šŸ‘‘ šŸŒ·ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·ŠšŸŒ·šŸ‘‘ C...

By ChenQing4

42.9K 6.1K 3.7K

šŸŖ‚šŸŒ·šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦° FF/Non FF šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦°šŸŒ·šŸŖ‚ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..ą¶šą¶³ą·”ą·…ą·” ą¶‡ą¶ŗą·’ ą¶øą·™ą¶­ą¶»ą¶øą·Š.... ą¶…ą¶±ą·”ą¶±ą·Šą·ƒą¶­ą·” ą¶‹ą¶ŗą¶±ą¶š ą¶“ą·’ą¶“ą·“ ą¶”ą¶¶... More

šŸ‘‘ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..šŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 1 šŸŒŗšŸ‘‘
šŸŖ‚šŸŖ‚ Air balloon introduction šŸŖ‚šŸŖ‚
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 2 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 3 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 4 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 5 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 6 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 7 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 8 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 9 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 10 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 11 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 12 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 13 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 14 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 15 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 16 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 17 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 18 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 19 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 20 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 21 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 22 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 23 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 24 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 25 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 26 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 27 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 28 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 29 šŸ”ž šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 30 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 31 Bonus šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 32 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 33 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 34 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 35 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 36 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 37 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 38 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 39 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 40 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 42 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 43 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 44 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 45 ~ End ~ šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·...ą¶šą·’ą¶»ą·”ą·… spec 1 - 1 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·.. ą¶…ą·€ą·ƒą·ą¶±ą¶ŗ šŸŒŗšŸ‘‘

šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 41 šŸŒŗšŸ‘‘

863 127 54
By ChenQing4

~~~ Flash Back~~~

"බොරු ඔයා කියන්නේ බොරු...ඕ..ඔයා මට ආදරෙයි මහත්තයා...ඕ..ඔයාට බෑ මාව දාලා යන්න..."

"ආදරේ කරා...ඉස්සර..දැන් නෑ...ඒ නිසා යන්න පුළුවන්.."

ඒක එක්තරා අවසානයක්...සමහරවිට නැවතුමක්...මොකක් උණත්..රෝද පුටුවේ ඉඳගෙන තමන්ගෙ ඔඩොක්කුව උඩ තියෙන ෆයිල් එක දිහා බලන්  පෑන අතින් මිරික ගත්ත අහිංසා ඇස් වලින් වැටෙන්න හදන කඳුලු තව මොහොතකට අල්ලන් හිටියා...මොකද කඳුලකට ඉඩ දෙන්න තරම්වත්...තාමත් එයාට මේ හිටිගමන් ඇහෙන දකින දේවල් විස්වාස කරන්න බැරි උණා..

"පිස්සු...ඔයා පිස්සු කියවනවා..හේතු..හේතුවක් නෑ ඔයා..ට..මාව දාලා යන්න.."

"ඔව් පිස්සු වෙන්න ඇති.. ඒකනේ ජීවිතේ හොඳම කාලෙ අවුරුදු ගාණක් රෝද පුටුවක ඉන්න..ඔයා නිසා බලන් හිටියෙ..ඒත් දන් ඇති..ඒක තමා හේතුව.."

"ම..හත්..තයා.."

ආදරේ ජීවිතේ කරන් උන්න හිතකට...ඒ වචන කොහොමත් දරාගන්න එක ලේසි උණේ නෑ..ලෝක සිතියමේ කොන් දෙකක උන්න දෙන්නෙක්...අහසට පොලව වගේ වෙනස් විදිහට ලෝකෙ දිහා බලපු දෙන්නෙක්...එකට අත් අල්ලන් එක වහලක් යටට උණේ නිකංම නෙමෙ... අතින් අල්ලගන්න කලින්...ඒ හිත් දෙකයි  එකට බැඳුනේ...ඒකත් නීතියෙන්වත් වගකීමකින්වත් නෙමෙ ආදරෙන්...බලාපොරොත්තු කන්දක් එක්ක අත් අල්ල ගත්තාට...එයාලාව එකතු කරපු දයිවයම් එයාලව විහිළුවට ගත්ත නිසාදෝ..පටන් ගත්ත ජීවිතේ එයාලට ලේසි උණේ නෑ. සීමාවෙන් එහා ගිහිං එයාලට දරාගන්න උණා..විරහව අත් විදින්න උණා...අහිමි වීම් වලට මූණ දෙන්න උණා...තමන්ගේ දරු පැටව් වෙනුවෙන් දෙපයත් දන් දීලා ඒ කිරි හිනා දැකලා සැනසෙන්න හැදුවත්... අන්තිමේ ඒ කිරි හිනාත් තමන්ට නැති වෙන්න යන බව දැනෙද්දී...පමන ඉක්මවා ගිහින් දරාගන්න බැරි තැන අහිංසා කඩන් වැටුණත් සෙවරින් හෙවණැල්ල වගේ අහිංසගේ ළඟින් හිටියා...අහිංසාගෙ හයිය උණා...දයිවය කුරිරු විදිහට උදුරා ගත්ත දේවල් වලට යන්න දීලා අහිංසා දෙපයින් බැරි උණත්...සෙවරින්ගේ හයියෙන්...දරුවො දෙන්නෙක් වෙනුවෙන් තිබුණ ආදරේ එක්තැන් උණ ලෙවින් වෙනුවෙන්...හදවතින් නැගිට්ටා...දරාගන්න බැරි අහිමි වීම් අමාරුවෙන් උණත් දරාගෙන ආපහු හිනා උණා...ඒත් එකපාර...අවුරුදු ගාණකට පස්සෙ ආපහු ලංකාවට ආපු ගමන අහිංසාගේ ජීවිතේ ආපහු කණපිට ගැහුවා..මේ තරම් කල් ආබාධිත අහිංසාගෙන් අඩු පාඩුවක් නොදැනුණ සෙවරින් ඒ අඩු පාඩු ගැන කතා කරන්න ගත්තා විතරක් නෙමෙ ඩිවෝස් පේපස් ගෙනත් අහිංසාගේ අතින් තිව්වා..

"මට දරුවා එපා..ඔයා එයාව බලාගන්න..මං වියදම් දාන්නම්..ප්‍රස්න ඕනා නෑ..මං කැමැති හිත නරක් කරගන්නෙ නැතිව මේක ඉවර කරන්න.."

"බෑ...මට බෑ...මං මං ඔයාට යන්න දෙන්නේ නෑ...මේ..මේ ඔක්කොම බොරු...ඔයාට කවදාවත් මට නැගිටින්න බැරි එක ප්‍රස්නයක් උණේ නෑ....අනික...අනික ඔයා දන්නවා එහෙම උණ හේතුව...."

"කිසිදේක බොරුවක් නෑ අහිංසා...මං එලිනාට ආදරෙයි..."

අවුරුදු ගාණකට කලින් ලංකාවෙන් ගියාට පස්සෙ මඟ ඇරුණු යාළුකම් තිබුණාටත් වඩා අළුත් වෙද්දී රයින්හාඩ් පවුලේ එකම දරුවා උණ ලෙවින් එලිනාගෙ පොඩි කෙල්ලත් එක්ක එක කුසේ උපන් සහෝදරයො වගේ ලං වෙද්දී..දයිවයේ සරදමට සිටු මැදුරෙන් අනුන්ගේ ඉඩමක හදපු මැටි පැළකටම වැටිලා..දරුවෙක් එක්ක තනිවෙලා උන්න එලිනාගෙයි පොඩි කෙල්ලගෙයි අනාගතේ හදන්න අහිංසා එයාට කරන්න පුළුවන් හැමදේම කරා..පහුගිය කාලෙ එලිනාව මඟ ඇරුණ නිසා උණ අතපසුවීම් හදාගන්න උත්සාහ කරා..

එලිනා උපතින් දුප්පත් කෙනෙක් නෙමෙ..අහිංසා වගේම පරම්පාරාගත සල්ලි කාරයෝ..ඒත් එලිනාගෙ පියපාර්ශවේ සූදු කෙලින්න ගිහිං සේසතම නැති කරගෙන ණය කාරයන්ගෙන් පැනලා යන්න බැරි කමට ජීවිතෙන් පැනලා යද්දි තනි උණ අම්මටයි එලිනාටයි පිහිටට හිටියෙ එයාගෙ පවුලේ මිතුරෝ උණ අහිංසාගේ පවුලේ අය..එයාලා එලිනාගෙ අම්මට රස්සාවකුත් දීලා එලිනාව කොච්චර බලා ගත්තා උණත්..අහිංසා කොච්චර හොඳ යාලුවෙක් උණත් එලිනට හැමදාම ඒ දේවල් මදි උණා..උපන් සල්ලිකාරකම් වලින් ඔලුවට ගහපු ලොකු කම් එක්ක එයාට හැමදාම ඕනා උනේ එක වෙන්න..ඒත් ඒක දැනගෙන හිටියෙ එලිනම විතරක් වෙද්දී එලිනා නිසා තමන්ගෙ ජීවිතේට වෙන බලපෑම...එලිනා දිය යටින් ගින්දර ගෙනියපු හැටි එදා වගේම අදත් අහිංසා දැනගෙන හිටියෙ නෑ..

ඉතිං අහක හිටපු නයි රෙද්ද අස්සෙ දාගත්ත අහිංසා ඒ නයා තමන්ව කෑවා කියන එකවත් විස්වාස කරේ නෑ..එලිනා සෙවරින්ට විශේසයෙන් සැලකිල්ලක් දක්වනවා කියන්න තේරුණත් සෙවරින්ව විස්වාස නිසා අහිංසා ගණන් ගත්තෙ නෑ...පස්සෙ සෙවරින්ට එලිනා එක්ක රහසින් කතා කරන්නත් දේවල් තියෙන බව තේරුණත්...ඒත් අහිංසා ගණන් ගත්තෙ නෑ...අන්තිමේ ඒ රහස් කතා දුර දිග ගිහිං අන්තිමට  ඩිවෝස් පේපස් අත උඩට ඇවිල්ලත්...අහිංසාට මේ දේවල් තාම විස්වාස කරන්න බැරි උණා..

"නෑ ඔයා ආදරේ මට.."

"මං කිව්වා ඒ ඉස්සර.."

"නෑ අදටත් ආදරෙයි...ඔයා මේ දැනුත් ආදරෙයි මට..ඒ..එහෙම නැති නම් මං දිහා බලන් කියන්න..මගේ ඇස් දිහා බලන් කියන්න මට ආදරේ නෑ කියලා.."

ඩිවෝස් පේපස් තමන්ගෙ අතින් තියලා අඩි ගාණක් ඈතට ගිහිං තමන්ට පිටුපාල හිට ගත්තා ගත්තාමයි ආපහු බැල්මක්වත් නොදී බලන් ඉන්න තමන්ගෙ සැමියා දිහා බලන් අහිංසා කෑ ගැහුවා..

"කෙහෙල්මල් ආදරේකින් වැඩක් නෑ අහිංසා...මට හීන තියෙනවා..ලංකාවේ සෙට්ල් වෙන එක මගේ ලොකුම හීනෙ..ඒ වෙනුවෙන් මට හයියක් ඕනා..මට විස්වාසයි ඔයාට බැරි උණ දේ එලිනා කරයි.."

"ම්ම්..මට ඒක කරන්න පුළුවන්කම තිබුණා සෙවා..ඕ ඔයාටයි..එහෙ හැමදේම අත ඇරලා මාව මෙහෙ අරන් එන්න ඕනා උණේ..ඕ..ඔයා කිව්වේ ඔයා ඒ හීනෙ දකින එක නතර කරා කියලා..ම..මං වෙනුවෙන්...ඒත් ..ද්.. දැන් ඇයි මේ.."

අහිංසා පුදුම උණා...සෙවරින් දෙන මේ අහේතුක හේතු විස්වාස කරන්න බැරි තරම් උණා..මූණ දෙන්න උණ නරක තත්ව එක්ක ලංකාවේ හැමදේම අත ඇරලා එන්න තමන්ව පොලඹවපු කෙනාම මෙහෙම කියද්දි...තමන්ව අතරමං කරන්න හදද්දී අහිංසාට දරාගන්න බැරි උණා...

"මං හිතුවෙ ඔයා නිසා ඒ හීනෙ අත අරින්න පුළුවන් වෙයි කියලා..ඒත් මේ පාර ලංකාවට ගියාම එලිනා මුණ ගැහුණාම මට දැනුණා..ඒ හීන තාම මගේ හිතේ තියෙනවා.."

"ඕ..ඔයාට ඔයාගෙ ආදරේට වඩා හීන වටිනවාද දෙවියනේ..ම්ම්..මේ..මේ මං ඉස්සරහා කතා කරන්නේ.. මං හිත පිරෙන්න ආදරේ පුරවපු..මං දන්න ඔයා නෙමේ මහත්තයා..."

"මිනිස්සු වෙනස් වෙනවා අහිංසා...ආදරේ...ඒක..ඒක මහ බෝ.. බොරුවක් විතරයි...ඔයාට...නිකන්ම අත්සනක්..ග..හන්න ති..යෙන්නේ..ඒ..ක ගහලා දෙන්න.."

සෙවරින්ගේ කටහඬ බිදිලා යනවා වගේ අහිංසාට දැනෙද්දී..මේ තරම් දේවල් ඇහිලත් අමාරුවෙන් අල්ලන් උන්න කඳුලක් ඇස් වලින් මිදිලා ඇවිත් සෙවරින්ට රහසේම ඔඩොක්කුවේ තිබුණ ඩිවොස් පේපස් උඩට වැටෙද්දි ඇස් පියන් හොඳ හුස්මක් ගත්ත අහිංසා හිතට දහිරිය ගත්තා...

"හ්ම්..එහෙමද...හරි මං හැමදාම වගේ ඔයා කියන දේවල් විස්වාස කරන්නම්...ආ මේක ගන්න.."

"ඒත් තව ටි..."

අනික් තප්පරේ රෝද පුටුවත් තල්ලු කරන් ගිය අහිංසා අතේ තිබුණ ෆයිල් එක සෙවරීන්ට දික් කරද්දි ඕනා උණේ මේකම උණත් අහිංසාගේ ඉක්මන දරාගන්න බැරිව සෙවරින් ගැස්සුණා...වෙවුලන අත් වලින් ෆයිල් එක අතට ගන්න ගමන් මේ ඇත්තමද අහන්න වගේ අහිංසාගේ ඇස් අල්ල ගන්න උත්සාහ කරත් මේ වතාවේ අහිංසා ඒ ඇස් මඟ ඇරියා...

"තව කල්පනා කරා කියලා වෙන තේරිමක් ඔයා මට ඉතුරු කරලා නෑනෙ මහත්තයා..ඔයාගෙ සතුට මේකනම්....මට කමක් නෑ...මන්.ම්න් යන්න දෙන්නම්....අනික ඒක නිකන්ම  නිකං අත්සනක් විතරනේ.."

"ඒ..ත්..."

"මං දන්නවා...ඔයාට හේතු ඇති..අමතක කරන්නේ නෑ...ඔයා ඔයාගෙ පණටත් වඩා මට ආදරේ කරපු බව...බලන් ඉන්නම්...
ඉක්මනින් ආපහු එන්න..."

ආපහු බැල්මක්වත් නොදීපු අහිංසා එතනින් යන්න යද්දී අමාරුවෙන් අත්සන ගත්ත කොලේ තිබුණ ෆයිල් එක සෙවරින්ගෙ අතට මිරිකෙද්දි වෙද්දී අහිංසා නොදැකපු කඳුලක් ඒ ඇස් අග්ගිස්සේ ඉතිරි වෙලා තිබුණා....

"යන්න එපා..!!"

.......

"ඕ..ඔයා බොරු කියන්නේ..ඔයා මගේ මමාට යි ආදරේ...ඔයාට යන්න බෑ මෙහෙම.."

අහිංසා කාමරේට ගිහිං දොර වහගද්දී ඒ දෙන්නා නොදැනම රහසේ මේ දේවල් ඔක්කොම අහගෙන බලාගෙන උන්න පුංචි ප්‍රේක්ශකයා සෙවරින් ළඟට කිට්ටු වෙලා ඒ නිල් ඇස් වල කදුළු පුරවන් සෙවරින්ගේ අතේ එල්ලුනා...

"..එයාව බලාගන්න.."

"ම්ම්..මට බෑ...මට බෑ....!! ඔයාට මෙහෙම යන්න බෑ පපා...!!"

......

ලෙවින් පොඩි කමට අඩි හප්ප හප්ප කෑ ගහද්දී සෙවරින් බිමට පහත්වෙලා පුංචි එකාව අත් දෙකෙන්ම තුරුළු කර ගත්තා..

"ඔයා ඇත්තටම එයාට ආදරේද..ඒ ආන්ටිට..."

.......

"කියන්න පපා...!! ඔයා අපිටත් වඩා එයාට ආදරේද...ඒක..කොහොමද...ඒකත් මමාට කරා වගේ ආදරයක්ද...දවසක තිබුණෙ නෑ වගේ නැතිවෙන...!!"

ඒ නිල් ඇස් වලින් කඳුලක් වැටුණත් ඒ කටහඩේ තාමත් බලාපොරොත්තුවක් රැදිලා තිබුණා..

"මගේ මමාට ආදරේ නැති නිසා නම් දාලා යන්නේ...ඒ ආන්ටිටත් දවසක ආදරේ නැති උනොත්...ඔයා ආපිට මමා ගාවට එනවාද පපා.."

"මට ටිකක් කල් දෙන්න..පපා මේ ඔක්කොම ඉක්මනින් හරි ගස්සන්නම් හොඳද.."

"ඒ කියන්නේ ඔයා ආපහු එනවා නේද..මමාට වගේම..ඔයා ඒ ආන්ටිටත් ආදරේ නැති වෙනවා නේද..එහෙනම් ඇයි යන්නේ...ආදරේ නැති උනාට ඔයාට මමා ළඟම ඉන්න පුලුවන්නේ.. මට..තේරෙන්නෙ නෑ... ආදරේ කියන්නේ නැති වෙන දෙයක් නම්....ඇයි ඔයාලා ආදරේ කරන්නේ..ඇයි තේරුමක් නැති දෙයක් නිසා වෙන් වෙලා රිද්ද ගන්නෙ..කරන ගානේ නැති වෙනවා නම්..කොහොමද ආදරේ කියලා දෙයක් තියෙන්නේ.."

පොඩි එකා පොඩි කමට අහපු වචන වලට සෙවරින්ගේ පපුව හිර උණා..දෙන්න උත්තරවත් කියන්න දෙයක්වත් හිතා ගන්න බැරි උණා..ඒත් හුස්ම හිරවෙන තරමට පුංචි එකා තමන්ගෙ පපාගේ ලොකු අත් දෙක අස්සෙ හිර උණා..

"පපාව විස්වාසයි නේද..මගේ ප්‍රින්ස්ට.."

"..ඔව්..ඒත් මමා....කමක් නෑ...ප්‍රින්ස් පපාව විස්වාස කරන්නම්..ඉක්..මනින්...ඉක්මනින් හැමදේම හරිගස්සනවා නේද.."

"හ්ම්..ඉක්මනින්..පපා පොරොන්දු වෙනවා .."

"ඇයි ඔයා මමාට පොරොන්දු වෙන්නේ නැත්තේ.."

.......

දෙන්න උත්තරයක් ආයිමත් සෙවරින් දැනගෙන හිටියෙ නැති වෙද්දී මහ බරට සුසුමක් හෙළන ගමන් පොඩි එකාගේ මූණ පුරාම හාදු තියලා තව වතාවකට තද කරලා බදාගෙන යන්නම් නොකියාම යන දිහා පුංචි එකා ඔහේ බලන් හිටියා...

"ඔයා ඇයි එයාට යන්න දුන්නේ.."

පොඩි එකා ගෙයින් එලියටත් බැහැලා.. එයාගෙ පපා නොපෙනී ගිය පාර දිහා බලන් ඉද්දී පිටිපස්සෙන් ආපු අත් දෙකක් එයාව ඇදලා ගත්තා වෙද්දී පුංචි එකා රෝද පුටුවට වාරු උණ ඒ දැනීමක් නැති කකුල් වලට බරදිලා ඒ පුරුදු උණුහුමේ ගුලි වෙන ගමන් ප්‍රස්න කරා...

"මමාට බලාපොරොත්තු තියෙනවා පුතේ...ඉතිං පපා ආපහු එනකං..මමාට බලන් ඉන්න පුළුවන්..."

"එයා..ඉක්මනින් ආපහු එන්නම් කිව්වා.."

"හ්ම්ම්..මමා දන්නව..මමාට පපාව විස්වාසයි.."

ඒ වචන ඇහෙද්දී පොඩි එකාගේ මැලවෙලා තිබුණ නිල් ඇස් දිලිසෙද්දී ඉක්මනින් ඔලුව උස්සලා තමන්ගෙ මමාගේ මූණ ඒ පුංචි අත් වලින් අල්ල ගත්තා..මමාට පුළුවන් නම් මටත් පුළුවන්..විදිහ කොහොමද නොදන්නවා උණත්..ඒ පුංචි හිත කෑ ගැහුවා...

"..අඬන්න එපා..මං මමාව බලා ගන්නවනෙ..
එයා ආවෙ නැති උණොත්... ලොකු උනාම...මං ඔයාට එයාව ගෙනත් දෙන්නම්..."

පුංචි කමට ඒ නිල් ඇස් වල තිබුණ අධිෂ්ඨානේ දැකපු අහිංසා පොඩ්ඩක් ගැස්සුණත් අත් දෙකෙන්ම පොඩි එකාව ආපහු පපුවට තුරුළු කර ගත්තා...

"පුළුවන්ද ම්ම්...මගේ චූටියාට පුළුවන්ද....මේ වයසටත් වඩා පුංචියට පේන මගෙ ලෙවින්ට පුළුවන්ද..මමාට පපාව ගෙනත් දෙන්න..."

"දැන් බෑ...ඒත් ලොකු උනාම ගෙනත් දෙන්නම්.."

~~~ Flash Back End ~~
.

.

.

"සර් පොඩි මිස්ව කසාද බැන්දා කියලා කවුද කිව්වෙ දරුවො..!! "

"......සර් කාවවත් කසාද බැන්ඳේ නෑ දරුවෝ.."

"එදා  ඒ ඔක්කොම...මවා පෑමක් විතරයි.."

"ස්..සර්....පොඩි සර්...ඒ..ඒ කෙල්ලගෙ...මගෙ මල්ලිගේ...කෙල්ලගේ....එක කුස උපන් සහෝදරයා යකෝ......!!!! කොහොමද සන්සුන් වෙන්නේ මං...!!!!"

"ප්‍රියානි , මගේ මල්ලිගේ නෝනා..අහිංසා මැඩම්.. අර එලිනා ගෑනි එක ගමේ යාළුවෝ දරුවෝ.. මගේ මල්ලි නලින් ප්‍රියානි ගැන අදහසක් තියන් හිටියෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන්.. ප්‍රියානි කැමැත්තක් තිබුණෙ නෑ ඒ උනාට...පස්සෙ ඔය සෙවරින් සර් ක්ලවුස් කාරයා එහෙම ගමට ආවාම ඔය අහිංසා මැඩම්ලගෙ පවුලේ කෙනෙක්ගෙ දැන  ඇදිනුම් කමට අහිංසා මැඩම්ලා තමා මෙහෙ වැඩ පටන් ගන්න ලොකු සර්ලාට උදව් කරේ..කොහොමින් හරි දෙන්නා ආදරේ කරලා අහිංසා මැඩම් ලොකු සර්ව බැන්දා.. මහ ගෙදරම පදිංචි උණේ..ගොඩක් ආදරෙන් හිටියෙ...පස්සෙ දරුවෝ හම්බවෙන්න ආවෙ..එතන නිමුන්නු හම්බවෙන්න ඉද්දී පඩිපෙළ පල්ලෙ වැටුණේ..මුලින් එක දරුවෙක්..පස්සෙ අනික් කෙනා..දෙවැනි දරුවා නැති වෙද්දී මැඩම්ට සිහිය නෑ...දොස්තරලා කිව්වේ ආපහු දරුවෝ හදන්නත් බෑ කියලා..සිහිය එද්දී මේ ඔක්කොම අහලා දරාගන්න බැරිවෙලා ජීවිතේට අවධානමක් වෙයි කිව්ව නිසා ලොකු සර් මැඩම්ට සිහිය එන්න කලින් දරුවෙක් හෙව්වා..මැඩම් අවුරුද්දකට කිට්ටුව සිහිය නැතිව..ඔය අතරෙ තමා ප්‍රියානිට ක්ලවුස් කාරයාගෙන් දරුවෙක් ලැබෙන්න කියලා ලොකු සර්ට ආරංචි උණේ..ලොකු සර් ලංකාවට ඇවිත් ප්‍රියානිගෙන් දරුවා ඉල්ල ගත්තා...අපෙ මල්ලිත් කැමැති උණා ප්‍රියානිව බාර ගන්න..ලොකුසර් දරුවාත් අරන් ආපහු ජර්මනි ගියේ ප්‍රියානිව නලින්ට බන්දලා දීලා ගෙයක් එහෙමත් හදලා දීලා..ඔය කතාව දැනගෙන හිටියෙ මායි මල්ලියි ප්‍රියානියි ලොකු සරුයි විතරයි..පස්සෙ අර ගෑනි මොන විදිහෙන් හරි ඒ ගැන හොයාගෙන තමා ඔක්කොම අවුල් කරේ.. කොහොමහරි මල්ලි ප්‍රියානි එක්ක ගොඩක් සතුටින් හිටියා..සිහලි මගේ මල්ලිගෙන් ප්‍රියානිට ලැබුණ දරුවා..එතකොට ලොකු සර් අරන් ඇවිත් තමන්ගෙ වගේ උස්මහත් කරපු කලවුුස් කාරයාගෙන් ප්‍රියානිට ලැබුණ දරුවා ලවන්.. ඒ නැත්තං ලෙවින්..අපෙ පොඩි සර්..සිහළියි පොඩි සරුයි තාත්තලා දෙන්නෙක්ගෙ උණත්...එක කුස උපන් සහෝදරයෝ දරුවෝ..ලොකු සර්ට දුවෙක් උන්නොත් දාන්න උන්න නම ලොකු සර්මයි ලෙවින් සර්ගේ එක කුස උපන් නංගිට දුන්නේ..ඒ..එහෙම බැලුවොත් ලෙවින් සර් කියන්නේ අර උඹ ලෙවින් සර්ගේ කියලා හිතන් උස්මහත් කරන පොඩි එකිගේ මාමා...ඒත් ඉරහඳ වගේ විස්වාසයි...ඒ පොඩි එකි අපෙ සර්ගේ න්.."

"ඇති...!!! කෙල්ල මගෙ එච්චරයි.."

ඉතිං කොහොමද මේ දේවල් විස්වාස කරන්නේ...දයිවය අපෙ ජීවිත එක්ක මහ කැත සෙල්ලමක් කරලද...ඒ දෙන්නා සහෝදරයො නම්...ඒ දරුවා...නෑ මට ඒ ගැන හිතන්නවත් ඕනා උණේ නෑ...එහෙම තිරිසන් ගණේ දෙයක් වැරැදීමකින්වත් වෙන්න විදිහක් නෑ...සිහලිගේ බඩේ උන්න දරුවා, මං ආදරේ කරපු මනුස්සයාගෙනම් වෙන්න එපා කියලා එදාවත් ප්‍රාර්ථනා නොකරපු මං...වැරැදීමකින් උණත් සිද්ද වෙලා තිබුණ දේ උපේක්ෂාවෙන් බාර ගත්ත මං...අද සිතුවිල්ලක් ගානේම ඒ දරුවා ලෙවින් සර්ගේ වෙන්න එපාා කියලා ප්‍රාර්තනා කරා.... සර්ගෙ කියලා හිතන්...ඒ නම දිලා හුස්ම ටික වගේ පරිස්සම් කරපු කෙල්ල...සර්ගේ වෙන්න එපා කියලා හිතන එකම පපුව පිස්සු වැට්ටුවත් පොඩි එකිගේ අම්මා ගැන සකයක් නොවෙද්දී මට එහෙම ප්‍රාර්ථනා කරන්න උණා...

මට ඕනා උණේ මේ තරම් කල් කතා කරන්න ඉඩක් නොදුන්න දේවල් ගැන සර් එක්කම කතා කරලා...මඑ අවුල් විසඳ ගන්න.... ආරි මාමා එලිනා ගැන දීපු ආරංචියත් මට හයියක් වෙද්දී මං ඒ පිම්මේම ආරි මාමාව පොඩි එකියි  රාණියි එක්ක අක්කලගෙ ගෙදර යවලා මං හවස්වෙද්දි නුවර එළියෙන් ගාල්ලේ එන්න බස් එකට නැන්ඟා....ගමට එද්දීත් රෑ 9ත් පහුවෙලා තියෙද්දී මං අවුරුදු 3කට පස්සෙ බංගලාවේ ගේට් එක ළඟ නතර උණා...

"අවසර නතුව යන්න දෙන්න බෑ... ඔය මහත්තයා කවුද ඒකත් මේ රෑ...!!"

"ල්..ලෙවින් සර් කෝ...!!"

"අරහේ..වෙළේ..."

බංගලාවේ අලුත් ගාඩ් මට යන්න නොදී ගේට් එක වහද්දී ලැබුණ උත්තරේ එක්ක එයා උන්න තැන හිතා ගන්න පුළුවන් වෙද්දී මං නියරෙන්ම පැනලා අපෙ ගෙවල් දිහාට දිව්වා..
අන්ධකාරේ...වැහි වලාවකට හඳ මුවා වෙලා යද්දි මගෙ වටේටම තිබුණෙ අන්ධකාරේ විතරයි...ඒත් මගෙ හිතවත් කකුල් දෙකවත් මඟ නතර උණේ නෑ...පැය කීපෙකට කලින් ඇහුණ දේවල් හිත අස්සෙ කෑ ගහද්දීම...
ආත්මෙන්ම එන හුරුපුරුදු කම මට පාර කියද්දී ගලක මුලකවත් නොහැප්පී මන් නියර දිගේ කළුවරේම ඉස්සරහට ගියා...

කිරුළ නුඹ මගෙ නම්..
කඳුළු ඇයි මෙතරම්...
රත් කොපුල් මත හාදු තවරා ආදරෙන්...
ඔබට සමු දෙන්නම්...ඔබෙන් සමුගන්නම්...

ඈත තියාම ඇහුණ සිංදුවක පද පේලි වලට පපුව හිරවෙද්දී මටත් හොරෙන් මොහොතකට බාල උණ පය ආපහු ඉක්මන් වෙද්දී එක වතාවක් ප්ලේ වෙලා නැවතුණ සිංදුව ආපහු රිපීට් වෙන්න ගද්දී මං මගෙ ගමනාන්තෙට ඇවිත් තිබුණා...

සුසුම් ගංඟා සොරොව් සිඳ දා
ආදරේ දියබත් කරා
සවන් සනසා වදන් වැපිරුණු
දෙකන්නේම අද ගොළු වෙලා

ඒ වචන......අපිටම ලිව්වා වගේ වෙද්දී..පපුව හිරවෙනවා වගේ දැනෙද්දී එක මොහොතකට නැවතුණ හැටියේ පපුවට අතකුත් තියන් මං හුස්මක් ගත්තා...ඇති.. මේ හොඳටම ඇති...දෙපැත්තක ගොළු වෙලා හිටියා මේ හොඳටම ඇති මහත්තයෝ......

මතක මංපෙත් කරා
සිතෙහි ඇඳි රූ සේනා
ඔබයි මියුලැසියේ
සොඳුරු රුසිරු ලඳුනේ

අනුන්සතු උයනක පිපී ඔබ
මසිත සුවඳින් මත් කලා
ලෝකයේ රුදු නෙත් වසා අපි
පිහිනුවෙමි උඩුගම් බලා

කඳුළු දොරකඩ තියා
සතුට ගැන දුන් සේයා...
ඔබයි මියුලැසියේ
රුසිරු ලඳුණේ

"කි..රුලූ...!!!"

කිරුළ නුඹ මගෙ නම්..
කඳුළු ඇයි මෙතරම්...

අනිත් තප්පරේ මං උන්නේ අට්ටාලේ උඩ..වෙන කොහෙවත් නෙමෙ... ගමේ අපෙ ගේ ඉස්සරහා වෙල් යාය මැද්දෙන් ගිය පාර අයිනක තිබුණ අපෙ මතක පුරවපු අට්ටලේ උඩ...අවුරුදු ගාණකට පස්සෙ...මං එයා ළඟ වැතිරිලා ඒ පපුවේ මූණ හංගා ගද්දී , කකුල් දෙකත් පහලට එල්ලගෙන වැලමිටෙන් නමපු අත උඩ ඔළුව තියන් අනික් අත නමලා ඇස් දෙක උඩින් තද කරන්, පපුව උඩ තිබුණ ෆොන් එකේ ටිකක් සද්දෙට ප්ලේ උණ සිංදුවට කන් දිගෙන උන්නේ ලොකු කල්පනාවක නිසාදෝ..මං ළඟටම ඇවිත් වැතිරෙණකන්වත් එයා නොදැන ඉද්දී..මගේ පැමිණිමත් එක්ක මොහොතකට කලබල උණා...ඒත් අනික් තප්පරේ එයා ඒ කළුවරේ උණත් ස්පර්ශෙන්ම මාව ඇදිනුව බව තේරෙද්දි එයා එකපාර කලබල වෙලා මාව තුරුලට අදගෙන ඇහෙන නෑහෙන ගාණට...ඒත් පපුවටම දැනෙන හඬකින් මගෙ නම මුමුණද්දී...මට දැනුණේ සිංදුවේ වචන එයාම මගෙන් අහනවා වගේ...

"ඒ සිංදුව..."

"ලියා හොයලා දුන්නේ..."

එයා කියද්දි මට මහ බරට සුසුමක් පිට උණා...

"කිරුළ නුඹ මගෙ නම්..
කඳුළු ඇයි මෙතරම්..."

එයා අනික් මොහොතේ ඇත්තටම මගේ කණ ළඟ මුමුණද්ද්දී මගේ පපුව හිරවෙලා යද්දී මමත් එයාව අත් දෙකෙන්ම බදා ගත්තා...

"සුසුම් ගංඟා සොරොව් සිඳ දා
ආදරේ දියබත් කරා
සවන් සනසා වදන් වැපිරුණු
දෙකන්නේම අද ගොළු වෙලා.."

........

"කිරුළු...කිය..න්න ඇ..යි..."

"ස්ස්...මෙහෙම ඉන්න දෙන්න මට..ටිකක්.."

ප්ලේ වෙවී තිබූන සිංදුව නතර කරපු එයා මගෙ කණ ළඟ මුමුණද්දී...ඒ සිංදුවේ පුරවපු හැඟීම් දරා ගන්න බැරි නිසාම මන් එයාව නතර කරා...උදේ ඉඳන් නිදහසක් නොවුණ හිතටත්..පැය ගාණක් බස් වල ඇවිත් තෙහෙට්ටුවක් දැනුණ ගතටත් මොහොතක සහනයක් බලාපොරොත්තුවෙන් මං ඒ උණුහුමේ එක මොහොතකට ඇස් පියා ගද්දී තවත් මොකුත් නොකියාම නිහඬ උණ එයාගෙ මූණ මගෙ නලල ළඟින් තද වෙද්දි ඒ ඇගිලි තුඩු මගෙ කෙස් ගස් අස්සෙන් දැනෙන නොදැනෙන ගාණට එහා මෙහා ගියා...

"...සර්.."

.........

"අනේ  එපා...කො මහ..ත්.තයෝ.."

"අ.. නේ..බ..බා..."

ඕනා උණේ පුංචි විවේකයක් උණත් ඒ උණුහුම මාව සංවේදී කරලා...මේ පපුවේ උණුහුමේම නිදහස් වෙන්න බලන් උන්න කදුළු වැල් අවසර නැතිවම එළියට පනිද්දී මං ඒ බවක් එයාට නොදැනෙන්න තව ටිකක් ඒ පපුවට මූණ තද කර ගද්දී...දැනෙන නොදැනෙන ගාණට දැනෙන්න ගත්ත එයා පාලනේ කරගත්ත උරහිස්වල ගැස්ම එක්ක මූණට දැනුණ සීතල මගෙ පපුව හිර කරද්දි...එයාට අඬන්න එපා කියලා මිමිනුවත් මගෙ කටහඬ බිදිලා ගිහිං හංගන්න හදපු කඳුලු වල පාලනේ මටත් නැති වෙලා යද්දී එයා මාව තව හයියෙන් තුරුළු කරගෙන  මගෙ උරහිසේ මූණ හංගා ගෙන....අවුරුදු ගාණක් තනි උණ කඳුළු වලට එකට මුහු වෙන්න දිලා මාත් එක්කම අඩා වැටුණා....

"ස්..සො.. රි...ස්.සර්..අනේ..සමා..වෙන්න මට...හිත රිද්දුවට...සමා වෙන්න....ප්..පහුගිය දවස් වෙනුවෙන්...ඔයාව...යවාගන්න හැදුවාට සමාවෙන්න...සර්..."

"ස්ස්..සමාව ඉල්ලන්න එපා...මගෙ කිරුළු දැන් ආවනේ ම්ම්.."

......

එයා නොකියාම ආවෙ මං හිත රිද්දපු නිසා කියලා හිතෙද්දි මං මුලින් ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා...

"මං...මං..හීනෙන්වත් හිතුවෙ නෑ..ම..මට තාම හිතා ගන්න බෑ කිරුළු...තාමත් විස්වාස නෑ...මෙතන...මාව හොයන් ආපු ඔයා..ඉන්නවා කියලා...තාමත් විස්වාස නෑ මට.."

.......

"බස් එකේද ආවෙ...මේ රෑ..තනියම ආවෙ ඇයි බබා..මගට ඇවිත් හරි.. පණිවිඩයක් දෙන්න එපැයි...මං එනවානේ...එක්ක එන්න.."

"අහගන්න එපා මගෙන්.ෆෝන් ඕෆ් කරන් ඉද්දී පණිවිඩ එවන්නේ පරවියෙක් අතේද මං...නැත්තං හිතන් ඉන්නෙ mind link එකක් තියෙනවා කියලද මට ආහ්..!!"

"කෝල්..! කෝල් ගත්තද ඔයා..ෆෝන් එක ටිකකට කලින් ඔන් කරේ..සිංදු අහන්න..බලන්න නෑ ඇලර්ට් ආවට..මට..ප.. පහුගිය අවුරුදු..ගාණකින්..ඔයාගෙන් කෝල් එකක් ඇවිත් නෑනෙ මට..මං..හැමදාම..බලන් හිටියා උ..ණත්..."

කදුළු උල්පත් වලටත් මහන්සි වෙලා වගේ කඳුළු නතර වෙලාත් සෑහෙන වෙලාවක් නිහඬව ගෙවෙද්දී...එයා ඒ නිහඩබව බිඳලා දැම්මා වෙද්දී මං එයා ෆෝන් එක ඕෆ් කරන් උන්න තරහට ඒ පපුවට බොරුවට ගහ ගහ නෝක්කාඩු කිකියා කෑ ගහද්දී...එයාගෙ කටහඬ ආපහු වෙවුලනවා වගේ වෙද්දී මගෙ පපුව මැද්දෙන් පිහි තුඩක් අරන් යනවා වගේ දැනෙද්දී මං එයාගෙ ඔළුව අත් දෙකෙන්ම බදා ගද්දී සමාව ඉල්ලලා වැඩක් නැති වේදනාවෙන් මගෙ හිත කෑ ගැහුවා..

"ආවෙ ඇයි කියලා අහන්නේ නැද්ද.."

"ම්හ්..ආයි මොකුත් අහන් නෑ... ඔයා කැමැති නම් කියන්න.."

"සමාවෙන්න..මට...හිතුවක්කාර වෙලා කතා කරන්න නොදුන්නට...හිත රිදෙන දේවල් කියලා කෑ ගැහුවට.."

"දැන් ඒවා අමතක කරන්න බබා...ඒ ඔක්කොම දැන් වෙලා ඉවරනේ...මෙහෙම එකපාර එන්න හේතුව මොකක් උනත් ඔයා ආපු එකයි මට වටින්නේ..මේ දැන්...මගෙ හුස්ම වදින දුරින්...මගෙ තුරුලේ...ඉන්න එකයි මට වටින්නේ..."

මගේ කෙස් ගස් අස්සෙන් ඇඟිලි තුඩු යවපු එයා ආපහු මගෙ හිස් මුදුනින් තොල් තද කරන ගමන් මිමිනුවා වෙද්දී  සුසුම් සද්දක් පවා නෑහෙන නිහඬබවක් සෑහෙන වෙලාවකට පැතිරිලා ගියා...

"සර්.."

"ම්ම්..."

"ඔහොම්ම ඉන්නද හදන්නෙ..

......

ඒ නිහඬ බව දරාගන්නම බැරි තැන මං කතා කරද්දි මගේ ඔළුවෙන් මූණ ගත්ත එයා මගේ ඇස් වලට එබිලා මොනාද කියන්නේ අහන්න වගේ ඇස් උඩ දාද්දි....ඉස්සර මතක වල වගේ....අඳුරට හුරු උණ ඇස් වලට හඳ එළියත් මුහු වෙලා පේන ඒ නිල් ඇස් දිහා මං බලන් උන්නේ පුදුම තරම් ලෝබ කමකින්....

"මගෙන් මොකුත් නොහැව්වට....මං අහපු නැති...ඔයා නොකියපු කතාව දැන්වත් කියන්න ඕනා කියලා හිතෙන්නේ නැද්ද මහත්තයෝ.."

........

"කියන්නේ නැද්ද..ම්ම්..."

"......මං මං හැමදේ.. ම හංගන් ඉඳලා... අවුල් කරාට පස්සෙ...දැන් ඒ දේවල් ගැන කතා කරාට වැඩක් තියෙයිද බබා...ඒ..එහෙම කරන්න අයිතියක් තියෙනවාද මට.."

උත්තරයක් නොදී මං දිහා බලන් උන්න එයා ලොකු සුසුමක් හෙලද්දී...ඒ වචන වලින් දැනුණ....ඒ ඇස් වැල මට පෙනුණ පසු තැවීම දරා ගන්න අමාරු තරම් වෙද්දී...මං එයාවත් අතින් ඇදගෙන කකුල් පහලට එල්ලෙද්දීම අට්ටාලේ උඩ වාඩි උණා...

"අර කළුවර දිහා බලන්නකො.."

"ආහ්.."

"අහන් ඉන්න මාව...ඒ ගමන් හිතන්න..ඔයාගෙ ඇස් ගොඩක් කල් ඉඳන් ගැට ගහලා තිබුණා..ඔයාට මොකුත් පේන්නෙ නෑ කියලා..එහෙම ඉඳලා එකපාරම ඇස් අරිනවා...ඒත් අන්ධකාරෙ පිරුණ තැනක කියලා..එකපාර ඔයාට මොකුත්ම පේන එකක් නෑ...ඒත් කාලය යද්දි...ඇස් වල තිබුණ අපහසුව යද්දි අපිට ඒ අඳුර දිහා ඇස් ඇරලා බලන්න පුළුවන්...ඒත් තියෙන්නේ අන්ධකාරේ විතරක් වෙද්දි අපිට තාමත් මොකුත් පේන්නෙ නෑ...පස්සෙ අන්ධකාරේ ගිලිලා මොහොතක් යද්දි අපෙ ඇස් ටික ටික අඳුරට හුරු වෙනවා...ඒ හුරු වෙද්දී..මොනාද තියෙන්නේ කොහෙටද යන්න ඕනා...මොනාද නොකරන්න ඕනා කියලා අපි දන්නවා..."

........

"නිකං හිතන්න ඔයා උස් මහත් උණේ අර ඇස් බැදලා තියෙනවා වගේ හැඟීමෙන් කියලා...ඔයාට ඇහෙන දැනෙන දේවල් එක්ක ඔයා හැඩ ගැහුනා..ඔයා ඒ දේවල් විස්වාස කරා..ඒ විස්වාසේ එක්ක ඔයාව මෙහෙයවපු පාරෙ යන්න ඔයාට අරමුණු ගොඩ නැඟුණා...පස්සෙ මෙහෙ ආවට පස්සෙ අර ඇස් වල බැදලා තිබුණ පටි ලිහිලා ගියත්...තාමත් ඔයා උන්නේ අන්ධකාරේ...ඒ අන්දකාරෙ නැති නොවුණත්...ඔයාගෙ ඇස් ටිකෙන් ටික ඒ අන්ධකාරේට හුරු වෙද්දී
ඔයාට පේන්න ගත්ත දේවල් ඔයාගෙ දැනීමේ විදිහට නොවෙද්දී ඔයාට ඕනා උණේ නෑ ඒ දේවල් විස්වාස කරන්න...ඒකට අපිට ඔයාට දොස් කියන්න බෑ සර්...පස්සෙ පහුවෙද්දී ඔයා...ඒ ඇස් වලට අලුතින් පෙනුණ දේවල් විස්වාස කරන්න ගත්තා... ඔයාට ඕනා උණා..මේ තරම් කල් උන්න වැරදි වැටහිම් වලින් මිදිලා අලුත් අරමුණු ඇති කරගන්න...අන්ධකාරේට හුරු උණ ඇස් වලින්...එළිය විහිදුන තැනකට යන්න ඔයා පාර හොයන්න වෙහෙසුණා...ඒ එළියට කිට්ටු වෙන්න ඔන්න මෙන්න තියෙද්දී...ඒ මිනිස්සු බලෙනුයි ඔයාගෙ පාර වෙනස් කරේ... ඉතිං මට හිතෙන්නේ එහෙම...ගෙවුණ කාලෙ...කොච්චර අමාරු උණත්...මට ඔයාට වැරැද්දක් කියන්න බෑ සර්...මොකද මම උණත් පාර හෙව්වෙ බලෙන්ම මගේ ඇස් ගැට ගහලා ආලෝකෙන් අන්ධකාරේට අත ඇරපු තත්වෙක...වැරදුණා අපිට...ඒත් ඒ හමදේකටම..ඔයා තනියම වගකීම ගන්න ඕනා නෑ සර්...මමත් වගකීම ගන්නම ඕනා.."

"....කි. කිරුළු...මගෙ.. මගෙ මෙණික..මං...මං හිතුවෙ..කවදාවත්...මට..සමාවක් දෙන එකක් නෑ කියලා බබා....උඹ කසාද බැන්ඳේ මට රිද්දන්න කියලා කියද්දි...විස්වාස නොකරත්...මට සෑහෙන්න රිදුණා බබා....එහෙම කියන්නවත්...හැමදාම තමන්ටම රිද්දගෙන මගෙ සතුට ගැන විතරක් හිතපු මගෙ කොල්ලා....ඒ වගේ හිත හිතම මට රිද්දන තැනට පත් උණේ මං නිසා කියලා හිතෙද්දී....මර දරාගන්න බැරි උණා බබා...මගෙ වැරදි නිසාම...ඉස්සර උන්න කිරුළුව...ආයි මට කවදාවත්  දකින්න බැරි වෙයි කියලා හිතුවෙ...ඒත් උඹ...අදටත් එදා වගෙමයි.....උඹ මටත් වඩා..මාව තේරුම් ගන්නාඅ කිරුළු...ගොඩක් ගොඩක් ස්තුතියි බබා...මාව ඔහොම තේරුම් ගන්නවට..."

...........

"මගෙ මෙනික....මගෙ කිරුළු.....මට...මට පුදුම සැනසීමක් දැනෙනවා බබා..."

තව දුරටත් හැම දෙයක් ගැනම කල්පනා කරද්දි එයාට විතරක් වැරදි ඔක්කොම පටවලා දොස් කියන්න බැරි වෙද්දී..
මං මට දැනුණ විදිහට..මටම දේවල් තේරුම් කරන්න උත්සාහ කරපු විදිහට එයාටත් දේවල් තේරුම් කරන්න උත්සාහ කරා...මගේ ඇස් විටින් විට...එකට පැටලුණ අපෙ අත් ළඟ ත් ඒ නිල් ඇස් ලගත් නතරවෙද්දී
එයා වචනයක්වත් මඟ ඇරෙනවාට බයෙන් වගේ...අඳුරේත් පිණි කැට එල්ලිලා වගේ දිලිසෙන නිල් ඇස් මගේ මූනෙම තියන් අහන් උන්නේ උනන්දුවෙන් වෙද්දී මං කතාව ඉවරවෙලා ආපහු ඇස් උස්සලා බලද්දී තේරුම් ගන්න අමාරු බැල්මකින් බලන් උන්න එයා ඉඳන් උන්න ඉරියව්වෙන්ම මාව ඇදලා අරන් තුරුළු කරන් මගෙ මූණ පුරා හාදු තිය තිය කියවද්දී....අර ඔක්කොම වචන පැත්තකින් තියෙද්දි එයා පාවිච්චි කරපු ආමන්ත්‍රණේ ඇහෙද්දී මගේ පපුවෙ ගැස්මත් එක්ක වැඩි උණා...

"ඔ..ඔයා මැණික කිව්වා..!!"

".....මං මෙච්චර කියවලත්...ඒක විතරද මගෙ මෙණිකට ඇහුණේ ම්ම්..එපාද කියන්න එහෙම..දෝනි කියලා දුන්නේ මට...ඔයා එහෙමළු...කියන්නේ  ආදරේට එයාට...ඒක ලස්සනයි...හැගිම් පිරිලා...ඉතිං මටත් කියන්න හිතුණා..."

"ආ..දරේ..ට......!!"

.......

මං අහද්දී ඒ ඇස් මගේ මූණ පුරා නැවතිල්ලේ දිව්වා වෙද්දී  දැනෙන නොදැනෙන ගාණට අමුතුම විදිහෙ දඟකාර හිනාවක්..බලාපොරොත්තු ඇති වෙන විදිහෙ හිනාවක් මට දීලා හදිසියකින් වගේ මගේ නළලේ තොල් තද කරලා..මොකුත් නොකියාම ඈත කළුවරට ඇස් යැව්වා...දැන්ම ප්‍රස්න කරලා ඒ උත්තරේ එළියට ගන්න ඕනා උණත් ඊට කලින් කතා කරන්න ගොඩක් දේවල් තිබුණ නිසා...ඒ බැල්ම... ඒ හිනාවම මගෙ හිත පුරවලා මට ඕනා උත්තරේ දෙද්දී මං ඒ ප්‍රස්න වචන නොකර හිත අස්ස්සේම තියා ගන්න ගමන් අත් දෙකෙන්ම බදා ගත්ත ඒ බාහුවක තොල් තද කරද්දි එයා සැනසීම පිරුණ හිනාවක් එක්ක යාන්තං ඔලුව හරවලා මං දිහා බැලුවා..

"කියන්න එපාද ඉතිං..."

"කියන්න..ආසයි මන්.ගොඩක්..ඒක..මෙණික නෙමෙ... මැණික..මගෙ මැණික...."

"මැණික...මං මැණිකද ඔයාගෙ...ම්ම්..මගෙ ..කිරුළුගේ...මැණිකද මං....මගෙ මැණිකගෙ...මගෙ වට්ටුවගේ..සං කොටේගෙ..මැණිකද මං....."

"ආහ්.."

ටික වෙලාවක් හොරා වගේ සද්ද නැතිව උන්න එයා කියන්න එපාද අහද්දී මං එයාගෙ උච්චාරණේ නිවැරදි කරන ගමන් අවසර දෙද්දි, මට කියලා දෙන්න බැරි උණ , පණ්ඩිත ආච්චි කියලා දීලා තිබුණ තව කෝලම් වචන පෝලිමක් එයා කියන් කියන් යද්දී මං ඇස් ලොකු කරන් බලන් හිටියා...ඒ එක්ක ඇස් අහකට නොගෙනම දගකාරකමකින්  බලන් උන්න එයා කලබලෙන් පහත් වෙලා මගෙ තොල් වලින් යාන්තං තොල් තද කරලා මොකුත් නොකර ගානට අහක  බලා ගද්දී මන් අතින් කටවහන්  බිම බලා ගත්තෙ හිනාව කාගෙන...

ආදරේ අන්දයි කියන්නේ...බොරුවටම නෙමෙ..මට නිකං අපි ගැන දැනුනෙ...හිත් රිද්දගෙන දෙපැත්තකට වෙලා ඉන්න අතරෙ..න්‍යෂ්ටික බෝම්බයක් වැටෙද්දි දෙන්නා එක්කම අඳුරු ළිඳක් පතුලේ හැංගිලා යන්තම් ජීවිතේ බේරගෙන...උණ විනාසෙ මොහොතකට අමතක කරලා...හිත් අමනාපකම් අමතක වෙලා...හැඟීම් අතරෙ අතරමං උණ ආදරේ කරන දෙන්නෙක් වගේ හැඟීමක්...ආවෙ ප්‍රස්න කන්දක් හිතේ තියන් පුදුමාකාර පීඩනෙකින් හුස්ම පවා හිරකරගෙන උණත් ඒ උණුහුමේ මට..අපි වටේ උණ හැම විනාසයක්ම...අවුලක්ම මොහොතකට අමතක වෙලා තිබුණා...අර ළින් පතුලෙන් එළියට ආපු වෙලාවක තව දුරටත් ජීවිතේ රැකෙයිද නොරැකෙයිද දන්නේ නැතිව හැඟීම් අස්සෙ අතරමං උණ දෙන්නා වගේ ඉස්සරහට එලිවෙන්න තියෙන දේවල් අපිට කොහොම බලපායිද දන්නේවත් නැතිව...එක මොහොතකට ඒ උණුහුමේ අතරමං වෙන්න මට ලෝබ කමක් දැනුණා...එයත් ඒ හැඟීමට ලෝබ උණ නිසාදෝ අහක බලා ගත්තා උණත් ආපහු ඉක්මනින් හැරිලා මගෙ කම්මුලකට අත තියලා මගෙ මූණ එයා දිහාවට හරවන් මගෙ නළලට නලල තියන් මගෙ ඇස් වලට එබුණා...

"ආච්චාම්මයි නැන්දයි එහෙමළු...ආදරේට... කියන්නේ මගෙ කෙල්ලට..තව බඩී...චමිලි...මගෙ කෙල්ලගේ අක්කි බබා... එහෙමළු කියන්නේ කේන්ති ගියාම..."

"වට්ටුව නෙමෙ..වස්තුව..එතකොට බඩි නෙමෙ ඒක බුඩී...ඔයා මට කියනවා නම් බුඩා කියන්න..."

එයා මගෙ කෙල්ල කිය කිය දෝනිට අයිතිය කියද්දි...මේ වෙලාවේ බයටම පපුව හිරවෙන්න ආවත් මේ මොහොතට ලෝබ කමේ මං ඒ හැඟීම අමතක කරලා මං එක අතක් එයාගෙ බෙල්ල වටේ යවන ගමන් අනික් අතින් එයාගෙ කොණ්ඩේ ඇවිස්සුවා...ඒ කෙස් ගස්...මේ හුරතලේ...ඒ ඇස් වල පාට විතරක් නෙමෙ...ඒ ඇස් වල දඟකාරකම...පොඩි එකීගෙ වගෙමයි දෙවියනේ....කොහොමද හිතන්නෙ....කොහොමද එයාගෙ නෙමෙ කියලා හිතන්නේ...එයාගෙ නෙමෙ නම් මගෙ කෙල්ල කාගේද දෙවියනේ....ඇයි සිහලි එයාගෙ නම කිව්වේ...හිත කෑ ගැහුවත්...මං හැඟීම් හංගන් එයාට හරි වචන කියලා දුන්නා...

"බුඩා...කිරුළු බුඩා...මගෙ බුඩා...."

"ආයි කියලා ගුටි කන්න එපා මගෙන්.."

"එතකොට කියලා දුන්නේ..බූඩා..."

එයාට වචනේ කියලා දුන්නට පාවිච්චි කරන විදිහ ගැන කියන්න නැති වෙද්දී..ඒ වචනෙ තිබුණ හිනා යන ගතිය නිසාදෝ එයා ආයි ආයි කියද්දි මං හිනාව කාගෙන එයාට බොරුවට සැර දැම්මා වෙද්දී අලි කඳෙක් ලොකු කාලෙකට පස්සෙ පොඩි එකෙක් වගේ මන් ළඟ හුරතල් වෙන්න ගත්තා...

"චමේලි කේන්ති ගියාම කියනවා වගේ ඒක නිකං ඔය පොඩ්ඩක් තරහා ගියාම අපහාස කරන්න වගේ කියන්නේ...අපි විහිළුවට මෝඩයා..පිස්සා කියන්නේ...අන්න ඒ වගේ කියන එකක්..වචනෙ කියන්න කලින්...මට මුලි...න් ඒ ගැන කිය..ලා දිලා ඉන්න තිබුණා..."

"බබා...ඇයි මේ..අවුල් වෙන්න දෙයක් නෑ..තරහකටවත්...අපහසේ කරන්නවත් කිව්වේ නෑ..ආයි ඒ වචනෙ නොකියා ඉන්නම් මං.."

ඒ පුංචි වචනෙ කියලා දෙද්දී මං වැදගත්ම දේ කියලා දෙන්න අමතක කරා වගේ...ආදරේ ගැන කියලා දෙද්දිත්....වැදගත්ම දේවල් එයාට කියලා දෙන්න මං අමතක කරා නේද කියලා සිතුවිල්ලක් හිතට එද්දී මගෙ මූණේ තිබුණ හිනාව අතුරුදන් වෙද්දී එයා කලබල උණා...

"ඒ වචනෙ කිව්වට අවුල් ගියා නෙමෙ... අපි අපහාසෙට තරහට විතරක් නෙමෙ ආදරේට විහිළුවටත් මෝඩයා..පිස්සා කියන්නේ..ඒ වගේ ඒ වචනෙ කියන්නත් පුලුවන්...ඔයාට ඕනා නම් එහෙම කියන්න..මං අවුල් ගියේ...
සමහර දේවල්...ඔයාට කියලා දෙන්න අමතක කරපු එක ගැන..ගොඩක් දුක් වෙන නිසා..."

"බබා."

පොඩ්ඩක් කතා කර කර උන්න මාතෘකාවෙන් පිට ගියත් මං ආපහු සිරියස් මූඩ් එකට එන ගමන් එයාගෙන් එහාට වෙලා අත් දෙක මගෙ කකුල් දෙපත්තෙන් අට්ටාලෙ උඩ තද කරන් අමු අන්ධකාරේ ගිලිලා තිබුණ අපෙ පොල් අතු පැල තිබුණ දිහා බලන් කියද්දි බර උණ ඒ කටහඬින් එයත් අර සැහැල්ලුවෙන් මිදුණා කියන්න තේරෙද්දි මට ලොකු සුසුමක් හෙළුණා....

"ඔයාට තේරෙනවා නේද සර්...අපි දෙන්නටම...ලොකු වගකීමක් තියෙනවා..වැරදුණ තැන්..අපහු හදන්න තිබුණාටත් වඩා...හොඳට....අපි තාමත් ඉන්නෙ අඳුරේ සර්..අපි...මොහොතකට එකට මුණ ගැහිලා විතරයි..මෙතනින් එහා ඒ අඳුරටම ඉඩ දීලා අතරමං වෙනවාද අත් අල්ලන් ආලෝකේ හොයන් යනවාද කියන තීරණේ තියෙන්නේ අපි දෙන්නාගේ අතේ සර්..."

වෙලා තියෙන්නේ මොනා උණත්...මගෙ ජීවිතේ සර් ඇර වෙන කෙනෙක්ට කවදාවත් ඉඩක් නැති වෙද්දී...ආරි මාමගෙන් සර් තාමත් තනියම මන් ගැන හිත හිත ඉන්නවා කියලාත් දැන ගද්දී...ඒ වෙලාවෙ ඉඳන් මට ඕනා උණේ...සර්ගෙන් ප්‍රස්නයක් නැති නම්...හැමදේම පැහැදිලි කරන් ආපහු එයාගෙ ළඟින් ඉන්න උත්සාහ කරන්න ඕනා කියන සිතුවිල්ල වෙද්දී මන් එයා එක්ක දුර කරන්න ගත්තා.....

"ආලෝකේ...අපි හොයාගන්න ඕනා කිරුළු...මොනා වෙලා තිබුණත්...මොනා උණත්...ආයි මේ අත...අත ඇරෙන්න දෙන්නේ නෑ මං..."

එයා කිව්වේ අට්ටාලෙට තද උන මගෙ එක අතක් අරන් ඒ අතක පටලන් පුදුම තරම් විස්වාසෙකින් වෙද්දී එයාට තිබුණෙත් මගෙ තිරණේම වෙදදි මට සැනසීමක් දැනුණා...

"ම්ම්..මටත් ඕන එහෙම...ඒත් එහෙම කරන්න නම්...ඔයා මට ඒ අන්ධකාරේ ඇතුලේ උණ හැමදේම කියන්න ඕනා සර්..හැමදේම...මට ඔයා එක්ක කියන්න තියෙන දේවල්...සමහරවිට...ඔයාට දරා ගන්නත් අමාරුවෙයි...ඒත් හැම දේකටම පස්සෙ..මට හිතෙන්නේ...ඔයා ඒ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි..එහෙම නොවුණොත්...තව දුරටත් අපි රහස් තියා ගත්තොත්.. හරියට පාර හොයා ගන්න බැරිව...අපි අත් අල්ලන්ම අන්ධකාරේට යාවි සර්..ඉතිං මන් කියන්නම් මගෙ පැත්තෙන් හැමදේම....ඒ අන්ධකාරේ ඇතුලේ...මං නොදන්න...ඔයාට දැනුණ හැඟුණ හැම විදිහක් ගැනම දැනගන්න....."

"...මං... මන් කියන්නම් බබා....ගොඩක් කාලෙකට කලින් ඔයාට කියන්න ඕනා උණ හැමදේම මන් ඔයාට කියන්නම් අද..."

"ඒ කතාව කියන්න කලින් මේ ටික අහන්න සර්..මං..මං හිතන් හිටියෙ...ඔයා ඇත්තටම ලියා මිස්ව මැරි කරා කියලා..ඒ..ඒ ලැබෙන්න ඉන්න දරුවා ඔයාගෙ කියලා..පහුගිය කාලෙ ඒ වගේ ඔයාට නපුරුවෙන්න ඒකත් හේතුවක් සර්...ඉරිසියාවම නෙමෙ...මට ඕනා උණේ නෑ... ඔයා ලියා මිස් එක්ක ජීවිතයක් පටන් අරන් නම් ඔයා මාව බාධාවක් කරන් ඒ ජීවිතේ අවුල්කරගන්නවා දකින්න....ඒ නිසා ඔයාට නපුරුවෙලා හරි...ඔයාව මගෙන්  ඈත් කරන්නයි ඕනා උණේ...අද...ආරි මාමගෙන් ඇත්ත දැන ගත්තට පස්සෙ..මං මටම සමාව නොදුන්නත්...මට..මට එහෙම හිතන්න හේතු තිබුණා සර්..ඒ වගේම මං දන්නවා..ඔයාටත් හේතු තිබුණා කියන්න...ඒ වගේ කසාදෙකට එකඟ වෙන්න..බොරුවට හරි මවා පාන්න හරි තිබුණ හේතු..අහිංසා අම්මා ගැන..සෙවරින් සර් ගැන...ඔයා දන්නවාටත් වඩා ගොඩක් දේවල්...අවුරුදු ගාණකට කලින්ම මං දැන ගත්තා සර්...ඔයා හැන්ඟුවට එදා වෙඩින් එක දවසෙ...එතන හිටපු කවුරු හරි විඩියෝ කෝල් එකක් අරන් එතන උණ හැමදේම මට live පෙන්නුවා සර්...ඔයාලා කරේ මවා පෑමක් කියලා නොදැන...පපුව කඩන් යද්දි මන් ඒ හැම දේ දිහාම බලන් හිටියා..""

"බබා  ඔයා..."

"ගොඩක්ම රිදුණේ ඔයා ලියා මිස්ගෙ උනාටත් වඩා ඔයා මට නොකිව්ව එක ගැන..කොහොමහරි එතන උණේ බොරුවක් කියන්න මන් දැනගෙන හිටියෙ නෑ අද වෙනකන්...ඔක්කොම ඉවරවෙලා කිස් කරන්න කියද්දි ෆෝන් එක කට් කරා එහෙන්..
මේ ළඟදී දවසක මිතිල කිව්වත් එදා වෙඩින් එක වෙලාවේ ඔයා ලියා මිස්ව කිස් කරන එක  ප්‍රතික්ශේප කරලා එතනින් පස්සෙ එතන වැඩ අවුල් උණා කියලා දැන ගත්තත්...මෙහෙම දෙයක් හිතුවෙ නෑ අද ආරි මාමා කියනකං..."

"උඹව හිතේ තියන් කොහොමද බන්....බොරුවටවත්...කාවවත් කිස් කරන්නේ මං....."

"මං දන්නවා සර් දැන්...ඒත් මට ඕනා...ඔයාගෙ වචනෙන්ම..ඔයාට දැනුණ විදිහ දැන ගන්න සර්.."

"හ්ම්...අහන්න එහෙනම්...ඔයා හරි ඇති කිරුළු...කිව්වත් වගේ පොඩි කාලෙ ඉඳන් මං උන්නේ අන්ධකාරේ...මං අහපු දැකපු දේවල් එක්ක මං ආදරේ විස්වාස කරේ නෑ...මමාට රිද්දන්න අකමැති කමට ඉවසන් හිටියට පුදුම තරම් ආදරෙකින් උන්න ඒ දෙන්නා එකපාර වෙන් වෙද්දී ඒක මට ගොඩක් බල පෑවා.. මමාව දාලා යන්න හේතු විදිහට පපා එලිනා මමාට ආදරෙයි කියන හේතුව දෙද්දී අර තරම් ආදරේ කරපු ළඟින් උන්න මමාව අත අරින්න තරම් පපා හිත හදා ගත්ත හැටි මට තේරුම් ගන්න බැරි උණා...අන්තිමට කල්පනා කරාම නිකං මට දැනුණේ පපාගේ හිතේ මමාට තිබුණ ආදරේ...ඇතුලේ තිබුණ ඔක්කොම අයින් කරපු ඒත් කඩතොළු නැති හිස් බිත්තර කටුවක් වගේ කියලා..එයාලා කියන ආදරේ අර කටුව වගේ..පිටට හොදට පෙනුණා...ඒත් අතුලෙ ඇති දෙයක් නෑ කියලයි මට හිතුණේ...කොහොම උණත් මමා..දාලා ගියාටත් පස්සෙත්  පපාව විස්වාස කරා...බලාපොරොත්තු තියන් පපා එනකං බලන් හිටියා...දවසින් දවස මං දැක්කා මගේ මමා බලාපොරොත්තු නැති කරගෙන ටිකෙන් ටික කඩන් වැටෙන විදිහ...එයාවත් නොදැන එයා කඩා වැටෙන ගානේ එයාටත් වඩා මං කඩන් වැටුණා..මමාගෙන් දකින ඒ අසරණකමටත් මං වයිර කරා.."

..........

"ආපහු එන්නම් කියලා පපා මට පොරොන්දු උණ නිසාම...මමා බලාපොරොත්තු නැති කර ගන්න විදිහ දැක්කා වගෙම මං අත්වින්ඳා බලාපොරොත්තු බිඳ වැටෙන එකේ අමාරුව...හරියටම අර ඇතුලේ මොකුත් නැති බිත්තරේ ඇතුලේ මොකුත් නැති බව කල් ගිහිං දැන ගත්තත්..බිඳලා බලලා අත්ත පිළිගන්න හිත හදාගන්න බැරිව...තාමත් පිටින් බලන් කන්න හීන දකිනවා වගේ...හැමදේම හරිගස්සන්නම් කියලා ගියපු පපා මමාගේ හෙවණැල්ලක්වත් වදින තැනකට නෑවිත් ඉද්දී...මුලින් දවසින් දවස කල් ඉල්ලලා පස්සෙ මං ඇහුවත් මඟ අරිද්දී  මන් ඔය කියන ආදරේ ගැන විස්වාස කරන්නේ කොහොමද කිරුළු...පපාව සදහටම අමතක කරන්න ඕනා උණත්...ආපහු එන්නෙ නෑ කියලා හිතන්න ඕනා උණත්...මමා කවදාවත් පපා ගැන තියා එලිනා  ළඟම ගැනවත් අහිතක් හිතන්න ඉඩ නොදෙද්දී මාව හැම අතින්ම අසරණ උණා කිරුළු..පපාට වයිර කරන්න මමා ඉඩ නොදුන්න නිසා ඒ පීඩනේ යවාගන්න මං ඔක්කොම වැරැද්ද එයාලව එහෙම අතරමන් කරපු ආදරේ කියන වචනෙ ඒ හැඟීම පිටින් යැව්වා...මං මටම පොරොන්දු උණා ඒ වගේ විකාරෙකට මාව නම් දුර්වල කරන්න දෙන්නේ නෑ කියලා....දොස් කියන්න කෙනෙක් නැති තැන මං ලංකාවට ගියපු ඒ ගමනට වයිර කරා..එලිනට වයිර කරන්න බැරි කමට ඒ ගෑනි ඉන්න මුළු ලංකාවටම මං වයිර කරා..ඒ ඔක්කොටම පස්සෙ මමාව දාලා වෙන ගෑනියෙක් අරන් තනියම ඉන්න පපා වෙනුවෙන්....හැමදාම පපා එනකං බලා ඉන්න මමා වෙනුවෙන්ම...මේ ඔක්කොම මැද්දෙ අසරණ උණ මං වෙනුවෙන්ම..මට පෙනුණ එකම විකල්පේ ඔය කසාදේ විතරයි..."

.......

"හිතුවෙ නෑ...ඒ උන්න මං..කවදාවත් වෙනස් වෙයි කියලා...ඒත් එදා අහම්බෙන් ඔයාව දැකපු මුල්ම තප්පරේ ම එහෙම උණා...මං දැනගෙන හිටියෙ නෑ මට මොනා උනාද කියන්න..ඔයාව නොපෙනී යද්දි මගේ පපුව හිරවෙනවා වගේ උණා..යන්න බෑ හිතුණා..එතනින් පස්සේ හැම මොහොතකම ඔයාව මතක් උණා..ඔයාව තව වතාවක් බලන්න ඕනා උණා..ඔයාට කවදාවත් නොකිව්වට ඒ මුල්ම වෙලාවෙන් පස්සෙ ඔයාව දකින්න බලාගෙන මං ඔය පාරක් පාරක් ගානේ බොරුවට එහාට මෙහාට ගියා.. කොහොමහරි මුණ ගැහිලා කතා කරන්න ගද්දී මට හිතුණේ හැමදාම ඔයා එක්ක හිටියා වගේ..යාළුකම් ඇති කරගන්න දක්ෂ කෙනෙක් නොවුණත් ඔයා ළඟ කවදාවත් අපහසුවක් දැනුණේ නෑ...බලෙන් හරි මට ඕනා උණේ ඔයා එක්කම ඉන්න..ඔයාට උපරිම ලං වෙන්න...ඔයාව ළඟ  තියාගන්න..ගොඩක් නරක විදිහට මට ඔයාව ඕනා උණා..ඔයාගෙ පැත්තෙන් හිතන්න අමතක වෙන තරමට...එහෙම හැඟීමක් කෙනෙක් ගැන ඇති උණේ මුල් වතාවට උණත් මං හිතුවෙ...ඒක නිකංම නිකං අවස්‍යතාවයක් විතරයි කියලා..වෙන්න ඕනා දේ උනාම ඒ දැනෙන දේවල් ඔක්කොම මඟ ඇරිලා යාවි කියලා..ඒත් දවසින් දවස ඔයාගෙ හිත රිද්දන වචනක් ගැන පවා...බොහොම පුංචි දෙයක් ගැන පවා මටත් නොදැනිම මං වද වෙද්දී...කොහොම හරි ලං කරගන්න හිතපු මං මටත් හොරෙන් ඔයාට දැනෙන විදිහ ගැන... ඔයාගෙ කැමැත්ත ගැන වද වෙද්දී...ඔයාගෙන් ගන්න පුළුවන් දේ ගැන නැතිව...ඔයාට දෙන්න පුළුවන් මොනාද කියන එක ගැන වද වෙද්දී...එතන තියෙන්නේ නිකන්ම අවශ්යතාවයක් විතරක් නෙමෙ කියන්න මගේ හිත මටම තේරුම් කරන්න හැදුවත් මට ඕනා උණේ නෑ තේරුම් ගන්න...ඔයාව ඇඳට ගන්න ඕනා උණ මංම ඔයාගෙ වචනෙට ගරු කරලා ඔයාව පරිස්සම් කරද්දි මට මාවම තේරුම් ගන්න බැරි උණා..
මොකක්දෝ අහේතුවකට මං ඔයාගෙ ඇස් අස්සෙ පුරුදු හැඟීම් ගොඩක් දැක්කා...කොයි වෙළෙත් බලාපොරොත්තු පිරිලා...හිටි ගමන් බලාපොරොත්තු බිදිලා ගිහිං...ඒත් ඔය. ඔක්කොම එකවගෙ විදගන්න උදව් කරපු හැඟීමක්....මන් ඔය ඇස් වල දැක්කා.... ඒ හැඟීම.... මගේ මමාගෙ ඇස් වල මං දැක්ක හැඟීම්මයි..ඒවා දකිද්දී...එයාට වගේම දවසක ඔයාටත් රිදෙයිද කියලා හැමදාම මං වද උණා..මට මගේ කියලා ජීවිතයක් නියම වෙලා කියලා දැන දැනත්...ඔය ඇස් වල තිබුණ බලාපොරොත්තු ගැන... මටත් හොරෙන් මගේ හිතේ ඇති වෙන ගමන් තිබුණ අමුතු විදිහෙ සිතුවිලි ගැන මන් බය උණා.. මට පිලිගන්න ඕනා උණත් මන් පිළිගන්න අකමැති මේ හැඟීම ආදරේදො කියලා..ඔයා කියන කරන දේවල් එක්ක හිතෙද්දී මන් බය උනා..තේරීමක් කරන්න වෙන තැනට අසරන වෙන්න වෙයි කියලා බය උණා...මුලින්ම එකට උන්න මාස 6 ඉවරවෙද්දි දාලා යන්න හිත හදාගන්න බැරි තරම් පීඩනක් දැනුණා...එක තීරණයක් ගන්න බැරිවදැනෙන දේවල් ඔයාට කියලා ඔයාව අවුල් කරන්නත් බෑ...අන්තිමේ ඔයාගෙ හිත රිද්දලා ඔයාව මග ඇරපු දවස් ටිකේ කවදටත් වඩා තේරුම් ගත්තා... ඔයා නැති දවස් කොච්චර අමාරුද කියලා...ඒ හැඟීම හැමදාම විදින්න ඕනා උණේ නෑ මට....එහෙම නොවෙන්න...තවත් දේවල් දුරදිග යන්න කලින් මට ඕනා උණා මේ ඔක්කොගෙන්ම ඈත් වෙලා යන්න..ඉතිං ආපහු ජර්මනි ගියේ ආයි එන්නෙ නෑ කියලා හිතන්... "

.........

"මං හිතුවා කාලෙ යද්දි...පරිසරේ මාරු වෙද්දී මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා..මාව දකින්න නැති වෙද්දී..හිතුවා ඔයාටත් මාව අමතක වෙයි කියලා..ඒත් ඒ මාස ගාණ නින්දක් තිබුණෙ නෑ...සැනසීමක් තිබුණෙ නෑ මට...ඒ අස්සෙ අර මාසෙල්.. කාලකණ්ණියා ඇවිත් ඔයා එක්ක ප්‍රස්න දාගත්තා කියන පණිවිඩේ ඇහෙද්දී එක මොහොතක් තව ඉවසන් ඉන්න බැරි උණා මට...කඩා බිඳගෙන මුහුදු ගාණක් පහු කරගෙනත් ඇවිත් ආ පිම්මේ ඔයාව බලන්න මඟටත් බැහැලා යද්දියි මං මේ මොකක්ද කරන්න යන පිස්සුව කියලා මතක් උණේ...මගේ හිතුවක්කාර සිතුවිලි වලට ඉඩ දිලා මං උභව අතරමං කරන්න නේද මේ ලෑස්ති කියලා තේරුනේ....එහෙම නොවෙන්න...ආයි හැරිලා යන්න හිත හිත ඉද්දියි ඔයා ආවෙ බබා..මං බලපොරොත්තු උණේ නැති විදිහට...මටත් වඩා උඹ මාව බලාපොරොත්තු වෙලා කියලා තේරෙද්දී...ඇවිත් මගේ පපුවට තුරුළු වෙද්දී..තවත් මේ හැංගෙන සෙල්ලම කරන්න බෑ කියලා මගේ හිත කෑ ගැහුවා...තවත් ඔයාගෙන් ඈත් වෙලා යන්න බෑ කියලා තේරුම් ගියා...ඒ බැදීමට..ඒ හැඟීම් වලට දෙන්න වෙන නම මොකක් උණත්...මට ඕනා උණේ ඔයාව මං ළඟ තියාගන්න..ඒත් මමාව මතක් වෙද්දී...මං මමාට උණ පොරොන්දු.. මටම උණ පොරොන්දු මතක් වෙද්දී..මන් අසරණ උණා..දෙන්නම ළඟ තියා ගන්නයි ඕනා උණේ..ඒත් අවාසනාවට තේරීමක් කරනවා ඇරෙන්න විකල්පයක් නොතියෙද්දී..මමාව අත අරින්න හිත හදාගන්න බැරි උණා..වැඩිපුර දුර්වල පැත්තට අවධානේ දෙන්න වෙනවා කියල තේරෙද්දී... කඩ උණ පොරොන්දු වල ආයි ආයි බිදෙන බලාපොරොත්තු වල වේදනාව දැනගෙන උන්න මට ඕනා උණේ නෑ..ඔයාටත් එහෙම වෙන්න...වචනින් මිසක් හැඟීම් වලින්..හැසිරීමෙන් දෙන බලාපොරොත්තු ගැන නොදැන උන්න මං දැනගෙන හිටියෙ නෑ...ඒ ඔක්කොමත් එක්ක ඔය හිත කොයිතරම් රිදෙනවාද කියලා..ඒ කොහොම උණත්...උඹට පොරොන්දු  නොදුන්නට උඹව කිස් කරපු...ඒ මුල්ම මොහොතේ මන් හිත අස්සෙ දස දහස් වාරයක් මටම පොරොන්දුඋනා...කොහොමහරි...සදහටම..මගෙම කරන් ලගින් තියා ගන්නවා කියලා...නමක් නොදුන්නට...එතන නිකන් කාලෙ කෑමක්වත්....අවශ්‍යථා පිරි මැහිල්ලක්වත් තිබුණෙ නෑ මැණික...බිඳින්න බැරි බැදිමක් තිබුණා අපි අතර..."

........

"ඒත්...වැඩි බර තිබුණෙ...මගේම පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි පැත්තට..ඉතිං මං බය උණා මැණික.. මගේ අම්මා වගේ උඹත් දුක් විදි කියලා..මං වගේ බලාපොරොත්තු කඩ කර ගනි කියලා...මං විස්වාස නොකරපු ආදරණිය ලෝකයක් ගැන මට කියලා දිලා...ඒ ලොකෙ ලස්සන මට දැනෙන්න දිලා...මං අතරමංවෙලා හිටපු ඒ ලෝකෙන්... උඹෙ වචන වලින්ම කියනවා නම් ඒ අන්ධකාරෙන් මාව එළියට එක්ක ඇවිත්... අන්තිමේ  බලාපොරොත්තු කඩ විම් එක්ක උඹ මං හිටපු තැනට වැටෙයි කියලා...ඉටු කරන්න පුළුවන්ද සුවර් නැති බලාපොරොත්තු දීලා ආයි ආයි බලාපොරොත්තු කඩ කරපු පපා වගේ තැනකට මාවත් වැටෙයි කියලා මං බය උණා...මාව එළියට ගත්ත උබ...මන් නිසාම ඒ අන්ධකාර ලෝකේ අතරමං වෙයි කියලා..මං බය උණා බබා..."

.......

"ඒ නිසාම මං උපරිම උත්සාහ කරේ අඩුම හානියක් එක්ක..මගේ මමාවත් සතුටින් තියලා...උඹව ළඟට ගන්න විදිහක් ගැන හොයන්න...මං ලියා එක්ක මේ ගැන කතා කරා...අර ගෑනිට ඕනාවට..පපාගේ ඩිවෝස් එක ගන්න ඕනා නිසාම මැරි කරත්..ඒ ඩිවෝස් එක ගත්තාම ආයි වෙන් වෙන්න අපි කතා උණේ..අර ගෑනි ඉඩ නොදුන්නොත්..කසාද සහතිකේ පැත්තක තියෙද්දී අපේම ජීවිතායක් හොයන් දෙපැත්තක ඉන්නයි අපි කතා උණේ.... ලියාටවත් මටවත් වැඩක් නොවුණ කොළ කෑල්ලක නාමිකව ලිය උණ අයිතිය විතරක් අරන් මමාවයි පපාවයි එකතු කරලා...මට උඹ ළඟට එන්නයි ඕනා උණේ...අත්සනක් ගහලා අයිති කරගන්න බැරි උණත් අපිට කරදර කරන්න බාධා කරන්න කවුරුත් නැති තැනක...උඹත් එක්ක එකට එක වහලක් යටට එන්නයි ඔන උනේ මට..ලංකාවේ ඉන්න අර ගෑනි ඉඩ නොදෙනවා නම් මුහුදු හතක් එහා හරි අපේම ලෝකයක් හදා ගන්නයි ඔනා උණේ.."

.......

"එහෙම වෙන්න තිබුණා..අර ගෑනි යටින් ගේම් එක ප්ලේ කරේ නැති නම්...එහෙම වෙන්න තිබුණා..හැමෝටම හොරෙන්..මමාව ලංකාවට ගෙන්නුවේ නතිනම්..මං හිතන් හිටියා වගේම හැමදේම වෙන්න තිබුණා බබා...ඒත් ඒ ගෑනි ඉස්සර උණා..මාව බෙල්ලටම හිර කරා..මමාවත් එයාට නම්මා ගත්තා..එක රැයින් එක මොහොතින් ඔක්කොම කණපිට ගැහුනා..කසාදේ කරන තැනට මට බලපෑම් කරලා..ඒ උනාට පස්සෙ
ඩිවෝස් එක ගන්න නොදෙන තැනට මාව පොලඹවන්න මම නොදන්න හේතුවක් ඉස්සර කරන් පපාව බ්ලැක් මේල් කරා..ඒ මදිවෙලා මට උඹත් එක්ක කතා කරන එක පවා නතර කරන්න වෙන තැනට මාව අසරණ කරා..වෙන වෙලාවක නම් ඉවසන්නෙ නෑ මං...ඒත්...මමා උන්නේ අර ගෑනි කියන දේම අදහා ගෙන...ඉතිං මමා වෙනුවෙන් ඔයාගෙන් ඈත් වෙන්න උණා..."

........

"ම්ම්.මට...මට හොඳක් දැනුණේ නෑ බබා...මගෙන් එක කෝල් එකක් එනකන් ඔයා බලන් ඇති හිත හිත හොදින් ඉන්න බැරි උනා මට...ඔය කටහඬවත් අහන්න නැතිව...මාව පිස්සු වැටුණා..අර ගෑනිට කොලේ වහලා ලඟට ගන්න හීන මැව්වට කතාවත් කරන්න ඒ ගෑනිගෙන් ඉඩක් නැතිව යද්දි...කවදාවත් නැතිව බැඳිම් නිසා අසරණකමක් දැනෙද්දී...මොකුත් කරගන්න බෑ කියන හැඟීම මාව පිස්සු වට්ටද්දී...මන්ම ගොඩ නඟපු බලාපොරොත්තු බිඳිලා යද්දි...ළඟින් තියාගන්න ඕනා උණත්...ළඟට ගන්න බැරි උඹට...යන්න දෙන්න වෙලාව ඇවිත් දෝ කියලා හිතුණා...එදා එහෙම නොවුණා නම්...උඹ මගේ නොවුනා නම්....එහෙම යන්න දෙන්න තිබුණත්...ඇද බෙදාගන්න විතරක් එන්න  කියලා ඉල්ලන් උබට ලං උණ මන්ම.. ඒ එක රැයින් පස්සෙ...දැනගෙන හිටියෙ නෑ බබා...උඹ නැතිව හුස්මක් ගන්න විදිහවත් දැනගෙන හිටියෙ නෑ මං..වෙන කෙනෙක් එක්ක කසාද සහතිකේ ලියලා හැබෑ අයිතිය උඹට දෙන්න හිතපු මට, ඒ රැයින් පස්සෙ බොරුවට.. කඩදාසියකවත් මගෙ නම ළඟින් වෙන නමක් ලියවෙන්න ඕනා උණේ නෑ කිරුළු..ඉතින් මේ ප්‍රස්න වලට උබවත් ඇදගෙන අසරණ කරන්නේ නැතිව..උඹ ආපහු එද්දී විසඳ ගන්නයි ඕනා උණේ..ඒත් ඒ යක්සනී බලාපොරොත්තු නොවුණ විදිහට අපිව හිර කරා..ඒ ඕනා විදිහට අපි ඒ පදේට නටනවා කියලා පෙන්නුවත්...මේ වතාවේ ඒ ගෑනි කරපු දේම මං කරා.. ඒ ගෑනි වගේම යටින් ගේම ගැහුවා..."

......

"කතාවත් කරන්න බැරි වෙද්දී ඉවසන් ඉන්න අමාරු උණත්..නරකම තත්වේ ගැනත් මං හිතුවා..සමහරවිට.. විසඳ ගන්න බැරි උනොත්...මට යන්න උනොත්...ඒ ගෙවපු අමාරු කාලෙ...අනාගතේ වෙනුවෙන් හයියවෙන්න උඹව හුරු කරාවි කියලා..මං හිත හදාගන්න හැදුවා වගේම කතා කරන පුංචි වෙලාවේ උණත් ඔය හිත රිදෙන්න කතා කරලා නරකම තත්වෙකට උණත් උඹව හුරු කරන්නයි ඕනා උණේ..මං නැතිව උණත් ඉන්න පුරුදු කරන්නයි ඕනා උණේ..
අකමැත්තෙන් උණත් අර සෙනඟක් ඉස්සරහා මවා පෑමක් කරන්න උණා මට..ඒ මවා පෑම අවසානේ...උඹ ළඟට එන්නයි ඕනා උණේ..ඒ ඇවිත්... ආයි කවදාවත් කාටවත් වෙන් කරන්න බැරි වෙන්න...උඹව මගේ කරගන්න...මැරි...ආර්හ්... දන් ඒවා වැඩක් නෑ බබා..."

.......

එයා කියෙව්වා...ළද අවසරෙන් ලොකු කාලයක් තිස්සේ හිතේ තියන් උන්න හැඟීම් ඔක්කොම එළියට දාද්දී ඇහෙන දේවල් එක්ක මගේ හැගිමුත් අරි ඉක්මනින් වෙනස් උණා...දුකත් සතුටක් අතර හැඟීම් ගොඩකින් අපි දෙන්නගේම ඇස් තෙත් වෙලා තියෙද්දී කතාවෙ එක තැනකදී වචන හිර කරගත්ත එයා අත් දෙකෙන්ම කොණ්ඩේ ඇදගෙන ඔලුව බදන් මොහොතක් හිටියා...

"ඔක්කොටම පස්සේ මං බය උණා වගේම..මං මමාගේ ප්‍රස්නෙ විසඳලා ආපහු හැරෙද්දී මට උඹ..ව නැතිවෙ..ලා බබා...ඔයාගෙ ගෙදර අයට උණ කරදරේ දැන ගද්දී..ඒ අස්සෙ ඔයාගෙ ෆෝන් වැඩ නැතිව..තොරතුරක් නැති වෙද්දී...හොයලා බලද්දී පරිස්සමට කියලා නතර කරපු තැනින් උඹ යන්න ගිහිං තියෙද්දී මං පිස්සු වැටුණා මැණික..හොයපු නැති තැනක් නෑ... අහපු නැති කෙනෙක් නෑ..උඹ ගියා කියන එකටත් වඩා...මට දරාගන්න බැරි උණේ මට නොකියා ගියා කියන එක..හිටි ගමන් එහෙම වෙන්න හේතුවක්වත් හරියට හිතා ගන්න බැරිකොට...ෂිට්...ඒ කාලෙ...නපුරුම නපුරු හීනයක්..අද දැන් මේ මොහොතේ හිතලා බලද්දී.. මටම හිතා ගන්න බෑ...මං ඒ නපුරු කාලෙ කොහොම පහුකරන් ආවද කියලා.."

.......

"ඊටත් පස්සේ එදා උඹව හොටෙල් එකේදි අහම්බෙන් දැක්කම දැනුණ හැඟීම...හුස්මක් ගන්න බැරි උණා කිරුළු..මාව ගල් උණා වගේ උණා..මාව එතනට අරන් ගියේ මගේ හිත හොල්ලපු ෆොටෝ ටිකක් වෙද්දී..මං හිනෙන්වත් හිතුවෙ නෑ ඒ ෆොටෝ වල තිබුණ ලෝකේ මැව්වේ ඔය අත් දෙකෙන් කියලා...ඒ ෆොටෝ පස්සේ ආපු ගමන උඹව මුණ ගස්සයි කියලා මට විස්වාස කරන්න බැරි උණා...ලියා හිටියෙ නැත්තං මං එහෙමම පිස්සෙක් වගේ බලන් ඉඳලා ආපහු උඹව මඟ ඇරගන්න තිබුණා..ඊටත් පස්සෙ ගෙවුණ දවස්...උඹ මැරි කරලා කියලා දැන ගත්තාම...දැනුණ හැඟීම වචන කරන්නවත් මට තේරෙන්නෙ නෑ බන්..අඩුම බලාපොරොත්තුවක්වත් නැතිව...ඒ දවස් වෙන්න ඇති... මගේ ජීවිතේ නරකම දවස්.."

........

"පස්සෙ මං මොකද කරන්නේ හිතා ගන්න බැරිව ඉද්දී... මොකුත් හොයන්නෙ බලන්නෙ නැතිව ඔයාට ඉන්න දීලා යන්න හදද්දී ලියා තමා හොයන් ආවෙ ඔයාගෙ වයිෆ්..දෝනිගෙ අම්මා මේ ලෝකේ නෑ කියන්න..මං දන්නවා...මනුසයෙක්ගෙ මරනයක් ගැන සතුටු වෙන්න නරකයි...ඒ මරණෙ උණ එක ගැන නෙමෙ...ඒත් එයා නෑ කියන එක ගැන මං සතුටු උණා...ආපහු බලාපොරොත්තු ඇති උණා...මං මටම පොරොන්දු උණා...මේ වතාව මඟ ඇරගන්නෙ නෑ කියලා...කවුරු කොහොම මොනා කරත් කිව්වත්..උඹ කොයිතරම් මගෙ හිත රිදෙව්වත්මේ වතාව අත අරින්නේ නෑ කියලා..මං මටම පොරොන්දු උණා.."

"ඒ..එහෙනම් ඇ..ඇයි...නොකියා ආවෙ...හිටි ගමන්..."

ඉතිං එයාටම පොරොන්දු උණා කිය කිය මට නොකියා ආපු එක ගැන අමනාපෙන් මං එයාගෙන් ප්‍රස්නකරා....

"හෙව්වද මාව ම්ම්..."

"හෙව්වද අහන්නෙ මෝඩයා...!"

මං විහිළුවට පාරක් ගහන්න හැදුවත් එයා මං ගහන්න උස්සපු අත අල්ල ගත්තෙ හිනා වෙවී...

"නොකියා ආවා නෙමෙ...කලබලේට කියන්න් බැරි උණා....පොඩ්ඩක් හිතත් රිද්දන්නෙ හිටියෙ......"

............

"බබා.."

"ම්ම්ම්.."

"අද ආවට හේතු ඕනා නෑ...ඒත් නොකියාම අතුරුදන් වෙලා යන්න හේතු කියනවාද...මං දන්නවා...ඒ මං මැරි කරා කියලා හිතපු නිසාම නෙමෙ කියන්න..."

"කියන්නම්...ගොඩක් දේවල්..තියෙනවා..ඔක්කොම කියන්නම්...
පොරොන්දු වෙනවාද...පුළුවන් උපරිමෙන් දරා ගන්නවා කියලා..."

"හ්ම් පොරොන්දු වෙන්නම් මං..."

එයාගෙ පැත්තෙන් අහන්නම ඕනා ටික අහලා තියෙද්දී මං මගේ කතාව කියන්න පටන් ගත්තා...

"ඔයා දන්නෙ නැතිව ඇති මං මැරි කරේ...ලොකු සර් මාව බලාගන්න බාර දීපු ප්‍රියා අම්මගෙ දුවව කියන්න...."

"ම්ම්..මොකක්...!! ඒත්...."

"දෝනිගෙ අම්මා....සිහලි කියන්නේ ප්‍රියා අම්මගෙ දුව...මට මගෙ නංගි වගේ...ඔයා මාව මඟ අරිද්දී මං අවුලෙන් ඉද්දී කෙල්ල තමා මං එක්ක කතා කර කර හිත හැදුවේ...ද්.. දරුවා....එයා....දෝ...නි....."

"මං දන්නවා උඹෙ නෙමෙ කියන්න...පෙනුමෙන් විතරක් නෙමෙ..වයසෙන් බැලුවත් එහෙම වෙන්න බෑ...අනික...මට දැන් සාක්ශි තියෙනවා....උඹ හිතන් උන්න හැටිත් මං දන්නවා...ඒ ගැන පස්සෙ කතා කරමු...දන් මට ඕනා මේ දේවල් මෙහෙම උණ විදිහ දැනගන්න..."

"හ්ම්ම්...කොහොමහරි එදා ඔයාගෙ වෙඩින් එක දවසෙ උදේ තමා කෙල්ල මට කිව්වේ එයා ප්‍රෙග්නට් කියලා...එයා මගෙන් ප්‍රියා අම්මාගෙන් ඒක කොහොම හරි හැන්ඟුවා..එයා මට දරුවාගෙ තාත්තා  ගැන කිව්වා...නංගි එදා  ගියේ ඒ කොල්ලව බලන්න..ඒ ගැන අවුලෙන් ඉද්දීමයි වෙඩින් එක ගැන දන්නෙ...හුස්මක් ගන්න උණේ නෑ... සිහලි ඇක්සිඩන්ට් උණා කියලා පණිවිඩේ ආවා...ප්‍රියා අම්මාව ලංකාවට එවන්න ටිකට් බුක් කරන්න හැදුවත් බැරි උණා..ගෙදර එද්දී කවුරුහරි ටිකට් ගෙදරට එවලා..අම්මා එක්කම මටත් එන්න කිව්වා..අම්මා කැමැති උණේ නෑ මාව එක්ක යන්න...ඔයා ආවම ඔයා එක්ක කතා කරන්න කිව්වා...ඒත් ටිකට් එවපු මිනිස්සු තර්ජනේ කරා...මට එන්න වෙන තැනට වැඩ කරන්නම් කියලා කිව්වා...කිව්වා වගෙම උන් මාව ගෙන්න ගන්න ඕනාවට ගෙට ගිනි තිව්වා..."

"ද්...දෙවියනේ...බබා....උන්...ක්...."

"ඒ ඔයා හිතන කෙනාම තමා සර්...අපි හමොගෙම හතුරා එක්කෙනෙක්...කොහොමහරි
එන්න ඕනා නැති උණත්...ඒක ඇහුවම මට නෑවිත් බැරි උණා...අපි එද්දී උන් සිහළිවයි බාප්පාවයි ගේදර අයයි ඔක්කොම කොලබ ගෙනත්...ඒ දෙන්නා එක හොස්පිට්ල් එකේ උන්නේ...බාප්පා අවදානමෙන් මිදිලා උනාට සිහලිට ගොඩක් අමාරුයි..."

එයාගෙන් ලැබුණ පොරොන්දුවත් එක්ක මං එයා එක්ක කිව්වා..හැමදේම වගේ කිව්වා...සදහටම මගෙ හිතේම හංගන් ඉන්න හදපු ඒ හැම රහසක්ම මං එකින් එක එයා එක්ක කිව්වා...සිහලිගේ ඇක්සිඩන්ට් එකේ ඉඳන් ආපහු ලංකාවට ආපු හැටි..ආවම උණ දේවල්...දරුවෙක් ලැබෙන්න උන්න සිහළිව කසාද බැඳපු හැටි..අර ගෑනි ඒ තත්වේට පාර කපාපු  හැටි කිව්වා..සිහලි එයා දරුවා අතරෙ තියෙන සම්බන්දේ ගැන..ප්‍රියා අම්මා එක්ක සම්බන්දේ ගැන කථාව පස්සට තියලා.....අහිංසා අම්මා...එලිනා...සෙවරින් සර් ඔක්කොම එකට පැටලුණ එයා නොදන්න කතාව මං එයා එක්ක කියද්දි....එයා මාව බදාගෙන සෑහෙන වෙලාවක් අඩා වැටුණා...

"ම්ම්..මගෙ...මගෙ මමා නෙමෙ කියලද කියන්නේ බං...."

........

"ක්..කොහොමද...කොහොමද මං විස්වාස කරන්නෙ කිරුළු...කොහොමද...ඒ දුන්න ආදරේ එක්ක..මං මමාගේ නෙමෙ කියලා විස්වාස කරන්නේ..."

........

"පපා.. මගෙ පපා....මමාට ඇත්තටම ආදරේ කරලා බබා...ඒ..එයා...එයා අර ගෑනි කියන කියන විදිහට ඔක්කොම කරේ... මේ රහස රැක ගන්නද දෙවියනේ...එයා මොන තරම් රිද්ද ගන්න ඇති ද කිරුළු...මමාටත් වඩා...පපාට රිදෙන්න ඇති නේද මැණික..."

.........

"අර ගෑනි...ඒ ගෑනි...ආර්හ්.... අහු උණා නම් මට....යක්ස ගෑනි...මට කරන්න ඕනා තරම් ඔක්කොම කරාට...උඹට මෙහෙම මේ තරම් කරදර කරයි කියලා හිතුවෙ නෑ බං...අනේ මට උභව බලාගන්න බැරි උනානේ.."

........

" උඹත්.. උඹත් මේ ඔක්කොම හිතේ හංගන් කොහොම ඉවසුවාද මැණික.....මේ තරම් දෙයක් කරන්න තරම් මං වෙනුවෙන්...ඒ තරම් මාව වටිනවාද බබා...ඇයි...ටිකක් ආත්මාර්ථකාමී වෙලා...මට නොකිව්වෙ ඒ ගැන...ඇයි කතා නොකරෙ එක වතාවක්..."

........

"හරි...හරි...ඒ ඔක්කොම ඉවරයි දැන්..ඒ ගෑනි ආපහු නෑනෙ...මං ඉන්නවනෙ ළඟ... ආයි මොකුත් වෙන්නේ නෑ...මොකුත් වෙන්න දෙන්නේ නෑ මං..."

.........

එයා අඩ අඩ ප්‍රස්න අහද්දී ඒවට දෙයක් කියන්න හයියක් නැතිව මං අහං හිටියා...

"මමා මගෙ මමා එයා මේ ගැන දැන ගත්තොත් දුක් වෙයිද කිරුළු...එයා ආදරෙන් උස්මහත් කරේ එයාගෙ දරුවෙක් නෙමෙ කියලා දැන ගත්තොත් දුක් වෙයිද..."

"ඔයා දුක් වෙනවාද සර්.."

"ආහ්.."

"ඔයාව වදපු අම්මා ළඟ නැතිව...අහිංසා අම්මා ළඟ හැදුණ එක ගැන ඔයා දුක්වෙනවාද සර්..පසු තැවෙනවාද..."

".....දුකක් තියෙනවා...මගේම අම්මාව මට මඟ අරුණ එක ගැන...ඒත් ඒක දුකක් විතරයි...එයාට මගෙ අම්මට මූණ දෙන්න උණ නරක කාලෙ ගැන දුකයි මට...මමාගේම වෙන්න බැරි උණ එක ගැන දුකයි..ඒත්..මමාගේ ළඟ උස් මතත් උණ එක ගැන...මට පොඩිම පසුතැවීමක් මට නෑ බබා...මොකද මගේම නොවුණට....ලේ වලින් බැදුණේ නැතිවට...ඒ මගෙ මමා...ඒකෙ කවදාවත් වෙනසක් නෑ..."

"ඒ වගේ...තමා අහිංසා අම්මා මේ දේවල් දැන ගත්තත්...අහිංසා අම්මා කවදාවත්...ඔයා එයාගෙ කුසින් බිහි නොවුන එක ගැන දුක් වෙන එකක් නෑ සර්..එයාගේම නොවුන එක ගැන දුක් වෙයි...ඒත් කොහොමහරි ඔයා එයා ළඟට ආපු එක ගැන කවදාවත් දුක් වෙන එකක් නෑ...ඒත් ඒ අත්ත..එයාට කොයිතරම් දරාගන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රස්නෙ..."

"...  හ්ම් මට තේරෙනවා...එයා...මගෙ මමා කවදාවත් මේ දේවල් දැන ගන්න ඕනා නෑ මැණික...ඒත්...මට එයාව බලන්න ඕනා...ම..මගෙ අම්මා..එයා කෝ...කිරුළු..එයා ගැන මොකුත් දන්නේ නැද්ද ඔයා...."

"හ්ම්ම් අහිංසා අම්මා නොදැන ඉන්න එක හොඳයි...එයාව මං දන්නවා සර්..එයා හොදින් ඉන්නවා.දවසක එක්ක යන්නම් මං..."

"ම්ම්....මං බලන් ඉන්නවා..."

ආපහු නිහඬ උණ එයා මගේ උරහිසේ ඔලුව ගහන් ඇහුණ දේවල් තව පැහැදිලි කරගන්න වගේ ලොකු කල්පනාවකට වැටෙද්දී මගේ ඇගිලි තුඩු එයාට සහනයක් දෙන්න හිතන් ඒ කෙස් ගස් අතරින් එහා මෙහා ගියා...

"කිරුළු.."

"ම්ම්ම්.."

"ඔයාට වෙන මොකුත් කියන්න නැද්ද මන් එක්ක..."

"ස..ර්.."

"ඔයා ගොඩක් දේවල් කිව්වට...ඒ කතාව ඇතුලේ අඩුපාඩු තියෙනවා බබා...නොකියා උන්න හරිය....කියන්නේ නැද්ද මට...."

"ක්..කියන්න ඕනා...ඒත්......."

නිහඬ බව බිදින ගමන් එයා අහද්දී මං එයා දිහා බැලුවේ අසරණකමකින්...සිහලි ප්‍රියා අම්මා...දෝනි සර්...මේ පටලැවිල්ල මං කොහොම ලිහන්නද....අත්ත මොකක්ද...ඒ දරුවා මං මේ තරම් කල් විස්වාකරන් උන්නා වගේ සිහලිගෙයි සර්ගෙයි නම්.....කොහොමද අපි ඒක දරා ගන්නේ...ඒත් සර්ගේ නෙමෙ නම්...මේ තරම් කල් එහෙම හිතන් උන්න මං කොහොමද ඒක දරා ගන්නෙ...එයාගෙ අම්මට නංගිට උණ දේවල් එයා කොහොම දරා ගනිද....එයා හරි..අමාරුම හරිය තාම ඉතිරියි...

.............

"ම්ම්..මට විස්වාස නෑ...ඒ කිව්වම....ලැබෙන ප්‍රතිඵල.... ඔයාටවත් මටවත් දරාගන්න පුළුවන්ද කියලා...මට විස්වාස නෑ සර්...ඒ...ඒ නිසා කොහෙං කොහොම පටන් ගන්නද මට තේරෙන්නේ නෑ..."

"මං උදව් කරන්නද ම්ම්....."

..........

මං ලොකු අපහසුවකින් වචන එකතු කරද්දි එයා ඇහුවේ මාව පුදුම කරන ගමන්...

"දෝනි ගැන...දෝනිගේ තාත්තා ගැන අපි කතා කරන්න ඕනා නේද බබා..."

"ස්..සර්..."

"කලින්...නිකංවත් හිතුණේ නෑ මට...ඒත්...දැන් දන්නවා...උඹ ඒ දරුවට මගේ නම දුන්නේ නිකංම නෙමෙ කියන්න..."

එයා ආපහු කිද්දි මං පුදුම උණත් දෝනි ගැන එයාගෙන් හංගුවට එයා සමාව දෙයිද කියලා හිත කෑ ගහද්දී දැනුණ වරදකාරි හැඟීම එක්ක මං බිම බලා ගත්තා...

"ඇහුවා නේද..මං එදා නොකියාම ආවෙ ඇයිද කියලා..මොකද..මට තිබුණා...දේවල් ටිකක් හොයාගන්න..."

.......

"ඔයා එදා රෑ... ඩ්‍රින්ක්ස් අරන්... මං එක්ක ගොඩක් දේවල් කිව්වා බබා..මතකද ඔයාට..."

"සර්..."

එයා එකදිගට කියද්දි එයා මේ මොනාද කියන්නෙ හිතා ගන්න බැරිව මං ඔලුව උස්සලා එයා දිහා බැලුවා...

"මට එදා ඒ වෙලාවේ තේරුනේ නෑ ඒ මොකුත්...අගක් මුලක් ගලපගන්න බැරි උණා...ඒත්...පහුවදා උදේ.. ඔයා කියපු කතාව එක්ක..මට දෙයක් මතක් උණා බබා...සිද්ද උණ ගමන් මාව හුගාක් කලබල කරපු..කට්ටියක් ඔයාට රිද්දන්න පාවිච්චි කරන්න හදපු...හිත රිද්දන්න අකමැති නිසාම මං ඔයාගෙන් හංගපු කතාවක්..කාලෙත් එක්කම මට අමතක උණ කතාවක්..මට ආපහු මතක් උණා බබා...ඔයා අසිහියෙන් උණත් කියවපු දේවල් එකින් එක ගලපන ගමන් කල්පනා කරද්දි මට තේරුණා ඒ කියපු දේවල් එක්ක ඒ දේවල් ගැලපෙනවා කියලා වගේම.. මං නොදන්න ලොකු කතාවකුත් ඒ ඇතුලේ තියෙනවා කියන්න...ඉතිං..මන් ආවෙ ඒ ගැන හොයන්න..මට මග ඇරුණ කතාව හොයන්න..මෙහෙ එන්න කලින් මං ගියේ කොළඹ...එදා ඒ සිද්ධිය උණ තැනට..."

......

"මං..හොයා ගත්තා..මට මඟ ඇරුණු දේවල්
පහුවෙලා හරි...ඒත්..ඒ දැන ගත්තාම...මං දැනගෙන හිටියෙ නෑ... ඒ දේවල් උඹට කොහොමද කියන්නේ කියලා...ඒ නිසයි..ආපහු එහෙම්ම නුවර එළි නොයා මෙහෙ ආවෙ..ටිකක් නිදහසේ කල්පනා කරන්න...ඒත්..මට තීරණයක් ගන්න බැරි උණා...මොනා කරන්නද කියලා...ඒත් දැන්... මේ අහපු දැකපු ඔක්කොටම පස්සෙ...මං හිතන්නේ කියන්න ඕනා දේ මං දන්නවා...බබා...ඔයා ලෑස්තිද ඒ ඇත්තට මූණ දෙන්න...."

එයා කියද්දි මට සුසුමක් හෙළුණා...ඉතිං එයා හැමදේම හොයාගෙන....දරා ගන්න අමාරු උණත්...අපි ඒ ඇත්තට මූණ දෙන්න ඕනා...එයා වගේ මමත්....හිතට එකඟ නැති උණත් මං ආපහු ප්‍රාර්ථනා කරා....දෝනි එයාගෙ වෙන්න එපා කියලා...ඒත් අහපු දේ එක්ක මගේ ලේ ටිකත් එක්ක වතුරවෙලා ගියා.....

මතුසම්බන්ධයි......
👩‍💻 dil

2024/03/15

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

අලූත් කවරේ හොඳද ළමයි...🤗🤗

අම්මෝ මට බෑ.......🤪🤒🤕

මේ කොටස ලියා බැරි බැරිව මම විදපු දුකක්.....🤧🤧 දවස් ගාණක් තිස්සේ ඔට්ටු උණා අප්පා...කියවන්නවත් නෑ...මේ දවස් පහ හයේ....ඒකටම හරියන්න හිතේ අපහසුවටමදෝ දවල් රෑ නැතිව නින්ද යනවා...ටයිප් කරන්න ගත්ත ගමන්...💔💔

සමාවෙන්න ගොඩක් පරක්කු උනාට...🥺

ලෙවින්ගේ හැඟීම් විස්තර කරන්න සෑහෙන්න අමාරු උණා...සාර්ථකද කියන්න දන්නේ නෑ....🤧🤧

කොහොමහරි අද වචන 8000 පැනලා...🤗

අඩුපාඩු උණා නම් සමා වෙන්න......🥺🥺 

ඊලඟ එකෙන් සැගවුණ අමුත්තා ගැන කියනවා....අමුතුවෙන් හංගන්න දෙයක් නෑ ඉතිං......හැමෝම දැනගෙන ඉන්න ඔන මේ වෙද්දී.....😊😊

කිරුළට තව විඩියෝ එකක් හම්බ උණා....non ff විදිහට....🥺🥺 හැඟීම් පිරිලා අප්පා ඒ රූපයක් ගානේ....මට කියන්න තේරෙන්නේ නෑ...මගේ fb profile එකේ තියේ....කැමති අය ගිහිං බලන්න...KushiJerome අක්කි මැණිකේ....මේ දෙන ආදරේට ආදරෙයි මං මහ ගොඩක්....🥺🥺🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හෙට නිවාඩු...ඉක්මනින් එන්න බලන්නම්......

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

මං නුඹෙමද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවා නම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..

සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවා නම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..

සඳ අහසට රළු පොළොව දුරයි.. කියනවා..
එක ඉවුරේ..
දෙතැනක ඇයි.. අහනවා..
කිසිවක් නොඅසා..
ගං දිය පහලට..
ගලා යනවා නම්..
අපි ගැන දන්නා..
කවුරුත් තව නෑ..
අපි අපේ විතර නම්..
අපි අපේ විතර නම්..

මං නුඹෙමද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවා නම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්.

සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවා නම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..

සාගරේ හඬ දිගේ.
මේ ගඟ ගලනවා නම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..

ආ හ හා.. හා හා හා...

Continue Reading

You'll Also Like

46.9K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...
1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
39.4K 625 12
y/n goes to a new school ,she lives with her best friend Sabrina. she's not like others girls so she's not really into popular guys ,but once oikawa...
69.4K 4.1K 25
š“¦š“±š“Ŗš“½š“®š“暝“®š“» š“øš“¾š“» š“¼š“øš“¾š“µ š“²š“¼ š“¶š“Ŗš“­š“® š“¾š“¹ š“øš“Æ, š“±š“²š“¼ š“Ŗš“·š“­ š“¶š“²š“·š“® š“Ŗš“»š“® š“¼š“Ŗš“¶š“®. To know more, peek inside the book. Cover and banne...