𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

By KAVINI231

6.1K 681 75

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
31 කොටස
අවසානයට පෙර කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

30 කොටස

156 20 1
By KAVINI231

රොව්ඩන්ගේ තර්ජනයන් මැද උනත් ජයවිර පව්ලේ අයත් යේශි දේශි හා මල්ශිත් පන්සලට යාමට සැරසුණේ අකාලයේ මිය ගිය ඔවුන්ගේ ප්‍රියයන් දෙදෙනාට පින් දීමටයි....

ආන්‍යා සහ අබිරු ඔවුන්ගේ ප්‍රියතම Honda CB Hornet වර්ගයේ බයික් රථ වල දේශි හා යේශි සමග යාමට සැරසුණු අතර ජයවීර මහතා ඇතුලු අනෙක් පිරිස එනම් මල්ශි ජයවීර මහත්මිය සහ අදේශ් ඔවුන්ගෙ කැබ් රථයෙ නැග පන්සලට යාමට සැරසී සිටියේ ඉතා වුවමනාවෙන්....

කැබ් රථයට නැගීමට පෙර මල්ශි දේශි හා අබිරු දෙස බලාසිටියේ හැමදාමත් වගෙ ඇයට උරුම බලාසිටීම පමණක් බව සිතමින්...එලෙසම ජයවීර මහත්මිය බලාගත් අත බලා සිටියේ තවමත් ඇය රොව්ඩ්න්ගේ පැමිණීමත් සමග විශාල කම්පනයකට පත්ව ඇති නිසයි.....

කට්ටියම ගමනට ලෑස්ති වී අවසන් නිසා ජයවීර නිවසින් මුලින්ම එළියට ගියේ අබිරු සහ දේශියි මේ අතර ඔවුන්ට පිටුපසින් ජයවීර මහතාගෙ කැබ් රථයත් ඊටපිටුපසින් ආන්‍යා හා යේශි නැගි බයික් රථයත් පිටව ගියෙ පිලිවෙලටයි....

පන්සලට යාම සදහා පැය එක හමාරක පමණ දුරක් ඇති නිසා හවස හතරට පමණ ඔවුන් පිටව ගිය අතර ඔවුන්ට පන්සල වෙත යාම සදහා තවත් ඉතුරුව තිබුනේ විනාඩි තිහක පමණ ගමනක් පමණයි...එනම් ඔවුන් පැයක දුරක් ගෙවා අවසන් වී තිබුණා...
මේ අතර අබිරුත් දේශිත් සැමටම කලින් පන්සලට පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනා අනික් අය පැමිණෙන තෙක් දෑත් අල්වා ගෙන බෝධි මළුව වටා ඇවිද්දෙ ආදරණීය පෙම්වතුන් දෙදෙනෙක් නරඹන්නන්ට දර්ශනය කරමින්....

මේ අතර ආන්‍යා සමග යන ගමනේ යේශි සිටියේ තරමක් තරහකින්..
මොකද කිව්වොත් ජයවිර නිවසින් පිටවෙද්දි
"ඔක්කොම හරිනේද..හයියෙන් අල්ලගන්න"

යනුවෙන් පැවසූ ආන්‍යා මෙතෙක් පැමිණි පැයක ගමන දක්වාම යේශි සමග අබ ඇටයක් තරම් දෙයක්වත් කතා කළේ නැති නිසා....

තවත් නිහැඩියාව ඉවසාගන්නට නොහැකි වූ යේශි ආන්‍යාගේ සුදු ශර්ට් එක යටින් තම ඇගිලි යැව්වෙ ආන්‍යාගෙ අවදානය ඇයවෙතට ලබා ගැනීමෙ අරමුනින්...
ආන්‍යාද යේශිගෙ මෙම ක්‍රියාව නිසා ගැස්සි ගියේ යේශිගේ ස්පර්ශයක් ලැබෙද්දි ඇගේ මුලු ගතම සීතල වී යන නිසයි.....ඒ හැගීම ඉවසාගත නොහැකි තැන ආන්‍යා තම වාහනය පාරේ අයිනක නතර කර දමා පැලද සිටි හෙල්මටයද ගලවා යේශි දෙස හැරී බැලුවේ යේශිට අවශ්‍ය මොනවාදැයි සිතා ගැනීමට නොහැකිවයි....

"මොකද ආ"

"මොකද"

"මගෙන් අහන්නෙ මොකද කියලා හරි වැඩක්නෙ මේක"

"දැන් ඇයි නැවැත්තුවෙ බයික් එක"

"නැවැත්තුවෙ මට ඒක ඔයා මේ වගේ දේවල් කරනකොට පදින්න බැරි නිසා"

"මොනවද මේ වගේ දේවල්"

"ආශ්...මොනා වෙලාද අප්පා ඔයාට"

"ඒකනෙ මාත් අහන්නෙ ඔයාට මොනා වෙලාද"

"එලිය හරිම සීතලයිනේද princess ,මන් හිතන්නෙ ඔයාගෙ ඔලුව පිනිබාලා"

"අනේ මේ.."

"ඇයි"

"යමුද"

"කොහෙද"

"පන්සල්"

"පන්සල් නෙවෙයි මට දැන් ඔයාවත් අරගෙන යන්න හිතෙනව ආපහු ගෙදර ..කවුරුත් ඇත්තෙත් නෑ ..එතකොට මට පුළුවන් ඔයාගෙ මේ අමුතු පණු ගාය නවත්තලා දාන්න"

"අනේ මේ..මට පන්සල් යන්න ඕන මට දෙයක් තියෙනව බුදු හාමුදුරුවන්ට කියන්න"

"ඔහ්...ඒමද..ඒනම් මන් ඒකට මේ පාර ඉඩ දෙන්නම්..හැබැයි ඊළග පාර මේ වගෙ දෙයක් වුනොත් ඔයාට මගේ පණුගාය දරාගන්න අමාරුවෙන්න මන් ඔයාට සලකනව තෙරුණාද මගේ princess "

එහෙම කියපු ආන්‍යා යේශිගෙ නලලට ඇගිල්ලකින් තට්ටුවක් දැම්මෙ යේශි රවාගෙන බිම බලාගන්නා අතර තුරයි....

"ඒයි මේ මට පේනව හරිද "

"මොනාද"

"මට රවන විදිය"

"හා"

"හා..හා"

"මට පේන්නෑනෙ"

"මොනාද"

"ඔයාව"

"ඉතිම් මොකද"

"පෙනුනනම් මටත් බලාගන්න තිබ්බා ඔයා රවන විදිය"

"සැක්..ඕන නෑ..."

"ඇයි"

"රවනකොට මන් දිහා ඔයා බලන එකක් නෑ"

"ඒ මොකද"

"මොකද එතකොට මන් ගොඩක් භයානකයි"

"අප්පෝ..මෙයාගෙ භයානක කම"

"ඇයි"

"අනේ යන් ආන්‍යා..මන් ඔයාට බය නෑ"

"හාකෝ..අපි බලමුකෝ"

එහෙම කිව්ව ආන්‍යා ආයමත් තම හිස් ආවරණය පැලදගෙන යේශිටත් හිස් ආවරණය පලදලා ගමන යන්න පිටත් වුනේ හරිම සතුටින්...

ඒත් එක්කම ආන්‍යා දැක්කෙ තමා සහ යේශි දෙස බලාගෙන ඉදිරියට යන කලු පැහැති ඇදුමකින් සහ කලු පැහැති හෙල්මටයකින්ද සැරසී ඔවුන් පසු කර යන තවත් HONDA CB HORNET වර්ගයෙ රතු පැහැති බයික් රථයකුයි...එදෙස බලාගෙන මොහොතක් කල්පනා කළ ආන්‍යා තම ඉණ මතින් අත් තබාගෙන සිටින යේශිගෙ අතක් අල්වාගෙන තම මුවට ළන් කරේ ඇගේ අත්ලට හාදුවක් දීමටයි....

මේ අතර ජයවීර මහතා ඇතුළු පිරිසත් ප්‍රවේශමෙන් පන්සලට පැමිණි අතට බෝධිමළුව අසල සිටි දේශි හා අබිරු දෙදෙනාත් ඔවුන් වෙතට ගියෙ ආන්‍යා සහ යේශි තාමත් නොපැමිනි නිසයි....

"අන්කල්..නන්ගිලා ආවේ නැද්ද "

"නෑ දූ..එයාලා අපේ පිටිපස්සෙන්මයි ආවේ..දැන් එයි අපි යන්කො උඩට"

"හ්ම්ම්..හරි මාමේ අපි ටිකක් වෙලා මෙතන ඉදලා එන්නම් "

"ම්ම්ම්..ඔව්..අපි මෙතන ඉන්නම්"

අබිරුත් එසේ පවසමින් ජයවීර මහතා දෙස බලා ඉක්මනින් ඉවත බලාගත්තෙ පියා දෙස වැඩිවෙලාවක් බලා සිටීමට තරම් හයියක් ඔහු ළග නැති නිසයි....

අබිරු හා දේශිගේ කීමට එකග වූ ජයවීර මහතා අබිරුගෙ උරහිසට තට්ටුවක් තමා ජයවීර මහත්මිය සමග පඩිපෙල නගිමින් විහාර ගේ දෙසට ගියේ නායක හාමුදුරුවන් මුණ ගැසීමටයි....ජයවීර මහතාගෙ පසුපසින් අදේශ් හා මල්ශිද පිටව ගියේ අබිරු ඔවුන් දෙදෙනාටද යන්න යැයි පැවසූ නිසයි.....

"අයියෙ..මොකක්ද අප්පා එයාලා කරන්නෙ...ඇයි තාම නැත්තෙ"

"බයවෙන්නෙපා ළමයෝ...ආන්‍යා එයි"

"කෝල් එකක් ගමුද අයියෙ".

"ආන්‍යා සාමාන්‍යයෙන් ආන්ස්වර් කරන්නෑ බයික් එකෙ යනකොට"

"අනේ මන්දා මට බයයි අයියෙ"

"බයවෙන්නෙපා ළමයෝ"

තම එකම සහෝදරිය ගැන හිතමින් බියෙන් සිටින දේශිගේ අතින් අල්ලාගත් අබිරු පාර දෙස බලා සිටියේ තාම නොපැමිණියේ යේශි පමණක් නොව  ඔහුගේද සහෝදරිය වුන ආන්‍යාද තවමත් නොපැමිනි නිසයි....

"අහ්..අයියෙ අන්න එනවා"

පාරේ කෙළවරේ සිට පන්සල දෙසට වේගයෙන් එන බයික් රථය දුටු දේශිගෙ සතුට ඉහවහා ගියේ මෙපමණ වෙලා ඇය හොදටම බිය වී පසු වුණ නිසයි....

එමෙන්ම අබිරුද බැලුවෙ කලබලයෙන් මෙන් පන්සලේ රථගාල වෙත පැමිණෙන එම බයික් රථය දෙසයි...

"යන් අයියේ"

"අහ්..යන් ඉන්න"

ආන්‍යා සහ යේශි පැමිණ බයික් එක නවත්වනවත් එක්කම එතැනට දුවගෙන පැමිණි දේශි තම සුපුරුදු රැවීම ආන්‍යා වෙත හෙලුවේ ආන්‍යාගෙ ප්‍රමාදය නිසා ඇය තම නැගනිය ගැන විශාල වශයෙන් බය වුන නිසයි....

"ආශ්...සොරි සොරි අක්කෙ..මම මැරුණත් යෙශිට මොකවත් වෙන්න දෙන්නෑ ඒ නිසා බයවෙන්නෙපා "

"මොකක්ද ආන්‍යා..ඔයවගේ කට කැඩිච්ච කතා කියන්නෙපා"

"ආශ් මගේ සූකිරි බෝලෙට තරහ ගියාද"

ආන්‍යා එලෙස පවසමින් යේශිගෙ අතකින් අල්ලද්දි යේශි අත ගසා දමා දේශි සමග ඉදිරියට ගියෙ මවාගත් කේන්තියක්ද සමගයි....

"හේයි ඇට්ටරයා..මොකද මෙච්චර වෙලා ගත්තෙ අහ්"

යේශි හා දේශි යන දෙස සිනහවෙමින් බලා සිටි ආන්‍යාගේ දැහැන බිදිගියේ අබිරුගේ ගොරහැඩි කතාබහෙනුයි...

"ewww...නිකම් ලී ඉරනව වගේ...තමුසෙට තියෙන්නෙ මහ කැත කටහඩක්"

"ආ ඇත්තද නන්ගි..උබට තියෙන්නෙ මිහිරි කටහඩක්නේ"

"ඔව්..මිහිරියි තමා..තමුසෙ කතා කරනකොට ළමයි පවා බයවෙනව අර බලනව අර පොඩි එකා තමුසෙ දිහා බල බල දුවන හැටි"

මවගේ ග්‍රහණයෙන් මදකට මිදුණු දරුවෙක් ආන්‍යා සහ අබිරු දෙස බලමින් තම මව දෙසට දුවන ආකාරය දුටු ආන්‍යා එම මොහොතෙන් අබිරුව ඇවිස්සුවේ අයියා සහ නන්ගි යනු එහෙම බැදීමක් නිසයි.....කොහොම බැදීමක්ද....නැතිවත් බැරි ඇතිවත් බැරි...

"අයියෙ"

"හෑ..."

"ඇයි"

"අයියා කියලද කිව්වෙ"

"ඔව්"

"යකෝහ්"

අබිරු ආන්‍යාගේ එම ඇමතීමත් සමග සතුටින් උද්දාමයට පත් වුනේ ඔහු තම සහෝදරයා බව දැනගත් මොහොතේ සිට ප්‍රථම වතාවට තමාට අයියෙ කියා ඇමතූ නිසය්....

"ඇයි මේ අහපන් බල්ලො කියලාද කතා කරන්න ඕන"

"නෑ අර දවසක් කිව්වෙ f*cking man කියල අන්න ඒම කියාම්"

"අනෙ මේ අයියෙ විහිලු නෙවෙය්"

"හරි හරි සමාවෙන්න..මොකක්ද දැන් කියන්න හැදුවේ"

"නෑ සාමාන්‍යයෙන් විශ්වාස කරන්නම බැරි කව්ද රොව්ඩන්ද...සිතුම්ද...හරිතද...රොව්ඩන්ගෙ ගෙදර පූසද"

"මොකක්"

"ආශ්..නෑ නෑ..මායි යේශියි එනකොට රතුපාට Hornet බයික් එකක් අපිව පාස් කරන් ගියා"

"හොල්මන්ද"

"මොකක්"

"බයික් එකක් ගියා කිව්වෙ ඔයාලව පාස් කරන්..."

"තමුසෙ මහ මෝඩයි අයියෙ..මිනිහෙක් හිටියා...ඇස් දෙක විතරයි උගෙ පෙනුනෙ"

"හොරෙක් වෙන්නැති"

"ආශ්...අපරාදෙ චූටි අයියවත් හිටියනම් "

"චූටි අයියා"

"හ්ම්ම්"

ආන්‍යා එලෙස පවසමින් අබිරුගේ වම් බාහුවටද පහරක් ගසමින් පිටව ගියේ අබිරු එම පහරට හෝ ආන්‍යා පිටව යන ආකාරය හෝ නොබලා පාරේ අයිනක නවතා ඇති රතු පැහැති CB Hornet රථය දෙස දෑස් දල්වා බලා සිටියේ එම රථය පැද ආ මිනිසාද ඔහු දෙස දෑස් යොමා බලා සිටිද්දි........

Continue Reading

You'll Also Like

28.9M 1M 39
{#1 in teenagers} {#2 in fiction} {#2 in popular} "You better not tell anyone about this." "Aw why not? I'm sure your fandom of desperate girls wo...
3.2M 96.8K 31
girlxgirl HIGHEST RANKING(S): #1 IN GIRLONGIRL #1 IN GIRLS #1 IN TEACHER #5 IN GXG An emotionally battered woman with a craving for a attention and a...
3.4M 151K 85
"You fucked a mermaid?!" *Highest Ranks* 1- lesbianromance 5- gaystory 5- wattpadpride 10- girlxgirl