šŸ‘‘ šŸŒ·ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·ŠšŸŒ·šŸ‘‘ C...

By ChenQing4

43.1K 6.1K 3.7K

šŸŖ‚šŸŒ·šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦° FF/Non FF šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦°šŸŒ·šŸŖ‚ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..ą¶šą¶³ą·”ą·…ą·” ą¶‡ą¶ŗą·’ ą¶øą·™ą¶­ą¶»ą¶øą·Š.... ą¶…ą¶±ą·”ą¶±ą·Šą·ƒą¶­ą·” ą¶‹ą¶ŗą¶±ą¶š ą¶“ą·’ą¶“ą·“ ą¶”ą¶¶... More

šŸ‘‘ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..šŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 1 šŸŒŗšŸ‘‘
šŸŖ‚šŸŖ‚ Air balloon introduction šŸŖ‚šŸŖ‚
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 2 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 3 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 4 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 5 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 6 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 7 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 8 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 9 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 10 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 11 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 12 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 13 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 14 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 15 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 16 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 17 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 18 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 19 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 20 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 21 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 22 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 23 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 24 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 25 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 26 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 27 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 28 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 29 šŸ”ž šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 30 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 31 Bonus šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 32 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 33 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 34 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 35 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 36 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 38 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 39 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 40 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 41 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 42 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 43 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 44 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 45 ~ End ~ šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·...ą¶šą·’ą¶»ą·”ą·… spec 1 - 1 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·.. ą¶…ą·€ą·ƒą·ą¶±ą¶ŗ šŸŒŗšŸ‘‘

šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 37 šŸŒŗšŸ‘‘

727 114 69
By ChenQing4

කෙනුල උන්නේ මිතිලගෙ හොටෙල් එකේ තිබුණ එයාලගෙ family එකේ party එකක..පොඩි එකි ගෙදර දාලා එන්න වෙන නිසා වෙනදා කෙනුල මේ පාටි අනම් මනම් පුළුවන් තරම් මඟ ඇරියා..ඒත් එදා ගෙදර ඇවිත් ගිය දවසෙ ඉඳන් ලෙවින් ,තමන්ව මඟ අරිනවා වගේ දැනෙද්දී අවුලෙන් උන්න කෙනුල අද ආවේම..දවස් ගාණක් නොදැක්ක ලෙවිනුත් පාටියට එනවා කියලා මිතිල කලින් කියපු නිසාමයි...

එදා ලෙවින් කෙනුලගෙ ගෙදර ඇවිත් ගියාට පස්සෙ දවස් ගාණක් ගිහිං තියෙද්දි ගොඩක් දේවල් වෙනස් උණා..කෙනුල කරපු කියපුවගේ ප්‍රතිපල ලැබිලා තියෙද්දි එදායින් පස්සෙ එයාට  ඕනා උණා වගේම ලෙවින් එයාගෙන් ඈත්වෙලා කෙනුලගෙ ඉල්ලීම ඉෂ්ට කරා..කොයිතරම් හොඳට ඉෂ්ට කරාද කිවුවොත් , කෙනුල කෑ ගැහුවෙ දරුවට ලං උනාට කමක් නෑ මගෙන් ඈත් වෙලා හිටපන් කියලා වෙද්දි...ඒ කිව්වා වගේම
එයා කෙනුලටත් හොරෙන් කෙනුල නැති වෙලාවට ගෙදර ගිහිං කෙල්ලව බලලා ඇවිත් තිබුණා...කෙනුලගේ එකම අවසරේ එක්ක පොඩි එකීව එයාගෙන් නාහම ඇවිදින්න පවා එක්ක ගිහිං තිබුණත් හිතා මතා කෙනුලව මඟ ඇරියා..වතාවක් දෙවතාවක් ප්‍රොජෙක්ට් එකේ වැඩ වලට official විදිහට එයාලා මුණ ගැහුණත් ලෙවින් ඒ හැම වතාවේම කිරුලුව ජීවිතේට දන්නේ අදුන්නන්නේ නෑ වගේ හැසිරෙද්දී , කිරුළු ලෙවින්ගේ හිත රිද්දන්න කරපු කියපු දේවල් ගැන බොහොම ඉක්මනින් මං පසු තැවෙන්න අරන් තිබුණා...

අපි අවධානේ දෙන අය අපිට අවධානේ නොදෙද්දී , අපිත් ටික කාලෙකට හරි අවධානේ නොදී ඇරියොත් අනික් පාර්ශවේ අවධානේ නිකංම ලැබෙනවා කියන කතාව ඇත්ත කරන ගමන් , අවධානේ ඉල්ලලා ඉල්ලලා නොලැබෙන තැන ලෙවින් කෙනුලට අවධානේ දෙන එක නතර කරාට පස්සෙ කෙනුල ඕනවාටත් කලබල වෙලා උන්නා..කොච්චර ප්‍රස්න තිබුණත් ලෙවින්ගෙන් ප්‍රතික්ෂේප විමක්වත් හිත් අමනාපකමක්වත් ආපහු දරා ගන්න කෙනුලට බැරි වෙද්දී, දෝනිට ලං වෙන ගමන් ඒ දෙන්නා මැද්දෙ තමන් පිටස්තර වෙනවා වගේ උණ හැඟීමත් දරා ගන්න බැරි උණා..අනික් අතට තමන් දෙයක් එපා කියලා සීමාවක් දැම්මොත් ,කාට කොහොම රිදුණත් ලෙවින් ඒ සීමාව අන්තේටම රකින විදිහ ගැන තිබුණ අත්දැකීමුත් කෙනුලව ටිකක් බය කරා වෙද්දී තමන් වෙනුවෙන්ම ලෙවින් එක්ක වචනයක් කතා කරලා, මේ නොදන්නම ගාණට තමන්ව මඟ අරින එක වගේම ,දරාගන්න බැරි දුරස්ථ බව නතර කරගන්න කෙනුලට ඕනා උණා...ඉතිං බලාපොරොත්තු උණා වගේ ලෙවින් මේ වෙලාවේ පාටි එකේ හිටියත්,තමන් ඉන්නවා දැක දැකත් නොදැක්කා වගේ ඉන්න ලෙවින් එක්ක කොහොම කතා කරන්නද කියලා කෙනුලට තේරුණේ නෑ...

"උඹට එයාට කතා කරන්න ඕනද.."

"ආහ්..හ්ම්...තනියම ටිකක්.."

"ඔහොම හිටපන්."

ඉතිං ලෙවින් යන යන පස්සෙ ඇස් දුවව දුවව උන්න කෙනුල දිහා මිතිල බලන් උන්නේ සෑහෙන වෙලාවක ඉඳන්. තාමත් මේ සුද්දා එක්ක තමන්ගෙ යාළුවාට තියෙන දැන ඇදිනුම්කම ගැන වැඩි විස්තරයක් මිතිල නොදන්නවා උණත්, කෙනුලගේ මේ කලබල හැසිරීම ලෙවින් එක්ක කතා කරගන්න බැරිව ඇති උණ එකක් බව තේරුණ නිසා,කෙනුලට උදව් කරන්න හිතන් , උන්න ටේබල් එකෙන් මිතිල නැගිටලා ගියා වෙද්දී වැඩි වෙලා යන්න කලින් මිතිල කෙනුල උන්න ටේබල් එකට ආවෙ ලෙවින් වගේම මිස්ටර් පතිරණවත් එක්ක ගෙනමයි...

"මිස්ටර් ලෙවින්..මේ සුවහස් අපෙ පුතාගෙ best friend..කොල්ලා දක්ෂයා..ඔයාගෙ ප්‍රොජෙක්ට් එකේ landscaping බලන්නෙත් මෙයා තමා...කලින් මීටින්ග් වලදී මුණ ගැහෙන්න ඇති මං හිතන්නෙ.."

"අප්පච්චි දන්නේ නෑ එයාලා ගොඩක් කලින් අඳුන.."

මිතිලගේ අප්පච්චි එයාලව අඳුන්වලා දෙද්දී දැනෙන අපහසුව මඟ ඇරවා ගන්න කෙනුල බොරු හිනාවක් මවා ගෙන ඉද්දී මිතිල දන්න ජාතකේම මිස්ටර් පතිරණ ඉස්සරහා දිග අරින්න යද්දි මොහොතකට ලෙවින්ගේ ඇස් දිලිසෙන්න ගත්තත්, තමන් අතරෙ හිත් නොහොදකම් තියෙද්දි තවත් අය ඒ දැන ඇඳිනුම්කම දැනගන්න එක අනවස්‍ය අවදානයක් ගන්න දෙයක් කියලා හිතෙද්දි කෙනුල මිතිලව කියන්න ගිය දෙයින් වළක්වද්දී ලෙවින්ගේ ඇස් ආපහු මැලවිලා යද්දි මහ සිතල බැල්මක් කෙනුලට දීලා මිස්ටර් පතිරණ දිහාවට හැරුණා....

"ආහ් ඔව් අපි මුණ ගැහුණා ටික දවසකට කලින් ප්‍රොජෙක්ට් එකේ වැඩ වලට.."

"ඒකනේ දැන අඳුනාගෙන ඉන්න එක වැඩ වලට ලේසි වෙයි ඔයාලගෙ...මන් අර පැත්තට යනවා..කතා කර කර ඉන්නකො...ආහ් ලියා මිසුත් එන්නෙ මං හිතුවෙ පරක්කු නිසා එන එකක් නෑ කියලා....කෑම ගොඩක් තියේ..ආස දෙයක් බලලා කන්න දෙන්න...මෙතනටම එක්ක එන්න ලෙවින්..අලුත් පරම්පරාවේ අය අඳුන ගන්න එක හොඳනේ..."

"පොඩි වෙලාවක් දෙන්න මං එයාව එක්කන් එන්නම්.."

මිස්ටර් පතිරණ මිතිලගේ ඉල්ලීමට කාටත් වඩා අඳුනන දෙන්නෙක්ව ආපහු අදුන්වලා දීලා යන්න හැරෙද්දී ,ලෙවින් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන එක ගැන කෙනුලට සැනසීමක් දැනුණත් අනික් අතට හෝල් එකට ඒ වෙලාවේ ආපු ලියාව පෙන්නන පමාවට  ලෙවින් එයාව එක්ක එන්න යද්දි කෙනුලගේ හිත එතනම බිදිලා ගියා..

"මොකෝ බං..වෙලා තියෙන්නේ...උඹ නිකං උඹෙ මිනිහා ගිහිං අරකිගේ අතේ එල්ලුනා වගේනෙ බලන් ඉන්නෙ..අනික පොර එන්නම් කියලානේ ගියේ මූණ දිග ඇරගනින්..ආහ් තනියම කතා කරන්න ඕන කිව්වා නේද...ගෑනි එක්ක ආවොත් අවුල්නේ..මං සයුරිට කියන්නද ලියාව..."

"එපා ඕනා නෑ..."

"හරි හිටපන් උඹට කන්න මොනා හරි ගෙනත් දෙන්නම්.."

ලෙවින් අපහු එන්නම් කියලා ගියත් එහෙමම ලියාවත් එක්කගෙන බුෆේ එකට යන්න යද්දි කෙනුල ඒ දිහා බලන් හිටියෙ පපුවෙන් කෑල්ලක් ගලවන් ගියා වගේ වේදනාවකින් වෙද්දී කෙනුලගේ හැසිරීම දිහා තේරුම් ගන්න බැරි බැල්මකින් බලන් උන්න මිතිලත් කෙනුලට කන්න අරන් එන්නම් කියලා  බුෆේ එක දිහාවට යන්න යද්දී පැත්තකින් තිබුණ බාර් සයිඩ් එක දිහාවට තමන්ගේ කකුල් ඇදුණෙ ඇයිද කියන්න කෙනුලම දැනගෙන හිටියෙ නෑ..සමහරවිට කෙනුලට එහෙම හරි ලෙවින්ගෙ අවධානෙ ඕනා වෙන්න ඇති... නැත්තන් තමන්ටම රිද්දගන්න  ඕනා වෙන්න ඇති...හිතේ ආවේගේ එයාව පොලඹවන්න ඇති. හේතුව මොකක් උණත් ලියාට කෑම තෝරලා දෙන ලෙවින් ළඟම ඇස් තියන් උන්න කෙනුල අතට අහුවෙන මඟුල් ඔක්කොම එක හුස්මට බිලා දැම්මා වෙද්දි , ලියාව සයුරිට බාර දීලා, කෙනුලටත් එක්කම කෑමත් අරන්, මඟ හම්බ උණ මඟ අරින්නම බැරි දෙතුන් දෙනෙක් එක්ක කතාත් කරලා මිතිල ලෙවින් එක්කම ආපහු එද්දී වෙන්න ඕනා හරිය වෙලා තිබුණා..

"ඒ...අඩේහ් බං උඹ..!!"

"ඕ..හ් ගෝඩ් බබා ඇයි මේ..!!"

"ආහ්..ආවද...ඔයත් ආවද මිස්ටර්ර්...ලෙවින්..හොඳයි...මං බිව්වා...ටික්..කක් බිලා බලන්න හිතුණා..රසයි...ඉතිං....රට බඩුනේ....
ඔයාලත් බොන්න...මටත් තව බොන්න පුළුවන්.."

"මොනාද බං විකාරද උඹට...!!"

"මෙයා කලිනුත්..."

කෙනුලගෙ මූණ සැර බිම වල නුපුරුදු කමටම ඒ ටිකට රතු වෙලා තියෙද්දි , කෙනුල මොකුත් නොවුණ ගාණට පණ්ඩිතකම් කියවද්දී , එයාටත් බොන පුරුද්ද අත් ඇරවලා දැන් අතට අහු උණ තරම් ඔක්කොම බීලා වැඩ්ඩා වගේ උන්න කෙනුල දිහා ලෙවින් පුදුමයෙන් බලන් ඉන්න ගමන්ම මිතිලගෙන් මේ සාමාන්‍ය පුරුද්දක්ද කියන එක දැන ගන්න උත්සාහ කරා...

"කලින් බොන එකෙක් බිව්වා නම් බැරිද...මේ ගොනා බියර් එකක්වත් බීලා නෑ මං දන්න විදිහට..මේ ඊයේ පෙරේදා ඉඳන් මොන යකෙක් වැහිලද මන්දා මූට..මෙහෙ ආපු මුල හිටියේත් ඔය වගේ...අම්මපා මට එන කේන්තියක්..."

"කලින් නොබිව්වට.. අද බොනවා මං...සර්...මගේ සරුත් ඉන්නවානේ...එයා එක්කම...මුල් ෂොට් එක ගහන්න හිටියෙ...කොහෙ..ද එයාට...බලන්න වෙන අය ඉන්නවානේ දැන්...ඉතිං මං තනියම බිව්වා...තවත්...බලන් ඉන්න එක තේරුමක් නෑනෙ මං එයා වෙනුවෙන්...ඉතිං බීලා දැම්මා...තනියම..ඒවා තිත්..ත උනාට... රසයි...ඔය ගෑණු ලොකු කරන් ඉන්න සුද්දො ඕනා නෑ අපිට..වරෙන් අපි දෙන්නා බොමු..."

"ඇති නතර කරපං...ඔය බීපු තරම ඇති... ගෙදර යන්නෙ කොහොමද උඹ ඔහොම..."

"ගෙදර..! ආහ් කෙල්ල..මගේ කෙල්ල බලන් ඉන්නවා නේද මං එනකං...නිදියන්නත් එපා කියලා ආවෙ...ඉක්මනින් යන්නනේ...අමතක උනානේ මට...බිව්වා ඇති මං යන්නම් ගෙදර..."

ලෙවින් තාමත් මොකුත් හිතාගන්න බැරිව බලන් ඉද්දී මිතිල නම් උන්නේ එකපාර කෙනුලට හැදුණ පිස්සුව ගැන කේන්ති ගිහිං වෙද්දි මිතිලගේ මතක් කිරිම එක්ක මේසෙ ඔලුව ගහන් උන්න කෙනුල ගෙදර යන්න හිතන් උන්න තැනින් නැගිට්ටා...

"ඇති.. හොඳටම ඇති මේ විකාරේ...තමුන්ගේ ඔලුව හොඳ නැද්ද බබා...ශිට් තේරෙන්නෙ නෑ ම...ආහ්..."

"මිස්ටර් ලෙවින්...!!"

"ස්ස්..සොරි...සොරි සර්...මං... මං හිතලා කරේ නෑ....ම... මට.  මට ඕනා උණේ නෑ එහෙම...කරන්න...කරදර කරන්න නෙමෙ ඕනා උණේ...තරා වෙන්න එපා...රිද්දන්න නෙමෙ ඕනා උණේ..."

"මිස්ටර් ලෙවින් ඔයාගෙ ඇදුම..!"

"ඒක කමක් නෑ...මං එක්ක යන්නම් එයාව...මෙහෙම ගියොත් දෝනි බයවෙයි...රාණිට කතා කරලා මං එක්ක ඉන්නෙ උදේ එවන්නම් කියන්න..."

"ආහ්..දොනිට...කියන්න..තාත්ති...තාත්ති ඩඩා එක්ක...දෝනිගේ ඩඩා එක්ක.."

කෙනුල නැගිට්ටත් උගුරෙන් පල්ලට ගියපු නුහුරු නුපුරුදු දේවල් හරි ඉක්මනින් වැඩ අල්ලලා තියෙද්දි පය පැකිළිලා වැටෙන්න ගිය කෙනුලව ලෙවින් වැටෙන්න නොදී අල්ලා ගත්තා උණත් ඒ එක්කම බඩ කලත්තන් ඇවිත් කෙනුල එළියට දාපු දේවල් වලින් ලෙවින් නෑවෙලා ගියා....කෙනුල වැටෙන්න යද්දි කලබල උණත් ඇග පුරා වැදුණ වමනෙ පාර ගැන ගාණක්වත් නොවෙද්දී වෙන්න ඕනා දේ කිය කිය කෙනුලගෙ අයිතිකාරයා වගේ හැසිරෙන මේ සුද්දා දිහාත් වෙරි පිට හරි ඒ මනුස්සයාටම අයිතිය දීලා අසිහියෙන් කියවන කෙනුල දිහත් මිතිල බලන් උන්නේ පුදුම වෙලා...ලෙවින් කෙනුලව එක්ක යන්නම් කිව්වත් මිතිලට එකපාර හිතා ගන්න බැරි උණා මොකක් කරන්නද කියලා..ඒත් ලෙවින් පෙන්නන අයිතිය ඉස්සරහා විරුද්ද වෙන්නත් බැරි කමක් මිතිලට දැනුණා...අනික් අතට ලෙවින් එක්ක ගියත් කෙනුල ඉන්නෙ මේ හොටෙල් එකේම නිසා මිතිල ලෙවින්ට ඉඩ දෙන්න තීරණේ කරා...

"ඒත් රාණිගේ නම්බර්...මං ගාව නෑ.."

"ආ මේකෙන් ගන්න..."

"මේ..කෙ පාස් වර්ඩ්...ඒ සුවහස් පාස්වර්ඩ් කියපන්.."

කෙනුලව වත්තන් කරගෙන ඉන්න ලෙවින් කෙනුළගේ ගෙදරට පණිවිඩේ දෙන්න කියන ගමන් කෙනුළගේ සාක්කුවේ තිබුන ෆෝන් එක අරන් දුන්නා වෙද්දි ෆෝන් එකට එබුණ මිතිල මිට කලින් දැකලා නොතිබුණ කෙනුළගේ ෆෝන් එකේ ලොක් ස්ක්‍රින් එක දැකලා තව ටිකක් පුදුම උණා...ලොක් ස්ක්‍රින් එකේ එකට තුරුලු වෙලා ඉන්න දෙන්නා දිහාත් මෙතන ඇස් ඉස්සරහා එකට වෙලිලා ඉන්න දෙන්නා දිහත් මාරුවෙන් මාරුවට බලපු මිතිල, හිතට දැනුණ නොසන්සුන් කම යවාගන්නත් එක්ක  සිහියක් නැතිව උන්න කෙනුළගෙන් පාස් වර්ඩ් ඉල්ල ඉල්ල කෑ ගැහුවා...ඒත් අනික් අතට ලෙවින් පාස්වර්ඩ් එක හරියටම කියද්දි ලොක් එක ඇර ගත්ත ෆෝන් එක දිහා මිතිල නම් බලන් උන්නේ හුස්මත් හිර කරගෙන...

"ඕ..ඔයා..කොහොමද දන්නේ මුගේ.."

"අවුරුදු 3ක් ගිහිං...ෆෝන් එක මාරු වෙලත් නෑ...වෝල් පේපරෙ මාරු වෙලත් නෑ...ඉතිං පාස්වර්ඩ් එකත් ඒකම වෙන්න ඕනනෙ.."

"ඒ..එයා දන්න..වා...එයාගෙ බබාව...එයා දන්නවා....සුදු...සුදු මහත්තයාණේ...මගේ...මගෙනේ..."

.......

"මගේ..දැන්..මගේ නෙමෙ...මගේ වෙලා හිටියානේ...ඒත් එයා දන්නවා...තාම දන්නවා..."

මිතිලගේ ප්‍රස්නෙට උත්තර දුන්න ලෙවින්ගේ කට හඬේ තිබුණෙ ආඩම්බරේකටත් වඩා වේදනාවක් වෙද්දි , අසිහියෙන් උණත් කියවපු කියවපු කෙනුලගේ වචනත් එයින් වෙනස් නොවෙද්දී...මේ තරම් කල් කෙනුල තමන්ගෙන් හංගපු...සමහරවිට නොකියා උන්න මේ සුද්දා එක්ක තියෙන සම්බන්දේ ගැන මිතිලට මේ වතාවේ නම් පැහදිලි අදහසක් ගන්න පුළුවන් උණා...අවුරුදු ගාණක් ළඟ උන්න තමන්ගෙ යාලුවගේ හැන්ඟුණ අතිතෙ ගැන අංශු මාත්‍රයක් එළි කර ගත්ත මිතිල ඒ දේවල් ගැන වද වෙන එක ගැන පස්සට තියලා රාණිටත් පණිවිඩේ දීලා කෙනුලව රූම් එකට අරන් යන්න උදව් කරා...

"ක්..කොහෙද..මේ...බ්..බන්ඟලාවේද අපි...ආහ්...බංගලාවට ඇවිත්...මට එන්න ඕනා උනානේ ගොඩක්...ඒත්..මේ එහෙ නෙමෙද...මුහුද ළඟ හොටෙල් එකේ...එහෙ වගේ...නේ...කෝ ඉටිපන්දම්..අද වැලන්ටයින් නෙමෙද..."

"හ්ම් එහෙ තමා...එන්නකෝ...වොශ් දාන් එමු අපි..."

"අපි..! එකටද...එදා වගේ..."

ලෙවින් කෙනුලව එක්ක ආවෙ පහුගිය ටිකේම නතරවෙලා උන්න හොටෙල් රූම් එකට වෙද්දී දොර ළඟදී බලෙන්ම ලෙවින්ගේ අත් වලින් මිදුන කෙනුල වැනි වැනිම ඇතුලට ගිහිං හොටෙල් රූම් එක පුරා ඇස් යවන ගමන් ඒ ආගන්තුක තැන අඳුනා ගන්න උත්සාහ කරා...කෙනුල නොහිතා උණත් පිට කරන වචන අතිතෙ තැන් අවුස්සා අවුස්සා ලෙවින්ගේ හිත රිද්දද්දී ලෙවින් මහ බරට සුසුමක් හෙළන ගමන් දොර වහලා ගිහිං ආපහු කිරුළුව තුරුළු කර ගත්තෙ බාත් රූම් එකට එක්ක යන්න හිතන්..

"ම්ම්..එදා වගේ එකට වොෂ් කරමු හොඳද...මමත් එනවනෙ..බබා අද අලුත් බීමක් බීලානේ... ඒ නිසා මං උදව් කරන්නම් හොඳද..."

"ඕ..ඔයත් එනවාද...උදව් කරන්නද එන්නෙ...බීලා නිසා..........එයාට වගේ.."

"ම්ම්ම්..කෝ කොහෙද යන්නෙ..."

" මෙහෙම එක්ක ආවෙ..මෙහෙම...ඇඳ ට දාලා...ස්..සෙරෙප්පුත් ගැලෙව්වා...හැමෝ..ටම..හැමෝටම උදව් කරනවාද ඔයා...බීලා ඉන්න හැමෝ..ටම...."

එකට වොෂ් කරන්න එයත් එන්නම් කියද්දි කිරුළුගෙ ඇස් දිලිසුණා..ඒත් උදව් කරන්නම් කියන වචනෙයි...බීලා කියන වචනෙයි ඇහෙද්දි ඒ ඇස් මැලවෙලා යද්දි එයා බලෙන්ම ලෙවින්ගෙන් මිදිලා ආපහු දොර ළඟට ගියා...එහෙම්ම අතකුත් හරහට දික් කරන් වෙන කෙනෙක්ව එක්ක එනවා වගේ පෙන්නන ගමන් ඇද දිහාට ගිහිං එහෙම්ම ඇඳට කඩන් වැටිලා ඇස් දෙකේ කදුළු පුරවන් බීපු හැමෝටම උදව් කරනවාද අහද්දී ලෙවින් හිටියෙ මේ කියන මොකුත් හිතාගන්න බැරිව...

"බබා...ඇයි මේ...මොනාද කියන්නේ ඔය..එන්න වොෂ් දාන් එන්න.."

"මොනාද...මොනාද අහන්නේ....!! කරපු දේවල් කියන්නේ...තමුන් කරපු දේවල් කියන්නේ....!!"

"කෝ ඔය..ඉන්න...අල්ලන්න එපා මගේ ඇඳුමේ වමනේ...කෝ ඉන්න අයින් කරණකම්.."

ලෙවින් ඇත්තටම හිටියෙ මේ කියන දේවල් හිතාගන්න බැරිව..එයා හිතුවෙ කිරුළ වෙරිපිට තේරුමක් නැති දේවල් ගොඩක් කියවනවා කියලා වෙද්දී එයා හැදුවේ පහත්වෙලා ඇදේ පෙරළිලා උන්න කිරුළුව අත් දෙකට ගන්න උණත් කිරුළු ලෙවින්ගේ ජැකට් එක පුරා විසිරුණ ටිෂු වලින් පිහදන් ආපු වමනේ පැල්ලම ලඟින්ම අත් දෙකෙන් එල්ලිලා කෑ ගහද්දී ලෙවින් බලෙන්ම ඒ අත් වලින් මිදිලා ඇද ළඟින් එහාට ගිහිං ජැකට් එක ගලවන්න හැදුවත් ,බීම නිසා මනස අවුල් වෙලා තිබුණත්, ඒ හිත රිද්දන විඩියෝ එක ආපහු ඇස් ඉස්සරහා ප්ලේ වෙනවා වගේ වෙද්දී කිරුළු එක තප්පරේට ඇඳෙන් බැහැලා ගිහිං ලෙවින්ගෙ අත් වල එල්ලුනේ කෑ ගහගෙන....

"එපා....!! ගලවන්න එපා...!! නවත්තපන් යකෝ ගලවන්න එපා....!! රිදෙනවා දෙවියනේ මට රිදෙනවා...අත් වැරද්දක් උණත්....රිදෙනවා මට...සමාව දුන්නා මං...සමාව දුන්නා එදාම...තරහක් නෑ ඔයා ගැන...ඇයි...ඇ..යි උදව් කරන්න ගිහිං...හොඳ වෙන්න ගිහිං ඇයි ඒ වගේ වැරද්දක් කරේ...දෝනි..දෝනි මං ළඟ නිසා ඒ වැරද්ද උණ එක ගැන සතුටුයි මට..ඒ..ඒත් එදා එහෙම නොවුණා නම් අර අහිංසකි අදත් ජීවත් වෙනවා හිතෙද්දි රිදෙනවා සර් මට....මගේ පොඩි එකී...අම්මෙක් නැතිව හැදෙන හැටි දකිද්දී රිදෙනවා...නොහිතා උණත්...ඒ අහිංසකයෝ දෙන්නට එහෙම වෙන්න ඔයත් හේතුවක් කියලා හිතෙද්දි රිදෙනවා මහත්තයො මට...මං..මං සමාව දුන්නට...ඔයාගෙ දෝනි...එයා ඔයාට සමාව දෙයිද සර් ඔයාට...සමාව දෙයිද ඔයාට...මට..මට ඕනා ඔයා...එයාගෙ ලෝකේ හොඳම වෙන්න...මගේ ලෝකෙ..හොඳම ඔයානේ...දෝනිගෙ ලෝකෙත් හොඳම වෙන්න ඕනා..ඒත්...ඒත් මං බයයිනෙ...දවසක එයා ඔයා එක්ක තරහා වෙයි කියලා මට බයයි රත්තරන්...තරහක් නෑ මගේ සර්...තරහට කෑ ගහන්නෙ...නෑ...මට බයයිනේ....ඒ බය මාව පිස්සු වට්ටනවා දෙවියනේ..."

කිරුළු ආ පිම්මේ ලෙවින්ගේ පපුවට ගහ ගහා අඬා වැටි වැටි කියවද්දී ලෙවින් අහන් හිටියෙ ඔළුවට පොළු පාරක් වැදුණ එකෙක් ගාණට...මොකක් ගැන කියනවාද කියලා නොතේරුණත් ප්‍රස්න ගාණක් හිතට ආවත්,  කිරුළුගේ වචන වෙරි නිසාම නොවෙන බව තේරෙද්දි ලෙවින් කල්පනාවෙන් අහන් ඉන්න ගත්තෙ සිහියෙන් ඉද්දී කිරුළු නොකියන තමන් නොදන්න කතාවෙ කොණක් අල්ල ගන්න හිතන්....

" කා ගැන ද කියන්නේ බබා ඔයා...ම්ම්..කාටද මං රිද්දුවේ කියන්නකෝ...ඇයි දෝනි මං එක්ක තරහා වෙන්නේ.."

"සි..සිහලි...මගේ නංගි....නෑ එයා..එයත් ආන්‍යා...ඔයාගෙ නංගි වගේ.. නේ...ඕ..ඔයාගෙ පාපානේ එයාට නම දුන්නේ...ඔයාගෙ නන්ඟිගේ නම එයාට දීලානේ...දුක..හිතුණා මට...කමක් නෑ...දැන් දුක නෑ...දෝනිටත් අම්මාගෙ නමම දුන්නා ම..."

"බබා..හ්.."

"..ව..වමනෙ..යනවනෙ...ඇයි ඒ...ජ..ජරාවක් කෑවේ.. නෑනෙ...."

........

"නිකං යනවා ඇති.. කෝ එන්න මං ගන්නම් ඔයාව..."

නංගිලු...පපා නම දුන්නලු..එයත් ආන්‍යාලු..මෙයත් ආණ්‍යලූ..ලෙවින් උන්නේ නිකං මංඤන් වෙලා වගේ වෙද්දි කිරුළු ආපහු ලෙවින්ව බදාගෙන රූම් එක මැද්දෙම වමනෙ කරා...දාන්න තරම් දෙයක් නැති වෙනකං දාලා කඳුලු ගලන ඇස් වලින් ලෙවින් දිහා බලද්දී , වමනෙ දාලා අඩපණ උණ වෙලාවේ ක්ලිනින් එකටත් කතා කරලා, ලෙවින් බලෙන්ම කිරුළුව උස්සන් බාත් රූම් එකට ගියා..
මේ තරම් වෙලා කෑ ගහපු කිරුළු එකපාර නිහඬ වෙද්දී උන්නේ ලොකු කල්පනාවක...ලෙවින් එයාව ෂවර් එක යට හිටවලා ඇඳුම් ඔක්කොම ගලවලා දාලා කිරුලුගෙ ඇදුණුත් එකින් එක අයින් කරද්දි ඔළුවත් බිමට හරවන් අත් දෙක දෙපැත්තෙ දාන් එයාගෙ බඩ දිහා බලන් හිටියා...

"මහත්...තයො..."

"ම්ම්..."

"එහෙම වෙන්න බෑද..."

"කොහොම.."

"...මේ..මේ වමනෙ යන්නේ...බඩේ.. මගේ...අලි බබෙක් ඇවිත් වෙන්න බෑද...නිල් ඇස් තියෙන අලි බබෙක්...!!"

"ආහ්..!!"

කිරුළු එකපාර අනික් පැත්ත හැරිලා දිලිසෙන ඇස් වලින් ඇහුවේ ලෙවින්ගේ අත් බලෙන්ම අරන් එයාගෙ බඩ උඩ තියන් වෙද්දි ලෙවින් බලන් හිටියෙ මොකුත් හිතාගන්න බැරිව...

"...ඇ.. යි...ඇයි කැමැති නැද්ද...එපාද...මගෙන් උනොත් එපාද...නන්ඟිගේ නම් ඒත් එපාද...අපි දුප්පත් නිසා..අසරණ නිසා..අපෙන් එපාද..ලි..ලියා මිස්ගෙ විතරනම්ද හොඳ...අපි එපාද..මගේ දෝනිත් එපාද..."

"මොනාද දරුවෝ කියන්නේ මේ....!! හරි මේ අහන්නකෝ...බබාත් මගේ...දෝනිත් මගේ හොඳද...ඔයාලා දෙන්නා විතරයි මගේ...ඔයාලා විතරයි හොඳ..ලියා මොකටද..එයා මගේ නෙමෙනේ...මට ඉන්නෙ කිරුළු විතරයි...ලොකු කිරුළුයි පොඩි කිරුළුයි...ඒ දෙන්නා විතරයි..වෙන කවුරුත් එපා..."

ලෙවින්ගේ මූණේ පුදුමේ දකිද්දී කෙනුළගේ ඇස් මැලවෙලා යද්දි ඉක්මනින් ලෙවින්ට පිටුපාලා අනික් පැත්ත හැරුණා...ආපහු බිම බලන් කොහේදෝ හිටපු ලියාවත් ඇදලා අරන් අඬන්න ගද්දී , ටිකකට කලින් එයා ලියාව බලන්න ගිය ටිකට නේද කිරුළු බිව්වේ කියන එකත් ලෙවින්ට මතක් උණා...ඉස්සරවත් ලියාට ඉරිසියා කරේ නැති කිරුළු දැන් මෙහෙම වෙන්න හේතුවක් ලෙවින්ට හිතා ගන්න බැරි උණා...

ඔක්කොටමත් වඩා කිරුළුට කියන්නම ඕනා වැදගත්ම දෙයක් මේ වෙනකණුත් එයාට කියන්න බැරි උණා කියලා ලෙවින්ට ගාණක් තිබුණෙ නෑ...හිත රිද්දාගන්න අකමැති නිසාම කිරුළු ඒ මාතෘකාව ගැන ආපහු මුණ ගැහුනට පස්සෙ කතා නොකරපු බව නොදන්න ලෙවින් හිතන් හිටියෙ කිරුළු ලියා ගැන හැමදේම දන්නවා ඇති කියලා වෙද්දි මේ ඉරිසියාව ලෙවින්ට පෙනුණේ වෙරි නිසා කිරුළුගේ හිතේ ඇති උණ අහේතුක ඉරිසියාවක් කියලයි...කොහොම උණත් අර පොඩි උන්ට දේශන තියලා වැඩක් නෑ වගේ කිරුළු උන්න විදිහත් එක්ක මහ වචන වලින් මේ ප්‍රස්න මේ වෙලාවේ බරපතල කරගෙන හරියන්නේ නෑ කියලා තේරුන නිසා ලෙවින් හරි සරල විදිහට කෙනුළගේ හිත හැදෙයි කියලා හිතෙන විදිහට උත්තර දුන්නා...

"අපි විතරද ඔයාගෙ...ඇත්තම නේද ඔය...ඕ..ඔයා දන්නවාද...දෝනි...මගේ දෝනි...එයා...අලි බබෙක් තමානේ...ඔයා.ඔයා දන්නෙත් නෑ...ඔයා තාත්තෙක් වෙලා...මං තමා මුලින් වඩා ගත්තෙ ඔයාගෙ දෝනිව..එයාගෙ අම්මාටත් කලින් මං ගත්තෙ.කිරුළුගේ නොවුනට කමක් නෑ...තරහා නෑනෙ...ඔයා හිතලා කරේ නෑනෙ...ඒ උනාට දැන් එයා මගේ...දුක හිතන්න එපා...ඔයාටත් දෙනවා...ඔයානේ ඩඩා..."

........

"ඒ..ඒ උනාට...මගෙන් උදුරාගන්න එපා හාද...මගේ නෙමෙ උනාට එයා මගෙනේ...ඔයා..ඔයා නැතිකොට...මට හිටියෙ දෝනි විතරනේ...ඔයාගෙ උනාට මගෙන් උදුරා ගන්න එපා...මට...මට හයියක් නෑ..දෝනිගෙ අයිතිය වෙනුවෙන්.. ඔයා එක්ක හැප්පෙන්න...ඒ නිසා එපා හාද..ලියා..ලියා මිස්ට බැරි වෙයි...මගේ කෙල්ලට හොඳ අම්මා කෙනෙක් වෙන්න..අර අර ගෑනි වගේ..ඒ..එකී ඔයාට කරා වගේ ලියා මිස් මගේ කෙල්ලට වෙනස්කම් කරයි...මරනවා කියපු ගෑනි...මගේ දරුවාව මරනවා කියපු ගෑනි...ඒකිට බැරි නෑ...මිනීමරු ගෑනි.."

"ක්..කවුද මරනවා කිවේ..කාවද.."

ලෙවින්ට ආසන්න විදිහටවත් තේරුම් ගන්න බැරි උණා කිරුළු ආයි ආයි මේ කියන කතාව...හාර හාර අහන්න හිතුණත් වෙරිපිට උණත්, කිරුළු කතා කරේම කියන්න ඕනම දේ හිතේ හංගාගෙන වෙද්දී... හිතට ප්‍රස්න ගොඩක් ආවත් වෙරි පිට ඉන්න මනුස්සයෙක්ගෙන් ප්‍රස්න අහන්න ගිහිං තත්වේ තවත් අවුල් වෙයි කියලා ලෙවින්ට බය හිතුණා...ඔයාගෙ දරුව, මගේ දරුවා, අලි බබාලා, අයිතිය මේ අපබ්‍රංශ මොකුත් නොතේරුණත් කිරුළු අන්තිමේ කියපු දේ නිසා නම් ලෙවින් ගැස්සිලා ගියා...

"ස්ස්..කෑ ගහන්න එපා...ඒකි ඔක්කොම දන්නවා..දන්නේ නෑ වගේ හිටියට...මට හොරෙන් නටන්න උඹලට බෑ කිව්වා...මං කිය කිය ඉන්නෙ නෑ...උඹලට කෙළවෙනකං උඹලා දන්නෙත් නෑ කිව්වා..දැනුත් බලාගෙන ඇති... සද්ද නැතිව ඉඳලා එකපාර හැමෝවම නැති කරලා දායි.."

"ම්ම්..හරි..දැන් කියෙව්වා ඇති... කෝ එන්න ළඟට.."

ලෙවින්ගෙ ප්‍රස්නෙ එක්ක කිරුළුගේ මූණේ මේ වතාවේ ඇදුණෙ මහම මහ බයක්...පහුගිය දවස් ගානේම ඒ බැල්ම ලෙවින්ට හුරු පුරුදුයි...එයාට මතක් උණා හිත රිද්දන වචන කිය කිය පහුගිය දවස් කීපෙකම කිරුළු එයාට කෑ ගහද්දීත් ඔය බය උණ පෙනුම ඔය විදිහටම ඒ මූනෙ තිබුණා කියලා..ඉතිං කිරුළු අසිහියෙන් උණත් කියවපු දේවල් එක්ක ලෙවින් කොණක් හොයාගන්න බැරිව පැටලිලා තිබුණ නූල් බොලේ කොන් කීපයක්ම හොයා ගත්තා..
මේ වෙලාවේ තව ප්‍රස්න අහලා කිරුළුව අවුල් කරන්න බැරි නිසා පස්සෙ ඒ නූල් කොන් දිගේ ගිහිං තියෙන ප්‍රස්න විසඳ ගන්න එයා ඒ කොන් පරිස්සමට හිත අස්සෙ අරන් තිව්වා...එහෙම්ම බාතෘම් එකටත් ඇවිත් අමු හෙළුවෙන්ම කියව කියව ඉන්න කිරුළුව ළඟට ඇදලා අරන් පිටිපස්සෙන් තුරුලු කරගෙන දෙන්නම නෑවිලා යන්න ෂවර් එක ඇරියා...

"ම්ම්..හ්...ක්...සර් අනේ. ..."

"ස්ස් දඟලන්න එපා..."

නුවර එළියේ සීතලේ ෂවර් එකෙන් ආවෙ උණු වතුර උණත්, දෙන්නගේම ඇගේ හිරිගඩු පිපෙන්න ගියේ එක මොහොතයි...කියවිල්ලෙන් අවදානේ බිදිලා තිබුණ නිසා ටිකකට කලින් දෙන්නගෙන් කාටවත් ගාණක් නොවුණත්,අමු නිරුවතින් එකට තුරුලු වෙලා ෂවර් එක යට තෙමිලා යද්දි උණුවතුර වල උණුහුම පරද්දාගෙන හැඟිම් නිසා එයාලගෙ ඇඟවල් උණුසුම් වෙලා තියෙද්දි , ඒ උණුහුමට ප්‍රතිවිරුද්ධව ගිහිං එකිනෙකාගේ පහස දරා ගන්න බැරිව හිරිගඩු පිපිලා තියෙද්දි, මත්බව නිසාම තත්වෙ , මොහොත හැමදේම අමතක උණ කිරුලු ලෙවින්ගේ අත් අස්සෙ එහෙට මෙහෙට ඇඹරි ඇඹරි කෙදිරි ගෑවා..

ජීවිතේ එක වතාවක් විතරක් මේ තරම් සමීපව විඳපු ඒ උණුහුම...ආයි මේ වගේ හිටි ගමන් විදින්න ලැබිලා තියෙද්දි ලෙවින් උන්නෙත් රතු ඉර සීමාවේ..දැනෙන උණුහුම මදිවට කිරුළුගේ කෙදිරිලි වගේම ආයාචනා සීමාවෙන් එහා ලෝකේ හොයන් යන්න ලෙවින්ට උත්තේජන සැපයූවත් ,කිරුළු අසිහියෙන් උන්නාට මේ ඒ වගේ දේකට සුදුසු වෙලාවවත්, අවස්ථාවවත් නොවෙන බව දැනගෙන උන්න ලෙවින්, දෙපාරක් නොහිතා මේවගේ අමාරු අවස්ථාවකට පාර කපන ගමන් හවුලේ නාන්න ආපු එකට තමන්ටම දොස් කියාගන්න ගමන් අත් දෙකෙන්ම කිරුළුව මිරිකගෙන දඟලන්න නොදී තත්වේ සමනය කරන්න උත්සාහ කරා...

බොහොම අමාරුවෙන් නාවාගෙන කරගෙන බාත් රොබ් එකකුත් කිරුළුගේ විරුද්ධත්වේ මැද්දෙම පටලවාගෙන, අත් දෙකෙන්ම උස්සන් ආපහු රූම් එකට අරන් එද්දී කිරුළුගේ මූනෙන් පෙනුණ අපහසු ගතිය මත් ගතිය බොහෝ දුරට අඩුවෙලා තියෙද්දි,කඳුලු හේදුන මූණේ එලියක් වැටිලා තියෙද්දී ලෙවින්ට සැනසීමක් දැනුණා...කාමරේට එනකංම කිරුලු ,ලෙවින්ගෙ බෙල්ලෙ අත් දෙකෙන්ම එල්ලිලා උන්නේ පොඩි එකෙක් වගේ උණත්, හරි හිතුවක්කාරකමකින් ඒ නිල් ඇස් වලට අහක බලන්න බැරි වෙන්නම තමන්ගෙ ඇස් වලින් අල්ල ගත්තා..

උස්සන් ගිහිං ඇදෙන් තියලා ටවල් එකක් අරන් ඕඩිකොලොන් දාලා ඔලුව පිහදනකංම කිරුළු ලෙවින්ගේ බෙල්ලෙන් එයාගෙ අත් අත ඇරවා ගත්තෙවත් ඒ නිල් ඇස් වලට තමන්ගෙ ඇස්වලින් මිදෙන්න දුන්නෙවත් නෑ... සීතලටත් වඩා ලෙවින් උන්නේ මේ දඟකාරකම් වලින්ම අවුස්සන හැඟිම් නිසා ෆ්‍රීස් වෙලා වෙද්දි ඒ බැල්මෙන් ඒ අත්වලින් මිදෙන්න ඕනා උණත් ලෙවින්ට හයියක් නැතිවෙද්දී ලෙවින් ඒ ඔලුව පිහදන්න සෑහෙන වෙලාවක් ගත්තා...

අන්තිමේ ඒ හිතුවක්කාර ඇස් නිල් ඇස් වලින් මිදෙද්දී ලෙවින්ට සැනසුම් සුසුමක් හෙළුණත් , අනික් තප්පරේ ඒ අඩුව පිරිමහන්න ඇස් විතරක් නෙමෙ සීතල ඇගිලි තුඩුත් තමන්ගෙ තොල් උඩ නතරවෙද්දී ලෙවින් හැදුවේ කලබලෙන් නැගිටලා යන්න උණත් කිරුළු ලෙවින්න්ගෙ අත තද කරලා අල්ලන් බලෙන්ම නතර කර ගත්තා..

"ඇ..යි කිස් කරේ මාව එදා ගෙදරදී...අමතක්..වෙලා උන්නේ...ඔය තොල් වල රස..නෑ...ගෝ..ගොඩක් අමාරුවෙන් අමතක කරා...දැන්...දැන් ආපහු මතක් කරාම...කොහොමද මං...ආපහු අමතක කරලා ඉන්නෙ සර්...ඒ උණුහුම...ඕනනෙ මට...හැමදාම ඕනා උනානේ....ඕනා උනානේ ඔයාව ගොඩක්..."

"....කිරුළු."

"ඒ..එදා වගේ..ඉන්න ඕනා උණා...ඒ තරම් ළංවෙන්න ඕනා උණා..ඔයාට මාව දෙන්න...අඩු...ම පේ..න දුරින් හරි...පේන දුරින් හරි ඉන්න ඕනා උණා...ඒත් ඔයාට..ඔයාට ඕනා උනානේ මාව යවන්න..මට...මට ඕනවත් නැති හීන පෙන්නලා...ඔයා ඔයාව මගෙන් උදුරා ගත්තා..ඕ..ඔයා...මට..මාවමත් නැති කරා සර්...මාවමත් නැති කරා...තරහා...නෑ ඒත්...තරහා නෑ ඔයා එක්ක....අර කාලකණ්ණි උන් තමා වැරදි.. උන්ට තිබුණා..දුරින් ඉඳන් හරි ඔයා දිහා  බලන් ඉන්න මට ඉඩ දෙන්න..උන් උන් මහ....ශිට්...දෝ.නි...මගේ කෙල්ල...ඔයා එයාවවත් මන් වෙනුවෙන් තියලා..ගියේ නැත්තං මට මොනා වෙයිද සර්.."

.......

කිරුළු කියෙව්වා...කලින් වගේ මත් බව නිසා මෙහෙයවපු ආවේගෙකින් නොවුණත් ,තාමත් සම්පූර්ණයෙන් නොමිදුණ මත් බව නිසා , සදහටම ඒ හිත අස්සෙම වලලා දාලා තිබුණ වේදනාව...එයාගෙ පියවි සිහියේ අනුදැනුමකින් තොරවම එකින් එක ගොඩ එන්න අරන් තිබුණා...තවත් ඒ ඇස් වල කඳුලු නොවෙද්දී , හිතුවක්කාර විදිහට ඒ නිල් ඇස් අල්ලන් ඉන්න ගත්ත උත්සාහේ අත ඇරලා තියෙද්දි දණිස් වලින් නමන් උන්ඩි කර ගත්ත කකුල් උඩ කම්මුල තද කරන් කොහේදෝ ඈතක ඇස් නතර කරගෙන ඔහේ කියවන්න ගද්දී ලෙවින් දෙන්න උත්තර නැතිව,කියාගන්න දෙයක් නැතිව වේදනාවෙන් බලන් හිටියා...

"ඔයා එදා කිව්වා හරි...ඒ එදා රැයින් පස්සෙ...නින්දත් නැති උණා මගේ...මුළු ආත්මේම ඔයාව ඉල්ලලා කෑ ගැහුවා..ඕ..ඕනා උණා...අඩුම.....ඔයා එක්ක ඒ උණ දේවල් ගැන කතා කරන්න..ඔයාගෙ බබා බලන් හිටියානේ...ඔයා...ඒ දවස ගැන...කතා කරනකං..."

"....මං..මං දන්නවා..ම්ම්...අපි හෙට කතා කරමුකො....බබා දැන් හොදින් නෙමෙනේ.... හෙට කතා කරමුද..."

ලෙවින්ට තවත් මේ දේවල් අහං ඉන්න බැරි තැන එයා ඒක නතර කරන්න උත්සාහ කරා...මේ දේවල් ගැන දවසක කතා කරන්න ඕනා උණත් , කිරුළු අද මේ සිහිකල්පනාවක් නැතිව කියවන දේවල් ගැන සිහිකල්පනාව ආවම එයාම දුක් වෙයි කියලා ලෙවින් බය උණා...කිරුළු හැමදාම තමන් ඉස්සරහා වචන පාවිච්චි කරේ හරි පරිස්සමින් බව දන්න නිසාම අද මේ ඔහේ කියවන දේවල් ගැන එයා එයාටම දොස් කියාගනී කියලා ලෙවින් බය උණා...

"අදත්...අදත් නවත්තන්නද ඕනා මාව...දන්නවාද කියන්න අහන්න දේවල් ගොඩක් තියෙද්දීත් ගොළු වෙලා ඉන්න උනාම  කොයි තරම් රිදෙනවාද කියලා...මුල්ම..මුල්ම දවසේ ඉඳන්...ඔයාව හම්බ උණ මුල්ම දවසෙ ඉඳන් මට ඉන්න උනේ එහෙම..ඒත් ඉවසුවනේ මං...ඒ ඔක්කොටම පස්සෙ එදා ඔයාගෙ උණ දවස ඒ හැමදේම ගැනවත් කතා කරන්න ඕනා උණා...ඒත් හැමදාම මග ඇරියා ඔයා...කතා නොකරාම...රිදුණ තරම දන්නවාද....ගොඩක්... මට...ගෝ..ගොඩක් රිදුණා සර්....බබා දන්නවා...කිරුළු දන්නවා ඒ උණ දේවල් ගැන...සුදු මහත්තයා පසු තැවුණා කියන්න බබා දන්නවා...."

"අහන්න...බබා මං..."

කිරුළු ආවේගෙන් වගේ කෑ ගැහුවේ දණිස් වලින් ඔළුව උස්සන ගමන්..කඳුලු නැති උණත් ඒ මූණේ තිබුණ වේදනාව දැකපු ලෙවින්ගෙ පපුව පැලුනා වගේ වෙද්දී මේ වතාවේ ඒ නිල් ඇස් වල හරි ඉක්මනින් කඳුලු පිරුණා...සමහරවිට අද නැති නම් මේ දේවල් කවදාවත් හොද සිහියෙන් නම් කිරුළු එළියට දාන්නෙ නැති වෙයි කියලා හිතෙද්දි අවධානමක් අරන් හරි  මේ වෙලාවේ අහං ඉන්න එක හොඳයි කියලා හිතුවත් එයාට කිරුළු හිතන් ඉන්න හැම දේමත් ඇත්ත නෙමෙ කියන්න ඕනා උණා....ඒත් හැමදාම එයා වෙනුවෙන් කතා කරන්න කිරුළුගෙන් සම්පූයර්ණ අවස්ථාව ලැබුණත් මේ වතාවේ ඒකට ඉඩක් ලැබුණේ නෑ...

"එපා...මොකුත් කියන්න එපා ඔයා...මොකුත්...ඔයා දන්නෙ නෑ....මං...
ඇඩුවා ගොඩක්...දුක හිතුණා මට එහෙම ඉද්දී...එදා  ඔයා බෑ...කියද්දි...එපා කියද්දි...බ..ලෙන් ඔයා ළඟට ඇවිත් කරදරයක් උණ එක ගැන...ගොඩක් දුක් උණා මං..."

"දෙයියනේ...එහෙම නෑ වස්තුව...කිව්වම...අහපන්...!!"

"ඇයි...ඇයි කෑ ගහන්නේ...මං බොරු කියනවා කියලද ආ..ඔයා..ඔයාට තේරෙන්නෙ නෑ ඒවා..මටනෙ ඕනා උණේ...මං විතරනේ ආදරේ උණේ...පිළිගන්න ඕනා උණේ නෑනෙ කවදාවත් ඔයාට...අදහසක්වත් නෑ මට රිදුණ තරම ගැන..ඕ...ඔයා තියපු සලකු..නක් ගානේ මැකිලා යද්දි...එහෙ..ම දෙයක් උණා...කියන්නවත්...මේ ඇගේ සලකුණක් නැති වෙද්දී මට රිදුණා දන්නවාද...කාටවත් ඔප්පු කරන්න නෙමෙ...මං මං වෙනුවෙන්ම සලකුණක් ඕනා උණා මට...ඔයා...ඔයා ඒ ගැන කතාවත් නොකරද්දී...එහෙම දෙයක් උණේ නෑ ඒක හීනයක් කියලා කෑ ගහන හදවතට...ඒක ඇත්තක් කියලා ඔප්පු කරන්න සලකුණක් ඕනා උණා...මට.. එකම එකක් ඕනා උණා....ඕ..ඔයාගෙන් වචනයක් නැති තැන... මට ඒවා හරි ඉතිරි කරගන්න ඕනා උණා...ඒත් නෑ....ඕ...ඔයා වගෙමයි....ඔයා වගේමයි...ඒ සලකුණුත් වෙනස් උණේ...ඔයා වගෙමයි ඒවා මැකිලා ගියේ...හිටියේවත් නෑ වගේ කවදාවත්....මං...මං විතරයි තනි උණේ...මං විතරයි...හැමදාම වගේ මට මං විතරයි..."

"....ස්..සමාවෙයන් කිරුළු...අනේ...මං..."

"ඕ..ඔයා...ඒ දෙන්නටම දුන්නා...ඒ දෙන්නටම දුන්නා.... ඔයාගෙ කියලා ඔප්පු කරන්න ඔයා ඒ දෙන්නටම...දෝනිලා දුන්නා...ඇයි..ඇයි මට නැත්තෙ...ඇයි මටමොකුත් නුදුන්නේ...කතාවත් කරන්න අයිතියක් නොදුන්නේ ඇයි..මන් පිරිමියෙක් නිසාද..මාව නිකංම යාලුවෙක් නිසාද...ඒ..එයාලා වගේ ඔයාව සතුටු කරන්න මට බැරි උනාද මහත්තයො...බැරි උනාද කිරුළුට...

කිරුළුගේ වචන අහන් ඉන්න බැරි තරම්  වෙද්දී ලෙවින් එයාව නවත්වන්න හැදුවත් බීපු දේවල් වලට පිංසිද්ද වෙන්න , හිත අස්සෙ හිර කරන් උන්න සීමාව ඉක්මවපු වේදනාවට, දරාගැනීමට පිංසිද්ධ වෙන්න සිද්ද උණේ කිරුළු තව ආවේගශීලි වෙන එක වෙද්දී ඒ වචන පිහි තුඩු වගේ ලෙවින්ගේ පපුව හෑරුවා...සමහර දේවල් නොතේරුණත් ඒ වචන අස්සෙ තිබුණෙ කිරුළු හිතේ හිරකරන් උන්න වේදනාව වෙද්දී, කිරුළුගේ යහපතටම කියලා කරපු හැම දෙයක්ම අසාර්තක වෙලා තමන් කරපු දේවල් නිසාම කොල්ලා රිද්දාගෙන තියෙන තරම තේරෙද්දි තමන්ටම සමාව දෙන්න බැරි කමට ඒ වැරදි ආපහු හදලා ඒ විදපු වේදනාව ආපහු ගන්න බැරි අසරණකමට නැවතිල්ලක් නැතිව කියවන කිරුළුව අත් දෙකෙන්ම බදාගෙන මේ වතාවේ ලෙවින් පොඩි එකෙක් වගේ අඩා වැටුණා...

"අනේ.. මන්..මන් මොනාද කියවන්නේ මේ...දෙයියනේ රිද්දනවා නෙද මන් ඔයාට...අනේ..අනේ අඬන්න එපා ..මන් මන්...අනේ අඬන්න එපා සර්...ඔයාට රිදෙද්දී බලන් ඉන්න බෑනෙ මට..අනේ අඬන්න එපා මහත්තයො...මං.. මං තරහා නෑ ටිකක්වත්...මං මන් දන්නවා ඔයාට හේතු තිබුණා..හිත රිදුණාට මං ඒක විස්වාස කරා..ඒකයි..ඒකයි අදටත් අමතක කරගන්න බැරි ඔයාව... ඒකයි තවත් බරක් නොවි ඈත් වෙන්න ඕනා...අනේ අඬන්න එපා සර්...මට ඔක්කොම ඉවසන්න පුළුවන්....ඔයා දුකින් ඉද්දී ඉවසන්න බෑ...සර්.කරන්න පුළුවන් හැමදෙම කරලත් ඔයා සතුටින් නැත්තං මන් දරාගන්නේ කොහොමද සර්.."

........

"ඔයාගෙ විතරයි කිව්වට...විස්වාස කරන්න බැරි උනාද මාව..ඔයාගෙන් උදව් අරන් හොඳ තැනකට ගිහිං...පොරොන්දු කඩලා ඔයාට රිද්දයි කියලා හිතුවද...ඒකද...ඒ නිසා නේද මාව අමතක කරේ...ඒ නිසා නේද දවසින් දවස...මාව මඟ ඇරියේ...කතාවත් නොකරේ...මං දන්නවා ඔයා බය වෙන්න ඇති...එහෙමනේ වෙන්නේ හැම තැනම.. ඔයා බයවෙන්න ඇති... තරහා නෑ මං....ඔයා උවමනාවෙන් කරේ නෑ කියන්න මං දන්නවා. ."

".....නෑ දෙව්..යනේ... නෑ...බය උණේ නෑ..මන් මටත් වඩා උඹව විස්වාස කරා කිරුළු...අදටත් ඒ වගේ...ඒත්...උඹට තිබුණා...එක වතාවක් යන්න කලින් මට කතා කරන්න...ඔච්චර රිදුණා නම් එක වතාවක් මට කියන්න තිබුණා බන්...."

අසිහියෙන්ම කියෙව්වත් ලෙවින්ගේ කදුළු ඉස්සරහා කිරුළු ගැස්සිලා ගියා...එයා ඒ කදුළු වලට බය උණා...එයාගෙ වේදනාව නොසලකා හරින තරමටම එයා හැමදාම වගේ ලෙවින්ගේ හිත ගැන පුරුදු විදිහටම වද වෙන්න ගත්තා... මේ තරම් වෙලා ලෙවින්ට දොස් කිය කිය තමන්ගෙ වේදනාව එළියට දැම්මත් අනික් අතට ලෙවින්ව සාධාරනිකරනේ කරන්න එයාම හේතු හෙව්වා...එයාට ඕනා උණේ  ලෙවින්ව නලවාගන්න උණත් එයා මේ කරන දේ නිසා ලෙවින් තව තවත් වරදකාරි හැඟීමකින් පපුව පුරවා ගන්න බවවත් ඒ කදුළු තව වැඩි වෙනවා කියලාවත් කිරුළුට තේරුමක් තිබුනෙ නෑ..

"උන්..උන් ඔයාවත් බය කරන්න ඇති නේද...මාව...මාව අත අරින්න බල කරන්න ඇති නේද...අහිංසා අම්මට රිද්දනවා කියලා බය කරන්න ඇති නේද..උන්...උන්ට...බය උණේ නෑ මං නම්...බය උණේ නෑ...මාව..මාව මැරුවත්  මං ඔයාව අමතක් කරන් නෑ කියලා දිවුරුවා..ඒ ඒ කමක් උන් මට නෙමෙ අනික් අයට කරදර කරනවා කිව්වා..ඒ..කිව්වම.. ඔයාට ඔන උනා වගෙ ඔයාගෙ අයව සතුටින් තියන්න බැරි වෙයි කියලා...බය උණා...අ..අහිංසා අම්මා අඩද්දී.. ඔයාට රිදෙනවා..මං දන්නවනෙ...ඔයාට ඕනා උණේ අම්මා සතුටින් ඉන්න....ඔයාගෙ අම්මා සතුටින් ඉන්න...මගේත් අම්මානෙ ඒ...මට කිව්වා නම් අම්මා වෙනුවෙන්...යන්න දෙනවනෙ මං...හිත රීද්දගන්නෙ නැතිව සතුටින් යන්න දෙනවනෙ...ම..මගේ අය මටත් වටිනවා සර්...මගෙ නංගි...එයා ලස්සනයි ගොඩක්... ඒ..එයා...නිල් ඇස් වලට ගෝ..ගොඩක් ආදරේ උනානේ..එහෙම..නොවෙන්න තිබුණා..ඒ ඔයාම නොවෙන්න තිබුණා...ඉරනමලු...ප්‍රියා අම්මා කියන්නේ ඉරණම එහෙමළු..උන් ඒ අහිංසකිව මරා ගත්තා... දෝ..නිව මරනවා කිව්වා...මං...ඕ..ඔයාගෙ දෝ..නිට...උන් කරදර කරයි කියලා මං බය උනානේ...අම්මාට..බාප්පට..කරදර කරයි කියලා බයඋනානේ...අයියා...නසිර් අයියාවත් ගෙනත් දුන්නා උන්...මගේ අක්කා සතුටින්...චමේලි සතුටින්..උන් ආපහු ඒ සතුට අරන් යයි කියලා...හ උණා මං..මට...මට එහෙම කරන්න උණා...මට කරන්න උණා එහෙම...හැමෝම වෙනුවෙන්...මට ඔයාගෙන් ඈතට එන්න උණා.."

.......

මේ වතාවේ ලෙවින් කඳුලු අස්සෙ උණත් අහන් උන්නේ හරි කල්පනාවෙන්...දැන් සෑහෙන වෙලාවක් තිස්සේ කිරුළු ආයි ආයි ඔහේ කියවපු දේවල් වලට වඩා මේ වතාවේ කියපු දේවල් වල ලෙවින්ට පැහැදිලි කමක් දැනුණා...හිතේ සැකයක් තිබුණත් කවදාවත් ඔප්පු කරගන්න බැරි උණ දේවල් වල ඇත්තක් තියේදො හිතෙද්දී ලෙවින්ගේ අත් කිටි කිටියේ මිට මෙල උණා...ඒ අතරෙ කිරුළු බහු වචනෙන් කියන උන් කියන පිරිස ගැන,මේ ළමයි ගැන කතායි,නංගියෙක් ගැන කියන කතාවයි ගැන වගේම ලෙවින්ගේ හිතේ තිබුණෙ කුතුහලයක්...

"උන්ට ඕනා උනාට...මං ඔයාව අමතක කරන්න..මං මං එහෙම කරේ නෑ දන්නවාද..මං අමතක කරේ නෑ සර්...ඔයාගෙ කියන්න ලකුණක් නොදුන්නට මට එහෙම කරන්න බෑ සර්...මං ආදරේනෙ...ගොඩක්...අදටත් ආදරෙනේ...මං පොරොන්දු කඩලා...වෙන කෙනෙක්ගෙ වෙන්නේ කොහොමද සර්....ඒ..එයා මගේ නංගි...නංගි විතරනේ...ඔයා..ගෙ දෝනිගෙ අම්මා විතරනේ...මං පොරොන්දු කැඩුවේ නෑ සර්....කඩන්නේ නෑ කවදාවත්...කිරුළු ඔයාගෙ විතරනේ...විතරමනේ..."

.......

"උන්...උන් බලන් ඇති... ඔයා මාව හොයා ගත්තා කියලා දැනගෙන ඇති... මං මං ආයි ඔයා ළඟට ගියොත් උන් දෝනිව උදුර ගන්නවා කිව්වා..ඒ..එයාගෙ අම්මා ළඟටම යවනවා කිව්වා...අ.. අහිංසා අම්මා එක්කම යවනවා කිව්වා..ඕ..ඔයාගෙ ජීවිතේ අපායක් කරනවා කිව්වා...ආ..ඔයා මගෙ ගෙදර ගිනි ගනී කිව්වා...කිය කිය ඉන්නෙ නෑල්ලු...කරලාම පෙන්නනවා කිව්වා...උන් හරි...කිය කිය හිටියෙ නෑ...උන් කියන්නේ නැතිවම...එයාව මරලා දැම්මා...මගෙ උන් එක්ක ගෙදර ගිනි තිව්වා...උන් කිය කිය ඉන්නෙ නෑ...කිය කිය ඉන්නෙ නෑ..දැන.. ටම දන්නවා ඇති... උන් බලන් ඇති සර්..දැනුත් බලන් ඇති...අ.. නේ...ආපහු යන්න සර්...අපි ළඟට එන්න එපා ආපහු යන්න...උන් දැනගන්න කලින් යන්න සර්..."

"මේ අහන්නකෝ...මොකුත් වෙන්නේ නෑ හොඳද.. මේ වතාවේ මොකුත් වෙන්නේ නෑ...මං ඉන්නවානේ...හැමදේම හරි ගස්සමු අපි..."

කිරුළුගේ මූණේ තිබුණ බය ලෙවින්ව ගොඩක් කම්පනේ කරා...නොදන්න කතාවක් තිබුණත් ඒක මේ තරම් දරාගන්න අමාරු විදිහෙ එකක් කියලා හිතුවෙ නැති වෙද්දී හැමදෙම මඟ ඇර ගත්ත එක ගැන තමන්ටම දොස් කියාගන්න ගමන් හැමදෙම හරිගස්සන්නත් ලෙවින් තමන්ටම පොරොන්දු උණා...එයාට ඕනා උණේ කිිරුළුටත් ඒ විස්වාසේ දෙන්න..ඒත් කිරුළුගේ වචන එයාව ආයි දුර්වල කරන්න හැදුවා..

"ඕ..ඔයා කලිනුත් එහෙම කිව්වනේ...ඒත් බැරි උනානේ...උන්..උන් දන්නවා අපි හැමෝගෙම දුර්වලකම් උන් දන්නවා...ඒ නිසා උන් එක්ක හැප්පෙන්න අපිට බෑ...වඳින්නම් යන්න සර්..."

"කිරුළු..!!!"

"නෑ...ටිකක් ඉන්න...මාව...මාව ගන්න සර් ආපහු...මැ.. මැකෙන්නේ නැති වෙන්න සලකුණක් තියන්න...ඒ ඇතිනේ...ඒ ඇති... මං ඔයාගෙ කියලා හිත හිත ජීවත් වෙන්න ඒ ඇති...ලස්සන මතකයක් දීලා යන්න...හොඳ සමු ගැනීමක් එක්ක..නොකියා මඟ අරින්න ඕනා නෑ...අපි එකට...එකට කතාවෙලා සතුටින් වෙන් වෙමු...හැමදාම මට ඕනා උණේ එහෙමනේ...යන්න..යන්න කලින්...අන්තිම පාරට මාව ගන්න මහත්තයො.."

කිරුළු අත් දෙකත් එකතු කරන් ආපහු යන්න කියලා ලෙවින් ඉස්සරහා වැඳ වැටෙද්දී ඒ අනික් අතට කොහේදෝ නැති ශක්තියක් එක්ක ලෙවින්ව ඇඳ උඩ පෙරළගෙන සිපගන්න ගද්දී ලෙවින්ට දැනුණේ මහ අසරණකමක්...වෙලාව තත්වේ කොහොම උණත් ඒ තොල් වල පහස මැද්දෙ හැඟීම් දැනීම් නැතිම මනුස්සයෙක් තරමට තමන්ව පාලනේ කරගෙන ඉන්න ලෙවින්ට බැරි උණා..මුළු ගත හිත දෙකම පිස්සුවෙන් වගේ ඒ උණුහුම තමන්ට යටකරගන්න කියලා කෑ ගැහුවත්, දැන් මෙහෙම කියව කියව හිතේ තියෙන දේවල් එළියට දැම්මට, මේ වගේ හැසිරුණාට උදේ වෙනකොට කුරුළුගේ හැසිරිම..ප්‍රතිචාර කොහොම වෙයි කියලා හිතා ගන්න බැරි උණ නිසාම,මේ දේ මෙතනින්ම නතර කරන්න ඕනා උණා..ඒත් කිරුළු උන්නේම හිතුවක්කාරකමට වෙද්දී සාමාන්‍ය බලයක් දීලා ඇගෙන් අයින් කරන්න උත්සාහ කරත් ලෙවින් මොහොතකට අසාර්තක උණා..කිරුළුට රිද්දලා බලෙන් ඇදලා පැත්තකට දාන්නත් බැරි වෙද්දී ඇස් තද කරලා පියාගෙන ඇද උඩ ඔහේ වැටුණ අත් මිටිගුලි කරන් ලෙවින් තමන්ව පාලනේ කරගන්න උත්සාහ කරා...

".....බබා..ප්ලිස්...නතර කරන්න ඕක...වෙලාව නෙමෙ මේ...අනික අන්තිම වතාවක් නෑ....ආයි මන් යන්නෙවත් ඔයාට යන්න දෙන්නෙවත් නෑ...ඔහොම බයවෙන්න හේතුවක් දැන් නෑ කිරුළු...කිව්වම විස්වාස කරන්න මාව...ඕක නතර කරන්න බබා ප්ලිස්.."

කිරුළු බෙල්ල දිගේ ටික ටික පහලට එද්දී ,බාත් රොබ් වලින් නිරාවරණය උණ කලවා අතරින් එකිනෙකාගේ දැඩි උණ හැඟීම් වල උණුහුම දැනෙද්දී ලෙවින් කිරුළුගේ උරහිස් මිරිකන් මේ වතාවේ කෑ ගැහුවේ ටිකක් සැරට වෙද්දී මේ වෙනකං පාලනේ කරගන්න බැරි උණ මනුස්සයා ලෙවින්ගේ පපුවේ මැද්දෙ නතරවෙලා ඔලුව උස්සලා බැලුවේ ඇස් වල කඳුලු පුරවාගෙන...

"ඕ..ඔයා..ඇ..යි මෙහෙම...!"

"බබා..!!"

"ඕ..ඔයාට..තව දුරටත්...මාව දැනෙන්නේ නැද්ද..සර්..මාව ඕනා නැතිද..."

"ප්ලීස් බබා ඇති...!! ප්ලීස් නතර කරන්න ඕක...එහෙම මඟුලක් නිසා නෙමෙ..."

කිරුළුගේ කඳුලු පිරුන ඇස් වල බැල්ම දැක්කම ලෙවින් හොඳටම ගැස්සුණා..ඊටත් වඩා කටහඬ බිදිලා ගිහිං ඉකියක් එක්ක පිට උණ ඒ වචන ලෙවින්ගේ පපුව හිර කරා..

"ඒ..එහෙම තමා ඒක එහෙම තමා..
මා..මාව...මාව දැනෙන්නේ..නෑ ඔයාට..එයාලට වගේ මට මොකුත් නෑනෙ...ඒකනෙ...පිරිමියෙක්නේ මං... අප්පිරියයිද...අල්ලන්නෙවත් නැතිව අත..පය ගල් කරන් ඉන්න තරම් අප්පිරීයායිද...ආ...!!!"

"ඇති යකෝ..!! උඹට ඇරුණම මොන හු#තියෙක්ටවත් කරලා නෑ යකෝ මං..ඒ නිසා ඔය කියවිල්ල නතර කරපං...මේ බලපන්...උඹව දැනෙන්නෙ නෑ කියලද කියන්නේ මට...එහෙනම් මේ මොනාද කියපන්...තේරුම් ගණින්...ඔන උනාට මේක වෙලාව නෙමෙ...!! හෙට උඹෙන් කුණු කතා අහන්න ඕනා නෑ මට..ඒකයි එපා කියන්නේ.."

මේ වතාවේ කිරුළු බලන් උන්නේ බයවෙලා.ලෙවින් එක තප්පරේ එයාගෙ ඇග උඩට ඇවිත් ඒ අතක් බලෙන්ම අරන් දැඩි වෙලා තිබුණ යටිකය උඩින් තද කරගෙන, මේ තරම් ඉවසන් ඔක්ක්කොම අහගෙන දරාගෙන උන්න සීමාවෙන් පිට ගිහිං කාමරේ දෙදරන්න කෑ ගහද්දී ඇස් වල මොහොතකට ගල් උණ කඳුලු එක්ක කිරුළු බලන් හිටියෙ බයවෙලා...

"ඒත්..මට..."

"සලකුණක්නේ ඕනා..ම්ම්..හරි දෙන්නම්...උඹ ඔය කියවන වෙන මඟුල් මට තේරෙන්නෙ නෑ...ඒත් මන් දන්න විදිහට මං දෙන්නම්..."

"ආහ්.... ස්..ර...ර්...රි..රිදෙ..නවා.."

කිරුළුට බයවෙලාම බලන් ඉන්න ඉඩ ඇරපු ලෙවින් එහෙමම පහත් වෙලා කිරුළුගේ පපුවේ වම් පැත්තෙ උරහිසට පහලින් දත් වලින්ම අල්ලන් උරා බොද්දී කිරුළු අතපය ගහ ගහ මිදෙන්න දැඟලුවත් ලෙවින් එයාට ඇති හිතෙනකංම එයාගෙ වැඩේ කරගෙන ගියා...

"රිදුණද..ම්ම්...රිදෙන්න ඕනනේ... දවස් ගාණකට මැකෙන්නේ නැති වෙන්න..රිද්දන්න වෙනවනෙ ටිකක්...දැන් හරි නේද.. ම්ම්..පොරොන්දු වෙන්නම්...මේ ලකුණ මැකෙන්න කලින්...මං ආපහු ඒක අළුත් කරනවා..තේරෙනවාද බබාට..ම්ම්.."

......

ලෙවින් දත් පාර පවා හිටින්න පාට වැටුණ සලකුණ දිහා බලන් හිටියෙ ආඩම්බරෙන් වෙද්දී කිරුළු වෙරිත් හිදුණා වගේ තාමත් ෂොක් වෙලා බලන් හිටියා..එහෙම්ම ලෙවින්ගේ අර කට කොණේ හිනාව කිරුළු වෙනුවෙන් ඒ මූණේ ඇදිලා යද්දි කිරුළු නොසන්සුන්කමේ කෙල ගුලියක් ගිල්ලා..

"අප්පිරියා නෑ කියලා ඔප්පු කරන්නත් ඕනනෙ නේ..."

"ආහ්..අනේ..ස..ර්...ම්ම්..හ්..."

ඒ හිනාවෙන්ම පහත් උණ ලෙවින් ඊලඟට නතර උණේ කුරුලුගේ කකුල් දෙක මැද්දෙ වෙද්දි බලාපොරොත්තු නොවුණ වෙලාවක ලැබුණ ලෙවින්ගේ මුවේ පහස දරා ගන්න බැරිව ඇද රෙදි මිරිකන් කිරුළු කෙදිරි ගෑවා...

"දැන්..හරිද...ම්ම්...දැන් නින්ද යයිද.. බබාට ම්ම්.."

ඔක්කොටම පස්සෙ.. කෑ ගහලා, අඩලා දුක පිට කරලා අන්තිමේ හැඟීමුත් ලෙවින්ගේ මුව ඇතුළේම පිට කරලා...පිපිරීමකට පස්සෙ නිසල උණ ගිනි කන්දක් වගේ සන්සුන් වෙලා බාගෙට පියවුන වෙහෙසකර ඇස් වලින් බලන් උන්න කිරුළුගේ නලලින් තොල් තද කරන් ලෙවින් මිමිනුවේ ඇහෙන නෑහෙන ගාණට වෙද්දී ඒ තොල් පහසත් එක්ක කිරුළුගේ සම්පූර්ණ ඇස් පිය උණා..

"කා..කාටවත් කරේ.. නැත්තම්..දෝ..නි කොහෙන්ද ආවෙ.."

"ඒක තමා මාත් අහන්නෙ...පොරොන්දු රැක්කා නම්..කොහොමද පොඩි කෙල්ල උඹෙ උණේ..."

කිරුළු නින්දෙන්ම මුමුණපු ප්‍රස්නෙට ලෙවිනුත් තමන්ගෙන්ම ප්‍රස්නයක් අහනගමන් , හෙටින් පස්සෙවත් හමදේම හරියන්න ප්‍රාර්තනා කරන ගමන් කිරුළුව පපුවට ඇදගෙන ඇස් පියා ගත්තා...

මතුසම්බන්ධයි....
👩‍💻 dil

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

වස්තුලා...පමා උනාට සමාවෙන්න....පරක්කු උනාට වචන 5500+ ඔන්න...🤗🤗

නූල් බෝලෙ කොන් අහු උනාද ඔයාලාටත්...🙃🙃

හෙටින් පස්සෙවත් හරි යාවිද දේවල්....

මොනාහරි කියන් යන්නෝ....😊😊

comment vote කරන හැමෝටම ගොඩම ගොඩක් ස්තුතියි වගේම ආදරෙයි....🥰🥰❤️❤️❤️💚💚💚

අද සිංදුව ජර්මනි ඉන්න කාලෙ ලෙවින් කිරුළුව මඟ අරිද්දී කිරුළු කියනවා කියලා හිතන් අහන්නකෝ... lyrics වෙනම හොයාගන්න බැරි උණා...සිංදුවේ තියෙනවා බලන්නකෝ...🤗🤗

ඒවා හරි ලස්සනයි අප්පා....🥺🥺 ආදරෙයි අක්කියෝ ගොඩක්.....🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

Continue Reading

You'll Also Like

18.1K 426 13
jaune is a orphan boy who wanted to dream of being a hero after losing a kidney and a eye to pay off his debt to the mafia he couldn't pay it deep do...
529 73 6
ą¶‹ą¶¶ą¶§ ą¶…ą¶øą¶­ą¶š ą¶‹ą¶±ą·ą¶Æ ą¶øą·„ą·™ą¶±ą·Šą·ƒ ą¶øą¶ø ą¶‹ą¶¶ą·™ ą¶…ą¶ŗą·’ą¶ŗą· ą¶šą·’ą¶ŗą¶± ą¶‘ą¶š ..ą¶‹ą¶¶ ą·„ą¶Æą¶±ą·Šą¶±ą·™ ą¶…ą¶“ą·™ ą·ƒą·„ą·œą¶Æą¶»ą¶šą¶øą·”ą¶­ą·Š ą¶±ą·ą¶­ą·’ ą¶šą¶»ą¶œą¶±ą·Šą¶± (ą·ƒą·’ą¶±ą·”ą¶š ą¶ŗą·ą·Šą·€ą·’ą¶Æ)
1M 54.8K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
69.5K 4.1K 25
š“¦š“±š“Ŗš“½š“®š“暝“®š“» š“øš“¾š“» š“¼š“øš“¾š“µ š“²š“¼ š“¶š“Ŗš“­š“® š“¾š“¹ š“øš“Æ, š“±š“²š“¼ š“Ŗš“·š“­ š“¶š“²š“·š“® š“Ŗš“»š“® š“¼š“Ŗš“¶š“®. To know more, peek inside the book. Cover and banne...