වස්තුවේ(18+)

By kekeperera

29.4K 1.9K 2K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47

chapter 19

364 26 120
By kekeperera


ලස්සන කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා🩷✨


එයා ඇවිත් හිටියේ තද කලු පාට bmw motor bike එකක....ඔහොම ඉන්න...එතකොට මේ බයික් එක නේද ඉස්සෙල්ලා ගේ ඉස්සරහින් ගියේ..හැබැයි ඉතින් මේ වගේ බයික් කීයක් නම් ඇතිද මේ ලන්කාවේ..සමහර විට මුට ගේ හොයාගන්න බැරැව ගියාද දන්නේ නෑ...මේ මිනිහා තනි කලු ඇදගෙන හිටියේ..අයේ ග්ලවුස් වල ඉදගෙන තනි කලූ....මම යනකොට ඌ හෙල්මට් එක ගලවලා එහෙම මෙහෙට විසිරිච්ච කොන්ඩේ අත දාලා හදාගත්තා... ඊලගට ඌ කෙලින්ම මගේ ඉනෙන් ඇදලා උගේ කකුල් දෙක මැද්දට ගත්තා...

ඒ ඇද්ද පාරට මගේ පපුව මහ හයියෙන් එලියට පනිනා වගේ ගැහෙන්න ගත්තා..මම අත් දෙක මිටමොඅවගෙනම එයාගේ පපුව උඩින් අත තියාගත්තා...මට මොනාවද දෙයියනේ මේ වෙන්නේ?මටවත් හිතාගන්න බෑ මොනා වෙනවද කියලා..අනික කතා කරන්න මෙච්චර ලන් වෙන්න ඕනේ නෑ නේ..පොඩ්ඩක් ඈතින් හිටියනම් ඉවරනේ... මට එයා දිහා බලන්නත් බෑ ඒ තරම් අපහසුයි එයා දිහා බලන එක..මගේ කම්මුල් දෙකෙන් ගින්දර පිට වෙනවා වගේ...ඒවා එන්න එන්න රත් වෙනවා මට දැනවා..ශිට්..මට මේ මොකද වෙන්නේ?මට හරි අමුතුයි එයා දිහා බලන්න නිකන් බලන්න ඕන බලන්න බෑ..ලැජ්ජයි ලැජ්ජයි වගේ....

"මොකද බිම බලාගෙන ඉන්නේ....ම්ම්ම්"

මගේ නිකටින් අල්ලා මාව එයාගේ පැත්තට කරනකොට...විශවාස කරන්න මට ඒ ඇස් දිහා බලාගෙන ඉන්න හිතුනා..ඒත් මට හෙන ලැජ්ජාවක් ආවා කෙලින් එයා දිහා බලන්න..එයා මාව තද කරලා අල්ලගෙන මගේ කොන්ඩේ ටීකක් අවුල් කලා......මට එයාගෙන් කිස් එකක් ඕනා වගේ දැන් නම්...නලලට හාදුවක්...ඕවා ඉතින් එයාගෙන් අහන්න බෑනේ..we are nothing.....අපි දෙන්නා ඩේට් කරනවා නම් එක්කෝ.....මම නිකන්ම වගේ එයාගේ එයාගේ පපුවට බර වුනා..එයා දාගෙන හිටපු කුරැස මාලේ සීතල මගේ කම්මුල් වලට හොදට දැනුනා....එයාගේ පපුව ගැහැන වෙගේ මට දැනුනා......

"සිගරට් ගදයි?ඇයි සිගරට් බිව්වේ..?"

"අයියා ගෙනත් තිබ්බේ..."

මූ ඉතින් හෙන සිරා පොශ් පොර නේ..මලෙන් උපන් සමනලියෙක් වගේ ඒක දරාගන්නත් බෑ.... මගේ ඉනෙන් පොඩ්ඩක් අත අයින් කරලා එයා මොකක්දෝ මන්දා පේට්ටියන් අරගෙන මගෙ සාක්කුවට දැම්මා...මොනාද දන්නේ නෑ ඇතුලේ තියෙන්නේ...කුඩුද දන්නේ නෑ....

"සිගරට් බොන්න හිතුනොත්...මේ පෙට්ටියෙන් එකක් අරගෙන කටේ දාගන්න.."

හ්ම්ම්..

මම තාම හිටියේ එයාගේ පපුවට තුරැල් වෙලා...මේ පැත්තේ බලු බල්ලෙක්වත් නැති නිසා හොදයි ඉතින්...නැත්තම් මෙහෙම තුරැල් වෙලා ඉන්නකොට අපිට අසහනේ කියලා හිතයි...එයා මගේ ශර්ට් එක ඇතුලෙන් අත දාල එක අතක් මගේ ඉනෙන් තියෙලා අනිත් අත මගේ කොදු ඇට පේලිය දිගේ උඩට පල්ලෙහාට ගෙනිච්චා........වා..ව්...මට මාරම සහනයක් දැනුනේ.....

"How was your day so far?"

අව්ලක් නෑ....

"ශූවර්ද? you look tired sweetheart "

මම ලොකු හුස්මක් ගත්තා...ඇත්ත මට මහන්ස්සී තමා.......

"කොච්චර පාඩම් කලත් සමහර තැන් වැරදෙන හින්දා මට මහන්න්සී රවනාශ්ත්‍ර...මේ පොඩි දේටත් මහන්සී හිතෙනවා මට....I am not strong"

"ශ්ශ්ශ්....අහන්න...ඒකට කමක් නැහැ...තේරැනාද...? listen to me sweetheart....ශක්තිමත් නොවුනට කමක් නෑ....සමහර උත්තර වැරදුනාට කමක් නෑ....වැරදි උත්තර තිබ්බට කමක් නෑ....කොටින්ම උත්තර නැති උනත් කැමති නෑ.....it's okay....

දන්නවද Robert darling එක සැරයක් එයාගේ පොයම්ස් වල කිව්වා...'When the rainbow fades, when feelings turn to fear, when the gold stops glittering, I will still be here.' අන්න ඒ වගේ මාත් උබ වෙනුවෙන් ඉන්නවා..උබ එක්ක ඕනම කූනාටුවකට මම මුහුන දෙනවා... අපි හැමෝටම වැරදෙනවා සුදූ.."

සුදූ...එයා මට සුදූ කිව්වා....sweetheart කියලත් කිව්වා...ඔනම දේකදී එයා ඉන්නවා කියලත් කිව්වා..මට හිතන්න සීයක් දේවල් එයා ඉතුරැ කලා.මම එක්ක ඕනම කුනාටුවකට මුහුන දෙනවා කියපු එකේ තේරැම මොකක්ද..?..එයා එහෙම කිව්ව නිසා මට අමුතු ගටකුත් ආවා කියහන්කෝ...නිකන් මගේ පපුව උඩ පැන පැන නට්න්න ගත්තා......මම දැන් සතුටින්..මූ දන්නවා නේ මාව සතුටු කරන්න හරි ලස්සනට...

මම ඔලුව උස්සලා එහෙන්මම ඉදගෙන එයා දිහා බැලුවා...මම එයාගේ ඇස් දිහා බැලුවා..එයා මගේ ඇස් දිහා බැලුවා..අපේ ඇස් එකට පැටලුනා...මගේ හදවතේ සමනල්ලූ පිරැනා...ඒ පිරිච්ච සමනල්ලූ තටු ගගහා පියෑබුවා..සතුටු හිතිලා...

මම ඇස් උඩින් එයා දිහා බලනකොට..එයා දැනෙන්න නොදැනෙන්න හරි හිමීට මගේ නලලට හාදුවක් තිබ්බා...මේ මනුස්සයා මාව පිස්සෙක් කරනවා....මම ඇඩික්ට් වෙලා එයාට...

මේ හැගීම.....මොකක්ද?....

"යන් ඇතුලට"

"යන්"

මම එයා එක්ක ඇතුලට ගියා....එතකොට ගැවින් අයියායි අපේ අයියායි ඉන්නවා එලියට වෙලා හෙන ටෝක් එකක් දාගෙන රවනාශ්ත්‍රව දැක්ක ගමන් උන් දෙන්නා පැනි හිනා වල් දෙකක් දැම්මා...මුන් තුන් දෙනා ත්‍රී සම් එකක් වත් දාන්නද යන්නේ...?එව්ව්ව්ව්..අපේ අයියා නම් ගේ ගෑ ඒක මම හොදට දන්නවා...එයාට කෙල්ලෙකුත් ඉන්නවා නේ.....උන් දෙන්නා නැගිටලා ඇවිත් රවනාශ්ත්‍රව බදා ගත්තා...ඔහොම ඉන්න ඔහොම ඉන්න එතකොට මුන් දෙන්නා මූව දන්නවද?

"යෝ ගැවින් උබත් මෙහෙට ආවද?"

"පොඩි වැඩකට පගෝ අවේ..do you want a cigarette?"

"නෝ...තැන්ක්ස් සුද්දා..."

"උබ තාම සිගරට් ගන්නේ නෑ නේ...thats impressive man"

"අඩො ගැවින් මේකව නරක් නොකර හිටපන්...පේනව නේ අපේ එකා..ඌත් දන්නේ නැති මගුලක් නෑ...නරක කසින් ආශ්‍රය හින්දා තමා මේ ඔක්කොම"

"හා..හා...fuck off mother fucker...කව්ද දන්නේ නෑ සිගරට් පෙට්ටී ගනන් ස්ටෝක් කරගෙන ඉන්නේ..."

"අහම්ම් අහම්ම්....චූටී රවනාශ්ත්‍ර එක්ක ගිහින් වැඩේ කරගන්න පුතේ..."

අපේ අයියා ශේප් එකේ මාරැ වුනා ඉතින්...මටත් කාලේ වැඩිය කන්න නැති නිසා..රවනාශ්ත්‍රව එක්කගෙන උඩට ගියා...

මම පෑනක් අරගෙන එන්න ගියපු ටිකට මූ මේ මොකක්ද කරලා තියෙන්නේ!!!

හනේ දෙවියනේ මට හාර්ට් අටෑක් වගේ!!??????

"බැහැපන් ඇදෙන්....යකෝඔ මම ඇදේ බෙඩ්ශීට් මාරැ කලෙත් අද..උබ සපත්තූ දාගෙන ඇදට නැග්ගද පකෝ???.....බැහැපන් යකෝ..."

"ආව්ව්....ගහන්නේ එපා...ආව්...හනේ..බේරගන්න මේ මල යක්සයෙක්.."

සැක් බලප්න් මූ මගේ අලුත් බෙඩ්ශීට් එක කාපු හැටි.....මම බොහොම අමාරැවෙන් බෙඩ් ශීට් එක දාගත්තේ....දැන් බලපන් මුගේ මේ ජරාව එක්ක මම නිදා ගතොත් හෙට උදේට මගේ මූනේ පිම්පල් සීයක් විතර එනවා ශුවර්...ඒ නිසා මම උට කියලම අලුතින් බෙඩ් ශීට් දාගත්තා....මූ නම් මලාට රෙද්දක් අතින් අල්ලපු එකෙක් වෙන්න බෑ...හුකුක් හුකුක් ගගා මූ බෙඩ්ශීට් දාන්නේ..

"ම්හුක්..බොරැවටනේ තමුසේ මට ගැහුවේ..කලින් කිව්වනම් මම නගින්නේ නෑ නේ"

"අනේ මේ..තමුසේ ගෙදරදිත් සපත්තූ දාගෙනද ඇදට නගින්නේ.."

"මෙහෙමයි ඉතින්..මහන්න්සී වෙලා ආවම මම එහෙම තමා..ම්හුක් හනේ..මට බෑ අනේ මේකේ රැලි ටික යන්නේ නෑ නේ...අනික රැලි ටික එහෙම යවන්න බෑ...රැලි ටික යැව්වොත් එයාලට දුක හිතෙයි...ඒ හින්දා එයාලවත් තියමු..ඔයා නිදා ගන්නකොට එයාලව බදාගෙන නිදා ගන්න හොදේ.."

"අනේ..මේ..මගෙන් කුනුහරප අහගන්නේ නැතුව ඔන්න ඔය රැලි ටික හදනවා..කෝ දෙනවා ෆෝම් එක...මම එතකල් මේක ෆිල් කරන්නම්.."

මූ හෙන දොන්නත් බිබික්කමක් වෙලා එක සැරේ මේ මාරැ කරන මූඩ් වල හැටියටනම් මූ අනිවාර්යෙන් කටුස්සේක් වෙන්නම ඕනා..යකාගේ මූඩ් චේන්ජ් එකක් නේ මේක...මම කොහොමහරි අර ෆෝම් එක පුරවලා අරයව හොයනකොට ඌ ඒ ටිකට ඇදට වැටිලා නිදාගෙන..හනේ මේ මිනිහා දැන් මෙතනට ආවේ නිදා ගන්නද නැත්තන් ෆෝම් පුරවන්නද...පව් කියලත් හිතෙනවා...ඒ මූන මහන්ස්සී පාටයි...මාත් ඇද උඩට බිස්නස් පොත් ටිකයි ලැප් එකයි අරගෙන ගිහින් එයාගේ එහා පැත්තෙන් තිබ්බා..... ඊලගට මම ගිහින් එයාගේ අර ලෙදර් ජැකට් එක ගලාවට බුරැල් කරලා..සපත්තූ දෙකත් ගලවලා පැත්තකින් තිබ්බා..මේ මිනිහාගේ කකුල් දෙක ඇදටත් වඩා දිගයි...මම එයාට රෙද්දක් පොරවලා ගිහින් ඒ මූන දිහා බලාගෙන හිටියා..... එයා හරි ලස්සන පිරිමි ලමෙක්....ලස්සනට වඩා ඒ මූනේ නපුරැ බැල්ම උතුරනවා..ඒ නපුරැ බැල්ම එක්ක හරි ඩීසන්ට් පෙනුමක් එයාට තිබ්බේ...මේ මිනිහා ඇත්තටම හරි වෙනස්....වැටිච්ච ගමන් නිදී ඒකා.....එයාගේ එග්සෑම් එනවා ජූනී වල..ඉතින් ඒ හින්දා එයා පාඩම් කරනවා ඇති සුවර් එකට...

මම එයාගේ නලලට හාදුවක් තියෙලා ගිහින් එයාගේ එහා පැත්තේ එදන් ඔන්ලයින් ෆ්ලෑශ්කාර්ඩ්ස් ටිකක් කරන්න ගත්තා..

පැයක් විතර ගෙවිලා ගියා එයාට හොදටම නින්ද ගිහින්.....මෝඩ නරියා ලාවට ගොරවනවත් එක්කයි...කොට්ටෙට මූන තද වෙලා එයාගේ කම්මුලකුත් චප්ප වෙලා...තොල් දෙකත් උල් වෙලා...කිස් එකක් දෙන්නත් හිතෙනවා...මම ඔලුව දෙපැත්තට ගසලා අපහු වැඩ කරන්න ගත්තා..ටිකකින් එයාගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගන්නකොට...මම පට ගාලා ෆෝන් එක අන්ස්වර් කලේ එයාගේ නින්ද කඩන්න ඕනේ නැති නිසා......

"Mom🤍"කියලා ඒක සේව් කරලා තිබ්බේ...

"හෙලෝ"

"hellow...who is this?"

"ඔහ්හ්..ආන්ටී..මම රවනාශ්ත්‍රගේ යාලූවෙක්..."

"oh darling...I am sorry..I was confused..."

"ඒක ගැන හිතන්න එපා....."

"Where is Ravanashthra? Is he alright?"

"ඔව්....ආන්ටී..බය වෙන්න එපා...එයා නිදී.."

"What!!!! are you serious ?"

"අම්ම්ම් ඔව් නේ ආන්ටි මම එයා නැගිට්ටම ගන්න කියන්නද?"

"darling just tell me is he sleeping?"

"ඔව් ආන්ටී එයා නිදී නේ..."

"Jesus christ.....you must be someone special to my child... "

"ඇයි ආන්ටී එහෙම කියන්නේ?"

"No, because he can't sleep with anyone in the room.... except his dad and me..."

"ඔහ්හ්..."

මට මොකක්ද කියන්නේ කියලා හිතා ගන්න බැරි වුනා....කව්රැත් කාමරේ ඉන්නකොට නිදා ගන්නේ නැති එයා..මගේ එහා පැත්තේ මෙහම ගොරෝ ගොරෝ නිදා ගෙන ඉන්නවා පෙනෙද්දී සත්තයි මගේ පපුවේ මහ අමුතූ විදියේ හැගීම් ගොඩකින් පිරිලා ගියා..... එයාගේ අම්මගේ කෝල් එක කට් කලා මම..එතකොට එයාගේ ෆෝන් එකේ තිබ්බ වෝල්පේපර් එක දැක්කා...

දෙවියනේ...

ඒතන හිටියේ වෙන කව්රැත් නෙමී මම...

මම පොඩි කාලේ ගහපු පින්තූරයක්..කව්රැ ගැහුවද කියලා දන්නේ නෑ එත්..මම බාගෙට හෙලුවෙන් පැම්පස් එකක් විතරක් ඇදගෙන ඉන්න එකක්...ඒ මදිවට මම පිටි එකක් බිම හලලා පිටී නාලා හිටියේ...!!!

එයාගේ ෆෝන් එකට ලොක් එකක් තිබ්බේ නෑ...එත් මම ෆෝන් එක බලන්න ගියේ නෑ....I respect his privacy....

ඒ හින්දා මම ෆෝන් එකේ කෝල් ලොග් එකෙන් ඔක්කොම ඩිලීට් කරලා ෆෝන් එක තිබ්බ විදියටම අයේ තිබ්බා....එයා හරිම පහසුවට වගේ නිදා ගෙන ඉන්නවා..

මම හුස්ම ගත්තා..ඒත් හරිම හිමීට....නිකන් හුස්ම ගන්නේ නෑති විදියට මම හුස්ම ගත්තා...මට ඕනා වුනේ නෑ එයාගේ නින්ද කඩන්න...එයා හරි සැපට නිදා ගෙන හිටියේ...He is so adorable..ඒත් නිදා ගෙන ඉන්නකොට විතරයි ඔච්චර හුරතලේට පෙන්නේ..නැත්තම් හෙන සෙල්ලක්කාර විදියට එහෙම නැත්තන් sassy queen කෙනෙක් විදියට පෙන්නේ...

පැය තුනක් විතර පහු වුනා...ඉර බැහැගෙන යනවා....ඉර එලිය ඇවිත් එයාගේ ඇගට වැටිලා තිබ්බා...එයා එහෙට මෙහෙට දැගලුවා....එයා දැන් ඇහැරෙයි වගේ....එයා එහාට පෙරලුනා..මෙහාට පෙරලුනා...එයාගේ අත් ඒ ඇස් වලට ගියා..ඒ ගිහින් ඇස් දෙක ලාවට පොඩි කලා..ඊලගට එයා මන් දිහා බැලුවා...බැලුවා විතරක් නෙමී එයා හිනා වුනත් එක්කයි...

එයා නිදිමතේම හිනාවුනා...මාත් හිනා වුනා...මම පොඩ්ඩක් එයා ලගට ලන් වෙලා එයාගේ කොන්ඩේ ඒ මූනෙන් අයින් කලා...ඉර එලිය ඒ මූනට වැටිලා දිලිසෙනවා එයාව...He IS handsome....එයගේ කොන්ඩේ අවුල් ජාලාවක් වෙලා තිබ්බේ..still he was perfect ....එයා ඇගේ හිරි ඇරලා වෙලාව බැලුවා...

" අහ්හ්..මම හිතන්නේ මේ පැය හතර ඇතුලේ මම හෙවන් එකට ගියා..This is the best sleep I ever had sweetheart "

"ම්හ්ම්..ඔයා හෙන වෙලාවක් නිදා ගත්තා..."

"ඒක තමා....මම දවස් ගානකින් නිදා ගෙන නෑ..පාඩම් කරලා......"I went to heaven ..... මේ වගේ නින්දක් තමා මට ඕනා වෙලා තිබ්බේ...."

"අහ්හ් වතුර ටිකක් බොන්න.."

මම එයාට වතුර ටිකක් දෙනකොට එයා ඒක බීගෙන බීගෙන ගියා.. එයාගේ පෙනුම හරිම පර්ෆෙක්ට්...මම මගේ ජීව්තේට දැකලා තිබුනේ නෑ සමානුපාතිකව, සමමිතිකව, ගණිතමයව පර්ෆෙක්ට් මූනක් ඇගග් තියෙන කෙනෙක්.... he was so handsome...he was THAT type of handsome where he could just walk into pairs fashion and be a model......එයාගේ පෙනුම...කියුට්,හොට්,සෙක්සී...ඒ හැමදේම මික්ස් වෙලා තිබ්බා....God created men and sent Ravanashthra as an apology.......එයා දිහා බාලාගෙන වර්නනා කරන එක මගේ ජොබ් එක නම් මම මෙලහකට බිලියනර් කෙනෙක්...

"මොනාද පාඩම් කරන්නේ...ඔහ්හ් බිස්නස්...කෝ දෙන්න මම බලන්න ඕවා ටික.."

මූ ඉතින් ගුරා වගේ පෑනක් අරගෙන ඒවා ටික මාක් කරන්න ගත්තා......ඇදේ මුනින් අතට හැරීගෙන සර් කෙනෙක් වගේම මගේ උත්තර බලනවා....

"තමුසේ මෙතන මගේ උත්තර බල බල ඉන්නේ...තමුසේ පාඩම් කරන්නේ නැද්ද?"

"තවත් කෙනෙක්ට උගන්නවා කියන්නේ පාඩම් කරන එකම තමා.."

"තමුසේ මට මේ උගන්නවා නෙමී නේ?"

"කටවහගෙන ඉන්නවා..."

මූ යකෝ මගේ ගෙදර ඉදගෙන,මගේ කාම්රේ ඉදගෙන , මගේ ඇද උඩ නැගගෙන මටම කටවහගනින් ලූ...දෙන්න හිතෙනවා නරියගේ බෙල්ල ගැලවිලා වැටෙන්න..මම උගේ කොන්දට ඔලුව තියාගෙන ගේම් එකක් ගහන්න ගත්තා...නෑ නෑ ෆොර්‍ර්ට්නයිට් නෙමී "කුකින් මමා" කියලා ගේම් එකක්...එයත් මට ඕන දෙයක් කරගන්න කියලා කටවහගෙන පේපර්ස් ටික මාර්ක් කරන්න ගත්තා..මේ යකා මෙහෙම හිටියට මොල ගේනාපු නැවක්.....මගේ වාසනාව කොච්චරද කියනවනම් අර යකා මම ලියපු උත්තර බාගෙට බාගයක් කපලා දාලා තනි රතු ඉරකින්..යකෝ අපේ ටීචර් වත් මෙහෙම නෑ..

"කෝ ඔය ෆෝන් එක පැත්තකට තියෙලා එනවා ඇවිත් මෙතනින් ඉදගන්නවා.....ඔය ෆෝන් එක තමා හෙනේට හිටිලා තියෙන්නේ..."

"අපෝ ඔයී තමුසේ නිකන් හෙන ආච්චී අම්මා කෙනෙක් වගේ නේ.."

"මෙන්න මෙහෙ වරෙන්.....කැල්කුලේශන්ස් ඔක්කොම ටික නම් හරි...ඒත් මේ ලියලා තියෙනවා එවා බාගෙට බාගයක් ඕනේ නැති ඉන්ෆෝර්මේශන් ලියලා තියෙනේ....අනික ලකුනු හයක් දෙන ප්‍රශ්නෙට තමුසෙ මෙහෙම පිටුවක් විතර දිගට උත්තර ලිව්වට හමබ්වෙනේ නෑ ලකුනු... stop yapping in the answer...and where is the reference to the case study? එතකොට මේ ලකුනු දහයක් දෙන ප්‍රශ්නේ කෝ balanced answer එකක්? advantages හතරක් ලියලා disadvantageස් දෙකයි....... බුලට් පොයින්ට්ස් ලියන්න එපා ලකුනු දෙනේ නෑ හොදේ.....අහ් ගන්නවා අපහු ලියනවා..."

"මේ මුලු එකම!!!!"

"ඔව්..ලියලා මට පීඩීඑෆ් කරලා එවනවා මම බලන්නම්...මම දැන් යන්න ඕනා ගෙදර....I have to do some past paper questions...."

"හ්ම්ම් පරිස්සමෙන් ‍යන්න.."

එයා ඇදෙන් නැගිටලා සපත්තූ දාගන්නකොට මාත් ඇදෙන් නැගිට්ටා...අපි දෙන්නා පහලට ගියා..එතකොට අපේ අයියවත් ගැවින් අයියවත් හිටියේ නෑ..උන් දෙන්නා කොහේ හරි ගිහින් මම හිතන්නේ...මම එයාගේ බයික් එක ලගටම ගියා.. එයා හෙල්මට් එක දාගන්න කලින් මගේ කම්මුල් දෙකෙන්ම අල්ලගෙන මගේ හිස් මුදුට හාදුවක් දෙනකොට මම එයගේ ශර්ට් එක මිරිකලා අල්ල ගත්තා...මාත් ඉතින් ඇස් පියාගෙන හිටියා....

පස්සේ එයා මට ඇහැකුත් ගහගෙන අර පේපර්ස් ටික ආපහු කරන්න කියලා හෙන ලෙක් එකක් දීලා බයික් එක රේස් කරගෙන යන්න ගියා....මැරියන්කෝ තෝ පුලුවන් නම් ඔහොම ගිහින් ගොන් නරියා...!!!













To be continued 

(ඔය උඩ ඉන්නේ ගැවින් අයියාලූ ඉතින්)




මෙකේ නදීශ් තමා බොටම් හැබැයී එයා පවර් බොටම් කෙනෙක්..මම එයාව ගෑනියෙක් වගේ කරන්න කැමති නෑ..පොඩ්ඩක් සද්දේ උස්සලා කතා කලත් කදුලු පුරෝගෙන අඩන කෙනෙක් කරන්නේ නෑ එයාව හොදේ..එයා රවනාශ්ත්‍ර එක්ක හුරතල් වේවී ඒක එහෙම තමා ඒත් එයා පව්ර් බොටම් කෙනෙක්....


ඔයාලා ඒකට අකමැතිද?


මොකද මට හෙන දැවෙන ප්‍රශ්නයක් තියෙනවා අප්පාහ්..පුලුවන් නම් දන්න කෙනෙක් මේකට උත්තරයක් දීගෙන යන්නකෝ... දැන් ගේ කපල් එකක එක කොල්ලෙක් තනිකරම ගෑනියෙක් වගේ හැසිරිලා..කෙලින් බලාගෙන ඇවිදින්නවත් බැරි එකෙක් වෙලා , හෙනම ෆෙමිනින් වෙනවා හොදේ..අනිත් පාර්නර් ගැන්ග්ස්ටාර් කෙනෙක් වගේ හෙන මැරසියට ඉන්නවා..... එතකොට එතනදී aren't they trying to create a normal relationship just like girl x boy?


එහෙම බැලුවොත් අර ගැන්ග්ස්ටාර් කොල්ලා ගෙ රිලේශන්ශිප් එකක් කියලා ඉන්න යන්නේ කොල්ලෙක් එක්ක නෙමී ගෑනියෙක් එක්කනේ..අනේ මන්දා ඔතන තමා මට තේරෙන්නේ නැත්තේ.....ඒ මැරසී කොල්ලා අනිත් එකාව ගෑනියෙක් වගේ දාලා වැඩ කරනවා නම් අයේත් aren't they trying to create a normal relationship just like girl x boy?


සමහර ලෙස්බියන් රිලේශන්ශිප් එකක් ගත්තත් එහෙමයි එක කෙල්ලෙක් හෙනම හෙන ගර්ලිශ් අනික් කෙල්ල තනිකරම හැසිරෙන්නේ කොල්ලෙක් වගේ..එතකොට ගර්ලිශ් කෙල්ල අට්‍රැක්ට් වෙලා තියෙන්නේ අර අනිත් කෙල්ලගේ මැස්කියුලන් සයිඩ් එකට නේ......ආයෙත් aren't they trying to create a normal relationship just like girl x boy?


දන්න කව්රැහරි ඉන්නවා නම් මේකට උත්තරයක් දීගෙන යන්න හොදේ.....


No offense to anyone in a relationship or having thoughts like that...Please make this a safe place and comment with your thoughts...



නදීශ් නරක කෙනෙක් නෙමී සිගරට් බිව්වා කියලා....මම දන්නවා සමහර අය එහෙම මත්ද්‍රවය පාවිච්චී කරන අයට කැමතී නෑ කියලා..ඒත් ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ උන්ගේ ටීගේජර්ස් කාලේ කුතුහලේ හින්දා ඕවා ට්‍රයි කරලා බලනවා...කොල්ලන්ට කොහොමත් සිගරට් එකට නෙස්කැෆේ කොප්පයක් වුනත් ඇතී සෙට් වෙලා රජ බොජුන් වගේ කන්න....


bye!!

have a nice day 🩷✨

Continue Reading

You'll Also Like

22.2K 699 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
82.9K 12.2K 58
SLOW UPDATES !! "දන්නවද දෙයක්.. " "නෑ දන්නෑ... ඇයි... ඇයි නොදන්න බව දැන දැනම එහෙම අහන්නේ.. ඔයත් දන්නවා මන් නොදන්න බව.. ඇයි ඉතින් දන්නවද කියලම අහන්නේ...
58.6K 6.4K 28
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙ...
30.4K 2.8K 31
මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻