" ඔයාලා මාව මේ කොහෙද අරන් යන්නේ.."
" මරන්න එක්කන් යන්නේ.. කටවහගෙන ඉදපන් දැන්.."
" මන් මොකටද කට වහගන්නේ.. කීයේ ඉදන්ද මේ යන්නේ.. යන එකේ ඉවරෙකුත් නැ."
" ඔන්න ඕකගේ කටට ගෝස් එකක්වත් ඔබපන් තිදැස්.."
වාහනේ ඉදපු ඔක්කොම හිනා වෙන්න ගත්තා.. මේක හරියන්නේ නැ මන් යනවා ළමා හිමිකන්.. මුන් මාව උදේ පාන්දර වාහනේකට දාගෙන ඇදගෙන ආවා.. කොහේ යනවද කියලා තාමත් කිව්වේ නැ.. දැන් පැය තුනකට විතර කිට්ටුයි.. බෑග් එකට දාගෙන ආවෙත් ඇදුම් දෙකයි..
අපි යන්නෙ නම් සුදු පාට ප්‍රාඩෝ එකක.. එහෙම එකක් ඉතින් මේ සෙට් එකෙන් තියෙන්නේ රවීන් අයියට තමයි.. එයාලගේ අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් කරන්නේ.. පොර මාර හැන්ඩියා.. බොරු ඕනේ නැ මුන් සෙට් එක යන යන තැන කෙල්ලො ටෝක් වෙනවා..
අපි ඔක්කොම හතර දෙනෙක් ගියා මාත් ඇතුලුව.. තිදැස් අයියයි මායි පිටි පස්සේ ෂීට් එකේ හිටියේ.. drive කරේ රවීන් අයියා පැසේන්ජර් සීට් එකේ රාහුල් අයියා හිටියා.. එයත් හරි හොදයි හැබැයි වැඩිය කතා නැති වැඩකට ඇති දෙයක් විතරක් කතා කරලා ඉන්න කෙනෙක්.. අනේ මන්දා අයියලා තුන් දෙනෙක් මැද මන් තනි වෙලා..
මන් සේප් එකේ තිදැස් අයියා ලගට ලන් වෙලා පොඩ්ඩක් අතකට හේත්තු වෙලා කන ගාවට ලන් උනා.. මේ යෝදයා බය වෙලා මූනත් දෙහි ලෙල්ල වගේ කරන් එහාට පැන්නේ මට නිකන් බෝවෙන රෝගයක් තියෙනවා වගෙනේ.. ඒවා කොහෙද මාත් එක්ක මන් ආයි අතින් ඇදලා ලගට ගත්තා..
" අපි මේ කොහෙද යන්නේ කියනවකෝ හලෝ.."
" උබට දැන් 18 ක් නේද.. පාරවල් දන්නේ නැද්ද.. නැත්තන් බෝඩ් එකක්වත් කියවලා හොයා ගනින්කෝ.. ඔච්චර මරෙන්න හදන්නේ.."
" තව්සෙලා කිව්වනම් මට මැරෙන්න දෙයක් නැනේ.."
" නුවර යන්නේ වෙස් කිට් ටිකක් ගේන්න තියෙනවා.."
මන් මූනත් හට්ටියක් කරගෙන තිදැස් අයියා දිහා බැලුවා.. මොන රෙද්දක්ද ඒ උනේ.. ඉතින් ඕක කලින් කියන්න තිබ්බනේ..
" අහ් හරි හරි.."
මන් එහෙම්ම ආයි මෙහාට වෙලා ෂටර් එකෙන් එලිය බලා ගත්තා.. අපිට නිතරම වගේ නුවර යන්න වෙනවා... මන් දෙපාරක් විතර නුවර ගිහින් තියෙනවා.. මාතර ඉදන් නුවර යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.. ඇත්තටම දුරයි.. ඒත් ඉතින් යන්න වෙනවා.. එහෙට ගිහින් හරි අදින්න ඇදුම් දෙකක් ගන්න ඕනේ.. මන් ගෙනාව ඒවා මදිවෙයි..
ඕවා හිත හිත ඉද්දි මට නින්ද ගියා. නුවර හරි ලස්සනයිලු.. ඇත්ත එහේ හරි ලස්සනයි.. හරිම අමුතු වයිබ් එකක් තියෙන්නේ.. කොහොම උනත් මන් පැය ගානක් කෙල පෙරාගෙන පෙරේතයා වගේ නිදාගෙනනම් තිබ්බා.. මට හොදටම ෂුවර් මගේ කූජිත පොටෝස් දැන් මුන් ඔක්කොගෙම phones වල ඇති.. සමහරවිට whatsapp group වලටත් වැටිලා ඇති..
මන් එක ඇහැක් ඇරලා මේ ලෝකෙට ඇවිල්ලා අනිත් ඇහැත් ඇරලා වටපිට බලද්දි තමයි දැක්කේ මන් ඉදලා තියෙන්නේ තිදැස් අයියගේ උරහිසට ඔලුව තියාගෙන කියලා.. අකුනක් හැගුවා වගේ මන් එහාට උනත් වැඩක් නැ ඒ වෙනකොටත් රවීන් අයියා මට මහ පල් හිනාවක් දාගෙන ඉන්නවා..
" මොකත ඔවා.."
" හොද වෙලාවට උබ නැගිට්ටේ.. මගේ උරහිස් දෙකත් රිදෙනවා මේක පැය ගානක් drive කරලා.. ඔය උත්තමයට කියපන් මේ වාහනේ ගන්න කියලා.."
"'ඉතින් කලින් කියන්න තිබ්බනේ අයියේ.."
" කියන්න තිබ්බා උබ උගේ උරහිස උඩ මැරිලා වගේ නිදාගෙන හිටියේ නැත්තන්.."
මන් රවීන් අයියටත් දෙකක් රවලා තිදැස් අයියා පැත්තට හැරුනා.. සැක් මේ මනුස්සයා මාර පිලිවෙලට නිදාගෙන ඉන්නවනේ.. ඒ ඇස් පිහාටු කම්බුලේ වදින්නම දිගයි.. හැබැයි මෙහෙමයි මගෙත් දිගයි.. අනේ මන්දා.. මන් එයාට නැගිට්ටවන්න අත අරගෙනත් ආයි පල්ලෙහාට දැම්මා.. මට දෙයක් මතක් උනානේ..
" ඉතින් මන් වාහනේ ගන්නම්.. මට ලයිසන්ස් තියෙයි.."
රවීන් අයියා මන් දිහා පිටසක්වලයෙක් දිහා බලනවා වගේ බැලුවා... ඉතින් මොකද ඔහොම බලන්නේ.. මාත් එයා දිහා බලාගෙන හිටියා.. මු ටිකකින් ඉස්සරහින් වාහනේ නැවැත්තුවා..
" උබට සුවර් නේද උබට drive කරන්න පුලුවන් කියලා.. මීට කලින් කොහේ හරි ගිහින් තියෙද."
" ඔව් අනේ.. ගමේ එහෙම යනවා.. තාත්තට තනියෙන් drive කරන්න දෙන්නේ නැ.. තව ඉතින් අම්මා එක්ක එහෙ මෙහෙ යනවා.."
"ම්ම් ම්ම් අනේ මන්දා මේ යකා මගේ ඇගට කඩාගෙන පනීද දන්නේ නැ උබට මේස වාහනේ දුන්නා කියලා.."
මන් ඇස් දෙකත් රෝල් කරලා වාහනෙන් බැස්සා.. තිදැස් අයියයි රාහුල් අයියයි මොනා හරි ගහලා නිදාගෙන ඉන්නවද මන්දා මෙච්චර දේවල් වෙලත් මුන් දෙන්නම නිදි..
මන් driving sheet එකට ඇවිල්ලා වාහනේ ස්ටාර්ට් කරගෙන පාරට දැම්මා.. මන් ඇස් කොනෙන් දැක්කා රවීන් අයියත් හොදට හරිබරි ගැහිලා නිදා ගන්නවා.. කාගෙවත් නින්දට කරදරයක් නොවෙන්න මන් car එකේ soothing song එකක් play වෙන්න දැම්මා.. නැත්තන් ඔක්කොම නිදා ගත්තම මටත් නිදිමත එනවා..
අපි නුවරට සෑහෙන්න කිට්ටු වෙලා තිබ්බේ.. රවීන් අයියා ඇවිල්ලා නෙවෙයි පියාබලනේ.. ඒත් එක්කම මට බැලුනේ හෙන ගහලා වගේ නිදාගෙන ඉන්න රාහුල් අයියා දිහා.. ම්ම් එයානම් නිදාගෙන හිටියත් නිවිලා ඉන්නේ.. මාරම කාම් කැරැක්ටර් එකක් රාහුල් අයියා කියන්නේ.. රවීන් අයියයි තිදැස් අයියයි රන්ඩු උනත් ඒක බේරන්න එන සුරදූතයා තමයි රාහුල් අයියා.. අපි ඉතින් පොරට ආතල් එහෙම දෙනවා " රහුලයෙක් උපන්නා සාමය සමගිය ලොවට වැඩියා " කියලා..
රාහුල් අයියලගේ තාත්තා pilot කෙනෙක්.. එයා ලන්කාවේ ඉන්නවා ගොඩක් අඩුයි.. අම්මත් නැති තරන් මොකද එයා air hostess කෙනෙක්.. අම්මයි තාත්තයි දෙන්නම ටිකක් ඈත් උනාම අමාරුයිනේ.. ඒත් මට කියන්න සතුටුයි මන් දන්න තරමට රාහුල් අයියව තනි කරලා නැ කොයිම වෙලාවකවත් මේ අනිත් ඩබල.. ඒ වගේම එයාලගේ පව්ලේ අය.. ඒ නිසාම වෙන්නැති ආන්ටිත් තාම job එක කරන්නේ..
මන් ඕවා හිත හිත යද්දි මට පිටි පස්සෙන් බය වෙලා වගේ කටහඩක් ඇහුනා.. ම්ම් ඔය නැගිටලා තියෙන්නේ හාමු මහත්තයා.
" හංස උබට drive කරන්න බැ. වාහනේ නවත්තපන් මන් ගන්න.."
" පිස්සුද හලෝ.. මට ලයිසන්ස් තියෙනවා. කටහගෙන තව ටිකක් නිදා ගන්නවකෝ.."
මන් දැක්කා තිදැස් අයියා මට දාගෙන රවනවා.. මන් දත් සෙට් එකම පේන්න හිනා උනා.. මගේ එක පැත්තක වලක් හැදෙනවා අනේ.. ඒක බලන්න ඉතින් හිනා වෙලාම බැ.. කට කන ලගට ගෙනියන්න ඕනේ.. එහෙම කැතයි ඒ නිසා ඒ වල පේන්නේ කලාතුරකින්..
තිදැස් අයියට රවීන් අයියා එක්ක තරහ ගිහිල්ලද කොහෙද මට වාහනේ දුන්නා කියලා.. මන් ලාවට දැක්කා ඒ යකා අර අහින්සකයගේ කකුල කොනිත්තනවා..
" මේ අපි කන්නේ නැද්ද.."
" උබට බඩගිනිද.. කීයේ ඉදන්ද වාහනේ ගත්තේ.. කන්න නවත්තපන්.. ඊට පස්සේ මන් drive කරන්නම්.."
" අනේ ඉතින්.. මන් කරන්නම් අව්ලක් නැ.. මේ ආපු වෙලේ ඉදන් තොපි නිදිනේ. අපි සින්දුවක්වත් කියන්නේ නැද්ද.."
" කටවහගෙන පාර බලාගෙන පලයන්කෝ.. උබ ඉන්නෙත් ඉස්සරහම.."
මන් කට වහගෙන ඉස්සරහා බලා ගත්තා.. ඉතින් කෑගහන්න ඕනෙද.. ඉස්සරහම කතාව මොකක්ද.. ඕනේ එකක්..
" රවීන් නැගිටපන්.. කන්නේ නැද්ද උබලා.."
රවීන් අයියා ඇස් දෙක්ත උලුක් කරන් හෙමින් හෙමින් නැගිට්ටා.. පව් එයා තමයි උදේ ඉදන් drive කරේ.. කොච්චර පරිසරේ ලස්සන උනත් නුවර එද්දි තියෙන වෙදර් එකත් එක්ක නිදිමත එනවා.. අනික පාරේ වාහන නැතුව එක දිගටම එද්දි කොහොමත් නිදිමතයි..
" ම්ම් රාහුල්ටත් කතා කරපන් මල්ලි.. කොහෙද කන්නේ අපි.."
" ඉස්සරහා තැනක් තියෙයි කියලනන් පෙන්නුවා අයියේ.. බලමු ගිහින්.."
මන් google කරලා බැලුවා හොද තැනක් තියෙද තියලා. මන් නෙවෙයි ඇත්තටම මන් idea එක ඔලුවට දැම්මා විතරයි ඒ වැඩේ කරේ තිදැස් අයියා.. අහ් කියන්න බැරි උනානේ මේ මිනිහා පට්ට උසයි හරිද.. මන් ඉස්සර හිතන් හිටියේ නැටුම් කරන කොල්ලෝ හෙන කොටයි කියලා ඒ කාලේ මාත් පොඩියි.. ඒත් මුන් තුන් දෙනා දැක්කට පස්සේ මට තේරුනා ඒක නැටුම් වල ප්‍රශ්නයක් නෙවෙයි කියලා..
මෙහෙමයි මාත් උසයි හැබැයි මේ යෝදයෝ ටික වගේ නැ.. අනිත් කලායතනේ ඉන්න සෙට් එකත් එහෙමයි හැමෝම නැ හැබැයි.. ඒක නැටුම් වල ප්‍රශ්නයක් නෙවෙයි අපෙ හාමුදුරුවනේ !!!
අපි කඩේ ලගටත් ඇවිල්ලා තිබ්බා.. ම්ම් එතන ටිකක් ලස්සනයි ඒත් ලොකු දෙයක් නැ නෝමල් කඩයක් ඒත් පිරිසිදු පාටයි.. මන් කාර් එක නවත්තලා බැස්සා.. මට කලින් අනිත් ඔක්කොම බැහැලා ඇතුලට ගියා තිදැස් අයියා ඇතුලට යන තැන හිටගෙන හිටියා.. මාත් ඉක්මනට ගිහින් ඒ යකාගේ ඇග අස්සට උනා.. මාව පේන්නෙත් නැද්ද කොහෙද දැන්නම්..
" උබ මොනාද කන්නේ.."
" රයිස්.."
මන් එහෙම්ම ඇස් උස්සලා තිදැස් අයියා දිහා බැලුවා.. මේ යෝදයා ගැස්සිලා ඉස්සරහා බලාගත්තා.. මොකක්ද ඒ උනේ.. කොහොමහරි අපි ෆුල් රයිස් දෙකයි කෝක් බොට්ල් දෙකකුයි අරන් මේසෙකින් වාඩි උනා.. ලොකු ලොකු දේවල් කන තැනක් නෙවෙයි ඒක.. අනික අපි දැන් hotel එකට ගියාම කොහොමත් කන නිසා පොඩි දේකින් ෂේප් වෙන්න හිතුවා..
___________________🥀
නැටුම් කරන ළමයි ඉන්නවද ඉතින් 😪
එයාලගෙන් හූවක් ඕනේ.. 😌❤️