තත් 🔞

Da sheronhesaraa

24.8K 1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ Altro

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි තුන්වන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

විසිවන ස්වරය ♥

326 16 15
Da sheronhesaraa

අපේ ආදරෙ ඉස්සරහට ඉස්සරහට ගලාගෙන ගියා...මම හැමදේම වචනෙන් වචනෙ කියන්න යන්නෙ නෑ...ඒත් මේ කාලෙ ඇතුලත දෙතුන් පාරක් ආයෙ ආයෙම රත්මලානෙ දුවන්න නම් මට සිද්ධවුනා..දැන් මට ඒක ඒ තරම් ගානකුත් නෑ හැබැයි...පුරුදුවෙලා 🤣

එදා තේවත්ත පල්ලි ගිහින් ආයෙම ගෙදර එද්දි රෑ හතයි...උදේ නවයට ගෙදරින් ගිය කොල්ලනෙ ඉතින්...අම්මා පොඩ්ඩක් කච කච ගෑවා..එයා බය වෙලා එයාගෙ සුට්ටම් බට්ටිච්චව උකුශ්ශෙක් ඇවිත් ඩැහැගෙන ගීන් ඌවා කරලා කියලා...හිකිස්....මම එයාට කියන්න ගියෙ නෑ කොලඹ ගිය කතාවක්...එයාට කිව්වා විශාක්‍ය එක්ක ගමනක් ගියා කියලා...අම්මට මාව විස්වාස නිසාම අව්ලක් ගියෙ නෑ.

දවස් ගෙවුනා...ලස්සන ලස්සන දවස්ගොඩක් ගෙවිලා ගියා...ආදරේ ලස්සනට ගලාගෙන ගියා...තව ලස්සන කාලයක් නොදැනිම ඇවිත්...

"අම්මා.........අම්මාහ්හ්හ්හ්...."

"මොකද සුදු කෑගහන්නෙ ....ආ...."

"කෝ පාප්ප එක...දැන් කීයෙ ඉඳන්ද මම ඉල්ලන්නෙ....."

"ඇයි අතපය නැද්ද...ආ...මම කිව්වනෙ පිටි ඇති පිටිදාන එකේ...වතුර එනවා ටැප් එකේ...උනුකරලා හදාගන්න එකයි ඇත්තේ..."

"අයියෝ මොකක්ද අප්පා...මම මේ සව් කොල අලවනවා....මේවා වේලෙන්නත් ඕනිනෙ...එතකල් හදලා දෙන්නෙකො අනේ....ආදරෙයිනෙ මම ඔහෙට....."

"අනේ මන්දා පුතේ...උබලටයි උබලයි මහ එකාට දෙන්නටම මොන මගුලටත් මතක් වෙන්නෙ මාව...මම කතරගම දෙවියොද...මට අත් දෙකයි තියෙන්නෙ...."

"ඉතින් අනේ...තාත්තට ඔයාව නැතුව වෙන කාරුහරි මතක් වුනොත් ඔයා ඔහොම කියයි..."

"කට වහපන් සුදූ...උබලා එක්ක කතාකරලානම් දිනන්න බෑ.."

"මගෙ සුදු අම්මා...😁"

කෝමහරි බටර් ගාලා ගාලා අම්මව යැව්වා පාප්ප හදාගන්න...නංගියි මමයි එකතුවෙලා සව් කොල එකට අලවනවා...මලයා සව්කොල වලින් දම්වැල් හදනවා...හදාගතපු පාප්ප ටික ඉවරවෙන්න කිට්ටුයි දැන්...ඒකයි අම්මව ආයෙ යැව්වෙ.

"නංගී...ඔය අතට නෙවෙයි...සුදු පාට සව් කොළේ දිග අතට තියලා ඒකෙ කෙලවරට පාට සව් කොලයක් අලවන්න...එක පාටින් එහෙම මූට්ටු කරපු සව්කොල පහ ගානෙ හදාගන්න ඕන..."

"හරි අයියෙ...මේ අපි මේ පාර දන්සලක් දෙන්නෙ නැජ්ජ අයියෙ."

"දෙමු දෙමු...තව කල් තියේනේ...තව දවස් දෙකක් තියේනෙ පෝයට .අපි පෝයට පස්සෙ දවසෙ දෙමු මොනාහරි...."

"මොනාද දෙන්නේ ඉතින්"

"අපි මේ පාර දෙමු පානුයි සීනි සම්බලුයි....නොදී ඉන්න බෑ...මතක ඇති කාලේ ඉඳන් දිගටම දුන්නානෙ හැම අවුරුද්දෙම...අපි අයිස්ක්‍රීම් , බෙලිමල් , සව් , යෝගට්, කඩල , බීම හැමදේම දුන්නනේ...මේ පාර පාන් දෙමු එහෙමනම්...."

"හා...එහෙනම් අපි දැන්ම කට්ටිය එක්ක කතාබහ කරගමු නේද ..."

"ඔව්...ඒක අපි බලාගමුකො...මුලින් මේ කූඩු ටික අලවගෙන ඉන්නවකො...කූඩු ටිකේ තාම ඇටසැකිල්ල විතරයි...කූඩු අටක් තියෙනවා...සේරම එකම විදිහට අලවන්න..."

"අපෝ...එහෙම හරි නෑ...අපි වෙනස් වෙනස් විදිහට අලවමු...."

"අනේ එපා...එතකොට ඇස් දෙකට අමාරුයි නංගි...එකම ස්ටයිල් එකට වෙන වෙන පාටවලින් ඇලෙව්වම බලද්දි ඇස් දෙකට හරිම සනීපයි නංගි...."

"ම්ම්ම්...ඕන එකක් එහෙමනම්..."

"මේ ඔන්න ඔය ටීවී එකට පෙන් එක ගහලා දානවා සින්දුවක්..."

"නිකනි නිලි සමුද්‍රම් දාන්නද .ආ ?"

"මගෙන් කුනුහර්ප අහන්නෙ නැතුව...බුදුගුන ගීයක් දාපන්."

"හරි හරි අනේ...බනින්නෙ...ම්හුක්.

"නංගි වික්ටර් සර්ගෙ අමාදහර දිය සින්දුව දාන්න...ඔය අලවන ගමන් අහගෙන ඉන්න...අවසානම පදේ කරුනාබර නෙත් නිවී ගියා කියද්දි මටනම් පිස්සු හැදෙනවා...ඒ තරමට සංවේදීයි "

"අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහනද පතුරා
ලෝ සත අතුරින් ජනිත වුනා "

ජය හඬින් ලෝකෙටම සින්හ නාද කෙරූ මාර පරාජය කර සියලු කෙලෙස් මැඬ බුද්ධත්වයට පාත්‍රවූ සියලු සතුන් වෙත දහම් රස පොවා ඒ කරුනාබර දෑස් නිවා පරිනිර්වානයට පිවිසි මගේ අමාමෑනී සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම , පිරිනිවන්පෑම කියන තෙමගුල සමරන්න ගහකොල , සතා සිවුපාවා වගේම බෞද්ධ අපිත් හරි හරියට සූදානම් වෙනවා.

හැමදේම අලුත් පනකින් හැඩවෙලා...පාරවල් දිගට කොඩිවැල්...මාතර අපි ලොකුවටම සමරන ආගමික උත්සවේ වෙසක්...අපි පොසොන් නම් සමරන්නෙම නැති තරම්.

හැම ගෙදරක්ම එක වගේ හැඩවෙලා...දන්සල් වලට ආධාර එකතු කරන කොල්ලො කුරුට්ටෝ ගෙයක් ගෙයක් ගානේ යනවා...සීයලා සෙට් එකක් එකතුවෙලා ඇල්බීසියා අතු සුද්දකරනවා පාට දිගට පහන් වැටවල් ගහන්න.

"චූටී...මල්ලීහ්හ්හ්හ්"

"ඕහ්හ්හ්...එනවා අනේහ්හ්"

"මොකද උඹ...කඩේට ගිහින් වරෙන්."

"අනේ මොකක්ද අයියෙ..."

"ඉතුරු සල්ලි උබ තියාගනින්...මේකෙන් මට තද රතුපාට සව්කොල පහකුයි කොජට් නූල් බෝලෙකුයි අරන් එන්න."

"ම්ම්ම්...මේ ලයිට් ටික අදින්නෙ නැද්ද..."

"අදින්න ඕන...ආ තව හාඩ්වෙයාර් එකට ගිහින් ඇඩෝප්ටර් දෙකකුයි හෝල්ඩර්ස් පහකුයි අරන් වරෙන්...."

"ම්ම්ම්...ඔය ටික ගත්තම පන්සීය ඉවරයි...මට ඉතුරු වෙන්නෙ නෑ..."

"ඉතුරු නොවුනොත් මම දෙන්නම් ආවම...උබ ගිහින් වරෙන්කො චූටි "

අපේ ගෙදර වෙසක් එකට කොඩි දාන , වයරින් කරන දේවල් සේරම වෙන්නෙ මන් අතින්...තාත්තා බිස්නස් බිස්නස් බිස්නස්...මමයි නංගියි තමා ඉතින් අම්මා එක්ක එකතුවෙලා ගෙදර දේවල් බලාගන්නෙ.

"ඔය උස මදි."

"අනේ බන්...මීටවඩා උසට කොහොමද ගෙනියන්නෙ.."

"නෑ අයියෙ...ඕමනම් කැතයි...කූඩු ටිකත් වැහිලා යනවනෙ කොඩි වලට."

"එහෙනම් ඔය ලනුවෙ කෙලවරට ගලක් ගැටගහලා දීපන් රෑනක්වත් ගහන්න අර දෙබලෙට."

අපි කොඩි දානවා...මෙත්මල් පිබිදේවා කියලා ගහපු අඩි හතරයි දෙකේ කොඩි වැලක්...නංගිගෙන් ඉල්ලගෙන රෑන ගහගත්තා...

"සුදු මහත්තයා."

"ඕ...කියන්න අම්මා."

"පුතේ තාත්තා කෝල් එකේ...දන්සලක් දෙමුද අහනව."

"හා කියන්න...අපි ගෙවල් දෙක තුන එකතුවෙලා කලින් පාරවල්වල වගේ මොනාහරි දෙමු කියන්න."

"මොනාද දෙන්නෙ අහනව."

"පානුයි සීනි සම්බලුයි හොඳයි නේද."

"පාන් ඕනිනම් දැන්ම ඕඩර් එක දාන්නලු."

"මම මේ අවට ඒවයෙ බැලුවා...ඒවාට ඕඩර් ඇවිත් කලින්ම...කජ්ජු වත්ත බේකරිය විතරයි තියෙන්නෙ....ඒකෙ පාන් ගෙඩියක් 60 ගානෙ දෙන්නම් කිව්වා."

( මේ 2022 ලමයි...දැන් තමා පාන් ගෙඩියක් 160 ක් වෙන්නේ...ඒ කාලෙ මේ ගනන් තමා )

"ආ ...තාත්තා සල්ලි දෙන්නම්ලු...ඕඩරයක් දාන්නලු...පාන් ගෙඩි 200කට..."

"හරි අම්මා....."

වෙසක් සිරිය හොඳටම දැනෙන්න නම් බොදු බැති ගීයක් ඇහෙන්නම ඕන...බෙග් මඅස්ටර් , අමරදේව මාස්ටර් , වික්ටර් සර් , නන්දසිරි සර් , නන්දා මැඩම් , එඩ්වඩ් සර් , සුජාතා මැඩම් , මාලිනී මැඩම් නැතුව මොන වෙසක්ද.

" පිපෙනා මලකට - ගලනා දොළකට
දැනෙනා බුදුගුන නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරනින් පස්සේ
පින් පව් එනවා අප පසුපස්සෙ "

"සුදු මල්ලීහ්හ්....සුදූහ්හ්හ්හ්"

"ඕ ඕ...එනවා...මොකෝ"

"අන්න නිව්ලේන් එකේ අයිස්ක්‍රීම් දන්සලක් ලු...යමු."

"අම්මේහ්හ්හ්හ්හ්හ්හ්....මමයි නංගියි සාංචි අක්කලා එක්ක නිව්ලේන් එකට යනවා...ඔයාටත් අරගෙන එන්නම්...."

"ආ හරි පුතේ...පොඩි එකත් එනකල් ඉඳලා යන්න...පව්නෙ..."

"හරි අම්මා...ඔන්න කියනකොටම එනවා."

"අයියේහ්හ්....කොහෙද යන්නෙ "

"අයිස්ක්‍රීම් දන්සලක් ලු..."

🍦🍦🍦🍦🍦🍦

පෝලිම් ඉල්ලේ...ගමේ දන්සල නේ...ඕන තරම් අරන් කන්න කියලත් කිව්වා...දනසලක් වුනාම එහෙම තමා ඉතින් ....අපේ මලයානම් මන් හිතන්නෙ තුන් හතර සැරයක් ගිහින් කෑවා...නංගියි සාංචි අක්කයිත් කෑවා දෙක තුනක්...මන් එකයි...ආයෙ යන්න හදද්දිම වයිබ්‍රේට් වුනා.

ටිං ටිං 📲

"සුදු මහත්තයා...කොහෙද අනේ ඉන්නෙ."

"අපි අයිස්ක්‍රීම් කනෝ...මේ ගෙවල් ළඟ දන්සලක්."

"අනේ....කෝ මච..."

"ඔයාච ඤැහ්...මේ එනවද මෙහේ."

"එන්න වෙන්නෙ නෑ ශෙරෝ...අද තියටර් යන්න වෙනවා...මගෙ පේශන් කෙනෙකුට අමාරුයි ටිකක්..."

"මොකක්ද කේස් එක...ම්ම්ම් ?"

"සිරෝසිස්..."

"ම්ම්ම්...මෙහෙත් හෙන කේස් එකක් අප්පා."

"මොකක්ද කේස් එක සුජු මහච්චයා."

"ලව් කේස් තමා."

"අනේ...යන්න අනේ..."

"අම්මෝ...ලැජ්ජාව 😁"

"හරි මේ අහන්නකො...එහෙමනම් ඔයා පරිස්සමින් යන්න...තියටර් එක ඇතුලට සිග්නල් නැහැ...මම මේ සර්ජරි එක ඉවරවුනු ගමන් යනවා ගෙදර අද...මම තියනවා එහෙමනම් මැඩම් ආවා..."

"හරි බබා...පරිස්සමින් ...ආදරෙයිනෙ මම...බුදුසරණයි "

"බුදුසරණයි ...ආදලෙයි ආස තරම්."

"හහ් හා..🤣 පල පල...මැඩම්ට කේන්ති යාවි නැත්නම්."

"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ්."

මගෙ කොල්ලා පව්...හරියට මහන්සි වෙනවා...අද තියටර් යන්න වෙනවලු...අනේ සර්ජරි එක ඉක්මනින් ඉවර වුනොත් හොඳයි...ඕක ඉවරවෙනකල්ම මගෙ කොල්ලා හිටගෙන...රෑට ඇවිත් කකුල් කැක්කුමයි කියනව..

ගොඩාක් උන් හිතන්නෙ මෙඩ්ඩෙක් කිව්ව ම හෙන ආතල් එකේ ඉන්න පුලුවන් නේ කියලා...තක පමා...දවසෙම හිටගෙන...මැඩම්ලගෙන් සර්ලගෙන් බැනුම් අහනවා...නර්ස්ලා කැපිල්ල දානවා...මහා ගොඩාක් දේවල් පාඩම් කරලා මතක තියාගන්න ඕන...කන්න බොන්නවත් වෙලාවක් නැහැ...

බෙහෙත් ගන්න ගියාම මිනිස්සු කියනවා...විනාඩි පහක් බලලා බෙහෙත් ලිව්වා...මෙච්චර සල්ලි ගත්තා අච්චර සල්ලි ගත්තා කියලා...ඒ වුනාට ඒ අය හිතන්නෙ නෑ මේ තැනට එන්න ඒ කෙනා කොයි තරම් මහන්සි වෙන්න ඇතිද කියලා.

ඉතින් වෛද්‍යවරයෙක් ගෙවීමක් ලබාගන්නෙ ඔයාව බලන විනාඩි ගානට නෙවෙයි ඒ කෙනා එතනට එන්න ගතකරපු කාලය , මහන්සිය සහ මුදල් වෙනුවෙන්...මොකද වෛද්‍ය වෘත්තිය තෝරගත්තොත් ජීවිතෙන් හොඳම කාලෙ ඒ වෙනුවෙන් කැපකරන්න වෙනවා.

ඉතින් අයිස්ක්‍රීම් නාඩගමත් ඉවර වෙලා ගෙට ගොඩවුන හැටියේ මලයට කිවිසුමක් ගියේ පාර්වතී දේවිය වගේ උන්නු අම්මා මහා කාලි ස්වරූපෙට ස්විච් වෙද්දි.

"සුදූ...මේ බලනවා..."

"අනේ අම්මා ඉතින්..."

"අනේ අම්මා නෙවෙයි...ලෙඩ වෙන තරම් කන්නෙ මුන් හරියට අපි කන්න දෙන්නෙ නෑ වගේනෙ....."

"එහෙම නෙවේ අම්මා...ගෙදර ගෙනත් කන ලීටර් දෙකේ අයිස්ක්‍රීම් එකට වඩා දන්සලකින් පෝලිමේ ඉඳලා කන පුන්චි අයිස්ක්‍රීම් කෝන් එක වටිනවා...ඒක හරි විනෝදයිනෙ...."

"හරි හරි...මූට දැන් රෑට උන ගැනුනොත් එක්ක යනවා ඩොක්ටර් කෙනෙක් ගාවට...පෝය කිට්ටු නිසා ඩොක්ටර්ස්ලා නැ..මටනම් කියන්න එපා..."

"හරි හරි...මම බලන්නම්කො...එහෙම නැත්නම් නෙතූගෙන් බෙහෙත් අහගෙන ෆාමසි එකෙන් ගන්න පුලුවන්නෙ."

"හ්ම්ම්ම්....අන්න කන්න උයලා තියෙන්නෙ...මම යනවා චූටි ඇන්ටිලයි දිහා."

"ඒ මොකටද එහෙ යන්නෙ."

"හෙට දන්සලට කොස් සුද්ද කරනවා එහේ...මමයි තනූජායි ගිහින් එන්නම්..."

"ඉක්මනින් එන්න අප්පා...මොනාද කන්න් හැදුවෙ."

"උයලා තියෙන්නෙ...ගිහින් බලලා කනවා..."

"හරි හරි."

අපේ අම්මටත් හරීයට තරහා යනවා මේ දවස්වල...හුම්...එයාට පීරියඩ්ස්ද මන්දා අද...එහෙම දවසට තමා අම්මා ඔහොම මහාකාලි ස්වරූපෙට ස්විච් වෙන්නේ.

දැන් මම අම්මගෙ පීරියඩ්ස් ගැන කිව්වා කියලා මේ ලකේ පංකාවෙ අක්කලා නංගිලා ට්‍රිගර් වෙන්නත් බැරි නෑ...මෙහෙමයි ඒ මගෙ අම්මා...මගෙ ලෝකෙ මම දාකපු වටිනම කෙනා එයා...අනික එයා සමහර දාට මට කියනවා පුතේ අද මට දෙවියන්ට පහන තියන්න හොඳ නෑ ඔයා තියන්න කියලා...එතකොට මම දන්නවා එයාට පීරියඩ්ස් කියලා...ඕක ඉතින් මගෙ අම්මට විතරක් වෙන දෙයක් නෙවේ...අනික මම ආවෙත් අම්මගෙ බඩින් යෝනි මාර්ගය දිගේනම් මට කොහොමත් ඕක මහ අමුතු දෙයක් වෙන්න බෑ...අම්මට තමන්ගෙ පුතාට හරි නංගිට තමන්ගෙ අයියට හරි කියලා සනීපාරක්ශක තුවායක් ගෙන්නගන්න පුලුවන් වුනු දාට මේ රට දියුනු වෙලා කියලා හිතන්න පුලුවන්...පලවෙනි පාර මෙන්සස් වුනාම දවස් හතක් ජෝගි නටලා ලෝකෙටම කියලා සමරන්න හොඳයි...ඊටපස්සෙ ඒ ගැන කතාකරන්නත් ලැජ්ජයි , හිරිකිතයි...මගේ අම්මා සමහර දාට කියනවා පුතා අද අම්මට අමාරු දවසක් තේකක් හදලා දෙන්නකො කියලා...ඉතින් මම එයාට තේක හදලා ගිහින් දීලා , පැන්ඩෝලුත් දීලා නින්ද යනකල් ඔලුවත් අතගානවා...තමන්ගෙ අම්මට , නංගිට , අක්කට , වයිෆ්ට , ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හැමෝටම මේ දේ වෙනවා...it's fucking normal...ඒ නිසා ඒ ගැන කතාකරන්න ලැජ්ජ වෙන්නවත් බයවෙන්නවත් ඕන නෑ...අම්මෙක් තමන්ගෙ පුතාට ඒ ගැන කියලා දෙන එක වටිනවා...මොකද දවසක ඒ පුතා කසාද බැන්ද දාක මෙන්සස් වුනු වයිෆ්ව පිළිකුල් නොකර එයාව ආදරෙන් බලාගනීවි.

ඒවයින් වැඩක් නැහැ ...කෝමහරි අම්මග්ගෙන් බැනුමකුත් අහගත්තනේ....ඉතින් මූනත් දෙක කරගෙන මම ආවෙ කුස්සියට...හැබැයි හැන්ද අතට ගන්න විතරයි වුනේ මගේ උදව්වට දේවදූතියක් වගේ සාංචි අක්කා එබුනා කුස්සියට.

ආ සුදූ...දැන්ද බන් දවල්ට කන්නෙ.

ඔව් බන් අක්කෙ...කන්න බැලුවෙ...බෙදලා දෙනෝකො.

හෙන අහින්සකයා වගේ මම සාංචි අක්ක දිහා බැලුවෙ...එයත් අහුවුනා...සාංචි අක්කා කියන්නෙ අපේ ගෙවල් ලඟ අක්කා කෙනෙක්...දුවෙක් ඉන්නවා...හස්බන්ඩ් වෙන ගෑනියෙක් එක්ක ගිහින්...හරිම ධෛර්‍යවන්ත , හිතහොඳ කෙනෙක් තමා සාංචි අක්කා....මම මගෙම අක්කට වගේ සලකන්නෙ.

කොහොම බැලුවත් අපි හැමෝම සංසාරෙ අතරමන් වුනු අය...ඉතින් ඒ වගේ අස්ථීර නවාතැන්පලක ස්ථීර හිතමිතුරුකම් අපට මේ ටික කාලෙවත් සතුටින් ඉන්න උදව් කරාවි නේද ...

"සොයා පිලිසරනක් ලොවෙන් මා නොලැබ හව්හරනක්
භවෙන් භවයේ පතා ආවෙමි
හිමියනේ ඔබේ....ඔබේ බුදු වදනක්..."

"ආ...හරි...මේ සුදූ...කෝ අපේ යාලුවා ආවෙ නැද්ද."

"නෑ අක්කේ...එයාට එන්න වෙන්නෙ නෑ කිව්වා පේශන් කෙනෙකුට අමාරු වෙලා."

"ආ...අපරාදෙ...එයත් හිටියනම් මරු..."

"ඔව් ඉතින්...මේ ඒක නෙවෙයි අපි මේ පාර පාන් දෙමුද...."

"මොනා එක්කද පාන් දෙන්නේ..."

"පානුයි සීනි සම්බලුයි..."

"ආ ඒක හොඳයි....හෙටනෙ පෝය...අනිද්දා දෙමු රෑට..."

"ඔව්...මේ අක්කේ...කෙසෙල් කොලේ දෙමුද..."

"නෑ නෑ...කෙසෙල් කොල වැඩේ ඒ තරම් සාර්ථක නැහැ...කැන්ද කොලවල ඔතලා දෙමු..."

"ආ මරු...මායි කොල්ලො ටිකයි හෙට උදේට කැන්ද කොල කඩන් එන්න යන්නම්..."

"ම්ම්ම්...හරි...අනිද්දා උදේ වෙද්දි ලූනු , සුදුලූනු , අමු මිරිස් වගේ සීනි සම්බලට ඕන කරන දේවල් ගෙනත් තියන්න...දවල් වෙලා අපි හදන්නම් සීනි ස්අම්බල...."

"හරි අක්කේ...ලූනු කිලෝ හයයි...තනුජා ඇන්ටි දෙකයි ඔහෙලයි අම්මා දෙකයි සුදු අක්කා දෙකයි..."

"ආ එඑක හොඳයි..."

කතාවෙන් කතාව බත් පිඟානටම වගකිව් මම එලියට ආවා...හවස හතරයි වෙලාව...හෙට පෝය...කූඩු අටක් එහෙමම තියෙනවා අලවන්න.

හිත හිත ආව මගේ කල්පනාව බිඳිලා ගියේ කෝල් එකකින්...වෙන කව්ද ඉතින්...හී හී 😁

♥මගෙ පැංචා ♥

"හෙලෝ...ඔයා කොහෙද ඉන්නේ...මහබාගෙටවත් ආවද."

"මහබාගෙ නෙවේ....මම දැන් ඉන්නෙ වල්ගම."

"ඔය පැත්තෙත් වල්ගමක් තියෙනවද...මාතරත් තියෙනව."

"ආ ඇත්තද...මේ ඉක්මනට එන්න බෝධිය ළඟට...මම තා ටිකකින් බහිනවා."

"ඈ...මොකාක්ක්ක්ක්.....fuck fuck fuck ....උබට මම...හිටපන්කො...."

"නහින්නෙ නැතුව ඉක්මනට වරෙන් සුදුමහත්තයා...මහන්සි මට."

"හා හා...ත්‍රීවීල් පාර්ක් එක ඉස්සරහා නෙල්ලි ගහ යට ඉන්නවා...මම එන්නම් ක්ශ්නිකව."

"හරි ...පරිස්සමින් "

"ඔයත්."

.......................................................................................................................

මම ක්ශනිකව ශෝටකට ටී එකක් දාගෙන ආවා බෝධිය ළඟට...එන පාර දිගටම පොඩි පොඩි දන්සල්...දන්සල් පොඩි වුනාට මොකද දන්සලක් දෙන්න හිතන හිතක් පොඩි වෙන්නනම් විදිහක් නෑ...

"ආ මම පරක්කුද මැනිකෙ..."

"නෑ ඒයි...මහන්සියි මට...ම්හුක්...බීම එකක් ගමුද..."

"මේ කඳාන නෙවෙයි...මේ මාතර...මෙහෙ වෙසක් වලට සතියක් තියාම දන්සල් තියෙනවා..."

"මොනාජ ඒයි තියෙන්නේ...ඈ...?"

"බීම තිබුනා...සව් තිබුනා...තව පොල් රොටියි සම්බලුයි තිබුනා..."

"රොටිනම් කන්න බෑ...සව්ත් එපා...බීම එකක් බොමු ගීන්."

"එපා වුනාට කමක් නෑ...තමුසෙත් ගන්නවා...අපේ ගෙදර අයට ගිහින් දෙන්න පුලුවන්නෙ.."

"හරී...."

ඉතින් අපි එන පාර දිගටම දන්සැල්...අපේ ගෙදර ඉඳන් බෝධිය ළඟට මහ දුරක් නෑ...පයින් යන දුර...ඉතින් හිතාගන්නකො කොයිතරම් දන්සැල් තිබිලද කියලා...

එපා කිව්වට මොකද බීමත් බීලා සව්ත් බීලා රොටිත් කෑවා මේකා...

"මේ ශෙරෝ...ඉන්න ඉන්න...මෙතන මොනාද බලන්න."

"අනේ බබා...දැන් කලින් ලැජ්ජාවෙ මැරෙන්න හදපු එකා නෙද මේ දන්සැල් හොය හොය යන්නෙ...ආ ?"

"හරි ඒයි...නිකන් දෙන දේනේ...දන්සැලකින් කන අපිටත් පින්...දෙන එයාලටත් පින්."

"හාකො....මෙතන කිරිකෝපිද කොහෙද බබා."

"බොමු නේජ."

"ඕක බඩක්ද බන්...දැන් කීයක්නම් දේවල් කෑවා බිව්වද."

"අනේ මේ...මෙහෙමනෙ...දැන් සේරම දේවල් කෑවම බඩ අව්ල් වෙනවනෙ...ඉතින් අපි බඩේ කැක්කුමට බොන්නෙ මොනාද...කෝපි...ඉතින් බොමුකෝ."

"මට මොකද...බොන්න පුලුවන්නම් බොන්න...මටනම් එපා මැනික."

"හා...මම අරන් එන්නම්."

කෝමහරි මේකා ගෙනාව කිරිකෝපි එක තනියම බොන්න බෑ කියලා මටත් බලෙන්ම පෙව්වා ටිකක්...දිවත් පිච්චුනා...මේ දවස්වල දිව පිච්චුනොත් හෙන පාඩුයි අප්පා...කෑමක් තමා තියෙන්නෙ ඉස්සරහා සතියෙම.

"මේ සුදු මහත්තයා..."

"ඕ මැනික"

"අර කොහෙන්ද අර සින්දුවක් ඇහෙන්නෙ."

"ඔයා ඒ සින්දුව අහලා තියෙද කලින්."

"නෑනෙ අනේ....ලස්සන සින්දුවක් හැබැයි..".

"ඒක වසන්තා සන්දනායක මැඩම්ගෙ සින්දුවක්...ඔයා අහලා ඇතිනේ නන්ද කුමාරයා ගැන."

"ඔව් අර වැඳිරියෙක් පෙන්නුව කෙනා නේද."

"ඔව් ...ඉතින් බුදුහාමුදුරුවො නන්ද කුමාරයගෙ වෙඩින් එක දවසෙ වැඩලා ආපහු යද්දි පාත්තරේ දෙනවා නන්ද කුමාරයගෙ අතට...ඉතින් නන්ද කුමාරයටත් පාත්‍රය අරගෙන යන්න එනවා බුදුන් එක්ක...ගියාම බුදුන් නන්ද කුමාරයාව මහන කරවනවා...ඉතින් අර නන්ද කුමාරයාගෙ බ්‍රයිඩ් තමා තිලෝක සුන්දරී...සොරි සොරි...ඒ විජයබාහුගෙ වයිෆ්...නන්ද කුමාරයගෙ බ්‍රයිඩ් ජනපද කල්‍යානි...අන්න එයාගෙ පැත්තෙන් හිතන විදිහ තමා ඔය සින්දුවෙ තියෙන්නෙ..."

"බුදුහිමි දැකුමට ගිය මගෙ කුමරුනි නන්ද
අනේ ඔබ මෙපමන පමා වෙන්න හේතුව මන්ද.

මගෙ නලලේ චන්දන තිලකය වේලෙන්න පෙරදි එනවයි කිව්ව
අනේ ඇයි ද පමා ලැබුනද පනිවිඩ මම යැව්ව
ඇයි නොයෙන්නෙ ජනපද කල්‍යානිට හිත නැද්ද
සඳලු තලේ ඉන්නේ මා ගැන දුක නැද්ද

කිඹුල්වත් පුරේ යෞවනයින් ලෙස ඔබද සුගත් හිමිවෙත පිවිස
අනේ මහන වුනායැයි මට ආරංචියි සුහද
දැන්නම් හරි ආසයි ඔබගේ මුහුන දකින්න
අද හෙටවත් මාලිගයට පිඬුසිඟා වඩින්න "

"අපෝ සින්දුවක් කිව්ව ගමන් ඔයාගෙ ලෙක්චරර් මෝඩ් එක ඔන් වෙන එකනෙ අව්ල...මම ඇහුවෙ ඒ ආහෙන්නෙ කොහෙන්ද කියලා විතරනෙ."

"ආ ඒ හිත්තැටිය පන්සලේ තොරන ගහන තැන දාලා තියෙන්නෙ."

"තොරනකුත් තියෙනවද...මේමම බලලා එමුකො..."

"දැන් ගිහින් අපි බලබ් පත්තුකරන්නද...තාම ඕපන් කලේ නා...හෙට තමා ඕපන් කරන්නෙ...හෙටනෙ පෝය...අනික තොරන් නම් ගොඩාක් තියේ...මේදානන්ද ස්කූල් එක ඉස්සරහ ජයමහාවිහාරෙ තොරන තියෙනවා...කිතුලෙවෙල පන්සලේ තොරන තියෙනව...හිත්තැටියෙ තොරන තියෙනව...කොප්පරාවත්ත තොරන තියෙනව...කොටිකාගොඩ පන්සලේ තොරන තියෙනවා...."

"හම්මෝහ්හ්....අපි ඔය සේරම බලන්න යනවද ඒයි..."

"ඕ...හෙට රෑට තාත්තා බට්ටා ලොරියක් එවන්නම් කිව්වා යාලුවෙකුගෙ...අපියි , සාංචි අක්කලයි , තනුජා ඇන්ටිලයි තව අහල පහල සෙට් එකකුයි යනවා..."

"අම්මෝ අනේ....ලොරිවලද යන්නේ...වෑන් එකක් එවන්න කියන්නකො."

"බබා...ලොරියක පිටිපස්සෙ ගිහින් වෙසක් බලන එකේ තියන සතුට වෑන් එකක් අස්සෙ ගිහින් ගන්න බෑ බබා.
එක පොදියට තැලි තැලි ලොරියක බුදුගුන සින්දු කිය කිය ගිහින් දන්සල් වලින් කකා හිනාවෙවී වෙසක් බලන්න යන එකේ තියෙන්නෙ අමුතුම සතුටක්....ඉන්න පොඩ්ඩක්...කෝල් එකක් "

ට්‍රීං ට්‍රීං.....📲📲📲

"හෙලෝ සශේන් අයියා..."

"හෙලෝ මල්ලි...ඔයාලා කොහෙද ඉන්නේ..."

"අපි මාතර ඉන්නෙ අයියෙ."

"ආ මතරද...අපි බැලුවේ දෙන්නා ඉන්නේ කොළබනම් වෙසක් බලන්න යන්න අඬගහන්න...."

"ආ මෙයත් මාතර ආවා අයියේ...ඔයාලා කොහෙද යන්නෙ ඉතින්."

"කැලනිය පැත්තට ගිහින් ඔය කොලඹ ටවුන් එකේ පොඩ්ඩ්ව්ක් ඇවිදලා තොටළඟ තොරන , බන්ඩාරගම තොරන , පිටකොටුවෙ කොරන එහෙම බලලා ආයෙම එනවා ඉතින් ඇතිවෙන්න කාලා දන්සල්වලින්...."

"කව්ද යන්නෙ තව..."

"මායි අහසුයි...තව යාලුවො කීපදෙනෙකුයි."

"ම්ම්ම්...හරු අයියා...පරිස්සමින් එහෙමනම්...අපි මාතරනෙ."

"හරි මල්ලී...දෙන්නම පරිස්සමින් ...නෙතූවත් මතක් කලා කියන්න.!

"හරේ...."

"සශේන් අයියලත් වෙසක් බලන්න යනවා කියන්නෙ බබා."

"කා එක්කද..."

"අහස් අයියයි තව යාලුවො සෙට් එකකුයි එක්ක..."

"ආ එහෙමද...එයාල දෙන්නා විතරක් යනවනම් අපිටත් හෙට උදේ හරි යන්න තිබ්බා...හයිවේ ගිහින් එන එකනෙ."

"ඔව් අනේ...මමත් ආස නෑ එහෙම...ඒ දෙන්නා විතරක්නම් කමක් නෑ."

"ම්ම්ම්ම්...."

"අන්න අම්මා ඔයාලගෙ....නැන්දේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්........."

"අනේහ්හ්හ්...නෙතූ පුතේ...මූ මට කිව්වෙවත් නෑනෙ පුතා එන බවක් අද ...කන්න දෙයක්වත් හරියකට හදා තියන්න..."

"කියන්නත් එයා දැනගෙන ඉන්නෙපැයි නැන්දේ...මම පුදුම කරන්න නොකියම ආවෙ...අනික කන්නනම් බෑහ්හ්හ්...බඩපිරෙන්න කෑවා මග දිගටම...."

"එහෙම තමයි නේද අම්මා...මාතර මිනිස්සු."

"එක අතකට දකුනු රට වෙනම රටක් විදිහට අනිත් පලාත්වලින් වෙන් කරලා හඳුනවන එක හරිදත් මන්දා...මෙහෙ හැමදේම විශේශයිනෙ නැන්දෙ ."

"ඔව් එහෙම තමා ඉතින්...ඒකනේ...කෝමද දකුනෙ ගැම්ම."

"ආ ඒවයින් වැඩක් නෑ පුතේ...මන් එන්නම් ඔයාලා දෙන්න යන්න...අත්වල කොහොල්ලෑ...මම පොල්තෙල් අරන් එන්නම් කඩෙන්...."

"ආ හරු නැන්දේ...අපි ඒනම් යනෝ."

"හරි පරිස්සමින් දෙන්නම."

දන්නවද වෙසක් සිරිය හරියටම දැනෙන්නෙ පව්ලෙ හැමෝම එකතුවෙලා බට කපලා , සුද්දකරලා , පාප්ප ගාලා ආයෙම පාප්ප නාලා කූඩු අලවලා , ඒවා එල්ලලා , බල්බ් වැල් දාලා...කොඩි වැල් ඇදලා...අහල පහන අය එක්ක එකතුවෙලා පාර දිගට පහන් වැටවල් හදලා...අහල පහල අය කීය කීය හරි එකතුකරලා දන්සැල් දීලා...පයින් හරි ලොරි වලින් , ලෑන්ඩ් මාස්ටර්ස් වලින් හරි වෙසක් බලන්න ගිහින් , දන්සැල් පෝලිම් වල හිටගෙන ඉඳලා කාලා එන තැන.

ඔයාලා මෙහෙම කියද්දි හිතයි අපෝ හරි ගොඩේනේ කියලා...නෑ ලමයි...මම මාතර ටවුන් එකේමයි...අනික මාතර කියන්නෙ ලන්කාවෙ හොඳට දියුනු වුනු නගරයක්...කොලඹ , ගම්පහ ඇරුනම මාතර , මහනුවර , කුරුනැගල , ගාල්ල කියන්නෙ ලන්කාවෙ හොඳට නාගරීකරනය වුනු නගර...

අනික සමහරු කියනවානෙ අපි කතා බහ කරන විදිහ හරි අමුතුයි කියලා...විශේශෙන් අර ඉසුරු ලොකුහෙට්ටිද මොකාද එකා වගේ අපි කතා කරනවා කියලා...ඌනම් එහෙම කතා කරනවා ඇති...අපිනම් ඒ තරම් මොන්ගල් විදිහට කතාකරන්නෙ නෑ...මම පිලිගන්නවා අපේ සමහර වචන ටිකක් වෙනස්...හැබැයි අර ලොකුහෙට්ටි පෙන්නන තරම් මන්දමානසික නෑ...ඌ වගේ ඇදලා පැදලා කතා කරන්නෙ මාතරින්ම ඌයි උගෙ පව්ලෙ උනුයි විතරද මන්දා...මමනම් වෙන උන් එහෙම කතා කරනවා අහලා නෑ....මාතර උන් ගැන ලකාවෙ වෙන පැතිවල උන් කියන සමහර දේවල් මාතර අපිවත් දන්නෙ නෑ ගොඩාක් වෙලාවට 🤣

අවන්කෙන්ම අපි "ඔහේ "කියලානම් කියනවා...ඔයා , ඔබ කියන එක වෙනුවට "ඔහේ" කියන වචනෙ ඕනි තරම් අපි පාවිච්චි කරනවා...ඒකත් අර ලොකුහෙට්ටියා වගේ ගොබ්බ විදිහට නෙවෙයි...තව අපි කිඹුලා බනිස් වලට වියන්රෝල් කියනවා...සීනි කුරුල්ලා කියලා කියන වෙලාවලුත් තියෙනව...වෙන පලාත්වල අයට කිඹුලෙක් වගේ පෙනුනා කියලා අපිට කිඹුලෙක් වගේ ම පේන්න ඕන කියලා නියමයක් නෑනෙ....අනික ප්‍රශ්නාර්ථයක් අඟවන්න " ද " වෙනුවට "යි " ප්‍රත්‍යය සුලබව යොදනවා...කොට්න් කැන්ඩි වලට සීනි පොල්කොහු කියනවා...අපේ ආච්චිලාගෙ පරම්පරාවෙ අය විතරක් කූඹින්ට හින්නෝ කියලා කියනවා...ඒ වචනෙනම් අපි දැන් පාවිච්චි කරන්නෙ නැ....තව ඉතින් අපිට අනන්‍ය විශෙශ වචන ටිකක් තියෙනවා...හැබැයි අර බූරුවා හුවා දක්වන තරම් ඒවා ගොබ්බ නෑ...ඌ මවාපානවා...අනික මමනම් කැමතියි මාතරටම විශේශ වුනු වචන එහෙම තියෙන එක ගැන...අනික මාතරට විතරක් නෙවෙයි හැම පලාතකටම විශේශ වුනු වචන තියෙනවනේ...

." විශේශම දේ නම් මේ වචනවලින් 90% ක් අපි - ඒ කියන්නෙ අලුත් පරම්පරාවෙ අය - භාවිතා කරන්නෙ නෑ...බලන් යද්දි මාතර මිනිස්සුත් භාවිතා නොකරන වචන දැන් පාවිච්චි කරන්නෙ වෙන පලාත්වල අය විතරයි...ඒකත් ඒ වචන දැනට භාවිත නොකරන මාතර මිනිස්සුන්ටම අපහාස කරන්න...පව් ඉතින්.

හැබැයි මාතර කියන්නෙම වෙනස්ම සස්කෘතියක් තියන නගරයක්...කවින්ගේ පාරාදීසයක් , ගුප්ත ශාස්ත්‍රයේ මුදුන් මුල , පහතරට නර්තන සම්ප්‍රදායෙ , කෝලම් සම්ප්‍රදායෙ වැදුම් ගෙය...මාලු ඇඹුල්තියල් වගේ ගොඩක් කෑමජාති වල තිඹිරි ගෙය...ගජමන් නෝනා , කුමාරතුංග මුනිදස , ධර්මපාලතුමා , මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවො , ඇන්ජලීන් ගුනතිලක මෙකී නොකී දාහක් චරිත මාතරින් ගොඩනැගුනු චරිත තමා....ඇයි මාතර ෆ්‍රීලන් 😁

මාතර ඇවිත් තියන අය දන්නවා ඇතිනෙ මාතර ටවුන් එක ගැන...ඒත් මෙහේ ඩොක්ටර්ස්ලා , ඉන්ජිනියර්ස්ලා පවා එහෙම ගිහින් වෙසක් බලනවා...මොකද ඒ ලැබෙන සතුට වෙන විදිහකට ගන්න බෑ...

පාර අයිනෙන් ගෙදර ගේන හදලා අලවපු කූඩුවකින් ඒ සතුට ගන්න බැහැ...දන්සල පහුකරන් ගිහින් KFC එකෙන් කෑවට දන්සලක පෝළිමේ ඉඳලා කනකොට එන විනෝදේ දැනෙන්නෙ නෑ...එහෙම නැත්නම් බලපුලුවන්කාරකමට දන්සලෙන් ගෙදරටම ගෙන්න ගන්න බත් පතකින් ඒ සතුට ලැබෙන්නෙ නෑ...කාර් බාර් වල වෙනස් බලන්න ගිහින් නියම විනෝදෙ ලැබෙන්නෙ නෑ...පාරෙ ට්‍රැෆික් වැඩිවෙන එක විතරයි වෙන්නේ...

ලොකුකම පැත්තකින් තියලා ජීවිතේ විඳලා බලන්න...හරිම සැහැල්ලුවක් දැනේවි...😇

ලන්කාවෙ අය ඉතින් කොයිතරම් අල්පේච්ඡතාවය ගැන බන ඇහුවත් වැඩක් නෑ...හැමදාම එකතැන.

ඒක තමා එඩ්වඩ් සරුයි චරිතා මැඩමුයි කිව්වේ.

" බුදුබන කිව්වා නිරන්තරේ
බුදුබන ඇසුවා නිරන්තරේ.
ගතිගුන අතරින් අපි තවමාත්
වනන්තරේ වනන්තරේ...." කියලා

...........................................................................................................................

මතු සම්බන්ධයි ♥
ඊළඟ ස්වරයෙන් හමුවෙමු...මම දැන් හරිම ආසාවෙන් කතාව ලියනවා...කීපදෙනෙක් ඉන්නවා එයාගෙ අදහස් අකුරු කරලා යන...මම හරිම ආසාවෙන් ඒ කමෙන්ට්ස් කියවන්නේ...ගොඩාක් ස්තූතියි ඒ හැමෝටම.
මම ශෙරෝන් ♥

Continua a leggere

Ti piacerà anche

6.1K 307 13
ඔය ඇස් මා ළග නැවතුන දා .... හිත දැන් ඔබගේ වෙලා ....... රහසේ තුරුලේ සැතපීලා.... ඉන්නම් මියෙනා තුරා......
6.9K 971 42
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
363 71 7
මම හරියට අහස වගේ,🍃 එතකොට,🔥 එයා පොළොව වගේ,🍂 ඉක්මන් එක් වීමක් නොමැති,🥀 නමුත් දෙදෙනා දෙදෙනාම වෙනුවෙන් බලා හිදින,👩‍❤️‍👨 මේ අපේ කතාව💞 . . . . ☪️රිෆ...
1.1M 28.9K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...