දඬු මොණරු

By yuchi91

41K 5.4K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 12

850 131 22
By yuchi91

හවස හය හමාර වගේ වෙද්දි මමයි මල්ලියි ලෑස්ති වෙලා යද්දි හසයි එයාගෙ මල්ලි සෙනාල් මල්ලියි දෙන්නත් පාරට ආවා. චවිය අපි දෙන්නගේ වගේම මල්ලිලාගෙත් යාළුවනෙ, ඌට වයස් භේදයක් නෑ හැම එකාම යාළුවෝ තමයි, ඔය පොඩි පොඩි ඇච්චෝ බැච්චෝ පවා ඌට හෙන ආදරෙයි.අපි හතර දෙනාම ඔහේ කතා කර කර චවියගේ ගෙදරට ගියා, මමයි මල්ලියි මේ එහෙ යන පළවෙනි වතාවනෙ, අපි යද්දි මම බලාපොරොත්තු උන කෙනා නම් හිටියෙ නෑ, චවියයි, දුවී අයියයි එයාලගෙ අම්මයි තාත්තයි තමයි හිටියෙ. මං අද තමයි ඒ නැන්දයි මාමයි දෙන්නව මුලින්ම දැක්කෙත්.

"අනේ මේ ළමයි ඇවිත්නේ. නංගි ගෙදරද පුතේ "

" ඔව් නැන්දේ "

" පොඩි එකීට යද්දි කෑම මොනා හරි අරන් යන්න...... එතකොට මේ අපේ අනෝමා නංගිගෙ ළමයි දෙන්නද , මේ බලන්නකො එයි යස ඉළන්දාරි දෙන්නෙක්නෙ "

" ඒක තමයි මාලනී කොහෙද ඉතින් අපි දැක්කෙත් අදමනේ "

චවියගෙ අම්මයි,තාත්තයි දෙන්නම හරිම හොඳයි. හැබැයි චවියට නම් අම්මගෙන් දිගට හරහට ගුටි ලැබෙනවලු.හොඳ වැඩේ පගයගෙ පණ්ඩිතකම් වලට.

"තඹර අයිය ආවෙ නැද්ද බං. මට එයාටත් එන්න කිව්වනේ. මං හිතුවෙ උඹලත් එක්ක එයි කියලා "

" නෑනෙ බං මුකුත්ම කිව්වෙත් නෑනේ "

" එහෙනම් සමහර විට රෑ වෙලා එයි. ඒකා ටිකක් අමුතුයිනෙ ඉතින්. අයියගෙ යාලුවො එයි කියලා හිතල එන්න අදිමදි කරා "

අපි ගිහින් ටිකක් වෙලා යද්දි සර්ලා දෙන්නත් ආවා. එයාල නම් තෑගි පාර්සල් දෙකක් අරන් ආවේ, ඔව් ඉතින් අර යකා අපිට කිව්ව වගේ සර්ලා දෙන්නට තර්ජනේ කරයියැ තෑගි අරන් ආවොත් කේක් කුඩු ටිකක් වත් දෙන්නේ නෑ කියල.

චවියගෙ ගේ තට්ටු දෙකට හදපු ලොකු ගෙයක්.ඒකගෙ කාමරේ තිබ්බෙත් උඩ තට්ටුවේ නිසා අපි කට්ටිය උඩට වෙලා උඩ තිබ්බ සෝෆා එකේ ඉඳගෙන ඔහේ කතා කර කර හිටියා. චවියගෙ අම්මයි චවියයි දෙන්නත් එක්ක කේක්, බිස්කට්, කෙසෙල් එක්ක බීම ගෙනත් තිබ්බ අපිට.

අපි උඩ ඉද්දී තමයි මට ඇහුනේ බයික් වගයක් ඇවිත් පහළ නතර කරනවා......

"අයියගෙ යාළුවොත් එනවද කොල්ලො"

මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙ ඇහුවෙ නම් අනූප සර්.

"මගේ උපන් දිනේ උනාට පාටි එක තියෙන්නේ අයියගෙ යාළුවන්ට තමයි සර්, අපේ ගෙදර මොනව තිබ්බත් එයාට යාළුවෝ ටික ගෙන්නන්න ඕන ඉතින්"

"අර වදකාරයත් ඇවිත් ඇති නේද එහෙනම්"

තුහින සර් නළල අත ගගා හරී කලකිරුණ විදියට ඇහුවා. හිනා මල නිසා බිම් මලේ ෆ්‍රෙෂර් වැඩි වෙනවා කොයි වෙලේ හරි.

"එයාලා උඩට එන්නේ නෑ සර්, එළියේ මේසයක් එහෙම ලෑස්ති කරලා තියෙන්නේ අයියා"

"අම්මෝ යාන්තන් ඇති, නැත්නම් අර යකා ඇවිත් දත් තිස් දෙකම එළියේ දාගෙන හිනා වෙන්න ගත්තම මට දත් ටික ගලවලා අතට දෙන්න හිතෙනවා"

ඒ උනාට මට දුකයිනේ, අද දවසටම එයාව දැක්කෙ නෑ. එයා දන්නෙ නැතුව ඇති මමත් ඇවිත් ඉන්නෙ කියලා, පස්සෙ හෙමින් පහළට ගිහින් බලලා එන්න ඕන.

දුවික අයියත් දෙතුන් පාරක් ඇවිත් අපි එක්ක කතා කරලා ගියා, එයා සර්ලා දෙන්න එක්කත් හරිම එකතුයි, එයා ආයෙත් එද්දි ආවේ අමුත්තෙකුත් එක්ක, තඹර අයියා......

"මං සදා නැන්දට කෑම එකක් ගිහින් දෙන්න ගිය ගමන් තඹර වත් එක්ක ආවා ඔන්න"

තඹර අයියා ඇවිත් ඉඳ ගත්තේ මගේ ළඟ. එදා කුඩේ යටට ඇවිත් කතා කරලා ගියාට පස්සෙ අපි කතා කරෙත් නෑනෙ.

"මේ ඔය තුන් දෙනාට මොනව හරි බොන්න ගෙනත් දෙන්නද.....පහළ තියෙන ඒවගෙන් "

දුවී අයියා සර්ල දෙන්නගෙනුයි තඹර අයියගෙනුයි ඇහුවත් තුන් දෙනාම එපා කිව්ව.

"අපි දෙන්නා නම් ඉතින් බෝඩිමේ ඉද්දී බියර් එකක් එහෙම බොනවා, ඒත් අද බෑ දුවික මල්ලි "

අනූප සර් කියද්දි දුවික අයියත් ආයෙත් ඒ ගැන ඇහුවෙ නෑ, කොහොමත් අපි ඉන්න තැන සර්ලා බොන එකක් නෑ.

"නේත්‍රයෝ.... ආ මෙන්න ෆෝන් එක "

චවියා මට ෆෝන් එක ගෙනත් දුන්නම මං ආසාවෙන් ඒක අතට ගත්තේ.

"කොහෙන්ද චවික මල්ලි මේ"

"ආ මේ අපේ අයියගෙ යාලුවෙක් ගෙන් අඩුවට ගත්තේ තඹර අයියෙ. නේත්‍රට ෆෝන් එකක් නැති නිසා"

"කීයද මේක"

"අටදාහකට දුන්නෙ"

"ඉතින් නේත්‍ර ලඟ සල්ලි තිබ්බද"

ඒ ගමන තඹර අයියා ඇහුවෙ මගෙන්.

"පන්දාහක් දුන්න, ඉතුරු ඒවා පස්සෙ දෙනවා"

"ඉතුරු ගාන මං දෙන්නම්"

"අනේ එපා අය්යෙ මට පුළුවන්"

"පණ්ඩිත නොවී ඉන්නව, ඉගෙන ගන්න ගමන් ඔය සල්ලි ගෙවන්න තමුසෙ හම්බ කරන්නෙ නෑනේ. චවික මල්ලි මං හෙට ඉතුරු සල්ලි දෙන්නම්"

ඇයි අප්පා මේ හැමෝම පණ්ඩිත නොවී ඉන්න කියන්නේ, මං පණ්ඩිතයැ. අනික ඉතින් ඉගෙන ගන්න ගමන් හම්බ කරන විදිය මෙයාලට කියන්න බෑනේ දැම්ම.

"තඹර මල්ලි ආයේ කැම්පස් යන්නෙ කවද්ද"

"ඉරිදට යන්න ඕන අනූප සර්, සඳුදා උදේම ලෙක් එකක් තියෙනවා"

"හෙට ගෙදර නම් අපිත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යමු, අපි මේ දොළට ගිහින් නාලා එහෙම එන්න කියලා බැලුවේ"

"කව්ද යන්නෙ"

"මේ මෙතන ඉන්න අපි කට්ටිය තමයි ඉතින්, ආ.. මේ අපේ අලුත් සංගීත සර්, තුහින සර්.... තුහින මේ අපේ නේත්‍රගෙ මාමගෙ පුතා තඹර, කොළඹ කැම්පස් එකේ ඉන්නෙ"

තඹර අයියා තුහින සර් එක්ක හිනා වෙලා කතා කරන්න ගත්ත, කැම්පස් එකේ විස්තර තමයි ඉතින්...

"තඹර මල්ලිත් තාත්තයි, සීයයි වගේ ගුරුවරයෙක් වෙන්නද කැමති"

"ටීචින් කරන්නත් ආසයි ඉතින්, එහෙම ලොකුවට මුකුත් හිතලා නෑ අනූප සර්..... සර්ලා දෙන්නව අද හම්බ උන එකත් හොඳයි. මේ දෙන්න ගැන පොඩ්ඩක් බලන්න සර්, මමත් ඉතින් නිතරම ගෙදර නෑනෙ, අපේ ගෙවල් වල මිනිස්සුන්ටත් ඕවා කියල වැඩක් නෑ"

"බය වෙන්න එපා මල්ලි අපි ඉන්නවනේ, අනික මේ දෙන්නටම හොඳ යාළුවෝ වගයක් හම්බ වෙලා ඉන්නෙ"

මට සතුටුයි, අපි ගැන හොයල බලන්න ලොකු අයියෙක් ඉන්නවා අපිට. තඹර අයියා නපුරුයි වගේ පෙන්නුවත් ලොකු නැන්දලා වගේ හිත ඇතුලෙන් නපුරු කමක් නෑ එයාගෙ.

කේක් කාලා බීම බීලා ඔහේ කියව කියව හිටපු අපි අන්තිමේදී පහළට ආවා, අපි එද්දිත් පහළ හිටපු සෙට් එක සින්දු කියන්න අරන්, අපි සාලෙන් ඉඳ ගත්ත ඇවිත්, තඹර අයියට නම් කොහොමත් ඔය සෙට් එක පේන්න බෑනෙ, අපේ බිම් මලත් ඉතින් ඔය සෙට් එකේ එකෙක් දැක්කම පුපුරන්න ගන්නවනේ, ඒ වගේම මමයි හසයි දෙන්න එක්කත් කට්ටිය අවුල්. ඔතනින් මං එක්ක කතා කරේ හරි යශ් අයියා විතරයි.අඩු ගානේ පිවිතුරු අයියා වත් හිනා වෙන්නේ වත් නෑ. එයත් දැන් මාව දැක්කම හැසිරෙන්නේ දමිත් අයියා වගේ. ඒ නිසා අපි කවුරුත් එයාලා ඉන්න පැත්ත පළාතක වත් ගියේ නෑ. ඒත් එළියෙන් ඇහෙන සින්දු ටිකට නම් හිත ගත ඇදිල යනවා, කට්ටියගේ බඹර පදමයි, ඩොල්කි පාරයි එක්ක බජව්ව නැගලම යද්දි මට ඇහුනේ වැල්ලේ ඉද්දී අපි නිතරම කියන සින්දුවක්

ජීවිතේ යන ගමනේ
යාළුවෝ එක රෑනේ

වැල්ලෙ ඉද්දී සමහර දවස් වලට අපි ඔය වගේ බජව් දානවා, සමහරු නම් පොල් රා වලින් සප්පායම් වෙලානේ ඉන්නෙ, එතන හැම ජාතියකම, ආගමකම මිනිස්සු හිටිය, උන් කිසිම වෙනසක් නැතුව සහෝදරයෝ වගේ කරට අත දාගෙන මේ වගේ සින්දු කිව්ව හැටි මතක් වෙලා ඇස් දෙකට කදුළු ආවත් මං ඉක්මනින් ඇහි පිය දෙක තුනක් ගහල ඒ කදුළු ඇස් අස්සෙම හිර කර ගත්තා.....

චවියා ගිහින් සාලෙ තිබ්බ ජනෙල් දෙක තුනක පියන් ඇරිය, ඒ ඇරපු ගමන්ම කෙලින්ම මගේ ඇස් වලට අහු උනේ යශ් අයියව එයත් මාව දැක්කා, ඒ වගේම එයා පුදුම උනා, ඇයි ඉතින් ඔය එළියේ ඉන්න කවුරුත් දන්නෙ නෑනෙ අපි ඇතුලේ ඉන්නවා කියල, මම හිතන්නේ දුවී අයියා වත් කියල නෑ. එළියේ ඉන්න අයට සර්ලා දෙන්නව පෙනුණෙ නෑ, මොකද එයාලා හිටිය තැන කවර් වෙලා නිසා, එයාලට පෙනුණෙ මාවයි, හසාවයි, තඹර අයියවයි විතරයි.....

යශ් අයියා මාව දැකලා පුදුම උනත් ආයෙත් අහක බලා ගත්ත, අලුතෙන් රිදෙන්න දෙයක් නෑ ඊයේ ඉඳන්ම එයා නිසා හිත රිදිලා තියෙන්නේ.

"නේත්‍ර ෆෝන් එකට සිම් එකක් නෑ නේද"

"නෑනෙ අය්යේ"

"මං හෙට උදේ ටවුන් එකට යනවා එතකොට එකක් ගෙනත් දෙන්නම්"

"හා"

"ෆෝන් එකේ එල්ලිලා ඉදල නම් අහු වෙන්න එපා පුතෝ හරිද, මං නිවාඩු ආවම බලනවා දෙන්නම ඉගෙන ගන්න විදිය"

මට හිනා ගියා, මෙයාගෙන් නම් බේරුමක් නැති වෙයි වගේ අපිට. ටොකු අනින අයියෙක්ද දන්නෙ නෑ......

මං ඉදගෙන හිටියෙ තඹර අයියටයි හසාටයි මැද, ඒ නිසා අයියා එක්ක කතා කරන්න ඒ පැත්ත හැරුනම අයියගේ මූණ ළඟින්ම පේන්නේ එලියෙ ඉන්න යශ් අයියගෙ මූණ. මං හිනා වෙවී තඹර අයියා එක්ක කතා කරනවා දකිද්දී කොණ්ඩ කුරුල්ලගෙ මූණ වෙනස් උනා. මං තවත් ඌට පේන්න හිනා වෙවී අයියා එක්ක කතා කරේ ආයෙත් වැරදිලා වත් ඒ යකා දිහා නොබලා, මගේ හිත රිද්දෙව්වට මං පළි ගන්නව, මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ, පුප රතු කොණ්ඩ කුරුල්ලගෙ පෙදේ ගලවන්න ඕන මාව ගණන් ගන්නේ නැති නිසා, ඕකගේ පිහාටු හැලෙන්නේ නෑනෙ මේ මාව පොඩ්ඩක් ගණන් ගත්ත කියල.......

"පුතාලා අපි එහෙනම් කෑම ටිකක් කාලා ඉමු නේද.....එලියෙ ඉන්න අය නම් දැම්ම කනවා බොරු "

චවියගේ අම්ම මාලනී නැන්දා ඇවිත් අපිට කෑම කන්න එන්න කියලා ගෙට යද්දි අපිත් නැගිට්ට.....

"එලියෙ ඉන්න අය නම් කෑවත් එකයි අපිට නැතත් එකයි, අපිට නම් අදාලම නෑ "

නැන්දා ගියාට පස්සෙ අපිත් ඒ පස්සෙන් යද්දි තුහින සර් හෙමින් එහෙම කිය කියා ඉස්සර උනා.සරුත් මං වගේම එළියෙ ඉන්න එකා ගැනමද කොහෙද හිතන්නේ, බොරු සෝබනේ දැම්මට බලන්න වත් ආවේ නැති නිසා තරහේ ඇත්තේ, හිනා මල තාම දන්නෙ නෑනෙ ඉතින් එයාගෙ බිම් මල එයාට අඩි ගානක් ළගින් පිපිලා කියල.........

කෑම කාලා ඉවර වෙලා හැමෝම ආයෙත් සාලෙට එන්න එද්දී මුලින්ම ආවේ මං, ඒ වෙලාවේ මගේ ඉස්සරහට ආවේ පිවිතුරු අයියා, හම්මට සඳ බොද වෙලා වගේ යන්තම් වැනෙන වත් එක්ක, අද නම් මූ චීන පටස් එක පුපුරෝගෙන ලොකු විනාශයක් කර ගනී වගේ.ඌ පුරුදු විදියටම මං දිහා බලලා අහක බලාගෙන ඉස්සරහට යද්දි මමත් නැවතිලා බලන් හිටියෙ ඊලඟට තිරගත වෙන්න නියමිත ෆිල්ම් එක දිහා......

හිනා මල කෙලින්ම නෙවෙයි ඇදේට වගේ ගිහින් එක පාරටම හැපුනේ ඉස්සරහින්ම ආව බිම් මලගෙ ඇගේ, එක පාරටම උන දේ නිසා වැටෙන්න ගිය බිම් මලව දෝත බඳලා අල්ල ගත්තේ අනූප සර්, ඒක හරිම ආදරණීය අවස්ථාවක්. අර හින්දි ෆිල්ම් වල, ටෙලි නාට්‍යය වල වගේ කෙල්ල වැටෙද්දි කොල්ල හරහට අල්ල ගන්නෙ, ඊට පස්සේ දෙන්නට දෙන්නා මූණ දිහා බලන් ඉන්නේ අන්න ඒ වගේ. මගේ කණට හින්දි සින්දුවකුත් ඇහුනා ඒ අස්සේ.

තුම්පාස ආයේ
යූ මුස්කු රායේ
කුච් කුච් හෝතා හේ

මට අපේ ගුරු ජෝඩුව නැව් ගත කරලා දියබේ පා කරන්නත් හිතුනා, ඒ තරම් ගැලපෙන ජෝඩුව, ඒත් ඉතින් මගේ ලස්සන ෆිල්ම් එක මැද්දට අයාලේ ගිය ගගනගාමියෙක් කඩන් වැටුනනේ, නිකන් නෙවෙයි බිත්තිය දිගේ බඩ ගගා....

"අඩෝ දුවියෝ, යශ් අය්යේ මේ බලපන්කෝ මට මගේ රෝස මලව දැන් මැවිලා පේන්නත් පටන් අරන්.... කව්ද යකෝ මේ මගේ රෝස මලව අල්ලන් ඉන්න හිකනලා, චුප් චුප් පල අහකට"

අම්මෝ අර යකා අනූප සර්ට හිකනලාලු, ඒ මනුස්සයා අසරණ වෙලා වටපිට බලන අතරේ බිම් මල මූණ රතු කරන් ඉනට අත් දෙක තියා ගත්තා. මට හිනාව නවත්ත ගන්න බැරි නිසාම අත් දෙකෙන්ම කට තද කරන් පස්සෙන් පස්සට ආවා. ඒ එක්කම උණුසුම්ම උණුසුම් පපුවක වැදිලා මාව නතර උනා, කණ ළඟින්ම වගේ හුස්ම පාරක් වදිද්දි මං බෙල්ල පොඩ්ඩක් හරවලා බැලුවා. කොණ්ඩ කුරුල්ලා, පුප නම් නෙවෙයි ඇස් දෙක රතු කරන්.....

___________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

අද නම් චුට්ටයි හොඳේ😔

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි 💐❤️

✍️ යූචි

Continue Reading

You'll Also Like

4.6K 709 16
" උබ කියන්නෙ පාර කොනක තියෙන මඩ පාරක් වැදිච්ච මලක වුනත් ලස්සනක් හොයන් ලියන්න පුලුවන් කෙනෙක්.. ලිලැක් පාටට හුරු අහසක කෝපි පාට කුඩයක් ඉහලන් ලැවැන්ඩර් මල...
87.1K 8.7K 52
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...
26.6K 3.4K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
1.7K 146 15
ආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නො...