තත් 🔞

By sheronhesaraa

25.9K 1.1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

විසි තුන්වන ස්වරය ♥

368 18 40
By sheronhesaraa

"අයියෙ...මාතරට දෙකයි..."

ගාල්ල ස්ටේශන් එකෙන් මාතරට ටිකට්ස් දෙකක් ගත්ත මම මගෙ ගෝත කරුමෙත් ඇදගෙන ඇතුලට රිංගුවා...ගාල්ල ස්ටේශන් එක තියෙන්නෙ පොඩි ඇලක් අයිනෙ...ඒ ඇලට එහා පැත්තෙ පාර දිගටම තියෙන්නෙ ටියුශන් සෙන්ටර්ස් වගයක්...ලමයි පාර දිගේ යනවා...මම ඉතින් කෝකටත් අහස් අයියට මැසෙජ් එකක් දැම්මේ දැන් ට්‍රේන් එක කොහෙද කියලා බලාගන්න.

"දැන්නම් බූස්සෙ මල්ලි..."

ඒ අහස් අයියගෙ රිප්ලයි එක...ඉතින් අපි දෙන්නා ....

පොකුනයි පියුමයි විලසින් උන්නේ - ඔබ පමනයි අප හුන් සුවතැන් රසතැන් දන්නේ ...ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ...තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙ....යි...සුබ සැන්දෑවක් වේවා . .... ....

ආස් සොරි සොරි....අපි දෙන්නා ගැන කියන්න ගිය ගමන් සින්දුවක් මන්දෝ වුනානෙ....මට තියන පුරස්නෙ තේ රෙනව කියලා පස්සෙ සුබ සැන්දෑවක් කියන්නෙ ඇයි කියන එක...තේ රෙන්න සිලෝන්ටා එකේ අයිති කාරයාටවත් බැරුවැති මයෙහිතේ...

ඒවයින් වැඩක් ඉල්ලේ...අපි දෙන්නා...මැද තියන platform එකේ කෙලවරේම තියෙන බෙන්ච් එකේ ඉඳගත්තා...මහන්සියි...අව්වෙ ඇවිදපු නිසා වෙන්න ඇති දාඩිය බේරෙනවා.

"සුදු මහත්තයා..."

"ඕ මගෙ චුට්ටම් බට්ටිච්චෝ...මේ ඔයා දැකපු තං ගෙඩිය කොයි ?"

"චුට්ටම් බට්ටිච්චා දැක්කේ දං ගෙඩියක් මිනියෝහ්...ඒ මගුලක් නෙවේ...අහනෝකො....අපේ සින්දුව කියන්නකො අනේ..."

"අපේ සින්දුව කිව්වෙ අර අරකද..."

"ඕ ඕ...ඒ ඒක තමා..."

"හරී...ඔන්න එහෙනම් කිව්වා..."

මම හොඳටම දන්නවා මේ කියන්න කියන සින්දුව මොකක්ද කියලා...එහෙමයි කියලා ඉතින් එකපාරට කිව්වම අගයක් නෑනෙ මෙයා...පොඩ්ඩක් අගේ කරන්නත් එපැයි...ඒ නිසාමයි මගෙ කට කනට ගිහින් කන ඇහේ ඇනිලා මම පොට්ට වුනේ...දැන් මම පොට්ට ශෙරෝ....කටේ රැල් බුරුල් ඇරලා මම ඉතින් පටන්ගත්තා සින්දුව.

"රන් අරුනැල්ලේ පීදෙන
සාර කෙතේ නුඹ හිඳිනා
නිල් පවනැල්ලේ රැලි නගන
වැවේ නුඹ හිඳිනා

අප්පච්චී අප්පච්චී නුඹයි රටට අප්පච්චී...චී චී...අප්පච්චී....ඕ යේහ්හ්හ්."

මගෙ කොල්ලගෙ ඇස් ටොම්බා සයිස් වුනා...කට ඇරුනා...මූ දැන් නිකන් සොම්බි ෆිලුමක ඉන්න සොම්බියෙක් වගේ සුදුමැලි වෙලා...

හැබැයි තප්පරේට පුදුමෙන් කේන්තියට මාරුවුන මගෙ ඇටයා ඔලුව පිටිපස්සට දුන්නු පාරට නැති චූ බරකුත් ලෝඩ් වුනා මට.

"ආව්ව්...මොකද ගොනෝ ගහන්නෙ."

"මොනාද ඕයි ඔය කියන සින්දු...මිනිස්සුන්ට ඇහුනොත් ගුටි කන්න වෙන්නෙ..."

"ආ හරි හරි අනේ....ජෝක් එකක් කලේ....ඒකෙන් වැඩක් නෑ...දැන් මොකක්ද ඔය අපේ සින්දුව..."

"අනේ...තවුසෙට මතක නෑ නේද මිනියෝහ්හ්හ්...ඕම තමයි...පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනෙ..."

"මෙන්න මෙහෙ වරෙන් මගෙ මෝඩ කොල්ලා....මට අමතක වෙනවද එහෙමත්...ඔන්න එහෙනම් අහගන්න.....😁"

"එක හීන රෑක දෑත දෑත යාවෙලා
හිම රේනු නෑවි නෑවි තුරුලුවෙලා
ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා
සිත ආයෙ ආයෙ ආයෙ සොයන කෙනා "

"අනේ ලස්සනයි ශුඩු මාත්තයා...."

."ම්ම්ම්ම්...තැන්කූ මැනික...මේ ඔයාට මොනාහරි කන්න ඕනිද".

"එපා දැන් කන්න බෑ අනේ...මහන්සියි."

"ම්ම්ම්...එහෙමනම් නෙස්කැෆේ එකක අරන් දෙන්නද."

"ඒත් එපා ...මේ රස්නෙ බොන්න බෑ අනේ."

"ආ....එහෙනම් ඉතින් වාඩිවෙලා හිටු ට්‍රේන් එක එනකල්..."

"ඉන්නවා තමා...හහ්..."

"ඉතින් ඉඳපන්...හුහ්..."

අපි දෙන්නම ඉතින් දෙන්නට දෙන්නා ගස්සලා අහක බලාගත්තා...මූ මේ හුරතල් වෙනවා මන් එක්ක...හිවල් පැටියා මගෙ...හැබැයි වැඩිවෙලා එහෙම ඉන්න වුනෙ නෑ...දෙන්නම හොරෙන් බලන්න ගිහින් දෙන්නම දෙන්නට මාට්ටු වුනා...ඒ එක්කම හයියෙන් දෙන්නටම හිනාගියා.

"මොකද ටෝ...නෙමටෝඩා."

"ඇයි ඇයි මොකජ මොකජ ...මොලූස්කා."

"කට කන්නජ ඒයි ඔයාගෙ."

"කන්නකො ඒයි....$

මම කට කන්නද ඇහුවෙ බැනුමක් බලාපොරොත්තුවෙන් වුනත් මේකා බෙල්ල පැත්තට හරවලා ඇස් බෝල කරලා තොල් කොනක් හපාගෙන කන්නකො ඒයි කියලා හීන් හඬින් කියද්දි මගෙ ඇඟේ මයිල් ස්මයිල් වුනා...කලිසම පිම්බෙනවා වගේ තේරුනාම මම බෑග් එක අරන් උකුල උඩින් තියාගත්තා.

"ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො."

හැබැයි මේකා නෙවේ කනකට ගත්තෙ...මේකා කලේ මේකාගෙ බෑග් එකත් උකුල උඩින් තියාගෙන බෑග් වලට යටින් පනගහගෙන එන මගෙ යකඩ දන්ඩ හෙමීට ඉරිමදින්න ගත්තේ මූනෙන් කිසිම වෙනසක් නැතුව...කිසිම කෙනෙකුට අපි දෙන්නා මෙහෙම දෙයක් කරන බව ඉවවැටෙන්න නම් විදිහක් නෑ...මොකද එයා හරිම සූක්ශම විදිහට ඒක කරනවා...හැබැයි මම...මට පිස්සු හැදීගෙන එන්නෙ....මෙහෙම පිස්සුව තදවෙලා බුරුල් කරගන්න බැරිවුනොත් මම මූව තමා අල්ලගන්නෙ...සෙද්ද.

"එපා බබා...මට අමාරුයිහ්හ්...ඩෙනිම ගහගෙන ඉන්නෙ..."

මම බලෙන්ම එයාගෙ අත ඇදලා දැම්මා...ඇයි යකෝහ්...ඇඟේම සත්තිය ඒකට ඇදිලා එනවා වගේ දැනෙද්දි ඉවසන්න පුලුවන්ද...ඉවසන් හිටියත් ඔය සත්තිය ලාවා විදිහට ගිනිකන්ද මුදුනින් එලියට ගැලුවොත් වසලා හමාරයිනෙ.

"ම්ම්ම්හ්හ්...තියාගන්නව තවුසෙගෙ මහලොකු විශ්ව දන්ඩ...හුහ්..."

"හහ්...මේ එන්න එපා ඒකට එක එක ඒවා කියාගෙන හරිජ.."

"ඇයි ඇයි....මේ සුදු මාත්තියා..."

"ඕහ්හ්...."

"අපේ හෙට ශෙඩියුල් එක මොකක්ද ඈ..."

"ම්ම්ම්...හෙට හවස චුල්ල වට්ටි හාමුදුරුවන්ගෙ බනක් තියෙනවා...අහන්න යමුද...."

"කොහෙද තියෙන්නෙ..."

"වකපුටේ හන්දියෙ තියෙන්නෙ...එතන නයියා පටවන සන්දරශනේකුත් තියේ..."

"අනේ යමුකො...මම ආසයි අර නයි නලාවෙ සද්දෙට...නයි නටවන කට්ටිය කොහෙන්ද ගෙන්නවන්නෙ..."

"ඒකනම් දන්නෙ නෑ....මොකෝ කියන්නෙ ගිහින් බන තලලා , නයියා පටවලා , කොස් කිරලා එමුද..."

"යමු යමු...ඒත් මම ඔය හාමුදුරුවො ගැන අහලා නෑනෙ අනේ...අනික කොහෙන්ද කොස් "

"ආ එයා ඒතරම් ජනප්‍රිය හාමුදුරු නමක් නෙවේ..."

"ම්ම්ම්...කමක් නෑ යමුකො එහෙනම්..."

මරු වැඩේ...මේකා පව් අප්පා...මම කුනුහර්ප වැලක් අකුරු මාරු කරලා කිව්වත් ඉස් මුදුනින් පිලිගන්නෙ...අනේ මගෙ පුංචි එකානෙ ඉතින්.

"සුදු මාත්තයා....කතාවක් කියලා දෙන්නකො..."

"ම්ම්ම්....මොන වගේ එකක්ද...හොල්මන් එකක් කියලා දෙන්නම්ද..."

"හා....කියන්නකො අනේ...ඇත්ත එකක්ද..."

"ඔව්...මේක ඇත්තම එකක්..අපේ තාත්තත් මේකෙ ජීවමාන සාක්ශිකාරයෙක්...මේක වුනේ මාතර ටවුන් එකේමයි...හැබැයි අපේ ගෙවල් වලට ටිකක් ඈත පැත්තක...මේකෙ කතා නායකයාට මම කියන්නම් කොන්ඩයා කියලා හාද...එයා හිටියෙ මාතර ටවුන් එකේමයි......"

"මොකද අනේ කොන්ඩයා කියලා දැම්මෙ...මේ තරම් නම් තියන රටේ ඇයි කොන්ඩයා කියලා නම දැම්මෙ...අමල් , විමල් , කමල් , බිමල් , නිමල් , සුනිමල් , සිරිමල් , නාමල් බැරිනම් කිඩාරම් මල් කියලා හරි දාන්න තිබුනනේ...කොන්ඩයා කියන්නෙත් නමක්ද අනේ..."

"ඉන්නවකො අනේ පනින්නෙ නැතුව...කියනෙක අහගෙන ඉන්නවා මුලින්...."

"කියන්නකො අයියෝහ්හ්...."

"අහගන්නකො එහෙම නම්..."

( මෙතැන් සිට මේ යන කෙටි අතුරු කතාව අතිශය සත්‍ය කතාවකි...මීට වසර දහයකට පමණ මාතර නගරයේ අතිශය ජනාකීර්න පෙදෙසක සිදුවූ මෙය සම්පූර්නයෙන්ම මගෙ පියාගේ සත්‍ය අත්දැකීමකි...මෙහි කතා නායකයා මගෙ පියාගෙ හිත මිතුරෙකි. )

"ඔන්න බබා අපේ තාත්තගෙ පරන යාලුවෙක් උන්නා කොන්ඩයා කියලා....එයාට එහෙම කිව්වෙ එයා කර්ල් කොන්ඩෙ ඉන දිගට වවලා අගිස්සෙන් එකට එකතු කරලා ගුලියක් ගහගෙන ඉන්න නිසා...කලුම කලු හෙන උස මහත හෙන කඳයා ටයිප් එකේ පොරක්..."

"ඉතින් ඉතින්..."

"ඉතින් ඔන්න දවසක් ඒ මනුස්සයගෙ ගෙවල් කිට්ටුව තොවිලයක් තිබිලා...මාතර පැතතෙ ගුරුකම් එහෙම හරි සුලබයි...තොවිල් පවිල් හරිම සුලබව තියෙනව...ඉතින් ඕකෙදි හදනවා පෙරේත තටුව කියලා එකක්..."

"ආ ඒකනම් දැකලා තියෙනව...අර ගොක් කොලවලින් හදන එක නේද."

"ඔව් ඒකතමා...ඉතින් ඕකෙන් අපි එක එක ජාති තැන්පත් කරලා ඒ තැන්පත් කරන දේවල් ප්‍රේතයොන්ටයි යක්ශ ආදී අමනුශ්‍යයන්ටයි කැපකරනවා..."

"කැපකරනව කියන්නෙ..."

"කැපකරනව කියන්නෙ...එයාලගෙ නමට පවරනව වගේ දෙයක්...එතකොට ඒවා අමනුශ්‍යයන්ගෙ...ඉතින් තොවිලෙ අන්තිමට ඔය ප්‍රේත තටුව ගිහින් දාන්න ඕන කනත්තකට හරි තුන්මන් , හතරමන් හන්දියකට හරි...ඕක උස්සගෙන අරගෙන යන්න සාමාන්‍යයෙන් හොඳ හැඩි දැඩි පිරිමි තුන් හතර දෙනෙක් තෝරගන්නව.".

"ගොක්කොල ටිකකුයි කෑම ටිකකුයි උස්සගෙන යන්න මොකටද අනේ හතර දෙනෙක්...."

"ඔයා විස්වාස කරන එකක් නෑ...මේ දේ මම අත්දැකල තියෙන දෙයක්...හන්දි , පාලු ඉඩම් , රේල් පාරවල් වගේ ඒවා පහු වෙන්න වෙන්න තටුව බර වෙනවා.. මම දන්න තැනක තොවිලෙක මමත් ගියා තටුව ගිහින් දාන්න යන අය එක්ක...තොවිල් ගෙදරින් එලියට ගනිද්දි දෙන්නෙක් හරිම සැහැල්ලුවෙන් උස්සලා ගත්තෙ...අපි ඒ එන පාරෙ තියෙනව රේල් පාරක්...රේල් පාර පැන්නා විතරයි හතර දෙනෙකුටත් උස්සන බැරි තරම් තටුව බරයි....ඉතින් ඒකයි හැඩි දැඩි පිරිමි ගන්නෙ ඔය වැඩේට......."

"ඉතින් ඉතින්.."

"ඉතින් කිතුල්..."

"නාකි පතුල්..."

"අතේ ඉඳුල්...."

"කන්නෙ දොදොල්...ම්ම්හ්හ්හ්හ්"

"අනේ මේ...කියන්නකො අප්පා ඉතුරු ටික.."

"හා හා..ඉන්න...ඉතින් අර තොවිල් පලේ තටුව උස්සගෙන යන්නත් තෝරගෙන තියෙන්නෙ ඔය කොන්ඩයයි තව දෙකුත් දෙනෙකුයි...සෙට් එකම ඉඳලා තියෙන්නෙ බීලා...පස්සෙ මගක් යනකොට මුන්ට තටුවෙ තියලා තිබුනු ගංජා කෑලි ගැන ආසාවක් එනවා...ඔය තටුවකට කෑම බීම , තැඹිලි , පුලුටු , මස් , කිරි , දීකිරි , මල් , ගංජා , අබිං , කසිප්පු , කලු අරක්කු , බීඩි , සුරුට්ටු සේරම තියනවා....."

."ඉතින් කට්ටිය කතාවෙලා ගංජා ටික අරගෙන...කොන්ඩයාට පෙරේත තටුවෙ තියපු අන්නාසි කන්නත් ආසවෙලා...අනිත් උන් කිව්වලු එපා බන් ගංජා ටික විතරක් ගනින් ඕවා කන්නෙපා කියලා...හැබැයි මූ අහලා නෑ...අන්නාසි කෑල්ලකුත් කාලා...කට්ටිය ඉතින් ශේප් එකේ හන්දියකින් තටුව දාලා තොවිල් පලට ආවලු...ආව වෙලේ ඉඳන් කොන්ඩයා හූ කියනව , දඟලනව , ගොරවනව...එක සෙල්ලමයි."

"ඉතින් ඉතින්..."

"ඊටපස්සෙ අර තොවිලෙ ඉවර වෙද්දිම වගේ කොන්ඩයාගෙ තොවිලෙත් පටන්ගත්තා...ඒක හිතන තරම් ලේසි වුනේ නෑලු...මම ඔය දේ වෙද්දි අවුරුදු දහයක විතර සූටියෙක්...අපේ තාත්තා ගෙදර ඇවිත් මාව තොවිලෙ බලන්න එක්ක යන්න හැදුවම එදා අපේ ගෙදර උන්නු තාත්තගෙ චූටි නැන්දා බැන්නා පොඩි එකාව තියල පලයන් ඕක නිකන් පොඩි තොවිලයක් නෙවේනෙ කියලා....

පස්සෙ තාත්තා ගෙදර ඇවිත් කිව්ව විදිහට ඒ තොවිලෙ සේරම වත්පිළිවෙත් කරලා ඉවරවෙද්දි කොන්ඩයා තදටම හූ කියන්නයි හයියෙන් හිනාවෙන්නයි අරන්...බෙරේ ගහනවලු දෙදරන්න දැන්...බෙරේ නැතුව කන්ට්‍රෝල් කරගන්නම බෑලු...වේවැලට පොඩ්ඩක් කන්ට්‍රෝල් ලු...යකැදුරා වේවැලෙන් පාරක් ගහලා ඇහුවලු කව්ද උබ කියලා...කියන්නෙම නෑලු...ආයෙ ගැහුවලු...ඒත් නෑලු...පස්සෙ ඇහුවලු උබ මේ ප්‍රානකාරයා අතෑරලා යන්න ඕන...උබට ඒ වෙනුවට මොනාද ඕන කියලා...බිල්ලක් ඉල්ලුවලු..."

"බිල්ලක් කීන්නෙ මොකක්ද ඒයි...."

"බිල්ලක් කියන්නෙ පනක්...ඌ යන්නනම් කාගෙ හරි පනක් ඉල්ලලා...බිලි වර්ග ගනනාවක් තියේ...නර බිල , ගෙරි බිලි , සැවුල් බිලි....මූ මොකුත් කියලා නෑ...පස්සෙ යකැදුරා කියලා උබට සැවුල් බිල්ලක් දෙන්නම් ඒක අරන් පලයන් කියලා.....

මූ එකපාරට හූ කියලා නැගිටලා...යකැදුරා ළඟට ගිහින් කිව්වලු මම සැවුල් බිල්ල ගන්නම් හැබැයි මෙතනදි බෑ...මන් ආව තැනට යන්න ඕනැයි කියලා..යකැදුරා ඇහුවලු උබ කොහෙනද ආවෙ කියලා...මූ කියලා තුන්මන් හන්දියකින් කියලා...පස්සෙ යකැදුරායි අනිත් සෙට් එකයි ඔක්කොම කොන්ඩයවත් අරගෙන තුංමං හන්දියකට යන්න ලෑස්ති වෙලා...බිල්ලට ගත්ත කුකුලව අපේ තාත්තගෙ අතට දීලා අල්ලගනින් බයනොවී කියලා...අපේ තාත්තා බය කෙනෙක් නෙවෙයි..ඔයා දනන්වනෙ..."

"ඉතින් ඊට පස්සෙ..."

"ඊටපස්සෙ සෙට් එකම බෙරෙයි දුම්මලයි අඩුම කුඩුම කරගෙන තුංමං හන්දියකට යන්න පිටත් වෙලා...යන ගමනෙත් මේකා නටනවලු...යකැදුරා කිව්වලු බෙරේනම් නවත්තන්න එපා කියලා...තාත්තා ගියේ කොන්ඩයට පැත්තෙන්ලු කුකුලත් අරන්...අරූ සැරින් සැරේ කුකුලට නියවනවලු...කුකුලට මූන ලන්කරලා දිව ඇදලා ඇස් කරකවලා හිනාවෙනවලු...ආයෙම වේවැලෙන් පාරක් වැදුනම ආයෙ කන්ට්‍රෝල් වෙනවලු....

පස්සෙ තුම්මං හන්දියට ඇවිත් කිව්වලු එහෙමනම් බිල්ල ගනින් මේ නරයව අතෑරලා පලයන් කියලා...බෑ කිව්වලු...මට යන්නනම් ලොකුම තැනට යන්න ඕන කිව්වලු නැත්නම් යන්නෙ නෑ කිව්වලු...ඇදුරා ඇහුවලු කොහෙටද කියලා..මහ කනත්තට යන්න ඕන කිව්වලු...මාතර මහ කනත්ත තියෙන්නෙ මාතර සෙන්ට්‍රල් එකට එහාපැත්තෙ...ඉතින් දැන් කට්ටිය ආයෙම පයින් කනත්තට එනවලු...ඒ අතරමගදිත් අරූ කුකුලට ඇද කර කර හිනාවෙනවලු...පස්සෙ කනත්තට කිට්ටු වෙද්දි මූ ටික ටික වේගෙන් යනවලු...බෙරකාරයට එච්චර වේගෙන් එන්න බෑනෙ...ඉතින් බෙරේ මගෑරෙනවලු...දැන් මූව කන්ට්‍රෝල් කරගන්නත් බෑලු...දැන් දැන් මේකා දුවනවලු කනත්ත පැත්තට...යකැදුරා වේවැලිනෙ ගැහුවත් ගොරවා ගොරවා දුවනවලු...ඉක්මනට යකැදුරා එකෙකුට කිව්වලු බෙරකාරයව කෝමහරි එක්ක වරෙන් බෙරේ නැතුව මූව මට්ටු කරන්න බෑ කියලා...ඉතින් ඔන්න දැන් කනත්ත පේන මානෙ ලු...මාතර කනත්ත කියන්නෙ ලොකු කනත්තක්...ඒ කාලෙ උසට තාප්පයක් බැඳලා උස කලු පාට ග්‍රිල් ගේට් එකක් දාලා තිබිලා තියෙන්නෙ...ඒ ගේට් එකට උඩින් පන ඇති එකෙකුට පනින්න බෑලු...පස්සෙ දැන් දැන් යකැදුරාටත් ගොරවනවලු , කන්ට්‍රෝල් නෑලු......"

"කෙලියනෙ...ඉතින්...ඊටපස්ස...අනේ කියන්නකො ඒයි...."

"ඉතින් ඔන්න ටිකක් යද්දි ත්‍රීවීල් එකක් එනවලු...ත්‍රීවීල් එක ඇතුලෙ බෙර කාරයා එනවලු බෙරේ ගගහා...ඩුඟු ඩුඟු ඩුඟු 🤣🤣🤣 ...දැන් බෙර කාරයා ත්‍රීවීල් එකෙන් අර දුවන එකාගෙ පස්සෙන් යනවලු බෙරේ ගගහා...දැන් ආයෙම පොඩ්ඩක් කන්ට්‍රෝල් ලු...හැබැයි දිවිල්ල අඩුකලෙ නෑලු...මූ අර දුවපු ගැම්මටම පැන්නලු අර උස ගේට් එකට උඩින්..ඒකෙ උඩ තිබ්බ උලකට කලවා හිල් වුනත් මූට ගානක් නෑලු...ඉතින් දැන් අනිත් උන්ට පනින්න බෑනෙ එහෙම....මුලින්ම කට්ටිය එකතුවෙලා යකැදුරාවයි බෙරකාරයවයි ඇතුලට දාලා...අපේ තාත්තත් ඇදුරා අතට කුකුලව දීලා ගේට් එක දිගේ උඩට නැග්ගලු...පහලින් නගින එකාගෙ ඔලුව තාත්තගෙ පස්සෙ වැදිලා තාත්ත එහෙමම ඇතුලට පතබෑවිලා..."

"හත්තික්කේ....පව් මගෙ මාමන්ඩියා..."

"ඉතින් තාත්තා යද්දි යකැදුරා ඉන්නවලු දුම්මල පන්දමක් අතේ තියාගෙන මතුර මතුර...අනිත් අතේ කුකුලාව උගෙ කකුල් දෙකෙන් එල්ලගෙන...පස්සෙ කුකුලව විසිකලාලු අරූ ළඟට...ඌ කුකුලව උකුලට ඇදලා අරන් මිනි වලක් උඩ වාඩිවෙලා කුකුලට නියව නියව හිනාවුනාලු...පස්සෙ එක පාරින් කුකුලගෙ බෙල්ල ටකස් ගාලා කඩලා දාලා බෙල්ලට කට තියලා ලේ බිව්වලු...කොන්ඩයාගෙ කොන්ඩෙ වගේම පපුව වෙනකල් දිග රැවුලකුත් තියේ...ඉතින් ඔය රැවුල දිගේ බේරෙනවලු කුකුලගෙ ලේ...පස්සෙ කුකුල් කුන විසිකරලා මූ හොඳට හරිබරි ගැහුනලු මිනී වල උඩ...දත් සෙට් එකම දාලා විරිත්තනවලු , හිනාවෙනලු...පස්සෙ ඇදුරා කුකුල් කුන සුදු රෙද්දකින් වහලා රෙද්දෙ හතර කොනට බිත්තර හතරක් තියලා මතුරලා දුම්මල ගැහුවා විතරයි කොන්ඩයා හූ කියාගෙන වල උඩම වැටුනලු...පස්සෙ ඌට පිරිත් පැන් ඉහලා සිහිය ගත්තම ඌ අහනවලු කකුල තුවාල වුනේ කොහොමද , ඉන්න බෑ රිදෙනව කියලා...පස්සෙ ආයෙම ගෙදර එක්ක එද්දි මූට බෑලු දැන් ගේට් එකෙන් එහා පැත්තට යන්න...කකුලත් තුවාලයිනෙ...කෝමහරි බැරිමරගාතෙ මූව තාප්පෙන් පන්නලා ගෙදර එක්ක අවිත් නූල් බැඳලා ඉවරවුනාමලු උගෙ තෝන්දු මාන්දු ගතිය ඇරුනෙ...."

"ඉතින් එයාට සනීප වුනාද ඊට පස්සෙ.."

"ඔව් කාලයක් යනකල් කිසිම ගැටලුවක් නැතුව හිටියා...පස්සෙ කාලෙක බෙර සද්ද ඇහෙද්දි ඌට සැරින් සැරේ ආවේස වෙන්න ගත්තා...තොවිල් ගොඩක් කලා...ඒත් හරිගියෙම නෑ...පස්සෙ දැන් අවුරුද්දකට විතර කලින් ඌ ලෙඩවෙලා මැරුනා...."

"අනේ...පව් නේද.."

"හ්ම්ම්...පව්නම් තමා...ඒත් ඔය කියන කෙනා සත්තු මරපු , හොඳට බීපු පව් වැඩ කරපු කෙනෙක්ලු...එයාගෙ පව් අන්නාසි කෑල්ල වෙලා හරි එන්න ඇති...."

"හ්ම්ම්...ඒක තමා නේද....ආ අන්න කෝච්චියක හූවක් ඇහෙනව...ට්‍රේන් එක එනව වගේ..."

"ම්ම්ම්ම්....ආ ඔව් ඔව්..කලබල වෙන්න එපා...මෙතන විනාඩි හය හතක් නවත්තන් ඉන්නව...කලබල නොවී නගින්න...අන්තිම පෙට්ටියෙ කිව්වා අර දෙන්නා ඉන්නෙ...."

"හලී...."

ගාලු කුමාරි ඉතින් නලව නලවා ස්ටේශන් එක පැත්තට එනවා...කලු පාට දුම් වලාවක් එක්ක හූ හඬකින් පරිසරය පිරිලා යනවා...මම මේ තරම් ලස්සනට වර්නනා කලාට ඕක ඇතුලෙ එන මිනිස්සුන්ට මේ තරම්ම ලස්සනට දැනෙනවද...2.30 ට මරදානෙන් පටන් ගන්න ට්‍රේන් එකට නැගලා ශීට් එකක් අල්ලගන්න මේ මිනිස්සු කොයිතරම් නම් ගේමක් ගහන්න ඇතිද...ශීට් එකක් අල්ලගන්න බැරිවුනු උන් ට්‍රේන් එකට කොටුවෙදි කලින් වගේම මහා සෙනහක් නැග්ගම හෙල්ලෙනවත් බැරිතරමට හිරවෙලා යද්දි කොහොම හිතෙන්න ඇතිද...මම ඒ හඟීම දනන්ව...මොකද ගාලු කුමාරි , රුහුනු කුමාරි කියන්නෙම මට ඉතාම හුරු පුරුදු කුමාරිකාවො දෙන්නෙක්...සාගරිකා එක්ක ඇඳුනුම්කමක් තිබ්බත් කලින් කුමාරිකාවො දෙන්නා තරම් මට සාගරිකා සමීප නෑ...ගොඩක් වෙලාවට ඔය ට්‍රේන් තුනම අලුත්ගමට එනකල්ම වගෙ එන්නෙ කට කපලා සෙනග පුරෝගෙන...හිටගෙන යනවනම් ආයෙ අතක්පයක් වත් හොල්ලගන්න බැරිතරමට පැක් වෙනවා...

ඉතින් කොහොම වුනත් ඔය ඔෆිස් ට්‍රේන් තුන හැමදාම හවසට මහන්සියක් නැතුවම මරදානෙ ඉඳන් මාතර , බෙලිඅත්ත බලා එනවා...ඉතින් එහෙම එන ගාලු කුමාරි තමා දැන් ප්ලැට් ෆෝම් එකේ නතරකලෙ...මමයි මගෙ කක්කි බෝලෙයි දෙන්නම පිටිපස්සෙම පෙට්ටියට නැග්ගා...දැන් මේක පිටිපස්සෙම පෙට්ටිය වුනාට ආයෙම මාතරට යද්දි මේක තමා පලවෙනි පෙට්ටිය...ගාල්ලෙන් ට්‍රේන් එකේ යන උන් මන් මේ කියන සීන් එක ගැන දන්නවා...

"ආ මේ ඉන්නේ...නෙතූ...අහස් අයියලා ඉන්නවා මෙතන."

"ආ මල්ලි...අද ට්‍රේන් එක ටිකක් ලේට් නේද."

"එහෙමම නෑ හැබැයි...ඔයාලා දෙන්නා මොකෝ හදිසියෙ ම මාතර ආවෙ..."

"මේ අහස්ගෙ අම්මලව බලන්න යන්න අනේ...එක්සෑම් නිසා මෙයාටවත් ගෙදර යන්න වුනෙ නෑනෙ මේ ටිකේම...."

"ආ ඒක හොඳයි...ඒත් ඉතින් රෑවෙලා ඒ පැත්තට බස් තියේද..."

"නෑ මල්ලි..අද අපි දෙන්නා ටවුන් එකෙන් රූම් එකක් අරන් ඉන්නවා...හෙට උදේම ගෙදර යනවා...."

"ආ ඒකත් එහෙමද..එහෙනම් ඉතින් අද රෑට අහස් අයියට රිදෙයි...හහ් හා...🤣"

"අනේ ශෙරෝ..කට වහනවා..."

අපි හතරදෙනාම ඉන්නෙ වාඩිවෙලා...දැන් ට්‍රේන් එක හෙමි හෙමින් ආයෙම මාතර බලා ඇදෙනවා...දෙවැට හන්දිය එහෙම පහුකරගෙන ගිහින් උනවටුනෙ නැවැත්තුවා...

.එක දරුවෙක් වඩාගෙන අනිත් දරුවව අතින් අල්ලගෙන අපේ පෙට්ටියට ගොඩවුනු බෝධිසත්ව රුවක් දැක්කම මට තවදුරටත් ඉඳගෙන ඉන්නනම් හිතුනෙ නෑ...ඉතින් මමයි නෙතුයි නැගිටලා ශීට් එක දුන්නා ඒ අම්මටයි බබාටයි...මහන්සිය පිරිලා ගිය ඇස්වලින් ඒ අම්මා මට ස්තුති කලා...තමන්ගෙ දරුවන් වෙනුවෙන් අම්මෙක් කොයිතරම් නම් දුකක් උහුලනවද...හොඳම උදාහරනේ මගෙ අම්මා...එයා ගොඩාක් දුක් වින්ද කෙනෙක්...මලක් වගේ හැදිලා කලු දෙබරුරු ගොඩක් මැදට වැටුනම මගෙ අම්මා කොයිතරම් අසරන වෙන්න ඇත්ද...මතක් වෙද්දිත් ඒ ඇස්වලට කඳුලු උනන්න තරම් තාත්තගෙ කුඩම්මයි , තාත්තගෙ නංගියි කියන කලු දෙබරු මගෙ අම්මට මොන තරම් දුක් දෙන්න ඇත්ද...අම්මෙ උබ මට ම කීසැරයක් කියලා ඇත්ද සුදූ මාව ජීවත් කලේ උඹයි , උඹ නොහිටියනම් අම්මා ඒ කාලෙම මැරිලා කියලා...ඔයා ජීවත් වුනේ ඔයා නැතිවුනොත් උන් මටත් කරදර කරාවි කියලා බය හිතුනු නිසයි කියලා...ඒත් අද ඔයා දිනුම්...උන් දෙන්නටම දෙන්න ඕන දඬුවම ඉපරිමෙන්ම මම දුන්නා...අද උන්ට යන එන මං නෑ...ඔයා මට කිව්වා වෛර කරන්න එපා කියලා...ඒත් මට බෑ අම්මෙ ඔයාග රිද්දපු උන්ව ඒ තරම් ලේසියකට අතාරින්න....

මේ හැම සිතුවිල්ලම එක්ක මගෙ හිතට ගලාගෙන ආවෙ අප්පා මැරිලා ගිය කිරිකැටියෙක්ව ඇතිදැඩි කරගන්න තේ ද්ළු නෙලන්න යන උත්තරීතර ගැහැනියක් ගැන කියවෙන ශ්‍රීමතී තිලකරත්න මැඩම්ගෙ ලස්සන වගේම හැඟීම්බර ගීතයක්...

"අහස උසට විහිදී ඇති වතුකරයේ තේ නිල්ලේ
බට කූඩය පිට බැඳගෙන නිය රඳවා තේ දල්ලේ
මිහිදුම් සලු පීරාගෙන සේවය කර කඳු රැල්ලේ
අතට ලැබෙන දෙයින් ගෙනෙමි පුතාට කිරිරස ලොල්ලේ
පුතාර කිරිරස ලොල්ලේ.

හිරු ගෙනැවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා හවසට එන්නම් "


එකින් එක එකින් එක ස්ටේශන්ස් පහුවෙද්දි නෙතූ අහස් අයියත් එක්ක කතාවට වැටිලා තිබ්බා වගේම සශේන් අයියා ෆෝන් එකෙන් කා එක්කද මන්දා කෝල් එකක උන්නා...ඒත් මම..මාත් දොඩමලු වෙලා උන්නා...වෙන කා එක්කවත් නෙවෙයි මගෙ ම හිතත් එක්ක...මට ඉස්සරහා ශීට් එකේ ඉන්න රැලි වැටුනු සිරියාවන්ත මූනක් දැකලා මගෙ හිත මට අම්මට නොදෙවෙනි උනුහුමක් ආදරයක් දුන්නු ඒ පින්කාර සුදු මූන මවාගෙන වයස ගියත් පිරිහීමක් නොතිබුනු ඒ ආදරනීය පපුව අස්සෙ ගුලිවෙලා උන්නා...මගෙ ආච්චි...

මට අදටත් ඔයාව මාරම විදිහට මතක් වෙනවා ආච්චි...ගෙදරින් රන්ඩූ වෙලා හිත රිදුනම , කම්මැලි හිතුනම , නිවාඩු දවසට මම කෙලින්ම එන්නෙ ඔයා ළඟටනෙ...ඇයි ආච්චි ඒ තරම් ලේසියෙන් මාව දාලා ගියේ...හැමෝටම ඔයාව මතකයක් විතරක්ම වෙන්න ඇති...ඒත් මට ඔයා හුඟාක් ම ලස්සන චිත්‍රයක්...

ඔයාට මතකද අපි දෙන්නා හැමදාම හවසට මොනාම හරි හදනවා...සතියට දෙතුන් පාර වැටේ කැන්ද ගහට නිවාඩු නැතිවෙන්න හැලප තම්බනවා...පැනි වලලු හදනවා ....තෝසෙ හදනවා...

මම එන දවසට ඔයාට දැනෙනව...ඔයා මම ආසම විදිහට රතු කැකුලු බතට හාල්මැස්සො තෙල්දාලා , පොල් ගාලා තියනවා මම එන බව කලින් දන්නව වගේ...මොන රජ බොජුන තිබුනත් ඒ සේරම පරාදයි රතු කැකුලු බතුයි හාල්මැස්සො තෙල්දාපුවයි පොලුයි ළඟ...කොහෙහරි ගමන්ක් යද්දි මට වමනෙ යන නිසා මම බස් එකට නැග්ග වෙලේ ඉඳන්ම ඉන්නෙ ඔයාගෙ උරහිසට ඔලුව ගහගෙන...මම දන්නවා ඔයාට රිදෙනවා කියලා...ඒ නිසාමයි මම පුලුවන් තරම් ඔයාට බර නොදී ඉන්නේ...ඒත් මට නොදැනිම නින්ද ගියාම මගෙ සම්පූර්න බරම ඔය උරහිස උඩ තියාගෙන වචනයක් නොකියා මගෙ ඔලුව අතගානවා...

මම ඔයාට සාරි අන්දනවා...පස්සෙ සුජාතා මැඩම්ගෙ හරි ලතා මාඩම්ගෙ හරි සින්දුවක් දැම්මම ඔයා සාරිය ඇඳගෙන ලස්සනට නටනවා...අපි සින්දු කියනවා...ෆිල්ම් අවෝඩ්ස් බලනවා...ෆිල්ම් බලනවා...ඔයාගෙ සින්දු පොත් මම හොරකම් කරන්න හැදුවම , සීයාව අල්ලගෙන ඇන්තූරියම් පැළ අපේ ගෙදර උස්සගෙන යන්න ප්ලෑන් ගහද්දි ඔයා මාත් එක්ක බොරුවට රන්ඩු වෙනවා...මට කොට්ටඋර , පාපිසි මහන්න උගන්නනවා...මට ඒ හැමදේම අද වගේ මතකයි දෙයියනේ...ඔයාව මතක් වෙන වාරයක් ගානෙම ඇස් දෙක තෙත්වෙනවා...

අපි දෙන්නාම එකතු වෙලා හදන කෑමක් වැරදුනාම ඒ කෑම එකට කියවගන්න බැරි අලුත් නමක් දාලා අපිම කනවා...පැනිරස කෑම හදද්දි සීයා හොරෙන් හොරෙන් මට සද්ද කරන්න එපා කිය කිය ළිපෙන් බාන බාන එක කටේ ඔබාගෙන දුවනවා...ඔයා කෑගහනවා...රෑට ටීවී එක ළඟ වාඩිවුනාම ඔයාට කෝපි කඩේ බලන්න ඕන..සීයට ප්‍රවෘත්ති බලන්න ඕන...ඔයාලා දෙන්න ඒකටත් රන්ඩු වෙනවා...ඒ කාලෙ කොයිතරම් නම් ලස්සනද...මම දැකපු ගැලපෙනම ජෝඩුවක් තමා ඔයාලා දෙන්නා...අන්තිම කාලෙ ආච්චිට කකුල් කැක්කුම හැදුනම සේරම රෙදි හේදුවෙ , ගේ දොර අස් පස් කලේ සීයා...මට එන්න විදිහක් නැත්නම් ඔය දෙන්නා සිරීපාදෙ , සිතුල්පහු ගියා...ඔය දෙන්නා ළමයි හැදුවා , ඉගැන්නුවා...ඒත් පස්සෙ ළමයින්ගෙ ළමයින්ටත් අම්මා තාත්තා වුනා...

ඔයා නැතිවෙන්න කලින් දවසෙ ඔයාට තිබ්බ එකම අමාරුව කකුලෙ කැක්කුම...අපි හිතුවෙ නෑ විසබීජයක් ගිහින් කියලා...ඔයා වේදනාවට කෙඳිරි ගාද්දි ඔයා වෙනදා මාව තුරුල් කරගන්න විදිහටම මම ඔයාව තුරුල් කරගෙන පිරිත් කිව්වා...අනේ මන් හිතුවෙ නෑ එදා රෑ මේ තරම් නරක දෙය්ක් වෙයි කියලා...

මගේ ජීවිතේ අවුරුදු දාසයක් වෙනකල්ම ලස්සන කරලා ඔයා නොකියම මැකිලා ගියා...මම ඔයාට හරිම ආදරෙයි ආච්චි...♥

අහන හැමවෙලේම මාව ඔයා ළඟට ඇදගෙන එන්න කවි පෙළක් තියෙනවා.. මේ වචන ඔයාගෙ මුනුබුරාට හැමදාම පිහිතුඩු.

"පහනයි දැල්වෙනා අවපස් ගන අඳුරේ
වෙරළයි ඉමක් නොපෙනෙන කරදිය ගැඹරේ
සෙවනයි වනස්පතිනිය නිරුදක කතරේ
නිවනයි මිත්තනියමයි නුඹ මට සසරේ

දෙවිඳුවරුන් වැඳවැටෙනා සීතාවක්
මායා කුලේ උපදින මහමායා වක්
දරුසෙනෙහසට කිසිදා නැති සීමාවක්
අත්තම්මා නෙවෙයි නුඹ මට ගාථාවක්

මහ සාගරේ තරමට කඳුලැල් හංගා
දෙනෙතින් ගලන නිරතුරු සෙනෙහස් ගංගා
මෙත් බුදු මුවින් නියතයි විවරන දන්නා
බුදු මව් නුඹයි සත්තයි මගෙ අත්තම්මා "

මගෙ ආච්චි හොඳම තැනක ඇති...එයා හැමෝටම බෙදුවෙ ආදරේ , කරුනාව...එයත් පින්කලා...අපිවත් පිනට යොමුකලා.

මේ වල්ගම දුම්‍රිය ස්ථානයයි...පලමුවන වේදිකාවට දැන් පැමිනි ගාලු කුමාරී ශීඝ්‍රගාමී දුම්‍රිය මරදාන සිට බෙලිඅත්ත බලා ගමන් අරඹයි...දුම්‍රිය බෙලිඅත්ත දක්වා ඇති සෑම දුම්‍රිය ස්ථානයකම නවත්වනව ඇත.....📢📢📢📢📢

මගෙ කල්පනාව බිඳිලා ගියේ වල්ගම ස්ටේශන් එකේ අනවුස්මන්ට් එකට.

"ඊළඟ එකේ බහිනවා කිට්ටු වෙන්න දොර ළඟට...$

"හරී...."

ඉතින් අපි බැහැලා සශේන් අයියලාට ඉන්න රූම් එකකුත් බලලා දීලා ගෙට ගොඩවුනේ පන ගිය ගානට..හැබැයි ගිය පන ආයෙම ආවේ මේකා ගෙට ගොඩවෙද්දිම කියපු කතාවට...

"නැන්දේ....."

"ඕඕඔ...ආ ආවද දෙන්නා....ම්ම්ම්ම් ?"

"ඔව් නැන්දේ...මේ මාත් එනවා හෙට ඔයාලා එක්ක චුල්ල වට්ටි හාමුදුරුවන්ගෙ බනට යන්න....හොඳේ...."

හුටා ☠☠☠☠☠🦴✞💔

...........................................................................................................................

මතු සම්බන්ධයි ♥

ළමයි මම අලුතින් ජොබ් එකකට යන නිසා මන් ටිකක් බිසී...වරදක් කලත් සිතකින් නෙවේ...මේ පාර තමා මම අප්ඩේට් එකක් දෙන්න ගොඩාක්ම පරක්කු වුනෙ...සමාවෙන්න මෙයාලා...ආයෙ ඒම වෙන්නෙ නෑ...මම පුලුවන් හැටුයට අප්ඩේට්ස් දෙන්නම් දවසක් ඇර දවසක්වත්...ආදරෙයිනෙ ඉතින්

මම ශෙරෝන් ♥






Continue Reading

You'll Also Like

6.3K 309 13
ඔය ඇස් මා ළග නැවතුන දා .... හිත දැන් ඔබගේ වෙලා ....... රහසේ තුරුලේ සැතපීලා.... ඉන්නම් මියෙනා තුරා......
6.5K 408 31
දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."
7.8K 1K 44
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
7.4K 1.8K 22
ආදරයෙන් ලියමි....🖋️ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය...