𝑼𝒏𝑳𝑶𝒄𝒌𝒆𝒅🌙

By NethmaDissanayake

2.7K 398 728

More

පෙරවදනක්!
1 වෙනි කොටස ♡
2 වෙනි කොටස ♡
3 වෙනි කොටස ♡
4 වෙනි කොටස ♡
5 වෙනි කොටස
6 වෙනි කොටස ♡
7 වෙනි කොටස ♡
8 වෙනි කොටස 💜
9 වෙනි කොටස ♡

10 වෙනි කොටස ♡

226 28 37
By NethmaDissanayake


දැන් උදේ 10 පහු වෙලා ඇති....Well උදේ සනීප අව්ව රැල්ල වෙනදට වඩා සැර වෙලා වගේ..ඒක හරියට ලා සනීප සන්ෆ්ලවර් කහ පාටට වඩා එහා ගියපු ටිකක් තද බිත්තර කහ මද පාට වගේ එළියක්....ලස්සනයි...

මේ වසන්ත කාලේ එන හුලං.. anyway මේ සිරිපාදේ යන කාලෙ...මුල් දවස්...කෝච්චි පාර දෙපැත්ත වෙනදට වඩා අමුතු ලස්සනක් පේනවා...හැබැයි තවමත් සමනල්ලු නම් නෑ...එයාලා ලෑස්ති වෙනවා ඇති...ඒක සෑහෙන්න දුර ගමනක්නේ..

Sooo දන්නවද විශේෂම දේ....ඒ දේ මම මෙච්චර ලස්සනට දකින පළවෙනි පාර...හරියට මම අහල තිබුණු සුරංගනා කතාවක වගේ....but ඒක කියනවට වඩා විඳින එක පිස්සුවක්...

හැබැයි ඔයාට පුළුවන් මතක සටහනක් තියාගන්න....ඒත් කැමරා කාච වලට ඒක ඒ විදියටම ගන්න බෑනෙ...ඒත් ලෝකේ හොඳම කැමරා දෙකක් ඔයාගෙ ළඟ තියනවා කියලා අමතක කරන්න එපා...

මොකක්ද...??? Yahhh ඔයාගෙ ඇස්...

ඒ ලස්සන දර්ශනය තවම මම දැක්කේ පැති ජනෙලෙකින් විතරයි...Sooo මම ඒක ලස්සනටම විඳින්න නම් දොර ගාවට යන්න ඕනෙ...එතකොට කියන්නම්...මතක් කරන්න ඔන්න මට...

උඩරට මැණිකේ කෝච්චියේ ඔයා යන්න ආසම මොන පෙට්ටියකද...සුඛෝපභෝගී පළවෙනි පංතියේ සීට් එකක??සාමන්‍ය දෙවැනි පංතියේ සීට් එකක...නැත්නම් හැමෝම යන තදබදය පිරිච්ච 3 වෙනි පංතියේ පෙට්ටියකද..

Well මම ආස නම්....3 වෙනි පංතිය...මිනිස්සු පිරිලා ඉන්න ඕනෙ මට පේන්න..නැත්නම් මම කෝච්චියේ එන්නේ නැතුව AC කරපු වාහනේක යනවනේ...මොකද අකීද් කියන්නේ ඉස්සර නම් Extrovert person කෙනෙක්...ඒත් තවමත් ඒ ගති ටිකක් මට තියනවා..but දැන්...?? ටිකාආආක් ඒක වෙනස් වෙලා...

ම්ම්ම්ම් දැන් ඔයා අහනවා what is the meaning of Extrovert person අකීද්...?? Yes of course මම කියලා දෙන්නම්...

Extrovert person කෙනෙක් සාමන්‍යයෙන් මිනිස්සු ගොඩක් එක්ක ඉන්න කැමති...ඒ කියන්නේ සමුහ විදියට ඉන්න කැමති අය..එතකොට එයාලගේ මානසික සතුට වැඩි...එයාලා happy එකෙ ඉන්නවා...යාළුවෝ ගොඩක් එක්ක විනෝද වෙන්න, party වලට යන්න, ට්‍රිප් යන්න මෙයාලා ගොඩක් ආසයි...Sooo මෙයාල ගොඩක් සමාජශීලී, ඒ වගේම සන්නිවේදන හැකියාව වැඩි..හරි ඉක්මණට කෙනෙක් ආකර්ෂණය කර ගන්න පුළුවන්..කතාවෙන්...ඉතිං එයාලා කොහේ ගියත් යාළුවෝ ඇති කර ගන්නවා...

මං හිතනවා ඉස්සර මම එහෙම වෙන්න ඇති කියලා...but දැන් ගොඩක් දුරට මම එහෙම නෑ.... i mean දැන් මම Introvert person කෙනෙක් වෙලාද කොහෙද.... ඒ කියන්නේ අර උඩ කිව්ව දේවල් වල opposite එක...ok..

Introvert person ලා ලඟින් ආශ්‍රය කරන්නෙ තමන්ට comfortable අය කීප දෙනෙක්..උපරිම 3 ක් 4 ක් වගේ...එයාලා ගොඩක් ආස තනියෙන් ඉන්න...නැත්නම් අර inner circle එක අස්සේ ඉන්න අය එක්ක ඉන්න..

මෙයාල ගොඩක් තනියම ඉන්න ආස නිසා එයාලගෙ සැඟවුණු කලාත්මක හැකියා එළි බහිනවා...

අකීද් වුණත් ලියන්න පටන් ගත්තෙ Introvert person කෙනෙක් වුණාට පස්සේ...මම ඔය දෙක මැද්දෙ දෝලනය වෙනවා guys...but remember...දැන් ටික කාලෙක ඉඳල මම ඔය දෙක අතර ඉන්නෙ...

Anyway...ගොඩක් වෙලාවට මම ඔය සීට් වල වාඩි වෙලා යන්නේ family trip ගියාම විතරයි..යාළුවෝ එක්ක ගියොත් වැඩිපුර යන්නේ දොර ගාව..අපේ ගෙදර මිනිස්සු මම කෝච්චියක යනවා කිව්ව ගමන් දාන පළවෙනි නීතිය...

අකී...දොරවල් වල එහෙම එල්ලිලා යන්නේ නෑ..

ඒත් ඉතිං තරුණ කාලේ ඔහොම යන්නේ නැතුව දොරේ යන්න නාකි වෙලා පුළුවන් ද...ඔය ගෑනු ලමයෙක් සංවර වෙන්න ඕනෙ එව්වා මෙව්වා නෙවෙයි ළමයෝ ...ඒ ආතල් එක එකපාරක් වත් උඩරට කෝච්චි පාරේ විදලා නැත්තං අපරාදේ....Well පරිස්සං වීම ඔයා සතුයි...හැබැයි චුටි ගවුමක් ඇදගෙන නම් ලොවෙත් යන්න එපා..පහලට තොරන් තමා...හික්...

කෝච්චියෙ දොර ගාව ඉඳගෙන යද්දි මට දැනෙන්නේ මම කඳු වලට සමාන්තරව පියාඹන් යනවා වගෙ හැඟිමක්....ඇස් වහගෙන ඒවා අහගෙන ඉන්න.....ඔයාට ඈත උස කදු, කඳුකර හුළඟ අතේ කියලා එවන රහස් පණිවිඩ අහන්න පුළුවන්...ඒවා මාරම සුන්දර රහස් වෙන්න පුළුවන්..ඔයාට විතරක් ඇහෙන..

එහෙම නැත්නං උස පයිනස් ගස් ,දේවදාර ගස් පිරුණු සුදු පාට මීදුම් උනන බෑවුම්, කැලෑ නිම්න මැද්දෙ කොඳුරන අවතාර කියන අද්භූත කතා අහන්න...ඔයා ලෑස්ති වෙන්න ඕනේ...

විශ්වාස කරන්න...එයාල ඒවා හැමෝටම කියන්නේ නෑ...ඔයා විශ්වය තෝර ගත්ත විශේෂ කෙනෙක් වෙන්නත් ඕනේ...එයාල ඔයාව අදුර ගත්තොත් ඔයාට ඒවා ඇහේවි...

විකාරයක් වගේද...maybe...ඔයාට එහෙම වුණත් හිතන්න නිදහස තියනවා...but උත්සහ කරන්න....අපි දන්නේ නෑනෙ ඔයා ඇත්තටම හැංගුණු ආත්මයක් අවදි වුණේ නැති ස්ටාර් seed එකක්ද කියල....

(Star seed = තාරකා ඇටයො...එයාලා ගැන මම කියන්නම්....තරු ලකුණක් දාල මතක තියා ගෙන දිග ලිස්ට් එකට add කර ගන්න...)

ලංකාවේ ලස්සනම කෝච්චි පාර තමා කොලඹ බදුල්ල රේල් way එක...ඒකත් ලස්සනම හැටන් Station එක පහු වුණාම. අපි උදේම නුවරින් කෝච්චියට නැගලා දැන් පැය දෙක තුනක් ගිහින්....

වෙනදට නැග්ග වෙලේ ඉඳන් රිලා පැටියා වගේ හැමතැනම දුව දුව පිස්සු කෙලින මම අද silent වෙලා...මං කිව්වේ...මං Introvert person කෙනෙක් වෙලාද කොහෙද කියලා . Fk.. එහෙම වෙලා...

Wtf...ඊයේ රෑ....!

ඒක ගැන මුල ඉඳන් අගට අග ඉඳන් මුලට 104 වෙනි පාරට මනෝ පාරක් ගහ ගහ හිටපු මම කෝච්චියේ අර ඉස්සරහ පොඩි මේසේ උඩ තියෙන මගේ bag pack එකෙන් එල්ලෙන cute bunny pulshi key ටැග් එක දිහා බලාගෙන හිටියා....

මම ගම්පහ ඉඳන් එද්දි ඒක තිබුණේ නෑ...Well ඒක මට ලැබුණේ අද උදේ....ලැබුණා...කියන්නේ....ඒක මං නැගිටින කොට ඇද ගාව තිබුණා....maybe ඒක එයාගෙන්...මට විශ්වාසයි...

මොකද ඒක එයාගෙ සුවඳයි...!

කෝච්චි දොරට ඉස්සරහ තියෙන ජනෙල් අය්නේ සීට් දෙකක අපි සෙට් එක ඉන්නෙ...bongo එකකට තඩි බාන ගමන් නැග්ග වෙලේ ඉඳන් අපේ අයාන් ,ටානා, කිෂා...සින්දු කියනවා...

ඊයේ රෑ බිව්වට මුන්ට කිසි අවුලක් නෑ...ඔක්කොම හොඳින්..තවමත් පිස්සු විකාරයක් වෙලා ඉන්නේ මම විතරයි ...මුන් රෑ ජාමේ film බලලත් උදේම නැගිටලා ආවෙ අද...but මාව ඇහැරවන්න සාදියා ලොකු නාඩගමක් නැටුවා කියලා මට ලාවට මතකයි..

විතේන් ගිටාර් එකත් ගහ ගහ සින්දු කියනවා...තව කෝච්චි පෙට්ටියේ හිටපු campus සෙට් එකක්ද කොහෙද අපි හිටපු තැනට සෙට් වෙලා...නිකේල් එක්ක සාදියත් පිස්සෝ දෙන්නා වගෙ උන් මැද්දෙ...

Well අද තමා හරි birthday දවස ඉතිං...අපි මේ යන්නේ...අපේ සාදියාගේ birthday එක වෙනුවෙන් සාදියා organise කරපු ට්‍රිප් එකක්...උඩරට මැණිකේ කෝච්චියේ නුවරින් උදේම නැගලා අපි මේ යන්නේ camping එකකට අද රෑට කන්දක් නගින්න...

ඒකේ මං ආසම දේ...ලස්සන තරු අහසක් කන්දක් උඩ හාන්සි වෙලා නිදහසේ බලන එක....Well ටිකක් හරි අහසට ලං වෙන්න පුළුවන් අපිට...

නාරංගල.....අපි යන්නේ එහෙ...! ඔව් ඔව් අපේ ගෙවල් පැත්තේ තමා...but මේ දවස්වල අපේ ගෙදර කට්ටිය නෑ...මළ ගෙදරක ගිහින් එයාලා හෝමාගම...මං මෙහෙ ආව නිසා යන්න වුණේ නෑ..අයියත් ගෙදර නෑනෙ..ඒ නිසා අපි එහෙ යන්නේ නෑ...

ඒත් ඉතිං කඳුකරේ ඉපදුණු ගෑනු ළමයෙක්ට මේ කෝච්චි පාරවල් වල ලස්සන දර්ශනයයි, කදුයි අරුමයක් නෙවෙයි තමා...ඒවා මට ගෙදර බත් වගෙ..

ඒත් මුන් නම් පිස්සෝ වගෙ...පිස්සෙක් වගේ කෝච්චි දොරේ එල්ලිලා photos ගහන ටානා , ශව්ට වද දෙන හැටි මට ඇස් කොනින් පේනවා....මම මූණ බුම්මන් ඒ දිහා බලාගෙන හිටියා....

ඊයේ රෑට පස්සේ තවමත් මම එයාගෙ දිහා කෙලින් බලලා නෑ කිවුවොත් ඔයා විශ්වාස කරනවද...අපි හිටියේ වෙන ග්‍රහ ලෝක දෙකකින් ආව පිටසක්වලයො දෙන්නෙක් වගේ...

මම මහ ලොකුවට බීලා හිටියේ නැති නිසා මට වෙච්ච දේවල් අකුරක් නෑර මතක ඒකයි මෙතන ප්‍රශ්නෙ...මොකද අහම්බෙන් වත් මට එයාගෙ දිහා බලාගෙන ඉද්දි ඇස් හම්බවෙන්න ඕනෙ වුණේ නෑ...

ලැජ්ජාව....ඔව්...ඒක විකාරයක්...yahhh...ඔයාට එයාගෙ ගාව නිදාගන්න කොටයි...එයාගෙ දිහා පිස්සු මී හරකා වගෙ බලාගෙන ඉන්න කොටයි...එයාගෙ ඉස්සරහ වමනේ දාන කොටයි...ලැජ්ජ නැද්ද අකීද්...

Fk...මම නටපු විකාර නිසා මට එයාගෙ ඉස්සරහ මෙහෙම ඉද්දි පවා පපුව වේව්ලනවා...ඒ රස්නෙ වැලදගැනීමක් ගානේ මතක් වෙද්දී මට මේ ටික ටික හීතල එකට උනාගෙන එන උඩරට කෝච්චි පාරේ ආයේ පාරක් ඒක ඕනි කියලා හිතෙනව....

ආයේ...පාරක්....ඒක..??? ලැජ්ජ නැති ගෑනු ලමයෙක් මං නම්...but ඒ මං ජීවිතේටම ලෝභ වෙච්ච පළවෙනි වැලදගැනීම කියලා ඔයා කිව්වා නේද අකී...Well ඔයා lucky....එහෙම නේද...පොඩි වෙලාවකට හරි ඔයා ඒක වින්ද නිසා...

අපි එක්ක සින්දු කියන්න සෙට් වෙච්ච රුහුණු විශ්වවිද්‍යාලයේ සෙට් එකෙ කපල් දෙක තුනක් ඉන්නවා..ඔක්කොම පොඩි එවුන් වෙන්න ඇති...උන් තුරුල් වෙලා ඉද්දි සිරාවට මට ඉරිසියා හිතිලා...එහෙම වෙන්න මට ඕනෙ නෑ ok...මම එහෙම නෑ. ...මේ වෙන එකක්...

මොකද...මං දන්නවා එයාව මට මේ Jersey එකෙන් එන රස්නෙට වඩා ඕනි කියලා ..ඒත් මට පුළුවන් ද....එහෙම...එයා මගේ කවුද.....Well මට Jersey ඕනෙ නෑ මං ඒක ගලවලා දැම්මා..

මං සැරින් සැරේ මගේ ඩෙනිම් jump suite එකෙ කෙළවරවල් දෙක තදින් අල්ලට ගුලි කරගෙන හිටියේ..මම මේ ඇදුම කලින් සාදිලා ගෙදර දාලා ගියපු නිසා මම ඒක උදේ ඇදගෙන ආවා..උදේ බලෙන්ම මගේ කොන්ඩෙ දෙකක් ගොතලා මාව අමාරුවෙන් නැගිට්ටලා ලෑස්ති කරේ සාදියා...

Korean drama උණ නිසා කපා ගත්ත කොන්ඩ කෑලි ඔක්කොම හුලං එක්ක love කරන්න ගිහින් හොදටම අවුල් වෙලා....පිස්සෙක් වගේ මං...ඒත් මං ආසම කොන්ඩෙ පිළිවෙලට තියනවට නෙවෙයි ..අවුල් වෙලා තියනවට...

මට මතක නෑ ඊයේ රෑ ශව් මගේ ගාවින් කොයි වෙලේ ගියාද කියලා..ඒත් සාදියා තවමත් දන්නේ නෑ අපි දෙන්නා රෑ එකට හිටියා කියලා..මොකද සාදියට මගේ මූණේ ඊයේ රෑ අඬපු ඒවගෙයි, බීපු එව්වෙගයි ඉතුරු ලකුණු මම හංගන්න ලොකු try එකක් දුන්නා...

පාන්දර වෙනකම් sad drama එකක් බලලා ඇඩුවා උට්ටො කිවුවම මගේ සදාදරණීය bestie මගේ දිහා වපර ඇසින් බැලුවෙ නෑ නෙවෙයි...තවමත් සැරින් සැරේ ඒකිගෙ උකුසු ඇස් මගේ අහිංසක ආත්මය විනිවිද යනවා...මං මේ සින්දු කියන්න යන්නෙත් නැතුව ඉන්නෙත් අලි බොරුවක් කියලා....ඔලුව පැලෙන්න රිදෙනවා කියලා..මට උදේම බොරුවට පැනඩෝලුත් බොන්න වුණා fk...

ඒත් එයාට ගාණක් වත් තියනවද....ආහ් ..අර උඩැක්කිය එක්ක ඇලීගෙන ඉන්නවා...මට මොකද..මට වැඩක් නෑනෙ..නේද...yahhh අකී please clam වෙනවා..නැත්නම් ඔයාගෙ මූණ තව කැත වෙයි...

මේ ටිකේ ඇවිදින්න ආවට මොකද මගේ වැඩ සේරම balance නැති වෙලා...oh..fking god ඔයා author කෙනෙක් නේද අකී...මගේ wtpd account එකේ මකුළු දැල් කඩන්න වෙනම කොස්සක් ගන්න වෙයි...yahhh මගේ readers ලා මට පෙත්සම් ගහන් නැති වෙයිනේ...

මම කම්මැලි නිසා phone එක ටිකක් අරගෙන උඩ පහලට ගියා....මට ලියන්න ගොඩක් දේවල් මේ වෙලාවෙත් හිත අස්සෙ type වෙනවා...but මම ඒවා අකුරු කරන්න ගත්තම හිතෙන් ඉගිලිලා අපායට යනවා..sak...

"අකී....වරෙන්කෝ ඕක විසික් කරලා සින්දුවක් කියන්න උට්ටො ..තෝ ට්‍රිප් ආවෙ ඕක ඔබ ඔබ ඉන්නද..."?

අයාන්ගෙ සද්දේ එක්ක මම උඩ ගිහින් ඒ පැත්ත බැලුවේ මගේ පරම නන්දනීය මනොලෝකේ 678 වෙන තට්ටුවෙන් මාව පහලට රෝල් වෙලා බිම වැටෙද්දී....ආශ් හොඳ පාරක්...වැදුනේ..

fk අපේ සෙට් එක ට්‍රිබල් වෙලා වගේ...රුහුණු campus සෙට් එක ඔක්කොම අපි ළඟට සෙට් වෙලා..අපේ එවුන් අස්සෙ උන් බින්න බැහැලා....මොනා වුණත් ලස්සන කොල්ලො ටිකක් ඉන්නවා....හෙහ් හෙහ්...

"මට දැන් බෑ යානු "

මම එහෙම කියල තොල් පෙරලුවා..මගේ පිට දිගෙ දැන් ඔන්න මේ සීතලේ දාඩිය ගලනවා...මොකද එතන තිබ්බ නුහුරු ඇස් දෙකක බැල්ම හරි වෙනස් කියලා මට ඒ තප්පරේට දැනුනා...ශීබල්....මට පොඩි වදකාර කොල්ලොන්ගෙ බැල්මක් ඕනෙ නෑ...

ඒ ක්ෂණික මගේ ඇස් නොදැනුවත්වම නැවතුනේ මෙච්චර වෙලා මං නොබලපු එයාගෙ දිහාට....

Well විනාසයි....ශව් මට දාගෙන ඔරවනවා....ඒත් මම මොකද කරේ....මම මොකුත් කරේ නෑනෙ...wait wait...ඒත් ඇයි එයා මට ඔරවන්නේ...

අයාන්ගෙන් බේරෙන්න බෑ...ඌ ඇවිත් මාව අර සෙට් එක මැද්දට ඇදලා ගත්තා...fk noo...මේ මම නෙවෙයි..වෙනදට මමයි මේවා පෙරමුණ අරගෙන කරේ...මොකද දැන් ඔයා ඇඹරෙන්නේ අකී....

Campus සෙට් එකෙ බාගෙට බාගයක් කොල්ලො..කෙල්ලෝ හිටියේ 5 දෙනෙක් වගෙ...ඔක්කොම අපේ එවුන් එක්ක fit වෙලා.....

"මෙයාලා ඔන්න අපිත් එක්කම යනවා ...එයාලා යන්නෙත් නාරංගල..අපිට ඔන්න දැන් නඩයක්ම ඉන්නවා අකී..."

නිකේල් එහෙම කියද්දී සාදි මාව එයාගෙ එහා පැත්තට ඇදලා ගත්තා ...

"අපි කට්ටිය අදුර ගත්තනේ...ඔන්න ළමයි අපෙ ගායිකාව...මෙයා මෙහෙම silent මනුස්සයෙක් නෙවෙයි...but මේ ටිකේ අපේ කෙල්ලට මහසෝන් යක්ෂනී වැහිලා ඉන්නෙ..ඒකයි මේ.."

සාදියා හිනා වෙවී මට විහිලු කරද්දි මං අමාරුවෙන් හිනා වෙවී හිටියා. විලි ලැජ්ජාව....මම කවදද මෙහෙම ලැජ්ජ කෙල්ලෙක් වුණේ...

"අකී...සිංදුවක් කියමුකෝ බං...මේ මල්ලිලා ඔක්කොම කිව්වා...අපේ ගායිකාව ඔහොම ඉඳලා බෑ හරි.."

අයාන් මගේ කරට අත දාගෙන ළඟට ඇදලා ගද්දි අර campus සෙට් එකෙ හිටපු පොඩි කොල්ලගේ බැල්ම මට වැටිලා තිබුණේ...මෙහෙමයි...ඌ හෙන cute..ඒ ඇස් වල හෙන සතුටක්,නොඉවසිල්ලක් තිබුණේ...මාව දැක්ක වෙලේ ඉඳන්...but මං එයාව දන්නේ නෑ...

මට අමනුස්සයෙක් වෙන්න බෑනෙ...ඔන්න ඔහේ නිකන් තියෙන හිනාව මං එළියට දාල පොඩි එකාට හිනා වුණා...පස්සේ ෂේප් එකේ හිටියා...මං දන්නවා කෙනෙක් මාව පිච්චිලා යන්න ගිනි පිඹිනවා කියලා...

"ආආආආහ්...මාර රස්නෙයි.....බන්...ok...ok....මොකක්ද දැන් කියන්න ඕනෙ..ඔක්කොම කියමු නැගලා යන එකක්.."

මං ලාවට සීතල දැනුනත් බොරුවට ගිනි රස්නෙ වගේ අතින් හුළං පාරක් ගහන ගමන් හොරෙන් එයාගෙ දිහා බැලුවා...අම්මෝ...මූණ රාස්ස භවන වගේ...යම පල්ලො ඩෙගා නටනවා...නහය උඩ....

"අර රෝෂාන් ෆනෑන්ඩොගෙ අලුත් එක මොකක්ද බන්..ඒක මරු...dance කරන්න පුළුවන්.."

Yahh ලා අලුත් සින්දුව ලදේ ....Well ok ok ඒකනම් ලස්සනයි...අර campus සෙට් එකේ එවුන් YouTube lyrics දාගෙන දාගෙන කියන්න ලෑස්ති වෙද්දී මමත් යානු දාල දුන්න lyrics දිහා බලාගෙන සිංදුව play කරලා උගේ phone එක අතට ගත්තා..ඇත්තටම ඒක dance vibe එකක් තියෙන නැටවෙන සින්දුවක්..

ඔක්කොම dance කර කර සිංදුව කියද්දී මමත් පිස්සා වගෙ අපේ එවුන් එක්ක ඒක කිව්වා..bongo සද්දේ එක්ක ඒක නැගලම යද්දී campus සෙට් එක මැද්දට පැනලා කිෂයි, ටානායි, අයානුයි dance කරනවා....ඒත් ශව් ලොකුවට මැදට යන්නේ නැතිව නිකේල් ලා එක්ක පාඩුවේ හිටියා...Well කිෂා මාව ඇදලා මැද්දට ගත්තෙ මම හිතුවේ නැති වෙලාවක...

Fk ..මං ගිහින් අර ඉස්සෙල්ලා බැල්ම දාපු කොන්ඩ කුරුල්ලගෙ ඇඟේ....කෝච්චිය පැද්දි පැද්දි යද්දි කොහේද balance එකක්...මාව පත්බෑවෙලා මකබෑ වෙන්න කලින් ඌ මාව අල්ල ගත්තා....wait what....fk hell...මූ කොහෙන්ද අල්ලන් ඉන්නෙ....

Sooo මං ඇදගෙන ඉන්නෙ ඩෙනිම් jump suite එකක් හරිද ...අර පිනපෝ වගේ එක..Well ඒක යටට T shirt එකක් අඳින්න එපැයි...සාමන්‍යයෙන් මං ඕකට අඳින්නේ ලොකු T එකක් හරි shirt එකක් හරි තමා...

ඔහොම එකක්


but අද උදේ මට අඳින්න තිබුණේ වෙනදා අදින noramal T shirt එක නෙවෙයි...මොකද මං ගෙදරින් එද්දි ගෙනාවේ එකම ඇදුම මේක වෙද්දී මං T එකක් ගෙනල්ලා නෑ...Well මේ crop top එක කිෂාගෙ...


But යට T එක එක මෙහෙම

සුදු පාට T shirt type crop top එකක් ඒක...Sooo ඒකට මගේ ඉණ ගාව දෙපැත්තේ කර්ව්ස් ටිකක් පේනවා ඉතිං...but එච්චරයි වෙන මොකුත් පේන්නේ නෑ...

Sooo soooo කොන්ඩ කුරුලු කොල්ලා හරියටම ඇල්ලුවෙ ඉතිං ඉණ දෙපැත්තෙන් ...හිතලා නෙවෙයිනෙ...නැත්නම් ඉතිං කොහෙන් අල්ලගන්නද....?? මමත් ඉතිං වැටෙන්න යද්දී උගේ shirt එකේ උඩ බොත්තම් දෙකක් විතර ගැලවෙන්න ඒකේ එල්ලුනා.. hell no....are you fking mad bitch අකීද් ...

සිංදුව එක්ක එතන සිනමා ජවනිකාවක් වගෙ වෙද්දී...තප්පර දෙකක් තුනක් යන්න ඇති ...හිරෝෂිමාවට පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කරා වගෙ වෙන්න..

ඒ ක්ෂණික මගේ අත අර කට්ටිය මැද්දෙ හොරෙන්ම කාගෙ හරි සීතල අතක පැටලුනා.....ආදරෙන්...නො..! රිදෙන්න මිරිකන ගමන්....

"Fk fk ඌඌඌඌයි...."







කවුරු කියලද හිතන්නේ....Well gess bbys....!






මං confused වෙච්ච පිස්සු අකීද්....

Hii...😚

ඒක හොඳද?

💜

Continue Reading

You'll Also Like

1.1M 54.8K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
2.6K 472 14
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
2.9K 481 3
ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිත...
105K 13.2K 23
အချိန်တွေနောက်ပြန်လှည့်လို့ရရင် ငါ မင်းကို နောက်တစ်ကြိမ် ပြန်ချစ်မိမှာလား....