තත් 🔞

By sheronhesaraa

24.6K 1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි තුන්වන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

විසි හතරවන ස්වරය ♥

369 22 81
By sheronhesaraa

අපේ අම්මාට හිනාව පිට උගුරෙ ගිහින් කැස්සකුත් හැදුනා කෝමහරි...මගෙ කොල්ලට වැඩේ තේරුනාම ඌ ලැජ්ජාවට රතුවුනා බැබුමෙකුගෙ පුම්කක් වගේ....ඒකෙන් වුනේ උගේ අර චූටි අත් දෙකෙන් කිස් කන පාරවල් දෙක තුනක් එක්ක දත් පාරවල් දෙක තුනක් මගෙ අත පයේ ශේශ වුනු එක.

"අම්මාහ්....අම්මාආආආ......"

"ඕ ඕ...මොකෝ මේ..."

"රෑට මොනාද කන්නෙ ?"

"ඒක තමා මාත් බැලුවෙ...මොනාද හදන්නෙ කියලා..."

"මොනාහරි නිතර කැවෙන්නෙ නැති දෙයක් හදමුකො අම්මා..."

"නෙතූ පුතාගෙනුත් අහලා බලමු...කන්න ආස දෙයක් තියේද කියලා..."

"නෙතූ ....නෙතූහ්හ්හ්...උබ බීරිද..."

"මොකද ...අහස කඩාවැටෙනවද..."

දැන් අපේ ගෙදර පුතා මූ....මම කානුවෙන් ඇහිඳන් ඇවිත් වගේ...මූ ඒකනෙ ගානක් නැතුව ගේ ඇතුලෙම මට සද්දෙ දාගෙන එන්නෙ...හිටපන්කො මම ටොගෙ පුප මහලා බඩ යන්න බෙහෙත් දෙනවා.

"අහස කඩාගෙන වැටුනාදෙන්...ගනන් ගන්න එපා ඕවා සුලු දේවල් හිනාවෙලා අපි ජොලියෙ ඉමු...ලලා ලාලා ලලා ලාල ලල ලාලා..."

"අනේ මූට ගහන්නකො නැන්දෙ අර හිරමනෙන් හරි...මොන්ගල් පාලිකා වගේ..."

"මොකා..."

"අනේ මන්දා බන්....උබලා දෙන්නම මගෙන් ගුටි කනවා දැන්...මොනාද රෑට කන්න ඕන."

"ම්ම්ම්ම්....නැන්දා කැමති දෙයක් හදන්න ඉතින්."

"කියන්නකො...ආස දෙයක් තියද..."

"එහෙම න්....ආ අන්න මාමා එනව නැන්දේ."

"ම්ම්ම්...උයන්න මොනාහරි ගේන්න කියලනම් කිව්වා...මොනා ගෙනත්ද දන්නෙ නෑ..."

අපි දෙතුන් දෙනා ගෙදර ඉස්සරහා කාපෝච් එකට වෙලා ගහගෙන හිටපු කයියට බාධා වුනෙ අපේ අප්පොච්චියා ඇතින් මතුවුන නිසා...එයාගෙ අතේ ලොකු කලුපාට ශොපින් බෑග් එකක් තිබ්බා වගේම ලේසියකට දකින්න නොලැබෙන දුර්ලභ හිනාවක් එයාගෙ මූනෙ තිබ්බා...

"ඒයි...උයන්න දෙයක් ගෙනාවද."

"ම්ම්ම්...ඉඳා..."

හිනාවේගෙනම් අපේ තාත්තා අම්මා අතට අර පාර්සල් ටික දුන්නා...එයා අම්මා එක්ක කතාබහ කරන්නෙ එහෙම තමා...එයා ආදරේ පෙන්නන්නේ එහෙම.

"මොනාද මේ..."

"ඇයි ගෙනත් දුන්නට පස්සෙ බලන්න බැරිද."

"ආ පරාටානෙ..කෝ හොදි."

"හොදි ගෙනාවෙ නෑ...අද රෑට ස්පෙශල් ඩිශ් එකක්...උබ මන් කියන දේ කරපියකො...මම හදලා දෙන්නම් අද රෑට සුපිරි කෑමක්...."

අපේ තාත්තා ඕම තමා...විශේශ මොනාහරි ගේන දාට එයා තමා ඒක උයන්නෙ...අම්මට කියලා කපන කොටන දේවල් කරවගෙන එයා රස කරලා හදනවා...අදත් එහෙම දවසක්..

"මාමේහ්හ්හ්හ්හ්....අනේහ්හ්හ්හ්හ්හ්හ්හ්"

අම්මට සිරි...ඒ මොකක්ද ඒ වුනේ...අනේ වඳින්න ගිය දේවාලෙවත් ඉහේ කඩාගෙන වැටුනද...ඒත් මම දේවාල ගානෙ ගියෙ නෑනෙ....දේවාලෙ පාවෙලා ඇවිත් ඉහේ කඩා වැටෙන්න විදිහක් නෑනෙ....මගෙ කොන්ද උඩට සිමෙන්ති කොට්ටයක් එල්ලුවා වගේ ෆීලින්ග් එකක්නෙ ආවේ...මේ හැලපයා කෑගහගෙන මගෙ ඇඟේ එල්ලුනා කියාන්කෝ...කෙලියයි.

"මොකද නෙතූ...ආ..."

"අර්..ර...අර..."

"මොකක්ද පුතේ..."

"ඔය බෑග් එක ඇතුලෙ මොකෙක්ද ඉන්නවා අනේ...අනේ..."

"ම්ම්ම්....නෝනා..මෙන්න මේක කුස්සියට ගෙනියන්න...මම සුද්ද කරලා දෙන්නම්...."

"මොනාද ඒයි...මේ ලමයා දඟලනව කියන්නෙ මොනාද..කොරලිද...."

"නෑ...අරන් යන්නකො...ඔහොමම තියන්න...මම සුද්ද කරලා දෙන්නම්...."

"මොනාද ඉතින්..."

"පොකිරිස්සො දෙන්නෙක්...."

"මොන..."

"පොකිරිස්සො කානුවල නෑනෙ...මූදු පොකිරිස්සො...."

"පනපිටින්.....???"

'නෝනා උබ දැන් මගෙන් අහගන්න හදන්නෙ...උබ මගුල් කියවලා පොඩි උන් නොකා උන්නොත් මම බලාගන්නම්..."

"හරි හරි..."

"අනේ පව් තාත්තෙ...මටනම් එපා මම කන්නෙ නෑ..."

"කන්නෙ නැති උන් නොකව් හිටපියව්...කන්නෙ නැති උන් නිකන් ගිලපියව් පරාටා...ගිනි ගනන් දීලා මුන්ට කන්න ගෙනාවම මගෙ මාරයා අවුස්සනවා...වෙන දේවල් උයන්නෙ නෑ...නොකන උන් බඩිගින්නෙ ඉඳපියව්..."

අපේ තාත්තගෙ ගෝරනාඩුව නිසා මමයි නෙතුයි කාමරේට ආවෙ අම්මා අර දඟලන බෑග් එක උස්සගෙන එලියෙ ටැප් එක ළඟට යද්දි...මමනම් කාමරේට ආවෙම මම නම් කන්නෙ නෑ කියලා හිතාගෙනමයි...

ආව ගමන් ඇඳට වැටුනු මගෙ පපුව උඩට වැටුනු ගෝත කරුමෙ මගෙ පපුවෙ රෝම ගස් එහෙ මෙහෙ කර කර ඉඹින්න ගත්තේ අපි ඉන්නෙ කොහෙද කියලා අමතක වෙලා වගෙ...හැබැයි බයවෙන්න දේකුත් නෑ...මම අම්මටයි නංගිටයි ඊයෙ කිව්වා මම ඉද්දි වගේ නෙවෙයි නෙතුත් ඉන්න නිසා කාමරේට එන්න කලින් කතා කරලා එන්න කියලා ..

හැබැයි හිතන්නවත් වෙලාවක් නැතුව අම්මගෙ කටහඬ ඇහුනා දොර රෙද්දට එපිටින්.

"සුදූ...නෙතූ පුතා.."

"ඕ අම්මා.."

"ඕ නැන්දේ."

"මම එන්නද..."

"එන්න නැන්දේ..."

අපි දෙන්නා දෙපැත්තට වුනා...මමයි එයයි ඇඳේ දෙපැත්තෙන් ඇඳ විට්ටමට හේත්තු වෙද්දි අම්මා ඇවිත් අපිට ඉස්සරහින් ඇඳෙන් ඉඳගත්ත්තා.

"තාත්තට මල පැනලා අන්න."

ඉ"තින් හෝදගන්න කියන්නකො අනේහ් 😁"

"අනේ මේ ...විහිලු නෙවෙයි සුදූ...මුන්ට ගිනි ගනන් වියදම් කරලා කන්න ගෙනල්ලත් හොඳක් නෑලු."

"ඉතින් උන් පනපිටින් නිසානෙ මට අව්ල් ගියේ...."

"පන පිටින් නෙවෙයි බන් ඒ...අර අඬු හෙල්ලෙනවා...ඒකයි..."

"හාම්කො හාම්කො...හරි හරි කමක් නෑ..."

"මේ දෙන්නා එක්කම කීල්ස් එකට ගිහින් එනවද."

"ඇයි ඒ..."

"උයද්දි තව රෑවේවි...කීල්ස් එකේ අර ඔෆර් එක දානවා නේද හතට...."

"ආ ඔව් ඉව්...50% ක් ඕෆ්..."

"එහෙනම් කැපෙචිනෝ ඩෝනට්ස් හයක් අරන් එන්න...".

"නැන්දා සල්ලි අරන් යන්නකො...අපි අරන් එන්නම්..."

"මෙන්න මේ සල්ලි ගන්නකො..."

"එපා එපා...නැන්දා යන්නකො...අපි ගිහින් එන්නම් කීල්ස් එකට..".

ඉතින් අපි දෙන්න එක්කම ආවා පාරට...මේ වෙලාවට මාතර නගරය හරිම කලබලයි...තංගල්ල පැත්තට , ගාල්ල පැත්තට , හක්මන පැත්තට , අකුරැස්ස පැත්තට දුවන පාරවල් වාහන වලින් පිරිලා ගිහින්.

"බබා.....අපි දවසක කිරල කැලේ යමු."

"ඒ කොහෙද අනේ."

"මාතර ගොඩගම හරියෙ තියෙන තෙම්බිම් රක්ශිතයක්...ලස්සනයි."

"ම්ම්ම්...ආයෙම ආව දවසක යමුකො අපි."

"හරි...ඔන්න කහ ඉරෙන් පාර මාරුවෙන්න බබී...කීල්ස් එකට ගිහින් බලමු මොනාද තියෙන්නෙ කියලා....."

"හරී.."

දෙන්නා එක්කම ආවේ බ්‍රෝඩ්වේ කීල්ස් බ්‍රාන්ච් එකට...හතට ඔෆර් එකක් දානවා...බේකරි අයිටම්ස් සේරම 50% ක් ඕෆ්...ආයෙ ඉතින් ඕක ගන්න ලැජ්ජ වෙන්න ඕන නෑ...කාලා ඉවරවුනු ඒවා නෙවේනෙ...ගාන අඩු වුනාට කොලිටිය එකමයි.

"කැපෙචිනෝ ඩෝනට්ස් තියෙන්නෙ හතරයිනෙ ඒයි....ම්හුක් ".

"එහෙනම් තව මොනාහරි දෙකකුත් ගන්න..."

"ස්ට්‍රෝව්බෙරි ගන්නද."

"අනේ එපා...චොක්ලට් ගන්න..."

"හරි..."

"එක්ස්කියුස් මී...අපිට කැපෙචිනෝ ඩෝනට්ස් හතරයි ස්ට්‍රෝබෙරි ඩෝනට්ස් එකයි චොක්ලට් ඩෝනට්ස් එකයි දෙන්න පුලුවන්ද ?."

ඔන්න ඔහොමයි මගෙ හැලපයා ඩෝනට්ස් ගත්තෙ...ඔහෙලා ඩෝනට්ස් නොදැන ඉන්න විදිහක් නෑනෙ...අර හිල තියෙන ඒවා...තව හිල වටේට ලස්සනට පාට පාට ගාලා රසකරලා තියෙන එව්වා...ම්ම්ම්ම්හ්හ්හ්.

"මේ බබා.."

"ඕ"

"මම කිව්ව නේද ස්ට්‍රෝව්බෙරි එපා කියලා."

"ඒක ගත්තෙ මට...තවුසෙ කටවහන් ඉන්නවකො."

"ආ හරි හරි...ඉල්ලන්න එපා මගෙ එකෙන්...."

"ඒම කොහොමද...තවුසෙගෙ ඩෝනට් එකෙන් භාගයක් මට ඕන..."

"ඉතින් මට තවුසෙගෙ එකෙන් භාගයක් කන්න බෑනෙ...මම ස්ට්‍රෝව්බෙරි වලට ආස නෑනෙ...."

"ඒක කරන්න දෙයක් නෑ...."

"එහෙනම් මෙහෙම කරමු...ගෙදර ගියාම තවුසෙ නංගිට ස්ට්‍රෝව්බෙරි එකෙන් කෑල්ලක් දීලා කැපෙචිනෝ එකෙන් කෑල්ලක් ඉල්ලගන්න...පස්සෙ ඒ කැපෙචිනො කෑල්ල මට දීලා තවුසෙ මගෙන් චොක්ලට් කෑල්ලක් ඉල්ලගන්නව...."

"ආ එතකොට මට ස්ට්‍රෝව්බෙරි කෑල්ලකුයි කැපෙචිනෝ කෑල්ලකුයි චොක්ලට් කෑල්ලකුයි තුනක් තියෙනවනෙ...."

"පිස්සුද...තවුසෙට එන්නෙ චොක්ලට් කෑල්ලයි ස්ට්‍රෝව්බෙරි කෑල්ලයි...."

"එතකොට කෝ මගෙ කැපෙචිනෝ කෑල්ල...."

"උබට කොහෙන්ද බබා කැපෙචිනෝ කෑලි...කැපෙචිනෝ කෑල්ල එන්නෙ මට...".

"පිස්සු...මම නංගි එක්ක ශෙයා කරගන්නවනම් මට එයාගෙ කැපෙචිනෝ කෑල්ල එන්න එපයි...."

"අනේ මේ...මට උබේ මොන හුත්තක්වත් එපා...කට වහන් යමන්...තවුසෙ මගෙ මොලෙත් අව්ල් කරනව...."

"ම්හුක් ...හුත්ත එපා වෙන්න මට එහෙම එකක් නෑනෙ...පශ්ශ දෙන්නෙ නෑ ආයෙ තවුසෙට..."

"කන්නෙපා මගෙන් හොඳේ"

"සින්දුවක් කියන්නකො අනේ...."

"මොකක්ද කියන්න ඕන..."

"ඔයාට මන් ගැන කියන්න සින්දුවක් නැද්ද අප්පා...මහලොකු සංගීතකාරයා නේද...."

"ඉඳපන් ඉඳපන්...උබ ගැනනම් කියන්න වෙන්නේ පුල්ලි ගොනා ගෙට පැනලා තමා...."

"මම කියන්නෙ නෑ ඉතින් උබට පුල්ලි තියෙන තැන...."

"උබේ ඇඟේ පුල්ලි තියෙන තැන් මම නැතුව වෙන මොකාද බබා දන්නෙ..."

"ඕන නෑ තවුසෙගෙ සින්දු...මම සින්දුවක් දාගන්නම් ෆෝන් එකෙන්..."

"ඉන්නවා ඉන්නවා...මම කියන්නම්..."

"නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ  දිගු වන්දනා ගමනේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ.

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරංග බිඳෙනා
නිල්ල නිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි "


අතරින් පතර තරු එලි දිලිසෙන මාතර අහස යට එකාකාරෙට වාහන එලි එහෙමෙහෙ වෙන ගාලු පාර අයිනෙ පදික වේදිකාවෙ අතින් අත නොබැඳුනත් හිතින් හිත බැඳගෙන වරින් වර උරින් උර වදින ගානට ලංවෙලා යන අපි දෙන්නගෙ ඇස් යන්තමට බිමට බරවෙලා තිබුනත් හිත මගෙ කටින් ගිලිහෙන සින්දුවෙ පද එක්ක මුනු මුනු ගෑවා.

"ආදරෙත් හරි පුදුමයි නේද බබා..."

"ඇයි එහෙම කියන්නෙ.."

"නෑ ඉතින් අම්මා තාත්තටවත් මෙල්ල කරන්න බැරි දඩබ්බර මාව උබ එක වචනෙන් මෙල්ල කරනවනෙ....."

"ඒකනම්  මම දන්නෙ නෑ."

"ඒක බයක් නෙවෙයි...මම ඇයි උබට බය වෙන්නෙ...උබව උස්සලා පොලොවෙ ගහන්න පුලුවන් මට...ඒත් මම ඔයාට ආදරෙයි...ඔයා මගෙන් ඈත් වෙයි කියලා බයයි...ඒකයි මම ඔයාට කන්ට්‍රෝල් වෙන්නෙ...."

"හ්ම්ම්...මම කා එක්කවත් උන්නෙ නැති තරම් සැහැල්ලුවෙන් සහ විවෘතව තමා ඔයා එක්ක ඉන්නෙ ශෙරෝ...."

"ම්ම්ම්...මමත්...මම ඔයාට ආදරෙයි ගොඩක්."

"මාත්..."

"කොච්චර ආදරේද මට."

""ම්ම්ම්ම්."

"ම්ම්ම්."

"ඔයා ආදරේ කරනවට චුට්ටක් වැඩියෙන්."

"කපටියා."

"තව සින්දුවක් කියන්නකො අනේ..."

"ම්ම්ම්...හරී.....ඊට කලින් කියන්නකො ඔයා සඳකිඳුරු ජාතකේ අහලා තියද කියලා."

"ආ ඔව්...අර සඳ කිඳුරයි කිඳුරියි ආදරෙන් ඉන්න ජාතක කතාව නේද..."

"ඔව් ඒක තමා...දැන් මම මේ කියන්න යන සින්දුවත් ඒ ජාතක ඉඅතාව ගැනම තමා."

"ආ මන් දන්නවාහ්හ්හ්හ්."

"මොකද බන් කන පල්ලෙ බෙරිහන් දෙන්නෙ...බබා උබ මගෙන් කනවා කොයිවෙලේකහරි...."

"ඉතින් ඕයි මම දන්නවනෙ."

"කියනව බලන්න දනන්වනම්."

"ඔන්න කිව්වා."

"කියනවකො බලන්න"

"සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරල දිහාවේ
සඳ පාන තියන රෑක නොයන්නෙ...
ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරි
ඔබත් කිඳුරු ළඳක් කියාලා..."


"ඒක නෙවෙයි මම කියන්න ගිය සින්දුව...හැබැයි ඒ සින්දුවනම් ඔයා ලස්සනට කිව්වා...."

"එහෙමනම් මොකක්ද..."

"අහගන්න්කො....ඔන්න සඳකිඳුරයි කිඳුරියි හරිම ආදරෙන් හිටියලු...ඔය ඉන්න අතරෙනෙ බරනැස් රජතුමා කිඳුරිව දැකලා ආසා වෙන්නෙ...ඉතින් බරනැස් රජතුමා කිඳුරව මරලා කිඳුරිව පැහැරගන්න තමා හදන්නෙ...පස්සෙ කිඳුරිගෙ අඳෝනාව ඇහිලා සක්‍ර රජතුමාගෙ පඬුපුල් ආසනේ...."

"කඩුපුල් ආසනේ කියන්නෙ මොකක්ද ඒයි..."

"කඩුපුල් නෙවෙයි උලමෝ පඬුපුල් ආසනේ...නරකක් වෙද්දි  අනර්ථයක් වෙද්දි පඬුපුල් ආසනේ උනුවෙලා සක්‍ර දේවේන්ද්‍රයගෙ පස්ස පිච්චෙනවලු...ඇයි අර ලතා මැඩම්ගෙ පට්ටම  සින්දුවකුත් තියෙන්නෙ ඔයා අහලා නැද්ද ???.."

"මාව හංගා වනේ අයියෝ සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිද උනු නූනේ
ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්
ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්"


"අනේ සුදු මහත්තයා අහලාවත් නෑනෙ....ලතා වල්පොලගෙ සින්දු කොච්චර තියෙනවද අනේ....."

"ම්ම්ම්...ලතා වල්පොල තමා ලන්කාවෙ වැඩිම ගීත ගායනා කරලා තියෙන ගායිකාව...ලංකාවේ රිදී සීනුව කියන්නෙ ඒකනෙ....ලතා , සුජාතා , ඇන්ජලීන් කියන්නෙ සිංහල සිනමාවේ ත්‍රීමූර්තිය."

"ම්ම්ම්...ඇන්ජලීනුයි ලතායි දෙන්නම කතෝලික නේද."

"ඔව්...ඇන්ජලීන් මාතරනෙ...එයා අපේ මාතර අප ස්වාමිදුවගෙ ජාතික සිද්ධස්ථානයේ ගීතිකා කියලා එතනින් ගායනය පටන්ගත්ත කෙනෙක්...මාතර සෙන්ට් මේරි කොන්වන්ට් එක තමා එයාගෙ ස්කූල් එක."

"ම්ම්ම්ම්....ඒ වුනාට මටනම් ඔය මාතර ලොකු නෑ..."

"ඉතින් තෝ දැනුත් ඉන්නෙ මාතර තමා...නිල්වලාවෙ කිඹුලෙකුට කන්න දානවා දැනගනින්."

"ආයෙ අමුතුවෙන් කන්න දෙයක් නෑ...නිල්වලාවෙ කිඹුලෙක් මාව ඇතිතරම් කනව දැනටමත්...සමහර දාට කාපු හොඳ කමට උදේට වොශෲම් යන්නත් බෑ බෑ...පශ්ශ දනවා."

"ආ ආ ඇති ඇති...ඒක නෙවෙයි...දැන් මම කිය කිය හිටියෙ අර කිඳුරිගෙ විලාපෙට සක්‍ර දේවේන්ද්‍රයගෙ පඬුපුල් ආසනේ උනුවෙලා බලනව මොකක්ද මේ අවනඩුව කියලා...ඉතින් මේ අඬන කිඳුරිව දැකලා එතනට ඇවිත් ආයෙම අර කිඳුරාගෙ ශරීරෙට පන දෙනවා.."

"ඉතින් ඉතින්..."

"ඉතින් කිතුල් බන්...අහගන්නවකො සින්දුව."

"දසබලධාරී බුදුරජු පෙරකල
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
වසනා සඳෙහී කිඳුරඟ සමඟා
වනයේ තුටිනා ප්‍රේමය පාදා"

"අනේ ලස්සනයිනේ ඒ කතාව...තව කතාන්දරයක් කියලා දෙනෝකො මිනියෝහ්...ම්හුක්.."

"උහුක් හුකුක් නෙවෙයි තව චුට්ටයිනෙ ගෙදරට...මම පොඩි කතාවක් කියන්නම්...හැබැයි එච්චරයි ආ .."

"හරි හරි කියන්නකො."

"ඔයා අහලා තියද බෝදිලිමා ගැන."

"ඔව් ඉතින්...අර කටුස්සනෙ."

"නෑ...බෝදිලිමා කියලා අවතාරයක් තියෙනවා...මාතරනම් නෑ...හැබැයි මහනුවර , නුවරඑලිය , ගම්පොල , සීතාවක , කුරුනෑගල , අනුරාධපුර , මහියංගනය , බදුල්ල , පොලොන්නරුව වගේ පැතිවල තමා ඔය අවතාරෙ තදටම තියෙන්නෙ..."

"ආ අව්ලක් නෑ...කොලඹ නෑනෙ..."

"ඔව් ...කොළඹ නෑ කියල තමා කියන්නෙ."

"ඉතින් ඉතින්."

"ඔන්න ඔය බෝදිලිමා කියන්නෙ ගැබ්බරව ඉද්දි හස්බන්ඩම මරලා දාපු ගෑනියෙක්ගෙ ආත්මයක්ලු...එයා පිරිමින්ගෙන් පලිගන්න්න්වා...රෑට ගෙවල් අයිනට ඇවිත් විලාප තියනවා...පිරිමියෙක් ගෙයින් එලියට බැස්සොත් බෙල්ලට පැනලා හූරලා හපලා මරලා දානවා...."

"අම්මට සිරි...අපේ අම්මලත් නුවර කටුගස්තොට...මමනම් ආයෙ යන්නෙ නෑ...."

"ම්ම්ම්..මේ අවතාරෙ ගෑනු අයට පන බයයි....ඉතින් ඔහොම විලාප තියනකොට ඉලපතක් එලියට විසිකරනවා...ඉලපත කියන්නෙ ගෑනු අය පාවිච්චි කරන දෙයක්නෙ...සමහර පැතිවල බෝදිලිමාගෙ විලාපෙ ඇහුනම ගෑනු අය ඉලපත් අරන් බැනගෙන එලියට බහිනවා...එතකොට බෝදිලිමා ආයෙම පැනලා යනවා...මට මගෙ යාලුවෙක් කියලා තියෙනව ඔය වගෙ කතාවක්...ඌ මැදවච්චියෙ...දවසක් ගේ ළඟ බැද්දෙන් අහන් ඉන්න අමාරු බල්ලෙක් උඩුබුරනවා වගේ විලාපයක් එනවලු...ඒක ටික ටික ගේ ළඟටම ඇවිත් ගේ වටේම කැරකෙනවලු...පස්සෙ උන්ගෙ අම්මයි , නැන්දයි ඌවයි මල්ලිවයි කාමරේට එලවලා කිව්වලු ආයෙ කියනකල් එලියට එන්න එපා කියලා...ඒත් මුන් දෙන්නා කාමරේ ජනේලෙන් බලාගෙනලු හිටියෙ...අම්මයි නැන්දයි කොස්සයි ඉලපතයි අරන් බැනගෙන මිදුලට බහිද්දි මිදුල මැඳ ඉඳලා කලු පාට ගුලියක් ඉක්මනට ආයෙම බැද්දට රිංගුවාලු....."

"අම්මෝහ්හ්...මෙහෙ නෑනේ...ශුවර්නෙ.."

"ඔව් ඔව්...ඔය බෝදිලිමාටම තමා සොඳරි කියන්නෙත්...උඩරට පැත්තෙ කියන්නෙ සොඳරි කියලා...සොඳරි ගැන මම කියපු කවියක් ඇති මගෙ ෆෝන් එකේ නොඉට්පෑඩ් එකේ...ඔයා කියවලා බලන්නකො..."

☠✞☠✞☠✞☠✞☠✞☠✞☠✞☠✞☠✞

ගහ උඩ අඬන උලලේනිගෙ හඬද කපා
ඇසුනා කෙඳිරියක් රෑ මැද අඳුර කපා
සියොලඟ සලිත විය දා බිඳු ඇඟද වසා
පැලට වැදුනි හැකි වැර ගෙන දොරද වසා

ගෑනි මලේ දරුව වදන ගෙයි මැද්දේ
දරුවයි මමයි තනිවුනි මහ වන මැද්දේ
ඌත් පිරිමි මන් එක්කලා තනි බැද්දේ
ගෑනු කෙනෙක් නෑ නොවැ බෙහෙතට ඇත්තේ

උබ දරු දුකින් ගැබ්බර වී මියදුනි නම්
ගෑනුන් නොවෙයි පිරිමින් ලුහුබැද ඒනම්
දරුදුක නිසා තරහට පලි ගන්නේනම්
නෑවිත් ඉඳින් නන්ගියෙ මේ අහ ඒනම්

දරුදුක නුඹට මෙන් මෙමටද දැනේය
පිය සෙනෙහසින් පපු කැවුතුද පිරේය
මන් නැති වුනොත් දරුවා ගින්දරේය
නුඹද මවකි , දරුදුක නුඹ දනීය

ඔබ එලවන්න ගෑනුන් නෑ මෙහි ඇත්තේ
පිරිත් පොතත් නැත ; කාවන් කා ඇත්තේ
බෝදිලිමා නමින් නුඹ පරසිඳ ඇත්තේ
සොඳරියෙ නෑවිදින් ඉඳපන් මේ පැත්තේ

            - ශෙරෝන් -

☠✞☠✞☠✞☠✞☠✞☠✞☠✞☠✞☠✞

"අනේ ඒක ලස්සනයි අප්පා.ම්ම්ම්ම්...මගෙ මනුස්පයා මරු කවියෙක්නෙ අප්පා..."

"ඇති ඇති...මනුස්පයා නෙවෙයි අස්පයා වුනත් කමක් නැ...අන්න අම්මා දොරකඩ...ඔය ටික පිටිපස්සෙන් ගෙනියන්න...එතන සාංචි අක්කා විතරක් නෙවේනෙ ඉන්නෙ...ඔක්කොටම දෙන්න නෑනෙ...."

අපේ අම්මා කාපෝච් එකේ සාංචි අක්කා එක්ක කයියක් ගහනව...මම හිනාවේගෙනම ගෙට ගොඩවෙද්දි මගෙ කපටියා කකුල් දෙක හෝදගෙන එන්නම් කියලා පිටිපස්ස පැත්තෙන්ම කුස්සියට ගියා.

වැඩිවෙලා යන්න වුනේ නෑ...අපේ අම්මාගෙ කන්කලු ඒ මහා හඬ පෞරුශය දසත සිසාරා ගියා...

"සුදූ...නෙතු...මෙන්න මාමා කතා කරනවා."

"එනවෝහ්හ්හ්...."

අපි දෙන්නා යද්දි තාත්තා සාලෙ මැද රවුම් මේසයක් තියාගෙන වටේට පුටු තියාගෙන හිටියේ...අර මේසෙ උඩ පරාටා , කලු පාටට බොරේට හදපු චිකන් කරි එකක් , සලාද කොල තිබ්බා...තව ලොකු වීදුරු බෝල් එකක් පිරෙන්න මොනාද මන්දා ජාතියක් තිබ්බා...

"මේ මොනවද..."

"අර පොකිරිස්සෝ තම්බලා  අරන් ඒ මීට් එක දාලා හදපු සැලඩ් එකක්..".

"අම්මට සිරි..."

අපේ තාත්තා ඒ අතින් නම් මරු ශෙෆ්...තැම්බුනු ලොබ්ස්ටර් මීට් එක එලියට අරගෙන ඉරලා ඒකට ලූනු , අමුමිරිස් ,කැරට් ,  තක්කාලි , ගම්මිරිස් , ලුනු , දෙහි එහෙම දාලා රස සැලඩ් එකක් ගහලා...මම ඉතින් පරාටෙ කෑල්ලක් කඩාගෙන අර මස් හොදි වල පොඟවගෙන කෑවා...වාහ්හ්හ්හ්හ්හ්.

"ඔහොම නෙවෙයි...මෙහෙම කාපන්..ඉඳපන්කො හදලා දෙනකල්..."

තාත්තා මට බැන බැනම පරාටයක් මැදට අර ලොබ්ස්ටර් සැලඩ් එකෙන් ටිකකුයි සලාද කොලේකුයි චිකන් කෑල්ලකුයි තියලා ශවර්මා එකක් වගේ ඔතලා මගෙ අතට දීටා ඇස් වලින් චිකන් හොදි එක පෙන්නුවා...ඒකනෙ මම බැලුවෙ චිකන් කෑලි නැත්තෙ ඇයි කියලා...එයා කෑලි ටික වෙන්කරගෙන පොඩි කරලා...හොදි ටික වෙනම තියෙනව...මම ඉතින් අදිමදිකර කර කෑවෙ...ලොකුකමනෙ ඉතින්...මම කන්නෙ නෑ කිව්වනෙ මුලින්...හැබැයි...

"වාව්හ්හ්හ්....ම්ම්ම්ම්ම්"

මට ඉබේම කටින් පැන්න වචනෙට තාත්තගෙ මූන මලක් වගේ පිපිලා ආවා...ඇත්තටම පට්ටම රසයි යකෝ....කියලා වැඩක් නෑ...ඉතින් අපි හයදෙනාම රවුම් මේසෙ වටේ ඉඳන් බඩපැලෙනකල් පරාටා ගිල්ලා...ගිලලා ගිලලා ඉස්මුරුත්තාවට ඇවිත් අතුරුපසට ඩෝනටුත් කාලා  වතුර බීලා බඩත් කොරකරගෙන තමා ඇඳට ආවෙ....

අර සින්දුවෙ වගේ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන තමා මට එන්න වුනෙ ඇඳ ළ්ල්ඟට ..උගුර ලැඟටම පරාටා ගිලලා ආයෙ වතුරත් ගොඩක් බිව්වම කෙලින් වෙලා ඇවිදින්න බැරිබව ආයෙ ඉතින් පුදුමයක් නෙවේනෙ...ඒ බඩේ කොරයක් එක්ක එන වේදනාවට කාපු කෑම වමාරන්න හිතෙනව.

ඉතින් තාත්තට පින් සිද්දවෙන්න හොඳට ගිලලා අපි දෙන්නා ඇඳට ආවෙ හෙට උදෙන්ම මම එයාව කොලඹ යන්න ට්‍රේන් එකට දාන්න ඕනි නිසයි...අම්මා හෙට උදේට එයාට ගෙනියන්න ඇඹරැල්ලා උයලා , පරිප්පු හින්දලා , කලවැන්නෝ බැදලා දෙන්නම් කිව්වා.

ඒත් ඉතින් කර්මය වලක්වන්න බෑ කියනව වගේ අපිට මේ ටිකේම සෙස් කරන්න වුනෙ නෑ...මොකද මේකාගෙ කැලේ මාරුවුනාට පුල්ලි මාරුවුනෙ නෑලු...ආ සොරි සොරි...වැරදුනා...තැන මාරුවුනු නිසා වොශෲම් යන්නෙ නෑලු...ඒ නිසා එයා මට සෙස් කරන එක තහනම් කලා...සෝ සෑඩ්...ශෙරෝ පවූඌඌඌඌඌඋ....

"මේ සුදු මහත්තයා...කව්ද මේ අයියා කියලා සේව් කරගෙන ඉන්නේ...ආ ?..මම නොදන්න අයියලත් ඉන්නවද ඔයාට...."

"ආ ඒ නිර්...ඌව මම අයියා කියලා සේව් කරන් ඉන්නේ ඌ මට මගෙම සහෝදරයා වගෙ නිසා......"

"එයත් ගේ ද..."

"ඔව්...ඌ කලුතර...දොඩංගොඩ..."

"එතකොට මේ අනිත් අය ශානු , තිලී..."

"උන් දෙන්නාත් මගෙ දුකේදි සැපේදි මන් එක්කම උන්නු මගෙ හොඳම යාලුවො...මම ලේසියෙන් යාලුවො ඇතිකරගන්නෙ නෑනෙ බබා...ඔය යාලුකම් අවුරුදු ගනන් පරනයි...මන් ගැන උන් නොදන්න දෙයක් න්නා...චැට් එක කියවලා බලන්න ඔයා ගැනත් මම උන්ට කියලා ඇති.."

"එයාලා කව්ද...මොනා කරන අයද.."

%ම්ම්ම්...මෙහෙමයි මම මුලින්ම ආවෙ ෆ්බී ෆේක් එකටනෙ...ඒ ආවම ඇතිවුනු චැට් දෙක තුනකින් අපි ගෲප් එකජට ඇඩ්වුනා අනන්තෙන් පියඹා ඇවිදින් කියලා නම තිබුනු...අන්න ඒකෙ ශාමු , තිලී , කවී , සිඳූ වගේ මාරම හොඳ යාලුවො ටිකක් මට ලැබුනා...ශානු කියන්නෙනම් මගෙ සින්දුවලට වලට වහවැටිලා කටහඬ නිසා ෆේක් එකෙන් සෙට් වුනු යාලුවෙක්...ඌ පානදුර..."

"ඉතින් ඔයාගෙ කටහඬ කොහොමද ෆේක් එකේ අය අහන්නෙ..."

"මම සින්දු කියලා දානවනෙ ඔය කතාවලට එහෙම...ඉතින් අන්න ඒ සින්දු වලට වහවැටිලා තමා ගොඩාක් උන් මන් එක්ක ෆිට් වුනේ....."

%ම්ම්ම්...හරි හරි ඇති...කමක් නෑ..."

"එහෙනම් දැන් ඔය ෆෝන් එක පැත්තකින් තියනව ඕයි...තවුසෙ කොච්චර හෙව්වත් අහුවෙන්න හොරයක් නෑ මට...ඒ නිසා බයවෙන්න දෙයක් නෑ මට..."

"හුම් හුම් හුම්...හාකො හාකෝ..".

"අයියේහ්හ්හ්හ්....."

"මොකද බන්....එනවා..."

"මේ කම්මැලියි හලෝ...ෆිල්ම් එකක් බලමුද..."

"නෙතූ...මෙන්න මුන්ට කම්මැලිලු...ෆිල්ම් එකක් බලමුද අහනවා..."

අපේ නංගිගෙ ගාන්ටාරෙට උඩ ගිහින් බිම වැටුනු අපි දෙන්නා කාමරෙන් එලියට එද්දි නංගියි මල්ලියි පඩිපෙල දිගට වාඩිවෙලා ඉන්නවා...මුන්ට හෙට ඉස්කෝලෙ නිවාඩු නිසා අද රෑ අවදියෙන් ඉන්න කල්පනාව.

"නෙතූ අයියේ...ෆිල්ම් එකක්බලමුකො..."

"මොකක්ද බලන්නෙ..."

"හින්දි හින්දි...හින්දි ෆිල්ම් එකක්...හොල්මන් එකක්..."

අපේ ගෙදර මම , නංගි , අම්මා කියන්නෙ හින්දි ෆිල්ම් උන්මාදයෙන් පෙලෙන අය...මටයි නංගිටයි දෙන්නටම හොඳටම හින්දි පුලුවන්...හොඳටම කියන්නෙ හොඳටම...කතාකරන්න පවා පුලුවන්...කොටින්ම කවදාවත් නංගිටයි මටයි සබ්ටයිට්ල්ස් ඕන නෑ ෆිල්ම් බලද්දි...ගෙදර අනිත් අය ඉන්න වෙලාවක සෝනි එකේ යන කොමඩි ශෝස් වල හින්දි විහිලු වලට අපි දෙන්නා හිනාවෙද්දි අනිත් අය අපි දෙන්නා දිහා බලන්නෙ පිස්සො දෙන්නෙක් දිහා බලන ගානට.

හැබැයි මගෙ ගෝත කරුමෙ ඒකෙ අනිත් පැත්ත...මූට හින්දි අරහං.

"අපෝ හින්දිනම් බෑ...ඉන්ග්ලිශ් එකක් බලමු...."

"නෑ...අම්මා අපිට ඉන්ග්ලිශ් ෆිල්ම්ස් බලන්න දෙන්නෙ නෑ..."

"ම්ම්ම්...හරි මම අම්මට කියන්නම්කො."

"හරී..."

ඉතින් අපේ අම්මට බටර් ගාලා ෆිල්ම් එකේ ට්‍රේලර් එකකුත් පෙන්නලා තමා ඉන්ග්ලිශ් ෆිල්ම්ස් බලන්න පර්මිශන් ගත්තෙ...ෆිල්ම් එකේ නම the unholy....

මරියා තුමිය විදිහට එන දුශ්ට ආත්මයක් ගැන තමා කතාව යන්නේ...මුලු ගේම ලයිට් ඕෆ් කරලා අපි ටීවී එකට ෆෝන් එක කනෙක්ට් කරලා ෆිල්ම් එක දැම්මම අම්මා කුටු කුටු ගගා බැන බැන කාමරේට ගියා නිදාගන්නවා කියලා...පැයක් යන්නත් කලින් අපේ නංගි සෙටි එක උඩ නිදි...මල්ලි පුටුව උඩම නිදි...

හැබැයි මගෙ ගඩාපියානම් සෙටි එක උඩ මට එහාපැත්තෙන්ම ගුලිවෙලා ඔලුවෙ ඉඳන් බෙඩ්ශීට් එකක් පෙරෝගෙන ඉන්න දිහා මම බලාගෙන හිටියෙ හරි ආදරෙන්...හැබැයි මට එහෙම නිසන්සලව ඉන්න පුලුවන් වුනේ  අර පාපොච්චාරන කවුලුවේ සීන් එක යද්දිම  අඳුනන්නෙ නැති සීතල අතක් මගෙ උරහිස උඩ නතරවෙනකල් විතරයි...මට ගාථා රීමික්ස් වෙලාගියා...මොකද මොන තරම් බයනැති වුනත්...ෆිල්ම් එකක් බලද්දි ඒක ඇතුලෙ ජීවත් වෙන මං අම්බානෙකට බයවුනේ මම ෆිල්ම් එකේ ගිලිලා උන්නු නිසාමයි.

"ආහ්හ්හ්....ඉතිපිසෝ භ....ග්ගවා ගුනසාගරන්තං...පුප්පං මිල්ල්ල්ල්....ලායාති පුඤ්ඤක්කෙත්ත අනුත්තරං....සල්ලහුක වුත්ති යානීධ භූතානී සමාගතානීහ්හ්හ්හ්හ්ජ්............."

.............................................................................................................................

මතු සම්බන්ධයි ♥

ආයෙම දවසක නෙතූයි ශෙරෝයි එක්ක හමුවෙමු...සීය පන්නලා කියවනවා...හැබැයි වැරදිලාවත් හොඳක්වත් නරකක්වත් කියන්නෙ නෑ කියවන අයගෙන් 99% ක්....අනේ මාත් ආසයි මේ කතාව ගැන ඔයාලගෙ අදහස් දැනගන්න...වරදක් තියනම් බැනලා හරි කමක් නෑ අදහස කියාගෙන යන්න...මම ආයෙම ඉක්මනින්ම එන්නම්...ආදරෙයි...වෝට් කමෙන්ට් කරන ඔයාලට ගොඩාක් ස්තූතියි..

ශෙරෝන් ♥♥♥









Continue Reading

You'll Also Like

1K 148 12
my unbelievable destiny 😳💓
41.4K 1.7K 31
Where Kim Taehyung and Jeon Jungkook absolutely hate each other because of one teacher. Park Jimin. But what happens when Jungkook "accidentally" ki...
1.3M 31K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
6.7K 937 40
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."