තත් 🔞

By sheronhesaraa

24.5K 1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසි තුන්වන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

විසිදෙවන ස්වරය ♥

600 18 30
By sheronhesaraa

"මෙහෙම හොඳයිද....තව ගොඩාක් දුරට ඕනද..."

"එක පෙලට ගහන්න...ගොඩාක් දුරට ඕන නෑ...ටිකක් දුරට ගහමු.."

""හරි සුදු මහත්තයා...මෙහෙම කරන්න ඕනමද...පෝලිමේ එන්න කිව්වොත් එන එකක් නැද්ද...."

"එහෙම එන්නෙ නෑ බබා...මේ ලන්කාවනෙ...අන්තිමට පොර කාලා පොර කාලා සේරම විනාස කරලා තමා යන්නේ...ඒ නිසා මෙහෙම පෝලිමේ එන්න ලනු ඇදලා තියන්නම ඕන...."

"හරි..දැන් කීයටද බේකරියෙන් පාන් එවනව කිව්වෙ."

"පාන් ටිකනම් එවනම් කිව්වෙ හවස පහට..."

"එතකොට සීනි සම්බල."

"තාම ලූනු කපනවනෙ...අනික තවම දොලහයිනෙ වෙලාව...ඒකට වෙලාව ඇති...ඔයා කැන්ද කොළ ටිකට වතුර ටිකක් ඉස්සද..."

"ඔව් මම එන්න කලින් වතුර ඉහලා ආවෙ...මේ ඒක නෙවේ..කව්ද දැන් දන්සල ඕපන් කරන්නෙ..."

"අපේ සීයා...එයා හරිම පින්වන්ත අහින්සක මනුස්සයෙක්නෙ..."

"අනේ ඔව් අප්පා...ඔයාලගෙ සීයා හරිම අහින්සක කෙනෙක්...එයා තමා හොඳම..."

අපි දෙන්නා ඉතින් ඇල්බීසියා කනු හිටව හිටව ඒ කනු අතර ලනුපොට ඇද්දේ පෝලිම් සීමාව ලකුනු කරන්න ඕන නිසා...නැත්නම් මුන් පාන් වෙනුවට අපිව කාවි...එතකොට අපිට කන්න වෙන්නෙ පානුයි ලුකයි.

..........................................................................................................................

ඉතින් කෝමහරි හවස හය හමාර විතර වෙද්දි පටන් ගත්ත දන්සල ඉවරවෙද්දි රෑ අට පහුවෙලා තිබුනා...දන්සලේ වැඩේ හොඳින් කෙරුනා...කැන්ද කොල තමා මදිවුනේ...ඉතින් අන්තිමට සූරිය කොළවලටත් දෙන්න සිද්ධවුනා...ඉතින් අපි හෙමින් හෙමින් දන්සල තිවුනු තැන පිරිසිදු කරලා ආයෙම ගෙදර එද්දි ඉතින් තව පැයකට ආසන්න කාලයක් නොදැනිම ගෙවිලා ගිහින්.

පාරට උස්සගෙන ගිය මේසේ කාපෝච් එකෙන් තියන මගෙ ඇස් ගියේ අඹ අත්තෙ කොල අතර ඇවිලෙන ලා දම් පාට බකට් එකක් ළඟ....මේ තමා තිත්ත ඇත්ත...මොන තරම් ලස්සන වුනත් ඒ ලස්සන විනාස වෙන්න යන්නෙ තත්පර ගානයි...අද ස්අතුටින් ඉඳලා හෙට අඬන්න වෙන්න පුලුවන්...ඒ නිසා හොඳම දේ අද සතුට අදම විඳීම හෙට ගැන නොසිතා.

කෝමහරි හැමදේම අස් පරස් කරලා ඉවර වෙලා අපි හැමෝම එකතු වුනෙ අප්ඒ සාකච්චා මන්ඩපේට...අපේ කුස්සිය.

අම්මා උයනවා...නංගි දොරකඩ බැංකුවේ...සොරි බංකුවේ...නෙතූ හිරමනේ උඩ...මම පැන්ට්‍රි එක උඩ.

"නෙතූ පුතේ...දන්නවද අපේ එක්කෙනා දැන් අවුරුදු ගානක් තිස්සේ කියනවා බඳින්නෙ නෑලු..."

අපේ අම්මා ඇදලා ගත්තෙ මම අකමැතිම මාතෘකාවක්...මම කවදාවත් කසාද නොබඳින තීරනේට අඅවෙ දහය වසරෙ මුල...ඒ වෙද්දි මට ගර්ල්ස්ලා එක්ක අෆයාර්ස් කීපයක්ම තිබිලා ඉවරවුනා...ඉතින් අපේ අම්මා හිතුවෙ මම මේ බඳින්න ඕන න්ඈ කියන්නෙ ඒ කාපු බූට් වල රස හොඳට දැනුනු නිසා කියලා....ඒට්බ් ඇත්තම හේතුව මට කවදාවත් ගර්ල් කෙනෙක් ගැන ලිංගික ආසාවක් මිස ආදරයක් ඇති නොවෙන එකයි...ඒත් අපේ අම්මා පරාජය බාරගන්න සූදානම් නෑ..

"ඔහොම කියන අය තමා අක්කෙ සේරටම කලින් බඳින්නෙ..."

අපි තුන් හතර දෙනාම උඩ ගියා...මොකද ඒ උත්තරේ අපි කට්ටියගෙන් නෙවෙයි...ඇවිත් තිබ්බෙ සාංචි අක්කා...අඩුපාඩුවත් ඇවිත්...මොනාහරි කෑමක් තමා...

"ආ අක්කේ...මෙන්න ඔයාලට...හවස හැදුවෙ...දන්සල නිසා ගෙනත් දෙන්න වුනෙ නෑ..."

"මොනාද සාංචි අක්කේ ඔය..."

"නමක් නම් දන්නෙ නෑ...ක්‍රීම් ක්‍රැකර් වලින් හදන්නෙ."

"ඉතින් අපිටත් කියනවකො නංගි හදන විදිහ...ක්‍රීම් කැකර්නම් වියදමත් අඩුයි...මුන් කෝමත් හවස් වෙද්දි මාව මරන් කන්න හදනවනෙ බඩගිනියි කියලා....."

"පොඩි සැමන් ටින් එකක සැමනුයි ලූනු , සුදුලූනු , අවුමිරිස් , තක්කාලි මුලින් පොඩි වෙන්න අනාගන්න ඕන...පස්සෙ තාච්චියකට තෙල් සූට්ටක් දාලා ලිපේ තියලා ඒකට සූදුරු , කෑලි මිරිස් , මිරිස් කුඩු , ලුනු කුඩු , කහ කුඩු එහෙම දාලා ඒකට ඔය සැමන් ටික දාලා පොඩ්ඩක් තෙම්පරාදු වෙද්දි ඒකට තම්බලා පොඩි කරපු අල ටිකකුත් දාලා පිරවුම හදාගෙන ක්‍රීම් ක්‍රැකර් දෙකක් මැදට ඕක දාලා බිත්තර සාරුවල පොඟවලා බිස්කට් කුටු ගිල්ලලා බැදගන්න තියෙන්නෙ...ලේසියි..."

"ඒ සාංචි අක්කෙ මාරම රසයිනෙ අප්පා..."

"ඔව් අක්කෙ...මාරම රසයි."

"අපේ දොස්තර මල්ලිට රසනම් එච්චරයි."

"ආ ඇත්තද...දොස්තර මල්ලි ගියාම වරෙන්කො අක්කෙ සුදු මල්ලිව හොයාගෙන..මම බලාගන්නම් එතකොට .."

"හරි හරි ඉතින්...විහිලුවටනෙ මැනිකෙ...අක්කෙ මම ගිහින් එන්නම්."

"ආ හරි සාංචී..."

"එහෙනම් මම යනෝ...බඳින්න නැති කට්ටිය එහෙම ඉන්න හැටි අපිත් බලාගෙනනෙ ඉන්නෙ..."

එයා එහෙම කියලා කුස්සියෙන් එලියට ගියෙ මට නෝන්ඩි බැල්මකුත් දීලා....මම හිනාවෙලා බිම බලාගත්තා...හැබැයි මම දනන්වා මේ ඇදෙන්නේ මගෙ ඇඟට මාරයා ගෙන්නන ටොපික් එකක්.

"නේතු පුතා...ඔන්න ඔයාවත් කියලා බලන්නකො මෙයාට."

"මොකක්ද නැන්දේ."

"කොල්ලෙක් වුනාම දවසක බඳින්න ඕන...දරුමල්ලො හදන්න ඕන...ඒක මෙන්න මේ ගෝතස්ට කියලා දෙන්න බලන්න...."

"අනේ නැන්දේ මම කොහොම කියලා දෙන්නඩ...මමත් ඉන්නෙ බඳින්නෙ නෑ කියන තැනනෙ..."

"අනේ ඇත්තට උබලට පිස්සුද ලමයිනෙ...ආ ?"

"නෑ ඉතින්...ඒක මගේ කැමැත්තනෙ නැන්දෙ ඉතින්."

"ජීවිතේ අරමුනක් ඇතිවෙන්නනම් කසාදයක් බඳින්න ඕන , දරුවෙක් ඉන්න ඕන..."

"දරුවොනම් කසාදයක් නැතුව වුනත් හදන්න පුලුවන්නෙ අම්මේ...ඔය විකාර කතාව නවත්වන්න දැන්....ප්ලීස් ..."

"මොකක්ද...විහිලු නෙවෙයි සුදූ."

"අම්මේ...මම ඔයාට මම මැරි නොකරන බව මුලින්ම කිව්වෙ අවුරුදු 14 දී...අදතාක් ඒ වචනෙ වෙනසක් නෑ...ඉස්සරහටත් එහෙමයි...."

"එතකොට අයියේ...ඔහේ බඳින්නෙත් නැති එකේ එහෙමනම් ඒ වියදම් නොකර ඉතුරු වෙන සල්ලි මට වියදම් කරනෝ..."

"නෑ මොකටද...මට උගන්වන විදිහටම උබලා දෙන්නටත් උගන්වනවානෙ...මගෙන් යැපෙන්න බලාපොරොත්තුවෙන්න එපා...කකුල් දෙකෙන් හිටගන්න උත්සාහ කරපන් දවසක...."

"අපෝ...සුදූ...අයියා වුනාම නංගියි මල්ලියි ගැන බලන්න ඕන නේද..."

"අනේ අම්මා...මෙයාගෙන් නම් වතුර උගුරක්වත් බලාපොරොත්තු වෙන්න එපා..මෙයාගෙ හැටි දන්නවනෙ...."

"නෑ නංගි...මම උබෙන් අහන්නෙ මේක...උබටයි මල්ලිටයි මට වගේම අම්මලා උගන්වනවා නම් ඇයි මගෙන් යැපෙන්න හිතන්නෙ...මම උබලට නොසලකා ඉන්නෙ න්නා...ඒත් මට ඕන උබලා දෙන්නා ස්වාධීන වෙනවා දකින්න...උබට ගැලපෙන හොඳ කෙනෙක් මම හියලා ඒ වැඩකටයුතු මම කරලා දෙනවා...එතනින් එහාට උබලා උබලගෙ ජීවිතේ හදාගන්න ඕන...අමාරු ඕනම වෙලාවක මම ඉන්නවා...හැබැයි ඒ අමතර සහයක් විදිහට.."

"හරි හරි අනේ...එහෙම තමා ඉතින්..."

"එහෙම තමා නෙවෙයි...උබ දනන්වනෙ නංගි අයියා පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයි..උබට උබේ කසාදෙ ඇතුලෙ අසාධාරනයක් වෙනවනම් ද්පාරක් ඉවසපන්...තුන්වෙනි පාර ඌට ඕන මගුලක් කරගන්න කියලා උබ ඩිවෝස් එක දීලා වරෙන්...අයියා ඉන්නවනෙ..."

"මරුනෙ සුදූ...අයියෙක් නංගිට දෙන අවවාද ඕවද...."

"ඇයි මන් කියන්න ඕන මොනද එහෙමනම් වෙන අම්මා...."

"මෙහෙමයි සුදූ...සුදුනෝනා අහගන්න...කසාදෙ කියන්නෙ හිතුමතේට අතාරින දෙයක් නෙවෙයි...මොන දේ වුනත් මොන ප්‍රශ්නෙ ආවත් ඉවසගෙන ඉන්න...දික්කසාද ගෑනියෙක්ට සමාජෙන් පිලිගැනීමක් නෑ...."

"එතකොට අම්මෙ පව්ල් කන්නෙ සමාජෙ උන්ද මේකිද.."

"අයියෝ ශෙරෝ...දැන් ඇති අප්පා..අනේ නැන්දේ ඇති දැන්...."

"නෑ උබ ඉන්නවකො...අම්මේ ගෝත්‍රික විදිහට හිතන්න එපා...සමාජෙට බයේ ජීවත් වෙන්නෙ රෙද්දටද...උන්ද අපිට කන්න අඳින්න දෙන්නෙ...ඒකි දුක් විඳ විඳ සමාජෙට බයේ අල්ලගෙන ඉන්න ඕන...එහෙමද..."

"දුක් විඳ විඳ ඉන්න කියන්නෙ නෑ පුතේ...ඒත් හැමදේම ගෑනු ලමයෙක් වුනාම ඉවසන්න ඕන...ඉවසගෙන විසඳගන්න ඕන..."

"අනේ මගුල...මම මේ ලකේ පංකාවට අකමැති ඔන්න ඔය නිසා...මේකෙ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ...උන් අනිත් උන්ව සතුටු කරන එකයි කරන්නෙ...."

"ඉතින් අපිට තනියම ජීවත් වෙන්න පුලුවන්ද ...බෑනෙ අයියෙ."

"අනේ බන්...හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා...කෙනෙක් දේකට කැමතිනම් අපිට ඒකට අකමැති වෙන්න බෑ...ඒක ඒ කෙනාගෙ අයිතිය...අපි ඒක විවේචනය කරන්න හොඳ නෑ....සමාජෙට බයේ ජීවත් වෙන්නෙ නෑ මමනම්...."

"අයියා ඔය යන විදිහට කොල්ලො කොල්ලො කසාද බැන්දත් කමක් නෑ කියයි....."

ඔය වගේ වචනයක් මම නංගිගෙන් මේ වගේ වෙලාවක කීයටවත් බලාපොරොත්තු වුනෙ නෑ...අනපේක්ශිත පහර නිසා නෙතූත් මමත් දෙන්නම තප්පරේකට ගොලු වුනේ දෙන්නට මූනෙන් මූන බැලෙද්දි...ඒත් මම ආයෙම පරන ගැම්මට ආයෙම ආවා.

"ඉතින් අපිට මොකද බන්...උන්ට හොඳනම් අපිට මොකද...."

"ඒ වුනාට සුදූ අපේ සස්කෘතියට විරුද්ධයිනෙ."

"මොන සංස්කෘතියද අම්මේ...සංස්කෘතිය කියන්නෙ මිනිස්සුන්ව හිරකරන්න හදාගත්ත දෙයක්...සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බෑ සංස්කෘතිය ඇතුලෙ...අනික කොල්ලො දෙන්නෙක් ආදරේ කරන එක ඇයි ඔයාලට ප්‍රශ්නයක් වෙන්නෙ...අපිට මොකද අනේ...අපිට කිසි කරදරයක් නෑනෙ...."

"කරදරයක්නම් නෑ තමා...ඒ වුනාට මගෙ ලමයි එහෙම වෙන්න බෑ...ඒකයි මම මේවා කියන්නෙ...."

"මල විකාර අම්මා...ඔයාලා තාම ඉන්නෙ ගෝත්‍රික අදහස්වල...මට තේරෙන්නෙ නෑ ඔයාලා මොන මගුලක සංස්කෘතියක් තියාගෙන නටනවද කියා...."

"අපි ලංකාවෙනෙ සුදූ...මේ ඇමරිකාව නෙවෙයිනෙ."

"අනේ අම්මේ මමනම් මේ ලකේ පංකාව දාලා පිටරට ගිහින් එහේ පදින්චි වෙනවා...මහා ජරාම ජරා සක්කිලි රටක් මේක...මිනිස්සුන්ව සස්කෘතිය කියලා දන්වැලකින් ගැටගහගෙන කොටු කරපු රාමුවක් ඇතුලෙ දාගෙන වදදෙන මහ සක්කිලි රටක්....මම මේක ඔයාට මීට කලිනුත් කියලා තියෙනව අම්මා...මම දවසක අඅදරේ කරන්නෙ කාටද , මම බඳින්නෙ කව්ද කියල්ව තීරනය කරන්නෙ මම...නොබැඳ ඉන්න එකත් මගෙ තීරනයක්...මගෙ ජීවිතේ වැදගත් තීරන ගන්නෙ මම...අම්මලාට පුලුවන් වෙන්න ඕන මට ඒ නිදහස දෙන්න."

මම නෙතූවත් ඇදගෙන කාමරේට ආවෙ අම්මයි නංගියි ගැන ඇතිවුනු තරහ නිවාගන්න ඕනි නිසාමයි...අපි ජීවත් වෙන්න ඕන අපිට ඕන විදිහට...සමාජෙට ඕන විදිහට නෙවෙයි...හරියද්දි ළඟ ඉඳී ...ඒ වුනාට වරදින තැන තමන්ට තමන් විතරයි..ලබ්බෙ සමාජෙ බල්ලෙක්වත් එන්නෙ නෑ.

"ශෙරෝ අහන්නකො."

"මොනා අහන්නද...දැක්කනෙ අපේ අම්මලා හිතන පතන විදිහ...දෙයියනේ මොන වගේ ගෝත්‍රික අදහස්ද මේවා..."

"එයාලා එහෙම තමා ශෙරෝ...අපේ අම්මලත් එහෙමයි...එයාලට මේ දේවල් නුහුරුයි...එයාලා පරන තාලෙට හැඩගැහිල ඉවරයි...අර කතාවකුත් තියෙන්නෙ...වේලුනු කෝටුව නෙවෙයි අමු කෝටුවයි නවන්න පුලුවන්...වේලුනු කෝටුව නවන්න බෑ..."

"ම්ම්...හරි අනේ...අපේ අම්මා නෙවේ සක්කරයා කිව්වත් මම ජීවත් වෙන්නෙ මට ඕන විදිහට...මගේ ජීවිතේ ගැන තීරන ගන්නෙ මම..."

"හරු හරි...අම්මෝ මගෙ ශුඩු මහත්තයට යන තරහක්..."

"අනේ මේ...හුරතල් වෙන්න එපා දැන්...."

"ඇයි අප්පා...මම තවුසෙ එක්ක හුරතල් නොවී කා එක්ක හුරතල් වෙන්නද...."

"මට කේන්ති ගීන් ඉන්නෙ බබා..."

"කෝ එන්න මම කේන්තිය නිවන්න...ඔන්න හිනාවෙනවා..ඔන්න හිනාවක් යනවා....ඔන්න හිනාවක් ගියා...හරේ....."

"අනෙ මේ..කෝලම මගෙ....කෝ එනවා බබා නිදාගන්න...ඔයා අනිද්දා ආයෙම යනවනෙ...අපි හෙට ගාලු කොටුවෙ යමුද."

"යමු යමු අනේ...ගෙටවෙලාම ඉඳලා කම්මැලි මටත්."

"වර හොරගෙඩ්ඩා මෙහෙට ...ආදරෙයි මම මැනිකට."

"මාච්."

"මොනාද මාච්...කට හපනවා මම ඔය...නිදියපිය දැන්."

.......................................................................................................................

මේ මාතර දුම්‍රිය ස්ථානයයි...මාතර සිට මහනුවර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්‍රිය දැන් පිටත්වනවා ඇත...දුම්‍රිය නවත්වනු ලබන්නේ වැලිගම , අහංගම , හබරාදුව , ගාල්ල , බූස්ස ,හික්කඩුව , අම්බලන්ගොඩ , අහුංගල්ල , බෙන්තොට , අලුත්ගම , දකුනු කලුතර , පානදුර , මොරටුව , කොළඹ කොටුව , මරදාන , රාගම , ගම්පහ , වේයන්ගොඩ , මීරිගම , අඹේපුස්ස , පොල්ගහවෙල...පොල්ගහවෙල සිට මහනුවර දක්වා සෑම දුම්‍රිය ස්ථානයකම නවත්වනවා ඇත....📢📢📢📢

"ගාල්ලට දෙකයි..."

"ශෙරෝ...ට්‍රේන් එක යන්න හදන්නෙ...ඉක්මන් කරන්නකො..."

"හරි යමු..දුවලා යන්න...ශීට් නෑ...ඔය ඔතනින් අල්ලගන්න....ආ දැන් හරි...අපි පරක්කු වුනානෙ..."

"ඒකනෙ...වෙලාවට ආවෙ...මේක මිස් වුනානම් ආයෙ තියෙන්නෙ දෙකයි පහ...රෑ වෙනවා අපිට එහෙමනම්."

"ඔව්...මේක එකයි හතලිහ සියනෑ කුමාරි...මේක විනාඩි පනහෙන් වගේ ගාල්ලට යනවා."

"ම්ම්ම්...ඒක හොඳයි...අව්වයි නේද එහෙ."

"අව්වනම් එහෙම තමා ඉතින්...හැබයි හෙවන තැනුත් තියෙනවා..."

"මේ අපි අදත් පීසා එකක් කමුකො අප්පා...එදා කාපු එකේ බිල් එක මං ළඟ තියේ...මාසෙකට කලින් ආයෙම කෑවොත් 20% ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවනෙ."

"ම්ම් බලමු බලමු...කෝ ඔන්න ඔතනින් ව්වඩිවෙන්න."

"මේ බිම ?"

"ඔව්...සෙරෙප්පු දෙක ගලවා තියලා ඒක උඩින් වාඩිවෙන්න...මම ඕනතරම් එහෙම යනවා..."

"ම්ම්ම්...හරු එහෙනම්.."

"හයියෙන් අල්ලගන්න හොඳද...අනික ස්ටේශන් වලදි නැගිටින්න ඕන...දැන් පහුවුනෙ අහංගමනේ...ඊළඟ එක හබරාදුව...."

ඉතින් අපි දෙන්නා මේ ට්‍රේන් එකේ ගාලු යන ගමන්...වෙනසකට තියෙන්නෙ අද ඉක්කා නෑ...අද ඉක්කයි මමයි නෙවෙයි...අද එයයි මමයි.

"බබා...පරිස්සමින් බැහැගන්න ....ආ හරි."

"මේ මෙතන ඉඳන් ගොඩක් යන්න ඕනද."

"අනේ නෑ බබා...ස්ටේශන් එකෙන් එලියට ගිහින් සූට්ටක් ඉස්සරහට යන්න ඕන...එච්චරයි ."

ඉතින් මේ හැලප සිරාවත් ඇදගෙන මම ගාල්ල ස්ටේශන් එකෙන් එලියට ආවා...අව්ව තමා අව්ව...ගිනි අව්ව.

මම එයාගෙ අතින් ඇදගෙනම පාර පැනලා ඇවිත් මහා ගල් දොරටුවෙන් ඇතුලට ආවේ එයාගෙ අතින්ම අල්ලගෙන...මේක මහ ගල් ආරුක්කුවක්.

එක පැත්තක ටෙනිස් කෝට් එකක් තියන පාර මැදින් මමයි එයයි ඇවිදගෙන එනවා...ඇවිදිනවා කිව්වට බාගෙට දුවනවා..ම්මොකද එච්චර රස්නෙයි අව්ව අද.

"බබා අතනින් යමු...අර....."

"ඒ නුග ගහක් නේද අනේ...අනේ එතන මොනාද අර තියෙන්නෙ..."

"ඒ ෆොරිනර්ස්ලා ඇට්‍රෑක්ට් කරගන්න ඔය පොල්කටු නිර්මාන , වෙස්මුහුනු වගේ ඒවා..."

"ම්ම්ම්...ආස්කීම් කමුදෝ."

"නෑ නෑ බබා...ඕනි නෑ...මේ ටිකේම කෑවනෙ...වෙන මොනාහරු අරන් දෙන්නම්."

"අර කාලතුවක්කුවක්ද අනේ."

""ඕ බබා...ඊට හොඳ කාලතුවක්කුවක් තියේ."

"කොහෙද..."

"කලිසම අස්සෙ."

"ඒක කාල තුවක්කුවක් නෙවේ අනේ ඒක මල්ටි බැරල් එකක්."

"හරි විහිලුව...කෝ එනවා අර අතනට යන්න..."

"කොහෙද අනේ....ගින්දර වගේ අව්ව."

"අර අතන ...එතනට ගියාම මූද පේනවා වටේටම."

අපි ඉතින් ගිනි ගහන අව්වෙත් ගාලු කොටුවෙ මූද අයිනෙ තියන අර පොඩි නෙරුමක් වගෙ තැනට ආවා...එතන බිම සම්පූර්නෙන්ම හුනුගල් තමා තියෙන්නෙ...වටේටම පේන්නෙ මහ මුහුද.

"ශුඩු මාත්තයා."

"මොකද මෙ හුරතලේ...ආ"

"මම ආදරෙයිනෙ."

"ඉතින් මාත් ආදරෙයිනෙ මැනිකට".

"ෆොටෝ ටිකක් ගාමුකො."

"ගන්න ඉතින්..."

'කෝ එන්න ළඟට."

"මොකද ඕයි කකුල්වල ෆොටෝ ගහන්නෙ...ආ ?"

"හරි අනේ...ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක...හී"

"අනේ මේ...ඔන්න ඔය පොල් දත් දෙක ඇතුලට දාගනින් බබා...රස්නෙයි...ඕක දැක්කම බය හිතෙනව "

නිල්පාටට පේන මහ මුහුදයි ඈතින් පේන රූමස්සල සාම චෛත්‍යයයි දිහා බලාගෙන උන්නු මට නොදැනිම ලස්සන සින්දුවට ලාවට මිමිනුනා....ඈතින් කොල පාට පසුබිමේ රූමස්ස්ල චෛත්‍යය හරි ලස්සනට පෙනුනා.

"ගාලු කොටුවෙ ගල් බැම්මේ
ඈත පෙනෙන ක්ශිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලා ඉඳින්න
පාලු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න."

"මෙන්න මෙහෙ වරෙන් සුදු මහත්තයා මේ ගිනි අව්වෙ කොයින්ද අනේ සරුංගල්...දැන් ඉතින් ඔතන ඉඳලා බලන්න වෙන්නෙ පියාඹන පීරිසි තමා."

"පියාඹන පීරිසි නම් බලලා තියේ ඕන තරම්...පිටිපස්සෙ ගෙදර අර වයසක මනුස්සයෙක් ඉන්නෙ...ඒ මනුස්සයා මොනාහරි කටේ ගාගත්ත දාට එහේ පීරිසි විතරක් නෙවේ පළඟනා පවා පාවෙනවා..."

"මෙන්න මෙහෙ වරෙන් ශෙරෝ...මගුලක් කියන්නෙ...අව්වට තවුසෙගෙ මොලේ කරවෙලාද කොහෙද."

"මොලේ ගත්තම පූර්ව මොලය , මැද මොලය , අපර මොළය කියලා තුනක් තියේ...ඔයා හිතන්නෙ මගෙ කර වෙලා තියෙන්නෙ මොන මොලේද."

"මොලේ නෙවෙයි තමුසෙගෙනම් මෝල තමා කරවෙලා තියෙන්නෙ."

"අනේ මේ යමන් බබා ඉක්මනට...පිච්චෙනවා ."

"ඔව් අනේ...මේ අපි කූල් මොනාහරි බොමුද."

"හා එන්නකො...මෙතනින් ගියාම අපි ආයෙ දොරටුව ළඟට වැටෙන්න ඕන මගෙ මතකෙ හරිනම්...එතන තියේ සුපිරි ජූස් බාර් එකක්...."

"හරී."

ඉතින් මම මේකත් ඇදගෙන එක වගේ පාරවල් දාහක් විතර මැදින් ආවේ තෝරගත්ත එක පාරක...යනවා යනවා යනවා ඉවරයක් නෑ...

"මේ මෙතනත් ජූස් බාර් එකක් තියෙනව...මේකෙන් බොමුද."

"එපා එන්නකො...අපි අතන මම කිව් තැනින්ම බොමු."

"හරි යන්කො එහෙනම්...කකුල් දෙකත් රුදෙනවා ශෙරෝ දැන්නම්"

"ම්ම්ම්....තා සුට්ටයි...එන්නකො."

මම ඉතින් චාටුවෙන් චාටුව කොල්ලවත් ඇදගෙන එන්නෙ පාරක් දිගේ දැන් හෙන වෙලාවක් තිස්සෙ....මම කලින් ඇවිත් තිබ්බත් මෙහෙ පාරවල් සේරම එක වගේ අප්පා....පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න...ඔහ්හ්හ්හ්හ්හ්හ්හ්.....fuck fuck fuck...

මම ශේපට බෙල්ල හරවලා බැලුවෙ කොල්ලා දිහා...ඉන්නවා ඉන්නවා...මාව මරලා ඩෙවල් දාලා කාලා වමාරලා දාන්න වගේ බලන් ඉන්නෙ...වරදක් කලත් සිතකින් නෙවේ ඩලා...

දෙවියනෙ මෙච්චර වෙලා කකුල් කැඩෙනකල් එකම තැන නේද අපි කැරකිලා තියෙන්නෙ.

"ආ ශුඩු මහත්තයා...කෝ අනේ ජූස් බාර් එක.."

"ඒක මේ...මේ...."

"ආ මම කලිනුත් කිව්වා නේද මේ වගේ වංගුවක් මුලිනුත් පහුවුනා කියලා...ඉතින් ආයෙම කෝමද ඒ වගේම වංගුවක් තුන්වෙනි පාරටත් හම්බුනෙ අපට...."

"මේ...මේ..."

"මේ මේ...නෙවේ මිනිහෝ...මගෙ කකුල් දෙක රිදෙනව අප්පා...මාව එකම තැන කැරකෙව්වා කකුල් කැක්කුම එනකල්.."

"හරු හරි බබා...ඉන්නවකො පොඩ්ඩක්..ඩාම් වෙනවා ඩූම් වෙනවා."

"අන්න අර ඇන්ටිගෙන්වත් අහලා බලනවා...මේක ඇතුලෙ ගෙවලුත් තියෙනවද අනේ."

"ඒක තමා...ගෙවලුත් තියෙනව...ඉන්න මම අහලාබලන්න."

මම හිතන් උන්නෙ ගාලු කොටුවෙ ඇතුල කඩවල් විතරක් තියන තැනක් කියල...නෑ...ගෙවලුත් තියෙනවා තැන් තැන්වල...ඉතින් එහෙම ගෙදරක රෙදි වගයක් වන වන උන්නු අවුරුදු 55 ක විත්ව්‍ර ගෑනු කෙනෙක් ළඟට මම කිට්ටු වෙද්දි එයා මා දිහා අමුතුවට බැලුවා.

"සමාවෙන්න ආන්ටි කරදර කලානම්...මට දැනගන්න පුලුවන්ද එන්ට්‍රන්ස් එක ළඟට යන විදිහ."

"ආ මේ පාරෙන්නම් යන්න බෑනෙ ලමයො...තා පොඩ්ඩක් ඔයාලා ආව පාරෙම ආපහු යද්දි තියෙනව දකුනු පැත්තට පාරක්...ඒකෙ ටික දුරක් ගියාම වැටෙන්නෙ ලයිට් හවුස් එක ළඟට...එතන ඉඳන්...."

"එතන ඉඳන් යන්න දන්නවආන්ටි...බොහොම ස්තූතියි."

"හරි..."

ඒ මනුස්සයා ලාවට හිනාවෙලා ආයෙම එයාගෙ වැඩේ කරද්දි මම මගෙ ගෝත කරුමෙත් ඇදගෙන එන්න ආවෙ ආයෙම ආව පාර දිගේ...කොහොමහරු තව විනාඩි විස්සකින් විතර අපි දෙන්නම උන්නේ කොටුවෙන් එලියෙ  ඇල අයිනෙ තියන බංකුවක ඉඳගෙන.

"සුදු මහත්තයා...ඇයි ඊයෙ රැ අම්ම අරම කිව්වෙ."

"කොහොම ?"

"ඔයාගෙ කසාදෙ ගැන...%

"ආ ඒක එයාගෙ හැටි...එයා දන්නව මගෙ වචන වෙනස් වෙන්නෙ නෑ කියලා කිසිම හේතුවක් මත. ...ඒ වුනාට එයා ට්‍රයි එක අතාරින්නෙ නෑ..."

"මට බයයි...මොකද ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි කියල කියන්නෙ නිකන් නෙවේනෙ...."

"ආ ඒ ගැන බයවෙන්නෙපා...අපේ අම්මට ඉගිල්ලෙන්න බෑ...එයාට තටු නෑනෙ..."

"අපරාදෙ තවුසෙට කිව්වෙ...තමුසෙට කිව් කට ගලක උලාගත්තනම් ඉවරයි..."

"මම මගෙ කට උලන්නම්ද තවුසෙගෙ ගලේ...nice ...ම්ම්ම්හ්හ්හ්.."

"අනේ මිනිහෝ...කුනුහර්ප නෙවේ...දැන් අපි කොයි යන්නෙ."

"ම්ම්ම්...ජන්ගල් බීච් යමුද."

"නාන්න මම ඇඳුම් ගෙනාවෙනම් නෑ හැබැයි.."

"නාන්න නෙවෙයි...ගිහින් බලලා එමු...හැබැයි කන්දක් නගින්න තියේ."

"අපෝ මේ...එහෙනම් බෑ.."

"ම්ම්ම්...එහෙමනම් පස්සෙ දවසක යමු එහේ."

"ආ අහන්නකො...අද අහස්ලා එනව කිව්ව මාතර."

"ආ කෝල් එකක් අරන් බලන්න කොහෙද ඉන්නෙ කියලා".

ඉතින් සශේනුයි අහසුයි එන ආරංචියට අපි එයාලට කෝල් කලා...එයාලා තවම ට්‍රේන් එකේලු...

"අහස් අයියෙ..."

"ඕ මල්ලි කියන්න.."

"ඔයාලා කොහෙද ඉන්නෙ..මාතර එනවද."

"ඔව් මල්ලි...දැන් මේ අම්බලන්ගොඩ පහුවුනේ...මරදානෙන්  3.40  ආවෙ..."

ආ රුහුනු කුමාරිනෙ...මේ අහන්නකො අපි දෙන්නත් ගාල්ලෙ ආවා".

"දෙන්නා කිව්වෙ නෙතු අයියත් ඉන්නවද."

"ඔව් ඔව්...අපි දෙන්නම...ඔයාලගෙ ට්‍රේන් එකටම අපි නගින්නම්...තව පැයක් යන්න කලින් ගාල්ලට ඒවි ඕක."

ආ හරි මල්ලි...නැග්ග්ම කෝල් එකක් ගන්නකො".

"එහෙනම් කෝල් එක නොතියා ඔහොමම ඉන්න...මට දැනුත් නැගලා...මගෙ කොල්ලා ළඟ ඉද්දි මම කොහොමත් නග්ගගත්ත ගමන් නේ."

අහස් අයියා දැන් මන් එක්ක සශේන්ටත් වඩා ෆිට්...ඒ නිසා මම ඕන දෙයක් කියලා දාන්ව...කෝටු කිතයියා වුනාට අහස් අයියත් හිටි ගමන් හොඳ හොඳ කුප්ප කතා කියනව

"අපො....උබෙනම් කටක් නෙවේ...හරි දෙන්නම පරිස්සමින් එහෙනම්."

"හරි අයියෙ උබලා දෙන්නත් පරිස්සමින්".

මගෙ කොල්ලා කොනිත්තනවා මාව...ඌට ලැජ්ජ හිතිලා..රතුවෙලා.

"මේ..."

"මොකෝ මොකෝ."

"ශුඩු මාත්තියා.."

"කියනව මැනිකෙ...මොනාද ඕන...රෝල්ස් අරන් දෙන්නද."

"මේ අහන්නකො...ඇත්තටම එහෙමද."

"කොහොමද ?"

"නැගලජ ?"

"ඔව් නැගලා..ඇයි මොකෝ...කටට ඕනිජ."

"අනේ යනවා යන්න...මට අමුතුවෙන් රෝල්ස් කන්න දේක්ත් නෑ හැබැයි...ඔය රෝල් එක කොයිවෙලෙත් මගෙ කට ඇතුලෙනෙ."

"අම්මේ ආසම නැතුව ඇති...බිත්තරේ ගිලින නයා වගේ උගුරටම ගිලින්නෙ ආස නැති නිසානෙ."

"අපෝ ඇති ඇති...ඔය කට අවුස්සගත්තට මටත් හොඳ වැඩේ."

"ආව් යකොහ් ගහන්න එපා...රිදෙනවාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....."

ටාං....🔔

...........................................................................................................................

මතු සම්බන්ධයි ♥

ලමයිනෙ මට මාරම ස්ට්‍රෙස්...ඒ අස්සෙ අද මගෙ අෆයාර් එකේ අවුරුදු දෙකක ඇනිවසරි එක....ඉතින් අද එපිසෝඩ් එක පොඩ්ඩක් විතර කොටයි...පුලුවන් ඉක්මනින් බෝනස් එකක් දෙන්නම්...ඉක්මනින්ම ආයෙම එන්නම්...
මම ශෙරෝන් ♥

Continue Reading

You'll Also Like

3.6M 230K 96
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
355 64 7
මම හරියට අහස වගේ,🍃 එතකොට,🔥 එයා පොළොව වගේ,🍂 ඉක්මන් එක් වීමක් නොමැති,🥀 නමුත් දෙදෙනා දෙදෙනාම වෙනුවෙන් බලා හිදින,👩‍❤️‍👨 මේ අපේ කතාව💞 . . . . ☪️රිෆ...
6.6K 918 40
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
6K 307 13
ඔය ඇස් මා ළග නැවතුන දා .... හිත දැන් ඔබගේ වෙලා ....... රහසේ තුරුලේ සැතපීලා.... ඉන්නම් මියෙනා තුරා......