කටුපිටපත| KATUPITAPATHA

By IVYLxuxi

28.9K 4.9K 6.6K

මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Start... More

01
02
03
04
05
06
07
08
09
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55

10

570 116 104
By IVYLxuxi

"නෙත්සර්ජ උඹ කල්පනාවෙන් සුලු කරනවද නැත්තං මන් උඹට සුළු කරන හැටි උගන්නන්න ද!!!"

"දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා...තරහ ගන්න එපා ඉතින්..."

"හදපන් මේක ආයේ!!"

තෙධාෂගේ බැනුම හින්දා මූණත් අකුලාගෙන තෙධාෂට රව රව ආපහු පාරක් එයා වරද්දපු අවකලනය ගාණ හදන්න පටන් ගත්තා. සුළු කිරීම් කියන්නේ ධනුර්වට නයාට අඳු කොළ වගේ. බල්ලට හොරා වගේ.

තෙධාෂගේ private tuition session එක ඉවර වුණ ගමන් යන්තං thank you කියාගෙන ධනුර්ව පොත් ටිකත් උස්සගෙන කාමරේට රිංගුවේ ගිටාර් එක අතට ගන්න හිතාගෙන. අනික් අයගේ අවේලාව වෙලා තිබුණ ඒත් ධනුර්වගේ 'වෙලාව' වෙලා තිබුණ රෑ එකොළහට එයා එයාගේ ගිටාර් එක අතට ගත්තා.

"බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී...

නොලී කවියක් තිබිය නොහැකි ද හඳේ යම් රිදුමක් දිදී...

තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන්
පාරන මුත් ඇණි

සිඳිනු හැකි වේද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි....."

තෙධාෂත් එයාගේ පොත අරගෙන ධනුර්ව ළඟින්  වාඩි වෙලා මුකුත් නොකියාම පොත දිග ඇරියේ එයාගේ තවම නමක් වත් නොදාපු කතාව ලියන්න. පොත ලියන්න එතනට තෙධාෂ ආපු එක දැකලා ධනුර්වගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනේ මූකලන් හිවලාව ආයේ ගිටාර් එක නිසා ගෙන්න ගත්තා නේද කියලා හිතන ගමන්.

" ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමං නොකරමි...."

ඒ කොටස ධනුර්ව කියද්දි පොත ලිය ලිය හිටපු තෙධාෂ ධනුර්ව දිහා බලද්දි ධනුර්ව ඒ වෙනකොටත් තෙධාෂ දිහා බලාගෙනම හිටියේ. තත්පර කිහිපයක ඒ eye contact එක බිඳුනේ ධනුර්වගේ phone එකේ මැසේජ් එකක් ආපු සද්දෙට. ගිටාර් එක බිමින් තියපු ධනුර්ව ෆෝන් එක අරගෙන ආපු මැසේජ් එකට රිප්ලයි කරන්න පටන් ගත්තේ තෙධාෂ ආපහු තමන් ලිය ලිය හිටපු පොතට අවධානය දෙනකොට. අවධානය පොතට දුන්නා කියලා කිව්වට එයාගේ අවධානය කොහොම වත් පොතේ නම් තිබිණේ නැහැ.

විනාඩි ගාණක් ගියත් ඉවරයක් නැති ධනුර්වගේ මැසේජ් කිරිල්ල නිසාම තෙධාෂ පොතත් අරගෙන කාමරේට ගියේ යන්තමට ඔලුව උස්සලා බලපු ධනුර්ව පිච්චිලා යන තරමට බැල්මක් හෙලාගෙන.  තෙධාෂ ගියාට පස්සේ එයා හිටපු තැනට කකුල් දෙක දාගෙන හොඳට දිගාවෙලා මැසේජ් කරන්න පටන් ගත්තු ධනුර්වට දිගටම ඒක කරන්න බැරි වුණේ හදිස්සියේ එතනට ආපු එයාගේ තාත්තා නිසා.

"චුටි පුතා!! පාඩමක් කරන්න එපා තමුසේ කාටද ඔය දවස පුරා කොටන්නේ? අහුවෙන්න එපා මට වැරදි වැඩක් කරලා!! මෙහාට දෙනවා බලන්න ඔය ෆෝන් එක"

තාත්තගේ සද්දේ ඇහිලා ගෙදර ජනතාව හැමෝම උඩ තට්ටුවට රැස් වෙන්න පටන් ගත්තේ තාත්තා ඒ විදිහට කෑගහනවා කියන්නේ අනිවාර්යයෙන් තව බැනුම් දෙක තුනකට පස්සේ ධනුර්ව ගුටි කනවා කියන එක දන්න නිසයි. ලොකු අක්කා අනිත් හැමෝටම කලින් උඩට ගියේ තාත්තාගෙන් කොච්චර තමන් ගුටි කෑවත් කමක් නැහැ මල්ලි ගුටි නොකා කියලා හිතන ගමන්. හැමදාම ඒ හැම වෙලාවකම අනිත් හැමෝටම කලින් මල්ලිව බේරගන්න ඉස්සරහට පැන්නේ ලොකු අක්කා. එහෙම කරන්න ගිහින් තාත්තාගෙන් ඕන තරම් පාරවල් කාලා තිබුණා වුණත් ඒ ඔක්කොම පාරවල් විඳගෙන එයා මල්ලිව බදාගෙනම හිටියේ අත ඇරියොත් මල්ලිට පාරක් වදී කියන බයට. එදා ඉඳන් අද වෙනකන් මල්ලිට තාත්තා අත උස්සන හැම පාරකම ලොකු අක්කා ඒ පාරවල් වලින් සීයයට අනූනවයක් ම වගේ තනියම විඳගෙන තිබුණා.

තාත්තාගේ කෑගහන සද්දෙට පොත් අකුලන් ගියපු තෙධාෂත් කාමරෙන් එළියට දුවගෙන ආවේ ඒ සද්දේ එයාටත් හුරුපුරුදු විදිහට දැනුන නිසා. තෙධාෂ කියන්නේ ගෙදර ඉද්දී අප්පච්චිගෙන් හොඳටම ගුටි කාපු කෙනෙක්. පේරාදෙණිය නැතුව කොළඹ කැම්පස් එකට දාලා කොළඹ ආවා කියන කාරණේටම විතරක් තෙධාෂ අප්පච්චිගෙන් ගුටි කෑවා නිල් වෙනකල් ම. අන්තිමේ කොළඹ එන්න හිටපු දවස පහු කරලා සතියකට පස්සේ තෙධාෂට කොළඹ එන්න සිද්ධ වුණේ ඇඟ පුරා නිල් පාට තියෙද්දි කොළඹ එන්න බැරි නිසා. ඒ නිසා ධනුර්වගේ තාත්තා ඒ කෑගහපු සද්දෙට තෙධාෂ දුවගෙන ආවේ එයාගේ වේදනාව එයාටම ආයේ මතක් වෙද්දි.

ධනුර්වගේ ෆෝන් එක බලපු තාත්තා දැක්කේ නෝට් එකක් ඉල්ලන්න මෙව්ලික දාපු මැසේජ් එකයි ඊට පස්සේ ඉස්කෝලෙ සයන්ස් එකට ඉන්විටේෂන් හම්බවෙලා තිබ්බ බාලිකාවේ ඉවෙන්ට් ගැන සහ අන්තිමට මෙව්ලිකයි එයයි කතා වුණ විහිලු තහලු. නිධාරා ගේ contact එකම විතරයි ගෑණු ළමයෙක් ට කියලා තිබුණේ එයාට. ඒකත්  chat lock දාලා තිබුණේ.
අලුතින් එකතු වෙච්ච තෙධාෂගේ contact එකයි, එයාගේ යාලුවන්ගේ contacts දෙකයි ඇරෙන්න එයාගේ ෆෝන් එකේ පිරිලා තිබුණේ එයාගේ යාලුවන්ගේ contacts වලින්. මුකුත් වැරදි දෙයක් හොයාගන්න බැරි වුණත් තාත්තා ගේ ආත්ම ගෞරවයට වෙන හානිය සලකලා එයා තවත් ධනුර්වට බනින්න පටන් ගත්තා.

"උඹ මාව තම්බන්න එපා!! උඹ කාටද මැසේජ් කළේ?"

"ඇයි දැන් තාත්තා ෆෝන් එක අරන් බැලුවේ! මෙව්ලිකට තමයි මම කතා කළේ!! තාත්තට මට බනින්න එකක් හොයාගන්න ඕනමයි නේද?"

"උඹ මට කටගහගෙන එනවද??" කියලා කෑ ගහපු ධනුර්වගේ තාත්තා අත උස්සලා ධනුර්වට කම්මුල් පාරක් ගැහුවා. ඒ කම්මුල් පාරේ සැරට හිටගෙන හිටපු ධනුර්ව විසිවෙලා ගිහින් බිම වැටුණා. ගිටාර් එක චැට් එක නැගලා යන්න ඉස්සරින් ගිහින් තියපු නිසා යන්තමට ගිටාර් එක බේරුණත් ධනුර්ව වැටෙද්දි එයාගේ කොන්ද සෝෆා එකේ තිබුණ ලීයේ වැදුනා. ඒ පහර වැදිලා ධනුර්ව විසි වෙන අතරේ හැමෝම උඩ තට්ටුව ඇවිත් හිටියා.  ධනුර්වගේ තාත්තා තව පාරක් ගහන්න අත උස්සනකොටම ලොකු අක්කා ඉස්සරහට පැනලා ධනුර්ව ව බේරගන්න එන්න හැදුවත් ලොකු අක්කට කලින් වෙන කෙනෙක් ධනුර්ව බේරගන්න එයා ළඟට දුවලා ගියේ ලොකු අක්කා ඉස්සරහට දුවන්න තියපු කකුල එහෙම්ම ම තියාගෙන ඒ ධනුර්ව ගාවට දුවන ඉලන්දාරියා දිහා ඇහිපිල්ලමක් වත් ගහන්නේ නැතුව බලන් ඉද්දි. තෙධාෂ අස්නිරු බණ්ඩාර! ධනුර්ව බේරගන්න ඉස්සරහට ගිහින් තිබුණා.

"අංකල් ඉන්න!! නෙත්සර්ජ මාත් එක්ක මෙච්චර වෙලා ගණන් හද හද හිටියේ" තෙධාෂ ධනුර්ව ව එහෙම බේරගන්න ඉදිරිපත් වෙද්දි බිම වැටිලා තව පාරක් තාත්තා ගෙන් කන්න බලන් හිටපු ධනුර්ව යන්තමට ඔලුව උස්සලා එයාව බේරගන්න ආපු කෙනා දිහා බැලුවා.කඳුලු අස්සෙන් බොඳ වෙලා පෙනුනත් ඒ දිග ඇහිපිය ඝන ඇහිබැම ලාවට වැවිලා තිබුණ රැවුල අඳුරගන්න ධනුර්ව ට පුලුවන් වුණා. තෙධාෂ ගේ ඉදිරිපත් වීම ධනුර්වගේ හිතේ සහනයක් වගේම අසරණකමකුත් ඇති කළා වුණත් කිසිම දෙයක් කරන්න බැරුව ඇදුම් කන කොන්දට යන්තම් සහනයක් දැනෙනකල් තමන් ව බේරගන්න ආපු ගැලවුම්කාරයා මත යැපෙනවා මිසක් ධනුර්වට කරන්න කිසි දෙයක් තිබුණේ නැහැ.

තෙධාෂ ගේ මැදිහත් වීම හින්දා ධනුර්වගේ තාත්තා ෆෝන් එක තෙධාෂ අතට දීලා එතනින් තවත් මුකුත් නොකියා යන්න ගියා. ධනුර්ව ළඟට වෙනදා වගේම ගිහින් එයාව බදාගන්න හිතපු අම්මවයි චූටි අක්කවයි ලොකු අක්කා නතර කරලා එයාලත් එක්කම පහලට ගියේ ධනුර්ව සහ තෙධාෂ දෙන්නව උඩ තට්ටුවේ තනියම තියලා.

"මල්ලි තවත් පොඩි එකෙක් නෙවෙයි අම්මා...එයාට අපිට වඩා යාලුවෙක් ඉන්න එක හොඳයි මේ වෙලාවේ."

ලොකු අක්කා අම්මවයි චූටි අක්කවයි පහලට අරගෙන ගියා. යුවීශා විරාජසිංහ වුණ ධනුර්වගේ ලොකු අක්කා කොච්චර වුණත් මල්ලි මොන වැරදි වැඩේ කරලා තිබුණා වුණත් තාත්තගෙන් ගුටි කන එක එයාට ඉවසන්න බැරි වුණා. ශ්වේධාරී විරාජසිංහ වුණ ධනුර්වගේ චූටි අක්කා වුණත් තමන්ගේ මල්ලි වත් අක්කාවත් ගුටි කනවා බලන්න ආස වුණේ නැහැ. ධනුර්වයි, ශ්වේධාරී දෙන්නම තමන්ගේ ලොකු අක්කා එයාලා වෙනුවෙන් හැමදාම පහරවල් වලට නතු වෙන එක තරම් ඉවසන්න බැරි දෙයක් ඒ දෙන්නටම තිබුණේ නැහැ. එයාලගේ තත්වය වගේම කොච්චර ඕන වුණත්  තාත්තව නවත්තන්න කොහෙත්ම ශක්තියක් නැති ධනුර්වගේ අම්මා තමන්ගේ ළමයි තුන්දෙනා එහෙම තාත්තා කන පුරෝලා දෙන පාරවල් කන හැටි බලන් ඉන්න එක හරිම වේදනාකාරී වුණා. ධනුර්ව තෙධාෂ එක්ක උඩ තට්ටුවේ තනියම තියපු ඒ තුන්දෙනා පහලට ගියේ තෙධාෂව වචනයක් වත් නොකියා ම ධනුර්වට භාර දීලා.

ඔන්න පුතා එක බාල්දියක් ආවා....ඉම්හි මේ අම්ෂරන ඕතරීට සමාවෙන්න ඉචිම්😓 කලින් චැප් එකේ දියවුණ ඈයොන්ට screen දෙකේ ෆ්‍රිජ් එකක් ගෙනාවා😓🤣

1K වල thank you සප්තලම්ලා😭💗 ආදරෙයි ගොඩක්💗 1K ආව කියලා මැසේජ් එකක් දාලා අද මේ අප්ඩේටුව අරන් දුන්න winter_bunny812 නංගාට ඔබේ මනාපය පල කරන්න😩🧡

IVY L
30/03

Continue Reading

You'll Also Like

93.8K 15.4K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
1.1M 58.4K 48
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
55K 11.5K 48
ගිහිං අහපන් අහසින් සෙන්කඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගනිනු හැකිනම් ආදරෙයි එපමණකි මං ꕤ 🌸🍂 නිස්සාර - 2 කොටස රොබරෝසියා | Nonfiction
134K 24.5K 61
"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....