අහිමි මතක (Taekook Nonfanfict...

By Waterlily-jeon

5.5K 1.1K 397

මන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සම... More

To My Readers 🥰
හැදින්වීම
පළමුවන කොටස
දෙවන කොටස
තුන්වන කොටස
A/N
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
A/N
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වන කොටස
දොළොස්වන කොටස
දහ තුන්වන කොටස
දාහතරවන කොටස
පහළොස්වන කොටස
දහසයවන කොටස
දාහහත්වන කොටස

හතරවන කොටස

267 63 13
By Waterlily-jeon

අභිශේක් pov :

දැන් මම ගමට ඇවිත් සති දෙකක් විතර ගෙවිලා ගිහින්. හැම දේම සාමාන්‍ය විදිහට
සිද්දවුණත් මට මේ වෙනකොටත් විසදගන්න බැරි ප්‍රශ්නයක් මගෙ හිතට ඇවිත් ඉවරයි. එකට හේතුව තමයි අර වලව්වෙ වැඩ කරන වැඩකාර කොල්ලා. ඒකට හේතු දෙකක් තියනවා.එකක් එදා අර හම්බවුණ breslet එක ඒ කොල්ලගෙලු.මන් ඒක එයාගෙ කියලා දැනගත්තෙ අම්මගෙන්,එදා උදේ කාමරේට කිරි එක අරන් ආවේ ඒ කොල්ලලු. අනික තමයි රෝසමල කවදාවත් මන් අප්පච්චි අම්මා ඇරෙන්න වෙන කා එක්කවත් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් මේ සති දෙකට දවසක් මම අප්පච්චි අයියා කුඹුරෙ වැඩ බලන්න ගිය වෙලාවක අම්මා එක්ක ඔය කොල්ලා ගෙදර ඉදලා තියනවා. එදා අම්මා රෝසමලව ඒ කොල්ලාට දීලා ටික වෙලාවකට බලාගන්න. ඒ වෙලාවෙන් පස්සෙ රෝසමල මන් ලගටවත් ආවේ නෑ ඒ කොල්ලා ඉන්න වෙලාවට. මගෙ රෝසමල දැන් දවසෙ වැඩි හරියක් ඉන්නෙ ඒ කොල්ලා එක්කමයි.



මන් මුලින් කැමති වුණේ නෑ ඒ කොල්ලා එක්ක මගෙ රෝසමල ඉන්නවට. ඒත් මගෙ රෝසමල දැන් හිනාවෙලා ඉන්නෙ ඒ කොල්ලා එක්ක ඉන්නකොට විතරයි.ඇරත් මම මගෙ රෝසමල වෙන කවදටත් වඩා හොදින් ඉන්නව වගේ අමුතු සතුටක් ඒ මූණේ තියනවා මම මේ දවස් ටිකට දැක්කා. ඒත් ඒ කොල්ලා මන් ඉස්සරහට එන්න බයයි. මොකද මන් දැකලා තියනවා මන් ඉන්න වෙලාවට බයෙන් බයෙන් හැමවෙලේම කලබල වෙලා වගේ හැම වැඩක්ම කරන්නෙ. මම කවුද කියලා දන්න ඔනෙම කෙනෙක් මට කොහොමත් බය වෙනවා තමයි ඉතින්, ඒත් මට හිතාගන්න බෑ ඒ කොල්ලව දකින හැම පාරම මගෙ පපුව වෙනදට වඩා වේගෙන් ගැහෙනවා.ඒත් එක්කම දරාගන්න බැරි අර විකාර ඔලුවෙ කැකුම එක්ක අර මගෙ නම කියලා කෑ ගහන කටහඩ හැම වෙලේම වගේ ඇහෙනවා.


ඒ කොල්ලගෙ නම සදහිරු කියලා කිව්වෙ.
මන් මගෙ රෝසමල නිසා තමයි ඕනෙම දෙයක් කරන්නෙ. මට මගෙ රෝසමල ඇරෙන්න වෙන කවුරුවත් ඕනෙ නෑ.මන් ඒක.මගෙ හිතට දුන්න පොරොන්දුවක්.


මේ සතිය මාරම නිදහස් සතියක්. මන් දන්නවා ඒ ඇයි කියලා.තිසෙන්දි තමයි ඒකට හේතුව.නොකිව්වට දකිද්දිත් මහ හිසරදයක්.තව සති දෙකකට පස්සෙ තමයි එයා ආපහු එන්නෙ.එතකන් නිදහස්.
ඔව් අපි කසාද බැදලා තමයි. ඒත් මගේ කැමැත්තෙන් නෙමෙයි. අඩුම අපේ අප්පච්චිගෙවත් ඒකට කැමැත්තක් නෑ.මන් දන්නෙ නෑ කොහොමද මේක වුණේ කියලා.මන් දන්නෙ තිසෙන්දි මගෙ නමට wife කියලා විතරයි.අඩුම අපි වෙඩින් එකක් ගත්තද කියලවත් මතක නෑ මට.අම්මගෙන් අහපුවාම කිව්වෙ වෙඩින් එකට සතියකට පස්සෙ මාව ඇක්සිඩන්ට් වුණා කියලා කොළඹදි.ඊටපස්සේ හැම දේම අමතක වුණාලු මට. මන් ඒකට ට්‍රීට්මන්ට් කරා ඒත් Doctor කිව්වෙ ඇක්සිඩන්ට් එකකට වැඩිය දෙයක් වෙලා තියනවා කියලා. කොහොමහරි ඊට සතියකට විතර පස්සෙ තමයි මට රෝසමලව හම්බවුණේ මායි තිසෙන්දියි මගෙ කොළඹ villa එකේ ඉද්දි ගෙදර ඉස්සරහ තියලා ගිහින් තිබුණා.මට පුදුමයි තිසෙන්දි රෝසමලව තියාගන්න කැමති වුණ එකට.එයා මට එපා කිව්වත් මන් රෝසමලව තියාගන්නවා තමයි.තිසෙන්දි කියන දේවල් අහන්න එයා මගෙ කවුද.ඒත් තිසෙන්දි කියන්නෙ එහෙම දේකට කැමති වෙන කෙනෙක් නෙවෙයි කියන්න මන් දැනගෙන හිටියා.අදටත් මට හිතාගන්න බෑ එයා කැමති වුණේ ඇයි කියලා.


කල්පනා කර කර එළියට බහිද්දි දැක්කෙ අර කොල්ලා රෝසමලවත් වඩාගෙන මිදුලේ එහෙ මෙහෙ යන ගමන් රෝසමලට අත දික් කර කර මොනවද පෙන්නනවා.
ටික වෙලාවක් බලන් හිටියට මගෙ හිතට හරි අමුතුයි. මට මේ දැනෙන හැගීම විස්තර කරගන්න බෑ.මගෙ ඇස් දෙකෙන් දන්නෙම නැතුව කදුළු ගලනවා.
දේවරාජ පොඩිහාමු කියන්නෙ මෙහෙම කෙනෙක් නෙවෙයි. මොකද්ද මට මේ වෙලා තියන්නෙ.


මන් හිතට ආව ක්ෂනික සිතුවිල්ල නිසා ගිහින් අර කොල්ලා අතින් රෝසමලව අරගත්තා.මන් හිතන්නෙ කොල්ලා බය වුණා.මන් දැක්කා රෝසමලව ගත්ත ගමන්ම ඒ කොල්ලගෙ ඇස් දෙකේ කදුළු පිරෙන්න ගියේ තප්පරයයි.මන් දිහා බලාගෙන තොල් තද කරන් ඇඩිල්ල නවත්තගන්න බලන් ඉන්නවා.ඒ දැකලා විනාඩියක් ඉන්න හම්බවුණේ නෑ රෝසමල එකපාරටම අඩන්න පටන් ගත්තා.මන් වෙනදා වගේ නලවන්න උත්සහ කලත් රෝසමල එක විනාඩියකටවත් අඩන එක නැවැත්තුවෙ නෑ.ඒත් එක්කම මන් බැලුවෙ අර කොල්ලා දිහා.රෝසමල අඩන දිහා බලාගෙන ඒ කොල්ලත් හොදටම අඩනවා.මගෙ ඇස් දෙක ගැස්සිලා ගියේ ඉබේමයි.ඇයි ඒ, ඒ කොල්ලා එච්චර ආදරෙයිද මගෙ රෝසමලට. මට වෙන කරන්න දෙයක් නැති නිසා මම ඒ කොල්ලා අතට රෝසමලව දුන්නා.


මට හිතාගන්න බෑ.රෝසමල කොල්ලා අතට ගියා විතරයි අඩන එක නැවැත්තුව. කොල්ලත් අඩන එක නවත්තල්ල රෝසමලව
නලවනවා එක එක ඒවා කිය කිය.
ඒත් එකපාරම මට ආයම ඔලුව පුපුරු ගහන්න වගේ රිදෙන්න පටන්ගත්තා. ඒ එක්කම මට වටේම කළුවර වෙලා ගියා වගේ දැනුණා.


______+_____+______+_______+_______+______

සදහිරු pov:



මන් හිටියේ මිදුලට වෙලා විනූශ පුංචි බේබිව වඩාගෙන.ලොකු හාමිනේ මට පොඩි බේබීව බලාගන්න දීලා තියන්නෙ දැන්.විනූශ පුංචි බේබී මා එක්ක ඇරෙන්න සුදු බේබි එක්ක
"ආයම මගෙ පුංචි බේබී කොළඹ ගියාම මට පාළු හිතෙයි මගෙ රත්තරනේ. ආයම එද්දි පුංචි බේබි ගොඩක් ලොකු වෙලා තියෙයි. මාව අමතක කරන්නෙ නෑ නේද මගෙ මැණික."

"පුංචි බේබී තදූව (සදූව)දාලා යන්නෙ නෑ. මන් දැදාත කීනවා තදූවත් එක්ක යන් කීලා."

මන් කියද්දි පුංචි බේබි හයියෙන් හිනා වෙලා කිව්වා .තවම මගෙ පුංචි බේබී මොනවද දන්නෙ මේ සමාජේ ගැන.කවදහරි ඒවා තේරුම් ගත්ත දවසක පුංචි බේබිත් තේරුම් ගනියි හැමෝටම හිතුන හිතුන විදිහට හැමදේම කරන්න බෑ කියලා.එතකන් ඔය විදිහටම ඔය හිනාව පරිස්සමින් තියාගන්න.මන් හිතින් හිතුවා විතරයි.මට ඒවා කවදාවත් කාටවත්ම කියන්න බැරිවෙයි.

ඒ එක්කම කවුරුහරි මගෙන් පුංචි බේබිව උදුරලා ගත්තා. ඒ සුදු බේබී. ගොඩක් තරහින් වගේ. සුදු බේබී කැමති නෑ මම විනූශ පුංචි බේබි එක්ක ඉන්නවට.මට බයටම ඇඩුණා.ඇරත් ඇයි මට පුංචි බේබි එක්ක ඉන්න තියන ටික වෙලාවෙවත් මට ඉන්න දෙන්නෙ නැත්තෙ.මට ඒ නිසා ඇඩුණා.පුංචි බේබීත් හොදටම අඩනවා. ටික වෙලාවක් සුදු බේබී මන් දිහා බලන් ඉදලා පුංචි බේබිව මන් අතට දුන්නා.මට වෙන සිහියක් තිබුණේ නෑ කා එක්කද ඉන්නෙ මොනවද කරන්නෙ කියලා හිතන්න ඒත් මට බැරිවුණා පුංචි බේබී අඩනවා තවත් බලන් ඉන්න. ඒ නිසා මන් අතට සුදු බේබී පුංචි බේබිව දුන්න ගමන් පුංචි බේබිවත් අරගෙන මිදුලේ තිබුණ ලොකු ෆයිනස් ගහ යටට හිගින් ඒ ළග තිබුණ බංකුවෙන් ඉදන් පුංචි බේබිව නළවන්න පටන්ගත්තා. ඒත් මන් ටික වෙලාවකින් දැක්කෙ සුදු බේබී බිම වැටිලා ඉන්නවා වගේම සහශ්‍ර ලොකුහාමු සුදු බේබි ළග බිම ඉදගෙන සුදු බේබිව උරහිස් වලින් හොළවනවා.



කෝමත ඔයැයිලට, කාලෙකින් නේත?
දෙන්නෙ නෑ කියලා හිතුවෙ.ඒ වුණාට ආපහු දෙන්න කියලා හිතුව.

ආය එන්නම්කො ඉක්මනට ❤

Vote , comment කරන්න . ආතරෙයි 😘.


බබා හරි ලස්සනයි නේත 😏. බබා දිහා විතරක් බැලුවහම ඇති. අභිශේක් ආදරේ රෝසමලට විතරයි කියන්න කිව්වා. ඒ හින්දා බලන් හිටියට වැඩක් නෑ.

සින්නක්කර ලියාගන්න අහන්න ගිහින් මාත් ගුටි කාලා ඉන්නෙ හාමුවගෙන් 🤧.ඒ හින්දා අහන්න යන්න එපා. ගුටිකන්න වෙයි.




Continue Reading

You'll Also Like

66.2K 179 16
These are stories of people giving birth -multiple stories-
138K 14.5K 75
මට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.1...
40.7K 5.4K 51
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
1.5K 224 7
" ආදරේ දැනෙන්න මට උබගේ අරහෙන් මෙහෙන් අල්ලන්න ඕන නෑ බන්.. ආදරේදී මුලින්ම ඇල්ලෙන්නේ ඇස් වලින්.. හරියට මං උබේ ඇස් මගේ ඇස් වලින් ඇල්ලුවා වගේ "