සුදු අරලිය...

By frenzykitty_3

11.6K 1.2K 1.6K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දාහතරවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පහලොස්වැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...

717 80 87
By frenzykitty_3

" අනේහ්.. අනේහ්.. උඹර්ට ඉන්නෙ මං විතරනේ.."
" අනේ මට ඒම කරන්නෙපාහ්හ් ලොක්කයියේහ්හ්.."
" මාවත් අරන් පලකෝ.."



" බෑ බෑ මට පරක්කුයි.."
" බැහැපන් දැන් කරෙන්.."



" ආ ඒ කියන්නෙ උඹ මාව එක්ක යන්නෑ.."



" නෑ බං නෑ.."



" අහ් එහෙමත බොසා.. එහෙනම් බලාගමු ඈ.."



" ඇයි උ - - - "



" අම්මේහ්හ් මේ ලොක්කයියට කෙල්ලෙක් ඉන්නවා.. !! "
" ඒකිව දාම් යන්න ඕන නිසා මූ මාව ඉස්කෝලෙ ගිහින් දාන්න බැල්ලූ.. !! "



අයියා ඔලුවෙ අත ගහගත්තෙ මම අම්මට කිව්ව බොරුව නිසා..



" ලොකූ.. !! "
" මොනාද ඔය චූටි පුතා කියන්නෙ.."



" මුගෙ බොරු අම්මෙ.."
" නැගහන් ගිහින් කාර් එකට.. පොඩි පරයා.. !! "



ලොක්කයියා කිව්ව සනික අම්මටයි තාත්තටයි වැන්ද මං දුවගෙන ගිහින් වාහනේට නැගලා පැසෙන්ජර් සීට් එකෙන් වාඩිවුනා.. හහ්හ්.. හිතුවා මෙතන මාව දාලා යන්න.. හඳේ තමා ලොක්කයියෙ ඔව්වා.. !!

ටිකකින් අයියත් ඇවිත් නැගලා මට රවලා ඩ්‍රයිව් කරන්න ගත්තා..



" උඹත් මාවම කාපන්.."



" උඹව නැතුව මං එහා ගෙදර අයියව කන්නයෑ.."
" අනේ ලොක්කයියෙ.. යනගමන් බනිසක් අරන් දෙනවකො.."



" මොන බනිස්ද.."
" කට වහන් ඉඳහම් පොඩි එකෝ.."



" අනේ අයියේ අරන් දෙනවකෝ.."
" බඩගිනී.. !! "



මං ආයෙ නහයෙන් අඬන්න ගත්තම අයියා ටිකක් දුර ගිහින් වාහනේ නැවැත්තුවා විජයපාල බේක් හවුස් එක ලඟින්.. ආනේ.. අයියා බනිස් ගේන්න යන්නේ.. !! බලන්න එයා රැව්වට මට ආතරෙයිනෙ..

බනිසුත් අරන් දීලා මාව එදා වගේම ඉස්කෝලෙ පාර ලඟින් දාපු අයියා වාහනේ හරෝගෙන ගියා.. මං රවුමක් කැරකිලා ඉස්කෝලෙ පැත්තට යන්න ‍යද්දි දැක්කෙ තේව් අයියව.. අදත් අර අක්කා එක්ක.. !!

මං නොදැක්ක ගානට ඉස්කෝලෙ පැත්තට ගියෙ හොරෙන් ඒ පැත්තට ඔලුව දානගමන්.. කලින් දවසෙ වගේම අක්කා බායි කිව්වම අයියා අපේ පාරට හැරුනා.. අන්න පොර මාව දැන් දැක්කා..

මංනම් දැක්කෙ නෑ.. ආපහු නිකමටවත් ඒ පැත්ත බලන්නැතුව මං ඉස්කෝලෙට රිංගගත්තා..

පන්තියට යනකොට සෙතිනු මොනාත ලිය ලිය ඉන්නවා..



" සෙතිනු පණහ්හ්හ්.."



" ඕ ඕ.."



" වරෙංකො යන්න.."
" මට චූ බරයි.."



" අපෝ උඹටත් ආපු ගමන් බර.."
" යමං.."



සෙතිනුවත් එක්ක පන්තියෙන් එලියට පැනගත්තට පස්සෙ අපි ආවේ වෙරලු ගහ යටට..



" උඹට බරයි කිව්වා නෙහ්.."



" නෑ බං.. මං උඹව එලියට ගන්න එහෙම කිව්වෙ.."



" හරිම අගෙයි තිරිසනා.. !! "
" ක්ලාස් එකේ නෝට් එකක් ලිය ලිය හිටියෙ පගෝ.."



" හරේ හරේ.."
" ඒක නෙවෙයි.. දැන් උඹේ අයියගෙ ප්‍රශ්නෙ මොකෝ.."



මං අහද්දි සෙතිනුවා සීරියස් පිට ලොකූ හුස්මක් පාත දැම්මා.. මම වැරදි දෙයක් ඇහුවවත්ද..

නෑනෙ.. මූ කෝමත් මට ඔව්වා කියන්නෙපෑ..



" මොනා වෙන්නද බං.. ඒ ප්‍රශ්නෙ ඒ විදිහම තමා.."



" මේක හරියන්නෑ බං.."
" මං කියන්නද වැඩක්.."



කකුලෙන් තණකොල එහාට කර කර වෙරළු අහුලපු මං ඒ වැඩේ නවත්තලා ඉක්මනට සෙතිනු ලඟින්ම වාඩි උනා..



" අපි විද්වාන් අයියව උස්සලා උඹර්ට කැමතිද අහමු.."
" පොර කැමති නෑ කිව්වොත් ටිකක් බය කරමු.."
" මං මේ සීරියස් කිය - - - ඇයේ ඇයේ උඹ හිනාවෙන්නෙ.. !! හිනාවෙන්න දෙයක් නෙවේ කිව්වෙ.. මේවා සංසාර ණය ගණුදෙනු.. !! "



මං බෙරිහන් තියද්දි සෙතිනුවා මගෙ අතේ තිබ්බ වෙරලු ගෙඩියක් අරන් මගෙ ඇඳුමෙම පිහලා කටේ ඔබාගත්තා..



" උඹට විද්වාන් අයියව උස්සන්න වෙන්නෑ බං.."
" ඕන්නම් විද්වාන් අයියා උඹව උස්සයි.."



" ඒ මොකෝ ඒම කියන්නෙ.."



" ඒක කියන්න කලින් කියපන් උඹ දන්නවද කියලා අතුල ගාමිණී මානවසිංහව.."



" ඕ ඕ.. අර මැණික් වියාපාරිකයනෙ.. තව බිස්නස් හුඟකුත් තියෙන්නෙ පොරට.."



" ආන්න එයා තමා.."
" දැන් උඹ ගෙස් කරහම් සහස් විද්වාන් මානවසිංහ කියන්නෙ කවුද කියලා.."



මොන මගුලක්ත මූ අහන්නෙ..



" ඔව්වා මං දන්නවෑ බ් - - - අඩෝ අඩෝ නෑනෙ.."
" ඒ විහිලු කරන්නෙපා බං.. එහෙම වෙන්න බෑ.."



" වෙන්න බැරි නෑ හුප්ටො.. ඔය වෙලා තියෙන්නෙ.."
" අන්න ඒ වියාපාරිකයගෙ පුතා තමා විද්වාන් අයියා.."
" සහස් විද්වාන් මානවසිංහ.."



( සහස් විද්වාන් මානවසිංහ )



හරිනෙ අමාරුව.. ඔය අල්ලන්න හදන්නෙ ශෝක් අත්තක්..

එතනිම් එහා විනාඩි ගානක් යනකම් අපි වචනයක්වත් කතා කලේ නෑ.. කතා කලේ නෑ නෙවෙයි කතා කරන්න දෙයක් නෑ අපිට.. !!



" සෙතිනුවො.."



" ම්ම්ම්.."



" ලොක්කයියා බනිස් අරම් දුන්නා.. කන්න යමුද.."



" දැන් බඩකිනි නැහ් බං.."



මූ ඖලෙන්ත.. මම තමා මූඩ් අවුල් කලේ.. සික්..



" අනේහ්හ්.. !! නැගිටපම්කෝ.. මට බඩගිනී.."
" අනික අද රැස්වීමත් තියනවා බං.. කලන්තෙ දැම්මොත් උඹර් තමා.."
" යමංකො.. ස්කොඩ් ප්‍රැක්ටිස් ගිහින් කීයට එන්න වෙයිද දන්නෑ.."
" උඹ ආස නිසා අයියා සොසේජස් බනිස් බං ගෙනත් ත් - - - "



" අපෝ ඇති ඇති.. යමං කන්න.."



අන්න අන්න.. මගෙ කියවිල්ල එපා වෙලා හරි පොරගෙ මූඩ් ෆික්ස් උනානෙ..

පන්තියට ඇවිත් අනිත් උන්නෙක්ක බනිස් ගෙඩි ටිකටත් වැඩේ දීලා පිටිපස්සෙ පෝලිමක එකෙක්ගෙ බත් එකකුත් කාලා අත සෝදනකොටම බෙල් එක වැදුනා..



" හය ශේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලූම සිසුන් උදෑසන රැස්වීම සඳහා ක්‍රීඩා පිටියට රැස් වන්න.."



හැව් හැව් තමා.. රැස්වීමට එන්න කියලා හැමදාම කියන එකම මගුලනෙ කියන්නෙ.. ඔක්කොමල්ලා එක්ක පිට්ටනියට ගිහින් පෝලිම් ගැහුනෙ පිපෙට්ලගෙන් හොඳටම බැනුම් ඇහුවට පස්සෙ.. ගාථා කියලා ස්ටේජ් එක පැත්තට හැරිලා ටිකකින් රැස්වීම පටන්ගත්තා..

ඔය කියන්නෙ ඔය කියන්නෙ.. සුන්දර උදෑසන.. මගුලක් සුන්දරයි..

අම්බෝ.. !! ඒ මදිවට අව්වයි.. තේව් අයියා කිව්වත් එක්ක අව්ව සැරයි කියලා.. කොහෙද ඒ මිනිහට තේරෙන එක ප්‍රින්සිපල්ට තේරෙන්නෑනෙ..

අහ් කෝ දන්නෑ පොර.. උදේම දැක්කට පස්සෙ දැක්කෙත් නෑ..



" මොකෝ ඔය මල්ලි ඇන්ටනාවක්ද කැරකෙන්නෙ.."



හරිනෙ.. හරීම අගෙයි.. හොඳ වැඩේ මටත් අනුන්ගෙ ලබ්බවල් බලන්න ගියාට.. එකේක පිපෙට්ලගෙන් කතා අහගන්නත් උනා අරූ නිසා..

ම්හ්ම්.. ඉන්න බෑ දැන්.. ඇහෙන්නෙත් නෑ කියන මගුලවල්.. ඇයි මං පෝලිම පිටිපස්සට ගියෙහ්හ්..



" අප පාසලේ සොහොයුරන් පිරිසක් පසු ගිය දිනෙකදී ජාතික මට්ටමෙන් පැවැත්වූ පිහිනුම් තරඟයකදී..........."



යසයි.. දැන් මුන්ට සහතික පත් ප්‍රධානය කියලා තව පැය කාලක්වත් වැලලෙයි..

සෙතිනුවා මොකෝ කරන්නෙ දන්නෑ..

අනේ ලබ්බ.. !! ඌ සපත්තු දෙක දිහා බලන් ඉන්නවා.. දැන්නම් මං කලන්තෙ දාලා වැටනෙක වැටෙනවා..



" සයාෂ්.. මොකෝ මේ දඟලන්නෙ.."



වැටෙන්න ඔන්න මෙන්න ඉන්නකොට කවුත ඒහ් කන ලඟ රහසින් කතා කරන එකා.. මාරයා ඇවිත්ද මාව අරං යන්න..

අම්මට.. !! මාරයා නෙවේ.. මේ අපේ තේව් අයියනෙ..



" අනේව්ව් අයියෙහ්හ්හ්.."



" මොකෝ.."



" ඉන්න බෑනෙ අයියෙ.."
" අනේහ්හ් මට කලන්තෙ වගේ.. මාව පන්තියට ගිහින් දානවකෝ.."



" බොරු කියන්න එපා.."
" ස්කොඩ් එකට ඉන්නෙ කොහොමද ඔහොම ගිහින්.."



ස්කොඩ් එක එකක්.. රැස්වීම එකක්.. ඒවා මෙතෙන්ට ඔට්ටු නෑ..



" බොරු නෙවේ අයියෙ.. එක්ක යන්නකෝ.."



" තව ටික වෙලාවනෙ පොඩ්ඩො.. ඔහොම ඉන්න.."



" ඉහිම්.."
" මාව වැටුනොත් අයියා තමා හොඳේ.."



" මම ඉන්නවනෙ.. ඔයාට වැටෙන්න දෙන්නෑ.."



අඩේහ්හ්.. අයියා ඒක කියපු ටෝන් එක.. ම්හ්ම්.. හිරිවැටුනා වගේ මාව.. මේ මිනිහගෙ කටහඬ පට්ට ඈ.. !! මගෙ ඇස් දෙක දිහාම බලන් ඒක කියද්දි.. !! ආව්ව්ව්..

එහ් එහ් මොකෝ මොකෝ මං මේ ගෑණි වගේ ඇඹරෙන්නෙ.. මොන ලැජ්ජ නැති කමක්ද.. අයියට රවපු මං ඉස්සරහා බලාගත්තා.. අයියත් ලාවට හිනාවෙලා මට ටිකක් එහාට වෙන්න හිටගෙන හිටියා රැස්වීම ඉවර වෙනකම්ම.. සැරින් සැරේ මල්ලිලගෙ පෝලිම් වලට ගිහින් කෑගැහුවත් පොර ආපහු මං ලඟටම අවා හැබැයි..

රැස්වීම ඉවර කලාම හැමෝම පන්ති වලට යද්දි මමත් ආපහු තේව් අයියට රවලා යන්න හැදුවේ..



" එහ්.. මොකෝ රවන්නෙ.."



" වැඩන්නෑනෙ අයියෙ ඔයා හෙඩ් ප්‍රිපෙට් වෙලා.."
" මාව පන්තියට ගිහින් දාන්න තිබ්බා ඔයාට.."
" ආයෙ එන්න එපා.. මං ඔයාලෑ ගෙදර එන්නෙත් නෑ.. මට නුවර ඕනෙත් නෑ.."



" අනේ ඉතින් දැන් ඔය තරහා වෙලාද.."



" ඕ ඕ.."



" අපරාදෙ මං ඔයාට දෙන්න බඩ්ඩක් ගෙනාවත් එක්ක.."



මට.. !! මොනාත මේ මිනිහා මට ගෙනාවේ.. දැනගන්නැතුව යන්නත් බෑ වගේ.. ඕක නොදැන ගියොත් ඉංග්‍රීසි පීරියඩ් එකේදි මට නින්ද යන එක්කුත් නෑ..



" අයියා මට මොනාත ගෙනාවේ.."



" මේ රඹුටන් වගයක්.."
" තරහා නම් වැඩක් නෑනෙ.. අපරාදෙ.."



තෙයියනේ රඹුටන්.. දැන් මොකද කරන්නෙ.. රඹුටනුත් ඕන.. ලොකුකමත් ඕන..

ඔන්නොහේ ලොකුකමනම් කොයි වෙලේ දාන්න බැරිද.. රඹුටන් ටික කාලා ඉමු.. අපේ ගෙදර රඹුටන් ගහක් ඇත්තෙත් නෑ..



" හේ හේ.. රඹුටන්ද.."
" එන්න යමු අයියෙ.."



" කොහෙද.."



" රඹුටන් ටික ගන්න.. මටනෙ ගෙනාවෙ.."



අයියා හිනාව කාගෙන මං දිහා බැලුවා.. ලැජ්ජයි අප්පා.. !!

ඒත් මොන ලැජ්ජාවක් උනත් මට රඹුටන් ටික අත් අරින්නත් බෑ..



" මාත් එක්ක තරහයි කිව්වා නේ.."



" පිස්සුදායියෙ.. එහෙම තරහා වෙනවද මං ඔයා එක්ක.."
" අපි මේ තරහා හිතේ තියම් ඉන්න ජාතියක් නෙවේනේ.."
" එන්නකො යන්න.. කොහෙද අයියගෙ බෑග් එක තියෙන්නෙ.. හව්ස් එකේ නේ.."



මං අයියගෙ අතින් ඇදන් රෝයල්ස් හව්ස් එක පැත්තට යනකොට අයියත් හිනාවෙවීම මං පස්සෙන් ආවා..


















































" රන් රඹුටම් ගස් දෙකයි..
වලි කුකුලන් එක්කෙනයි..
මගේ අතේ රඹුටමයි..
බලන්න හරි සුන්දරයි.........."



අයියා මල්ලක්ම ගෙනල්ලා.. බලන්න ඒ ආදරේ.. මගේ වැඩේම ගස් ගෙඩි කන එක කියලනෙ ඔය ඉතිම්..



" උඹ කොහෙද යකෝ ගියෙ.."
" යුගාන් අයියා එක්ක ඉන්නවා දැක්කා.. ඊට පස්සෙ නෑ.."



පන්තියට යනකොටම අහස් කෑ ගැහුවාම මාව ගැස්සිලා ගියා.. මුගෙ ලැට් කටේ සද්දෙ.. !!



" ත් - - - යුගාන් අයියා එක්ක හව්ස්සෙක ගියානෙ.."
" පොර රඹුටන් වගයක් දුන්නා.."



මං ඒක කිව්ව ගමන් අපේවුන් ඔක්කොම මං දිහා බැලුවා.. හරි.. එකායි... දෙකායි... තුනායී...

මගේ අතේ ඉතුරු වුනේ ඉරුන සොපින් එක විතරයි.. අරුන් ටික රඹුටන් ටික වාස්ප කලාම මම බැලුවෙ පාඩුවෙ ඉන්න සෙතිනු දිහා.. ඌ තාම ඉඳගෙන..

දෙයියනේ.. මගේ කොල්ලා මේම නෑ ඉස්සර..



" ඒයි.. ආ.."



මුන් ගැන දන්න නිසාම පන්තියට එන්න කලින් සාක්කු දෙකට දාගත්ත රඹුටන් ගෙඩි පහෙන් හතරක්ම සෙතිනුට දීලා මං උගෙ ලඟින් වාඩි උනා..



" මොකෝ සීන් එක.."



" ම්හුක්.."



" අවුලකින්නේ.."
" උඹට අඬන්නෝනද.."



රඹුටන් ගෙඩිය දිහා බලන් ඉන්න සෙතිනුවා දිහා බලලා මං ඇහුවම ඌ නෑ කියන්න ඔලුව වැනුවා..



" ඒනම් කන්න මොනාහරි අරන් දෙන්නද.."
" පහේ වඩේ දෙක්කුත් අරන් දෙන්නම්.."



" එපා බං.."
" පුලුවන්නම් හවසට පොලිස් ග්‍රවුන්ඩ් එකට යමං.."



" හරි යමු.."
" අද හවසට මාත් එක්කම අපේ ගෙදර ගිහින් රෑ වෙලා උබලෑ ගෙදර පලයම්.."
" ඇන්ටෙට කෝල් එකක් දාලා කියමු.."



සෙතිනු හා කියලා මේසෙ උඩින් ඔලුව තියාගත්තම සද්ද නැතුවම මාත් උගෙ ඔලුව අතගාන්න ගත්තා.. පෞ මොනා උනත්..

ඔක්කොම මේ කෙහෙල්මල් සංස්කෘතිය නිසා.. නිදහසේ මිනිහෙක්ට ආදරේ කරන්නත් නෑ.. තව සෙතිනු වගේ කීයක්නම් ඇතිද දෙයියනේ.. !!






































" ඔය පොඩි මල්ලි.. චුට්ටක් මෙහෙට එන්න.."



ඇයි බං මුන් ඔක්කොම මට පොඩී පොඩී කියන්නෙ.. !! තිරිසන්නුනෙ මහා..

ස්කොඩ් ප්‍රැක්ටිස් කරපු නිසා පිට්ටනිය මැදම මහන්සි ඇර ඇර හිටපු හිටපු මං ඉක්මනට හව්ස් කැපා ලඟට ගියා..



" ඕ අයියෙ කියන්න.."



" මල්ලි හොඳ එකා වගේ ගිහින් මේ ෆයිල් එක ස්පෝට් කැපාට දීලා එන්නකො.."



" හා අයියෙ.."



ඒකත් හොඳයි.. එපා වෙලා හිටියෙ අව්වෙම ඉඳලා..

හව්ස් එකට යද්දි කැපා ඉන්නවා.. තේව් අයියත් ඉන්නවා.. අපෝ දුලාජ් අයියත් ඉන්නවා..



" අයියේ මේක දෙන්න කිව්වා.."



" ආපෝ.."
" මේ පොඩි උන්ගෙ කටවල් බලපන්කො.. ඝාන්ටාර වගේ.."



මං ෆයිල් එක දුන්නම කොහෙවත් හිටපු දුලාජ් අයියා මට කෑ ගැහුවා.. තේව් අයියත් බැලුවා.. සික් ලැජ්ජාවේ බෑ.. දෙන්නම් උඹර්ට.. !!



" හැම කොල්ලගෙම ඉතින් ඔයාගෙ වගේ කටයි අරවයි මෙව්වයි පණ නැත්තෙ නෑනෙ අයියෙ.."



මං දාර කුනුහප්පයක් කිව්වම අන්න අරූට තව තද වුනා..



" මොකක්ද බල්ලො තෝ කිව්වෙ.. !! "



" ඇයි උඹට ඇහුන්නැද්ද.. !! "



" තොට මං.. !! "



දුලාජ් නැගිටලා ඇවිත් එකපාරම මගෙ කනට පාරක් ගැහුවා.. හරි.. ඔය ඉවසුවා ඇති.. !!

අනිත් පැත්තට ඌට අත පුරෝලා කනට පාරවල් දෙකක්ම දුන්න මං කෙලින්ම අල්ලගත්තෙ උගෙ බෙල්ලෙන්..



" සයාෂ්.. !! "



" ඒ ඒ මල්ලි නවත්තහං.."



" උඹට ඕන ගහගන්නද.. ගහපන් ඉතිම්.."



තේව් අයියයි ස්පෝට් කැපායි ඉක්මනට ඉන්න තැන් වලින් නැගිටලා කෑ ගැහුවත් ඒවා කනකට ගන්නෙ නැතුව මං අරූගෙ ඇස් දෙක දිහාම බලන් තරහෙන් කියනකොට උගෙත් ඇස් ගැස්සෙනවා මං දැක්කා..



" සයාෂ්.. අයියව අතාරිනවා.."



තේව් අයියා ඇවිත් මාව අරූගෙන් එහාට කලත් මං වේගෙන් හුස්ම ගන්න ගමන් උගෙ දිහාම බලන් හිටියෙ ඕන වෙලාවක ආපහු ගහන්නම තමා..

තාම දුලාජ් ශොක් වෙලා කම්මුලත් අල්ලගෙනම හිටියා.. ඌ මට ගහපු පාරත් එක්ක බලනකොට මම ඌට ගැහුවෙ ඩබල් ත්‍රිබල් කරලා..



" තිරිසනෙක් වෙන්න එපා උඹ.."
" තෝ වගේ එකෙක්ගෙන් ගුටිකන්න නෙවේ අපෙ අම්මලා තාත්තලා මාව හැදුවෙ.."
" උඹ ආයෙ කියවන් ආවොත් මම මෙහෙම නවතින්නෑ අයියෙ.."



" සයාෂ් ඔය ඇති.. දැන් නවත්තන්න.."



තේව් අයියා මගෙ කන ලඟ මුමුනනකොට මම අයියගෙ අත් දෙකත් ගසලා දාලා හව්ස් එකෙන් එලියට ආවා.. තාමත් අනිත් අයියලා පුදුමෙන් වගේ බලන් හිටියත් මටේගැන හිතන්නෝන වුනේ නෑ..



" කෝ බලන්න.."



මගෙ පිටිපස්සෙන් හව්ස් එකෙන් එලියට ආව තේව් අයියා මගේ මූන එයාගෙ පැත්තට හරවන් අරූ ගහපු කම්මුල බලන්න ගත්තා..



" මේකට මොනාහරි ගාගමු දැන්ම..
" ටිකක් රතු වෙලත් එක්ක.."



එහෙම කියපු අයියා මාවත් එක්ක ගියෙ මෙඩිකල් රූම් එකට..



" ඔහ් යුගාන් පුතා.."
" මොකෝ මේ පැත්තෙ.."



" නෑ ඩොක්ටර්.. මේ පොඩි වලියක් ගියා.."
" මෙයාගෙ කම්මුලට මොනාහරි ගාන්න දෙයක් දෙන්නකො.."



අයියා ඩොට්ට එක්ක කිව්වම ඩොට්ට මාත් එක්ක හිනාවුනා..

ම්හ්ම්.. ටිකක් රිදෙනවා දැන්නම්.. !!



" මේ ක්‍රීම් එකෙන් ටිකක් ගාමු.."
" ඕක නිසා කම්මුලේ රතු වෙච්ච ගතිය අඩු වෙයි.. හැබැයි ඉදිමුන ගතියනම් හෙට වෙනකම් අඩු වෙන එකක් නෑ.."



ඩොට්ට කියනකොට අයියා ඉක්මනට ක්‍රීම් එක ඉල්ලන් ඒකෙන් ටිකක් මගෙ මූනෙ හරි පරිස්සමට ගාන්න ගත්තා..



" මේ පුතාව දැක්කමනම් හරී අහිංසක ලමයෙක් කියලා මට හිතුනෙ.."



" අම්මෝ.. පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කියන්නෙ ඕකනෙ ඩොක්ටර්.."
" මෙයාගෙ වැඩේ වලිම තමා.. පොඩි එකෙක් එක්ක හරි එල්ලෙන්නමයි යන්නෙ.."
" පෙනුමෙන් හුරතලේට හිටියට මහා යක් පැටියෙක්.."



අයියා මගෙ කම්මුලේ ක්‍රීම් ගගාම කියෝනකොට මට ලැජ්ජත් හිතුනා යකෝ.. හුරතල්.. !! මේ මම.. තේව් අයියා විහිලු කරනවා..

වෙන වෙලාවකනම් මාත් ඕකට හිනාවෙනවා බිම වැටිලම.. ඒත් මං දැන් ඉන්නෙ තරහෙන්නෙ..

ක්‍රීම් එක ආපහු ඩොට්ටටම දුන්නු අයියා මං ලඟට ආවා..



" හුඟක් රිදෙන්නෙ නෑනෙ.."
" ස්කොඩ් ප්‍රැක්ටිස් යනවද ආපහු.."



" යන්නෝන අයියෙ.. තෑම්ස් උදව් කලාට.."



" ම්ම්ම්.."
" ආයෙ රණ්ඩු වෙන්න එපා.. දුලාජ් අයියා මොනාහරි කිව්වොත් මට කියන්න.."



අයියා කියනකොට මං හා කියන්න ඔලුව වැනුවා.. ඒ උනාට ආයෙ මොනාහරි කිව්වොත් මං ඌට ආයෙත් ගහනවා..



" යමු එහෙනම්.."



අයියයි මායි දෙන්නම ඩොට්ටට කියලා ආපහු ග්‍රවුන්ඩ් එකට ආවා..



" සයාසයෝ.. !!! "



ග්‍රවුන්ඩ් එකට පය තිබ්බා විතරයි සෙතිනු කෑ ගහන් දුවගෙන ඇවිත් මගෙ කම්මුල බලන්න ගත්තෙ ඇස් රතු කරන්..



" අනේ බං.. කෝ බලපම්.."
" උඹට හුඟක් රිදෙනවද ඕයි.."



අනේ පව් මගෙ තිරිසන් පැටියා.. ඌ බයවෙලා..



" ඒක සේප් බං.. දැන් අවුලක් නෑ.."



" අවුලක් නැත්තෙ කොහෙද උට්ටො.. මේ රතුත් වෙලා.."



" නෑ නෑ බං.."
" දැන් සේප්.. බෙහෙත් ගෑවා.. ඒක නෙවේ.. උඹ කෝමද දන්නෙ මං ගුටිකාපු එක ගැන.."



යකෝ.. ඒ සීන් එක වෙලා විනාඩි විස්සක් ගියෙ නෑ.. මූත් දැනගෙන..



" උඹ ගුටිකාපු එක විතරක් නෙවේ.. උඹ අරූට ගහපු එකත් හුඟක් අය දන්නවා.. හව්ස් එකේ එවෙලෙ හිටපු අයියෙක් අපිටත් කිව්වෙ.."
" දුලාජ් අයියා කිව්වලු උඹට ගහනවමයි කියලා.."



" අනේ ගහයි ගංජා ඇටයක් ඕකා.."
" යමං යමං.."



මං සෙතිනුවගෙ කරටාතක් දාන් බැලුවෙ තේව් අයියා දිහා..



" අයියෙ.. අපි යනෝ ඒනම්.."



" හරි.."



එච්චරයිද.. අයියා යකා ආවේස උන ෆ්ලෑස් වගේ එයාලගෙ හව්ස් පැත්තට ගිය විදිහනම් ඇල්ලුවෙ නෑ මට.. ඔන්නොහේ මට මොකෝ..

මමයි සෙතිනුවයි ග්‍රවුන්ඩ් එකට ගියෙ ස්කොඩ් ප්‍රැක්ටිස් තාම ඉවර නැති නිසා..





























___________________________________________________


























සුපුරුදු විදිහට අදත් ඉස්කෝලෙන් ඇවිත් අපි පොලිස් ග්‍රවුන්ඩ් එකට ගියා..

සුදු අරලිය මල් සුවඳ.. මාරම නිදහසක් දැනෙන්නෙ දැන්නම් හිතට..

සෙතිනුගෙ විද්වාන් අයියත් ඉන්නවා ඈතට වෙලා ප්‍රැක්ටිස් කරන ලමයි එක්ක.. සෙතිනු අයියා දිහා බලන් ගහට හේත්තු වුනා..



" අපි පාඩම් කරන්නෑද බං.."
" විභාගෙට තව මාස එකොලහක්වත් නෑ.."



" අනේ මංදා.."
" මට දැන් ඒවට හිතකුත් නෑ සයාෂ්.."



" අනේ පගෝ.. මගුලක් කියන්නෙපා බං.."
" ඉස්සර මෙහෙම නෑ.. උඹ පන්තියෙ පස් වෙනියත් වෙලා තියෙනවා යකෝ.."
" ඇයි දැන් මේ විහින් විනාස වෙන්න යන්නෙ.."



" ම්-මට මාර අවුල් බං.."



මුගෙ ඇස් දිලිසෙනවා.. අනේහ්හ් අඬන්නෙපා බං..



" සෙතිනූ.."



" ඇයි බං මං එයාටම ආදරේ කරන්න ගත්තෙ.."



හරි.. අඬනවා.. මූ කලින් මෙහෙම අඬලම නෑ.. අඩුම පොඩි කාලෙවත් නෑ..

ඕකනෙ මං චූටි කාලෙ ඉඳන් ලොකු වෙන්න අකමැති.. එතකොට ප්‍රශ්න වැඩී.. ඒ කාලෙ මුකුත්ම නොදැන කොච්චර නිදහසේ හිටියද..



" අපි විද්වාන් අයියට කියලා බලමුද.."



" එ-එපා.. ම්හ්ම්.. බ්-බයයි බං මට.."



" හරි හරි.. අපි ගේමක් ගහමුකො.."
" දැන් අඬන්නෙපා.."



සෙතිනුවා ඔලුව වනලා ඇස් පියන් ආපහු ගහට හේත්තු වෙනකොට මං ඒ දිහාම බලන් හිටියා.. එයාගෙ ඇස් වලින් කඳුලු වැටුන එක නම් හුඟ වෙලාවක් යනකම් නතර වුනේ නෑ..

තණකොල ගොඩේ දිගාවුන මට ගන්න හැම හුස්මක් ගානෙම දැනුනෙ හීන් හුලඟට මුසු වෙච්ච අරලිය මල් වල සුවඳ..

ඉක්මනට මේ ප්‍රශ්න විසඳෙනවනම්..

















___________________________________________________


විව්ස් අඩුයිනෙ අනේ.. 😒💔

කමෙන්ට් ගොඩක් වැටුනොත් ඊලඟ එපියත් ඉක්මනට දෙනවා.. 🌝💕

Bye bye.. 💜️




💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜

✍️ - Sayuu.. 💕

2024.03.09

Continue Reading

You'll Also Like

1.7K 201 6
'අදින් පස්සේ එන හෙට දවසවත් අදින් පස්සේ එන කිසිම දවසක් ගැන මට බලාපොරොත්තුවක් නෑ හිමව්! මම බලාපොරොත්තු වෙනවා මොන දේ උනත් ඔයා දකින්නේ මගේ ඇස් දෙක විතරම...
1.9K 480 36
Namgoogie's thoughts Cover credit -: @Silvermirror23
672 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...