සුදු අරලිය...

By frenzykitty_3

9.5K 1K 1.3K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...

702 69 26
By frenzykitty_3

" අම්මියෝ.. අම්මියගෙ චූටි පුතාට බඩගිනී.."


මං කෑ ගහගෙනම ගේ ඇතුලට ගිහින් බෑග් එක විසික් කරලා බිම බුදියගත්තෙ මහන්සි නිසා.. ඇත්තටම මාර මහන්සී අප්පා බස් එකේ ඉස්කෝලෙ යන එනකොට..

අපෙ තාත්තලා කියන්නෙ එයාලා ඉගෙනගත්තෙ හෙන දුක් විඳලලු.. කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරලලු.. අපි මේ ලයිට් එකක් දාන් පාඩම් කලා කියලා එහෙම සැපේ ඉන්නවයෑ.. කොහෙද.. කාටත් අපි විඳින දුක් පේන්නෑ..


" චූටි පුතා.. මොකෝ මේ බිම බුදියන්.."
" නැගිටිනවා කොල්ලො.. බිම ලැගලා ඔය සුදු ඇඳුම් ජරා කරගත්තම මම එපෑ හෝදන්න.."


" අනේ නිකන් ඉන්ඩ අම්මියො.. ඔයා රෙදි හෝදන්නෙ වොසින් මැසිමෙනෙ.."


" සුදු ඇඳුම් වොශින් මැශින් එකේ හෝදන්න බෑ චූටි පුතා.."
" කෝ කෝ.. ඇඳුම් මාරු කරන් ඇවිත් කෑම කන්න.."


වැටිලා හිටපු තැනින් නැගිටලා පඩිපෙලේ වැටේ එල්ලිලා උඩට ගිය මං හොඳට නාගෙන පහලට ආවේ සාගින්නෙ..


" අම්මේ බත් බෙදුවදෝ.."


" ඔව් ඔව් බෙදලා තියෙන්නෙ.. ගිහින් කන්න.."


කුස්සියෙ ඉඳන් එනගමන් හිටපු අම්මවත් පාස් කරගෙන දුවගෙන ගිහින් බෙදලා තිබ්බ බත් එක අතට අරන් මම වතුර එක්කුත් පුරවන් ආපහු සාලෙට ආවා..

ම්ම්ම් සුවඳේ බෑ.. මැල්ලුම් හදලා , පරිප්පු හදලා , මිරිස් බැදලා , කෙලවල්ලො මාලු මිරිසට.. වාහ්හ්හ්.. ප්-පොඩ්ඩක් ඉන්න.. කෙලවල්ලො මාලු..


" අම්මේ.. !! "


" මොකද චූටි පුතා කෑ ගහන්නෙ.."


" ඇයි මගෙ ඉස්කෝලෙ බත් එකට මාලු දැම්මෙ නැත්තෙ.."


ටීවි බල බල ඉන්න අම්මා ඉස්සරහින් හිටගෙන මං අහද්දි අම්මා උබට පිස්සුද පුතේ කියලා අහන්න වගේ මං දිහා බැලුවා..


" දැම්මෙ නැත්තෙ මොකද.."
" පුතා යාලුවො එක්ක බත් කන නිසා මාලු කෑලි තුනක්ම දැම්මා.."


" තුනක් දැම්මද.. මම දැක්කෙ නෑනෙ.."


ම්හ්ම්.. අරුන් එක්ක කද්දි මොන මාලුද.. කමක් නෑ මැල්ලුම් ටිකකුයි මිරිස් නැටී එක්ක බත් කටවල් දෙකක් හරි ඉන්ටවල් එකේදි කෑවනෙ..

පුටුව උඩට කකුල් දෙකත් අරගෙන බත් ටික එක හුස්මට ගිලින්න ගත්තෙ හවසට සෙතිනුවා ආවම ක්‍රිකට් ගහන්න යන්න ඕන නිසා.. කාලා අතත් සෝදන් සාලෙට එනකොට අම්මා මේ ආදරයයි රිවයින් කරන් බලනවා.. ඊයෙ රෑ නහයෙන් ඇඬුවෙ තාත්තා මැච් එක බලනකොට ඕක බලන්න වෙන්නෙ නෑ කියලනෙ..


" අම්මේ සෙතිනුට ආවම කාමරේට එන්න කියන්න.."
" මං යනෝ විනාඩි පහක් විතර නිදාගන්න.."


අම්මට එහෙම කියලා කාමරේට ඇවිත් මං චාජරේට ගහලා තියන ෆෝන් එකත් ගලවන් ඇඳට පැන්නෙ වස්සප් එකේ මැසේජ් ටික බලන්න..


📩 මගෙ තිරිකන් පැටියා 🥺💕

" yko mwa loriyakata happuna.."
                            ( Yesterday 5.17pm )


අඩෝ.. සෙතිනුවා ඊයෙ හවස දාපු මැසේජ් එක සීන් කලාට රිප්ලයි දාන්න බැරි උනානෙ.. ඒත් ඉතින් ඕකා අද ඉස්කෝලෙත් ආවනෙ.. ලොරියට හැප්පිලා මැරුනනම් ඉස්කෝලෙ එන්නත් බෑනෙ..

ඔන්නොහේ කමක් නෑ දැන් ආවම විස්තරේ අහගන්නවා.. හොඳම යාලුවො හැම වෙලේම මැසේජ් කරන්නැල්ලු..

මං ෆෝන් එක බඩ උඩින් තියාගෙන ඇස් පියාගත්තෙ විනාඩි පහකින් විතර නැගිටින්න හිතන්.. මේ ඉතින් මෙහෙම සුට්ටක් නිදාගන්න අන්තිම දවස් ටික.. ස්පෝට් මීට් වල ප්‍රැක්ටිස් වැටුනම නිදියයි ලබ්බක්..














































" උට්ටො.. නැගිටපන්කො.."


ම්හ්ම්.. මොන කරුමයක්ද.. ඇස් දෙක පියාගත්තා විතරයි මොකෙක් හරි යකෙක් කෑ ගහන්න ගත්තා..


" උඹ එහෙනම් නිදාගනිම්.. මම යනවා බං.."
" තෝ නිසා මට සෙල්ලම් කරන්නත් නෑ.."


ටකරං කටහඬ පුරුදුයිත් වගේ.. ශේපට ඇස් ඇරලා බලන්නෝන.. අඩේ මගේ තිරිසන් පැටියනෙ මේ..


" මොකෝ සෙතිනූ බෙරිහන් දෙන්නෙ.. ඇස් දෙක පොඩ්ඩක් පියාගත්තා විතරයි.."


" පියාගත්තා විතරයි.. මගෙන් උඹ අහගන්න හදන්නෙ ඔය.."
" උඹට කියන්න මම දැන් මෙහෙට ඇවිල්ලත් පැය බාගෙකට ලඟයි.."


" පැය බාගයක් මං නිදාගෙනද.."


ඇඳේ ඉඳගන්න ගමන් මං අහනකොට සෙතිනුවා මට දාගෙන රැව්වා..


" පැය බාගයක් නෙවේ උට්ටො.. තෝ පැය දෙකකට වඩා නිදාගෙන.. මට ඇන්ටෙ කිව්වෙ.."
" අද ඉතින් ක්‍රිකට් ගහලා ඉවරයි.."


හෑ.. එච්චර නිදාගෙනද.. ඉවරනෙ ඔක්කොම..


" අඩෝ සොරි බං.."
" දැන් සෙල්ලම් කරන්න වෙලා නෑනෙ.. අපි වටයක් දාලා එමු.."


" ම්ම් ම්ම්.. මොකක් හරි.."
" ඇඳුමක් දාගෙන වරෙං එහෙනම්.."


ටග්ගාලා නැගිටලා මූණ පොඩ්ඩක් හෝදගෙන ඩෙනිමට කලු ටී ශර්ට් එකක් දාගත්ත මම පහලට යනකොට සෙතිනුවා ඉන්නවා අම්මා එක්ක කයියක් දාගෙන..

මාව දැකලා අරූ නැගිට්ටෙ එලියට යන්න.. බාටා දෙකත් දාගත්ත මම පර්ස් එකයි ෆෝන් එකයි අතට ගත්තා..


" තාත්තා එන්න කලින් ගෙදර එන්න චූටි පුතා.."
" දෙන්නම පරිස්සමෙන් ගිහින් එන්න.."


" හරේ අම්මේ.."


" අපි යනෝ ඇන්ටේ.."


ඒ තප්පරේට සෙතිනුවවත් ඇදගෙන මං ගෙදරින් එලියට දුවන් ආවේ තව පරක්කු වුනොත් ගිය ගමන්ම වගේ ආපහු එන්න වෙන නිසා..


" මේ පොලිස් ග්‍රවුන්ඩ් එක පැත්තෙ යමුද.."


පාරට ආපුවම සෙතිනුවා අමුතු ටෝන් එක්කින් අහනකොට මටනම් එච්චර ඇල්ලුවෙ නෑ හැබැයි..


" ඒ මොකෝ එහෙ.."


" විශේෂයක් නෑ.. නිකම් යං.."


ම්ම්ම්.. මගෙත් අකමැත්තක් නෑ.. ඒත් ලොකු ලයින්නෙකක් දාන්නෝන..


" ෆලූඩා අයිස් එකක් අරන් දෙනවනම් විතරක් එන්නම්.."


" වරෙන් වරෙන් මල පෙරේතයා.. තොට අයිස්ක්‍රීම් තමා අරන් දෙන්නෝන.. "


" එහෙනම් අරන් දියන් ඈ සුදුමහත්තයා.."


සෙතිනුගෙ ඔලුවට එකක් ගහලා මම පාර දිගේ දුවන් යනකොට ඌත් කෑ ගගහම මගෙ පස්සෙන් එලවන් ආවා..

ටිකකින් සාමදාන වෙලා පාර දෙපැත්තෙ තියන ගස් ගෙඩි වලට වැඩේ දිදීම අපි ආවේ පොලිස් ග්‍රවුන්ඩ් එකට..


" අම්මට හුඩු.."
" අඩෝ අර අපේ සහෝදරයො නේ.."


" හ්ම්ම්.."


ග්‍රවුන්ඩ් එකේ හිටියෙ එහා ඉස්කෝලෙ ලමයි ටික.. අපේ සහෝදර ඉස්කෝලෙනෙ ඒක.. උන්ටත් මේ දවස් වල ස්පෝට් මීට්.. දාගෙන ප්‍රැක්ටිස් ඉතිම්..

සවිනුවා ශේප් එකේ ගිහින් අපේ සුපුරුදු සුදු අරලිය ගහ යටින් වාඩි වුනා.. අනේ මංතා.. මම හේතුවක් නැතුවම පට්ට ආතරෙයි මේ ගහට.. මාර නිදහසක් දැනෙන්නෙ මේක යටින් වාඩි උනාම..

සමහරවිට මේ ගහත් ලොකු උනේ අපිත් එක්කම නිසා එහෙම හිතෙනවා ඇති.. පොලිස් ග්‍රවුන්ඩ් එක ඕපන් කලේ අපිට අවුරුදු හතේදි.. ඕපනින් එක දවසෙ ග්‍රවුන්ඩ් එකේ ගස් කීපයක්ම හිටෙව්වා.. මේ අරලිය ගහත් ඒ වලින් එකක්..

මෙච්චර ගස් තියෙද්දි මොන හේතුවකටද මන්දා මායි සෙතිනුයි ඉන්නෙම මේ ගහ අස්සෙ.. අපි චූටි කාලෙ ඉඳන් සෙල්ලම් කරන ඒවා මේ ගහ ඕන තරම් දැකලා ඇති.. හති වැටුනම ගහ පාමුල ඉඳන් කියවපු කතා සේරමත් මේ ගහට රහසක් නෙවේ වෙන්නැති.. ඒ මතක හිතට එනකොට දැනෙන්නෙ මහ අමුතු නිදහස් හැඟීමක්..

ම්ම්ම් සෙතිනුවා කෝහ්හ්..


" උඹ කොහෙද බලන් ඉන්නෙ.."


සෙතිනු සද්ද නැතුවම එක පැත්තක් බලන් ඉන්නවා දැක්ක නිසා මමත් ඇහුවෙ ඒ පැත්තට ඔලුව හරෝන ගමන්..


" උඹට පේනවද අර උස අයියා.."


" මොන.. අර ටීම් එක ලීඩ් කරන කෙනාද.."


" ඕ ඕ.. එයා තමයි ඒ ඉස්කෝලෙ අලුත් හෙඩ් ප්‍රිෆෙක්ට්.."
" ඒ අයියා ග්‍රවුන්ඩ් එකේමයි.. පොර හැම අවුට් ඩෝ ස්පෝට් එකක්ම වගේ කරනවලු.."


මූගෙ කටහඬ මාර තරම් තැම්පත් වෙලා.. මොනා වෙලාද.. මගේකා මේම නෑ වෙන්දට..


" සෙතිනු උඹ හොඳින්ද.."


" ඔව් බං.."


" මටනම් මොකක් හරි අවුලක් පේනවා.."


මූ මොකුත්ම නොකියා ලාවට හිනාවෙලා අරුන් ප්‍රැක්ටිස් කරන දිහා බලන්න ගත්ත විදිහෙ මොකක් හරි අවුලක් පෙනුනත් මං ඒ ගැන ඇහුවෙ නැත්තෙ දැන් අහලා වැඩක් නැති නිසා.. මූ අප්සට් එකේ ඉන්නවට මම ආස නෑ දෙයියනේ..


" මේ උඹ ලොරියක හැප්පුනා කිව්වෙ මොකක්ද බං.. ඊයෙ මැසේජ් එකක් දාලා තිබ්බෙ මට.."


මම ඇහුවෙ මූගෙ මූඩ් එක වෙනස් කරනවා කියලා හිතන්..


" දැන්ද යකෝ ඒ ගැන අහන්නෙ.."


" නෑ බං.. හවස ෆෝන් එක ඕෆ් වෙලා චාර්ජ් කරන්න අමතක උනා.."
" ඉස්කෝලෙ එන්න කලින් ටග්ගාලා චාජරේට ගහලා අද උදේ දුවන් ආවේ මං.."


මං ගොනා සේ කියනකොට මගෙ ඔලුවට ගහපු සෙතිනු ගහේ කඳට හේත්තු වුනා..


" උඹ එවෙලෙ ඔන්ලයින් ඉන්නවද බලන්න නිකන් දැම්මෙ බං.. "


දෙන්න තියෙන්නෙ මූට.. බලපන් ඒ ගොන්කම.. කොහොමත් මුගෙ ආතල් දන්න නිසාමයි මං ගනම් නොගත්තෙ..


" තව ටිකක් මෙතන ඉඳලා වටයක් දාලා ගෙදර යමු නේ බං.."


" හ්ම්ම්.."


පස්සෙ මුගෙන් සීන් එක අහගන්න ඕන.. මේකා මෙහෙම ඉන්නෙම නෑනෙ.. මට හෙනෞල් මූ මෙහෙම ඉන්නකොට..
































___________________________________________________































" චූටී.. ඉස්කෝලෙ යන්න නැගිටහම් බං.."


" අනේ පලයංකො ලොක්කයියෙ.."


බලපම් උදේම ලොකු අයියා ඇවිත් වද දෙනවනෙ.. නැගිටින්නෑ යකෝව්ව් මම..

ඊයෙ සෙතිනුවා එක්ක ගෙදර එද්දි හයාමාරයි.. කාලා බීලා පොතක් දෙකක් උඩින් පල්ලෙන් බලලා වෙලාව බලද්දි දහයත් වෙලා.. එහෙම්ම කාමරේට ඇවිත් ෆෝන් එක එබුවා.. නින්ද යාගෙන එද්දි ලාවට වගේ දැක්කා වෙලාව පාන්දර 1.37 කියලා.. ඒ නින්ද ගිය පාර තමා මේ ලොක්කයියා කතා කලාම උඩ ගිහිම් ඇහැරුනේ..


" ආහ් උඹ ඉඳහම්කො ඔහොම.."
" මම තාත්තට කියනවා උඹ පස්ස උඩ දාගෙන තාම බුදි කියලා.."


" උඹත් පොඩ්ඩක් නිදාගනිංකො අයියෙ තිරිසනෙක් නොවී.."


" මම නිදාගත්තම වැඩට යන්නෙ කෞද පොඩි ඇටයො.."
" නැගිටලා ඉස්කෝලෙ පලයම්.."


මූ යකෝ.. මගේ පස්සටත් ගහලා මේකා කාමරෙන් ගියා.. ම්හ්ම්.. තව නිදාගත්තොත් බස්සෙක පරක්කු වෙන නිසා මාත් නැගිටලා ටවල් එක බිම දිගේ ඇදගෙනම බාතෲම් එකට ගියා..


" අම්මියෝ.. මගේ මේස් එකක් නෑ.."


" ශුවර් එකටම ඩිංගි රාලයා උස්සන් යන්න ඇති.."


" උඹ පලෑම් ලොක්කයියෙ.. මගෙ ඩිංගි රාලයා එහෙම නෑ.."


මම කිව්වෙ බිම පතබෑවිලා බුදියන් ඉන්න මගේ බලු නකුට්ටා දිහා බලන ගමන්.. ඌ ඒම නෑ කියන්න මං දන්නවා..


" යැයි යැයි.. මූ ගිය සතියෙ මගෙ ජොකෙකුත් උස්සලා.."
" උඹටත් ආතල් තේරෙයි ඩිංගියගෙ කූඩුවෙන් මේස් එක හම්බුනාම.."


" අම්මේ මූ එකේකේවා කියනවනෙ මගෙ ඩිංගියට.. !! "


" දෙන්නම පටන් ගත්තද උදෙම්ම.."
" චූටි පුතා.. !! කෑ නොගහා ගිහින් කබඩ් එකේ යට ලාච්චුවේ බලනවා මේස් ඇති.."


අම්මා කුස්සියෙ ඉඳන්ම කෑ ගහනකොට ලොකු අයියට දිව දික් කරලා මම ආපහු උඩට දිව්වා..

ම්ම්ම් ටයි එක ගැට ගැවුවම කොල්ලා සේප්.. ඔය ඉන්නෙ පුන්සඳ වගේ.. කන්නාඩියෙ ඉන්න මගෙම රූපෙට ඇහැක් ගහලා මම කාමරෙන් එලියට ආවා..


" ලොක්කයියේහ්හ්හ්.."
"අනේ මාවත් ඉස්කෝලෙන් දානවකො.."


" උඹව දාන්න ගියාම මට පරක්කු වෙනවා පොඩි ඇට්ටරයො.."
" ඔය ඉස්කෝලෙ ලඟ තරම් ට්‍රැෆික් එක කොහෙවත් නෑ.."


" අනේ.. අනේ ලොකු අයියේහ්හ්හ්.."


මම ගෑණි වගේ අයියගේ ඇඟේ එල්ලුනේ බලහත්කාරයෙන් හරි මගේ වැඩේ කරගන්න..


" පලයන් එහාට.."


" අනේ පාර ලඟින් දානවකො ඕයි.. බස්සෙකේ යන්න අප්පිරියයි හලෝව්.."


" උඹනම් මහා වදයක්.."


මුගෙ රැවිල්ල.. කමක් නෑ.. ඔය නොකියා කිව්වෙ හා කියලනෙ..


" ආදරෙයි සහෝදරයා.."


" මෙන්න මේ බත් ටික කන්න චූටි පුතා.."


මම ලඟ පුටුවෙන් වාඩි වුනේ අම්මට කියලා කවාගන්න ඕනිකමට..


































___________________________________________________


































" මං පරිස්සමෙන් යනවා එහෙනම්.. උඹටත් ඕන්නම් පරිස්සමෙන් පලෑම්.."


අයියට කියලා සැලුට් පාරකුත් දාලා මම පාර ගාවින් බැහැලා ඉස්කෝලෙට යන්න අඩිය තියද්දිම දැක්කෙ අඳුරන පොරක්.. තේව් අයියා.. අක්කෙක් එක්ක.. කෞතහ් ඒ අක්කා.. තේව් අයියගේ කෑල්ලද දන්නෑ..

දෙන්නා ජෝඩු දාලා එන්නෙ මට පිටිපස්සෙන්.. ඉස්සරහා තුන්මං හන්දියෙන් ගර්ල්ස් එකටයි බෝයිස් එකටයි යන පාරවල් වෙන් වෙනවා.. මං ඉතින් මගෙ පාඩුවෙ හිමීට ඇවිදන් ගියා.. ලොක්කයියට පින් සිද්ද වෙන්න මම අද කලින් ඉස්කෝලෙට ආවා.. නැත්තන් මෙලාටත් හති දාං දුවනෝනෙ..

අරුන් දෙන්නා වංගුවට ලංවුනාම මම ශේපට හැරිලා බැලුවා.. අරකි බායි කිව්වම තේව් අයියා සූට්ටක් ඔලුව වනලා පාර දිගේ එන්න ගත්තා.. අඩෝ කෑල්ලටත් අලි ලයින් දානවද මූ.. හරිම තිරිසනෙක් තමෛ..

ඔන්න ඔන්න.. පොර මාව දැක්කෙ දැන්.. මම නිකන් අඳුරගත්තෙ නෑ වගේ ඉස්සරහට හැරුනා.. ආසාවට ආපහු පිටිපස්ස බලන්නෙ නැතුව මම කෙලින්මාවේ ඉස්කෝලෙට..


" තෙයියනේ.. !! "
" මෙන්න සයාසයා කලින් ඇවිත්.."


" අනේ පලයන් යන්න අහස්.."
" අපි පොඩ්ඩක් කලින් ඉස්කෝලෙට ආවම උඹලට ඇති නිකන් ඇස් වල කටු අයිනවා වගේ.."


බොරුවට අහස්ට රවලා මම පන්තියෙන් එලියට ගියෙ දැන්ම සෙතිනු එන්නෙ නෑ කියලා දන්න නිසා.. නිකන් ඉන්න එකේ ඉස්කෝලෙ ලොකු වෙරලු ගහ පැත්තාටවත් යන්නෝන.. දැන් වෙරලු ගෙඩි වැටෙන කාලෙනෙ..


" සරත්‌ සඳේ රැයට මුදු සුවඳ දරාගන්න
හිතවත්‌ පෙම්‌ කතාවක්‌ සුළඟට මුමුණන්න
වරා මලින්‌ මලට මල්‌ වියන්‌ තනා ගන්න
පෙම්වත්‌ භාවනාවක්‌ මට කියලා දෙන්න....... "


ආසම සිංදුවක කෑල්ලකුත් මුමුනන ගමන් ආතල් එකේ වෙරලු ගහ පැත්තට යනකොට - - - පොඩ්ඩක් ඉන්න..

වට්ද ෆක්.. !!


" දෙයියනේ පොඩි යක්කු.. !! "
" වුබර්ලා ඔය මොනාත කරන්නෙ.."


" ඇයි අයියෙ පොට්ටද.."
" අපි වෙරලු අහුලනවා.."


" වෙරලු අහුලනවා.."
" යකෝ මේ සීමාව උඹලට අයිති නෑ කියලා දන්නැද්ද.."


මුන් යකෝ.. අපිට තියන එකම වත්කම මුන් මේ පැහැරගන්නෙ.. බලකො පණ්ඩිතකම පොඩි ඇටයොන්ගෙ..

කමක් නෑ.. මේ පාරට විතරක් සමාව භාජනේකට දාලා දෙන්නෝන..


" හා හා ඔය අහුලගත්ත ටිකත් අරගෙන පලයන් මෙතනින් දැන්.."


" එහෙම කොහොමද.."
" මේ ගහ අයියගෙ නමට ලියලා නෑනෙ.."


මේ පණ්ඩිත පොඩි පගයොන්ව මට අප්පිරියම මේකයි.. වැරදිත් කරලා මුන්ගෙ ලොකු ලයිනුත් බලපම්කො..


" මේ පොඩි එවුන් ටික.. පලයල්ලා යන්න මෙතනින් හොම්බ කට කුඩු කරගන්නැතුව මට කියලා.."


මම එහෙම කියනකොට එක පොඩි එකෙක් එතනින් දුවගෙන ගියා.. එකෙක් විතරක් ඇයි.. මොකක් හරි නරකක් වෙන්න යන්නෙ..


" රණ්ඩු ඕන්නෑනේ මල්ලිලා.. ඔය ටිකත් අරගෙන පලයල්ලකො.."
" උඹර්ලට ඒ පැත්තෙත් වෙරලු ගස් දෙක තුනක්ම තියෙනවනෙ.."


මම හුඟාක් හොඳින් පැහැදිලි කලේ පොඩි උන් නිසා.. ඒත් එකපාරටම එතන කට ගහන් ආපු කොල්ලා බිම වැටිලා අඬන්න ගත්තා.. මූට මොන යකෙක් වැහිලද මේ..


" ආව්ව් ආව්ව් ගැහුවා.."
" අනේ.. මේ අයියා ගැහුවා.."


ගැහුවා.. කවුද ගැහුවේ.. කොයි වෙලේද.. මම වටපිට බලනකොට දැක්කෙ ඈතින් එන දෙන්නෙක්ව.. එකෙක් අර කලින් දුවන් ගිය පොඩි එකා.. අනිකා පිපෙට් කෙනෙක්..


" අයියේ මේ අයියා ගැහුවා.."


පිපෙට් ලඟට ආවම පොඩි එකා තව කෑ ගහල අඬන්න ගත්තෙ මාව පෙන්නලා.. මම ගැහුවලු.. වෙන්න බෑ.. එහෙම දෙයක් උනානම් මට මතක තියෙන්නෝන..


" ලැජ්ජ නැද්ද ඕයි පොඩි උන්ට ගහන්න.."


" මම.."
" පිස්සුද.. මං මුන්ට ගැහුවෙ නෑ.."


" නෑ අයියෙ.."
" මේ අයියා ගැහුවා.."


යකෝ මුන්ගෙ බොරු.. මොන තිරිසන්නුත මේ..


" යමං.."
" උඹලව නිකම් හදන්න බෑ.."


" කොහෙද යං කියන්නෙ.."


" පණ්ඩිත නොවී වරෙං.."
" ඔය පොඩි මල්ලිත් එන්න.."


පිපෙට් කියලා ගියාම පොඩි එවුන්ට රවලා මාත් ඌ පස්සෙ ගියා.. අර පොඩි එකා එනවා නහයෙන් අඬ අඬ.. ඇත්තමයි මට එන කුණුහර්ප කියන්න බෑ මෙතන..

අරූ මාව එක්ක ගියෙ පිපෙට් රූම් එකට..


" යුගාන් අයියෙ.."
" මේ පොඩි එකෙක්ට ගහලා.. පොඩ්ඩක් බලන්නකො.."


දෙයියනේ ඇයි තේව් අයියටම කිව්වෙ යකෝ.. පුටුවකට වෙලා මොනාද ලිය ලිය හිටපු තේව් අයියා මම දිහා බලලා පොඩි එකා දිහා බැලුවා..


" මොකක්ද වුනේ කියලා කියන්න.."


" අපි වෙරලු ඇහිලුවා අයියෙ.. මේ අයියා ගහ එයාලගෙ කියලා අපිට ගැහුවා.."


මොන මගුලක්ද ඒ කිව්වෙ.. තේව් අයියා මට රැව්වා රැවිල්ලක්.. ඒත් මං කරපු මගුලක් නෑනෙ..


" සයාෂ්.. !! "


" මූ බොරු කියන්නෙ අයියෙ.. මම මූට ගැහුවෙ නෑ.."


" එහෙනම් ඇයි මේ පොඩි එකා අඬන්නෙ.."


යකෝ මට එන කේන්තියක්.. දැන් මූට මාව සුවර් කරන්න බැරිද..


" මම දන්නවෑ මූ අඬන්නෙ ඇයි කියලා.."
" සමහරවිට කලිසමේ චූ දාගෙන අම්මි ඕනී කියලා වෙන්න ඇති.."


" ඒ ඒ ඔය මල්ලිගෙ සද්දෙ වැඩී.."


මම තේව් අයියට කෑ ගහනකොට අපිව එක්ක ආපු පිපෙට් අයියා එහෙම කිව්වා..


" අනේ තෝ කටවහං පලයං.. !! මොන උට්ටක්ද මේ.. කරපු මගුලක්නම් කමක් නෑ.. !! නොකරපු වැරදි වලට අල්ලන්න හදන්නෙ.. !! "
" මම මේ පොඩි ගස් බල්ලට හොඳින් කිව්වා අහුලපු වෙරලු ටික අරන් යන්න කියලා.. !! ඒත් මූ එතන පඬියා වගේ කියෙව්වා.. !! මම ඒත් ඉවසුවා මූ පොඩි නිසා.. !! "
" හැබැයි උඹ දැනගනිම් පොඩි එකෝ.. !! උඹ දැන් අඬන එක නැවැත්තුවෙ නැත්තම් ඇත්තමයි මම කලින් නොගැහුවට දැන්නම් උඹේ ඉස්සරහා දත් දෙක කැඩෙන්නම ගහනවා.. !! "


ඇයි යකෝ.. මේක මාර මගුලක් උනානෙ.. මුන් ඔක්කොම එකතු වෙලා මට බොරු වැරදි කියනවා.. ටිකක් වෙලා පොඩි එකා දිහා බලන් හිටපු තේව් අයියා සද්දෙන් පාරක් මේසෙට ගහන ගමන් නැගිට්ටා..


" මල්ලි මට ඇත්තම කියපන්.."
" මේ අයියා ගැහුවද නැද්ද.. මං හොඳින් අහන අන්තිම පාර.."


" අ-අයියෙ මම ඇත්ත කිව් - - - "


" බොරු නෙවේ.. !! ඇත්ත කියනවා.. !! "


තේව් අයියා සද්දෙන් කෑ ගහනකොට පොඩි එකා විතරක් නෙවෙයි මාත් බය වුනා.. හේ හේ.. මූ හරි සැරයිනෙහ්..


" මට ස්-සමාවෙන්න අයියෙ.. මේ අයියා ග්-ගැහුවෙ නෑ.."


පොඩි එකා වෙව්ලන ගමන් කියනකොට තරහෙන් හුස්මක් පහත දාපු තේව් අයියා මගෙ දිහා එකපාරක් බලලා ආයෙ පොඩි එකා දිහා බැලුවා..


" අයියගෙන් සමාවගන්න.."
" මේ දැන්ම.. !! "


" ම්-මට සමාවෙන්න අයියෙ.."


පොඩි එකා බිම බලන් සමාවගන්නකොට මම ගස්සලා අහක බැලුවා..

ඇයි යකෝ.. කියන්න පුලුවන් ඔක්කොම කියලා දැන් එනවා මැටැ සැමෑවෙන්න ඇයියේ ගාන්.. දෙන්න තියෙන්නෙ පොඩි ගස් නරියට..


" දැන් යනවා පන්තියට.."
" ආපහු මෙහෙම දේවල් වෙන්න බෑ.."


" හ්-හරි අයියෙ.."


" සයාෂ්.. ඔයත් යන්න පන්තියට.."


" මට බෑ.. මෙයාටත් කියන්න සමාවගන්න කියලා.."
" මෙයා මාව මෙතෙන්ට එක්ක ආවේ මට හොඳටම බැනලා.."


අපිව එක්ක ආපු පිපෙට් දිහා බලලා මම එහෙම කිව්වෙ අත් දෙකත් බැඳගෙන.. ඌ මට දාගෙන රවනවා.. ඉතින් මට පුපයෑ ඌ රැව්වට..


" හ්ම්ම්.."
" දුලාජ්.. උඹත් සමාවගනිම්.."


" මම.."
" මම ඇයි.."


" කිව්ව දේ කරපන්.."
" උඹලත් දැනගන්න ඕන කෙනෙක්ට බනින්න කලින් ඒ කෙනාගෙ අතේ වැරැද්දක් තියනවද කියලා හොයලා බලන්න.."


අඩේ අඩේ.. තේව් අයියා කිව්වම මාව මෙතනට ගෙනාපු අයියා මට රවලා බිම බලාගත්තා..


" සමාවෙන්න මල්ලි.."


" ම්ම්ම්.."


එච්චරයි.. ඒ මුමුනලා මම තේව් අයියටත් ගස්සලා ගැම්මට පිපෙට් රූම් එකෙන් එලියට ආවේ අලි සීන් එකේ.. මම ඇස් කොනෙන් දැක්කා තේව් අයියා ලාවට හිනාවීගෙන මම යන දිහා බලන් ඉන්නවා..

ගනම් ගන්න හොඳ නෑ ලොකු තිරිකනාවත්..

























___________________________________________________






කොහොමද යාලුවනේ..

මම එපි දොලහක් ලියලා ඩ්‍රාෆ්ට් දාගෙන ඈ ඉන්නෙ.. ඒ ටික දෙන්නම් හිමීට.. 😁

ආතරෙයි හුඟක්..




💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ - Sayuu.. 💕

2024.03.04

Continue Reading

You'll Also Like

40.1K 1.5K 29
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
38.2K 5K 50
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
132K 14K 74
TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
51.2K 2K 20
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...