සුදු අරලිය...

By frenzykitty_3

11.5K 1.2K 1.6K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දාහතරවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පහලොස්වැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...

612 78 46
By frenzykitty_3

" ඒ පොඩි එකා.. !! මෙහෙ වරෙං.."



කවුද ඩෝ පොඩි.. පොඩ්ඩක් හීනි වෙලා කොට උන පලියට පොඩි එකා කියන්නෙ.. දෙන්න තියෙන්නෙ මූට..

යකෝ මට දාසයක් දැන්.. !!



" දුලාජ් අයියා මටද කතා කලේ.."



" ඔව් ඔව් උඹට තමා.."



මම දුලාජ් අයියා ලඟට ගියාම මූ මගේ කොලර් එකෙන් ටිකක් තදට අල්ලගත්තෙ නැතෑ..

යකෝ මූ.. !!



" ම්ම්ම් අයියා පැත්තකට වෙලා කියන්න තියන දෙයක් කිව්වනම් මොකද.."
" මම කියන්නෙ මගෙ ඇඳුම අතෑරලා.."



" හහ්හ්.. අනේ මේ කට වහගනින් පොඩි එකෝ.."
" උඹේ කන පලනවා දැන ගනිම්.. පොඩි එවුන් ඉන්න ඕන පොඩි එවුන් විදිහට.."



මූට දතක් කැඩෙන්නම ගහනවද..

ම්හ්ම්.. එක්කො බෑ.. උදේම ප්‍රශ්න දාගන්න හොඳ නෑ.. අනික මොකක් ගැනද කියන්නෙ කියලා දන්නෙත් නෑනෙ මම තාම..



" අයියෙ බඩුවක් වගේ වටේ යන්නැතුව කියන්න තියෙන දෙයක් කියපංකො.."



" උඹ මටද යකෝ බඩුව කිව්වෙ.."



" ඔය ඔය ඉතින්.. වැරදියට තේරුම් අරන්නෙ.."
" මං කිව්වෙ අයියට බඩුවක් වෙන්නෙපා කියලා විතරයි.."



මං හිතන්නෙ මගෙ කට කොනේ හිනාව දැකලා ඌට තව තද වුනා.. මාව පිටිපස්සට තල්ලු කරපු දුලාජ් අයියා උගෙ ගැන්සිය දිහා බලලා මට ලංවුනා..



" උඹ වගේ පොඩි එවුන්ගෙන් මං කලින් සමාව ඉල්ලලම නෑ.."
" ඒ කියලා මට යුගාන් අයියා එක්ක කේස් දාගන්නත් බෑ.. මොකද ඌ නයා වගේ මිනිහා.."
" හැබැයි මට උඹ වගේ ගැරඬි පැටව් ගැන බලාගන්න බැරිකමක් නෑ කියලා මතක තියාගනින් මල්ලි.."



අමෝ අමෝ හිච්චි ප්‍රින්සිපල්.. මූ ගැන්සියත් එක්කම යනකොට මම ලාවට හිනාවෙලා මගෙ කොලර් එක හදාගත්තා.. මූ නම් ප්‍රශ්නයක් වගේ.. බලමුකො ඉස්සරාට..

ශිහ්හ්.. තිරිකනා.. !! මගෙ දවසම කෑවා.. !!

පන්ති‍යට ගියපු ගමන් මම පුටුවට පතබෑවුනේ හිතේ තියන තරහා මගෙ පස්ස පැත්තෙන් පිට කරන්න හිතම්.. ඌහ්හ්හ් රිදුනා යකෝ.. !!



" මොකෝ මේ තද වෙලා උඹට.."



මාව දැකලා සෙතිනුවා ලඟට ඇවිල්ලා ඇහුවා.. පොරට මගෙ වෙනස තේරිලා වගේ..



" තද වෙන්නැද්ද බං.. මලෝට්ටක්නෙ උනේ මට.."



මං මුල ඉඳන්ම මූට සීන් එක කිව්වා.. දැන් මට කලින්ටත් වඩා තරහයි.. අපරාදෙ අරූ කියවද්දි කට පියම් හිටියෙ.. අරකත් කියන්න තිබ්බෙ , මේකත් කියන්න තිබ්බෙ කියලා හිතෙන්නෙ දැන්නෙ..



" යකෝ.. යුගාන් අයියා ඊයෙ සමාවගන්න කිව්ව එකටද දැන් ඌ කියවන්නෙ.."



" ම්ම්ම් ඔව්.. ඒකට තමා.."
" ඇත්තමයි බං.. ඒ තිරිකනාගෙත් මහා අලි ලයින් තියෙන්නෙ.. බැජ් එකක් ගහගත්තම හිතන් ඉන්නෙ උන්ට වඩා එවුන් නෑ කියලා.. "
" ශික්.. ඕන පුපක් කියලා කෙලින්න තිබ්බෙ පරයට.."
" සීනියර් පිපෙට් නෙවේ බං ඌ හෙඩ් පිපෙට් උනත් වැඩක් නෑ මට.. ආපහු කියෝගෙන ආවොත් කෙලිනෙක කෙලිනවා මං.."



" ඔයා ඔය මටද ගහන්න හදන්නෙ.. "



ඒ පාර මොකාද.. කවුරු උනත් කමක් නෑ මූටත් කෙලිනවා මං දැන්.. මුන් ඔක් - - -

ම්-මොකාක්.. !! ත්-තේව් අයියා.. මෙයා මොකෝ මෙහෙ..



" මොකෝ සද්දෙ වැහුනෙ.. "
" මටද දැන් මෙච්චර වෙලා ගහන්න හැදුවෙ.. "



අඩෝහ්හ් ඔක්කොම ඇහිලද මෙයාට.. මටම පාත් වෙයන් ඔක්කොම හෙන.. !! අද මහා කරුම දවසක්.. !!



" න්-නෑ නෑ අයියට නෙවේ.."
" අයියට ගහනවෑ ඒම.."



" එහෙනම්.."
" මට නෙවේනම් කාටද ගහන්න හැදුවෙ.."



අම්මෝහ්හ්හ්.. අයියා ඇවිත් මගෙ එහාපැත්තෙන් වාඩි වුනා.. මුලු පන්තියම සද්ද නෑ.. සෙතිනුවත් බය වෙලා.. ඇත්ත කියනවද අයියට..

ඔන්න ඔහේ කියමු.. හිතට දැනෙන දේවල් කියන එක මානව අයිතිවාසිකමක්.. පස්සෙ ගුටිකන්න උනොත් ඒක වෙනම කතාවක්..



" නෑ අයියෙ මේ.. "
" මං කිව්වෙ අයියගෙ යාලු පිපෙට් අයියා ගැන.. අර ඊයෙ මාව අයියා ලඟට ගෙනාවෙ.."
" ඌ මට පාට්ටෙකක් දැම්මනෙ.."



" කවුද දුලාජයද.."



" ඕ ඕ අයියෙ.."



පිපෙට් කෙනෙක්ට ඡෝදනා කල වරද සඳහා කන පුරවලා අහගන්න ලෑස්ති උනත් මට ඇහුනෙ අයියගෙ හිනා සද්දෙ.. අනේ ඒ හිනාව.. ඒක.. ඒක හරියට නිකන්..

ම්ම්ම්.. කොටුවක් වගේ.. තේව් අයියගෙ හිනාව කොටුවක් වගේ.. හරි හුරතල් පාටයිනෙ.. අර සැර පාට හොයන්නත් නෑ.. අදනෙ මම හරියටම දැක්කෙ මේ මිනිහා හිනාවෙනවා..



" ඔව්වා ගනම් ගන්න එපා මල්ලි.. ඔහොම තමා.."
" බැජ් පලන්දන්න කලින් , පලන්දලා මාස දෙකක්වත් යනකම් ප්‍රිෆෙක්ට්ලා පොඩි උන්ට සද්ද දානවා.. ඊටපස්සෙ ආපහු පරණ පුරුදු විදිහම තමා.."
" ටික කාලෙකින් ඌට ඔයාව අමතක වෙයි.."



යකෝ මූ හෙඩ් පිපෙක්ට්ද.. මොන පුදුමයක්ද මේ.. මම ඇහුවමයි මේම කියනවා පිපෙට් කෙනෙක්..

මාත් ඉතින් ගොන් හිනාවක් දාලා අහස්ට අතින් සන් කලේ එලියට ගත්ත බත් එක බෑග් එකට දාපන් කියලා.. හෙඩ් පිපෙට් ඉද්දි හොඳ නෑනෙ මොනා උනත්..



" කමක් නෑ මල්ලිලා කාලා ඉන්න.."
" ගාථා පටන් ගන්න තව වෙලා තියෙනවනෙ.."



අයියා එහෙම කිව්වෙ ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා එයාගෙ අතේ තියන ඔල්ලෝසුව දිහා බලන ගමන්..

අඩේ මූ මාර හොඳ ඩයල් එකක්නෙ.. චුට්ටක් ආතරෙත් හිතෙනවා දැන්නම්..



" කෝ අනිත් අය.. තාම පහන තියලා නෑනෙ.. ඔය මල් ටික ඉක්මනට වට්ටියට දාලා පහන තියන්න.."
" එතකොට කවුද අද පන්තිය අතුගාන්න ඉන්නෙ.."



අයියා අහනකොට දෙතුන් දෙනෙක් අත ඉස්සුවා.. ආපහු අර සැර පාට මූනට අරන් අරුන්ට අතුගාන්න කියලා අයියා පන්තියෙන් එලියට ගියා..



" මේ උඹ යුගාන් අයියව දන්නවද බං.."



" මම දන්න අයියෙක් නෑ බං.."
" අනේ ඔය බත් එක ලිහපම්.. මට බඩකිනී.."



අහස් බත් එක ලිව්වම මම කන්න ගත්තෙ සැරින් සැරේට පන්තියෙ දොර දිහා බලන ගමන්..

මම මොකක්ද මේ බලාපොරොත්තු වෙන්නෙ.. ඒ අයියවද මගෙ ඇස් සැරින් සැරේට හොයන්නෙ.. ඒත් ඇයි.. !!

හේතුවක් නොදැන උනත් මං හෙව්වෙ අයියගෙ රූපෙ.. මට ඒක හොඳටම තේරුනේ ආපහු තේව් අයියා පන්තියට ආවම මගෙ හිතට අමුතු සතුටක් දැනුන නිසා..



" අයියේ.. ඔයත් එනවද කන්න.. "



" දැන් බෑ.. මල්ලිලා කන්නකො.."



මම කතා කලාම අයියා මගෙ කොන්ඩෙ පොඩ්ඩක් අවුස්සලා එහෙම කිව්වා.. අනිත් උන්ට හෙන පුදුමෙ.. පුදුම වෙන්න එපෑ.. මේ මුලු ඉස්කෝලයක් බය කරන් ඉන්න හෙඩ් පිපෙට් අයියනෙ.. කොහොමත ඉතින්.. ගැම්මක් තමා මාත්.. !!



" අයියා මොකෝ අද මේ පැත්තෙ ඇවිත්.. වෙනදට එන්නෑනෙ.."



" විශේෂයක් නෑ සයාෂ්.."
" කොහොමත් මම ක්ලාසස් චෙක් කරන්න යනවනෙ.. අද මෙහෙට ආවා.."



" හ්ම්ම්.."
" මෙහ් නිකම් ඉන්නෙකේ බත් කටක් කනවකො අයියෙ.."



" දැන් අතේ ඉඳුල් ගාගන්න බෑ පොඩ්ඩො.. ඒකයි.."



" එහෙනම් කාටහරි කවන්න කියන්න.."



මං විහිලුවට වගේ කිව්වම අයියා ලාවට හිනාවුනා..



" සයාෂ්ට බැරිද කවන්න.."



" ම්-මං.. මේ ම්-මංද.."
" අහ් හ්-හා.. ක්-කවන්නම් අයියෙ.."



හේ හේ.. ඒ මොකද්ද ඒ උනේ.. අයියා මගෙ ලඟ පුටුවකින් වාඩිවුනාම ඉතින් මාත් කවන්නම් කිව්ව එකේ කටක් කැවුවා..

දෙයියනේ.. !! මේ ලමයිනුත් මං දිහා බලනවා.. අයියට ගානක් නෑ.. මටත් මොකෝ ඉතිම්..

කෝමහරි මං අයියට කවලා මාත් කාලා අත හෝදන්න නැගිට්ටා.. අයියත් මගෙ පිටිපස්සෙන්ම ආවා අත හෝදන තැනට.. අරුන් නම් තාම කනවා..



" සයාෂ්. "



" ඕ අයියෙ.."



" තෑන්ක්ස්.."
" ඔයා කවපු විදිහට මට දැනුනෙ ගොඩ කාලෙකින් අම්ම අතින් බත් කටක් කෑවා වගේ ෆීලින් එකක්.."



ඇයි අයියගෙ අම්මා කෝ.. අහනවද නැද්ද.. ඇහුවොත් දුක හිතෙයිද දන්නෑ එයාට..

එක්කො ඔන්නොහේ අහනවා.. මම දැනගත්තට මොකෝ..



" ම්-මේ අයියගෙ අම්මලා කෝ.. "



" අම්මලා ඉන්නෙ නුවර.."



" ඕහ්හ්.. අයියා නුවරද.."
" මෙහෙ බෝඩ් වෙලාද ඉන්නෙ එතකොට.."



" හ්ම්ම්.."



අයියා ඔව් කියන්න ඔලුව වැනුවා..

තෙයියනේ තෙයියනේ.. !! නුවර.. !! මගේ සිහින නගරේහ්හ්.. !!



" නුවරට මං මාරම ආසයි අයියේ.. එහෙනෙ දළදා මාලිගාව තියෙන්නෙත්.."



" ම්ම්ම්.. නුවර ගිහිල්ලා තියනවද.. "



" ඕ ඕ.. මං අම්මලා එක්ක ගිහිල්ලා තියෙනවා හතරපාරක්ම.. "



" එහෙමද.. "
" එහෙනම් ආයෙ එහෙ ගියොත් අපේ ගෙදරත් ඇවිත් යන්නකො.."



අයියා හිනාවෙලා කියලා ආපහු අපේ පන්ති පැත්තට යනකොට මම ඒ පස්සෙන් දුවගෙන ගියා..



" අයියා විහිලුවට නේ කිව්වේ.."



" නෑ.. ඇත්තටම දවසක එහෙ එන්න.."



" එහෙනම් අයියම මාව දවසක නුවර එක්ක යන්න.."



" හ්ම්ම්.. එක්ක යන්නම්කො.."



අයියා කියන්නෙ ඇත්තටමද.. අනේ මට නුවර යන්නෝනමයි දැන්නම්.. !!



" එහෙනම් අයියා මාව එක්ක යනවද ඇත්තටම.."



" ඔව් ඔව්.. දවසක එක්ක යන්නම්.."



අනේ මට සතුටුයී.. යේ යේ.. මං නුවර යනවෝ.. අම්මවයි තාත්තවයි කැමති කරගන්නෝන කෝමහරි..



" සයාෂ් පන්තියට යන්නකෝ.. මම අර ක්ලාස් එක බලලා එන්නම්.."



මම ඔලුව වැනුවම අයියා ගියෙ දහය වසරෙ උන්ගෙ ක්ලාස් එක්කට..



" මොකෝ මේ සද්දෙ ආ.. "
" කෝ මේ ක්ලාස් එක බාර ප්‍රිෆෙක්ට්.. "



වෙලාවකට හිතාගන්න බෑ අපි එක්ක කතා කරන එකයි මූයි එකෙක්ද කියලා.. අයියා අපිට නැති උනාට අනිත් උන්ට හරි නපුරුයි.. !!

මම පන්තියට යනකොට සෙතිනුලා වටවෙලා ඉඳගෙන් හිටියා.. මුන් අත් හෝදලා.. පුරුදු විදිහටම ජනේලෙන් එහා පැත්තට හෝදන්නැති.. මම ඉතින් තේව් අයියා ඉන්න නිසා ඒම කලේ නෑ.. කොච්චර හොඳ වුනත් ඒ ඉන්නෙ හෙඩ් පිපෙට්නෙ..

ටිකකින් ගාථා පටන් ගත්තම අයියා ආපහු ආවා.. හැමෝම දඟලන්නැතුව හොඳ ලමයි වගේ ගාථා කියන්න ගත්තෙ තේව් අයියගෙන් බැනුම් අහන්න බැරිකමට..












































අනේ පරක්කුයි.. !! ඇයි මේ.. මට හුම්ම ගල්ල බෑ.. !! අනේහ්හ්.. ගහපන්කෝ.. කෝ කෝ.. දහයයි තිස් දෙකයි..

තිස් තුනයි.. හරේ හරේ..



" ගැහුවා යකෝ ගැහුවා.. බෙල් එක ගැහුවා.. මගෙ බත් එක ලිහන්ඩෝ.."



හම්මෝ.. හරි බඩගිනී.. කරුමෙක තරම කියන්නෙ දහයයි විසිපහේ ඉඳලා දහයි තිහ වෙන්න පැය බාගයක් විතර ගියා.. ඒ මදිවට බෙල් එක ගැහුවෙත් විනාඩි තුනක් පරක්කු වෙලා..

අන්තිමට මිස් ගිය ගමන් සෙතිනුගෙ බෑග් එකේ තිබ්බ මගේ කෑම එක අරගෙන අපි කන්න ගත්තෙ සාගින්නෙ හිටපු සත්තු වගේ..



" සයාෂ්.. උඹට යුගාන් අයියා එයාලගෙ හව්ස් එක ලඟට එන්න කිව්වා.."



එහා පන්තියෙ කවීශයා කියලා ගියාම තව අලි බත් කටක් ගිල්ල මම පුටුවෙන් නැගිට්ටා.. මොකටද දන්නෑ එන්න කිව්වෙ..



" මම ගිහින් එන්නම්.. තොපි අනිත් බත් එක කනවා එහෙම නෙවේ මං එනකම්.."



එහෙම කියපු මම අත් සෝදගෙන ඉක්මන්ට ග්‍රවුන්ඩ් එක පැත්තට දිව්වා.. යනකොට අයියා බොටම් ටීශර්ට් වලට මාරු වෙලා එයාලගෙ හව්ස් එක්කට වෙලා තව අයියලා ටිකක් එක්ක ඉඳගෙන ඉන්නවා..



" අයියේ.. මට එන්න කිව්වදෝ.."



" අහ් ඔව් සයාෂ්.. මාත් එක්ක එන්නකො.."



යාලුවො හිටපු තැනින් නැගිටලා ආපු අයියා ටිකක් එහාට වෙන්න තිබුන එයාගෙ බෑග් එක ලඟට ගිහින් ඒකෙන් තව පොඩි බෑග් එකක් එලියට ගත්තා..



" මේක ගන්න.."



" මොනාත අයියෙහ් මේ.."



" ඕකේ බත් දෙකක් තියෙනවා.. අපේ කැන්ටිමේ කෑම.."
" ගිහින් යාලුවො එක්ක කන්න.."



" ඒත් අයියෙ - - - "



මොකෝ හදිස්සියෙම මේ.. බැරිවෙලාවත්..



" අයියෙ මෙහ්.."
" මේවා අපි එක්ක උදේ කන්න ආපු නිසාද.."



මං ටිකක් තරහෙන් වගේ අහනකොට තේව් අයියා හිනාවෙන්න ගත්තා.. මූට මාව විහිලුවක්ත..

දැන්නම් මට යකා නගිනවා ඔන්න ඈ.. !!



" කන්න ආපු නිසා නෙවේ පොඩ්ඩො.."
" මොකෝ මේ තරහා ගිහින්.."



" බොරු කියන්ඩෙපා අයියේ.. ඔයා උදේ කන්න ආපු නිසානෙ මේවා දෙන්නෙ.."



" එහෙම නෙවේ අනේ.. මම කැන්ටින් එකට ගිය වෙලේ ඔයාව මතක් වෙලා ගත්තෙ.."
" ගිහින් ඕක කන්න යාලුවො එක්ක.."



" ඒත් අයියේහ්හ්.."



" හරි හරි.. දැන් කෑ ගැහුවට කන්න බැරිකමක් නෑනෙ.. "
" ඔය බඩවල් ගැන මං දන්නවා.."



මගෙ බඩට තට්ටුවක් දාපු අයියා හුරතල් විදිහට හිනාවෙලා එහෙම කිව්වම මටත් චුට්ටක් හිනා ගියා..



" හ්ම් කෝ.. ඉන්ටවල් ඉවර වෙන්න කලින් පන්තියට යන්න.."
" ආ අනික ඕකෙ තව පේර අච්චාරුවකුත් ඇති.."



දෙයියනේ.. !!

අයියට තොත්තුවක් දෙන්න හිතුනත් ඒම නොකර මං හිනාවෙලා එයාට තෑන්ක්ස් කරලා එතනින් ආවේ අරුන් පන්තියෙ බලන් ඉන්න නිසා..



" මොකෝ වුනේ.."



" මේක දෙන්න එන්න කියලා තියෙන්නෙ.."
" කමු කමු.. බඩගිනී.."



" යකෝ යුගාන් අයියද දුන්නෙ.."
" මූ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්.."



අම්මෝ අපේ උනුත් තේව් අයියට පින් දිදී කන්න ගත්තා.. මුන්නම් කෑම කිව්වොත් තිරිසන්නු වගේ අප්පා.. මං විතරයි මෙතන වැදගත් විදිහට ඉන්නෙ..

































___________________________________________________





























ඔන්න නිදි.. මෙන්න නිදි.. මම දැන් වල් ඌරෙක්.. !!



" ස්කොඩ් එකට නම් දුන්නු අයියලට ග්‍රවුන්ඩ් එකට එන්න කිව්වා.."



ශිහ්.. නින්ද යාගෙනම එනකොට පොඩි පගෙග් ලැබ් එක ඇතුලට රිංගලා උගෙ ටකරං හඬින් කෑ ගැහුවා.. ඕ ඕ සයන්ස් ලැබ්බෙකේ ඉන්නෙ.. දැන් සයන්ස්නෙ අපිට..

පන්තියෙන් බාගයක් විතර උන් ටික ස්කොඩ් එකට යන්න නැගිට්ටම සර් කන්නාඩි දෙකට උඩින් අපි දිහා බැලුවෙ කන්න වගේ..



" උඹලා ඔක්කොම ස්කොඩ් එකට ඉන්නවද.."
" මගේ පීරියඩ් එකේ ඕවට යන්නයි එන්නයි ලෑස්ති වෙන්න එපා ඊලඟ දවසෙ ඉඳන්.. යනවනම් ඒ තැන් වලටම වෙලා හිටපල්ලා.."
" දැන් පලයව්.. මං ඉන්න උන්ට උගන්නනවා.. හැබැයි පුතෝ ගියාට කමක් නෑ.. අනිවාර්යයෙන්ම තමුසෙලගෙ පොත් සම්පූර්ණ වෙන්න ඕන.."



සර් බනිද්දිම ඉතිම් අපි බීරො වගේ ලැබ්බෙකෙන් එලියට ආවා..



" මේ හව්ස් එකට යන්න කලිම් කැන්ටිමට යමන්කො.."



" ඉක්මනට ගිහින් එමු.."



සෙතිනුවයි මායි දෙක වසරෙ පන්ති ඉස්සරෑන් තියෙන ශෝට් කට්ටෙකෙන් දාලා කැන්ටිමට පැන්නා..



" ඇන්ටේ.. පහේ වඩේ සීයක දෙන්නකො.."



ඇන්ටි දුන්නු වඩේ පාර්සලේ සාක්කුවට දාගෙන කැන්ටිම ලඟ තිබ්බ ඇඹරැල්ලා ගහෙන් කොලේකුත් කකා මායි සෙතිනුවයි පිට්ටනිය පැත්තට ගියා..

ක්‍රීඩා නිවාස හතර පෝලිමට පිට්ටනිය අයිනෙ තියෙනවා.. ස්පෝට් මීට් කාලෙට ඒවා දකිද්දි මාර ගැම්මක් හිතට දැනෙන්නෙ..

මේන් ගේට් එක ලඟ ඉඳන් පලවෙනියටම තියන්නෙ රෝයල්ස් හව්ස් එක.. ඒ නිවාසෙ අයිති නිල් පාට බැජ් තියන වුන්ට.. ඊලඟට තියෙන්නෙ ඊගල්ස් හව්ස් එක.. ඒක රතු පාට බැජ් තියන අයගෙ.. ඊටපස්සෙ කහ පාට වුන්ගෙ හීරෝස් එකයි අන්තිමට කොල පාට වුන්ගෙ ලයන්ස් එකයි තියනවා..

එතකොට සෙතිනුවා ඉන්නෙ රෝයල්ස් එකේ.. තේව් අයියා ඉන්නෙත් ඒකෙ.. මම ඉන්නෙ ඊගල්ස් එකේ.. අහස් ඉන්නෙ හීරෝස් එකේ.. අපේ යාලුවො ඉතින් නිවාස හතරෙම ඉන්නවා.. වෙනසක් නෑ.. තරඟ කරන්නෙ යාලුවෙක්නම් , ඌ තරඟ කරන්නෙ අපේ හව්ස් එකත් එක්ක නෙවේනම් අපි චියර් කරනවා..



" අරුන්ට වඩේ ටික දීලා එමු.."



සේරමල්ලා හව්ස් පිලිවෙලට බෙදිලා අව්වෙ පෝලිම් හැදිලා හිටියෙ.. මායි සෙතිනුවයි හව්ස් වල පෝලිම් ගානෙ ගිහින් අපේවුන්ට වඩේ ටිකත් දීලා අන්තිමට අපේ ස්කොඩ් පෝලිම් දෙකට ගියා..

සෙතිනුවා උන්ගෙ එකේ අන්තිම පේලියෙන් හිටගත්තම මම හිටගත්තෙ අපේ එකේ පලවෙනි පේලියෙන්.. හේ හේ දැන් අපි දෙන්නා එක ලඟ.. !!

විනාඩි පහක් විතර යනකොට කලින් දවසෙ අපේ නම් ගත්ත අයියා ඇවිත් ඔක්කොම හව්ස් වල ස්කොඩ් පෝලිම් වලට කතා කරන්න ගත්තා.. ඌ ස්පෝට් කැප්ටන්නෙ..

අන්න අන්න තේව් අයියත් ආවා අංක ගහගත්ත තව පිපෙට්ලා දෙන්නෙක් එක්ක.. හව්ස් කැප්ටන්ලා හතරදෙනත් ආවා..



" කෝ ඔක්කොම ඇවිත්ද ඉන්නෙ.. හොඳයි.. හැමෝම කතාව නවත්තලා අපිට අවදානෙ දෙන්න.."
" මම තමා මේ අවුරුද්දෙ ඔයාලගෙ ස්පෝර්ට්ස් කැප්ටන්.. මගේ නම කවීන්.. එතකොට 13 B-3 තමයි මගෙ ක්ලාස් එක.."
" මෙතන ඉන්න මල්ලිලා ඔක්කොම ස්කොඩ් එකට ඉන්න අයනෙ.. අපි මුලින් කතා කරගත්තෙ දොලහ වසරෙන් ස්කොඩ් එකට ගන්න.. ඒත් සමහර උන් අකමැති නිසා ඕලෙවල් පන්ති වලිනුත් ළමයින්ව ගත්තා.. මෙතන ඉන්නවනෙ ඒ අය.."



" ඕ අයියෙ.."



කීපදෙනෙක් අයියට සද්දෙන් උත්තර දුන්නා..



" හොඳයි.. එදා පලවෙනි හව්ස් මීට් එක දවසෙ හව්ස් කැප්ටන්ලව පත් කරගත්තනෙ ඔයාලා.. සමහර අය දන්නවා ඇති.. සමහර අය දන්නෙ නැතුව ඇති.. ඒ නිසා මම ආපහු ඔයාලට කැප්ටන්ලව අඳුන්වලා දෙන්නම්.. "
" මේ ඉන්නෙ රෝයල්ස් හව්ස් එකේ කැප්ටන් මහී.. එතකොට මෙයා ඊගල්ස් එකේ කැප්ටන් රාදව්.. මෙයා මන්සිලු හීරෝස් එකේ කැප්ටන්.. ඒ වගේම මේ සිතිජ ලයන්ස් එකේ කැප්ටන්.."
" මෙතන ඉඳන් කැප්ටන්ලා හතරදෙනා එක්ක හැමෝම සහයෝගයෙන් වැඩ ටික කරගෙන යන්න ඕන එහෙනම්.."



අයියා කිව්වම හැම කෙනාම වගේ ඔලුව වනනවා මං දැක්කා..



" එහෙනම් උඹලා මුන්ව හව්ස් එක ලඟට අරගෙන කතා කරගනිල්ලා.."
" ළමයි.. !! ඔයාලා කැප්ටන්ලා හතරදෙනා එක්ක හව්සස් වලට යන්න.."



කවීන් අයියා කැප්ටන්ලා එක්ක අපිට යන්න කියලා වයිස් ස්පෝර්ට්ස් කැප්ටන් එක්ක කතා කර කර එතනින් ගියා.. ලමයි කැප්ටන්ලා පස්සෙන් යනකොට මම නැවතුනේ ලඟට එන තේව් අයියව දැකලා..



" ඔයත් ස්කොඩ් එකට ඉන්නවද.."



" ඕ අයියෙ.."



" ම්ම්ම්.. පුලුවන්නම් ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳලා , කැප් එකක් දාගෙන ඉන්න හැමවෙලේම.. මේ අව්ව සැරයිනෙ.."
" සන්ස් ක්‍රීම් එකක් යූස් කරනවනම් ගොඩක් හොඳයි.."



එහෙම කියපු අයියා එයාගෙ ඔලුවෙ තිබ්බ කැප් එක මගෙ ඔලුවට දාලා රෝයල්ස් එක පැත්තට ගියා.. එයා ඇයි එහෙම කිව්වෙ.. තේව් අයියා ආස නෑද මම කලු වෙනවට.. !!

අනේ මංදා.. ඕන මගුලක්.. මං හව්ස් එක පැත්‍තට දිව්වෙ පරක්කු උනොත් පිට්ටනිය මැද්දෙ අයියලගෙන් බැනුම් අහන්න වෙන නිසා..























___________________________________________________






හිහ් හිහ්.. මං සතුටින් යාලුවනේ.. 😌💕

කොටස් හතරට 1600+ views තියනවා..

ඔයාලා ඔක්කොටම තෑන්ක්ස් 🥺💕


කතාව ගැන කියන්න මොනාහරි.. 🌝


💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️




✍️ - Sayuu.. 💕

2024.03.07

Continue Reading

You'll Also Like

43.4K 1.6K 30
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
1.9K 480 36
Namgoogie's thoughts Cover credit -: @Silvermirror23
73.3K 1K 7
နိုရာနဲ့ပထွေးဖြစ်သူတို့ဘယ်လိုမျိုးဇာက်လမ်းဖြစ်ကြမလဲ 21+ရိုင်းပါတယ်နော် ကလေးများမဖတ်ပါနဲ့
672 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...