𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

By KAVINI231

6.1K 681 75

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

අවසානයට පෙර කොටස

175 18 3
By KAVINI231

"චූටි අයියේ...ඔයා ඉන්නවද..."

වසා ඇති දොර අසලට ගොස් එයට තට්ටු කරමින් තාන්‍යා හරිතට ඇමතුවේ සැකමුසු ස්වභාවයකින්...

"සනූ..අයියා කෝමද මෙතනට එන්නෙ..මට හිතාගන්න බෑනෙ..අනික ලේ බින්දු තියෙන්නෙ'

"දන්නෑ මටත් හිතාගන්න බෑ අක්කෙ..අපි පොඩ්ඩක් බලමුකෝ"

"අයියේ...චූටි අයියෙ දොර අරින්නකෝ"

සනූත් තනූත් දෙදෙනාම විනාඩි දහයකට ආසන්න කාලයක් හරිත එනතෙක් washroom එක අසල බලා සිටියත් හරිතගෙන් ප්‍රතිඵලයක් නොලැබෙන තැන තවමත් ඇමතුමේ සිටින අබිරුට කතා කලේ ඔවුන්ට කරන්නට දෙයක් සිහියට නො එන නිසයි.....

"අයියේ"

"ඔය වැඩ කරන කවුරුහරි ඉන්නවනම් ඉක්මනට ඒ කෙනෙක්ට ඔය දොර අරින්න කියන්න ඉක්මනට.."

"හරි හරි අයියෙ"

සනු හා තාන්‍යා සේම අබිරුද මෙම මොහොතේ කිසිවක් සිතා ගැනීමට නොහැකිව ආන්‍යා දෙස බලා සිටියේ ඊලගට සිදු කරන්නෙ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි තරම් කලබලයකින්....

"අන්කල් චුට්ටක් එන්නකෝ"

"ඇයි දූ"

"අනේ අන්කල් අයියා වොශ් රූම් එකට ගිහින් කතා කරන්නෙත් නෑ මොනවා කරනවද මන්දා"

"තනියම "

"ඔව් අන්කල්"

"යන් බලන්න"

"පාල මෙහාට එන්න ඉක්මනට"

අබිරු කී පරිදි රෝහල් කම්කරුවෙකු සොයා යන අතර තනූට මුණගැසුනෙ ජයවීර මහතාගේ යහලුවෙකු වූ ආසිරි මහතායි...ඔහුට සිද්ධිය පැහැදිල කරන අතර තුර ඔහුද වික්ශිප්ත වී සිටියේ මුලු ශරීරය පුරාම තුවාල තිබූ හරිත කෙසේනම් වොශ් රූම් එක භාවිතා කලේ දැයි විශාල සැකයෙකින්...අතරමග නැවතත් හරිතගේ රෝහල් කාමරය වෙතට කලබලයෙන් යන අතරතුට පාල නම් කම්කරුවෙකු අමතා ආසිරි මහතා ඔහුද කැටුව රෝහල් කාමරය වෙත ගියේ washroom එකෙහි දොර කඩා හෝ ඇතුළට යන අටියෙන්....

"සර් මොකක්ද කරන්න ඕන මම"

"මේ දොරේ ලොක් එක කඩන්න "

"ඒත් සර්"

"ඒත් මේත් නෙවෙයි පාල ඉක්මන් කරන්න"

"දූ දැන් කොච්චර වෙලාද"

"දැන් විනාඩි 15 ක් වගෙ ඇති අන්කල්.."

"විනාඩි 15කුත් ගිහිම්ද"

එලෙස පවසමින් හදිසියේම හරිත සිටි රෝහල් කාමරයේ washroom එක තුලින් එලියට ආවේ මුහුණ සම්පූර්ණයෙන් හෙල්මටයකින් ආවරණය කරගත් මිනිසෙක්....

"ක...කව්...ද ඔයා"

තාන්‍යා එක්වරම එලියට ආ තැනැත්තා දෙස බලමින් වචන බොහොම අමාරුවෙන් එකතු කරමින් ඇසුවේ හරිතට සිදු වූයෙ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවයි....

"දැන් නම් හැබැයි 2-3Km යන්නත් වෙලා,මිනිහට ටිකක් අමාරු නිසා 2 km වගේ ගිහින් ඇති දැන්"

"මොනවද මිනිහෝ උබ කියවන්නේ"

ආසිරි මහතා හෙල්මටය පැලද සිටි පුද්ගලයාගෙ කොලරයෙන් අල්වා ගනිමින් එලෙස ඇසූ විට එම පුද්ගලයා ඔහුගෙ අත ගසා දමා රෝහල් කාමරය තුළ තිබූ පුටුවක් මතින් වාඩි උනේ සැමගෙම ඇස් ඔහු ළග නතර වෙද්දි....

"අනේ අනේ අන්කල්..කලබල වෙන්නෙපා ප්‍රෙශර් නගියි..කෝ බලන්න මට ඔය ෆෝන් එක දෙන්න නන්ගි බබා"

තාන්‍යාගෙ අතෙහි තිබූ දුරකථන දෙස බලමින් හෙල්මටය පැලදසිටි පුද්ගලයා දුරකථනය ඇගේ දෑතින් උදුරාගත්තෙ තාන්‍යා බියෙන් අඩියක් පසුපසට ගනිද්දි....

"බයවෙන්නෙපා නන්ගි බබා...කෝ බලන්න මිස් ආන්‍යාද ලයින් එකෙ ඉන්නෙ නැත්නම් අබිරු බොස්ද"

"මොනවද මිනිහෝ උබ ඔය දොඩවන්නෙ"

"අයියො අයියෝ..මේ පව්ලෙ හැටියක් මන් හිතන්නෙ බොරුවට කලබල වෙලා ප්‍රෙශර් වැඩි කරගන්න එක"

"පරබල්ලා...උබ කව්ද කියපම්"

"අයියෝ අයියො..මාව නෙවෙයි ඔයාලගෙ චූටි හරිතව බේරගන්න...මිනිහා එනගමන් ඉන්නෙ ඔයාලා ගාවට..එන්න කලිම් අවසන් ගමන් යයිදකියලත් සැකයි"

"තෝ "

"හා හා...සද්ද එපා..ගිහින් බලන්නකෝ"

එලෙස පවසමින් තාන්‍යාගෙ දුරකතන විසිකර දැමු හෙල්මටය පැලදගත් මිනිසා ආපසු යන්නට හැරුනේ වාඩි වි සිටි පුටුවද පසෙකට තල්ලු කරමින්....

"උබ කොහොමද ඔහොම යන්නෙ මිනිහෝ"

හෙල්මටය පැලදගත් මිනිසාගෙ අශීලාචාර හැසිරීම නිසා කෝපයට පත් ව සිටි ආසිරි මහතා යාමට සැරසුණු මිනිසාගෙ ඉදිරියට පැමිණියේ ඔහුට යාමට නොදී වලක්වන අරමුණ ඇතුවයි...

"අහ්..මට මෙහෙම යන්න බෑද...ඉන්න..ඉන්න ...ඒනම්"

එලෙස පැවසූ හෙල්මටය පැලදගත් මිනිසා සනුල්‍යාගේ දෑත අල්වාගෙන ඇයව ඔහු අසලට ඇදගත්තෙ අවට සිටි සැවොම බිය වී ඔහු දෙස බලා සිටිද්දි....

"මෙයාවත් අරන් යන්න ඕනද මම"

"ඔය ළමයව අතෑරපන්"

'බෑනෙ අන්කල්..ඔයා මන් යනවට කැමති උන්නෑනෙ..මන් මෙය එක්ක යන්නම් එතකොට හරිනෙ"

"අනේ මන් වදින්නම් සර්..මගේ නන්ගිව අතාරින්න"

මෙතෙක් වෙලා බිය වී ඔහු දෙස බලා සිටි තාන්‍යා බිම වැද වැටෙමින් ඔහුට අඅයාචනා කලේ සනුල්‍යාට යම් කිසි කරදරයක් වේ දෝ යන බියෙන්...

"හරි හරි...මන් රෝහලෙන් එලියට යනකම් විතරක් මෙයාව එක්ක යන්නම් ඒනම්"

එලෙස පැවසූ එම මිනිසා සනුල්‍යාවද තමා අසලින්ම තබා ගනිමින් අඩිය ඉක්මන් කරමින් රෝහලෙන් එලියට යන දොර අසලට පැමිණියෙ රෝහලට පැමිණි අයද මොහොතක් වෙන්නෙ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව ඔවුන් දෙස බලා සිටිද්දි....

"ඔන්න ආවා...නන්ගි බබාලා කොහෙවත් යන්නැතුව රෝහලටම වෙලා ඉන්න හරිද...ඔයාලගෙ චූටි අයියයි අනික් අයවයි ඉක්මනට රෝහලට එයි"

එලෙස පවසමින් එම මිනිසා සනුල්‍යාවද තාන්‍යා දෙසට තල්ලු කර තමා පැමිනි රතු පැහැති මෝටර් සයිකලය වෙත නැග මොහොතින් අතුරුදහන් වූයේ අවට සිටි අයටද සිදු වූයෙ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව ගල් ගැසී බලා සිටිද්දි...එවෙලෙහිම ආසිරි මහතාගේ දුරකතනය ගෙන අබිරුට ඇමතු තාන්‍යා ඉක්මනින් හරිත ගැන සොයාගන්නා ලෙස ඔහුට පැවසුවේ හරිත සිටින්නෙ විශාල අනතුරක බව ඇයට හැගුණු නිසයි....

...............*******..................

"මොකක්ද බන් අපි කරන්නෙ"

සිදු වන සිදුවීම් වල අගක් මුලක් සිතා ගැනීමට නොහැකිව සිටි අබිරු ආන්‍යා අසලට පැමිණ ඇගෙන් විමසුවේ ඇයට හෝ යම්කිසි සැලසුමක් තිබේ දැයි සැකයෙන්...

"මොන එහෙකට චූටි අයියා රෝහලෙන් ආවද මන්ද"

"උබට බය නැද්ද බන්..අඩෝ මගේ සහෝදරයා බන් වූ"

තම සහෝදරයා අනතුරක බව දැනගත් වහාම අබිරුගෙ පිරිමි පපුවට එය දරාගත නොහැකි වූයේ ඔහුට හරිත කොතෙක් කෙනෙහිලිකම් කළත් සහෝදරයෙක් වශයෙන් ගත්කල තමාට නැතුවම බැරි පුද්ගලයෙකු නිසයි...

"අපි යන්"

"කොහෙද "

"රොව්ඩන්ව හම්බෙන්න"

"රොව්ඩන්"

"ඔව්..ඒත් හරිත අපිව හම්බෙන එනගමන්"

"හිතනවද ඒ ඇත්ත කියල"

"මන් හිතන දේ හරිනම් මන් ඔය සර්පයව දන්නව"

"කව්ද..අහ්..කව්ද"

"යමු මුලින්ම "

"අම්මලා"

"එයාලට කියන්න ඕන නෑ.."

"ඒත්"

"නිකම් එයාලව කලබල කරන්න බෑ...අද ආව වැඩේ හරියට කෙරෙන්න ඕන"

"ඒනම් අපි යන් ඉක්මනට"

"යන්"

එලෙස පවසමින් ආන්‍යාත් අබිරුත් අනෙක් අයට නොපෙනන පරිදි පන්සලෙන් එලියට යාමට සැරසුනේ මොහොතක් නැවතී තමාගේ පන වැනි යේශි දෙසද හැරී බලමින්...

"යන්"

"හ්ම් යන්"

අබිරුගේ වදනට අවනත වෙමින් ආන්‍යා අබිරු පසුපසින් දිව ගියේ සිදුවීමට ඇති ව්‍යසනය ගැන කිසිදු ආකරයක තේරුම් ගැනීමකින් තොරවයි....

ඔවුන් මෙලෙස කලබල වී යන ආකාරය මෙතෙක් සැගවී බලා සිටි මල්ශි ද කලබල වී බලා සිටියේ කුමක් වුවත් සිදු වීමට යන්නෙ විශාල කරදරයක් බව සිතමින්..ඇයද වහාම මේ ගැන ජයවීර මහතා සහ දේශිට පැවසීමට පිටව යාමට සැරසුණත් ආන්‍යාගෙ නම අමතමින් ආන්‍යාව සොයන යේශි දුටුවිට සියල්ල අමතක වූවා සේ යේශි අසලට දිව ගියෙ මේ මොහොතේ ඇය තනිකර දමා යෑමද හිතට සහනයක් නොවු නිසයි....

"නන්ගි..මේ මන්.."

"මල්ශි අක්කෙ"

"යන් එන්නකෝ"

"ඒත් මේ ආන්‍යා කොහෙ ගියාද"

"එයා පොඩ්ඩක් පාරට ගියා එන්නකෝ යන්න මේ හරිය හරි පාලුයි"

"අහ්..හරි අක්කෙ...ආන්‍යා මාව හොයයිද දන්නැ"

"නෑ නෑ..මන් කිව්වා ඔයාව එක්ක යන්නම් කියල"

"ම්ම්ම්"

යේශිගෙ ප්‍රශ්න කිරීම් මැද මල්ශි යේශිවද රැගෙන ජයවීර මහතා සහ දේශි සිටින ස්තානයට අඩිය ඉක්මන් කරමින් පිටව ගියේ ඇය දන්නා දේ ඔවුන්ටද පවසන්නට උවමනාවෙන්....

"දේශි...දේශි.."

"ඕඕ...මොකෝ බන් නිකම් හොල්මනක් දැක්කා වගේ බයවෙලා"

"නෑ මේ අහපන්කො.."

යේශිගෙ අත අත් අරවා ගනිමින් ටික දුරක් දේශිවත් ඇදගෙන ගිය මල්ශි ඇයගෙ කනට ඇසෙන නැසෙන ගානට කතා කරේ සිදු වු දෙය ගැන ඇයව දැනුවත් කිරිමේ අරමුණින්
.
.
.
.
.
.
.
.

Continue Reading

You'll Also Like

227M 6.9M 92
When billionaire bad boy Eros meets shy, nerdy Jade, he doesn't recognize her from his past. Will they be able to look past their secrets and fall in...
1.4M 29.4K 63
They don't play to win. They play to hurt. Sterling Academy's irresistible reputation all came crashing down last year when a list of the 'top thirty...
44.4M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...
53.9M 1.3M 70
after a prank gone terribly wrong, hayden jones is sent across country to caldwell academy, a school for the bitchy, the dangerous and the rebellious...