් කැප්ටන්ලා.."


ඔව් ඔව්.. අපේ ඉස්කෝලවල් දෙකේම නීතියක් ඒක.. හැම අවුරුද්දෙම හෙඩ් පිපෙට් තමා අනිවාර්යයෙන්ම ස්කූල් වොලිබෝල් ටීම් එකේ කැප්ටන් වෙන්න ඕන..


" යසෛ.."
" ඒත් බං හරිනම් ඔව්වා ඉස්කෝල වලින් හොඳට හොයලා බලලා පත් කරන්න ඕන.."


ඇයි යකෝ.. මේ වගේ එවුන්ව එකපාර කැප්ටන්ලා කරනවද.. මංනම් කියන්නෙ එක ලඟ ඉස්කෝල වල තියාගන්න හොඳත් නෑ..

මගෙ වෙලාවට මුන් දෙන්නා මගෙ කාමරේ අස්සෙ මරාගත්තෙ නෑ.. එහෙම උනානම් කාට කියන්නත දෙයියනේ..


" මේහ්හ්.. ඒක නෙවේ.. උඹ යුගාන් අයියව කලින් දන්නවද බං.."


සෙතිනුවා ඇහුවා.. තේව් අයියව නේ.. ම්ම්ම්.. ලොකුවට මතක නෑ..


" පොර නවය වසරෙන්නෙ ඉස්කෝලෙට ආවේ.. අපි එතකොට හයේ හරි හතේ හරි.. මට ලාවට වගේ මතකයි.."
" හැබැයි බං අයියා නවය වසරෙන් ආවා උනාට මං එයාගෙ නම දැනගත්තෙනම් මේ ලඟදි.."
" අර එදා මං තිවංකයට ගහපු දවසෙ.."


හරීතිම්.. මම කියලා ඉස්කෝලෙට එන හැම එකා ගැනම හොයන්නෝන නෑනෙ..


" උඹේ උවමනාවක් නැතිකමනෙ බං.."
" පොර ආපු දවසෙ ඉඳන් ඉස්කෝලෙ හයිලයිට් වෙලා හිටියෙ.."


අනෙප්ප්.. මට මොකෝ.. මම්ල විම්කාර ඔව්වා..





























___________________________________________________





























සතියකට පස්සෙ කොහොමහරි මං ඉස්කෝලෙ ආවා.. දැන්නම් කකුල හොඳටම හොඳයි.. මේ සතිය පුරාවටම සෙතිනුවා දවස ගානෙ මාව බලන්න ඇවිත් මගෙ නෝට්ස් ඔක්කොම ටිකත් ලියලා දීලා ගියා..

ඌ හරි හොඳේකා.. ඒකනෙ මං එච්චර ආදරේ මගේ සෝස මලට..

කොහොමහරි සතිය පුරාවටම දවස් දෙක තුනක් මාව බලලා යන්න විද්වාන් අයියා ආවා.. නිකම් නෙවේ බරටම කන්න දේවල් උස්සගෙන අයියා ආවේ.. එයා එන වෙලාවට සෙතිනු සද්ද නැතුවම පුටුවකට වෙලා පාඩුවෙ ඉන්නවා.. විද්වාන් අයියා හෙන හොඳ පොර.. දැන් ටිකක් සෙතිනුවා එක්කත් ෆිට්.. ඒත් සෙතිනුවා ඉන්නෙ බයෙන්.. මොනෞනත් ක්‍රශ් එකනෙ..

විද්වාන් අයියා මාව බලන්න ආවට තේව් අයියා එදායින් පස්සෙ ආපහු ආවේ නෑ.. හැබැයි සෙතිනු අතේ සැරින් සැරේ කන බොන ජාති එකේකෙව්වා හුඟක් එවලා තිබ්බා..

තව ඉතිම් පන්තියෙ හැතිකරේත් ආවා මාව බලන්න.. උන් දහ දොලොස් දෙනා ඔක්කොම එකතු වෙලා සල්ලි දාලා දෙසීය ගානෙ මන්චි චොක්ලට් බිස්කට් එකයි , එකසිය පනහෙ සෙවනප් එකයි ගෙනාවා.. ඒක ගෙනල්ලා උන්ම කාලා බීලා ගෙදර තිබ්බ ඒවත් කාලා යන්න ගියා.. කමක් නෑ.. මං ආදරෙයිනෙ උන්ට..

ආ තව ලොක්කයියටත් ආදරෙයි මං.. උදේම මාව කාර් එකේ ඉස්කෝල ලඟටම ගෙනල්ලා දැම්මා මගෙ සහෝදරයා..


" ඔහ් සයාෂ්.. වරෙං.. කෝ ඔය දොර ලඟින් අහකට පලයල්ලා.."
" උඹට අමාරු නෑනෙ.."


බෑනෙ කරන්න.. පන්තියට ආවම සෙතිනුවා ඇවිත් මාව පරිස්සමෙන් ඩෙස් එක ලඟට එක්ක ආවා.. මගෙ කකුල රිදෙන්නෑ දැන්.. චූට්ටක් රෑට කැක්කුම හැදෙනවා විතරයි..

හැබැයි ඉතිම් වදින පාර සැරටම වැදිලා කියලා බෙහෙත් බැඳපු දොස්තරයත් කිව්වා..


" මට දැන් හොඳයි බං.."


" ම්ම්ම් ඒකට කමක් නෑ.."
" දැන් දඟ නොකර ඉඳගෙන හිටු.. !! "


මට රවලා එහෙම කියපු සෙතිනුවා මගෙ එහාපැත්තෙන් වාඩි උනා..


" ටිකකින් අහස් ආවම බත් කමු ඈ.."


" ම්ම්ම්.."


මං ඩෙස් එකෙන් ඔලුව තියාගත්තා.. සතියෙම නෝට්ස් සෙතිනුවා ලිව්ව නිසා පුදුම නිදහසක් දැනෙන්නෙ..



















































කෞත යකෝ හොල්ලන්නෙ.. නිදාගන්න දීපියව්.. !!


" සයාෂ්.. නැගිටපම්.."
" උඹ නිදිද.. කාලා ඉමු ඕයි.."


" අපෝ බං.. සතියයිනේ ගෙදර හිටියෙ.. මහ දවල් වෙනකම් නිදාගන්න පුරුදු උනාද උඹ.."


කීපදෙනෙක් කන අස්සෙ කියෝන නිසා මම අමාරුවෙන් ඇස් ඇරියා..

අපෝ ඉස්කෝලෙනෙ ඉන්නෙ.. මම හිතුවෙ මං ගෙදර බුදි කියලා..


" ආ නැගිට්ටා නැගිට්ටා.."
" කාලා ඉමු.."


සෙතිනුවා කියනකොට මං මේසෙ උඩ තිබ්බ කාගෙද මංදා වතුර බෝතලේකින් උගුරු දෙකක් බිව්වා..

අත හෝදන්න ඕනිද.. ඔන්න ඔහේ හෝදමු.. සේප් එකේ අල්මාරිය පිටිපස්සට අතත් හෝදලා මං සෙතිනු ලඟින් වාඩි උනා.. ටිකකින් වට වෙලා හිටපු උන් කන්න ගන්නකොට මම නිකමට වගේ පන්තියෙන් එලිය බැලුවා..

අහ් තේව් අයියා එනවා.. ඈත ඉඳන් පොතකුත් අතේ රෝල් කරන් අයියා පපුව ඉස්සරහට දාගෙන ඇවිදන් එන්නෙ මේ පැත්තට..

අම්මෝ පට්ට ගැම්මක් හැබැයි තියෙන්නෙ මොනාවුනත්.. පොඩි උන්නම් වෙව්ලනවා අයියව දැක්කම.. සමහර උන් දුවනවා.. තව උන් බිම වැලි කැට ගනන් කරනවා වගේ ඔලුව උස්සන්නෙ නෑ අයියා යනකම්ම..

අපේ පන්තිය ඉස්සරහින් යන ගමන් ලාවට මේ පැත්ත බලපු අයියා යන්න කියලා අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බත් නැවතිලා ඇස් ලොකු කරන් ආපහු පන්තිය ඇතුලට එබුනා..


" සයාෂ්.. !! "
" ඔයා ඉස්කෝලෙ ඇවිත්නේ.."


අයියගෙ ඇස් හරි ලස්සනට දිලිසුනා.. ඇයි කියලා හේතුවක් දන්නෙ නැති උනාට ඒ දිලිසෙන ඇස් දැක්කම මටත් දැනුනෙ ලොකු සතුටක්..


" දැන් හොඳද.."


මං කල්පනා කර කර ඉන්න ටිකට අයියා මං ලඟටම ඇවිත් හිටියා..


" ආ දැන් හොඳයි අයියෙ.."


" ම්ම්ම් එහෙනම් පරිස්සමෙන් ඉන්න.."
" මං දහය වසරෙ සෙක්ශන් එක බලලා එන්නම්.."


හිනාවෙලා මගෙ කොණ්ඩෙ අතින් හදපු අයියා එහෙම කියලා ආපහු යන්න හරුනත් මං එයාට කතා කලා..


" අයියෙ.."


" ඕ.."


" බත් කටක් කවන්නම්.."
" කෝ ආආආ කියන්නකො.."


ටිකක් වෙලා බලන් හිටපු අයියා හිනාවෙලා මං කටට ලං කරපු බත් කට කෑවා..

ඊටපස්සෙ මගෙ කම්මුලක් ලාවට මිරිකලා තේව් අයියා පන්තියෙන් එලියට ගියාම පුදුමෙන් කට ඇරන් බලන් හිටපු මගෙ තිරිකන්නු ටික හරි සිහියට ආවා..


" යකෝ ඒ අර සතියක් තිස්සෙ ඔක්කොමල්ලව මරන් කන්න හිටපු යුගාන් අයියා නේද.."


" මොන මගුලක්ද බං ඒ වුනේ.."


" අදනම් පොරට මල පැනලා නෑ.."
" ඇතියන්තම් කනක් ඇහිලා ඉන්න පුලුවන්.."


කට්ටිය පුදුමෙන් එකේකෙව්වා කියනකොට මායි සෙතිනුවයි පාඩුවෙ කන්න ගත්තා..























___________________________________________________























" අනේ එහෙම කරන්නෙපා අයියෙ.."


" අයියෝ පොඩ්ඩක් තේරුම් ගන්න මල්ලි.. ඔයාගෙ කකුලට වුන දේ නිසා වැඩිය මහන්සි වෙන්න හොඳ නෑ.."
" අනික ඔයා නිසා ස්ටෙප් එකක් හරි වැරදුනොත් අපේ හව්ස් එකේ ලකුණු නැතිවෙනවා.."


මං කොච්චර කිව්වත් අපේ හව්ස් කැපා උන රාදව් අයියා මාව පෙරඩ් එකට ගන්න කැමති උනේම නෑ..

මගුලෙ කකුල නිසා තමා ඔක්කොම.. කාලකන්නි දුලාජයව හොස්පිට්ල් එකටම ගිහින් මරන්න හිනෙනවා දැන්නම්..


" ප්ලීස් අයියෙ.."


" දැන් මම එකපාරක් කිව්වා නේද.. !! "
" ඔච්චර ඕනිනම් ලබන අවුරුද්දෙ පෙරඩ් එකට ඉන්නවා.. !! තමුසෙ නිසා අපේ හවුස් එක පරාද වුනොත් මොකද කරන්නෙ.. !! "
" ලකුනු දෙක තුන ඇති අපේ ඉස්කෝලෙ හව්ස් වල ප්ලේසස් මාරු වෙන්න.. !! "
" දන්නෙ නෑ වගේ හැසිරෙන්න එපා.. !! "


රාදව් අයියා ඇත්ත කියන්නෙ.. මං නිසා මොකටද හව්ස් එකම පරාද වෙන්නෙ..


" සොරි අයියෙ.."


මං එහෙම කියලා එතනින් එන්න හැරුනත් මාව මොකේක හරි වැදුනා..


" ආව්හ්හ්.."


මං මොකේද වැදුනෙ කියලා බලනකොට දැක්කෙ තේව් අයියව..


" ඔහ් යුගාන්.. දැක්කෙත් නෑ බං.. කොයි වෙලේද ආවේ.."


රාදව් අයියා අහනකොට එයාට උත්තර නොදී තේව් අයියා කලේ මං දිහා බලන් හිටපු එක..


" යුග් - - - "


" රාදව්.. !! මෙතන මොකද වුනේ.."


" ම්ම්ම්.. නෑ බං මේකයි.."
" මෙයාට පෙරඩ් එකට ඉන්න ඕනලු.. ඒත් මේකගෙ කකුලත් එක්ක පෙරඩ් එකට ගන්න බෑනෙ බං.."
" හව්ස් එකටත් එක්ක ලකුණු අඩුවෙන වැඩනෙ ඕවා.."


" ඉතිම් උඹ ඒකට මේ පොඩි එකාට කෑගැහුවද.."


අයියා ටිකක් සැරෙන් අහනකොට රාදව් ඔලුව කස කස ඔව් කිව්වා..


" පොඩ්ඩක් හොඳින් තේරුම් කරන්න බැරි උනාද.."
" පොඩි එවුන්ට කෑගහන්න එපා බං.."


තේව් අයියා නපුරු කටහඬකින් කියනකොට රාදව් අයියා බිම බලාගත්තා.. පෞ.. මන් නිසානෙ බැනුම් අහන්නෙ..


" අ-අනේ බනින්නෙපා අයියෙ.. රාදව් අයියා හොඳින් කිව්වා මට.. මං තමා කරදර කලේ.."


මං ඒම කියනකොට හැඟීමක් නැති මූණකින් මම දිහා බලපු අයියා ලොකු හුස්මක් පාත දැම්මා..


" ක්ලාස් එකට යන්න.."
" කකුල සම්පූර්ණයෙන් හොඳ වෙනකම් වැඩිය දඟලන්න එපා.."


" හරි අයියෙ.."


මම එතනින් එන්න ආවා.. මම නොපෙන්නුවට ඇත්තටම මගෙ හිත හොඳටම රිදුනා රාදව් අයියගෙ වචන වලට..


" ආස නිසානෙ බං ඔච්චර කියන්න ඇත්තෙ.. ඕවගේ පොඩි දේවල් නිසා උන්ගෙ හිත් රිද්දන්න එපා.."
" අනික ආපහු පොඩි එකෙක්ට දෙයක් කියනකොට හොඳින් කියලා දීහන්.. නැත්තන් උන් කරන්නෙ අපි කියන දේ අහන එක වෙනුවට අපිත් එක්ක වෛර බැඳගන්න එක.."


ටිකක් දුරට එනකම්ම මට ඇහුනා තේව් අයියා රාදව් අයියට දේශනාවක් දෙනවා.. මොනා උනත් තේව් අයියා ලමයින්ව හොඳට තේරුම් අරගෙන..

දැනුන දුක නිසාම පන්තියට නොයා මම කෙලින්ම ආවේ වෙරළු ගහ ලඟට.. කකුල් දෙක දිගෑරගෙන ගහට හේත්තුවක් දාගත්තු මං ටිකකට ඇස් පියාගත්තා..


" මේ වෙරලු ගහ යටද සයාෂ්ගෙ ක්ලාස් එක තියෙන්නෙ.."


එහෙම අහන ගමන් තේව් අයියා ඇවිත් මගෙ ලඟින් වාඩි වුනා..


" ක්ලාස් එකේ උගන්නන්නෑ අයියෙ දැන්.."
" ඔක්කොම ලමයි ග්-ග්‍රවුන්ඩ් එකේ.."
" ම්-මට තනියම ඉන්න හිතෙන්නෑ.."


හැමෝම ස්පෝට්ස් කරනකොට මට දැනුනෙ ලොකු දුකක්.. කිසිම දෙයක් නොකර මට නිකමෙක් වගේ ඉන්න වෙලා..


" ආ.."


තණකොල ගොඩෙන් අහුලගත්ත වෙරළු ගෙඩි තුනක් යුනිෆෝම් එකේම පිහදාලා මට දුන්නු අයියා මගෙ ඔලුව අතගෑවා..


" අපි ඊලඟ අවුරුද්දෙ පෙරඩ් එකට ඉමු.. ම්ම්ම්.."
" ඔයාට ඉස්කෝලෙන් අවුට් වෙන්න තව අවුරුදු කීපයක්ම තියනවනෙ නේ.."


" හ්ම්ම්.."


" අනික ඔයා පෙරඩ් එකට ඉන්නවට මම කැමතිත් නෑ.."


කැමති නෑ.. ඇයි මෙයා අකමැති..


" ඒ මොකෝ අකමැති.."


මං අහනකොට අයියා තව වෙරළු ගෙඩියක් මගෙ අතට දුන්නා..


" මේ දවස් වල අව්ව හුඟාක් සැරයි සයාෂ්.. අනික අව්වෙ හිටියම කලු වෙනවනෙ.."
" මං ආස ඔයා ඔය පාටට ඉන්නවට.."


අයියා කියනකොට මට දැනුනෙ මහා අමුත්තක්..


" ඒ කියන්නෙ අයියා කැමති නැද්ද මං කලු වෙනවට.."


ඇහුවා නෙවේ යකුනේ ඇස්සවුනා..


" ම්හ්ම්.. ඔයා ලස්සන ඔහොම.. සුදු බබෙක් වගේ ඉන්නකොට.."


ලාවට හිනාවුන අයියා මගෙ ඇස් දෙක දිහා බලාගෙනම කතා කරනකොට මට දැනුනා මගෙ ඇඟ ඇතුලෙන් වෙව්ලනවා වගේ..

එයාගෙ ඇස්.. හරි ගැඹුරුයි..

අයියා කිව්ව දේ ප්‍රොසෙස් වෙනකොට මගේ කම්මුල් රත් වෙනවා වගේ මට තේරුනා.. මං හිතන්නෙ මම රතු වෙලා ඇති.. ඒකනෙ අයියා හිනාවෙලා මගෙ කම්මුලක් මිරිකුවෙ..


" පෙරඩ් එකට ඉන්න බැරි උනාට කමක් නෑ.. තව දේවල් තියනවනෙ ස්පෝට්මීට් එකේ.. නේද..".


" ම්ම්ම්.."


" ඒකනෙ.. අපි ඒ වලින් වෙන දේකට ඉමු.."


මං ලාවට හිනාවෙලා ඔලුව වැනුවා..

ටික වෙලාවක් අපි සද්ද නැතුවම ගහට හේත්තු වෙලා හිටියා..


" මෙහ් තේව් අයියෙ.."
" මගෙ හිත හැදුවට තෑන්ක්ස් හොඳේ.."


මං තෑන්ක්ස් කලාම එයාගෙ ඇස් ගැස්සුනා.. ඒත් ඒ ඇයි.. මම පලවෙනි වතාවට තේව් අයියා කියපු නිසාද.. හැමෝම එයාට කියන්නෙ යුගාන් කියලනෙ.. ඒ නම අහලා අයියට තරහා ගියාද දන්නෑ..


" ම්-මොකක්දනම.."


හරිනෙ.. ඒක තමා.. උඹ නාන්නෙම ඇදගෙන සයාසයො..


" ස්-සොරි අයියෙ මම ද් - - - "


" ශ්ශ්ශ්.. මොකක්දනම කියලා විතරක් කියන්න.."


අයියා කිව්වෙ හුඟාක් පහත් , ගැඹුරු කටහඬකින්..


" ත්-තේව්.."


තප්පර ගානක් බලන් හිටපු අයියා අන්තිමට හරි ලස්සනට හිනාවුනා..


" කොහොමද මගෙ ඒ නම දන්නෙ.."


" ද්-දවසක් ඇහුනා මට ඔෆිස් එක ලඟදි.."
" සොරි අයියෙ.. මම ආපහු ඒ නම නොකියා ඉන්නම්.."


මම කියනකොට අයියා එකපාරම මට ලංවුනා.. මම පුලුවන් තරම් ගහට හේත්තු වුනේ ඇස් දෙකත් ලොකු කරගෙන..


" ඇයි නොකියා ඉන්නෙ.. ම්ම්ම්.."
" ඔයා ඒ නම කියන්නම ඕන.. මට ඒ නමින් කතා කරන්නම ඕන.."
" හැබැයි මට එහෙම කතා කරන්න ඕන ඔයාම විතරයි.. !! "


අ-අයියා මොනාද මේ කියන්නෙ.. මගෙ පපුව ගැහෙනවා හෝ ගාලා.. සික්කේ මේ මිනිහටත් ඇහෙනවා ඇති..


" මම ආසයි හමදාම වුනත් ඔයාගෙ කටහඬෙන් විතරක් ඒ නම අහන්න.."
" ඒ වගේම ඒකවිදිහටම වෙන්න ඕන.."


ඒක ඉල්ලීමක් නොවී එක තදබල අණ දීමක්ම විතරක් වෙනකොට මම හා කියන්න ඔලුව වැනුවා.. ටික වෙලාවක් මගේ ඇස් දිහාම බලන් හිටපු අයියා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා..


" එන්න යමු.. මං ‍අච්චාරුවක් අරන් දෙන්නම්.."


සිටුවේශන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන ගමන් අයියා කියනකොට මම එයාගෙ අතේ එල්ලිලාම නැගිට්ටා..

මේ මනුස්සයා කියන හැමදේටම බෑ නොකියා මම එකඟ වෙන්නෙ ඇයි කියලා මටවත් තේරෙන්නෙ නෑ..

දෙයියනේ සයාස් වෙනස් වෙලා.. මම කලින් මේම නෑහ්හ්..






















___________________________________________________






හොඳටම උණ ගැනිලා බිම වැටිලා මැරීගෙන ලිව්වෙ.. 🥺

ඒ නිසා කමෙන්ට් ගොඩක් දාන්න මගෙ මහන්සියට.. 🥺💔

ඊලඟ එක ඉක්කන්ට දෙන්නම්.. 🌝💕






💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️


✍️ - Sayuu.. 💕

2024.03.25

Continue Reading

You'll Also Like

1.9K 480 36
Namgoogie's thoughts Cover credit -: @Silvermirror23
17.2K 488 26
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
1.7K 201 6
'අදින් පස්සේ එන හෙට දවසවත් අදින් පස්සේ එන කිසිම දවසක් ගැන මට බලාපොරොත්තුවක් නෑ හිමව්! මම බලාපොරොත්තු වෙනවා මොන දේ උනත් ඔයා දකින්නේ මගේ ඇස් දෙක විතරම...
27.3K 3.9K 13
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °