සුදු අරලිය...

By frenzykitty_3

11.5K 1.2K 1.6K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දාහතරවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පහලොස්වැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...

691 82 108
By frenzykitty_3

කරුමයක් යකෝ අද හම්බුන බස් එකනම්.. !!විනාඩි විස්සක් තිස්සෙ මම හෝල්ට්ටෙකේ හිටියා.. ඊටපස්සෙ ආපු ලබ්බෙ එල්ලුනාම ඒක කොට කොට ආවා තව පැයක් විතර.. මීට වඩා හොඳයි පයින් ආවනම්..

දැන් පන්තියට යනකොට පරක්කු වෙනවා.. ලමයි විස්සක් තිහක් මැද්දෙන් ගිහින් සර්ට හේතු පැහැදිලි කරන්න ගියාමනෙ තරු පේන්නෙ..

සෙතිනුවා ඉතිම් එන්නෑනෙ මං යන සයන්ස් ක්ලාස් එකට.. ඌ හිටියනම් ඒකත් එකක්.. දැන් හවස් වෙනකම් තනියම..

තුන්වෙනි තට්ටුවට ගිහින් ශේප් එකේ ක්ලාස් හෝල් එකට ඔලුව දාලා බැලුවෙ තත්ත්වෙ සාමකාමීද කියලා බලලා ඉන්නෝන නිසා..

අනේහ්හ්හ්.. ඔය කරගත්තෙ.. හරිම අගෙයි මං පොඩි බේසිකයා.. සර් දැක්කා.. ඇයි යකෝ මටම මෙහෙම වෙන්නෙ..



" අහ් සයාෂ් පුතා.. මොකෝ ඔලුව විතරක් දාන්නෙ.."
" එන්න එන්න ඇතුලට.."



හේ හේ.. ලමයි ඔක්කොම මං දිහා බලන් ඉන්නවා.. හෙන ගොන් හිනාවක් දාලා මම වැඩ්ඩා වගේ සර් ලඟට ගියා..



" මොකෝ පරක්කු.."



" බස්සෙක පරක්කූනා සර්.."



" ඉතින් බස් එක පරක්කු වෙනවනම් කලින් බස් එකේ එන්න ඉගෙන ගනිං බූරු පුතේ.."



මගුලක් කියනවා.. ඒ බස් එකේ එන්නනම් ගෙදර ගිහින් එන්න වෙන්නෙ නෑ.. යුනිෆෝම් එකෙන්ම ක්ලාස් එන්න වෙනවා..

අනෙප්ප් ස්කොඩ් එකට අව්වෙ කර වෙලා දාඩිය නාගෙන හඩ්ඩෙක් වගේ පන්තියෙ ඉන්න පුලුවන්ද.. කෙල්ලොත් ඉන්නවා.. !!

ගෙදර ගිහින් කාලා බීලා නාලා කෑල්ල වගේ සූඳ ගගහා ආතල්ලෙකේ පන්ති එනකොට සර් එනවා ඒකටත් අකුල් හෙලන්න..



" ඊලඟ දවසෙ ඉඳම් කලින් එන්නම් සර්.."
" මං ඉඳගන්නද.."



" මොකෝ මොකෝ මේ.. ක්ලාස් එකට එන්න ඔය තදියම තිබ්බෙ නෑනෙ.."
" ගිය සතියෙ කිව්ව විදිහට ශ්වසන පද්ධතිය ඇඳලා කොටස් නම් කලාද.."



" කලා සර්.."



" පෙන්නනවා බලන්න.."



පොත් ටික සම්පූර්ණ නිසා හොඳයි.. ඇන්ඳ රූපෙ පෙන්නුවම සර් ඒක බලලා , කලින් නෝට්ස්නුත් බලලා මට ඉඳගන්න දුන්නා..

තව දෙතුන් දෙනෙක්ගෙ පොත් බලලා ස්ටේජ් එකට ගිහින් සර් ආපහු පාඩම පටන් ගත්තම මාත් අහන් හිටියා.. සයන්ස් කියන්නෙ මගෙ ෆේවරිට් සබ්ජෙක්ට් වලින් එකක් නිසා ඉතින් මම මේ පන්තියට ටිකක් කැමතී..














































පැය දෙක්කට පස්සෙ ක්ලාස් එක ඉවර කලා.. දැන් තියෙන්නෙ ගෙදර යන්න තමෛ.. ඉක්මනට බස් හෝල්ට්ටෙකට දුවගෙන ගිය මං අද්දන බස් එකේ එල්ලුනා..

හම්මෝ නියම තැන සෙට් උනේ.. එහාපැත්තෙ තඩි ඇන්ටි කෙනෙක්.. මෙහා පැත්තෙ මහසෝනා වගේ උස අයියා කෙනෙක්.. මුන් දෙන්නා මැද්දෙ මං පොඩි ඇටයෙක් වගේ.. ඉස්කෝලෙ අයියලා පොඩි මල්ලි , පොඩි එකෝ කියන එකේ වැරැද්දක් නෑ කියන දැන් තමා තේරෙන්නෙහ්..

මං ඉතිම් සීට් එකක් හයියෙන් අල්ලගෙන හිටන් හිටියා.. මෙහෙමයි.. සීට් එකක් අල්ලන්නම ඕන්නෑ.. අතෑරලා හිටියත් හයියෙන් බ්‍රේක් එකක් ගැහුවට වැටෙන්නෑ.. ඒ තරම් සෙනඟ..



" පොලිස් ග්‍රවුන්ඩ් එක පාරෙන් බහින අය ඉස්සරහට එන්න.."



කොන්දා අයියා කෑ ගහනකොට මං සෙනඟ අස්සෙන් රිංගලා ඉස්සරහට ගියෙ හරි තැනේදි බස් එකෙන් බැහැගන්න බැරි උනොත් හෝල්ට් එකක් ආපහු පයින් ඇවිදින් එන්න වෙන නිසා..



" ඔය බහින අය ඉක්මනට බැහැ ගන්න.."
" අහ් හරේ යමූ.."



යාන්තමින් ඇඟේ කොටස් සේරම අරන් බැහැගත්තට පස්සෙ බස් එක අද්දලා ගියාම මම ගෙදෙට්ට යන පාර දිගේ ඇවිදන් ඉස්සරහට ගියා..

පොලිස් ග්‍රවුන්ඩ් එක ගාවින් යනකොට මට දැනුනෙ මම ආසම පුරුදු අරලිය මල් සුවඳ.. ඇස් පියාගෙන විනාඩියක් විතර හොඳට හුස්ම ගත්ත මං ඒ අරලිය මල් සුවඳෙන් මගෙ පෙනහළු පුරවගත්තා..

ඔන්නොහේ ටිකක් ඉඳලම යමු.. !!

අඩි පහක් හයක් උස තාප්පෙන් එහා පැත්තට පැනලා අරලිය ගහ යටට ගිහින් මම බිමින් ඉඳගත්තා.. අමුතුම සීතලක් තියෙන්නෙ.. රෑට වහීද මන්දා..

ඇස් පියන් ගහට හේත්තු වෙලා ඒ අමුතුම සීතල විඳිනකොට මට හැමදාම මෙතනදි දැනෙන නිදහස දැනෙන්න ගත්තා.. මුළු පිට්ටනියටම හිටියෙ මං විතරයි.. වෙනදටනම් සෙතිනු ඉන්නවා..



" ඒහ් බලපන්කො කවුද මේ කියලා.."



කන ලඟින්ම ඇහුන කටහඬක් නිසා මම ඔලුව ඉස්සුවා..

අඩෝහ්.. !! දුලාජ් අයියා.. මූ තව කොල්ලො හය හත් දෙනෙක් එක්කම මං ඉස්සරහා හිටන් හිටියා.. ඇයි මට මූ ලඟට එනකම් ඇහුන්නැත්තෙ..



" කොහොමද මල්ලි.."



ඌ ඇහුවට මං ඇහුන්නෑ වගේ ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.. මූට සැප දුක් කියන්නෙ මොකටද මං.. මූ ගහපු පාරට තාම මගෙ කම්මුල අල්ලද්දි ටිකක් රිදෙනවා..

මේ මොක - - - අඩෝ නෝ.. !! අම්මෝහ්හ්.. දැන්නෙ දැක්කෙ.. මුගෙ කම්මුල ප්‍රෙග්නන්ට් වෙලා වගේ ඉදිමිලා.. ඒ සිරාවටම ඉදිමිලා..

මං උගෙ කම්මුල් දෙක දිහා බලන් හිනාව නවත්තගන්න හදනවා දැක්කම ඌට තරහා ගියා..



" මොකෝ උඹ හිනාවෙන්නෙ.."



" නෑ.. මේ මං ගහපු පාරට අයියගෙ කම්මුල බඩ වෙලා නේ.."
" අහ් හම්මෝහ්හ්.. සිරාවට බං.. මාස නවයක බඩක් වගේ.."
" පරෙස්සමෙන් ඉඳාම් මේ දවස් වල.. ඉක්මනටම ලමයා හම්බෙයි.."



" උඹ ඔක්කොම කරලා තව කියවන්නයි හිනාවෙන්නයිත් එනවද බල්ලො.."
" අදනම් තොට නිකම් යන්න දෙන්නෑ.."



කෑගහපු දුලාජයා මගෙ කොලර් එකෙන් අල්ලන් මාව අරලිය ගහට තද කලා..

දෙයියනේ මූ ලඟ පට්ට අරක්කු ගඳයිනෙ.. මුන් බීලද..

බීලත් නිසා මූට ගහන එක අවුලක් නෑ.. ඒත් මේ සේරටම තනියම ගහන්නනම් මට බෑ.. ඒක සීයට දාහක් සුවර්..

හැබැයි මොන දේ වුනත් , මෙතනම මැරුනත් මං මුන්ගෙන් පැනලා දුවන්නෙනම් නෑ..



" හහ්හ් කොල්ලනේ.. අපි මූට ටිකක් සලකමු නේ.."
" එතකොටවත් මේ ලොකු සීන් අඩුවෙයිනෙ.."



යාලුවො දිහා බලලා කට කොනට හිනාවුන දුලාජයා එහෙම කියලා මගෙ කනට පාරක් ගැහුවා..

සිරාවටම ඒකනම් රිදුනා.. මූ කෙලියෙම මගෙ ලාවට ඉදිමුන කම්මුලට..

අනේ ඉතිම්.. මේ ඉස්කෝලෙ නෙවේනෙ.. ඇයි මං ඉවසන්නෙ.. !!

කෙලින්ම කකුල උස්සලා මුගෙ බඩට පාරක් ගහපු මම එක දිගට ඌට හුස්මක් ගන්න බැරිවෙන්නම ගහන්න පටන් ගත්තා.. අනිත් උනුත් ඇවිල්ලා ගහන්න පටන් ගන්නකොට මට තේරුනා තවත් මට උන් එක්ක හැප්පෙන්න බෑ කියලා..



" ඒයි.. ඕක නවත්තපල්ලා.."



මට පිටිපස්සෙන් වැදුන පාරකට දණ ගැස්සෙනවත් එක්කම එකපාරටම ඇහුනෙ ගැඹුරු කටහඬක්.. හුඟක් ගැඹුරු කේන්තියෙන් පිරුන කටහඬක් ඒක..



" මොනාද බං උඹලා ඔය කරන ගෑණු වැඩ.."



" උඹ පලයන් අනුන්ගෙ ඒවට අත දාන්නැතුව.."
" මේක අපි මූ එක්ක බලාගන්නම්.."



දුලාජ් අයියා කියලා ආපහු දණ ගහගෙන ඉන්න මගෙ කනට පාරක් ගහනකොට ගැඹුරු කටහඬේ අයිතිකාරයා අපිට ලංවෙලා දුලාජ්ව එහාට තල්ලු කරලා මගෙ බඩ වටෙන් අත් දාලා මාව නැගිට්ටුවා..

බොඳ වෙලා පේන ඇස් දෙක අතින් පිහිදගෙන මම අමාරුවෙන් බැලුවෙ ආව කෙනා දිහා..



" ව්-විද්වාන් අ-අයියා.."



" මාව දන්නවද.."



සෙතිනුගෙ විද්වාන් අයියා මං දිහා නොබලා දුලාජ් දිහාම බලන් අහනකොට මං අයියට උත්තර නොදී මගෙ තොල කොනේ තියන ලේ බිංදුව පිටි අල්ලෙන් පිහිදගත්තා..



" එකපාරක් උඹට කිව්වා.."
" වාතයක් නොවී පලයන්කො මෙතනින්.. අනුන්ගෙ මගුලවල් නිසා උඹත් කන්නනෙ හදන්නෙ.."



" අනුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.. මේ ඉන්නෙ මගේ යාලුවෙක්.."
" මල්ලිගෙ නම මොකක්ද.."



විද්වාන් අයියා මගෙ නම ඇහුවෙත් අරුන්ට ඇහෙන්නමයි..



" අයියෙ මං සයාෂ්.."



" ම්ම්ම්.. සයාෂ් මගෙ යාලුවා.. දැන් කියපම් උඹලා ඇයි මගෙ යාලුවට ගැහුවෙ.."



විද්වාන් අයියා නපුරු කටහඬකින් අහනකොට දුලාජ් කට කොනින් හිනාවුනා..



" මතක තියාගනිම් උඹ ඇඳගෙන නෑවේ.."



දුලාජ් කෑ ගහලා අයියට ගහන්න පයිනකොට හරි දක්ෂ විදිහට ඒ පාර මගෑරපු අයියා උගෙ කකුලට ගැහුවෙ එකපාරම බිම වැටෙන විදිහට.. එතනින් එහා ගෙවුන විනාඩි පහ ඇතුලත මම විද්වාන් අයියා එක්ක එකතු වෙලා එතන හිටපු කොල්ලො හත්දෙනාටම ගැහුවා..



" පුතා.. !! "



බිම වැටිලා ඉන්න එකෙක්ට තාමත් ගහන ගමන් හිටපු අයියා ඇහුන කටහඬට කොන්ඩෙත් ගසන ගමන් නැගිට්ටා.. මමත් බාගෙට මැරිලා වගේ හිටපු දුලාජයව එතනම අතෑරලා ආපු කෙනා දිහා බැලුවා..

දෙයියනේ විද්වාන් අයියගෙ තාත්තා.. !! අදනම් ඉවරයි..



" මොකද මිනිහො මේ.. !! "



විද්වාන් අයියා ලඟට ආපු මානවසිංහ අංකල් බිම ඉන්න කොල්ලො ටික දිහා බලලා ඇහුවා..



" පොඩි වලියක් ඩෑඩ්.."



විද්වාන් අයියා මානවසිංහ අංකල්ට ඩෑඩ් කියනවා ඇහිලා වැටිලා හිටපූන් අමාරුවෙන් නැගිට්ටා.. මේ මානවසිංහ අංකල්ගෙ පුතා කියලා එයාලා දැනන් ඉන්නැතුව ඇති..

නැගිටපු උන් ටික බයෙන් වගේ මූනෙන් මූන බලාගෙන ඉඳලා වැටි වැටි දුවනකොට විද්වාන් අයියා කට කොනින් හිනා වෙලා මං දිහාට හැරුනා..



" මල්ලි ඔයාට අමාරුද.."
" හොස්පිට්ල් එකට යන්න ඕනද.."



" න්-නෑ අයියෙ.. මට ගෙදර යන්න ඕන.."
" තෑන්ක්ස් උදව් කලාට.."



මං යන්න කියලා හැදුවත් එකපාරටම කකුලෙන් දැනුනෙ ඉවසගන්න බැරි තරම් රිදිල්ලක්..



" ම්ම්හ්හ්ම්.."



කෙඳිරිගාගෙනම මම පිටිපස්සෙ තිබුණ අරලිය ගහේ කඳට හේත්තු වුනේ රිදෙන කකුලත් අල්ලන්..

කලින් රණ්ඩුව වෙලේ එකෙක් ගහපු පාරක් සැරටම වැදුනනෙ කකුලට..



" පුතා මේ පුතාව දන්නවද.."



මානවසිංහ අංකල් අහනකොට විද්වාන් අයියා මං දිහා බලලා ඔලුව වැනුවා..



" මං අඳුරන මල්ලි කෙනෙක්.."
" ඩෑඩ් ගෙදර යන්න.. මම මෙයාව ගෙදරින් දාලා එන්නම්.."



" හ්ම්ම්.. වාහනේ තියනවද.."



" ඔව්.."



" එහෙනම් ගිහිල්ලා එනවා.. ඇවිත් මට විස්තරේ කියන්න ලෑස්ති වෙලා ඉන්න පුතා.."



එහෙම කියපු මානවසිංහ අංකල් මාත් එක්කත් හරීම ලස්සනට හිනාවෙලා එතනින් ගියා..



" එහ්.. ඔයාට ඇවිදින්න පුලුවන්ද.."



අංකල් ගියාට පස්සෙ අයියා අහනකොට මම බෑ කියන්න ඔලුව වැනුවා.. ඇත්තටම පට්ටෙට කකුල රිදෙනවා..



" කාර් එක තියෙන්නෙ අර පැත්තෙ.. ඇවිදින්න අමාරුනම් මං උස්සන් යන්නද.."



" ව්-විහිලු කරනවද.."



" නෑ.. මං විහිලු කරන්න කැමති නෑ.. ඇවිදින්න අමාරුනම් උස්සන් යන්න පුලුවන්.."



අයියා කරන්නෙ විහිලුවක් නෙවේ කියලා එයාගෙ මූන දැක්කම පෙවුනා..



" එ-එපා අයියෙ.. මට පුලුවන්.."



" මෙන්න මෙහෙ එනවා.."



මම අමාරුවෙන් අඩියක් තියනවා බලන් හිටිය විද්වාන් අයියා මගෙ ඉන වටෙන් අත් දාලා මාව අල්ලගෙන එක්කන් ගියෙ එයාගෙ වාහනේ ලඟට..

වාව්ව්.. !! අයියගෙ කාර් එක BMW X6 එකක්.. !!



නෑ හැබැයි.. මෙහෙම එකක්වත් තිබ්බෙ නැත්තන් වැඩක් නෑනෙ.. අයියා මැණික් වියාපාරිකයෙක්ගෙ පුතෙක්නෙ..

මම පැසෙන්ජර් සීට් එකෙන් ඉඳගත්තම විද්වාන් අයියත් වාහනේට නැග්ගා..

ම්ම්ම් සැප සැප ඈ.. බී එම් ඩබ්ලිව් එකක පුප තියන් මං පින් ක්ලා එහෙනම්..

විද්වාන් අයියා වාහනේ පාරට දාලා ඩ්‍රයිව් කරන්න ගන්නකොටත් තිබුනෙ ලොකු නිහැඬියාවක්.. මං ඉතින් අයියා කතා කරනකම් හිටියා..



" උන් කවුද.."
" සෙට් පිටින් බැහැලා ගැහුවා කියන්නෙ ලොකු කේස් එකක් වෙන්න ඇති.."



අන්තිමේ අයියා ඇහුවා.. එයා අහයි කියලා මං හිතපු එකම.. !!



" අනේ නෑ අයියෙ.."
" ඒ අපේ ඉස්කෝලෙ අයියලා ටිකක්.. මේ ලඟදි පොඩි වලියක් ගියානෙ.."



" ම්ම්ම්ම්.."



" සොරි අයියෙ.. මම නිසා අයියට ඉස්සරහටත් කරදර වෙයිද දන්නෑ.."



මං කියනකොට අයියා ආපහු කට කොනින් හිනාවුනා..



" උන් ආපහු එන්නෑ.. දැක්කෙ නැද්ද දිව්ව විදිහ.."



" ඔව් නේ අයියෙ.."
" ඒක නෙවේ.. අයියා අරුන් ආවට පස්සෙද එතනට ආවේ.. ඇතුලට යනකොට මං විතරනෙ ග්‍රවුන්ඩ් එකේ හිටියෙ.."



" ඔව්.. මං පෙරඩ් ප්‍රැක්ටිස් ඉවර වෙලා ලමයි ටිකව යවලා කඩේට ගියා.. ඒ ඉන්නකොට දැක්කා ඔයා තාප්පෙන් පයිනවා.. ඉතින් මං ගනම් ගත්තෙ නෑ.."
" හැබැයි මං කඩෙන් එලියට එනකොට දක්කා සෙට් එකක්ම ග්‍රවුන්ඩ් එකට යනවා.. මං හිතන්නෙ උන් බීලා හිටියෙ.."



ඔව් ඔව්.. උන් බීලා කියලා එවෙලෙ දුලාජ් අයියා ලඟින් ආපු අරක්කු ගඳෙන් තේරුනනෙ මට..



" ඔව් අයියෙ.. උන් බීලා හිටියෙ.."



" ම්ම්ම්.. ටිකක් වෙලා කඩේ ලඟ ඉඳලා ගෙදර යන්න හදලත් ඔයා තනියම ඇතුලෙ කියලා මතක් උන නිසා මම නිකමට ආපහු ග්‍රවුන්ඩ් එකට ආවේ.."
" එතකොට තමා වලිය දැක්කෙ.."



" අනේ අයියෙ තෑන්ක්ස්.. ඔයා හිටියෙ නැත්තම් මට හොස්පිට්ල් යන්නම කන්න වෙනවා.."



මගෙ පෙර පිනකට තමා විද්වාන් අයියා ආපහු ග්‍රවුන්ඩ් එකට ඇවිත් තියෙන්නෙ..




" ම්ම්ම්.. ඒක ලොකු දෙයක් නෙවේ.."
" මෙතනින් කොහෙටද හරවන්න ඕන.."



" වමට අයියෙ.. තුන්වෙනි ගෙදර... අර කොල පාට ගේට් එකක් තියෙන්නෙ.."



ගේට් එක ලඟින් හෝන් කරලා වාහනේ නවත්තපු අයියා බැහැලා ඇවිත් මාව එයාට වාරු කරගත්තා.. හෝන් එකේ සද්දෙට ගෙදරින් එලියට ආපු තාත්තා මං ඉන්න විදිහ දැකලා බය වුනා..

හැබැයි තාත්තා පුදුම නොවුනෙ මම මෙහෙම ගෙදර ආපු පලවෙනි වතාව මේක නොවුන නිසා..



" චූටි පුතා.. !! මේ මොකද.."



" අහ් අංකල්.. මේ මල්ලිගෙ කකුල පොඩ්ඩක් ඩැමේජ් වෙලා.."
" මෙයාව ඇතුලට එක්කන් යමුද.."



" අහ් හරි.. එන්න පුතා.."



තාත්තා අයිනකට වෙලා ඉඩදෙනකොට විද්වාන් අයියා මාව ගෙට එක්කන් ගිහින් සෝෆා එකෙන් ඉන්ඳෙව්වා..



" චූටි පුතා.. මේ මොකක්ද වුනේ.."



අම්මත් ඇවිත් කලබලෙන් අහනකොට මම මගෙ එහාපැත්තෙන් වාඩිවුන විද්වාන් අයියා දිහා බැලුවෙ බේරගන්න කියලා කියන්න වගේ..



" ආන්ටි.. මල්ලිට බනින්න එපා.."
" අද මම ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට කොල්ලො සෙට් එකක් මාත් එක්ක වලියක් දාගත්තා.. මල්ලි මට උදව් කරන්න ආවා.. ඒකයි මේ.."



" පුදුමයි.. මං හිතුවෙ අපේ එකා වලියක් දාගෙන කියලා.."
" ඔය පුතාට අමාරුවක් නෑනෙ.."



" අනේ නෑ අංකල්.."



අයියා මාව බේරගත්තා දෙයියනේ.. නැත්තන් එතනත් කාලා තාත්තගෙනුත් කන්න වෙන්නෙ මට..

අහ් මෙයාව අඳුන්නලා දෙන්නත් අමතක වුනා..



" තාත්තෙ.. මේ විද්වාන් අයියා.. මානවසිං - - - "



" මම පුතාව දන්නවා කොල්ලො.. මේ මිස්ටර් මානවසිංහගෙ පුතානෙ.."
" නෝනා.. !! මේ පුතාට තේ එකක් හදන්නකො.."



හරිනෙ.. නිකම් ලැජ්ජ උනා.. අයියා එපා කිව්වත් අම්මා බලෙන්ම අයියට තේ පොවලා බිස්කටුත් කැව්වා.. කොහෙ තිබ්බ බිස්කට්ද මෙව්වා.. මම දැක්කෙ නෑනෙ..

ලෙඩ උන මට වතුර ටිකක්වත් නෑ.. කුක්කු එකක් විතරයි හදලා දුන්නෙ.. කමක් නෑ.. විද්වාන් අයියා මාව දෙපාරක්ම බේරගත්තනෙ.. ඔහොම සලකලා මදි කොල්ලට..

ටිකකින් අයියා ලෑස්ති වුනේ ගෙදර යන්න..



" එහෙනම් මම යන්නම් අංකල්.. ගිහින් එන්නම් ආන්ටී.."
" සයාෂ්.. පරිස්සමෙන් ඉන්න එහෙනම්.. හෙට ඉස්කෝලෙ යන්නත් බෑනෙ කකුල ඔහොම තියාගෙන.."
" මම එන්නම්කො ඔයාව බලලා යන්න දවල් වෙලා.."



" අහ් හරි අයියෙ.."
" තෑන්ක්ස් හැමදේකටම.."



විද්වාන් අයියා හිනාවෙලා ඇහැකුත් ගහලා ගියාම මම අහිංසක විදිහට තාත්තා දිහා බැලුවා..



" තාත්තෙ මට වොශ් දාගන්න උදව් කරන්නකෝ.."


























___________________________________________________

























ඊයෙ රෑ වොශ් දාලා ලොක්කයියා බත් කැව්වට පස්සෙ මං මැරිලා වගේ නිදාගත්තෙ ඇඟේ අමාරුවට.. කොහොමහරි නැකිටිත්ති වෙලාව එකොලහටත් ලඟයි.. ඊයෙ රෑ කෝල්ලෙකක් දාලා සෙතිනුට වුන දේ කිව්වම එයා හුඟාක් බය වුනා.. එවෙලෙම එන්න ඇහුවත් එක්ක.. පෞ අනේ මගේ කොව්වා..

වොශ් දාලා පැයක් දෙකක් විතර ඇඳට වෙලා ඉන්නකොට විද්වාන් අයියා ආවේ නැතෑ පලතුරු මලු වගේකුයි තව කන්න එකේක ජාතී ගොඩකුයි අරම්.. කකුල කඩාගත්ත එක හොඳයි එකාතකට..

අපි දෙන්නා හුඟාක් වෙලා කතා කලා.. ග්‍රවුන්ඩ් එකේදි මාව දැකලා තියනවලු එයා.. වලියක් නිසා වුනත් කොහොමහරි අපි දෙන්නා හොඳ යාලුවො වුනා..

ම්ම්ම්.. වෙලාව එකයි හතලිහයි.. තව ටිකකින් සෙතිනුවා එයි මාව බලන්න.. කෝ මේ විද්වාන් අයියා.. සෙතිනුට අවුල් යයිද අයියව දැකලා.. විද්වාන් අයියා මෙහෙ කියලා කියන්න විදිහකුත් නෑනෙ මූට.. ඉස්කෝලෙට ෆෝන් ගෙනියන්න දෙන්නැති එක නිසානෙ මේ ඔක්කොම..

තවත් ටික වෙලාවක් යනකොට ගෙදර බෙල් එක වදින සද්දෙ ඇහුනා.. සෙතිනු මොකෝ බෙල් කරන්නෙ.. මූ ගෙට එද්දි බෙල් ගගහා ඉන්නෑනෙ.. හරේ හරේ.. කමක් නෑ.. දැන් එයි ගාල කඩාගත්ත හරකා වගේ.. ඔන්න බලම්ට..

පහයි.... හතරයි.... තුනයි.... දෙකයි.... එක් - - -



" සයාෂ්.. !! "



හෑ.. වට්ද පක්..



" සයාෂ්.. පැටියො ඔයා හොඳින්ද.."



හේ.. හරි වැඩේනෙ උනේ.. හේ හේ.. ගාල කඩාගත්ත හරකෙක්නම් ආවා.. හැබැයි ඒ සෙතිනු නෙවේ..

ජෙයියනේ තේව් අයියා ඇවිත්.. !!

සුරා බදු එකෙන් පනිනවා වගේ කාමරේට කඩන් පැන්න තේව් අයියා තප්පරෙන් හිටියෙ මගෙ ඇඳ ලඟ බිම දණ ගහගෙන.. පොර බොටම් ටීශර්ට් පිටින්.. පෙරඩ් ප්‍රැක්ටිස් වල ඉඳලා ඉස්කෝලෙ ඇරුන ගමන්ම ඇවිත් වගේ..



" අයියෙ.."
" ඔයා මොකෝ මෙහෙ.."



මම අහනකොට අයියා මුකුත් නොකියා බැන්ඩේජ් කරලා තිබ්බ මගෙ කකුල හරි පරිස්සමෙන් අතගාන්න ගත්තා..

ඒහ්හ් මොකද මේ.. !!

ඊලඟට කාමරේ දොර ඇරන් ආවේ සෙතිනු.. පොර ඇස් වල කඳුලු පුරවන් ඇවිත් මගෙ ලඟින් වාඩිවුනා..



" සයාෂ්.. උඹට හුඟක් අමාරුයිද.."



අනේ මගේකා අඬන්නද යන්නෙ..



" අඩෝ නෑ බං.. උඹලා බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ.."
" මං මේ රජ සැප බුක්ති විඳිනවා.. උඹලට කියන්න කකුල කැඩුනට මොකෝ.. අතට පයට ඔක්කොම හම්බෙනවා බං.."
" වෙනේකක් තියා ලොක්කයියත් ඇහුවා එද්දි මට මොනාත ගේන්න ඕන කියලා.."



" උඹත් අනේ මන්දා බං.."



කඳුලු අස්සෙන්ම හිනාවුන සෙතිනුවා මාව පැත්තෙන් බදාගත්තා.. මම බැලුවෙ තාම බිම ඉඳන් මගෙ කකුල හිමීට අතගාන අයියා දිහා..



" අයියෙ.."
" ඒ මොකද ඔය.. නැගිටිනවා හලෝ.. මට රිදෙන්නෑ.."



" මට සමාවෙන්න පොඩ්ඩො.."



" අයියා මොනා කලාටද සමාවිල්ලන්නෙ.."
" අනික මට සතුටුයි.. දුලාජයා කෑවා කෑමක් එපා වෙන්නම.."



මං කියනකොට අයියා ඉස්සිලා මගෙ ඉදිමුන කම්මුල එයාගෙ මාපට ඇඟිල්ලෙන් හරි පරිස්සමෙන් අතගාන්න ගත්තා..



" සයාෂ් මල්ලි.. ඔයාලගෙ අම්මා මේ බීම වීදුරු ටික දෙන්න ක් - - - "



බීම ට්‍රේ එකක් අරන් කාමරේට ආපු විද්වාන් අයියා නැවතුනේ බිම ඉන්න තේව් අයියව දැකලා..

විද්වාන් අයියගෙ කටහඬ ඇහිලා ඒ පැත්ත බලපු ‍තේව් අයියත් පුදුමෙන් වගේ බිමින් නැගිට්ටා..



" ත්-තමුසෙ මොකද මෙහෙ.."



" මමනෙ උඹෙන් ඒක අහන්න ඕන.."



තේව් අයියා රවාගෙනම විද්වාන් අයියගෙන් එහෙම අහනකොට මට ඒ දෙන්නව පෙනුනෙ පොරක්කන්න ඉන්න යස්ස පූසො දෙන්නෙක්ව වගේ..

මොකත එකපාරටම මේ මුන් දෙන්නට වුනේ..






















___________________________________________________









හායි මිතුරනී.. 3k උනානේ..

තෑම්ස්.. 🌝💕

කතාව කොහොමදහ්හ්.. කමෙන්ට් ගොඩක් දැම්මොත් ඊලඟ එපිය කලින් දෙනවා.. 🌝

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ - Sayuu.. 💕

2024.03.10

Continue Reading

You'll Also Like

6M 252K 63
Jungkook is a single CEO father, and Taehyung is a college student looking for work. Jungkook has children who are afraid of other people, but things...
34K 786 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
672 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...