ජයවීර මහත්මයා හරිත සමග රෝහලට පිටවෙද්දි ඔහුට උදව්වට ආන්‍යාත් අදේශුත් පිටව ගිය අතර අනික් අය හැමෝම සාලෙට වෙලා ගල් ගැහිලා වගේ බලන් හිටියෙ සිදු උන දේ කාටවත් හිතාගන්න බැරි නිසා...
"ඒ මොකක්ද උනේ නැන්දේ,කව්ද ඒ කොල්ලා"
"ඒ දරුවගෙ නම හරිත..හරි හොද දරුවෙක්..අපි එක්ක හරි එකතුයි"
දේශි වත්සලාගෙන් ඒම ඇහුවත් එක්ක වත්සලා උත්තර දුන්නෙ ඇස්වල කදුලු පුරවන්...
ඒත් එක්කම ආය වතාවක් ආන්‍යාලගෙ ගේට්ටුව ඉස්සරහ බයික් එකක් හෝන් කරනව ඇහුණ නිසා තාන්‍යා දුවලා ගියේ ආව කෙනා කව්ද බලන්න...
තාන්‍යා ගිහින් ගේට්ටුව ඇරියත් එක්කම තාන්‍යා දැක්කෙ එයා කවදාවත් එයාලගෙ ගෙදරදි දකින්න බලාපොරොත්තු නොවුන කෙනෙක්...ඔව් වෙන කවුරුත් නෙවෙයි ඒ අබිරු....අබිරුව දැක්ක පාරට තාන්‍යාට ගේට්ටුව වහන්නත් අමතක වෙලා අබිරුගෙ බයික් එක පස්සෙන් ගියෙ අබිරු අහේතුකව ගෙදරට එන්න විදියක් නැති නිසා....
බයික් එකෙන් බැස්ස අබිරු හැරිලා බැලුවෙ එයාගෙ පිටිපස්සට වෙලා ඉන්න තාන්‍යාව ඒ එක්කම ගෙට්ටුව දිහා බැලුව අබිරු ආන්‍යාට කතා කරලා කිව්වේ ගේට්ටුව වහන් ගේ ඇතුළට එන්න කියල....
ඒ එක්කම තාන්‍යා ගේට්ටුව වහලා අබිරුගෙ පස්සෙන් ගිහිම් අබිරු ගේ ඇතුළට යන්න කලිම් අල්ලගත්තෙ අබිරු ගේ ඇතුළට යන්නැතුව දොර ලගට වෙලා ගේ ඇතුළ දිහා වගේම අබිරු දිහා බලන් ඉන්න දේශි වත්සලා මල්ශි වගේම ආන්‍යාලගෙ නන්ගි උන සනුල්‍යාත් දිහාත් බැලුවේ මුහුණේ කිසිම හැගීමක් නොමැතිව....
ඒ එක්කම අබිරු දැක්කෙ සාලේ පුරා තියෙන ලේ පැල්ලම් ඒ වගේම සෝෆාවෙත් කලබල උන අබිරු ඇසිල්ලකින් ගෙට ගොඩ උනේ ගෙදර කාටවත් කරදරයක්ද බලන්න වගේ....
"මොකද උනේ නන්ගි"
අබිරුගෙ පලවෙනි ප්‍රශ්නය තාන්‍යාට...තාන්‍යා උන දේවල් කියන්න හදනවත් එක්කම වත්සලා ඉස්සර උනේ මොන දේ හැන්ගුවත් දරු සෙනෙහස හන්ගන්න බැරි නිසා...
"ලොකු පුතේ"
කදුලු සලමින් අබිරුව වැලදගත් වත්සලා අබිරුව තදින් බදාගත්තෙ අවුරුදු ගණනාවකට පස්සෙ තමන්ගේ පලවෙනි දරුවා ගෙදර ආව නිසයි....
"අහන්න..පොඩ්ඩක් අයින් වෙන්න..මට කියන්න මොකද උනේ"
මවට ඇති ආදරයත් වෛරයත් හන්ගන්න හදන අබිරු විශාල ප්‍රයත්නයක යෙදෙමින් එහෙම ඇහුවේ ලේ ගොඩක් හිතුවට වඩා තියෙන නිසා...
ඒ එක්කම අබිරු ළගට ආව දේශි වත්සලාව පුටුවක් උඩින් වාඩිකරවලා ඔලුව අතගාන ගමන් අබිරුට හරිත ආව විදිය ගැනත් එයාව ආපහු එක්කගෙන ගිය විදියත් ගැන මුල ඉදලම කියාගෙන ගියා....
තමන්ගේ සහෝදරයෙක්ට කරදරයක් බව දැනගෙනත් ඔහේ නිකම් ගෙදරට වෙලා පෙම්බස් දොඩන්න හරි අම්මව සනසන්න හරි දේශිට උත්තර දෙන්න හරි තරම් අවශ්‍යතාවක් අබිරුට එවෙලෙ ඇති නොවුන නිසා අබිරු ගෙදරින් එලියට බැස්සේ හරිතව බලන්න යන්න කියල හිතන්......
ඒත් එක්කම බාගෙට වහලා තිව්න ගේට්ටුවත් ඇරගෙන කලු පාට FORD Fiesta වර්ගයේ කාර් රථයක් ඇතුළු උනේ අබිරුත් අන් අයත් එදෙස බලා සිටිද්දි....
ඒත් එක්කම එම රථයෙන් එලියට බැස්ස කලු උස උපැස් යුවළක් පැලද සිටි චිත්‍රපටයක දුශ්ටයා බදු මිනිසා වෛරීය දෑසින් අබිරු දෙස බැලුවේ අබිරුද ඒ හා සමාන ආකාරයෙන් එම මිනිසා දෙස බලා සිටිද්දි.....
"රොව්ඩන්"
"ලොකු පුතා..මන් කියල තියෙනව නේ..කට්ටිය ඉන්නකොට මට තාත්තා කියන්න කියල"
"මොකටද පරයෝ උබ ආවෙ මෙහාට"
"තරහ ගිහින්ද ඉන්නෙ මගේ පුතාට..මල්ලිට මම චූටි දඩුවමක් දරුවෝ දුන්නෙ"
"අවලන් බල්ලා..මන් උබව මරනව දැනගනිම්"
තරහින් පුපුර පුපුර අබිරු රොව්ඩන් දෙසට යාමට සැරසෙද්දි වත්සලා පැමිණ ඔහුගේ දෑතින් අල්වාගත්තෙ රොව්ඩන් විසින් ඔහුට යම් කරදරයක් කරාවි යැයි සිතුණු නිසා.....
"අතාරින්න මාව"
"බෑ බෑ පුතා යන්නෙපා.."
"අතාරින්න මාව..මන් ආය කියන්නෑ"
"අනේ එපා මගේ රත්තරන් පුතේ"
වත්සලාගෙ වචන හමුවේ මෙතෙක් වේලා ඇවිලෙමින් සිටි අබිරු නිවී ගියේ මවගේ ප්‍රේමණීය වදන් වලට අවනත වෙමින්.....
"හරි..මාව අතාරින්න ඒත් ටිකක්"
කොතරම් කරත් අමතක කළ නොහැකි මවගේ පිටුපෑම මතක් වූ ගමන් නැවතත් මව දෙස රවා බැලු අබිරු තම මවගෙ අත අත් හැර දමා රොව්ඩන් දෙසට හැරුනෙ ඔහු නිහඩ ඇයි දැයි සොයන්නයි...
අබිරු රොව්ඩන් වෙතට හැරෙද්දි ඔහු දේශිගෙ අතින් අල්ලාගෙන බයෙන් ගැහෙමින් සිටි යේශි දෙස බලාසිටියෙ වියරුවෙන් වගේ...
"රොව්ඩන්.."
අබිරුගෙ ඇමතුමත් සමග නැවතත් අබිරු වෙතට හැරුණු රොව්ඩන් වත්සලා දෙස බලා අවඥා සහගත ලෙස සිනා සුණේ අබිරුගෙ තරහව තවත් වැඩිකරමින් එවෙලෙහිම රොව්ඩන් තම ඉනෙහි සගවාගෙන පැමිණි තුවක්කුව අතට ගෙන එය පිරිමදින්න ගත්තෙ යේශි හා දේශි දෙස වියරුවෙන් මෙන් බලමින්...
"උබද ආවෙ මගෙ ගෙදර එදා රෑ"
"මොකක්ද කියන්නෙ"
"අවසන් වතාවට අහන්නම්...උබද ආවේ එදා රෑ මගෙ ගෙදර "
"නැහැ"
"හ්ම්ම්..මන් දැනන් හිටියා...මේ ගෙදර ඉන්න අර කොලු කෙල්ල කොහෙද දන්නෑ නේද..චූටි අයියව එක්කන් රෝහල් ගියාද දන්නෑනෙ"
නැවතත් වත්සලා දෙස තර්ජනාත්මයක ස්වරූපයකින් බැලූ රොව්ඩන් උස් හඩින් ඇයට ඇමතුවේ ඔහුගෙ ඒ ගැඹුරු කටහඩට යේශි දේශි ගැස්සී යද්දි....
"උබේ ඒ කෙල්ලව පරිස්සමෙන් බලාගනිම්...ඒකි ලොකු ලොකු දේවල් ටිකක් කරලා ගිහින් තිබ්බෙ මගෙ ගෙදර"
"තර්ජනය කරනවද උබ ඔය පර බල්ලො"
"පුතා පුතා..තරහ ගන්නෙපා...ඒ කෙලි පැටික්කිට කියන්න මගේ දෑස් මානෙට අහුවෙන්න එන්නෙපා කියල....කෙල්ලට මිනිපෙට්ටියක් ඕන නැති වෙන්න වැඩේ කරන්නම් මම..එතකොට වැඩි වියදමකුත් නෑනෙ වත්සලා,දුවට කියන්න මන් මතක් කරා කියල"
රොව්ඩ්න් එහෙම කියන් ආපහු තම FORD රථයෙ නැගී යන්නට ගියෙ සියලු දෙනාම නොසෙල්වී තමා සිටින ස්ථානයටම වෙලා ගල් ගැසී බලා බලාගත් අත බලා ඉද්දි....
"මන් කිව්වා..දෙයියනේ මගේ දරුවා අර තිරිසනා මගෙ දරුවව නැති කරයි"
එක්වරම මෙතෙක් වෙලා නිහඩව බලාගත් අත බලා සිටි සැමගේම ඇස් යොමු වුණේ බිම වාඩිවී හඩන වත්සලා දෙසටයි...
"තනූ"
එක්වරම නැගිට නැවතත් තාන්‍යා වෙත දිව ගිය ඇය තාන්‍යාගේ අතින් අල්ලාගෙන ඇයට කතා කලේ කදුලු සලමින්..
"කියන්න අම්මා"
"ලෑස්ති වෙන්න..හෙට..නෑ අද රෑම අනූ එක්ක කැනඩා යන්න "
"අම්මා"
"යන්න...යන්න...මට බෑ අනූව නැති කරගන්න මට බෑ ආයමත් මගේ දරුවෝ නැති කරගන්න"
හදවතින්ම උපන් වේදනාවෙන් හයියෙන් හඩාවැටුණ වත්සලාව නැගිටුවා ගත් තාන්‍යා දේශිගේද සහය ඇතුව වත්සලාව ගෙතුළට රැගෙන ගියේ අබිරු ගේට්ටුව වසා දමන්න ගේට්ටුව දෙසටත් මල්ශි යේශිවත් රැගෙන ගෙතුළටත් පිටව යද්දි....
විනාඩි තිහ හතලිහක් පමණ අඩමින් කාලය ගත කළ වත්සලා නින්දට වැටුනේ ඇයගෙ හිතට දැනුනු මහන්සිය නිසයි...
තාන්‍යා මව හා කාමරය තුළ රැදෙද්දි දේශි තමා සිටින කාමරය වෙතට පියමැන්නෙ එහි අබිරු යේශි සනුල්‍යා වගේම මල්ශිත් ඉන්න නිසා..
"දේශි අක්කෙ අම්මා මොකද කරන්නෙ"
"එයා නිදි සනූ බබා"
"ම්ම්ම්...අයියේ..මාත් යන්නම් මගෙ හිතටත් හරි නැහැ අනේ"
"ම්ම්ම්...හරි පොඩි ඔයා යන්න මන් මෙහෙන් ඉන්නම්.."
සනූ පිටව යාමට සැරසෙද්දි මල්ශිත් තම ආසනයෙන් නැගිට්ටෙ දේශි ඇයි කියන්න වගේ ඇය දෙස බලද්දි...
"ඇත්තටම දේශි මටත් ටිකක් මහන්සියි..මම සනු එක්ක පොඩ්ඩක් ඉන්නම්..සනූ මන් ආවට කමක් නෑනෙ"
"අපෝ ප්‍රශ්නයක් නෑ අක්කෙ යන් මටත් වුණ දේවල් එක්ක තනියම ඉන්න මොකක්ද වගේ"
සනූගෙ කැමැත්ත ලැබුණත් එක්කම දේශි කතා කරන්නත් කලිම් කාමරෙන් එළියට පැන්න මල්ශි සනූ එක්ක පිටව ගියෙ දේශි ප්‍රශ්නසහගතව ඇය යන දෙස බලා සිටිද්දි....
"මොනා වෙලාද අරයට අර"
"අනේ මන්දා අබිරු අයියෙ"
"මොකක් හරි..ඔයා අද මට එන්න කිව්ව එක හොදයි..නැත්නම් අද ඔයාලා විතරක් මෙතන ඉදලා මොකක් කරන්නද තාත්තවත් නැතුව"
"ම්ම්.."
"මගෙන් දැනගන්න ඕන දේවල්"
"මන් ඒවා වත්සලා නැන්දගෙන් දැනගත්තා අයියෙ"
"ම්ම්ම්"
"නැන්දලා හරි කියන්නෑ මම..ඒත් අයියෙ නැන්දට රිද්දන්න එපා"
"මගේ හිත තාම එයාලව පිලිගන්නෑ"
"නැති වුන මටයි දැනෙන්නෙ දෙමාපියන්ගෙ අගෙ අයියේ..පස්සෙ කාලෙක දුක් වෙලා මොකටද...නැන්දලා එක්ක හොදින් ඉමු අපි"
"ම්ම්ම්"
ඒ එක්කම දේශි අබිරු ලගට ගිහින් අබිරුව බදාගත්තෙ හැමදේම හරියයි කියල කියන්න වගේ.....
.
.
.
.
.
.
.
ඉක්මනට ඉවර කරන්නත් ඕන අප්පා කතාව..කොටස් 30 න් ඉවර කරන්න හිතුවෙ 32 ක් වගේ වෙයි කියල හිතෙනව ඒත් දැන්නම්....
ආයමත් කොටසකින් ඉක්මනින් හම්බෙමු...😊❤️