කස්තුරි සුවඳ ✓

By liversack

640K 109K 44.7K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය

අවසාන පරිච්ඡේදය

9.1K 1.2K 1.1K
By liversack




ඉතින් එහෙමයි.. ඒ ආදරේ එහෙමයි. අකුරු බර ගානක හෝඩියක් තිබුනත් අන්තිමට ඒ අකුරු අමුනලා වචන කරන්න බැරි තරමට ඒ ආදරේ එහෙමයිලු..

"එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!"

හරියටම අවුරුදු උදාවෙන නැතකතට ගෙදර මැද්දේ කිරි උතුරන ගමන් නාථ මූලූ පවුලටම කියද්දි චූටි විසුද්ට නම් මේ උතූරන කිරි එක ගැන හරියට ප්‍රශ්න.

"විතු..කුක්.කූ..හ්?"

"ඒකනේ කුක්කු නේ.. මගේ මැණිකටත් දෙන්නම් පස්සේ"

පබසර එයාගේ පුතාව වඩාගෙන උතුරන කිරි මුට්ටිය ඉස්සරහා ඉදගෙන ඒ කිව්වේ. අනිත් අය සමහරක් එතන දන නවාගෙන තව තව ලිප අවුලනවා. ඉතින් නිර්මල ප්‍රශ්න පෝලිමක් දිග ඇරගෙන ඈනුමක් යැව්ව එයාගේ පුතා ලගට ඇවිත් කම්මුලක් ඉබලා එලියට යමු කියලා පබසරට ඉගි කරේ ඒ වෙලාවෙම වගේ රක්ෂිත දිග රතිඤ්ඤා වැලකුත් අරන් එලියට ගිය නිසා.

මොනවා නැතත් මේ අවුරුද්දේ නැකැත් සේරම වගේ වැටිලා තියෙන්නේ රෑ ගානක නිසා රතිඤ්ඤා වලට වඩා අහසේ අහස් කූරු.. ඉතින් අවුරුදු උදාවට පස්සේ එතන වැඩි හරියක්ම අය බලන් හිටියේ අහාර අනුභවය හා වැඩ ඇල්ලීමේ වෙලාව එනකල් කිව්වොත් මාණික්‍යට නම් දැන් හරි බඩගිනියි.

"බබා යමු එලියට අයියා රතිඤ්ඤා පත්තු කරන්න යන්නේ"

බඩගින්නටද නිදිමතටද? මාණික්‍යටත් විසුද්ට දෙවෙනි නැති ඈනුමක් ගියේ. හැබෙයි උපණිට නම් දැන් නිදිමත අහලකවත් නෑ.. මොකද මේ ආගන්තුර උත්සවය එයාට හරිම අලුත්.. කොහොම වුනත් අද කට්ටියම නිල් පාටින් සැරසිලා ඒ පවුලෙම අය දැක්කම හරි දර්ශණියයි. මොකද පිරිමි අය හැම කෙනෙක්ම වගේ එක වගේම සරම් ඇදගෙන.. ඊටත් චූටි පුතත් නිල් පාට සරමක් ඇදන් හරි හැඩයි.

කොහොම හරි.. කන නැකතත් ලග ලගම එන නිසා කට්ටියම එලියට ගියේ ඔන්න අද නම් රතිඤ්ඤා වලට අමතරව මල් වෙඩි බලන්නත් පුලුවන් වෙන නිසා.. ඉතින් පබසර ආයෙම එයාගේ පුතාට හරි මතක හිටින සිංදුවක් කියලා දෙනවලු..

"බා බා බා කිකිළි.. ඊයේ උදේ ගිය කිකිළි! තාම ආවේ නෑහ් කිකිළි.. බා බා බා! කෝ චූටි පුතා කියන්න බලන්න"

"බා.. බා.. බා.. තිති.හ්! බා..බා..!"

ඒක අහන් ඉඳලා නිර්මලට නම් හිනා.. ඒ වුනාට මාණික්‍යටයි මනරුටයි පබසරටයි මේ සිංදුවේ පද වලින් මතක් තරලා දුන්නේ අමතක නොවෙන මතකයක්..

ඉතින් මතකයත් එක්කම මාණික්‍ය ලග හිටපු මනරු එයාගේ කනට කොදුරලා කිව්වේ මාණික්‍යගේ මූන රතු වෙන දෙයක් වුනත්.. ඒක හරිම ආදරණීයයි..

"මාණික්‍ය ඔයා මාව මුලින්ම kiss කරේ අවුරුදු කාලේ"

ආයෙම අමුතුවෙන් ඒ දේ නම් මාණික්‍යට මතක් කරන්න ඕන නෑ.. මොකද ඒ අතීත රූප රාමු දැන් චිත්‍රපටයක් වගේ එයාගේ ඇස් ඉස්සරහා මැවෙනවා.. ඉතින් තොල් එකට හපාගත්ත මාණික්‍ය මනරුගේ අතක ඇගිලි පටලන් අල්ල ගත්තා කිව්වොත් ඒ මොහොතෙම වගේ පලාතක්ම දෙදරන්න රතිඤ්ඤා සද්දේ ඇහුනත් එක්ක කට්ටියම ගියේ මෙච්චර වෙලා තිබුනු බඩගන්න සන්සිදවගන්න.. ඒත් ඊට කලින් ගෘහ මූලිකයා විදිහට නාථ ඒ පවුලේ හැම කෙනෙක්ටම කිරිබත් කැව්වා..

ඉතින් නාථට පුදුම සතුටුයි.. මොකද මෙදා සැරේ මේ දේවප්‍රිය ගෙදර පිරිලා.. ආදරෙන් පිරිලා, සතුටින් පිරිලා.. ඉතින් බුලත් අතකුත් අරන් දනගහලා පසග පිහිටුවලා පෙරලි පෙරලි චූටි විසුද් හැමෝටම වඳිනවා.. ඒ දිහා බලන් ඉන්න ආසයි හරිම හුරතල්..ඒත් උපනිට නම් තාම ඕවා බෑ. ඉතින් ඊලග අවුරුද්ද වෙද්දි ඉක්මනට ලොකු වෙලා අයියා තරම් පෙරලි පෙරලි වදින්න ඕනේ කිය කිය මාමලා බාප්පලා සේරම හාදුව ගානේ ඇස් දෙකත් ලොකු කරන් ඉන්න චූටි දුවගේ කම්මුලට තෑගි කරද්දි හැමදාමත් වගේ මේ පාරත්,

"අනේ මගේ වස්තුවේ පොඩි බාප්පි පව්නේ.. බාප්පිගේ කොන්ඩේ අත අරින්නකෝ.. කෝ හොඳ දුවනේ"

පෝලිමේ අන්තිමට හිටපු මාණික්‍ය උපනිට හාදුවක් දීලා ඈත් වෙන්න ගියත් දුවට නම් බාප්පගේ එක හාදුව මදි වෙලාද මන්දා ඈත් වෙද්දි වගේ මාණික්‍යගේ කොන්ඩ අහුරක් අත මිටමොලවන් අල්ලගෙන චූටි කෙල්ල අත ඇරියෙම නෑ.

"ආයි.. ආයි බාප්පි පව්නේ.. අත අරින්නකෝ නැත්තන් බාප්පි අඩනවා.. "

"හොඳ වැඩේ! තව අල්ලන් ඉන්න චූටි දු..! ඔය බාප්පිව අත අරින්න එපා"

මනරු දිව හපාගෙන මාණික්‍ය ගේ කොන්ඩෙන් උපනිගේ අත ගලවන්න හදන අස්සෙන් කොලොප්පමට පබසරත් අවේ නිකන් නෙවෙයි කොකිස් කෑල්ලකුත් කටේ දාගෙන.

"ඔන්න බාප්පි අඩනවා.."

අත අරින්නේ නැතිම තැන මාණික්‍ය දැන් අඩන්නලු ලෑස්තිය. හැබෙයි වෙලාවේ හොඳකමටද මන්දා දුවව හොයාගෙන එයාගේ තාත්තා ආපු එකෙන් මාණික්‍ය දිහා දෙයියෝ බැලුවා. මොකද,

"අප්පේ බබා! කෝ ඉන්න ඉන්න ඕකට වෙනම ට්‍රික් එකක් තියෙනවා..! මේ නෝටි මැඩම්..! කෝ බාප්පිව අත අරින්න"

කියලා උපනිගේ කිහිලි යටින් හෙමිහිට කිති කවන්න ගත්තත් හරි පොඩි කෙල්ල හිනා වෙන ගමන් මාණික්‍යගේ අල්ලන් හිටපු කෙස් රොද අත ඇරියා මොකද ඒ කිතියට උපනිට අනිත් දේවල් අමතකයි..

"ආ..."

ඔන්න ඉතින් ඒ වෙලාවෙලු කට්ටියම උපනිගේ භයානක ආයුධය නිශ්ක්‍රීය කරන විදිහ හරි හැටි දැනගත්තේ. මෙච්චර කාලයක් ඒ අඩන්තේට්ටම් වලට මැදි වුන මාණික්‍යත් කල්පනා කරේ ඇයි එයාට මේ වේනකල් ඒ වගේ දෙයක් නිකමටවත් හිතුනේ නැත්තේ කියලා.

ඒත් දැන් කවුරු කවුරුත් උගත් පාඩම් කොමිසමේ නිසා තව දුරටත් ඒ ගැන අනවශ්‍ය බියකින් පෙලෙන්න ඕන වුනේ නෑ..

කොහොම හරි අවුරුදු කාලය නම් හරිම විනෝදයි.. වගේම හරිම වර්ණවත්.. සතුටින් පිරිලා.. ඒත් අවුරුද්දට පස්සේ තමයි එච්චර කල් නිදහසේ හිටපු අයට ආයෙම ඇග පතේ අමාරු එන්න ගත්තේ.. මොකද දැන් නිවාඩු ඉවරයි. ඉතින් රක්ෂිත ආයෙම අහසේ, නිර්මලට කාර්යබහුල වෙන්න ඕන තරම් වැඩ..ඒ අනිත් අතට පබසරට වගේම මාණික්‍යට කලින් වගේම පුහුනු සැසි වගේම මනරුට එයාගේ කලායතනයේ වැඩ.

ඉතින් සතියට සැලකිය යුතු දවස් ගානක් මාණික්‍ය ගෙදර එන්නේ බාගේට මැරිලා නැත්තන් මොකක් හරිම අතුරු ආබාධයක් කරගෙන. ඉස්සර කියලත් වෙනසක් නෑ.. ඒත් දැන් වෙද්දි ඒ හැම දේකටම උපස්ථාන කරන්න එයාටම කියලා කෙනෙක් මාණික්‍යට ඉන්නවා..

ඉතින් ඒ වගේම දවසක.. ඒත් කිසිම අතුරු ආබාධයක් නැතුව මාණික්‍ය ගෙදර ආපු වෙලාවේ එයා දැක්ක ලොකුම වෙනස.

"මනරු ඔයා කීයටද ආවේ?"

සාමාන්‍යයෙන් මාණික්‍යට කලින් මනරු ගෙදර එනවා.. නැත්තන් දේවප්‍රිය ගෙදරට ගිහින් මාණික්‍ය එක්කම ගෙදර එනවා.. ඒත් අද, අද තාමත් මනරු ආපු ඇදුම් පිටින්ද නැත්තන්,

"මං ඇවිත් දැන් ටිකක් වෙලා මාණික්‍ය"

"ඉතින් ඇයි wash එකක්වත් දාගත්තේ නැත්තේ?"

සාධාරණීය විදිහට මාණික්‍ය තිමත් සිටියේ නිල් පාට පුහුණුවීම් ඇදුම පිටින්.. ඒකෙත් විශේෂ වරමක් විදිහට ඒ ඇදුමේ පපුව උඩ රත්තරන් කහ පාටින් සිංහ රූපයක් තියෙනවා.. ඉතින් කුතුහලයෙන් මුන හදන් ඉන්න මාණික්‍ය ලගට මනරු ඇවිත් මුලින්ම කරේ ඒ සිංහයා උඩ දබර ඇගිල්ල ගෙනියන ගමන් ඊලගට කියන්න යන දේට වචන ඇහිදපු එක.

"අහන්නකෝ.. බබා ඔයා මේකට කැමති වෙයිද දන්නේ නෑ..ඒ වුනාට මට වෙන විදිහක් හිතා ගන්න බෑ"

"මොකක්ද?"

මාණික්‍යගේ නම් ඉවසීම නැති තරම්.. ඒත් මනරු ඇස් උඩින් ලාවට හොර බැල්මකින් වගේ මාණික්‍ය දිහා බලන් ටිකක් ඉන්න කියලා කාමරේ ඇතුලට ගිහින් අරන් ආවේ එයත් හොඳට දැකලා තියෙන පෙට්ටියක්..

"මේක මට දාන්න මාණික්‍ය.."

හිටපු තැන ඉඳන්මයි.. මාණික්‍ය අඩියක්වත් හෙලවෙන්න නැතුව මනරු අතේ තියන් ඉන්න පෙට්ටිය දිහායි එයා දිහායි බලන් හිටියේ..ඉතින් වෙන්න යන දේ දැන් මාණික්‍යට හිතා ගන්න බෑ.. ඒත්,

මනරු අතේ තිබුනු පේට්ටිය මාණික්‍යට දික් කරත් වගේ ඒක එයා අතට ගත්තා නම්.. මනරු එතන ලග තිබුනු පුටුවකින් ඉදගෙන එක කකුලක් තාමත් ඉන්න තැනම වික්ෂිප්තව බලන් ඉන්න මාණික්‍යට දික් කරා..

"කෝ.."

ඉතින් ආයෙම බලන්න දෙයක් නෑ.. ඒ මාණික්‍යම කියලා මනරුට රත්තරනින් හදවපු මැණික් කැට සද්ද කරන සිලම්බු.. නිකන් අතේ තියන් හිටියත් ලාවට හෙලවුනත් හරි ලස්සනට සද්ද කරන අර සිලම්බු..

එතකොට.. තවත් මාණික්‍යට බලන් ඉන්න බෑ.. මනරු එයාට තවමත් කකුලක් දික් කරන් බලන් ඉන්න විදිහ.. ඉතින් පෙට්ටිය ඇරලා සිලම්බු අතට ගත්ත මාණික්‍ය මනරු ඉස්සරහා දන ගහන් අර දික්කරගෙන ඉන්න කකුලට මුලින්ම එකක් පලදුවේ මනරු ඒ දිහා හරි ලස්සන හිනාවකින් බලන් ඉද්දි කිව්වොත්.. ඒ පලදලා මාණික්‍ය මනරුගේ ඒ කකුලට උඩ සිපුමක් තිබ්බේ මනරුගේ හැගීම් දිය වෙලා ඇස් ඉස්සරහා දිලිසේද්දි..

"මේවා හරියටම ලස්සනට පේන්නේ දැනුයි.."

මාණික්‍ය ඒ කිව්වේ බොරුවක් නෙවෙයි.. මොකද මනරූගේ සුදටත් වඩා රත්තරන් පාටට හුරු හම උඩට ඒ සිලම්බු රතු වෙල්වට් රෙද්ද උඩ තියෙනවටත් වඩා ලස්සනට පේනවා.. ඊටත් හරිම දැකුම්කළුයි..

ඒ මොනවා වුනත් ඒවා දැන් හරිම තැනට ඇවිත් හිර වෙලා දිලිසේද්දි.. අර කිංකිනි සද්දේ දෙද්දි.. මාණික්‍ය ආයෙම මනරුගේ කකුල උඩින් සිපුමක් තිබ්බා..

"එහෙනම් මට ඒවට හරිම වටිනාකම දෙන්න අවසරයි මාණික්‍ය"

හරියටම නැටුමකට කලින් අවසර ඉල්ලනවා හා සමාව මනරු ඒ කිව්වේ.. කිව්වා විතරක් නෙවෙයි එයා ඉදන් හිටපු තැනින් නැගිටලා එලියට යන්න දොර ලගට අඩිය තිබ්බා කිව්වොත් දැන් කිසිම සද්දයක් නැති පරිසරයේ ඇහෙන්නේ අර සිලම්බු වල සද්දේ..

ඉතින් මුකුත් හිතා ගින්න බැරි මාණික්‍ය ඒ පිටි පස්සම ගිහින් කලුවර කොරිඩෝව ඉස්සරහා හිට ගත්තත් වගේ එයා එද්දි නොදැක්ක ඒත් දැන් හරි එලියට ගනි ගන්න පන්දමක් පුරුක් තුනක් මැද්දේ පත්තු වෙන්න ගත්තා නම්.. ඒ එක්කම වගේ අපුරු සිංදුවකුත් ඇහෙන්න ගත්තේ මාණික්‍යව එක තැන ගල් කරලා..

මොකද..

'මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ..
හදවත පතුලේ යකු බෙර වැයුනේ
තම්දෙන තානේනේ නා..!
අනේ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනේ තානේනේ තානානේ.. '

ඇත්ත.. මාණික්‍යට නම අමතක වුනත් ඒ එයා එක සැරයක් හරි අහලා තිබුනු ධනිත් ශ්‍රී ගේ සිංදුව.. ඒත් සිංදුවටත් වඩා එයාගේ ඇස් ගත්තේ හිස් මිදුලේ තනකොල ගොල්ල උඩ ඇහෙන පද තාලේ රිද්මයටම අඩි තියන මනරු නම්.. ඇදන් ඉන්න කලු ඇදූම නිසාම හරි අපුරුවට පන්දම් එලියට දිලිසෙන සිලම්බු සද්දේ.. ඊටත් ඒ හැඩ පුරුෂ ඉග නැලවෙන තාලය..

නොකියා කියා ඒ පපුවට ගින්දර දුන්නා.. ධනිත් ශ්‍රීගේ කටහඩට කර ගන්න බැරි වුනු දේ මනරුගේ තියන රිද්මය කැවුනු හැම අඩියක්ම පසා කරා..

ඉතින් ඒ හිත දැවෙනවා.. පුදුම තරම් ආදරෙන් දැවෙනවා..

'ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක..'

ඉන වට බැන්ද මුතු මොකටද ඒ හිත වට බැදගත්තු ආදරේ උතුරද්දි.. ඉතින් ඒ හිත පුරවන ආදරේට.. ඇස් පිනවන රූපයට ආදරයත් ආලයත් එකතු වුනු තැන පන්දම දැවෙන්නේ නිකන්ම තමයි.. ඒත්,

මැදින් මැදින් ඇහෙන බෙර සද්දේ.. ඊටත් මනරුගේ හැගීම් කහඩගාන මූනේ බැල්ම.. සිංදුව ඉවර වෙනවාවත් මෙච්චර වෙලා තිබුනු ඇස් උන්මාදයෙන් වැලදගත්ත නැටුමත් නතර වුනා කියලා මාණික්‍යට නිනව්වක් එන්නේ කොහොමද..

මොකද මේ මාණික්‍ය වහ වැටුනේ මනරුට.. ඒත්,

"මාණික්‍ය.."

හති වැටෙන නැටුමේ අවසානේට මනරු ඒ නම සද්ද කරේ අමුතුම බලාපොරොත්තුවක් ඒ කඩහඩේ දියහකරලා කිව්වොත්.. දැන් මාණික්‍යට වචනයක් කියා ගන්න බැරි තරමට මොනාදෝ වෙලා.. ඉතින්..

මහන්සියටම මනරුගේ උරහිස් ගන්න හුස්ම තාලෙටම උඩ යනවා.. ඒත් ඇස්.. ඒවා මොනාදෝ කියනවා.. ඉතින් අඩිය අඩිය මාණික්‍යට ලං වුනු මනරු..

"ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැට බෙර පද ගොලු වුන තානමක් වගේ.. මං හුස්ම ගත්තත් ඒක රහා නෑ.. කිසිම තාලයක් නෑ.. මම නටන්නයි කැමති මාණික්‍ය.. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ.. ඉතින් ඔයාට පුලුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න..?"

මනරු එයාගේ උත්සාහයෙන් පද අමුනනවා..මාණික්‍ය නැති එයාගේ ජීවිතේ මොන වගේද කියන්න.. ඒත් එයා හිටියොත් ඒ ජිවිතේ මොන තරම් ලස්සනද කියන්න.. මනරු හතර වටින් වචන ඇහිදිනවා..

ඊටත් ඒ ඇහිදින අතර මගදි ඇදන් හිටපු සාක්කුවට අත දලා දෙයක් මිට මොලවන් එලියට අරන් ඒ දේ මාණික්‍ය ඉස්සරහා ඇගිලි දිග ඇරන් පෙන්නද්දි..

නෑ ඒ තත්පර ගාන ඇති මාණික්‍යගේ ඇස් තෙත් වෙන්න.. අර කාටවත් තෙත් කරන්න බැරි සීතල බැල්මෙන් පිරුනු කලු ඇස්.. ඒත් මනරුගේ එක වචනෙන් තෙත් වෙන හරි ආදරණීය ඇස්.. ඒවා මනරුගේ අල්ල උඩ දිලිසෙන දේ දැක දැක කදුලු වලට නිවාරනයක් නැති අවසරයකින් ගලන් එනන දුන්නා.. මොකද,

මොකද ඒ මුදු දෙක හරිම ලස්සනයි.. රත්තරන් පාටින් දිලිසෙන හරි හුරුබුහුටි සරල මුදු දෙක.. ඒවා මාණික්‍ය ඉස්සරහා දිග ඇරන් මනරු ඉල්ලුවේ මාණික්‍යව අඩවන්න පුලුවන් තරමේ ඉල්ලීමක්..

"ම්..? කවදා හරිම දවසක අපිට කොලයක් උඩ අත්සන් කරන්න.. රුෂිර මාණික්‍ය දේවප්‍රිය.. ඔයා මාව කසාද බඳින්න කැමතිද?"

"ම්.මනරු.."

මාණික්‍යට අකුරුත් ගොත ගැහුනා..

"Will you marry me Manikya?"

ඉතින් ඇති.. මෙච්චර වෙලා හිර කරන් හිටපු වැහි කදුලු දෝර ගලන්න මනරුගේ ඒ වචන ටිකම ඇති.. ඒ හොඳටම ඇති.. ඉතින් ඒ ඇස් දැන් සතුටටම අඩනවා.. අඩන ඇස් පිහිදාන්න පිහිදාන්න අඩනවා.. ඒත් කොහොම ඉන්නද මාණික්‍ය ඕන තරමක් කදුලු ගැලුවදෙන් කියන් මනරුව අත් දෙකට තද කරන් වැලදගෙන ඒ ගෙල පාමුලට මූන තද කරන් ඔලුව වැනුවා..

නොනැවතිල්ලක් නැතුව ඔලුව වැනුවා.. ඉතින් එදා දවස ඉවර වුනු විදිහ හරිම ආදරණීයයී කිව්වොත් මුලු මහත් මාණික්‍ය ලෝලී සමාජය කලබගෙන රැය පහන්වෙද්දි සමාජමධ්‍යට එයා මුදාහැරපු ඡායාරූපය.. නමින් 'Proposed' කියලා නම් කරලා තියෙනකොට ඒ රූපයේ තිබුනේ මාණික්‍යගේ ඇගිල්ලේ දාලා තිබුනු මුද්ද ඡායාරූපයක්.

වෙන කිසිම දෙයක් නොපෙනෙන විදිහට අතේ විතරක් පින්තූරයක්.. ඉතින් ඒ ඡායාරූපයට ලැබුනු ප්‍රතිචාර ගැන කිව්වොත් ඒ වෙද්දි සමාජමධ්‍ය ඇතුලේ අලුත්ම හෑෂ් ටැග් එකක් විදුලි වේගයෙන් හැදීලා ඉවරයි.

'#මණිපබාisreal'

ඉතින් මනරුගේ ප්‍රතිචාරය ගැන නම් ආයෙම මහ අමුතුවෙන් වචන කරන්න දෙයක් නෑ. ඒත් මේ පාර මාණික්‍ය ඒකට දීපු ප්‍රතිචාරය කාටවත් හිතා ගන්න බැරි දෙයක්.. මොකද,

"බබා මං ඔයාගේ ඔය කෙල්ලෝ ටිකට party එකක් කියලා ගෙන්නගෙන හොඳ පේර කෝට්ටකින් දීගෙන දීගෙන යනවා හොදේ!! කෝ අර ගෝතයා!! ඌටත් බෙල්ලේ එල්ලෙන්න වෙන අය නෑ වගේ!! ඔයත් බබා!! මොන එහෙකටද අරූව ඉබින්න ගියේ!!!!"

සතියක් පුරාවට. හරියටම සතියක් සුරාවට ඔය පින්තූරෙ වැටෙන හැම ප්‍රතිචාරයක්ම කියවන මනරුගේ කටින් පිට වුනේ ඒ හා සමාන වාග් මාලාවක් කිව්වොත්, ඒ කිසිම දේකට දැන් වෙනකල් මුකුත් නොකිව්ව මාණික්‍ය..

"ඔයාගේ passport එක හරිද මනරු.. අයියා ටිකට් බුක් කරනවා හොදේ"

මනරු කිව්ව දේ ඇහුනේ නෑ.. ඒකත් එයාටත් නෙවෙයි වගේ ඉඳන් සපත්තු වල ලේස් තදකරන මාණික්‍ය ඒ කියනකොට මනරුට තව කේන්තියි.

"ඔයාට දැන් මං කියන ඒවා ඇහෙන්නේත් නැද්ද බබා?? ආහ්!??"

හැබෙයි..

"මාණියෝ~~~! මං ආවෝ! යමං දැන් වෙලාව හරි"

එතනට ඇත්තටම තිබ්බ එකම අඩුපාඩුව යකාට කිව්වා වගේ මාණික්‍යව හොයන් ආවා ගානට වෙලාවට..

"ආහ්!!මේ ආවේ! බලපං මගේ මනිහා උබව ඉබලා දැන් වෙලා තියෙන දේ!!"

මනරුට දැන් මදි වෙලා තිබුනේ කොස් අතු දෙකක් විතරයි. නැත්තන් එයා මෙතන හරිම විදිහටම කිරිකොරහා නටනවා.

"මොනාද උබ කියන්නේ? බලහං වකදෙක වගේ මූනත් හදාගෙන හැටි විතරක්!"

මාණික්‍ය ඒ වෙලාවේ එතනින් නැගිටලා ඔරලෝසුව ගන්න එහාට ගියේ මෙච්චර වෙලා එයාට අහන් ඉන්න වුනු දෝෂාරෝපණ සියල්ලක්‌ම පබසරගේ ඇගේ පටෝලා හිමීට ආදෙක් වගේ ලෙස්සලා. ඉතින් දැන් පබසර ගුරුලේත්තුව වගේ අත් දෙක ඉන උඩ තියන් මනරුගේ නඩුව අහනවා.

"උබ මොනාද කියන්නේ? මං මොනාද කියන්නේ කියලා උබ දැක්කේ නෑ වගේ!! අර පිස්සු ගෑණු ටික මගේ මනුස්සයව උබට ජෝඩු කරලා අර හැමතැනම පිස්සු නටන්නේ.."

බ්ලා බ්ලා බ්ලා මනරු වචන පෙලපාලිය ඉවරයක් නැතූව ඇවිත් පබසරව දැන් වටකරගත්තා කිව්වොත් හරි. ඊටත් එයා මූන හදාගත්තේ මේ වගේ දෙයක් එයා අහපු වලවෙනි පාර නෙවෙයි කියන්න.. මොකද මීට සාමානම වචන ටිකක් හරි සන්සුන් විදිහට ගෙදරදිම අහගෙන දැන් මෙහෙ ඇවිදිනුත් ඒ ටිකම අහන්න වුන එකේ සැප..

"දැන් උබ මොකක්ද මට කරන්න කියන්නේ? ආ සගෝ?"

මාණික්‍ය නම් නැගිටලා ගිය පාර ආයේ එතනට ආවේ නෑ කන්නඩිය ඉසාසරහම හිටන් හිටියා මිසක්.

"කරන්න කියන්නේ!! ඇයි මාණික්‍ය ඔයා පබසරව ඉබලා විතරක් නතර කරේ! අපරාදෙනෙ-"

"ආ උබට ඒක නිසාද ඔච්චර නැගලා ඉන්නේ මචං! එහෙනම් හිටපං අපි අඩුව පුරවමු! මාණික්‍ය මාව විතරක් ඉබලා නතර වුන එක හරි නම් නෑ තමයි බං..  හිටපං මාත් ගිහින් ඌව ඉබින්නම්!"

"ඕයි!! ඒ! එපා! අයින් වෙයන් මගේ මිනිහගෙන්!! "

අර කියලා පබසර අත පයේ හිරි යවන ගමන් මාණික්‍යගේ කම්මුලකට තොල් තියන්න යද්දිම වගේ දශමයක් තියලා මනරු ඒ සුමිත්‍රයාව ඇදලා විසිකරා කිව්වොත් මාණික්‍යට හිනාව නතර කර ගන්න බෑ.

"දැන් හරිද? "

තාමත් අතුරු ආබාධයක් නැතුව ඉන්න මාණික්‍ය ඒ ඇහුවේ ඇත්තටම දැන් මනරුට සනීපද කියලා අහන්නමයි.

"යන්න බබා..!"

"දැන් නම් ඉතින් යනවා තමයි.."

"යන්න ඉතින්!!"

දැන් දැන් මනරුව මාණික්‍ය අවුස්සනවා.. ඉතින් මනරුත් හිටපු කියන්න ඇවිස්සෙනවා.. ඊටත් ඒක හරිම අඩුවෙන් වෙන සංසිද්ධියක්.. ඉතින් නාස්ති කරන්න වෙලාවක් නෑ.. මොකද දැන් ඇත්තටම එයාට යන්න වෙන නිසා මූනත් එල්ලන් ඉන්න මනරුව පිටිපස්සෙන් බදාගෙන ඒ කම්මුලක් උඩින් මාණික්‍ය සිපුමක් තිබ්බේ හරි ආදරෙන්..

"පරිස්සමෙන් ඉන්න මනරු.. තනියෙම ඉන්න බැරි නම් අපේ ගෙදර යන්න හොඳද? ඩුබායි ආව ගමන් මට කියන්න රත්තරනං.. ඉක්මනට මාව බලන්න එන්න.. ම්.."

ඒ වචන වල සම්පූර්ණයෙන්ම ගැබ් වෙලා තිබුනේ මාණික්‍යගේ ආදරේ.. ඊටත් එයා ගැන කණගාටුවෙන හිත.. ඉතින් තවත් පරක්කු කරන්න බෑ මොකද අද ශ්‍රි ලංකා කන්ඩායම විස්සයි විස්ස තරගාවලියට දිවයිනෙන් පිට වෙන දවස..

ඉතින් වෙන් වෙලා ගියත් මොකද මෙහෙන් යන පරක්කු වට අන්තර්ජාලයේ පලවුනු පින්තූර මනරුට ඕන තරම්.. ඊටත් අර මුකුත්ම නැති තද නිල්පාට පසුබිමේ  පපුව උඩින් සිංහයා ඉන්න ෂර්ට් එක ඇදලා හරි කඩවසම් විදිහට පේන මාණික්‍යව.. එයා නැති පාලුව වුනත් ඒ පින්තූරය දිහා බලන් මේ දවස් ටික ඉවසීමෙන් ගෙව්වා.

කොහොම වුනත් පවුලේ අයත් එක්ක තරගාවලිය නරබන්න ඒ රටට ගියත් වගේ ඔය මොන පාලුවවත් නෑ. ඉතින් මේතාක් තරගාවලියේ විස්තර කිව්වොත් තිබුනු තරගවාර වල ජය පරාජ දෙකම තිබුනා. ඒත් අවසන් තරගයට යන්න ඒ ලැබුනු එකම පරාජය හරහට හිට්ටේ නෑ. ඒ වෙලාවද..

ඉතින් මොන වැඩේ තිබ්බත් නිර්මලත් අවසන් තරගය බලන්න ආවා කිව්වොත් එදා අඩුවකට හිටපු රක්ෂිතත් ඇවිත් හිටියා.. ඊටත් නොකියා බෑ.. පබසරගේ ලොකුම රසිකයා, ඒත් එයා තාම හරිම පුංචීයි.. පුංචී වුනත් මොකද පවුලේ කාටත් වඩා දැකුම්කලු විදිහට අද පබසරගේ චූටි පුතා තරගය බලන්න ආවේ.

මොකද තාත්තා අතේ ඉදන් ක්‍රීඩා පිටියේ ඉන්න පබසරව  එයා පේන්න පෙන්නන සැරයක් ගානට ඇස් ලොකු කරන් හේව්වා කිව්වොත් අද විසුද්ට හිටියේ නිල් කහ පාට ඉරි දෙකක් චූටි කම්මුල් ඇදන්, ඊටත් ලංකාවේ නම් ගහපු ක්‍රිකට් ටී ෂර්ට් එකකුත් ඇදගෙන..

"විතු.. විතූහ්..!"

"ආ බබා දැක්කද විතූව..? අර ඉන්නේ දැක්කද?"

විසුද් නම් එතන ඉන්න සෙනගයි සද්දෙයි එක්ක හරිම උද්යෝගයෙන් ක්‍රිඩාපිටිය දිහා බලන් හිටියේ.. ඉතින් ඊට එහා හිටපු මනරු කැමරාවත් අතේ තියන් විසුද්ට ආයෙම පබසර ඉන්න පැත්ත පෙන්නද්දි ඒ වෙලාවෙම වගේ මාණික්‍යත් පබසර හිටපු තැනට දුවන් ආවා. ඉතින්..

"අම්මෝ අපේ මාණිපබා~~~!!"

ලගට එන ටිකම ඇති පිටිපස්සේ හිටපු කෙල්ලන්ට කෑගහන්න.. ඊටත් ඒ වචන ටිකම ඇති ඊට ඉස්සරහා හිටපු දෙන්නගේ බෙලි සැනෙකින් ඒ පැත්තට හරවන්න.

"මාණිපබා මගේ පස්ස!"

දෙන්නම හැරිලා බලපු පාර අර කෙල්ලෝ ටිකට වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව කටවල් වැහුනා තමයි.. ඉතින් මනරු තනියෙම බැන බැන කැමරාව ඇහැට තියා ගත්තා.

කොහොම හරි කෑගහලා රවලා ඔරවලා ඔල්වරසන් දීලා ඒ හැම දෙයක් අස්සෙන් ඊලගට තරගයේ පිතිහරනය තිබුනේ ලංකාවේ පිලට. කොහොම හරි අවසන් තරගයට තේරුන ඕස්ට්‍රේලියාව හයක් දැවි ලකුණු ගානක් අරන් හිටියා නම් ඒ දැවුනු කඩුලු වලින් තුනක්ම පබසරගේ.. වමත් පන්දුයවන්නෙක් විදිහට එයා අද දවසේ ප්‍රේක්ෂකාගාරයම පන්දු යැවීමෙන් කුල්මත් කරා කිව්වොත්.. විසුද්ට ඕවා නොතේරුනත් එයා පුදූම සතුටකින් පබසර දිහා බලන් කෑගැහුවා.

ඉතින් දැන් ශ්‍රී ලංකා පිල ලකුණු රැස් කරන්න පටන් ගත්තා..

"යෝහ් මාණි~~!"

ඒ පිලේ දෙන්නෙක්ම දැවි ගියාට පස්සේ පිතිකරුවෙක් විදිහට මාණික්‍ය පිටියට අඩිය තියද්දි රක්ෂිත කෑගැහුවේ එයාගේ අතේ තිබ්බ ශ්‍රී ලංකා කොඩිය වනන ගමන්.

"අන්න පොඩි බාප්පි බැට් කරන්න යන්නේ උපි..!"

ඉතින් උපනිත් දැන්ම ඉදන් ක්‍රිකට් ඉගෙන ගන්නවද.. රක්ෂිත එයාගේ බාල මල්ලිව පෙන්න පෙන්න දුවට දේවල් කියද්දි මනරුට නම් කැමරාවෙන් එහා ලෝකෙකට තිබ්බේ මාණික්‍ය විතරයි..

සැරයක් මාණික්‍ය පපුව උඩ ප්ලාස්ටර් ආධාරයෙන් අලවලා තිබුනු මාලය අල්ලලා බලන විදිහ මනරු කැමරාවේ සටහන් කරගත්තේ කියන්න තේරෙන්නේ නැති හැගීමකින් කිව්වොත් දැන් පිටි පස්සෙ ඉන්න කෙල්ලෝ මාණිපබා කියලා බෙරිහන් දුන්නත් ඒ හැගිම එයාගෙන් යවන්න බෑ..

ඉතින් දැන් තරගයේ උණුසුම ඉහලින්ම රජයන මොහොත කිව්වොත් අවසාන ඕවර දෙක.. මාණික්‍යට අර්ධ ශතකයක් සම්පූර්ණ කරන්න තව මදි ලකුණු දොලහක් වගේ..

ඊටත් ප්‍රේක්ෂකාගාරයේ ඇහෙන පපරේ සද්දේ, මනරු ඊට දෙවෙනි නොවෙන්න මාණික්‍යට නෑහුනත් එයා හයියෙන් කෑගැහුවා. ඉතින් අර කෙල්ලෝ ටික හයේ හතරේ බෝඩ් උස්සන් කෑගගහා ඉන්න වෙලාවේ ලැබුන පන්දුවට වැරෙන් පහර දුන්න මාණික්‍ය එහා කඩුල්ලේ ඉන්න කෙනත් එක්ක මාරුවෙන් මාරුවට ලකුණු එකතු කරන්න දිව්වා වුනාට ඒ පහර හතරක්..

"come on මාණික්‍ය!!!"

"මාණි sixer එකක්!"

පවුලේ අයත් හරි හරියට ඒ බාලයට උදව්ව.

"උපි බාප්පිට cheer කරන්න! කෝ මාණි කියන්න හයියෙන්!"

රක්ෂිත එයාගේ දුවට කිව්වත් වගේ,

"මාඊ!!"

"ඕ මාඊ! මාඊ බාප්පි..!!"

"මාඊ!!"

වෙන්නේ මොකක්ද කියන්න නම් උපනිට කිසිම අදහසක් නෑ. ඒත් මාණික්‍යගේ නම ඇහෙන පමාවට එයාගේ කටේ කොයි වෙලෙත් වැඩ කරන නම කියන්න නම් උපනි කොහෙත්ම පසුබට වුනේ නෑ. ඉතින් හරි හුරතල් විදිහට ඒ නම කෑගහන විදිහ වීඩියෝගත කර ගන්න මනරු අමතක කරේ නැත්තේ මොකද මාණික්‍ය ඕක පස්සේ බලන්න හරි ආසයි.

කොහොම වුනත් ඕය පින්තූර ගන්න අතරෙම එල්ල වුනු හයේ පහරක් එක්කම මාණික්‍ය අර්ධ ශතකයක් වාර්තා කරා කිව්වොත් දැන් ප්‍රේක්ෂකාගාරයේ සද්දය.. ඒත් ඒ අවස්ථාව කැමරා කාචයට අල්ල ගන්න වෙර ගන්න මනරු විශාලනය කරලා බලපු ඒ තොල්..

හෙල්මට් එක ගලවලා දහසක් සෙනග ඉන්න ප්‍රේක්ෂකාගාරයට අතේ තියෙන පිත්ත එයා ආසම විදිහට දික් කරන ගමන් කිව්ව ඒ වචනය..ඈතට කවුරු නොදැක්කත් කැමරා කාචයෙන් මාණික්‍ය දිහා බලන මනරු නම් හොඳටම දැක්කා.. ඉතින් කොහොමද කියන්නේ ඒ හෑගිම.. මොකද ඒ සතුටූ පිරුනු මොහොතෙත් ලබා ගත්ත ජය පිට දාන මාණික්‍ය තොල් එවෙලෙත් මිමිනුවේ..

'මනරු'

දාඩිය බේරෙන මූනේ ආඩම්බර බැල්ම මැදිකරන් මාණික්‍ය එ නම මුමුනපු විදිහ.. ඒ දකිද්දි මනරුට ගන්න පුලුවන් වුනේ එකම එක පින්තූරයයි.. තමන්ගේ පපුවත් අල්ලගෙන ඒ දැනෙන හැගීම විදින්න එක නතර කරන්න අන්තිමට තරගය ඉවර වුනත් මනරුට බැරි වුනා..

එතකොට තරගාවලියේ ජය අත් කරන් තිබුනේ ශ්‍රී ලංකා පිල.. ඉතින් ඕන්න ආයෙමත්..

"මාණිපබා~~~!!"

තරගය පුරාවටම වැඩිම වාරයක් ඇහුනූ නම. ඒක මේ සැරෙත් හඩගත්තේ මොකද අන්තිම හයේ පහරක් එක්ක තරගයේ ජයග්‍රහනය සමරන්න ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් මාණික්‍ය ලගටත් අනිත් පිතිකරු ලගටත් ඇදෙන වෙලේ කාටත් කලින් දුවන් ගිහින් මාණික්‍යව බදාගත්තේ පබසර.

ඒත් මේ පාර වෙන්න ගියේ කලින් වුන දේ අනිත් පැත්ත නම් පමසර ඒ සිද්ධිය කනපිට ගහගෙන මාණික්‍යව ඉබින්න ගිහින් නතර කරන් මගුල් මුද්ද දාන ඇගිල්ල ප්‍රේක්ෂකාගාරට පේන්නම පෙන්නලා ඒක තව දුරටත් බෑ කියන්න ඉගිකරා කිව්වොත් මාණික්‍ය දාඩිය පිහිදන ගමන් හිනා වුනා..

ඉතින් සතුට කියා ගන්න බෑරි තරම්.. ඊටත් මාණිපබා නෑව්ගතකරන්නන්ට හෙන ගැහුව හා සමානයි..

ඒ කොහොම වුනත් Championship කියලා නම ගහපු ලොකු බෝඩ් එක පිටිපස්සේ හිටගෙන කට්ටියම ගත්ත සමෙහ ඡායාරූපයට පස්සේ මාණික්‍යට වෙනම වැඩක් තිබුනා..

වෙනම වැඩක්.. ඉතින්,

"හනේ මාණික්‍ය~~~!!!"

ජයග්‍රහණයට සතුටින් කෑගහන කෙල්ලෝ රොත්තක් පිරුනු ප්‍රේක්ෂකාගාරය පැත්තට එයාලගේ සිහින කුමාරයා එන අදහාගත නොහැකි දර්ශනයට දැපු ඒ කෙල්ලෝ නම් උගුරේ පොට යන්න කෑගහන්න ඇති.. ඒත්,

මාණික්‍යගේ ඇස් හෙව්වේ වෙනත් කෙනෙක්.. ඒකත් එකම ඒක්කෙනෙක් විතරයි.. ඉතින්..

" මනරු.. "

"ආහ්.."

විශ්වාස කර ගන්න බෑ, ඒත් හදවත දාස් ගානකට ගැහෙන මොහොතේ මාණික්‍ය එයා දිහා බලන් පිටියේ ඉදගෙනම කතා කරපු විදිහට මනරුව රත් වුනා කිව්වොත්,

"එන්න"

"මං..?"

"ඔව් එන්නකෝ.."

අත් දෙකත් ඉනට තියන් ඒ කතා කරන අස්සේ වුනත් මාණික්‍යට හති.. ඒත් එන්න කිව්ව නිසාම පපුව ගැහි ගැහි මනරු පඩිපෙල බැහැලා පිටියට අවතීර්ණ වෙන මායිමට ඇවිත් නතර වුනත් හරි මාණික්‍යම ඇවිත් මනරුගේ අතින් අල්ලන් බලාපොරොත්තු නොවුන විදිහට දැන් වෙද්දි ජායාරූප  ගන්න ජාතික කන්ඩායමේ අය ලගටම එක්කන් ගියා කිව්වොත්..

"මගේ ෆෝන් එක ඔයා ගෙනාවද?"

"ඔව්.. ඇයි මාණික්‍ය?"

බොරු කියන්න ඕනේ නෑ මනරු දැන් සීතල වෙලා.. ඒත් මාණික්‍යට නම් සීතල නෑ ඒත් උණුසුමක්.. මොකද විනාඩි කීපයකට interview එකකට පෙනි හිටපු පබසරටත් කතා කරන් මාණික්‍ය විස්සයි විස්ස ලෝක කුසලානයත් අරන් මනරු ලගට ආවේ මනරුට දෑන් වෙන්න යන දේ කොහෙත්ම හිතා ගන්න බැරි වෙද්දි..

"ෆෝන් එක දෙන්නකෝ මනරු"

කප් එකත් තුරල් කරන් මාණික්‍ය අත දික් කරන් දුරකථනය ඉල්ලද්දී මනරු සාක්කුවේ තිබ්බ එක අරන් දුන්නා. දුන්නා විතරක් නෙවෙයි වික්ෂිප්ත විදිහට මාණික්‍ය දිහා බලාගෙනත් හිටියා..

"මචං අපේ ෆොටෝ එකක් ගන්න"

ඉතින් කැමරාවත් පන ගන්නලා මාණික්‍ය එයාගේ දුරකථනය පබසරට දුන්නා තමයි.. ඒත් ඒක නිකන්ම ඡායාරූපයක් කියලා හිතපු මනරුට මෙදා සැරේ මුලුමනින්ම වැරදුනා මොකද..,

"හිනා වෙන්න මනරු.. මං ආදරේ කරන කෙනාට කොච්චර ලස්සන හිනාවක්ද තියෙන්නේ කියලා මට ලෝකෙටම පෙන්නන්න ඕනේ"

"ආහ්.."

ඒ වෙද්දිත් අතේ තිබ්බ කුසලානය මනරු අතට දීලා එයාව පිටිපස්සෙන් බදාගත්ත මාණික්‍ය කනට කරලා කොදුරපු දේට මනරුට ඇත්තටම හිනා වෙන්න අමතකයි.. ඒත්,

"ඔන්න හිනා වෙයන් දෙන්නම..!"

මනරුටත් මාණික්‍යටත් ඒ දෙන්නගේ ආදරය අහම්බෙන් වුනත් දෛවෝපගත විදිහට මුනගස්සවපු ඒ සුරදූතයා අන්තිම වතාවට ඒ කිව්ව දේත් එක්ක මනරු තියෙන වික්ෂිප්තගතියට ආයාසයෙන් හිනාවක් මූනට ගත්තා කිව්වොත් පින්තූරය වැදෙන්න තත්පරයකට කලින් මාණික්‍ය ඒ හිනාවෙන මනරුගේ කම්මුලට තොල් තියලා තද කරේ පුදුම තරම් ආදරෙන් නම්..

අන්තිමට නිර්මල කිව්ව අනෝරා වැස්සට පස්සේ පායන ලස්සන දවසත්, රක්ෂිත කිව්වත් වගේ හේතුවක් නැතුවත් ආරක්ෂා කරන සිතුවිල්ලත්, පබසර කිව්වත් වගේ වෙන හැම දෙයක්ම වුන හොඳත් එක්ක සදාකාලිකව අත් බැදගත්ත ආදරය..

ඒ ආදරය මාණික්‍ය ලෝකයටම මුදා හැරලා පෙන්නුවේ හරි ආඩම්බර විදිහට.. ඒ ආඩම්බරකාර ආදරවන්තයගේ ආඩම්බරකාර ආදරය..

ඉතින් සමාජ ජාලය කලබලා එදා මාණික්‍යගේ නමින් මුදාහැරපු, හරියටම කලින් පල කරපු පින්තූරට පිලිතුරු දෙන්නම පලවුනු ඒ ඡායාරූපය යට ලියවිලා තිබුනේ මෙහෙම දෙයක්..

'I said yes.. මගේ කස්තුරි සුවඳ'













සමාප්තයි

***

'මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ'

-රුෂිර මාණික්‍ය දේවප්‍රිය.



මෙච්චර කාලයක් කස්තුරි සුවඳත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි.

මේ කතාවේ ඔයාලා කැමතිම චරිතය කවුද කියලා හේතුවත් ඒ එක්කම කියන් යන්න.

Continue Reading

You'll Also Like

450K 87.6K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
207K 28.6K 68
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
271K 9.4K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
60.5K 10.3K 48
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...