ස්වර්ණාලෝක | • SOPE •

By D-R-E-A-M--y-o

276 51 45

මාව මතකයේ දරා ඉන්න එනතුරා...જ⁀➴ රතිරු ♡ චාරුද් 2024 / 01 / 12 More

ස්වර්ණාලෝක ♡
පලමු ආලෝකය ༄
දෙවන ආලෝකය ༄

තුන්වන ආලෝකය ༄

28 8 3
By D-R-E-A-M--y-o

"දළදා හාමුදුරුවොන්ගෙ පිහිටයි මගේ කොල්ලො දෙන්නට..."

"තෙරුවන් සරණයි...පරිස්සමෙන් ලොකු පුතා..."

රතිරු කොල්ලා එක්ක අප්පච්චිටත් අම්මටත් දණගහලා වැන්දා...
අම්මා ඔසරි පටෙන් කදුලු පිහන් සනාෂ්ගෙයි රතිරුගෙයි හිස අතගෑවා...අම්මට නන් සනාෂ්ට යන්න දෙන්න හිතක් තිබුනෙම නැ...අම්මා සනාෂ්ව වඩාගෙන තුරුල් කරන් හිටියෙ අඩ අඩමයි...

"අප්පච්චි එක්ක පරිස්සමට ඉන්න ඕන  හොද පුතා වගෙ...හබුන් කාලා , ලොකු ඉස්කෝලෙ ගිහින් අප්පච්චි වගෙ හොද මහත්තයෙක් වෙන්න ඕන මගෙ පුතා...ආච්චිඅම්මයි සීයයි එන්නම්කො පුතාව බලන්න එහෙ...ආච්චිඅම්මට ටෙලිපෝන් කරන්න ඇහැකි වෙලාවට..."

කියන ඔක්කොමටම හා කිය කිය පොඩි එකා ආච්චිඅම්මාට තුරුල් වෙලා ඉද්දි රතිරුටයි අප්පච්චිටයි හරි ලෝභ හිතුනා..

"කෝ එන්න බලන්න මගෙ කොල්ලා..."

සීයා අත දිගු කරද්දී පොඩි එකා හිනාවෙවී එයාගෙ අතට පැන්නා...

"හොද පුතා වගෙ ඉන්න ඕන හොද ද මුරණ්ඩු නොවී...නිවාඩුවට මායි ආච්චිඅම්මයි බලලා යන්න එන්ට ඕන ඔන්න..."

"හා සීයෙ..."

"යන් නේ පුතේ...එහෙනන් අප්පච්චි අපි යන්නන්...තව පරක්කු උනොත් එහෙට යන්න දවල් වෙනවා..."

"ම්ම්ම්...එහෙ ගෙදර වැඩ ඔක්කොම ලැහැස්ති ද ලොකු පුතෙ ?..."

අප්පච්චි අතේ උන්න සනාෂ්ව බිමින් තියලා රතිරු දිහා බැලුවා...

"ඔව් අප්පච්චි...මන්දි කිව්ව එයා මනුස්සයෙක් දම්මලා ඊයෙ එහෙ ඔක්කොම අස්පස් කෙරෙව්ව කියලා...වැඩටත් ගෑනු කෙනෙක් හම්බෙලා..."

"එහෙනන් කාරි නැ..හැමදේම හරි නෙ...
පරිස්සමෙන් යන්ට..එහෙට ගිහින් ටෙලිපෝන් කරන්න..."

"හරි අප්පච්චි එහෙනන් අපි යනවා...යනවා අම්මා...දෙන්නම වෙලාවට කාලා කරලා බෙහෙත් බොන්න ඕන හරි ද...ඒවා මගාරින්න එහෙම එපා...
යශෝදාම්මෙ පොඩ්ඩක් ඒවා ගැන බලන්න..."

"හරි පුංචි මහත්තයා..."

රතිරු අප්පච්චි ගාව උන්න සනාෂ්ව අතින් අල්ලන් එලියට බහින ගමන් මිදුලෙ පැත්තකට වෙලා හුල්ල හුල්ල උන්න යශෝදාම්මාටත් පීටර් මාමටත් කතා කලා...

"අපි යනවා පීටර් මාමේ...ගිහින් එන්නන් යශෝදාම්මේ..."

"එහෙමයි පුංචි මහත්තයා...තෙරුවන් සරණයි..."

"බුදු සරණයි පුංචි මහත්තයා...චුටී බේබි නැති උනාහම අපට තමා පාලු...කාරි නැ..ඉන්න තැනක පරිස්සමෙන් ඉන්ට දෙන්නම..."

පීටර් සාලුව අතට අරන් දුක්මුසුව හිනාවෙද්දි යශෝදාම්මා ඇදන් උන්න චීත්තෙ කොනෙන් කදුලු පිහ පිහ සනාෂ්ගෙ ඔලුව අතගගා රතිරු දිහාත් බැලුවා...

"දෙන්නා නාඩා ඉන්නකො...අපි නිවාඩුවට එනවනෙ..."

"යන් පුතේ..."

රතිරු වලව්වෙ අයට කියලා කොල්ලව එක්කන් ඇවිත් ඉස්සරහ සීට් එකෙන් වාඩි කරලා නලලට හාදුවකුත් දීලා සීට් බෙල්ට් එක දැම්මා...වලව්වත් ඉස්තෝප්පුවට වෙලා දැස් දල්වාගෙන බලන් උන්න අම්මා අප්පච්චිත් දෙස ආයෙ වරක් බලලා රතිරු ජිප් එකට නැගලා එය පණ ගන්වලා ගේට්ටුව පැත්තට ධාවනය කරා...

"අපි තනි උනා අපේ මහත්තයා..."

"නාඩා ඉන්න අපේ මැනිකේ..."

රතිරුගෙ ජිප් එක වෙල් යාය මැද්දෙන් නොපෙනී යනකම්ම හුල්ල හුල්ල උන්න අම්මා අප්පච්චි දිහා බැලූවෙ අඩ අඩ...අප්පච්චි එහෙමම අම්මාව පපුවට ලං කරගද්දි පීටරුත් යශෝදාම්මත් පිටිපස්ස පැත්තට ගියෙ පුරුදු වැඩ රාජකාරි ටික කරන්න...

රතිරු තත්පර කීපයක් කඩපිල ලග නැවතිලා ගමේ අය එක්කත් කතාබහ කරලා සමුදිලා , කොළඹ පැත්තට යන ප්‍රධාන පාර පැත්තට වේගයෙන් ජිප් එක ධාවනය කලා...

--------------------------------------------------------

කුස්සිය පැත්තෙ ඉදන් ආව ශාක්‍යා සාලේට වෙලා ෆෝන් එකෙ වැඩක හිටිය මන්දිනුට තේකත් දීල ලගින් වාඩි උනා..කොල්ල ෆෝන් එක ටේබල් එකෙන් තියලා තේ උගුරක් බීලා ශාක්‍යාගෙ දෑස් දිහා බැලුවා...

"මන්දි මේ..."

"ම්ම්ම්ම්..."

"මේඝ අයියල කීයට විතර ද එනවා කිව්වෙ..."

"ම්ම්ම් දවල් වෙයි මං හිතේ...දැන් ටිකකට කලින් කෝල් කලාම කිව්වෙ තාම පස්යාලේ කියලා..."

"ආ...එතකොට දවල් කෑම..මං ලෑස්ති කරන්නද..."

"මං ඇහුවම එපා කිව්වා...සනාෂ්ට ඉක්මනට බඩගිනි එන හින්දා මගින් කාලා..."

"එහෙමද...එහෙනන් මෙහෙ ආවමවත් කැමකට එන්න කියමු...පොඩි එක්කෙනා කාලෙකින් දැක්කෙත් නැ අප්පා..."

"ඔව් ඔව්...කොහොමත් කොළඹ ආව අපිට ඉතින් පුලුවන් නෙ ඒවා..."

"හ්ම්..ඔයා හවස ඒ පැත්තෙ යනවද..."

"නැතුව...යන්න ඕන අනිවාර්යයෙන්..."

"හ්ම් හ්ම් මාත් එනෝ යන්න..සනාෂ් පැටියව බලන්න ඕන..කාලෙකින් දැක්කෙ නැ..."

"ම්ම්ම් හවස යන්..."

"රෑට උයන්න ලෑස්ති කරලා එන්නම්කො...බබා මේඝ අයියට කියන්න අපි රෑට කැම ගේනවා කියලා.."

මන්දිනු ඒකට හා කියන්න වගෙ ඔලුව හොල්ලද්දි ශාක්‍යා හිස් කෝප්පෙත් අරන් ආයෙ කුස්සියට ආවා...කෙල්ල රෑට උයන්න හොද මොනවද කියලා කල්පනා කර කරම ෆ්‍රිජ් එක ඇරල උඩ ඉදන් පහලට බැලුවෙ රෑ කෑමට හොද මෙනු එකකුත් හිතමින්...

------------------------------------------------------------

උදේ ලෙක්චර් එකෙන් පස්සෙ අද මුකුත් විශේෂ දෙයක් නොතිබුන නිසා චාරුද් අවීන් එක්ක එයාලගෙ ගෙදර ආවා...ගෙදර  ගිහින් පොඩ්ඩක් නිදහසෙ ඉන්න හිත ආස උනත් මේ දවස් ටිකෙ පටලගත්ත ප්‍රශ්න හන්දා ගෙදර නෙවෙයි යුනි යන එක පවා චාරුද්ට අප්පිරිය වෙලා තිබුනෙ...ගෙදර හිටියොත් අම්මගෙ හරි අක්කගෙ හරි  කියවිල්ල..එලියට ගියොත් යනකන් එනකන් අයියා පැයෙන් පැයට කොල්ස් ගන්නවා..අයියට හපන් එයා දාලා තියෙන ගාඩ්ස්ලා ටික...අඩුම කොල්ලට නිදහසෙ වොෂ් රූම් යන්නවත් පුලුවන්කමක් නැ...හැමදේම ගැන හිතද්දි කොල්ලට මේ වෙද්දී ලංකාවෙ ඉන්න එකත් එපාම වෙලා තිබුනෙ...

"චාරු...ආ..බීපම්..."

අවීන් මැන්ගෝ ජූස් දෙකකුයි ස්වීට්ස් වගෙකුයි ට්‍රේ එකක දාන් ඇවිත් ඇදේ චාරුද් වාඩිවෙලා හිටියෙ පැත්තට වෙන්න තියලා එයත් වාඩි උනා...

"කෝ ගෙදර අය...ආන්ටි නැ?..."

"තාත්තියි අක්කියි ඔෆිස් ගිහින්...අම්මිත් මොකක් හරි වැඩකට එලියට ගිහින් බන්..."

"ආ...ඒක තමා අද ගෙදරම සද්දයක් නැත්තෙ..."

චාරුද් මැන්ගො එකෙන් උගුරක් බීලා අවීන් දිහා බැලුවෙ හිනාවෙවී...අවීන් නන් ඒ වෙද්දී එයාගෙ බීම වීදුරුව එක හුස්මට ඉවර කරලා ෆෝන් එකත් අතට අරන් හාන්සි උනා...
ගෙදර කවුරුත්ම නැති හින්දා ඇල්පෙනෙත්තක් වැටුනත් ඇහෙන තරන් නිහඩයි...චාරුද් මෙහෙ එන්න ආස වෙන්න හේතුව ඒක...කනක් ඇහිලා නිදහසෙ ඉදලා යන්න පුලුවන් ඇතිවෙනකන්...
චාරුද් බීම වීදුරුවත් හිස් කරමින් කල්පනාවෙම ෆෝන් එක අතට ගත්තේ ඉන්ස්ටා පැත්තටවත් පොඩ්ඩක් යන්න හිතන්...අවීන් නන් ඒ වෙද්දීත් මුනින් අතට හාන්සි වෙලා ෆේස්බුක් එකෙ කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක් බල බල හිටියෙ...

"චාරු මේ..."

"ම්ම්ම්..."

හාන්සි වෙලා උන්න අවීන් එරමිනියා ගොතාගෙන ඇදෙ වාඩිවෙලා චාරුද් දිහා බලද්දී කොල්ල ෆෝන් එකෙන් ඇස් උස්සලා අවින් දිහා බැලුවෙ ඇයි කියලා අහන්න වගෙ...

"උබ අර ජනනිට කැමති නැද්ද..."

"මොන..?"

"දන්නැ වගෙ අහන්නෙ යකො...අර ඉන්ජිනියරින් එකෙ ඉන්න සුදු කෙල්ල...ඒකි උබට ලයින් වගෙ...
තෙරෙන්නෙ නැද්ද...මේ ටිකේම ඒකි උබ පස්සෙමයි..."

අවීන් පැනි හිනාවකුත් දාන් ඇස් කොනෙන් බලන් ජනනි ගැන කිව්ව විදියට චාරුද්ටත් හිනා ඉතින්...

අවීන් කිව්ව කතාව ඇත්ත...ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙ ඔය කියන ජනනි මේ ටිකේම එයාගෙ ඇටෙන්ෂන් එක ගන්න මාරම ට්‍රයි එකක් දෙනවා කියලා ගානක් නැ වගෙ උන්නට චාරුද්ටත් හොදටම තේරිලා හිටියෙ...යුනි එකෙ උන් කියන කතා ඇත්ත...ඒකි මාර ලස්සනයි...මධුරි ඩික්සිත් වගෙ...ඒකිට තිබ්බෙ කොල්ලො පිස්සුවට්ටන්න පුලුවන් ෆිගර් එකක් , කටහඩක් , හැසිරිමක්...ඒ වගෙම සල්ලි , බලය හැමදේම තියෙන චාරුද්ගෙ පවුල් පසුබිමටත් හොදටම ජනනිව ගැලපුනා...
කියන්න අඩුවක් නැති තරන් හැම අතින්ම ජනනි පර්ෆෙක්ට්...ඒත් මොකක්දො හේතුවකට චාරුද්ගෙ හිතේ ජනනි ගැන යාලුකමකට එහා හැගීමක් ඇති වුනෙම නැ...යාලුවොන්ගෙ කීමට හරි ජනනි ගැන හිතන්න ගන්න හැම මොහොතකම චාරුද්ට හිතුනෙම ජනනි කියන්නෙ එයාට උරුම කෙනා නෙවෙයි කියලමයි...අන්න ඒ හැගීම හැමවෙලේම ජනනි ප්‍රතික්ෂේප කරන්න චාරුද්ව පෙලඹුවා...ජනනි පස්සෙන් එන එක චාරුද්ට දැන් ලොකු හිසරදයක් වෙලා තියෙන්නෙ....

"ඒකි මහ හිසරදයක් බන්...මං එකිට ආස නැ අවියා..."

"සිරාවටම උබට පිස්සු ද යකො...ඒකි වගෙ කෙල්ලක් හොයාගන්න ලේසි නැ බල්ලො...බලපන්කො ෆිගර් එක..."

"අනේ ඔය රෙද්දවල් මට වැඩක් නැ බන්...එකි මගෙ ටයිප් නෙවෙයි..ඔච්චර පස්සෙන් ආවත් මට ඒකි ගැන කිසිම ෆිලින්ග් එකක් එන්නැ ඕයි...මට එපාවෙලා තියෙන්නෙ ඒකිගෙ කරදරෙ...ෂික්.."

චාරුද් අතේ තිබ්බ ෆෝන් එකත් ඇදට විසි කරලා එහෙමම ඇද උඩට කඩන් වැටුනෙ මූනත් නාලු කරන්...කොල්ල ඉන්නෙ ප්‍රශ්න ගොඩක හිරවෙලා බව දන්න නිසා අවීටත් හරිම අවුල්...

"ඔලුවත් කකියනවා බන් මේවා කල්පනා කරද්දී..."

"කෝ වරෙන් මෙහෙට..."

චාරුද් නලල අල්ලන් වේදනාත්මකව කියද්දි අවී නැගිටලා ටේබල් එක උඩ තිබ්බ ඕඩික්ලොන් බොතලෙත් අරන් ඇවිත් ඇදෙන් වාඩිවෙලා කොල්ලගෙ ඔලුව උකුලට අරන් ඕඩික්ලොන් දාලා ඔලුව අතගෑවෙ හරි ආදරෙන්...

"උබ ඕවා හිතන්න එපා...ඒකි ඇවිත් ඇවිත් ඇති උනාම නවතී නෙ...බැරිම උනොත් මං ඒකිට කතා කරන්නම්...අපි  ඉස්සෙල්ලාම අජාගෙ සීන් එක විසදගන්න බලමුකො..."

"ම්ම්ම්..."

"හ්ම්..දැන් ඕවා අමතක කරලා නිදාගනින්කො ටිකක් ඔහොම...මං වොෂ් දාන් එන්නන්..."

අවී කොල්ලගෙ ඔලුව අතගාලා නැගිටලා සීලින් ෆෑන් එකත් ඔන් කරලා ටවල් එකත් කරේ දාගෙන බාතෲම් එක පැත්තට ගියා...

.
.
.
පැය එකහමාරක් විතර හොදට නාගත්ත අවී සැහැල්ලු ඇදුමකුත් දාන් කොන්ඩෙත් පිහ පිහම රූම් එකට ආවා...චාරුද් ඇදේ හතරගාතෙ දාන් හොදට නිදන් ඉන්න විදියට හිනාවෙවීම කොල්ලා කන්නාඩිය ඉස්සරහට ඇවිත් කොන්ඩෙ ටිකක් පිලිවෙලට හදාගෙන පර්ෆියුම් ටිකක් දාගෙන කෙලින්ම ආවෙ ප්ලග් එක ගාවට...ෆොන් එක චාජර් එකෙන් ගලවන් ටවල් එකත් පුටුව උඩට දාපු අවී ආයෙත් ඇවිත් චාරුද්ගෙ එහාපැත්තෙ ඉඩ තිබ්බ තැනින් හාන්සි වෙලා ඉන්ස්ටා ලොග් උනා...ඒ වෙද්දීත් වෙලාව හවස 3.30ත් පහුවෙලා...

"පුතා..."

"එන්න අම්මා...."

ඇදට වෙලා හාන්සියක් දාන් හිටිය අවී දොර ගාවින් අම්මාගෙ කටහඩ ඇහෙද්දියි දැනගත්තෙ අම්මා ගෙදර ඇවිත් කියලා...අම්මට එන්න කියලා කොල්ල එහෙමම හාන්සි වෙලාම දොර පැත්ත බලන් උන්නෙ අම්මාගෙ පැමිනිම බලාපොරොත්තුවෙන්...

අවීගෙ අම්මා, හතරගාතෙ දාන් නිදාගෙන හිටියෙ චාරුද් දිහා බල බල හිනාවෙවි ඇවිත් ඇදෙ කොනකින් වාඩි උනෙ අවී එක්ක කතා කරන්න හිතන්...

"කොල්ලට මහන්සියටම නින්ද ගිහින් වගෙ..."

"අනේ ඔව් අම්මා...චාරුවට මෙහෙ හුරු නැනෙ...ඔලුවත් රිදෙනව ගගා හිටියෙ...එහෙමම නින්ද ගිහින්..."

"ම්ම්ම්...ඒක තමා..පව් අනෙ..."

අවීගෙ අම්මා නිදාගෙන හිටියෙ චාරුද්ගෙ ඔලුව අතගාමින් කිව්වෙ චාරුද් ඉන්න පීඩනය හොදටම දැනගෙන...චාරුද් අවී එක්ක කතා කරන ගොඩක් ප්‍රශ්නවලට චාරුද්ගෙ හිත හදන්න අවීට උත්තර හොයලා දුන්නෙ අවීගෙ අම්මා...අවී ගොඩක් අම්මට යාලුවෙක් වගෙ සමීප නිසා හැමදේම අම්මා එක්ක කිසි ලෝභකමක් නැතුව බෙදාගන්නවා...
සමහර වෙලාවට චාරුද් පවා අවීගෙ අම්මා එක්ක හිටියෙ යාලුවෙක් එක්ක වගෙ...

"අවී...තව පොඩ්ඩකින් චාරුද් පුතාවත් ඇහැරවන් පහලට එන්න කන්න...‍රෑ වෙන්නැතුව කොල්ලව ගෙදර පිටත් කරන එක හොදයිනෙ..."

"ආ...ඔව්...නැත්නම් තව ටිකකින් නුරාද් අයියා මෙහෙ එයි මූව හොයන්..."

"ඒක තමා...මං කෑම ලෑස්ති කරන්නම්..තව ටිකකින් එන්න...හ්ම්..."

"ඕකේ අම්මා.."

අම්මා අවීගෙ කම්මුලත් අතගාලා ඇදෙන් නැගිටල රූම් එකෙන් එලියට යද්දී අවී හැරුනෙ චාරුද් දිහාට...

"හත් අවුරුද්දකින් නිදාගෙන නැ වගෙ නිදන් ඉන්න ලස්සන මේකා..."

-----------------------------------------------------------

රතිරු කොළඹ ගෙදර එද්දි දවල් 2ටත් කිට්ටුයි...මන්දිනු හැමදේම බලලා පිලිවෙලට කරලා තිබුන නිසා රතිරුට ඇවිත් බලලා කරගන්න දෙයක් නොතිබුන තරම්...එනගමන් දවල්ට කෑව නිසා කොල්ලා ආවා ගමන් කලේ සනාෂ්ට වොෂ් එකක් දාලා නිදිකරවල එයත් නාගෙන ටිකක් නිදාගත්ත එක...ඒ නිදාගෙන ඇහැරෙද්දි හවස 4ත් පහුවෙලා..සනාෂ් නන් තාම සුව නින්දේ...පොඩි එක්කෙනාට එහෙමම ඉන්න දීලා රතිරු පඩිපෙළ බැහැගෙන පහලට ආවෙ ගේ ඇතුලෙ පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න හිතන්...කොල්ලා අවුරුදු ගානකට පස්සෙයි මේ ගෙදරට අඩිය තිබ්බෙ...

අවුරුදු ගානක් ගිහිල්ලත් ගේ ඇතුලෙ ඇවිදිද්දි අදත් රතිරුට දැනුනෙ ඉස්සර අග්‍රා ගෙද‍ර ඉද්දි දැනුන හැගීමමයි...හැමදේම පිලිවෙලයි පිරිසිදුයි...ඒ කාලේ වගේමයි...
එකම වෙනස අද අග්‍රා එයා ලග නැති එක විතරයි...ලිවින්ග් රූම් එකෙ කොනේ උස බිත්තියේ තිබුන රතිරුගෙයි අග්‍රාගෙයි ෆොටො එක දකිද්දි රතිරුගෙ හිතට අමුතු පාලුවක් දැනුනා...

"අද ඔයත් හිටිය නන් හැමදේම සම්පූර්ණයි මැනික..."

කොල්ලා ශෝට් එකෙ සාක්කු දෙකට දෑත් රුවාගෙන බිත්තියේ තිබ්බ පින්තූරෙ දිහා බලන් දිගු සුසුමක් පහතලුවෙ වේදනාව පිරුනු හැගීමකින්...

වටපිට බල බල කොල්ලා හිමින් හිමින් ගේ පුරාම ඇවිද්දා...සමහර දේවල් අග්‍රා තිබ්බ තැන්වලමයි තාමත්....ඉස්සර සින්දු දාලා තිබ්බ කිචන් එක දැන් පාලුවටම ගිහින් එයා නැතුව...කාලය එක්ක ගොඩක් දේවල් වෙනස්වෙලා...

රතිරු කල්පනාවෙම ඇවිත් ඉලෙක්ට්‍රික් කේතලේට දෙන්නාට ඇතිවෙන ගානට වතුර තියලා මග් දෙකත් ලෑස්ති කලා...

ගෙදර උයන පිහන බඩු මුට්ටු මුකුත්ම නැතත් තේ හදන්න ඕන කලමනා ටිකයි බිස්කට් පැකට් තුන හතරකුයි මැගී පැකට් දෙක තුනකුයි මන්දිනු කල්තියාම ගෙන්නලා දාලා තිබුනෙ රතිරුලා අද එන නිසා...කොහොමත් කොල්ලා හිතන් ආවෙත් හවස මන්දිනු එක්ක ගිහින් ගෙදරට ඕන කරන උයන පිහන බඩු ටිකයි එලවලු පලතුරු ටිකයි ගේන්න...

රතිරු එයාටයි සනාෂ්ටයි  තේ හදන්  එතැන පිලිවෙලට අස්පස් කරලා එහෙම  කිරි කෝප්ප දෙකයි කඩපු චොක්ලට් බිස්කට් පැකට් එකයි ට්‍රේ එකෙන් තියන් ගෙනත් ලිවින්ග් එකෙ මේසෙන් උඩින් තිබ්බා....

"අප්පච්චී..."

රතිරු වෙලාවටම කිරි එකත් අරන් ආවෙ සුපුරුදු කටහඩ බලාපොරොත්තුවෙන්...
සනාෂ් ඇහැරිලා ඒ වෙද්දීත් පඩිපෙළ දිගෙ පහලට එමින් හිටියෙ...නිදිමත මූන දිහෙ බේරුනත් වෙලාවට තේක නැතුව බෑනෙ ඉතින්...ආච්චිඅම්මා පුරුදු කරලා තියෙන්නෙ එහෙමයි...ඉතින් මොන නින්දෙ හිටියත් කොල්ලට 5 වෙද්දී ඇහැරෙනවා...
ඇහැරුන ගමන් හොයන්නෙත් කිරියි බිස්කටුයි...ඒක හොදටම දන්න නිසයි රතිරු වෙලාවට ඒ ටික ලෑස්ති කරලා තිබ්බෙ...නැත්නම් ඉතින් මූන ඇබුල් වෙන ඉක්මන බලාගන්න තිබ්බා...

"කෝ එන්න මැනික..."

රතිරු හිනාවෙවී පඩිපෙළ කොනෙ හිටිය පුංචි සනාෂ්ව වඩාගෙන ඇවිත් සෝෆා එකෙන් වාඩි කරවලා කිරි එකයි බිස්කට් එකයි අතට දුන්නා...බිස්කට් දැක්කම කොල්ලගෙ හිනා කටයි...සනාෂ්ගෙ ඔය වගෙ පුංචි පුංචි දේවල් වලට රතිරු හරි කැමති...ඒක පොඩි එකාට ඇවිත් තියෙන්නෙම අම්මාගෙන්...අග්‍රා උනත් පුංචි පුංචි දේවල් වලින් පොඩි එකෙක් වගෙ මහා ගොඩක් සතුටු උන කෙල්ලෙක්...
සතුටු වෙන්න මහ ලොකු දේවල් ඕන්නැ කියලා රතිරු ඉගෙනගත්තෙත් සනාෂ්ගෙ අම්මා මුනගැහුනමයි...

කොල්ලා සනාෂ්ට තව බිස්කට් එකකුත් දීලා ටීවි එකත් ඔන්කරම්ම ඇවිත් සනාෂ් ගාවින් වාඩි උනෙ තේ කොප්පෙත් අතැතිවයි..

පොඩි එකාට නන් මෙලො සිහියක් පතක් නැ කාටූන් දාලා දුන්නම...හෝ ගාලා හිනාවෙවී කාටූන් බලනවා කිරි එක ගැන වගෙ වගක් නැ...

"පුතා..කෝ ඉතින් කිරි එක බොන්න...දැන් මන්දි අංකල් එයි ආ..."

"ෂේනා බබාත් එයි ද අප්පච්චි..."

සනාෂ් කිරි එකෙන් උගුරක් බීලා ඇස් ලොකු කරන් අප්පච්චි දිහා බැලුවෙ එයාගෙ පුංචි යාලුව එයිද නැද්ද කියලා දැනගන්න ආසාවෙන්..

"ආ...නැතුව...ගුඩ් බෝයි වගෙ ඕක බොන්නකො...එයාලා ආවම සෙල්ලන් කරන්නත් එපැයි..."

"ඒනන් මං ඔක්කොම බොන්නම්කො...
එතෝට සෙල්ලම් කරන්නත් පුලුවන්නෙ..."

ෂේනා එනවා කිව්වම සනාෂ් හිනාවෙලා එක හුස්මට කිරි එකම බිලා ඉවර කරලා හිනා වෙද්දී රතිරු පොඩි එකාව ලගට අරන් කට වටේ තිබ්බ කිරි රැවුල පිහිදැම්මා...

"අප්පච්චි එන්නන්...පුතා ඕක බලන්නකො.."

අප්පච්චි ඒම කිව්වම සනාෂ් මග් එක එයා අතට දීලා ආයෙත් කාටුන් එකට අවදානය දුන්නා..

"පිස්සු කොල්ලා.."

කටත් ඇරන් කාටුන් එක බලන් ඉන්න සනාෂ්ගෙ ඔලුවත් අතගාලා රතිරු මග් දෙකත් අරන් කිචන් එක පැත්තට යන්න ගියෙ මන්දි එන්න කලින් ඒ ටික අස්පස් කරලා ඇගපත හෝදන් ලෑස්ති වෙන්න හිතන්....

--------------------------------------------------

අවීලගෙ ගෙදරට වෙලා ඉදලා ඉදලා චාරුද් ගෙදර එද්දි කලුවරත් වැටිලා...අයියව දැනුවත් කරලා තිබ්බ නිසාත් අවීලගෙ පවුලේ අයව අදුනන නිසාත් ගෙදරින් ලොකු ප්‍රශ්නයක් උනෙ නැ...ඒක චාරුද්ගෙ හිතට ලොකු නිදහසක්...

කොල්ලා හෙට අසයින්මන්ට් එක ගැන හිත හිතම බෑග් එකත් කරෙ දාන් උඩු මහලට එන්න ආවෙ පහල කවුරුත් ම පේන්න නොහිටිය නිසා...

"චාරුද් කියන්නෙ මගෙ ලමයෙක් නෙවෙයි..."

පඩිපෙළ දිගෙ දුවගෙන ඇවිත් කාමරෙට යන්න ගිය චාරුද් එකපාරම තාත්තාගෙ ඔෆිස් රූම් එක ලග නැවතුනෙ එයාගෙ නම කියනවා ඇහුන නිසා..

"එයාව අපේ පවුලට අරන් හදාගත්ත කෙනෙක්...මෙච්චර කල් එයා හිටියෙ නිව්සිලන්ඩ් වල ඉන්න මගෙ මල්ලි ගාව...එයා වැකේෂන් එකකට තමා මෙහෙ ඇවිත් ඉන්නෙ...ඉක්මනටම මෙහෙන් යයි..."

සාමාන්‍යයෙන් චාරුද් කියන්නෙ අනුන්ගේ දේවල් හොයන කෙනෙක් නෙවෙයි..ඒත් එයාගෙ නම කියනවා ඇහුන නිසා පොඩ්ඩක් නැවතිලා ඒ පැත්තට කන් දුන්නෙ මොකක්ද කියන්නෙ කියලා අහගන්න...ඒත් ඒ ඇහුන වචන ටික චාරුද්ගෙ මානසික මට්ටම හිටිය තැනනින් පහලටම ඇදලා දැම්මා...ඒ කටහඩ චාරුද්ට අදුනගන්න බැරි නැ...එහෙමයි කියලා හිත පිලිගන්නෙත් නැ තාත්තා ඒ වගෙ දෙයක් කියයි කියලා...ඒත් කන් දෙකටම ඇහුන දේ බොරු කියලා හිතන්නෙ කොහොමද...චාරුද්ට දැනුනෙ හැමදේම ඇස් ඉස්සරහම කඩන් වැටුනා වගෙ හැගීමක්...

"මෙච්චර කල් මාව ඔයාලගෙන් ඈත් කරලා තිබ්බෙ ඒ නිසාද තාත්තෙ...ඇත්තටම මං ඔයාලාගෙ කවුරුත්ම නෙවෙයි ද.."

චාරුද්ගෙ ඔලුවෙ නැති ප්‍රශ්නත් කැකෑරෙන්න ගද්දි ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න වගෙ තිබුනෙ...
මනුස්සයෙක්ට තමන් කාත් කවුරුත් නැති කෙනෙක් අසරණයෙක් කියලා දැනෙනවා තරන් දරාගන්න බැරි හැගීමක් තවත් මේ ලෝකෙ නැතුවැති...චාරුද්ට එයා ගැනම අනුකම්පාවක් දැනුනේ...ඒත් කොල්ලට ඕන උන්නැ මේ කදුලු පෙන්නන්න...
හිතෙ දුක කදුලු වලට පරිවර්තනය වෙලා ඇස්වලින් ගලන්න එන කදුලු හිරකරගද්දි චාරුද්ට හිතුනා පපුව පැලෙයි දෝ කියලා...මේ තරන් දුකක් කොහොමද තනියෙන් දරාගන්නෙ...ඒත් ඒක කරන්නම වෙනවා...චාරුද්ට නිදහසෙ අඩන්න පුලුවන් උනෙ කාමරෙ විතරයි...කොල්ලා තියෙන ධෛර්ය ඔක්කොම දාලා කාමරෙ පැත්තට දිව්වෙ එක දෙක කදුලු බිංදු ඇස් වලින් පහලට ගලාගෙන එද්දි...

"කොහෙද යකො ගාල කඩාගත්ත එකෙක් වගෙ යන්නෙ..."

"පිස්සෙක් මහ..."

කලබලේට යද්දී ඇගෙ වැදුන පාරට නිරුද් කෑගහද්දි ඒ කැගැහිල්ලත් නැහුන ගානකට කාමරෙට ගිහින් දඩාස් ගාලා දොරත් වහගත්ත චාරුද් එහෙමම ඇදට පැන්නෙ ඇස් වලින් නොනවත්වා වැටෙන කදුලු වලට නිදහසෙ වැටෙන්න ඉඩදීලා...


- Dream_Yo -

------------------------------------------------------

Hi Diamonds 💎 ,
කොහොමද ඔයාලාට ඉතින්...😌
ආප්ට ලෝන්ග් ටයිම් නේ....🤓

අප්ඩේට් ඉල්ලන ලමයින්ට ඔන්න ගෙනාව අප්ඩේට්...🌚

අමතක වෙලා නැ අනෙ...ලියන්න අයිඩියාස් නැ...ඒකයි පොඩ්ඩක් පරක්කු උනෙ...😪

අද මේ ලියන්නෙත් තාත්තාගෙ වයිප් එක්ක බෙහෙත් ගන්න ගිහින් පෝලිමෙ ඉන්න ගමන් ඔන්න...බලන්න මං ඔයාලට කොච්චර ආදරෙත කියලා...😌❤️

කියවල අමතක නොකර වෝට් කරන් කමෙන්ට් කරන් යන්න...🌚❤️

ඊලග අප්ඩේට් එකෙන් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න..🦋❤️


Dream_Yo 🦋

2024 / 03 / 18

Continue Reading

You'll Also Like

627 113 10
සූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤️-Jimin-❤️
12.6K 3K 20
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උ...
550 50 21
ඔබ කෙසේ ද එසේ පවසන්නේ මා....... මා කෙසේ ද .....කෙසේ ද ...මා අනන්ථා කුමරිය වන්නේ ඔබ කුමක්ද මෙ පවසන්නේ ආයුශ අයියණ්ඩි කිසිත් නොදන්නා ලෙස හැසිරෙන්නෙපා කු...
75.8K 12.7K 128
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය