👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

43.4K 6.2K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 42 🌺👑

827 122 54
By ChenQing4

ඉතිං එයා හැමදේම හොයාගෙන....දරා ගන්න අමාරු උණත්...අපි ඒ ඇත්තට මූණ දෙන්න ඕනා...එයා වගේ මමත්....හිතට එකඟ නැති උණත් මං ආපහු ප්‍රාර්ථනා කරා....දෝනි එයාගෙ වෙන්න එපා කියලා...ඒත් අහපු දේ එක්ක මගේ ලේ ටිකත් එක්ක වතුරවෙලා ගියා.....

"ඔයාගෙ දෝනි මගෙ කිරුළු...මමයි එයාගෙ ඩඩා..."

"න්...නෑ... නෑ..ඒක ඒ..ක එහෙම වෙන්න බෑ සර්...ඒ..ක..දෝ..නිගේ අම්මා සිහලි...නම්...ඒ ඔයා වෙන්න බෑ සර්...ඒ...සිහලි...."

කාසියේ දෙපැත්ත වගේ තියෙන්නේ උත්තර දෙකක් කියන්න වගේම මේ එක උත්තරයක් බව දැනගෙන හිටියත් එයාගෙ කටින්ම අහද්දී මට දැනුණේ ඔළුව උඩ අකුණක් ගැහුවා වගේ වෙද්දී මන් එයා දිහා බලන් ගොත ගැහුවා...

"මොකෝ මේ බයවෙලා ම්ම්..එහෙම නේද හිතන් හිටියෙ..."

"ඒ..ඒක..අනේ..සර්.."

"මගේ නම් ගම් දෝනිට දුන්නේ නිකං නෙමෙ කියන්න මං දැන් දන්නවා බබා...අනික දැන් ටිකකට කලින් අහපු ඔක්කොමත් එක්ක මට හිතෙනවා...උඹ ඔය කිව්ව ඔක්කොම හේතු වලටත් වඩා මාව අත අරින්න හේතු උණේ මගෙ කෙල්ල කියලා...අර ගෑනි..උඹට දරුවා ගැන කියලා තර්ජනේ කරා නේද මැණික...ම්ම්..බය කරාද උඹව.. බය උනාද කෙල්ලට කරදර කරයි කියලා..කසාද බැන්දා කියලා හිතපු මට.. දරුවා මට බාධාවක් වෙයි කියලා...මං දන්නවා..ඔක්කොටම පස්සෙත් උඹ මට වයිර කරේ නෑ..කරා නම් උඹ කෙල්ලට මගේ නම් ගම් දීලා මාව ඒ කෙල්ලගේ හදවතේ උඩම තැනක තියන්නේ නෑ...කියපන්..දරුවාව මං වෙනුවෙන් පරිස්සම් කරන්න ඕනා උණා නේද..ඒ නිසා නේද...දරුවත් අරන්ම යන්න ගියේ..."

"ම්ම්..මං...."

එයා මගේ අත් දෙකෙන් අල්ලන් ඇස් වල කඳුලු පුරවන් අහද්දී උත්තර දෙන්න වචන තිබුණෙ නෑ මට..ඒත් එයාගෙ වචන එක්ක තේරුනේ දරුවා එයාගේම කියලා වෙද්දී...දරුවා එයාගෙන් ඈත් කරපු එක ගැන කේන්තියක් තියෙන බව නොපෙනෙද්දී සැනසීමක් දැනුණත් අනික් අතට බයටම මගේ අත පය පවා වෙවුළුවා...

"මට කියන්න ඕනා මෙච්චරයි බබා...මං දැන් මොනා කිව්වත්...මොනා දැන ගත්තත්...උඹ ඔළුවේ තියා ගන්න ඕනා එකම දේ...ධෝනි මගේ...තේරුනාද...ස්ස්...හිතට එන මොකුත් නොකියා මුලින් මට ඕනා ටික කියන්න කොහොමද එහෙම හිතුවෙ...ධෝනි මගෙ කියලා කොහොමද හිතුවෙ ම්ම්.."

මං එයාගෙ කතාවට බාධා කරන්න හැදුවත් එයා මාව නතර කරා...හිතුවෙ...එයා අහන්නෙ හිතුවෙ කොහොමද කියලද...දන ගත්තෙ කොහොමද කියලා නෙමෙද අහන්න ඕනා...

"කියන්න කිරුළු..උඹමයි කිව්වේ...එකට ආලෝකේ හොයා ගන්න නම්..අපි අපිට විවිර්ත වෙන්න ඕනා..."

"ඒ..ක ඒක මුලින්ම..සිහලි මට කිව්වේ...එයා ආදරේ කරා කෙනෙක්ට..function එකකට එයා bride කෙනෙක්ට ඇඳලා.. එදා එහෙදි දැකපු කෙනෙක්ට එයා ආදරේ කරා..නිල් ඇස් කුමාරයා එයා කිව්වේ එහෙම..ජර්මන් වලින් ආපු සුද්දෙක්..කෙල්ල හැමතනම ඒ කොල්ලව  හොයනවා කියන්න දැනගෙන හිටියා..මං හිතුවෙ කෙල්ල ආදරේ නිසා විතරක් හොයනවා කියලා..පස්සෙ හැමදේම අවුල් වෙන්න දවස් කීපෙකට කලින් කෙල්ලට function එකේ ඇල්බම් හම්බ උණා..කෙල්ල මට විඩියෝ කෝල් එකක් අරන් එයාගෙ කුමාරයා හිටපු ෆොටෝ එකක් පෙන්නුවා..ඒ..ඒකෙ හිටියේ..ඕ..ඔයා එක්ක මාසෙල්..කෙල්ලගේ දෙපැත්තේ..."

"ඉතිං මං කියලා හිතුවෙ..!!"

"ලස්සනම ඇස්..තියෙන..කෙනා...
ලෙවින් රයින්හාඩ් එයාගෙ නම..සිහලි කිව්වේ එහෙම.."

"හ්ම් පස්සෙ.."

එදා ඒ ගැන අහද්දී හිත රිදුණ තරම්...දැනුණ අසරණකම ආපහු මතක් වෙද්දී මට මගේ කදුළු නතර කරගන්න බැරි උණා..එදා රිදුණේ සර් නිසා උණත්..ළඟ ඉඳන් හිත හදන්න මං බලාපොරොත්තු උණේත් එයාව..ඒත් ඇත්ත නැත්ත අහන්නවත් එදා මට අවස්ථාවක් නොවෙද්දී...මාව අන්තේටම කඩන් වැටිලා අද මේ දක්වා ජීවිතේ උඩු යටිකුරු උන හැටියට මට එයාට වයිර කරන්න තරම් හේතු තිබුණත්...අද ඒ අතීතේ මතක් කරන මේ මොහොත් පවා...එයා වෙනුවෙන් හිතේ පුරවපු ආදරේ එක්ක...එයා නිසා රිදුණු හිතට එයාගෙන්ම සහනයක් බලාපොරොත්තු උන මං එයාගෙ පපුවටම ඇස් වලින් ගලන කඳුලු බර එකතු කරද්දි එයා මගේ ඔළුව උඩ නිකට තියන් ආයි මහ බරට සුසුම් හෙළුවා..

"එදා වෙඩින් එක දවසෙ උදේ සිහලි මට කතා කරා..ඔයාගෙ වෙඩින් එක ගැන දැනගෙන..හොටෙල් එකට යන ගමන් හිටියෙ...ඒ..ඒ කතා කරාමයි කෙල්ල කිව්වේ..ඒ තරම් ඔයාව හොයන්න හේතුව.. ඕ..ඔයාගෙන් එයාට දරුවෙක් ලැබෙන්න කියලා අඬ අඬා කිව්වා..එදා පාටි එක වෙලාවෙ කවුරු හරි එයාගෙ drink එකට මත් වෙන දෙයක් දාලා..එයාට ඔයා උදව් කරන්න ගි..ගිහිං...ගි...හිං..පස්සෙ.."

"ඉතිං...කිව්ව පලියටම විස්වාස කරාද බබා..නිකංම..!!"

"න්...නෑ.. ම්ම්..මට ස..සාක්ෂි තිබුණා.."

"සාක්ෂි..!!"

"එයා කියපු එකට සමාන සිද්ධියක් මං දැනගෙන හිටියා..ඒ නත්තලට තිබුණ function එකට ඔයත් ගියා..එදා ඔයා ගිහිං ඇවිත් හැසිරුණේ ලොකු කලබලෙකින්..කාට හරි ෆොන් එකෙන් කියනවා මට ඇහුණා...ඔයාගෙන් වැරැද්දක් උණා..මට දැනගන්න තියන්න එපා කියලා...ම්ම්.මට සමාවෙන්න සර්..එදා මගෙ ගැන කියනවා ඇහුණ නිසායි ඔයා අවුලෙන් හිටපු නිසයි..ඔයාව කලබල කරන්න..මගෙන් හංගන්න ඕනා උනෙ මොකක්ද බලන්නයි මං ඔයාට හොරෙන් ඔයාගෙ ෆෝන් එක බැලුවා..."

........

මං ඒ ගැන කිව්වේ බයෙන් බයෙන් වගේ වෙද්දී එයා මොකුත් නොකිව්වත්..මගේ ඔළුව බදන් උන්න එයාගෙ අත් මොහොතකට තද උණා...

"විඩියෝ එකක් තිබුණේ...කෙල්ලෙක් එක්ක ඕ..ඔයා රූ.. රුම් එකකට යනවා..ඒ එකම වෙලාවේ ඇරුණම ආයි නොබලුවුත් එදා ඒ වෙලාවේ නිකං හිතට ආවට මගෙ ෆෝන් එකට send කරපු විඩියෝ එක මගෙ ෆෝන් එකේ අස්සක තිබුණා.."

"ඒ ගැන දැනගත්තා නම් ඇයි ඇහුවේ නැත්තෙ මගෙන්.."

"ඕ..ඔයා හන්ඟද්දී..මං අහන්නෙ කොහොමද සර්..අනික අහන්න ඕනා උණේ නෑ..ම්ම්..මොකද මං ඔයාව විස්වාස කරා..බිලා ඉද්දි වැරැදීමකින් උණේ කියලා ඔයා කියනවා ඇහුණ කතාව මං විස්වාස කරා...ඔයා හිතා මතා ඒවගෙ දෙයක් කරන්නේ නෑ කියලා හිතුවා..ඒ වගේ දෙයක් අනුමත නොකරත්..ඔයාලගෙ සමාජ තත්වේ එක්ක ඒ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියලා මං අමතක කරලා දැම්මා...අ.. අනික...එහෙම..ඔයා කා එක්ක ඉන්නවාද නැද්ද අහන්න...මට අයිතියක් තිබු..නෙත් නෑනෙ...ඉ..ඉතිං..එහෙම දෙයක්..උ..උණේ නෑ වගේ අමතක කරලා දැම්මා..."

"...උඹ හරි පවු බං.."

මන් කියපු දේ අහං උන්න එයා මගේ හුස් මුදුණ පුරා තොල් තද කරද්දි මේ වතාවේ මට මහ බරට සුසුමක් පිට උණා..ඇත්තටම මන් පවු...

" සිහලිගේ කතාව අහද්දී ඔය සිද්ධිය ගැන මතක් වෙලා..මං ඒ විඩියෝ එක එයාට යැව්වා..එයා කිව්වා ඔයා එක්ක ඒ විඩියෝ එකේ ඉන්නෙ එයා කියලා.."

"ඉතිං..කිව්වද එයා ආදරේ කරන්නේ මට කියලා..."

"....න්..නෑහ්.. ෆෝන් එක කට් උණා..ක්..කෙල්ල...ඒ කතා කරපු අන්තිම ව..වතාව සර්.."

හැමදාම දැනගෙන උන්න මේ කතාව අද සර් එක්ක කියද්දි...මට මොනාදෝ හිස් තැන් ගොඩක් පේන්න ගද්දී මන් දෙන්න දුන්නේ කල්පනාවෙන්...

"එතකොට අර ගෑනි..ඒ ගැන දැනගෙන හිටියද.."

"හ්ම්..කෙල්ලට ෆොටෝ එක ලැබිලා ඔයා ගැන හොයද්දි ඒ ගෑනිගෙ නම්බර් එක හොයා ගන්න පුළුවන් උණේ කිව්වා..සමහරවිට් කතා කරලා කියන්න ඇති..හොටෙල් එක ළඟටවත් ගියාද එලිනාව හබ උනාද නැද්ද දන්නේ නෑ..ඔයා මැරි කරනවා කිව්ව ආරංචියට කෙල්ල කළබල වෙලා හිටියෙ..ඒ ගෑනිව මට හම්බ උණේ සිහලි ඉන්න හොස්පිට්ල් ඒකෙදි.. ඒ ගෑනිත් කිව්වෙ මං දැනගෙන උන්න කතාවම..කි..යලා මට කිව්වා සිහළිව කසාද බඳින්න...බේරගන්නෙ කවුරු උණත් ඔයාගෙන් ඈතට අරන් යන්න කියලා.."

".....හ්ම්ම් මට තේ...රෙනවා...ඒ මන්මයි කියලා හිතන්න..ඒ දරුවා මගේ කියලා හිතන්න..ඔයාට හේතු තිබිලා..ගොඩක්..."

"ස්..සර්.."

"ඔයාට වැරැද්ද පටවා ගන්න හදන්න එපා බබා...ඒත්..මේක බලන්න.."

"ම්ම්..මේ...මේ.."

එයා එහෙමම ෆෝන් එක අරන් cctv විඩියෝ වගයක් ප්ලේ කරලා මගෙ අතට දෙද්දී මන් බලන් හිටියෙ පපුවටත් අත තියන්...කවුරු හරි සර්ව අහුකරන්න ගත්ත විඩියො එක තරම් පැහැදිලි නොවුණත් ,ඒ විඩියෝ එකේ සුපුරුදු වටපිටාව එක්ක හොටෙල් රූම් එක ඉස්සරහා හොඳට විඩියෝ එකේ සටහන් වෙලා තියෙද්දි...සර් සිහලි එක්ක රූම් එකට යන දර්ශනේ වෙනම කෝනෙකින් ප්ලේ උණා...

"උඹ හරි...එදා මං එතන හිටියා..මං ඒ කෙල්ල එක්ක රූම් එකකට ගියා..එදා function එක  පුරාම මන් බලාගෙන මාසෙල් ඒ කෙල්ල ගැන ඇහැ ගහන් හිටියෙ..පොඩි කෙල්ලෙක්..මන් ඒ නිසාම ඌට කලින්ම අනතුරු ඇගෙව්වා ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න කියලා...ඌ ඒකට මන් එක්ක රන්ඩුත් උණා....පාරක් දෙකක් වැදුණා මගෙන් ඌට...ඔයාට කරපුවත් මතක් වෙලා.
ඌ මට චැලෙන්ජ් කරා...උගෙ ප්‍රස්න වලට ඔලුව දාන්න ආපු එකට පාඩමක් උගන්නනවා කියලා...පස්සෙ රෑ පාටි එක වෙලාවේ මනුස්සයෙක් බලෙන්මයි මත් වෙලා උන්න කෙල්ලව මන් උන්න ටේබල් එකට ගෙනත් දැම්මේ...මාත් පොඩ්ඩක් ඩ්‍රින්ක්ස් අරන් හිටපු නිසා මට අහන්න අමතක උණා..ඒ කෙල්ල මන් ළඟ දැම්මේ ඇයි කියලා..කෙල්ල හිටියෙ කෙලින් කටින් ඉන්න බැරිව...ඒ විදිහට ඒ වගේ තැනක ඉන්න එකත් අවධානම්..දැකපු බැල්මට ඒ පොඩි කෙල්ලගේ හුරු පූරුදු කමක් දැනුණ නිසා උදව් කරන්නයි ඕනේ උණේ..එහෙම්ම රූම් එකකුත් බුක් කරන් රූම් එකකට අරන් ආවෙ අර ක්ලබ් එකේ බීපු මිනිස්සු අස්සෙ ඉන්නවාට වඩා එහෙම දාලා යන එක එයාට ආරක්ෂා සහිතයි කියලා හිතපු නිසා..ඒ කෙල්ල ඒ මුළු වෙලාවේම නිල් ඇස් තියෙන කොල්ලෙක් ගැන කියෙව්වා...මට තේරුණා ඒ මාසෙල් කියලා...කෙල්ල ඒ වෙලාවේ හිතුවෙ ඒ මන් කියලා..කොහොමහරි අරුගේ එවුන් මන් කෙල්ල එක්ක රූම් එකට යන එක විඩියෝ කරලා..."

"ච්..චතුර...!!!"

සර් කෙල්ල එක්ක රූම් එකට ගිය හැටි වගේම එක තැනකින් යාන්තමට අහුවෙලා තිබුණු හොරාට විඩියෝ කරපු එකාව දකිද්දී..ඒ එක්කම කෙල්ල මාසෙල් ගැන කියෙව්වා වෙද්දී මං ඔලුව උස්සලා සර් දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන....

"මේ...මෙතන බලන්න..කෙල්ල වමනෙ කරා මගෙ ඇගේම.. කොහොමහරි කෙල්ලව අරන් රූම් එකට ආවා මන්...කෙල්ලව දාලා ආපහු යන සිහියේ හිටියෙ මං..වටපිට  ගැන අවදානයක් තිබුණෙ නෑ..උන් විඩියෝ කරා කියන්න මට ගාණක් නැ..ඇදට දාද්දීත් කෙල්ල මාසෙල් ගැන කියෙව්වෙ...මාසෙල් කියලා හිතන් මගෙ ඇගේ එල්ලෙන්න හැදුවේ..අපි නතර වෙලා හිටියෙ ඒ හොටෙල් එකේ නෙමෙ..කොහොමහරි ආපහු එහෙම එන්න බැරි නිසා කෙල්ලව ඇදට දාලා වමනෙ දාපු මගෙ ඇඳුම් අයින් කරලා එතනින්ම වොෂ් එකකුත් දාගෙන මන් එතනින් එන්න ආවෙ කෙල්ලට සිහිය ආවම කතා කරන්න කියලා මගෙ කාඩ් එකකුත් තියලා...මට ඕනා උණේ මාසල් ගැන කෙල්ලව දැනුවත් කරන්න.."

"අ... අනේ සර්..."

සර් ආපහු රූම් එකට එන මඟ වෙන විඩියෝ එකක් අරන් එතනදි කෙල්ල සර්ගේ ඇගේ වමනෙ කරන හැටිත්..රූම් එකට ගිය සර් විනාඩි 10 ක්වත් යන්න කලින් ආපහු එළියට එන හැටිත් පැහැදිලිව තිබුණා...

"උඹ දැකපු විඩියෝ එක ඇතුලේ ඔන්න ඔය ටිකයි උණේ බබා. පස්සෙ පහුවදාම මාසෙල් මට තර්ජනේ කරා...ඌට බාධා කරලා ලංකාවෙන් පන්නන්න හැදුවොත් ඒ විඩියෝ එක උඹට පෙන්නනවා කියලා.අනික හොටෙල් එකෙන් ආරංචි උණා ඒ කෙල්ල උදේ ඉඳන් මගෙ නම කිය කිය මාව හෙව්වා කියන්න..මාසල්ට අවුලක් කරන්න බැරි වෙන්න මන් පැතුම්ලව යැව්වා..ඒ අවුල හරිගසන්න කියලා..මොකද මට ඕනා උණේ නෑ කිසිම තේරුමක් නැති දෙයක් ඔය ඔළුවට දාලා උඹව අවුල් කරන්න...අනික උදව් කරන්න ගිහිං නැති ප්‍රස්න දාගන්න..ඒ වෙලාවේ එහෙම හිතලා වැඩ කරාට...එතන වෙන්න ඇති මන් වරද්ද ගත්ත තැන...උන් දැනගෙන හිටියා මන් උන් වගේ කෙල්ලොන්ගේ ජීවිත සෙල්ලමට නොගන්න බව..ඒ වගේ කෙල්ලෙක් අසරණවෙලා ඉද්දී උදව් නොකර ඉන්නෙ නෑ කියන්න..මන් නොදැනුවත්ව හරි උන් උන්ට ඕනා දේ කරන්න මාව පොලඹවා ගත්තා.."

"ද්.. දෙවියනේ ස්..සර්...!!"

එළියට ආපු තැනින් විඩියෝ එක නතර කරපු සර් ඒ ටික කියලා ආපහු විඩියෝ එක ඔන් කරලා පෙන්නද්දි මට දැනුණේ මගෙ හුස්මත් හිරවෙනවා වගේ...සර් එළියට ඇවිත් අනික් අතට මාසෙල් ඇතුලට යන හැටිත් හරි පැහැදිලිව විඩියෝ එකේ තිබුණා...

"මතුපිටින් එහෙම වෙද්දී තිරේ පිටිපස්සේ දර්ශනේ මේ..එදා කෙල්ල ඇවිත් මගෙ විස්තර  අහලා කලබල කරපු නිසා මැනේජර් කාරයා ප්‍රස්නයක් වෙයි හිතලා මේ රෙකොඩ් හන්ඟලා.ඒත් ඕනා උනොත් ගන්න පුද්ගලිකව අරන් තියාගෙන...එහෙමම අමතක වෙලා ඒ ගැන..පොරව මං අඳුනනවා.
ඊයේ ගිහිං කතාව පැහැදිලි කරලා කිව්වම මේ විඩියෝ මට හොයලා දුන්නේ..දැක්කද ඌ බලන් ඉන්නේම මං යනකං..මං එළියට ආ හැටියේ ඌ ඇතුලට යනවා...මට ඒ කෙල්ල ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා බබා...මං හිතුවා රූම් එකට දාලා ආවම ඒ කෙල්ල ආරක්ෂිතයි කියලා..ඒත් මට වැරැදුණා බන්...එහෙම ආරක්ෂා වෙන්න තිබුණා ඒ මාසෙල් නොවෙන්න..."

අහපු දැකපු දේවල් නිසා හිතට ආපු සිතුවිලි නිසා මාව ගොළු වෙලා ගියා..ඇත්ත තේරෙද්දී පපුවේ කොණක් හිරවෙන්න ගත්තත්...කතාව පටන් ගන්න කලින් මොන දේ උණත් දෝනි එයාගෙමයි කියලා එයා කියපු හැටි මතක් වෙද්දී මට පොඩි සැනසීමක් දැනුණා..

"මේ උදේ ඒවා..උදේ තමා ඌ එළියට යන්නේ..පේනවද කෙල්ල හරි සතුටින් ඉන්නෙ....හිතාගන්න පුලුවන්ද... මාව අදුණා ගන්නත් බැරිව මාසෙල් කියලා හිතන් මගේ ඇගේ  එල්ලෙන්න හදපු කෙල්ල..මාසෙල් එතනට ගියාට පස්සෙ...කතා කරලා වැඩක් නෑ ඒ දේවල් ගැන... පහුවදා උදේ ඒ කෙල්ල හොයලා තිබුණෙ මගෙ නම කියලා..ඒ ගැන එදාමයි හොටෙල් එකෙන් මට කිව්වේ...මං තියලා ආපු කාඩ් එකත් කෙල්ල ළඟ තිබුණලු..හොටෙල් එකෙන් කිව්වලු මං රෑම ගියා කියලා..ඒත් කෙල්ල කිව්වලු මං ගියේ නෑ රෑ එයා එක්ක හිටියා උදේ එයා එක්ක කතා කරලා නම එහෙමත් කියලා ඉක්මනින් එන්නම් කියලා ගියේ කියලා..ඒ අස්සෙ තමා මාසෙල් මට අර විඩියෝ එක එවලා තර්ජනේ කරේ...පැතුම්ලව යැව්වත් ඒ වෙද්දීත් හොටෙල් එකෙන් ඒ cctv අයින් කරලා තිබුණෙ...මාසෙලුත් ඊටපස්සේ අවුලක් දැම්මේ නැති නිසා මට ඒ සිද්ධිය අමතකම උණා..හිතුවෙ නෑ ඌ මේ තරම් විනාසයක් කරා කියලා.."

.........

ඒ එක්කම එයා තව විඩියෝ එකක් ප්ලේ කරද්දි උදේ මාසෙල් රූම් එකෙන් එළියට එන හැටිත් ඒ එක්කම ආපු සිහලි හිනා වෙවී ඌට සමු දීලා ආයි ඇතුලට යන හැටිත් දකිද්දී තවත් උණ දේ ගැන පැහැදිලි කිරීම් ඕනා නොවෙද්දී දයිවයේ සරදමටවත්..සිහලිට එයාගෙ එක කුස උපන් සහෝදරයා එක්ක පැටලිල්ලක් නොතිබුණ බව තහවුරු වෙද්දී මෙච්චරයි කියන්න බැරි තරමේ සැනසීමක් දැනුණත්...අවුරුදු ගාණක් දොනිව ළඟ තියන් මං මවන් හිටපු ලෝකේ හීනයක් වෙලා තියෙද්දි...ධෝනි සර්ගේ නෙමෙ කියන ඇත්ත...දරාගන්න එක මං හිතුවාටත් වඩා මට අමාරු වෙද්දී ටික වෙලාවකට නොදැනිම හිදිලා තිබුණ කඳුලු උල්පත් ආපහු වාන්දාන්න අරන් තිබුණා...

"ධෝනි ඒ ඇගේ දුවන්නේ...මාසෙල්ගේ ලේ මැණික...ම..මගෙන් උඹටවත්...ඒ කෙල්ල සිහලිටවත් වැරැද්දක් උණේ නෑ කිරුලු...කවදාවත් නෑ..."

.........

එයාගෙ බර උණ කටහඩේ වචන නොකරපු හැඟීම් ගොඩක් හැංගිලා තියෙද්දි ඒ කියපු වචන ටිකටම මගෙ පපුව කඩන් යනවා වගේ දැනෙද්දී මං එයාව බදාගෙන මහ සද්දෙන් අඩා වැටුණා....

"දැන් අඬන්නේ ඇයි බබා...උණ කිසිම දේකට ඔයා වැරදි නෑ.. ඔයා ඕනවාටත් වඩා ඔයාගෙ වයිෆ්..ඒ නැත්තං ඔයාගෙ නංගි වෙනුවෙන්.. මං වෙනුවෙන්....ඒ දාරුවා වෙනුවෙන්...ඔයාගෙ හිතේ තියෙන ආදරේ පෙන්නුවා කිරුළු...ඔයා මෙහෙම අඬන්න ඕනා නැති නිසයි..මං මුලින්ම කිව්වේ...මොනා උණත් ධෝනි මගේ කියලා..මාසෙල් එයාගේ ලේ ප්‍රතික්ෂේප කරලා ඉවරයි කිරුළු..තව දුරටත් එයාට කිසිම අයිතියක් නෑ දරුවා ගැන.."

"ඒ..ඒත්..සර්..ද..දරුවා...මගෙ දරුවා..එයා..ඔයාගෙ...න්..නෙ..මේ...කියද්දි.."

"ඉතිං මොකෝ..දැන් මගෙ නොවුණා කියලා...උඹ කෙල්ලව අත අරිනවාද...බබා...උඹට පුළුවන්ද.."

"ඕ..ඔයා මොනාද අහන්නෙ සර්..දරුවා ඔය කාගෙවත් නෙමෙ මගෙ..මේ කිරුළුගේ..ඔය කාටත් වඩා අයිතිය තියෙන්නේ මට...ඒ..ඒ මගෙ මුළු ලෝකේම.."

"ඒක තමා මං කියන්නේ බබා..මේ තරම් කල්..කෙල්ලගේ ඇගේ දුවන්නේ කාගෙ ලේද කියන්න උඹට වැදගත් උණේ නෑනෙ..මින් ඉදිරියටත් ඒ ගැන හිතන්න එපා...කෙල්ලව එපා කරලා අත ඇරපු තාත්තෙක්ට මගෙ කෙල්ලගේ අයිතිය දෙන්නේ නෑ මං..ඔයා...ලේ බැඳීමක් ගෑවිලාවත් නැතත් එයාගෙ අම්මා තාත්තා භාරකාරයා ඒ හැමදේම ඔයා...තමන්ගෙ ජීවිතේ දීලා රැකපු දරුවාව ඒ අම්මා බාර දුන්නේ උඹට...ඉතිං ඒ දරුවා උඹෙ...උඹෙ විතරයි...වැරදි වැටහීමක් නිසා උණත්...මං දන්නවා...ඔයා මාව දරුවාගෙ ඩඩාගෙ තැන තිව්වෙ හදවතින්ම...ඉතිං ලේ අයිතිය කාගෙ උණත්...උඹ දුන්න අයිතියට..ඒ දරුවා දැන් මගෙත් දරුවා කිරුළු..ඇහුණද උඹට...ඒ දරුවා උඹෙ නම්..ඒ දරුවා දැන් මගේත් වෙනවා....අනික ඔය කිව්වත් වගේ...මං මගේ පපාගේ නෙමෙ නම්...මගෙ ඇගේ දුවන්නේ ක්ලවුස් අංකල්ගේ ලේ නම්...මාසෙල් කියන්නේ...එක කුස උපන්නෙ නැතත්...එකම තාත්තගෙ එකම ලේ ඇගේ දුවන මගේ මල්ලි කිරුළු.."

"සර්...."

"ඔයාමයි කිව්වේ...මගේ පපා...එයා එයාගෙ වගේ හැදුවේ අයිතිය නොදී අත ඇරපු එයාගෙ මල්ලිගෙ දරුවා කියලා..ඒ මම නේද බබා...ධෝනිගෙයි..මගෙයි කෝ වෙනසක්...මාසෙල්..ඌ ගියෙත් උගෙ මහ එකා ගිය පාරෙ..මං යන්නෙ මගෙ පපාගේ පාරෙ..මගෙ පපාට පුළුවන් උණා නම් කාගෙවත් දරුවෙකුට පපා වෙන්න..මට බැරි නෑ...මගෙ මල්ලි කියන එකා අත ඇරපු දරුවට ඩැඩා වෙන්න..."

"අ..අනේ සර්..."

"මං දන්නවා...ම්ම්..ඒ දරුවා මගෙ කියලා හිතුවාටත් වඩා..උඹට අද අමාරු ඇති...උඹ මගේ කියලා හිතන් උස් මහත් කරපු දරුවා මගේ නෙමෙ කියලා හිතද්දී...ඒත් ඒකයි ඇත්ත...ලේ වලින් දෙන්න බැරි අයිතියක් හදවතීන් දෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණේ උඹයි බබා...මගෙ මමා පපා උණත් ඒක ඔප්පු කරලා ඉවරයි...අනික් අතට ලේ වලින් අයිතිය දුන්නත් හදවතේ අයිතිය දෙන්නවත් ගන්නවත් බෑ කියලා අනික් පාර්ශවේ ඔප්පු කරලත් ඉවරයි...කල්පනා කරලා බැලුවොත් තේරෙයි... ලේ වලින් දෙන අයිතියට වඩා හදවතින් දෙන අයිතිය සිය දහස් ගුණෙකින් ශක්තිමත් කියන්න..."

..........

"මේ බලපන් කිරුළු..දැන් කොහොම හිතුවාත්...උඹ මන් ගැන කොහොම හිතුවත්..
වෙන්න ඕනා හරිය වෙලා නිසා...මේ දේවල්...පෙන්නන්න..කියන්න ඕනා උණේ නෑ මට...උඹ ඔහොම අඩනවා බලන්න බැරි කමට..ඇත්ත මොකක්ද කියලා...උඹවත් දෝනිවත් දැනගන්න ඕනා උණේ නෑ මට...ඒත්...ඒත්..දැන් ටිකකට කලින් මංම අහපු මගෙ කතාව එක්ක.. මමාගේ පපාගේ මගෙ කතාව ආපහු රිපීට් නොවෙන්න..උඹ මේ ඇත්ත දැනගන්න එක හොඳයි කියලා හිතුණ නිසයි කිව්වේ..ඒත්..දැන් උඹ ඔහොම ඇඬුවොත්...මං හොයා ගත්ත ඒ ඇත්ත උඹට කියපු එක ගැන මං මටම දොස් කියා ගනී.. ඒ නිසා එපා බන් ප්ලිස්..."

".....අ..නේ.... ඕ..ඔයා වැරදි නෑ... මහත්ත..යෝ...ඕ..ඔයා වැරදි..නෑ..."

"එහෙනම් දැන් මගේ හොඳ මැණික වගේ ඒ ගැන හිතලා වද වෙන්න එපා...ම්ම්ම්...මට කියන්න...බයද...දෝනිව නැති වෙයි කියලා..."

"අ..අනේ...සර්..."

කිව්වත් වගේ මාසෙල්ලගෙ හැටි දන්න නිසා ඔක්කොටම පස්සෙ තාමත් මට කඳුළු නතර කරගන්න බැරි උණේ හිතට දැනුණ බය නිසා වෙද්දී එයා මගේ හිත කියෙව්වා වගේ අහපු දේ නිසා මං එයා දිහා බැලුවේ දරාගන්න බැරි හැඟීමකින්..

"අහන්න මැණික.. උණේ මොකක් උණත්...ඉස්සරහට මොනා උණත්...ඔයා දෝනිගේ අම්මට...දෝනිව බලා ගන්න උණ පොරොන්දුව එහෙමම තියේ බබා...දෝනි....උනේ කොහොම උණත්...ඒ මාසෙල්ගේ ලේ උණත්...ඒ නිල් ඇස් මාසෙල්ගේ උණත්...දැන් ඒවා මගෙ...නොදැන උණත්...පුංචි එකිගෙ අම්මට උණ දේට මාත් වගකීම ගන්න ඕනා බබා...මගෙ ලේ දෙන්න බැරි උණත් මඟ අරින්න බැරි වගකීමක් පොඩි එකි ගැන මට තියෙනවා....මුලින් ඒ උඹෙ දරුවා නිසා...පස්සෙ...බිඳින්න බැරි බැඳීමක්.... ඒ පොඩි එකි එදා කකුල් දෙකේ එල්ලිලා ඩඩා කියපු වෙලාවේ ඉඳන්මයි මේ හිතට දැනුනෙ..දැන්..මොකෙන් හරි ඒ මාසෙල්ගේ දරුවා..හැම අතින්ම වගකීමක් තියෙනවා මට....ඒ එකක්වත් නැතත්....මගෙන් වැරැද්දක් උණා කියලා හිත හිතත්....උඹ මාව විස්වාස කරලා පොඩි එකිගේ ජීවිතේ මට දුන්න තැන...මං ඒ විදිහටම රකිනවා කිරුළු...මතක තියාගන්න...මුල ඉදන්ම...දෝනි මගේයි ඔයාගෙයි මිසක් වෙන කාගෙවත් නෙමෙ.."

එයාගෙ වචනයක් ගානේ අමුතුම හැඟීම් ගොඩකින් මගේ පපුව පිරෙද්දී එයා ගැන තියෙන පැහැදීම ආදරේ එක මොහොතින් මොහොත තව තවත් මගේ හිත අස්සෙ කඳු ගහද්දී ඒ දැනෙන හැඟීම් වචන කරගන්නවත් බැරි වෙද්දී මං එහෙම්ම එයාව අට්ටාලේ උඩ හාන්සි කරන් එයාව අත් දෙකෙන්ම බදන් ඒ පපුවේ මූණ ගහගත්තා...ඒ එක්ක එයාගෙ අතුත් මං වටේ ගිහිං මාව තද කරලා මිරික ගන්න ගමන් එයාගෙ වගකිම්..බැඳිම් ගැන කියද්දි...ටික වෙලාවකට මටත් අමතක උණ,එයාට මඟ ඇරුණු...එයාට වටිනම බැදීම් මතක් වෙද්දී මං වැලමිටට බර දීලා එයාගෙ මූනට එබුණා...

".....එයා...එයා අපෙ සර්...ඔව් අපේ...ඕ..ඔයාගෙ...ඔයාගෙ වෙන්න ඕනෑ...ම්ම්..මොකද ඕ..ඔයා හිතනවාට..වඩා බැඳීමක් ඔයාට කෙල්ල එක්ක ලේ වලින්ම තියෙනවා සර්..ඔව් ලේ වලින්ම...තාත්තාගේ පැත්තෙන් විතරක් නෙමෙ... අම්මගෙ පැත්තෙනුත්..."

"ම්ම්..මොනාද..කියන්නේ.."

"මම..කලින් දැනගෙන හිටියෙ නෑ...අද ආරි මාමා කියද්දි දන්නේ...ඒක ඇහුවාම... ගොඩක් බය උණා මං...ඒත්...දැන්...දැන් එහෙම උණ එක සතුටුයි මට...ඔයා දන්නවාද සර්....ප්..ප්‍රියා අම්මා......මාස ගාණකට උණත්...මගේම අම්මා වගේ මාව බලා ගත්ත අම්මා...ඔයාව වදපු අම්මා වෙන කවුරුත් නෙමෙ සර්....ඒ...ඒ ප්‍රියා අම්මා....සිහළිව වදපු අම්මා....ඒ අම්මාගෙ බඩෙයි ඔයත් හිටියෙ..සිහලි....ඒ කෙල්ල...ඔයාගෙ නංගි සර්....තාත්තලා දෙන්නෙක්ගෙ උණත්...ඒ ඔයා එක්ක එක බඩ වැල කඩන් ආපු ඔයාගේම නංගි...."

".....ම්ම්..මෝ...ම..."

"ඔව් සර්..මාසෙල් සරුයි ඔයායි එකම තාත්තගෙ ඒත් අම්මලා දෙන්නෙක්ගෙ වෙලා ඔයාලා සහෝදරයො වෙද්දී....ඔයයි සිහළියි...තාත්තලා දෙන්නෙක්ගෙ ඒත් එකම අම්මගෙ දරුවො සර්..ධෝනි....ඔයාගෙ මල්ලිගෙයි නන්ගිගෙයි දරුවා සර්...ලේ බඳිම බැලුවත්....ඔයාට තරම් ලේ බැඳීමක් කාටවත් නෑ සර්..."

.......

"ඔයා දන්නවාද සිහලිගේ නම...එයා..එයත් ආන්‍යා..ලොකු සර් නම දිලා තියෙන්නේ ඔයාගෙ නංගිට...අද ආරි මාමා කිව්වම සිහලි ඔයාගෙ නංගි කියලා..මාව ගිනි ගොඩක දැම්මා වගේ සර්..මේ කලබලේ දුවන් ආවෙ ඒකයි..මං..මං ගොඩක් බය උණා...ධෝනිගෙ ඒ ඇස්..කොණ්ඩේ ඔයාගෙ වගේ උණ එක ගැන...ඒ සමානකම් අස්සෙ එයාගෙ අම්මගෙ පෙනුමත් තියෙද්දි කවදාවත් නැති තරම් මං බය උණා...ඒත් දැන් තේරෙනවා...අම්මගෙ පැත්තෙන් උණත් තාත්තාගේ පැත්තෙන් උණත්...ධෝනිට ඇවිත් තියෙන්නේ ඔයාගෙ දේවල...ඒ හිනාව...ඒ ඇස්...ඔයාගෙනුයි...සිහලිගෙනුයි ආපුවා මිසක් මාසෙල් සර්ගෙන් ආපුවා නෙමෙ...ඒ..ඒ වගේ තාත්තෙක් මගෙ කෙල්ලට ඕනා නෑ....ඔයා හරි..එයා අපෙ...අපි දෙන්නට දෙවියෝ දුන්න තෑග්ගක්...."

මං කියෙව්වා ලොකුම ප්‍රස්නෙත් විසඳිලා තියෙද්දී..අවුරුදු ගාණක් හිතට වද දීපු පීඩනේ එකපාර නැති වෙද්දී දැනුණ සැහැල්ලුවට මං පිස්සෙක් වගේ නැවතුමක් නැතිව ඔහේ කියවන් ගියා..එකපාරම මේ දේවල් ඇහෙද්දි එයාට මොනා හිතෙයිද කියලා මට මොහොතකට අමතක වෙද්දී එයා කඳුළු ගලන ඇස් ලොකු කරන් අග මුල ගලපාගන්න බැරිව මං දිහා බලන් හිටියා...

"...බ්..බබා...මට...මට...ඒ...කෙල්ල...ම..මගෙ නංගි...දෙවියනේ..බබා...මගෙ නංගි....මගෙ නංගි...අනේ මට...මට බැරි උ..."

"ඔයාට දොස් කියාගන්න එපා සර්...එයාට උණ දේවල් වලට ඔයාට කරන්න දෙයක් නෑ සර්...ඒ එයාගෙ දයිවේ....."

අන්තිමේ ඔක්කොම කියවපු මං හුස්මක් ගන්න මොහොතක් ගද්දී එයා උන්න විදිහටම  පෙරැළිලා ඉඳගෙන අත් දෙකෙන්ම කොණ්ඩේ ඇද ගන්න ගද්දී මං ආපහු එයාව තුරුළු කර ගත්තෙ එයාගෙ ඔළුව අතගාන ගමන්...

"අ..අම්මා..ඒ..එයත් එහෙමද හිතන් හිටියෙ බබා...ඒ..ඒ දරුවා මගෙ කියලා...ඒ..එයාගෙ පුතාගෙ කියලා...!!"

"නෑ...එයා දන්නේ ඒ දරුවා ලෙවින් රයින්හාඩ්ගේ කියලා....ඒත් එයා අදටත් දන්නේ නෑ සර්....ඔයා එයාගෙ පුතා කියලා එයා අදටත් දන්නේ නෑ...ඒත්...මං කියපු දේවල් එක්ක...එයා හැමදාමත් විස්වාස කරා...ඔයා අතින් එහෙම දෙයක් උණත්...ඔයා හිතලා කරන්න නෑ කියලා...එයා විස්වාස කරා...ඔයාට සිහළිව මඟ අරුණෙ අර කාලකණ්ණි නිසා මිසක්...ඔයාගෙ වැරැද්දෙන් නෙමෙ කියලා...එයා කවදාවත් ඔයාට වැරැද්දක් කිව්වේ නෑ...එයා හැම වෙලාවෙම කිව්වේ සිහලිට ලෙවින්ගේ ආදරේ නොලැබුණත් මට හරි ලැබෙන්න ඕනා කියලා.."

"එතකොට එලිනා..."

"මට පේන්නේ ඒ ගෑනිත් මාසෙල් පටලපු උගුලේ පැටලුණා සර්...ඒ ගෑනිත් විස්වාස කරේ ඒ දරුවා ඔයාගෙ  කියලා...මොකද ඒ ගෑනි...මාසෙල් දෙන්නම එකතු වෙලායි ඔයාව කෙල්ල එක්ක පටලවලා ඔයාව black mail කරන්න හේතුවක් හදාගන්න plan ගැහුවේ...ඒ ගෑනි ඇත්තටම හිතන් හිටියෙ දරුවා ඔයාගෙ කියලා...ඒකයි හැමදේම මේ තරම් අවුල් කරේ...මං දන්නවා ඒ ගෑනිට දරුවාවයි අයින් කරන්න ඕනා උණේ...මොකද ලියා මිස්ට  මමවත් සිහලිවත්  අතරෙ නෙමෙ දරුවා එක්කයි තරගේ තියෙන්නේ කියලා ඒ ගෑනි හිතුවෙ...තෝර ගන්න උනොත් ඔයා ඔය ඔක්කොම...සමහරවිට මාව පවා අත ඇරලා දරුවාගේ පැත්ත ගනි කියලා ඒ ගෑනි බය උණා..සිහලි මැරෙන්න වැටිලා ඉද්දීත් ඒ ගෑනි ලොකුකම් කියෙව්වට ඒකි හිතුවෙ නෑ අපි සිහළිව අත ඇරලා දරුවාව බේරගනි කියලා...ඒත් සිහලිගෙ අන්තිම ඉල්ලීම උණේ දරුවා බේරාගන්න කියන එක...අනික දොස්තරලා කියද්දි දරුවාව කැප කරලා අම්මාව බේර ගත්තා උණත් සිහලිට උරුම බොහොම තාවකාලික එකතැන් උණ ජීවිතයක් කියලා ප්‍රියා අම්මා උණත් එකඟ උණා මිණිපිරි වෙනුවෙන් දුවව කැප කරන්න...එලිනා ගෑනි එහෙම බලාපොරොත්තු උණේ නෑ...හිතුවෙ සිහළි ජීවත් වෙයි...ඒ නිසා මට බන්ඳලා දීලා ඒ ප්‍රස්නෙන් ගැලවෙන්න පුළුවන් කියලා..මට මඟ අරින්න බැරි වෙන්නයි කසාද සහතිකෙකින් මාව හිර කරේ...නැත්තං දරුවෙක් වෙනුවෙන් කසාද සහතිකේ වැඩක් නෑනෙ..හැම වෙලාවේම පණ අදින එකි කිය කිය සිහලිට අපහාස කරාට...සිහලි නැති උණා කිව්වම ඒ ගෑනි ෂොක් උණා වගේ උණා...එකම එක පාරක් අපිටත් හොරෙන් ගිහිං තිබුණා දෝනිව බලන්න...මට උඹ ජීවත් වෙන්න ඕනා උණේ නෑ...තාමත් ඕනා නෑ...
ඒත් උඹයි අම්මයි දකිද්දී මට මගේම ජිවිතේ මතක් වෙනවා..උඹෙන් මට මගෙ ලියාව පේනවා කියලා කිව්වලු... දෝනි ළඟ හිටපු නර්ස් තමා කිව්වේ...ඒ ගෑනි අඩලලූ යන්න ගියේ...ඊට පස්සෙත් අපිට නම් වෙනසක් පෙන්නුවේ නෑ...මහ හිතක් පපුවක් නැති ගාණටමයි හැසිරුණේ....ඒ උනාට හරි ඉක්මනින් අපිට වද දෙන එක නතර කරා..මං හිතුවෙ හිතා මතා එහෙම කරා කියලා...ඒත් ඊයේ ආරි මාමා කිව්වාමයි දන්නේ ඇත්ත හේතුව...."

"මම්..මට තාමත් මේ හැමදේම හීනයක් වගේ බබා...මගේ නංගි..එයා මගේ ළඟටම ඇවිල්ලත් මට මඟ ඇරුණේ කොහොමද දෙවියනේ...මට..මට දැනුණා..දැකපු ගමන්...මොකක්දෝ හුරු පුරුදු කමක් දැනුණා බබා මට..මං..මං උදව් කරන්න ගියෙත් ඒකයි..අනේ...අනෙ දෙවියනේ මගේ පොඩි එකී...ම..න් නොදැන හරි..පරිස්සම් කරන්න කියලා...මගෙ කෙල්ලව...සිංහ කූඩුවක අත ඇරලා බං.. අනේ..මං....මට මොකුත් කරගන්න බැරි උණා බන්...මගෙ නංගි වෙනුවෙන් මොකුත් කරගන්න බැරි උණා බං..."

"ස..ර්..!!"

"බබා...අනේ...මං..."

එයා එයාගෙ පපුවේ උන්න මාව හෙමින් එහාට කරලා මගෙ පපුවේ මූණ ගහන් අඩද්දී මට දැනුණේ මහ අසරණකමක්..දවසක් දෙකක් කතා කරලා මගෙ නංගි කරගෙන උන්න කෙල්ල මුලින්ම දකින්න උණේ icu බෙඩ් එකක මාරයත් එක්ක සටන් කරන හැටි වෙද්දි  මට දැනුණ වේදනාවේ හැටියට...දැන් අද තමන්ට සහෝදරියක් ඉන්නවා කියලා දැන ගන්න මොහොතෙම ඒ කෙල්ල මේ ලෝකේ නෑ කියලා හිතද්දී දැනෙන වේදනාව මට අනුමාන කරන්න පුළුවන් උණ නිසා එයාට ඇති වෙනකං අඬන්න දිලා, අපි හැමෝම වෙනුවෙන් මගෙ ඇස් වලටත් උණපු කඳුළු ඔහේ ගලන් යන්න දිලා මං එයාගෙ ඔළුව අත ගෑවා...

"දැන් ඇතිකෝ...මගෙ සර්..මං දන්නවා මහත්තයෝ.. දුකයි...මං දන්නවා...ඒත් මටත් කියන්න තියෙන්නේ...නොකියා හැමදාම හංගන් ඉන්න පුළුවන්කම තියෙද්දීත් කියපු එක ගැන මටම දොස් කියාගන්න දෙන්න එපා සර්...ඉක්මනින් හිත හදාගන්න බලන්න සර්...නන්ඟිව බලාගන්න බැරි උණාට ධෝනි ඉන්නවා සර්...අපි සිහලි වෙනුවෙන් එයාව බලා ගමු සර්..සිහලිට ඕනා උණෙත් ඒක..එයාගෙ පොඩි එකී සතුටින් ඉන්න එක...කොහෙ හිටියත්...එයා සතුටු වෙයි...එයාගෙ කෙල්ල එයාගෙ නිල් ඇස් තියෙන මාමා ළඟ උස් මහත්වෙනවා දකිද්දී.."

අන්තිමේ සෑහෙන වෙලාවකට පස්සෙ එයාගෙ ඇඩිල්ල නතරවෙලා යන්තම් ඉකි ගහද්දී එයාව පපුවෙන් එහාට කරලා මගෙ අත උඩට ගත්ත මං එයාගෙ කඳුළු පිහද්දී එයා යන්තම් ඔළුව වැනුවා...

"හ්ම්ම්..එයාව සතුටින් තියමු..ඒත්..අම්මා...මගෙ අම්මා...එයා කෝ කිරුළු...මේ හැම දේකටම පස්සෙ එයා හොදින්ද කිරුළු.."

"මුලින් ඔයාව...පස්සෙ එයා ආපහු කසාද බැඳපු සිහලිගේ තාත්තාව...දැන් සිහලිව ඔක්කොම නැති වෙද්දී එයා හොදින් හිටියෙ නෑ සර්..ඒත් එයා එයා වෙනුවෙන්ම හොඳම පාර තෝරගත්ත නිසා දැන් එයා හොදින්...අපි ඉක්මනින් එයාව බලන්න යමු..ඔයාව දැක්කම...තව දුරටත් එයා ආපහු දුක් වෙන එකක් නෑ..."

"එහෙනම් එච්චරයි...තවත් නම් බෑ..."

ප්‍රියා අම්මා හොදින් කියද්දි ඒ නිල් ඇස් දිලිසෙද්දී එයා යන්තම් හිනා උණා...ඒ හිනාව ප්‍රියා අම්මගෙ වගේ..ඒ හිනාව ඉස්සරහා මටත් හිනාවක් යද්දි එයා මගෙ බෙල්ල අස්සෙ මූණ හංගා ගත්තෙ පොඩි එකෙක් වගේ...ඔයාට විතරක් නෙමෙ...මටත් තවත් නම් බෑ......

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/03/16

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ගොඩ දෙනෙක් රිප්ලයි කරපු නිසා ආවා ඔන්න...🤗🤗

ඔන්න ඔහොමළු උණේ....🤧🤧

ප්‍රස්න ඔක්කොටම උත්තර හරි නේද ළමයි....🤗🤗

මඟ ඇරුණු මොකුත් තියේ නම් මෙතනින්ම කියන් යන්නෝ....😊😊

ඉතිං...චුට්ටක් රොමැන්ටික් වෙලා කතාව ඉවර කරමු එහෙනම්....😊🥺

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ලඟ ඉන්නවා
මං දන්නවා
ලඟ ඉන්නවා..
අපි ආදරේ සුව විඳිනවා..

නීල ඔය දෑස මගෙමයි කියා
කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලඟ තියා
තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ආශා මැවු මේ ආදරේ..

ඈත කඳු යායේ සිසිලස සොයා
යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ
ඔබ ලඟ නිසා
ඉන්න තව ලං වෙලා
හද සාගරේ ආශා මැවු මේ ආදරේ..

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ලඟ ඉන්නවා
මං දන්නවා
ලඟ ඉන්නවා..
අපි ආදරේ සුව විඳිනවා..

Continue Reading

You'll Also Like

24.4K 170 10
Read as Naruto has to Deal with Yandere girls and even Genderswapped Yandere girls. No Yaoi. It ranges from Horror to Comics, Video games, and anime.
880K 40.9K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
2.2K 450 7
"මම මැරෙන කල් ඔයාව සතුටින් තියනවා වස්තුව..." අපි ආදරේ කරන අය ජීවත් වුනත් මැරුණත් හැමදාම අපේ හදවතේ ඉදීවි...
650K 39.8K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...