දඬු මොණරු

By yuchi91

41.4K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 9

897 132 47
By yuchi91

යශ් අයියා මාවත් ඇදන් අපි හිටිය පැත්තට විරුද්ධ පැත්තට පීනන් ගිහින් ලොකු ගලක් ලඟ හැන්ගුනේ එක අතකින් මගේ කට වහන ගමන්.

"කතා නොකර ඉන්නවා ටිකක්"

කතා කරේ මං එක්ක උනාට එයාගෙ ඇස් දෙක තිබුණේ උඩ කැලේ පැත්තට, මාවත්  ලං කරන් එක අතක් මගේ තොල් උඩ තියාගෙන ඉන්න මනුස්සයා දිහා මං බලන් හිටියේ වශී වෙලා. මට දැනුනා දෙවෙනි පාරටත් මගේ හිත පිරිමි රූපෙකට බැඳෙනවා කියල, පළවෙනි පාරත් තනියම ආදරේ කරලා ඒ ආදරේ යන්නම යන්න ගියාම විදෙව්වා වගේ මේ පාරත් මං ආදරේ කරන්න යන්නේ මාව පෙන්නන්න බැරි මනුස්සයෙක්ටද,ඒ ආදරෙත් අවසානේ මට විඳවන්න වෙයිද.

පිරිමි රූපයක් ලඟ වශී වෙලා වගේ හිටිය මාව පියවි සිහියට ආවේ ඒ ඇස් නොහිතුව වෙලාවක මගේ ඇස් එක්ක ගැටෙද්දි,මගේ ඇස් වගේම එයාගෙ ඇස් දෙකත් ගැස්සුණා. අපි තත්පර ගානක් අපේ ඇස් වල ගිලිලා ඉන්න ඇති, ආයෙත් දෙන්නටම උඩ කැලේ පැත්ත බැලුනේ මිනිස්සු වගයක් කතා කරන සද්දෙ ඇහිලා......

පිරිමි පස් හය දෙනෙක් වත් එතන ඉන්න ඇති, අපිට පෙනුණෙ එයාලා පිටු පාල යනවා විතරයි, අපි කලින් හිටපු තැන හිටිය නම් ඒ මිනිස්සුන්ට අපිව පේනවා, ඒත් ඇයි යශ් අයියා හැන්ගුනේ, ඒ මිනිස්සු කව්ද.... 

"ඕක තමයි පණ්ඩිත පොඩි එකෝ මං කිව්වේ මේවයි තනියම ඇවිදින්න එපා කියලා"

"ඒ ඇයි"

"ඔය ගියේ පොඩි මහත්තයාගෙ මිනිස්සු, උබ ඔය විදියට ඉන්නවා දැක්ක නම් උන් පාඩුවේ යයි කියල හිතනවද, උන්ට කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල නෑ, කැලේට ඇදන් ගියා නම් කෑලි වත් හොයා ගන්න නැති වෙයි "

ඒ කතාවට වැල්ලේ හිච්චි වීරයට පොඩ්ඩක් බය හිතුනා.

"මගේ මූණ දිහා බලන් කල්පනා කරන්න නෙවෙයි කිව්ව දේ මේ මොලේට දා ගන්නව, දැන් වර යන්න.... හීතලේ ගැහි ගැහී ඉන්නවා මෙතන මාවත් අවුස්සන්න"

අන්තිම ටික නම් කිව්වෙ මගේ තොල් දිහා බලාගෙන, මටත් දැනුනා ඒවා හීතලට ගැහෙනවා, හොඳට තියෙයි කොණ්ඩ කුරුල්ලට කියල කට කවා ගන්න ගියොත්. ලිප් කිස් කරා වගේ නෙවෙයි දැලි යවන්න ගියාම.....

ගොඩට ගිය ගමන්ම ඉක්මනට ටී ශර්ට් එක දාගෙන බාටා කෑලි දෙකත් දාගෙන එතනින් යන්න ඕන නිසා කොණ්ඩ කුරුල්ලා දිහා බලද්දි ඒකා කන්න වගේ මගේ දිහා බලන් ඉදල අහක බලන් ඒකගෙ ලට්ට ලොට්ට ටික එකතු කර ගත්ත. චිත්‍රයක් අදින්නද මන්දා ඇවිත් තියෙන්නේ....

"මදැයි හිත නිදහස් කරන් චිත්‍රයක් අදින්න ආවා, උනේ හිත ඇවිලිච්ච එකනෙ"

ඒ මොකක්ද ඒ කිව්ව කතාව.....

"තමුසෙ අද දවල් සංගීත ගුරාගෙ අත අල්ලන් හිටියෙ ඇයි"

"මං කොයි වෙලේද"

"දවල් ඉස්කෝලෙ ඉවර වෙලා එද්දී"

මෙයා මේ කියන්නේ මං බය වෙච්ච වෙලේ සර් මාව අල්ල ගත්ත එක වෙන්න ඇති, යන ගමන් ඒකත් බලාගෙන ගිහින් තියෙන්නේ මෙයා,එහෙමයි කියලා හැමෝටම මන් ගැන දේවල් කියන්න බැහැනේ...

"මට නම් මතක නෑ"

"පස්සෙ දවසක මතක් කරල දෙන්නම්, ආයේ එක එකාගේ ඇගේ එල්ලීගෙන ගිහින් අහු වෙන්න එපා"

"අහු උනොත්"

මං එහෙම කියාගෙන පස්සෙන් පස්සට හයියෙන් ඇවිදන් ආවා.

"ඒකත් මං උබව අහු උන දවසක කියල දෙන්නම් පොඩි එකෝ"

"හා හා ඔයා කියල දෙනකම් මමත් බලන් ඉන්නම්"

"ගෙදර ගිහින් හොඳට පිහිද ගන්නවා, ලුණු වතුර නාපු අයට මේ වතුර අල්ලන්නේ නෑනෙ"

"නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ..... හචින් "

ලොකු කමට කියල කට ගන්න උනේ නෑ හචිමක් ගියානේ, ශික් ලැජ්ජාවෙ බෑ"

"දැන් මං කිව්ව නේද පණ්ඩිත පොඩි එකෝ,කොහෙද ඉතින් අපිට රැවුල නෑනෙ"

"ඒකනෙ ඔයාගෙත් රැවුල චුට්ටක් හරි තිබ්බ නම් කියන දේ අහන්න තිබ්බ, එහෙනම් මම යනවා මහ එකෝ...බායි ඈ"

එහෙම කියාගෙන පස්සත් නොබලා දුවන් ආවේ දැන් නම් ඕකට මාව අහු උනොත් ඉවර නිසා.අමුතු හැගීමක් හිතට දැනෙද්දී මං දිගටම කරේ දුවන එක, යන්තම් කළුවරත් වැටිලා, මල්ලිත් ගෙදර තනියම, තෙත පිටින්ම ගිහින් නාගෙන පිහදන් ගෙට යද්දි මල්ලිට පොත් මේසෙ උඩම නින්ද ගිහින්.මේ වෙලාවට ගෙදර හිටිය නම් තේ එකක් වත් බොන්න තිබ්බ, මෙහෙ ඉතින් හිතෙන හිතෙන වෙලාවට කන්න බොන්න බැහැනේ......

"දැන් ඉතින් සබන් කෑල්ලේ ඉඳන් වැඩිපුර ගේන්න එපැයි තවත් පවුලක් නඩත්තු කරන්න, අනේ ඉතින් අපිටත් ගිය කලක්"

ලොකු නැන්දා හෝදපු රෙදි බේසමක් වැලේ වනන ගමන් එහෙම කිව්වේ මාව දැකලද එහෙම නැත්නම් අපිට ඇහෙන්නද දන්නෙ නෑ. මල්ලි දවල් සෝම නැන්දගෙන් සබන් කෑල්ලක් ඉල්ල ගත්ත නිසාද දන්නෙ නෑ. ෆෝන් එක ගන්න වැඩේ කල් දාලා ලඟ තියෙන සල්ලි වලින් අපි දෙන්නට ඕන කරන දේවල් ටිකක් ගන්න ඕන. දැන් නම් හසා එක්ක වැඩට යන්නම හිතෙනවා, යශ් අයියා පොඩි මහත්තයා කියන මනුස්සයට බැන්නට හසා නම් කිව්වෙ ඒ කෙනාගේ එහෙම වරදක් නෑ කියලනෙ, අනික ඌත් ඉන්න නිසා මට බය වෙන්න දෙයක් නෑනෙ. වරදක් තියෙනවා නම් ඌ උනත් වැඩට යන්නෙ නෑනෙ.......

"තමුසෙ හවස තෙමීගෙන ආවේ කොහේ ගිහින්ද"

මිදුලට වෙලා ඔහේ කල්පනා කර කර හිටපු මං ගැස්සිලා ගියේ පිටි පස්සෙන් ඇහුණු කටහඩට, තඹර අයියා මගේ පිටි පස්සෙ. මොකද දන්නෙ නෑ කතා කරන්න හිතුනේ, අනික එයා කොහොමද මාව දැක්කෙ,මිදුලට වෙලා ඉන්න ඇති මං දුවන් එද්දී.

"වත්ත පහළ දොළ ළඟට"

"මං වත් තනියම ඕවා අස්සේ යන්නෙ නෑ මනුස්සයෝ. මොකක් හරි කරදරයක් කරගෙන අපිට වද දෙන්නද ඕන"

ඒ වචන වලට මාව ගැස්සිලා ගියා වගේම ඇස් දෙකට කදුළු පිරුණේ මට වත් පාලනය කර ගන්න බැරි විදියට.

"සමාවෙන්න අයියෙ ආයේ ඔයාලට කරදරයක් වෙන්නෙ නෑ"

මං එහෙම කියාගෙන ගෙට දුවගෙන ඇවිත් කෙලින්ම කාමරේට ගියා. නැන්දා කියපු දේවල් ඇහුනට පස්සෙ ඒ ගැන නොහිතා ඉන්න හැදුවත් ආයෙත් තඹර අයියත් අපිව කරදරයක් කියද්දි දරා ගන්න බැරි උන අසරණ කම නිසයි කදුළු ආවේ.අපි ගැන හිතන සහෝදරයෙක් හරි මෙහෙ ඉන්නව කියල එදා දැනුන සතුට අද හේදිලම ගියා, ඒත් මං කදුළු පුරවන් අර වචන ටික කියද්දි අයියා ගැස්සිලා ගියා......

තමන්ට තමන් ගැනම අනුකම්පාවක් දැනුනම හිතට දැනෙන දුක වැඩියි. මගේ ඇට්ටර කමට මෙහෙම වත් ඉවසන් හිටියට මල්ලිට එහෙම බෑ, ඌට කාගෙවත් කතා අහන්න දෙන්න බෑ. හෙටම හසාගෙන් අහන්න ඕන වැඩට යන එක ගැන.



"හසා... ඔය උබ වැඩට යන තැන මටත් කරන්න වැඩක් නැති වෙයිද බං"

දේශපාලන විද්‍යාව පීරියඩ් එකේදි මිස් පන්තියට එන්න පරක්කු උන නිසා මං හසාගෙන් එහෙම අහද්දි හසා වගේම චවියත් මං දිහා බැලුවේ පුදුමෙන්.

"මොකක් දිසානායක සර්ගෙ පුතා කුලී වැඩ කරන්න, ඒ මොකද බං ඒ "

"ඒකනෙ බං, අඩෝ ඇයි බං එහෙම ඇහුවෙ, උබට මොකක්ද තියෙන ප්‍රශ්නෙ, මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියපන් බං"

"එහෙම නෙවෙයි බං, මං උබලට ඇත්තම කියන්නම්.තුන් වේලටම කන්න දුන්නත් අපිට තව තව ඕන එපාකම් තියෙනවනේ බං... සබන් කෑල්ලක් ඉල්ලුවත් ලොකු නැන්දා පුප්පනව, එයාලට අපිව කරදරයක් වගේ. මං ෆෝන් එක ගන්න වැඩෙත් කල් දැම්මෙ අතේ තියෙන සල්ලි වලින් අපිට ඕන දේවල් ගන්න ඕන නිසා බං "

"අඩෝ ඔය ඇත්තමද, කව්ද බං එහෙම හිතුවෙ, උබ ෆෝන් එක ගැන බය වෙන්න එපා ඒක වෙන කාටවත් දෙන්නේ නෑ. ලීලා නැන්ද නම් කොහොමත් නපුරුයිනෙ "

"ඇත්තම කිව්වොත් ලබන මාසේ අම්මගෙ තුන් මාසෙ දානේ බං, එහෙ ඉද්දී නම් වැල්ලේ හැමෝම එකතු වෙලා හත් දවසෙ බණ, දානේ අම්මගෙ ආගමට අනුව පොඩියට කරා. ආච්චි අම්මල කවදාවත් අම්ම වෙනුවෙන් ඒ දේ කරන්නේ නෑ බං. මට පොඩියට හරි දානයක් දෙන්න කීයක් හරි හොයාගන්න ඕන"

"මං අදම පොඩි මහත්තයට කියන්නම් බං, උඹට මාත් එක්කම වැඩ කරන්න පුළුවන් "

"ගොඩක් ලොකු උදව්වක් බං"

"උඹේ ඕනම දෙයක් මට කියපන් බං, මං පුළුවන් උදව්වක් කරන්නම් "

"ඒ වචනෙත් ඇති බං චවියා"

මට හසා එක්ක වැඩට යන්න පුළුවන් උනොත් ඒ හම්බෙන සල්ලි ටික ටික එකතු කරන් අම්ම වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. අපේ අයට අපිව කරදරයක් වෙද්දි පිට මිනිස්සු වචනෙකින් හරි අපේ හිත හැදුව...



ඉස්කෝලෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී හීනි පොදයක් වැටෙන්න ගත්ත. හැම තිස්සෙම බෑග් එක ඇතුලේ කුඩේ තියෙන නිසා හොඳයි.

"වහිනවා නේද බං"

"උබ දන්නෙ නෑ රත්නපුරට වැස්ස එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමක් කියල"

"රෙද්ද තමයි, සපත්තු දෙක තෙමුනොත් ඉවරයි"

අපි එළියට බැහැලා එද්දි පොද වැස්ස චුට්ටක් වැඩි උනා. සමහරු තනි තනිව කුඩේ යටින් යද්දි සමහරු දෙන්න දෙන්න ගියා. පිස්සු තද වෙච්ච කොල්ලො තුන් හත් හතර දෙනෙක් බොරුවට එක කුඩයක් අස්සේ නැහෙනව ඒ මදිවට. අපේ නම් හැමෝම ලඟ කුඩ තිබ්බ නිසා මං බෑග් එක නොතෙමෙන්න ඉස්සරහට අරන් කුඩේ එක අතකින් අල්ල ගත්තා. ගේට්ටුව ළඟට ඇවිත් පාරට ගොඩ වෙලා අඩි දෙක තුනක් යන්න උනේ නෑ හෙනහුරෙක් කඩා පාත් උනා කුඩේ ඇතුළට.

"මාවත් පොඩ්ඩක් ඉස්සරහින් දාගෙන යනවා"

කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මගේ අතින් කුඩේ ගන්න ගමන් එක අතක් උරිස්සට තියලා මාව ලං කර ගත්තේ යශ් අයියා, ඔය වෙලාවට තමයි කොණ්ඩ කුරුල්ලගෙ පෙද ටික ගලවන්න හිතෙන්නේ. මං බෙල්ල පොඩ්ඩක් හරවලා පිටි පස්ස බැලුවේ අපේ අනිත් අය කෝ කියල..... හරිනෙ වැඩේ අන්න ගගනගාමියෙක්,පිපිරෙන බිම් මලක් අවුස්සගෙන......

"මොන කෝලමක්ද මේ ගෙයින් එළියට බහින කොට කුඩයක් ගේන්න දන්නෙ නැද්ද, උපන් දා ඉඳන් ඉන්නෙ මෙහෙ නේද, වහිනවා කියල දන්නෙ නැද්ද "

"අයියෝ ඔච්චර පුප්පන්න එපා අප්පා, පොඩි දුරයි තියෙන්නේ මාව මඟින් දාගෙන යන්නකො "

"තමුන්ට ඒකටත් මගේ කුඩේ අස්සටම එන්න ඕන උනේ ඇයි"

"ඒක නම් හොඳ ප්‍රශ්නයක්, ඇයි එයා තුහින සර්ගෙ කුඩේ අස්සටම ගියේ, අර අනූප සර් ඉන්නවා, චවියා ඉන්නවා"

"උබට ඒවා වැඩක් නෑනේ මෙන්න මෙහෙ වර යන්න"

තුහින සර්ගෙ කුඩේ අස්සේ වෙන නාඩගම බලන් ඉද්දී සර් ගගනගාමියා ගෙන් ඇහුව ප්‍රශ්නෙම මං කොණ්ඩ කුරුල්ලා ගෙන් අහද්දි ඒකා මාවත් ඇදන් ඉස්සරහට ගියා. අපරාදෙ බිම් මලගෙ කියවිල්ල මඟ අරුණනේ....

"අනුන්ගේ කුඩ අස්සේ ඉන්න උන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ කුඩේ අස්සේ ඉන්න එකා ගැන බලපිය ඇටි කිච්චෝ"

"ඔයාගෙ දිවේ මොකක් හරි අවුලක් තියේද මගේ නම කියා ගන්න බැරි, එහෙම දෙයක් තියේ නම් ලැජ්ජා නොවී කියන්න"

"ඊයේත් ලොකු කමට කට ගහන් ඇවිත් දිව්ව නේද, පුළුවන් නම් අදත් දුවපන්"

කොහේ දුවන්නද, ඒක කිව්වේම මගේ උරහිස තවත් එයාගෙ අතට තද කරන්නෙ......

"අපේ වැල්ලෙ නම් මට කිසිම කෙනෙක් ඔහොම කතා කරල නෑ"

"වැල්ල ලොකුද දන්නෙ නෑ "

"නැතුව ඉතින් රට වටේම තියෙන්නේ"

"උබ මහම මහ ඇට්ටරයෙක් බං"

එයා බිම බලාගෙන හිනා වෙවී කියද්දි මං මතක් කරේ මුල්ම දවස් වල මං දිහා වැරදිලා වත් එයා නොබලපු හැටි. එහෙම කෙනා එක පාරටම මේ වගේ ලං උන එකත් පුදුමයක්. ඔරොප්පුවෙන් හරි අපි අතර මොකක්දෝ මන්දා බැඳීමක් ඇති වෙලා තිබ්බ.

යමින් ගමන් පිටි පස්සත් බැලෙද්දි මගේ ඇස් වලට අහු උනේ පුපුරණ බිම් මලට කුඩෙත් අල්ලන් ඔහේ හිනා වෙවී එන ගගනගාමියාව.

"මාව අර මඩුව ළගින් දානවා"

යශ් අයියා කුඩේ මගේ අතට දීලා අපේ ගෙවල් ලං වෙද්දී පාර අයිනෙ හම්බ වෙන ලී හතරක් එක්ක පොල් අතු වහළයක් තිබ්බ පොඩි මඩුවක් අස්සට පැන ගත්තේ අර සඳත් අපේ සර්ව අතෑරලා මඩුව අස්සට යද්දි.

"ෂිට් මගෙ මූඩ් එක එහෙම පිටින්ම නැති කරානේ අර මෝඩ මූසලය, හිනා වෙනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා"

අපේ බිම් මල තවත් පිපිරෙනවා....

"අර වසවර්තියා ඔයාට මොනවා හරි කිව්වද පුතේ "

ඔය දැන් තමයි මං ගැන හොයල බලන්න මතක් උනේ....

"නෑ සර් නිකන් කතා කර කර ආවා "

"එහෙනම් කමක් නෑ"

මල් සරා ආයෙත් අපේ සර්ට විද්දට මේ පාර ඊතලේ ඇමිනිලා ආවේ කලින් එකාට වඩා හපන් එකෙක්ද මන්දා, කොටින්ම කිව්වොත් ගුලි කාරයෙක්. ඒත් ඉතින් එයැයි ඕව පාවිච්චියක් නැතෙයි කියල හිච්චි රොයිටරේම කියද්දි විශ්වාස නොකර කොහොමද. ගුලි නොකා ඔහොම හිනා වෙනවා නම් මූ එසේ මෙසේ පිස්සෙක් නෙවෙයි. ඒකටත් එක්ක අනිකා, අර කට කොනෙන් දාන හිනාව ඇරුනම හිනා වෙන්න දන්නෙම නැද්ද කොහෙද, පුප රතු කොණ්ඩ කුරුල්ලා.....

හැමෝගෙන්ම සමු අරන් ගෙදරට එද්දී ගේට්ටුවෙන් ඇතුල් වෙන්න කලින් ඉඳන් මම දැක්ක ඉස්තෝප්පුවට වෙලා මගේ දිහා බලන් ඉන්න තඹර අයියව. මූණ වත් බලන්න හිතක් නැති වෙද්දි මං එහෙමම බිම බලාගෙන එන්න ආවා.

"නේත්‍ර"

තඹර අයියා දුවන් ඇවිත් මගේ කුඩේ යටට එද්දී මිදුලෙ ඉන්න මට හෝන් එකත් ගහගෙන බයික් පේළියක් ගියේ රතු පාට බයික් එකේ අයිතිකාරයත් ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙනම අපේ පැත්ත බලන් වේගෙන් යද්දි. මාත් එක්ක පයින් ආපු එකා දැන් බයික් එකේ යන්නෙ කොහොමද......

___________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු🏍️

අද නම් චුට්ටයි හොඳේ, ඊයේ, අද දෙකේම ටයිප් කරන්න වෙලාවක් ලැබුණෙ නෑ.

කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

40.2K 6K 37
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ
130K 7.1K 45
Have you ever read a story about women who kill to protect people that can't protect themselves. Well this story is about just that. Follow Galleri...
9.9K 1K 32
ඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන...