සුදු අරලිය...

By frenzykitty_3

11.1K 1.1K 1.5K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දාහතරවැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...

689 76 30
By frenzykitty_3

" සයාස්.. ඔය ඔලුව උඩ තියෙන ගෙඩිය කඩලා දීපන්කෝ.."


" අඩේ මම උස නෑ බල්ලො එච්චර.."


අහස් පහල ඉඳන් කෑ ගහනකොට මම ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටත් මට ඒ ගෙඩිය කඩන්න උස නෑ.. ඕ ඕ.. අපි අඹ කඩනෝ.. සෙතිනුවයි මායි තමා ගස් බල්ලො වගේ ගස් ගියෙ.. අනිත් උන් තුන්දෙනා බිම..


" ඒ ඒ යුගාන් අයියා එනවා.. පැනපන් යකෝ.."


" මොන උට්ටක්ද.."
" මෙතනින් පැන්නොත් මැරෙයි බල්ලො.."


විනාසයි.. තේව් අයියා එනෝ.. අහස් අපිට පනින්න කිව්වත් මේ ඉන්න අත්තෙ ඉඳන් පනින්න බෑ.. ගහෙන් බැහැලා දුවලා වැඩකුත් නෑ.. අයියා දැක්කා..

හරිම අගෙයි.. ගහ යටටම ආපු තේව් අයියා ඉනටත් අත් දෙක තියාගෙන කෙලින්ම බැලුවෙ මං දිහා.. අහස්ලයි අනිත් එවුනුයි බිම බලාගත්තා.. අනේ මොනාවුනත් මගේවුන් අපිව දාලා ගියෙ නෑහ්.. උන්ට ඕන්නම් දුවන්නත් තිබ්බා..


" මල්ලිලා වැඩ වගේ.."


" හේ හේ.. අයියෙ මේ අපි අඹයක් කැඩුවනෙ.."


" ම්ම්ම් පේනවා.."
" අඹ ගෙඩියක් විතරයිනෙ කඩලා තියෙන්නෙ.."


බිම ගොඩගහපු අඹ ටික දිහා බලලා අයියා කියද්දි මට ගහෙන් පැනලා මැරෙන්න හිතුනා..

හරේ හරේ.. ගෙඩි හතක් අටක් කැඩුවා තමෛ.. අර තිරිසන්නු මහා ගොඩක් ඉන්න පන්තියට එක අඹයක් ගෙනිච්චොත් අපිට ඉතුරු වෙන්නෙ පුප තමා.. මේ කඩපු ටිකත් කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි වුන්ට..


" හ්ම් හ්ම්.. දැන් ඔය අඹ කඩලා ඉවරද.."


" නෑනෙ.. ඔය ටික ගාවන්නත් මදි අයියෙ.."
" ඒත් අපිට උස නෑ.. පහල අතු වල තිබ්බ ඔක්කොම ගෙඩි ටික කැඩුවා.."


මම ගොනා සේ කියද්දි අයියා ලාවට හිනාවෙලා ශර්ට් එකේ අත් දෙක නවන්න ගත්තා..

ඒ මොකතහ්හ්.. මූ අපිට නෙලන්නද දන්නෑ යන්නෙ..


" කෝ මල්ලිලා දෙන්නා බහින්න.."


අයියා කිව්වම මායි සෙතිනුවයි හිමීට ගහෙන් බැහැගත්තා.. මෙන්න යකෝ.. සපත්තු දෙකයි මේස් දෙකයිත් ගලෝපු අයියා විනාඩියෙන් ගහට නැග්ගා.. යකෝ එච්චර ඉක්මනට ගස් නගින්නෙ මූ පාට් ටයිම් හොර පොල් කඩනවද දන්නෑ..

අයියටනම් උස ඇති.. එයා තව අඹ ගෙඩි දහයක් පහලවක් විතර කඩලා දාලා ගහෙන් පැන්නා.. ඔව් ඔව් යකෝ පැන්නා.. අර අත්තෙ ඉඳන් බිමටම පැන්නා.. මූ නම් යකෙක්.. උගෙ උසත් එක්ක එච්චර අමාරු නැතුවැති ඉතිම් ඒක..


" ඉක්මනට ඔය ටික බෑග් එකට දාගන්න.."
" ප්‍රින්සිපල් සර් ආවොත් ඔක්කොටම අඹ නෙවේ කන්න වෙන්නෙ.."


අයියා සපත්තු දාන ගමන් කියද්දි අපීතින් අහස්ගෙ බෑග් එකට ඔක්කොම අඹ ටික ඔබාගත්තා.. උගෙ පොත් ටික ඩෙස් එක යටට ඔබලා බෑග් එක ගෙනාවේ අඹ ටික දාගෙන යන්නම තමා..


" තෑම්ස් අයියෙ.."
" අයියටත් අඹයක් දෙන්නත.."


" එපා එපා.. ඔය ටික අරන් ගිහින් කන්නලකො.."
" මම යන්නම් එහෙනම්.."


අයියා එහෙම කිව්වෙ ලාවට හිනාවෙලා..

අයියටත් බායි කියලා අපි කැන්ටිම පැත්තට ගියෙ ඇන්ටිගෙන් ලුණුයි මිරිසුයි ටිකක් ඉල්ලගන්න..


" අඩෝ යුගාන් අයියා පට්ට නේ.."


" ඔව් බං.. ඌ මාරම හොඳ පොරක්නෙ.."
" මම හිතුවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් නිසා අලි සීන් ඇති කියලා.."


අහස් එක්ක අනිත් උන් කියෝනොකට මායි සෙතිනුයි පිටිපස්සෙන් ඇවිදන් ගියෙ අරුන් කියන ඔක්කොම අහගෙනම තමා..

උන් කියන්නෙ ඇත්ත.. තේව් අයියා පට්ට හොඳයිද කොහෙද.. ඊයෙත් මං ඌට බැන්නා.. අද උදෙත් බැන්නා.. ඒත් මට වචනයක්වත් නොකියා දැන් පොර අඹත් කඩලා දුන්නා.. මුන්නෙ නියම හෙඩ් පිපෙට්ලා..


" ඇන්ටේ.. මිරිස් ටික්කුයි ලුණු ටික්කුයි දෙන්නකෝ.."


අහස් කෑ ගහනකොට අපිව දැකලා හිනාවුන ඇන්ටියා ඇතුලට ගියෙ අපිට බඩු ගේන්න..

ඕකනෙ අපි කැන්ටිමේ ඇන්ටිට හරි ආදරේ.. !!



























___________________________________________________


























" කවද්ද අයියෙ එතෝට ප්‍රැක්ටිස් පටන් ගන්නෙ.."


" හෙට අනිද්දම පටන් ගනී.. "
" අපි ප්‍රැක්ටිස් කරවද්දි ලමයෙක් අතේ පණිවිඩයක් එවනවා මල්ලිලගෙ පන්ති වලට.."


" හරි අයියෙ.. තෑම්ස් හොඳේ.."


මායි සෙතිනුවයි පෙරඩ් එකට බැඳුනා.. දැන්ම ස්පෝට්ස් කරන එක හොඳයි කියලා තමා ඉතින් අපි අපේ නම් දුන්නෙ..


" ආ මල්ලේ.. මට අමතක උනා කියන්න.."
" ඔයාලගෙ බෑග් වල හැමතිස්සෙම වගේ බොටම් ටීශර්ට්ස් තියාගන්න.. හෙට ඉඳන් කොයි වෙලේට ග්‍රවුන්ඩ් එකට ගනීද කියන්න බෑ.."


" අහ් හරි අයියේ.."


ටිකක් දුර ආපු අපිට අයියා කෑ ගහලා කියද්දි මාත් ආපහු කෑ ගහලා සෙතිනුවා එක්ක පන්තිය පැත්තට යන්න ගත්තා..

අනේ මුගෙ සද්දයක් නෑනෙ.. මූ දැන් වැඩිය කතා කරන්නෙම නෑ.. මගේ තිරිකන් පැටියට ලොකු අවුලක් වගේ..

දැන් ඇහුවනම් හරි..


" සෙතිනුවෝ.."
" මෙහ් මම උඹේ කවුද.."


මම අහනකොට මූ මං දිහා බැලුවෙ ඇස් අලි සයිස් කරන්.. සුවර් මූට පුදුම ඇති.. මං ඒම ලේසියෙන් අහන්නෑනෙ ඔව්වගේ එව්වා..


" මොකෝ හදිස්සියෙම.."


" හදිස්සියක් නෑ.."
" කියපම්කො ඉතිම්.."


" උඹ දන්නෝනෙ බං.. මට උඹව නිකම් යාලුවෙක් විතරක්ම නෙවේ.."
" ගෙදර ඉන්න මගෙම මල්ලිටත් වඩා මං උඹට ආදරෙයිනෙ.."


අනේ මගේකා.. මාත් ආදරෙයිනෙ මූට.. හා හා මටෝන දේ දැනගන්නකම් මගේ ආදරේ පෙන්නන්නෝන්නෑ..


" අන්න ඒක තමා මටත් දැනගන්නෝන උනේ.."
" උඹ මාත් එක්ක හැමදේම බෙදාගත්තා.. අපි චූ කොල්ලො කාලෙ ඉඳන් එකටනෙ.."
" අපි හොඳම යාලුවො වෙලත් ඇයි උඹ දැන් විතරක් මාව හලන්නෙ.."


සෙතිනුවා එකපාරටම මං කිව්ව කතාව අහලා හිටපු තැනම නතරොවුනා.. අන්න අන්න.. දැන් ඌ සීරියස්..


" මම කොහෙද උඹව හැලුවෙ.."


" උඹ මාව හැලුවා තමෛ යකෝව්.."


" මං ඒමෙකක් කලේ නෑ බං.."


" ආ ඒමතහ්හ් කුඩුමහත්තයා.. එහෙනම් මට උඹේ හිතේ තියන ප්‍රශ්නෙ කියපම්.."
" දැන් ඒමෙකක් නෑ කියන්න එපා.. මම දන්නවා උඹ ඉන්නෙ ඖලක කියලා.. උඹට බෑ මට කිසි දෙයක් හංගම්න.."


මම දැක්කා සෙතිනුගෙ ඇස් කලබලෙන් එහෙ මෙහෙ යනවා.. ම්ම්ම්.. මොකක් හරි දෙයක් තියනවාම තමෛ.. මං නොදන්න දෙයක්..


" කියපම් බං.. උඹෝම නෑ කලින්.."
" මාව විශ්වාස කරන්න බැරි නෑනෙ.."


" අනේ එහෙම නෑ බං.. මගෙ හැමදේම මම කියන්නෙ උඹටනෙ.."


" එහෙනම් මේකත් කියහම්.."
" දැන් ඉංග්‍රීසිනෙ තියෙන්නෙ.. ඉංග්‍රීසි මගුලක්කෝන්නෑ.. අපි යමු බෙන්ච් එක්කට.. ඒ නැත්තම් වෙරළු ගහ යටට හරි යමං.. ඊටපස්සෙ කියාම් මට ප්‍රශ්නෙ.."


සෙතිනු ටිකක් කල්පනා කරලා බෑ කියන්න ඔලුව වැනුවා..


" නෑ බං.. හවසට පොලිස් ග්‍රවුන්ඩ් එකට යමං.."
" උඹයි , මමයි , අපේ අරලිය ගහයි විතරක් දැනගන්න ඕන ‍අපේ රහස් පිට ගහකටවත් යන්නෝන නෑ.."


මම හා කියන්න ඔලුව වැනුවා.. එතන අපේම තැන නිසා සෙතිනුටත් ඒකෙන් නිදහසක් ලැබෙයිනේ..
























___________________________________________________























ගෙදර ඇවිත් කාලා නාලා ඉවර වෙලා ශෝටට සුදු ටීශර්ට් එකක් දාගෙන ෆෝන් එකත් සාක්කුවට දාගන්න ගමන් මං සෙරෙප්පු දෙකක් හොයන්න ගත්තා.. ආ මේ තියෙන්නේහ්..


" අම්මේ.. ඒනම් මම යනෝ.."


" කෝ සෙතිනු පුතා ආවද.."


" ඕ ඕ අම්මෙ.. ඌ ගේට්ටුව ලඟ.. මම තාත්තා එන්න කලිම් එන්නාම්.."


" හරි.. පරිස්සමෙන් ගිහින් එන්න චූටී.."


අම්මට සැලුට් පාරක් දාලා මං ගේට්ටුව ලඟට දුවන් යනකොට සෙතිනු ඉන්නවා නිකම් දාහකට අරන් රුපියලට දීලා වගේ..


" හරේ.. සෙතිනුවෝ උඹේ සිහින කුමාරයා ආවා.."
" අපි යං.. අපි යං.."


" යමං.."


සෙතිනුවා ලාවට හිනාවෙලා මගේ කරෙන් අත දාගත්තම අපි දෙන්නා සද්ද නැතුවම ඇවිදගෙන ගියෙ පොලිස් ග්‍රවුන්ඩ් එක පැත්තට..


" අංකල් මේ බෝල මුරුක්කු එකෙනුයි , කූරු මුරුක්කු එකෙනුයි ග්‍රෑම් සීය ගානෙ දෙන්නකො.."


සෙතිනු මුරුක්කු ගන්නකොට මං ඌගෙ ටීශර්ට් එකේ කොනකින් අල්ලගත්තෙ ඇස් බෝල කරන්.. ඌ දැන් දන්නවා මං මොකක්ත කියන්න යන්නෙ කියලා..


" අංකල් ෆලූඩා අයිස් දෙක්කුත් දෙන්න.. "


අනේ මගේ අහිංසකයා.. මං ගැන මූ ඇර වෙන කවුරු දැනගන්නද ඉතිම්..

මගේ සෙතිනුවට මං හරි ආදරෙයි අනේහ්..

අංකල් දුන්නු අයිස් ක්‍රීම් දෙකත් අරන් මං කඩෙන් එලියට පනිද්දි සෙතිනුවා හිමීට මගෙ පිටිපස්සෙන් ආවා.. ඌ වෙනස් වෙලා.. ප්‍රශ්නෙ ටිකක් නෙවේ ගොඩක් ලොකුයි වගේ..


" හරි.. දැන් කියාම් මොකෝ සීන් එක කියලා.."


පුරුදු විදිහට අරලිය ගහ යටින් ඉඳගත්ත ගමන් මම ඇහුවත් සෙතිනු කලේ ලොකු හුස්මක් පහත දාලා ප්‍රැක්ටිස් කරන එහා ඉස්කෝලෙ උන් දිහා බලම් ඉඳපු එක..

මාත් ඉතිම් ඌම හිතිලා කියයිනෙ කියලා අයිස්ක්‍රීම් එක කන්න ගත්තා.. ම්හ් ෆලූඩා.. මයෙ පේවරිට්..


" සයාෂ්.. මට උඹව වටිනවා.."
" මං කියන්න යන දේ අහලා මට උඹව නැති වෙයි කියලා බයයි බං.."


" පිස්සුදෝට්ටො.. උඹ මොනාද මේ කියන්නෙ.."
" උඹ හොඳටෝම දන්නවා මොන මගුලක් වුනත් උඹටයි මටයි තරහා වෙලා ඉන්න බෑ කියලා.."
" ගොඩ දෙනෙක් ට්‍රයි කලත් අපේ යාලුකම නැති කරන්න බැරි උනා.."
" ඉතින් උඹට ප්‍රශ්නයක් උනා කියලා මම දාලා යයි කියලා හිතන්නෙ.. මොන තිරිසන්කමක්ද යකෝ ඒ.."


මං ගිරිය යටින් බෙරිහම් දෙද්දි සෙතිනුවා කලේ ඈත බලන් ලාවට හිනාවුන එක..


" මං උඹෙන් ඉල්ලන්නෙ එකම දෙයයි.."
" මේ කියන එක අහලා මාව හලන්නෙපා බං.. උඹ දන්නවා කොච්චර උන් හිටියත් මට දැනෙන්නෙ උඹව විතරයි කියලා.."


" මට දිවුරන්න පුලුවන්.. මොන දේ උනත් උඹ එක්ක මම තරහා වෙන්නෑ.."


සෙතිනුවා අර ඈත ප්‍රැක්ටිස් කරන උන් දිහා බලන් ආපහු ලොකු හුස්මක් පාත දැම්මා.. අනේ ඇයි මූ මෙහෙම.. මට බයයිත් වගේ..


" ස්-සයාෂ්.."


" හ්ම්ම්.. කියපම්.. මම අහන් ඉන්නෙ.."


" මේ.. මං හ්-හිතන්නෙ.... මේ....."


සෙතිනු මොකක් හරි කියාගන්න බැරුව ගොතගහන්න ගත්තා.. මම කලේ ඉවසීමෙන් බලන් හිටපු එක..


" ම්-මේ...... ම්-මම එදා උඹට ප්-පෙන්නුව අයියට මං ක්-කැමතී.."


" ඉතින්.. අපි කැමති අයියලානම් කීයක් ඉන්නවද බං.."


" නෑ යකෝ.. උඹ හිතන ක්-කැමැත්තක් ගැන නෙවෙයි මං ක්-කියන්නෙ.."
" ම්-මම එයාට ආ-ආදරෙයි.. !! "


සෙතිනු ඇස් වල කඳුලු පුරවන් කෑ ගහලා අරලිය ගහේ කඳට හේත්තු වුනා..

ම්-මොකක්ද ඒ කිව්වේ.. ආ-ආදරෙයි..

විනාඩි ගානක් යනකම් අපි දෙන්නගෙන් කිසිම සද්දයක් ඇහුනෙ නෑ..


" ස්-සෙතිනූ.."
" උඹ හොඳින්ද.."


කතා කරන්න පුලුවන් කියලා දැනුන ගමන්ම මම පහත් කටහඬකින් උගෙන් ඒම ඇහුවා..


" අනේ මං දන්නෙ නෑ බං.. මට මැරෙන්නෝන.."


" පිස්සුද යකෝ.. මොනාද මේ කියන්නෙ.. ඔය මැරෙන කතා නවත්තපං බං.."
" අ-අනික කොල්ලෙක්ට ආදරේ කරන එක - - - "
" මං හිතන්නෑ උඹ කරන්නෙ වැරැද්දක් කියලා.."


මම අනිත් පැත්තට කෑ ගහනකොට සෙතිනු මහා හයියෙන් ඉකි ගහන්න ගත්තා..


" ඒත්.. ඒ-ඒත් මේ ලංකාව බං.. මේකෙ මිනිස්සු ම්-මාව තේරුම් ගන්නෙ නෑ.. ම්-මාව මානසික ලෙඩෙ.... ලෙඩෙක් කියලා කොන් කරයි බං.."
" අනේ මේක දැ....දැනගත්තොත් මාව ග්-ගෙදරිනුත් එලවයි.."


" හරි හරි.."
" උඹ මුලින්ම ඇති වෙනකම් අඬපන්කො.. අඬලා ඉවර කරපන්.."
" ඊටපස්සෙ අපි මේ ගැන කතා කරමු.."


මම කිව්වම සෙතිනු මගේ උරහිසෙන් ඔලුව තියාගෙන ඉකි ගහන්න ගත්තා.. මම පැය බාගයක් විතර සෙතිනුගෙ ඔලුව අතගගා හිටියෙ ඈත ඉන්න මුගෙ අයියා දිහා බලන්.. ටිකකින් මූ ඔලුව ඉස්සුවෙ ඉකිගහන එක නවත්තලා..


" හරිද.. ඇඬුවා ඇතිද.."


සෙතිනුවා ඇස් පිහදාගෙන ඔව් කියන්න ඔලුව වැනුවා..


" හරි.. දැන් මට මුල ඉදන් සේරම කියපම්කො.."


" හ්ම්ම්ම්.."


ටිකක් වෙලා හිටපු සෙතිනු අන්තිමේ කතා කරන්න ගත්තා..


" එයාගෙ නම සහස් විද්වාන්.. එහා ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් එයා.. මම එදා කිව්වෙ.."


" ම්ම්ම්.."


" උඹට මතකද මම කොමස් වලට ක්ලාස් එක්කට ගියා.."


" මතකයි.. ගිය මාසෙනෙ උඹ ඒකෙන් අයින් වුනේ.."


" හ්ම්ම් ඔව්.. ඉතින් ඒ ක්ලාස් එක කලේ විද්වාන් අයියගෙ අක්කා ඔමාෂි.. ක්ලාස් කලේ අයියලගෙ ගෙදරම තමා.. ඒක ලොකු ගෙයක්.."
" එහෙ තියනවා බං සෙල්ලම් කරන්නම හදපු ග්‍රවුන්ඩ් එකක්.. ක්ලාස් කරපු තැනට ඒ ග්‍රවුන්ඩ් එක හොඳට පේනවා.."
" ඉතින් ඉස්සර අපි හැමදාම ක්ලාස් කරන දවසටත් විද්වාන් අයියා එතෙන්ට වෙලා තව යාලුවො ටිකක් එක්ක සෙල්ලම් කලා.. ඒ දවස් වල තමා මම එයාව පලවෙනියට දැක්කෙ.."


" එයා හැමදාම සෙල්ලම් කලාද.."


" ඒක දන්නෑ බං.. ක්ලාස් තිබ්බෙ ඉරිදනෙ.. හැම ඉරිදම සෙල්ලම් කලා.. එදාට අයියලට නිවාඩු ඇති සමහරවිට.. "


මං හා කියන්න ඔලුව වැනුවම සෙතිනු ආයෙ කතාව පටන් ගත්තා..


" ඉතින් මං ක්ලාස් ගියාට ඉගෙනගන්න උනන්දු වුනේම නෑ.."
" උඹට මතකනෙ මට කලින් විභාගෙ කොමස් වලට ලකුනු තිබ්බෙ හතලිස් ගානක්.. යන්තම්නෙ එස් එකක් දාගත්තෙ.."


" හ්ම්ම්.. ඒකනෙ ඇන්ටි උඹව පන්තියෙන් අයින් කරගත්තෙ.."


" ඔව්.. ඒත් බං ඒක පන්තියෙ වැරැද්දක් නෙවේ.. මම අක්කා කියලා දුන්නු මෙලෝ මගුලක් අහන් හිටියෙ නෑ.. අයියා සෙල්ලම් කරන දිහා විතරමයි මට බලන්න ඕන වුනේ.."
" මං ආසාවෙන් ක්ලාස් ගියෙත් ඒකමයි.. ඉතින් කොහොමහරි මගෙ ලකුණු අඩු නිසා අම්මලා හිතුවෙ ක්ලාස් එක හරි නෑ කියලා.. ප්-පස්සෙ එයාලා මාව ඒකෙන් අයින් කරන් උඹ යන පන්තියටම දැම්මා.."
" එදායින් පස්සෙ මම ආපහු විද්වාන් අයියව දැක්කෙ මල්ලි එක්ක ටවුමට ගිහින් එද්දි.. පොර මෙතන ප්‍රැක්ටිස් කර කර හිටියෙ.."
" ඒකයි එදත් මම උඹට කිව්වෙ මෙතනට එමු කියලා.."


සෙතිනුවා කතාව කියලා ඉවර වෙලා කම්මුල් වල තියෙන කඳුලු පිහිදගත්තා.. ආපහු අපි දෙන්නගෙම සද්දයක් නැතුව විනාඩි ගානක් ගෙවුනා.. අපිට ඇහුන එකම සද්දෙ හුලඟට මුසෙ වෙච්ච විද්වාන් අයියගෙ කමාන්ඩ් එකේ සද්දෙ විතරමයි..


" කොහොමද හරියටම දැනගත්තෙ උඹ විද්වාන් අයියට ආදරෙයි කියලා.."
"ඒක නිකම්ම නිකම් ආකර්ශනයක් විතරද දන්නෙ නෑනෙ.."


" මමත් මුලින් හිතුවෙ ඒක නිකන් ආකර්ෂණයක් කියලා.. ඒත් බං ක්ලාස් නැවැත්තුවම තමා මටත් තේරුනේ මම එයාට හුඟක් ආදරෙයි කියලා.. මට මුලින් අයියව හුඟාක් මතක් වෙන්න ගත්තා.."
" ඉස්සර ක්ලාස් ගිහින් ඇවිල්ලත් පැය ගනම් මම ඇඳට වෙලා එයා ගැන හිතනවා.."
" උඹ දන්නවනෙ.. මට කෙල්ලෙක් ගැන කැමැත්තක් හිතිලත් නෑ.. ඉස්සර අහස්ලා කෙල්ලො ගැන කියවද්දි මම ක්ලාස් වල වැඩ කියලා එතනින් මාරු වුනේ ඒකයි.. මොකද මට ඒ ටොපික් ගැම කිසි ඉන්ට්‍රෙස්ට් එකක් තිබුනෙ නෑ.."


ඒක ඇත්තනෙ.. ඉස්සර ඉඳන් සෙතිනුවා කෙල්ලො ගැන කියවන්නෙම නැති තරම්..


" මගෙ හිත ගිය එකම කෙනා විද්වාන් අයියා.."
" ඒත් බං පස්සෙ ක්ලාස් යන්න බැරිවෙනකොට මට මාර අවුල් ගියා..  ඉතිම් මං පට්ට කට්ටක් කාලා අයියගෙ ඉන්ස්ටා , ෆේස්බුක් ප්‍රොෆයිල්ස් හොයාගත්තා.."
" අයියා වැඩිය ඒවා වල අප්ඩේට් කෙනෙකුත් නෙවේ.. යාලුවො එක්ක දාපුවා , ස්පෝර්ට්ස් වලදි ගත්ත ෆොටෝස් විතරයි තිබ්බෙ.."
" ඒත් ඇති බං මට.. ඒ ෆොටෝ දිහා බලන් මම පැය ගනම් අයියව මතක් කර කර අඬලා ඇති.."


" උඹට තිබ්බා මටේගැන කියන්න.."


" කොහොමද.. මට උඹවත් නැති කරගන්න ඕන වුනේ නෑ.."
" මං බයයි බං.. මිනිස්සු මට කොලුකාරයෙක් විහිළු කරාවි.."
" ම්-මට බෑ ම්...මිනිස්සුන්ගෙන් ක්-කතා අහගන්න.."
" අනේ උ-උඹනම් මට එ...එහෙම කරන්-නෙපා බං.."


සෙතිනු කියනකොට මං ඌව තද කරලා බදාගත්තා.. ඌත් මට වාරුවෙලා ආපහු හිමීට අඬන්න ගත්තා..


" අනිත් උන් වැඩන්නෑ.."
" කවදාවත් මං උඹව තනි කරන්නෙ නෑ සෙතිනු.. උඹ මගෙ හොඳම යාලුවා.. "
" මේ වගේ දෙයක් නිසා උඹව හලලා දාන්න තරම් මම තිරිසනෙක් නෙවෙයි.. "
" අනික උඹ කාට ආදරේ කලත් ඇයි බං මම ඒකට වැරැද්දක් කියන්නෙ.. උඹ නවතින්න ඕන උඹට දැනුන තැනනෙ.. "


" උඹට ප්-පින් සයාෂ් මා...මාව තේරුම් ගත්තට.. මට්-ට දැන් ලොකු න්-නිදහසක් දැනෙනවා බ්-බං.."


සෙතිනුවා හිමීට කිව්වම මම ඌගෙ ඔලුව අතගාන්න ගත්තා.. අපි හුඟාක් වෙලා අරලිය ගහ යට හෙවනේ වාඩි වෙලා හිටියා.. සෙතිනුට ඇති කියලා හිතෙනකම් එයා මට තුරුල් වෙලා ඇඬුවා.. එයා අඬපු එක ගැන , එයා කියපු දේවල් දන්නෙ මමයි , අරලිය ගහයි විතරමයි.. අපි දෙන්නා ඇරුනම අපේ රහස් දන්න එකම කෙනා මේ අරලිය ගහනෙ..


" සෙතිනූ.. විද්වාන් අයියට උඹව මතක නැද්ද.."


" න්-නැතුවැති බං.. මම එයා දිහා බැලුවට එක දවසක්වත් එ...එයා මං දිහා බලලා නෑ.."


" උඹ අයියටගැන කියන්නෙත් නෑත.."


" නෑ බං.. ඒක උඹයි මමයි මේ අරලිය ගහයි විතරක් දැනගෙන ඉඳලා නැති වෙලා යයි.."
" මට ඕන නෑ මං ආදරේ කරන කෙනා මාව මානසික ලෙඩෙක් ගානට දකිනවා බලන්න.."


ඒකෙත් ඇත්තක් තියෙනවා.. මම සෙතිනුට වැරැද්දක් කිව්වෙ නෑ තමයි.. ඒත් මේක ලංකාව.. සම්මතේ ලොකු කරගෙන ඒක ගැනම කිය කිය ඉන්න රටක එවුන් කවදාවත් සෙතිනු වගේ උන්ව තේරුම් ගන්නෙ නෑ..


" අදින් පස්සෙ උඹ හැම දෙයක්ම මට කියන්න ඕන.. හරිද.."
" කිසි දෙයක් තනියම හිතේ තියන් විඳවන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න.."


" මම පොරොන්දු වෙනවා.. "


අන්තිමේට අපි එතනින් යන්න නැගිටිනකොටත් දැක්කෙ විද්වාන් අයියා ටීම් එකට කමාන්ඩ් කරන විදිහ.. සෙතිනුගෙ වැරැද්දක් නෑ.. ඕනම ගෑණු ලමයෙක්ගෙ විතරක්ම නෙවේ පිරිමි ලමයෙක්ගෙ වුනත් හිත හොල්ලන්න පුලුවන් පෞරුෂයක් ඒ අයියට තිබ්බා..

මම බැලුවෙ මගෙ අතින් කලින් වැටුන අයිස්ක්‍රීම් එක දිහා.. ඒක බිමටම දිය වෙලා ගිහින් තිබ්බා..


" දැන් පොඩි එකෙක් වගේ මූන අමුතු කරන් ඉන්න එපා.."
" මං උඹට තව ෆලූඩා එකක් අරන් දෙන්නම්.."


සෙතිනු කිව්වම මම හිනාවෙලා ඌගෙ අතේ එල්ලුනා.. මොනා උනත් මං මගේ හොඳම යාලුවට හුඟක් ආදරෙයිනෙ.. ගත්ත මුරුක්කු ටිකත් කකා අපි පිට්ටනියෙන් එලියට ගියෙ හිතේ තිබ්බ බරෙන් ටිකක් විතර අරලිය ගහට බාර දීලා..

යන්න කලින් සෙතිනුගෙ ඇස් ආපහු ග්‍රවුන්ඩ් එකට එබිලා විද්වාන් අයියව හොයන විදිහ මම නොදැක්කම නෙවෙයි.. මුකුත්ම නොකියා ටිකක් දුර යනකම් දැනෙන සුදු අරලිය මල් සුවඳ විඳින ගමන් මම යාන්තමට ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා..





























___________________________________________________


















කොහොමත ඉතිම්.. 😌💜️

කතාවේ නොටිෆිකේශන් එන්නෙ නෑ නේද මිතුරනි.. 😒💔 අනේව් මං එම් කේ.. 😒💔

නිකම් කතාව කියෝලා යනේකේ මොනාහරි කියම් යන්නලා.. 😁

යාලුවන්ටත් කතාව සෙයා කරන්න හොඳේ.. 😁



💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ - Sayuu.. 💕

2024.03.05

Continue Reading

You'll Also Like

143K 15K 76
මට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.1...
672 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...
16K 472 25
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
1.7K 201 6
'අදින් පස්සේ එන හෙට දවසවත් අදින් පස්සේ එන කිසිම දවසක් ගැන මට බලාපොරොත්තුවක් නෑ හිමව්! මම බලාපොරොත්තු වෙනවා මොන දේ උනත් ඔයා දකින්නේ මගේ ඇස් දෙක විතරම...