සුදු අරලිය...

By frenzykitty_3

11.5K 1.2K 1.6K

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක... More

සුදු අරලිය...
සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ අටවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ නවවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ එකොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දහතුන්වැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ දාහතරවැනි කුසුම...
සුදු අරලිය මල් කිනිත්තේ පහලොස්වැනි කුසුම...

සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...

1K 74 33
By frenzykitty_3

" අතෑරපන් යකෝ.. මට.. මට අරූට ගහන්න දීපාන්.."


" සයාෂ් ඔය ඇති බං.."
" දැන් මෙතනට ප්‍රින්සිපල් ආවොත් අපි ඔක්කොටම කන්න වෙන්නෙ.."


" ප්‍රින්සිපල් නෙවේ මොන උට්ටා ආවත් මට වැඩන්නෑ යකෝව්ව්.."
" අරූට පුලුවන්ද එහෙම කරන්න.."



මම ගිරිය කඩාගෙන කෑගැහුවෙ මාව අල්ලගෙන ඉන්න සෙතිනුගෙන් ගැලවෙන්න හදන ගමන්..


" මාවඑක තප්පරේකට අතෑරපන්කො සෙතිනූ.."


මූ මාව අතාරින්නෙම නෑනෙ යකෝ.. දැන් අර ගස් කාලකන්නියා පැනලා ගියොත් ඇත්තමයි මම ගහන්නෙ සෙතිනුවට..


" ඇයි මේ මෙතන කට්ටිය.. !! "


මම මුගෙන් ගැලවෙන්න කට්ට කනකොට එකපාරටම ඇහුනෙ ගැඹුරු කටහඬක්.. ඒ කෞතහ් ඒ..

කවුරු උනත් මට මොකෝ..


" මොකෝ මෙතන සද්දෙ.. !! "


ඌ ආපහු ඇහුවත් මම ඇහුන්නෑ වගේ ෆුල් ට්‍රයි එක දුන්නෙ සෙතිනුවගෙන් ගැලවෙන්න..


" නෑ යුගාන් අයියෙ.. මේ ප්-පොඩි වලියක් ගියා.."


සෙතිනුවා මාව බදාගෙනම ආපු එකාට උත්තර දුන්නෙ ටිකක් බයෙන් වගේ.. සෙතිනුවව බය කරන්න පුලුවන් උනුත් ඉන්නවද.. ඩෑල් එකව බලාගන්න උවමනාවට මම ලාවට ඔලුව උස්සලා බැලුවා..

ආහ් මේ ඉස්කෝලෙ පිපෙට් අයියෙක්නේ.. මූට මොකෝ සෙතිනුවා බය වුනේ..


" පොඩි වලියක් වගේනම් පේන්නෙ නෑ.."


පිපෙට් අයියා කිව්වෙ මම දිහා බලලා.. මමත් ඌට රවලා අහක බලාගත්තා.. මෙතන මම විතරක් වැරදි නෑනෙ.. එකේකාගෙ රැවිලි වලට අහුවෙන්නයෑ අපෙ අම්මලා මාව හදලා ඉස්කෝලෙ එව්වෙ..


" න්-නෑ අයියෙ මේ - - - "


" ඔය පොඩි මල්ලි එන්න මාත් එක්ක.."
" ගුටි කාපු එක්කෙනත් එන්න.."


සෙතිනු පැහැදිලි කරන්න හදනකොට පිපෙට් අයියා මගෙ දිහා බලලා එහෙම කියලා ගියා.. අයියා ගිය ගමන් සෙතිනුවා කියවන්න ගත්තෙ වක්කඩේ කඩලා වගේ..


" හොඳ වැඩේ උඹට.. හොඳම වැඩේ.. මම කිව්වා නවත්තපන් කියලා.."
" කොහෙද උඹටත් කැසිල්ලනෙ.."



" යකෝ මට කෑගහන්න එපා.. ඒ අපේ පන්තියෙ කොස්ස.."
" අනික හැමදාම මුන්ට කොසු නිකන් දෙන්න ඇයි මම වැඩ කරන්නෙ කොහු කර්මාන්ත ශාලාවකද.."

මොන මගුලක්ද.. ඉඳහම්කො.. මට මොනාහරි කිව්වොත් අපේ ක්ලාස් එකේ කොස්ස උස්සපු එකාට ගහලා , ඔය පිපෙට් අයියටත් බැනලා , ප්‍රින්සිපල්ටත් බැනලා එන්නෙ අද..

සෙතිනුවා දිහා බලලා එහා පන්තියෙ උන්ටත් රවලා මම ගැම්මට ඇවිදගෙන යන පිපෙට් අයියා පස්සෙ ගෑටුවා.. ගුටි කාපු එකාත් මං පස්සෙන් එනවා මම දැක්කා..

පිපෙට් රූම් එක ඇතුලට යනකොට අයියා ඉන්නවා පුටුවක වාඩිවෙලා.. ගුටි කාපු එකා එනකම්ම හිටපු අයියා අන්‍තිමේ කතා කරන්න ගත්තා..


" ඔය මල්ලිගෙ නම මොකක්ද.."


අයියා ඇහුවෙ ගුටි කාපු එකා දිහා බලලා..


" අයියෙ මම තිවංක.."


" ම්ම්ම්.."
" එතකොට ඔය මල්ලි.."


ඊලඟට පිපෙට් අයියා මගෙ පැත්තට හැරිලා ඇහුවා..


" මං සයාෂ්.."


" සයාෂ් විතරද.."
" සම්පූර්ණ නම කියන්න.."


" සයාෂ් මෙත්නිදු දිසානායක.."


( සයාෂ් මෙත්නිදු දිසානායක )


ඈ යකෝ.. මේක මාර කෙලියක්නෙ.. අරූ එක කෑල්ලයි.. මම මුලු උප්පැන්නෙම දිගාරින්න ඕන..

මොන තිරිසන් කමත්ත.. !!



" ම්ම්ම්.."
" දැන් ඇයි මල්ලිලා රණ්ඩු වුනේ.."


" මූ අපේ පන්තියෙ කොස්ස හැමදාම හොරකම් කරනවා අයියෙ.."


" අනේ පලයම් බං යන්න.. එක දවසයි කොස්ස ගත්තෙ.."
" අයියෙ මූ අනිත් කොසු නැති උනාටත් තරහා පිට කලේ මගෙන්.."


යැව් යැව් තමා.. පිපෙට් අයියට කේලම් කියන ලස්සන.. දෙන්න තියෙන්නෙ මේකට..


" කොස්සක් නිසා ඔහොම ගහගන්නවද.. බලනවා මූගෙ හැටි ගුටි කාලම.."


නියමයිනෙ.. මූත් තිවංකයගෙ පැත්තෙද.. දැන්නම් මූටත් ගහන්න හිතෙනවා හොම්බ කුඩුවෙන්න..


" ලමයි උනාම බෙදා හදාගන්න ඉන්න ඕන.."


" අනේ මේ.. උඹත් පලයම් අයියෙ යන්න.. කොසු නැති වුනේ අපේ පන්තියෙනෙ.. "
" අනික බෙදා හදාගන්න තිබ්බා මුන් කොසු උස්සන් ගිහින් ආපහු ගෙනත් දෙනවනම්.. "
" තිරිසන්නු වගේ ගේන ගේන කොස්ස උස්සලා ගෙනිහින් අස්සෙ ගහගන්නවා.. "


මම එක හුස්මට බැනගෙන යනකොට පිපෙට් අයියා මම දිහාම බලාගෙන හිටියෙ මුකුත්ම නොකියා.. මූ පිපෙට් උනාට කරන්න දෙයක් නෑ.. මම මගේ පීඩනේ මුගෙන් හරි පිට කරගන්නවා..


" කෝ මේ පන්තිය අතුගාන කොස්ස.. ආපහු නැති වෙලාද.. කමක් නෑ සයාෂ් පුතා හෙට එද්දි කොස්සක් අරන් එන්න , කියලා පන්තියෙ මිස් කිව්වම මම එපෑ බස් ගානෙ කොසු උස්සන් එන්න.. "
" එතකොට උඹර්ලා එකෙක් ඇවිත් කොස්ස බරද මල්ලි.. කෝ දෙන්න මම ඉස්කෝලෙට ගෙනිහින් දෙන්නම් කියලා කියලා ඒක උස්සන් එනවයෑ.. "


මම කියවන ඒවා අහන් ඉඳලා පිපෙට් අයියා ලාවට හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා.. මූ මටද මේ හිනාවෙන්නෙ..


" අහ්හ් හරි.. දැන් තිවංක මල්ලි පන්තියට යන්නකො.. ආයෙ මේ ලමයගෙ පන්තියෙ කොසු ගන්න එපා.."
" එතකොට සයාෂ්.. ඔයා පොඩ්ඩක් ඉන්න.."


තිවංකයා මට කින්ඩි හිනාව දාලා ගියාම මාත් ඌට මැද ඇඟිල්ල දික් කරලා ආයෙ අයියා දිහා බැලුවා..


" ඇයි අයියෙ.."


" මල්ලි දන්නවද මං කවුද කියලා.."


" ඕ ඕ පිපෙට් අයියෙක්නෙ.."


මාත් හෙන ගැම්මට කිව්වම අයියා ආපහු චුට්ටක් හිනාවුනා..

මොනා උනත් පොර හැන්සම්.. චුට්ටක් හිනාවෙද්දි තවත් හැන්සම්.. ඒක පිලිගන්න ඕනි..


" හ්ම් ඔව්.. මම ප්‍රිෆෙක්ට් කෙනෙක් තමා.."
" ඒක වැඩක් නෑ.. මේ අහපන් මල්ලි.. ඔය වගේ පොඩි දේවල් වලට රණ්ඩු වෙන්න එපා.. ඒකෙන් කැත වෙන්නෙ ඔයාගෙ නමනෙ.. ප්‍රින්සිපල් ලඟට එක්ක ගිහින් පිට්ටනියෙ දණ ගහන්නයි , අව්වෙ හිටන් ඉන්නයි ගියාම ලැජ්ජ මල්ලිටමයි.. අනික මෙහෙ පොඩි උනුත් ඉන්නවනෙ.. උන් මොනා නොහිතන්න බැරිද.."
" ඒ නිසා ඊලඟ දවසෙ ඉඳන් ඔය වගේ ඒවට රණ්ඩු නොවී කතා කරලා ප්‍රශ්නෙ විසඳගන්න බලන්න.. තේරුනාද.."


" ඕ අයියෙ.."


" දැන් මම කිව්ව දේවල් කිව්වෙ මල්ලිගෙම හොඳට මිසක් කිසිම තරහකට නෙවේ.. ම්ම්ම්.."


මමත් ඉතින් අහිංසකයා වගේ හරි කියන්න ඔලුව වැනුවා.. මොකද අයියා මට පැහැදිලි කලේ පොඩි එකෙක්ට කියලා දෙන විදිහට..

මොනා උනත් පොර හිතට වදින්නම ඒ ටික කිව්වා.. ෂුවර් හෙට ඉස්කෝලෙ ඇවිත් පීරියඩ් තුනක්වත් යනකම් ඔය ටික මට අමතක වෙන්නෑ..


" දැන් මෙතන ඉඳම් ගාථා කියලම ක්ලාස් එකට යන්න.."
" ආපහු රණ්ඩු වෙලා අහුවෙන්න එපා.."


" හරි අයියෙ.. "


මම හිමීට මුමුනලා පිපෙට් රූම් එකේ කොනකට වෙලා වැඳගත්තෙ අයියට පේන්න.. පන්තියෙ හිටියනම් මේ වෙලාවට අන්තිම ඩෙස් එකට වෙලා මමයි සෙතිනුවයි අනිත් උන් එක්ක එකෙක්ගෙ බත් එකක් කනවා.. ඕකුන් මම නැතුව ගිලිනවද දන්නෙත් නෑ.. ඒ තරම් පාපතරයො උන්..


" ඒහ්හ් යුගාන්.. "


මම ගැස්සිලා ගියෙ පිපෙට් රූම් එකට ආපු තව අයියෙක් නිසා.. අර අයියගෙ නම යුගාන්ද.. ම්ම්ම් නයිස් නේම් විත් නයිස් ලුක්..


" ඇයි මෙයා මෙතන.. "


පස්සෙ මාව දැකලා එතනට ආපු අයියා එහෙම ඇහුවේ යුගාන් අයියගෙන්..


" නෑ නෑ.. ඒක හරි.. ගාථා කියලා යයි.."


" හ්ම්ම්.. මේ ඒක නෙවෙයි.. මේ පාර ස්පෝට් මීට් එකේ නිවාස වලට දෙන ගාන ටිකක් අඩු කරලා.."


අතේ තිබ්බ ෆයිල් එක යුගාන් අයියට දෙන ගමන් ඒ අයියා කියනවා මම අහගෙන හිටියා..


" එහෙනම් මේ පාර ලමයින්ගෙනුත් කීයක් හරි එකතු කරන්න වෙයි.. "


යුගාන් අයියා එහෙම කිව්වම අර අයියත් තව මොනාද කිව්වා.. ඒත් මට ඒ ගැන හිතන්න බැරි වුනේ අරුන් මං නැතුව කනවා ඇති කියලා මතක් වුන නිසා.. අපරාදෙ.. !!

අහස් උදේ කිව්වා බැදපු බිත්තරේකුත් තියනවා කියලා බත්තෙකේ.. ඔක්කොම අර හොර කොස්සා නිසා.. ඉහිම්..


" මල්ලි.."


ම්හ්ම්.. මගේ හිත හදන්න උත්සාහ කරන්න එපා අයියෙ.. බැදපු බිත්තරයක් දැක්ක කාලයක් මතක නෑ..


" සයාෂ් මල්ලි.."


අඩේ මම මොන ලබ්බක්ද ඒ හිත හිත හිටියෙ.. යුගාන් අයියා දෙපාරක්ම මට කතා කරලා..


" ඕ ඕ අයියෙ.."


" මල්ලි තාම වැඳගෙන ඇයි.. ගාථා ඉවරවුනේ ටිකකට කලින්.."
" ඉක්මනට පන්තියට යන්න.. මම කියපුවා අමතක කරන්න එපා.."


" අහ් හරි අයියේ.. මම ගියා.."


ශිහ්හ්.. ලැජ්ජාව තේ හැන්දෙන් එකයි.. බිත්තරයක් ගැන හිහ හිත ඉඳලා නිකම් ලැජ්ජ වුනා.. මීට වඩා හොඳයි එතන බිත්තරයක් දැම්මනම්.. මම පන්තියටම දුවගෙන ගියෙ අරුන් මටත් බත් කටක්වත් තියලා ඇති කියලා හිතලා..


" අම්මෝ මෙන්න මූ ආවා.."
" ඔය බත් එක ලිහපම්.."


සෙතිනු එහෙම කියන ගමන් මට එතනට කතා කලා.. අනේ මගේ තිරිසන් පැටව් ටික මම එනකම් කාලා නෑ.. ආතරෙයි මගේවුන්ට මම..

අහස් බත් එක ලිහනකම් මම අල්මාරිය පිටිපස්සට සේප් එකේ අත හෝදගත්තා..


" යුගාන් අයියා මොනාද බං උඹට කිව්වෙ.."


" විශේෂයක් නෑ.. රණ්ඩු වෙන්න එපා කියලා උපදෙස් දුන්නා.."


මම කිව්වෙ සෙතිනු ලඟින් වාඩි වෙලා අහස්ගෙ බත් එකේ තිබ්බ මල් පපඩමක් කටට දාගන්න ගමන්..


" උට්ටෝ.. පපඩම් ටික නිකම් කෑවම බත් කන්නෙ උඹේ ඇටේ එක්කද.."


අහස් කෑගහනකොට ඌ දිහා බලලා ඇවරිය දාපු මම ආපහු සෙතිනු පැත්තට හැරුනා..


" ඌ හෙන හොඳ එකා බං.."
" මම බැනලත් ආපහු මට වචනයක්වත් කිව්වෙ නෑ.."


" ම්-මොකක්.."
" උඹ යුගාන් අයියට බැන්නද.."


" පොඩ්ඩක් බැන්නා ඉතිම් බං.. තරහා ගියානෙ මට.."


මං එහෙම කියලා බැලුවෙ සෙතිනුගෙ ලොකු වෙලා තියන ඇස් ගෙඩි දෙක දිහා.. මේ මොකතහ් මේ..


" උඹ දන්නවද යකෝ ඒ කවුද කියලා.."


" ඔව් බං.. ඌ ඉස්කෝලෙ පිපෙට් අයියෙක්නේ.."


" නිකන් නෙවේ ඕයි.."
" යුගාන් අයියා ඉස්කෝලෙ අලුත් හෙඩ් ප්‍රිෆෙක්ට්.."


සෙතිනු කියනකොට මට කකා හිටපු බත් කට ඉස්මොල්ලෙ ගියා.. වතුර පොවලා පොවලා මැරෙන්න ගිය මගෙ පණ අරගත්ත අහස් ආපහු කන්න ගත්තත් මම හිටියෙ ශොක් වෙලා..


" ඒ ඒ විහිලු කරන්නෙපා බං.."
" උගෙ එහෙම බැජ් එකක් තිබ්බෙ නෑනෙ.."


" බැජ් එකක් නැතුවට අංකයක් තිබ්බා දැක්කෙ නැද්ද තිරිකනෝ.."
" ඒ නැති වුනත් බං යුගාන් අයියා හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා කවුද නොදන්නෙ.."


දෙයියනේ මම ඉවරයි.. අඩේ ඌට මම බැන්නත් එක්ක.. පලයම් කියලත් කිව්වා.. බැජ් පලන්දලා නැති නිසා මුන්ව අඳුරගන්න බෑනෙ.. අනික ඉස්සර ඉඳන්ම ඔය අංක ක්‍රමේ මට සෙට් නෑ.. ශිහ්.. සෙතිනු කියපුවා අහලා මට බත් එකත් එපා වුනා..


" ඒ බං.. ඇත්තටම පොර එච් පී කියලා උඹ දන්නැද්ද.."


" නෑ යකෝ.. දන්නවනම් හෙම මගුලක් කියයිද.."


ඩෙස් එකේ දඩාස් ගහලා ඔලුව ගහගන්න ගමන් මම කෑගහනකොට පන්තියෙ උන් ඔක්කොම වගේ මං දිහා බැලුවා.. දැන් හිතෙනවා ඉස්සෙල්ලා බත් හිර වුන වෙලේ මැරුනනම් එකක් කියලා..





























































" සයාෂ් මෙත්නිදු දිසානායක.."


හීනෙන් වගේ මගෙ නම ඇහුනනෙ.. කෞතහ් මට කතා කරන්නෙ..


" නැගිටපන් යකෝ.. මිස් රෙජිස්ටරේ මාක් කරනවා.."


සෙතිනු මගේ ඔලුව මැද්දට ඩෝං ගාලා පාරක් ගහන ගමන් කිව්වා.. ආව්ව් හුප්ටො.. !!

මොකක්ත මාක් කරනවා කියන්නෙ.. මොන රෙජිස්ටරයක්ද..


" සයාෂ් මෙත්නිදු දිසානායක.. !! "
" ළමයො.. මොන සිහියෙන්ද ඉන්නෙ.."


හප්පට පන්තියෙ රෙජිස්ටරේ..


" හේ හේ.. ඉන්නවා මිස්.."


මට රවාගෙන ඉන්න මිස්ට පේන්න අහිංසක ලමයෙක් වගේ හිනාවෙලා මම පුටුව පිටිපස්සට බර වුනා.. ශිහ් නිදිමතයි.. මාර තිරිසන්කමක් දැනෙන්නෙ.. මේකනෙ මම උදේට කන්න අකමැති.. කොහෙද මගෙ තිරිසන් පැටවු ටික මට බලෙන්ම කවනවනෙ හැමදාම..

මං ශේපට සෙතිනුවා දිහා බැලුවෙ මොකෝ කරන්නෙ කියලා බලන්න.. මූ ඉන්නවා දත කට මැදගෙන ඉන්නවා මිස්  කියලා කෑගහන්න..

ඔව් ඔව්.. මූ කොහොමත් මිස්ගෙ බලු කුක්කනෙ.. සෙතිනු පුතා මේ රෙජිස්ටරේ ගිහින් තියන්න.. සෙතිනු පුතා මේ නෝට් එක අට වසරෙ පන්තියට ගිහින් දෙන්න.. සෙතිනු පුතා අද ලමයි කීයක් ආවද බලන්න.. සෙතිනු පුතා.. සෙතිනු පුතා.. හැම මගුලටම මිස්ට ඉන්නෙ සෙතිනුවා..


" සෙතිනු සුවහස් අතුකෝරල.."


( සෙතිනු සුවහස් අතුකෝරල )


" ඉන්නවා මිස්.."


හම්මෝ මිස්ගෙ හිනාව සිරිමත් පුතාව දැකලා.. මට රවන්නයි.. ඌට මල් හිනා පාන්නයි.. යැව් යැව් තමා..


" හරී හැමෝම කතාව නවත්තගන්න.."
" හ්ම්ම්.. දැන් ඔයාලගෙ සිංහල පොත් ගන්න.. අපි පාඩම පටන් ගමු.."


රෙජිස්ටරේ මාක් කරලා ඉවර වෙලා මිස් කිව්වම මම එහාපැත්තෙ හිටපු අහස්ගෙ අච්චු පොත ළඟට ඇදලා ගත්තා..


" අපි ඊයෙ අපට වැසිකිලියක් පාඩමේ බාගයක් කතා කලා නේද.."
" හොඳයි අහගන්න.."


ඔන්න පටන් ගත්තා කක්කුස්සි හදන්න.. ඈනුම් යනවත් එක්ක දැන්නම්.. මිස් මොන මොනවද කියෝනකොට මම සේප් එකේ බැලුවෙ ග්‍රවුන්ඩ් එක දිහා.. හම්මෝ යුගාන් අයියා නේ අර පිට්ටනිය මැද්දෙ ඉන්නෙ..

උදේ යුන්ෆෝම් එකෙන් හිටපු පොර දැන් බොටම් ටීශර්ට් ඇඳගෙන.. මේ පාර ස්පෝට් මීට් එකට පිපෙට් පෙරඩ් එක පුරුදු කරනවා වෙන්නෝන.. හෙඩ් පිපෙට්නෙහ්..


" සයාෂ්.. !! "


හරි මං ඉවරයි.. මිස් දැකලා..


" සයාෂ් කොහෙද ඔය බලන් ඉන්නෙ.."
" උදේ ඉඳන් මොන ලෝකෙද ලමයො ඉන්නෙ.."


" සොරි මිස්.. මම පාඩම අහන් හිටියෙ.."


" එහෙමද.."
" එහෙනම් නැගිටලා කියනවා බලන්න ගමට ආවේ කවුද කියලා.."


කවුද.. කවුද ගමට ආවේ.. මම දන්නවද යකෝ ඔව්වා.. ඇදගෙනනෙ නෑවෙ මං.. දැන් දීපන් උත්තර..


" ගමට ආවේ මූසිල.."
" ඒක උත්තරේ.."


සෙතිනුවා පොත අස්සෙ හැංගිලා මට කියද්දි මං ගැම්මට මිස් දිහා බැලුවා.. මගේකාට මං ආදරේ ඕකනෙ..


" මිස් මූසිල ආවේ.."


මම කියනකොට මිස් මට රැව්වෙත් ලමයි ටික ඔක්කොම හිනාවෙන්න ගත්තෙත් එකටමයි..


" මූසිල.."
" හරි ශෝක් පාඩම අහන් ඉඳලා තියන විදිහ.."
" මූසිල ගමට ආවනම් වීණා වැයුවෙ කුණු ඉස්පැට්ටරද.."


මම වැරදි උත්තරයක්ද කිව්වෙ.. හොඳ වැඩේ මට මේ පාපතරයව විස්වාස කලාට.. ඕකනෙ මං මූට පොඩ්ඩක්වත් ආදරේ නැත්තෙ.. සෙතිනුවට සේපට මැද ඇඟිල්ල පෙන්නුව මම මිස්ට පේන්න මගෙ සුපුරුදු අහිංසක හිනාව දැම්මා..


" ඉඳගන්නවා.. දැන්වත් පාඩම අහන් ඉන්න සයාෂ්.."
" ඕලෙවල් වලට තව පොඩි කාලයයි තියෙන්නෙ.. හොඳට තියෙයි ඔහොම පිස්සු නටලා.."
" මම මේ කියන්නෙ සයාෂ්ට විතරක්ම නෙවේ.. හැමෝම උනන්දු වෙන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන්නෙ දැන්.."


මොනා උනත් අපේ මිස් හෙන හොඳයි.. අපිට ආදරේටනෙ ඔය බනින්නෙ.. මම ඉඳගෙන පාඩමට අවදානෙ දෙන්න ගත්තා..

විනාඩි හතලිහකට පස්සෙ බෙල් එක ගැහුවම මිස් බෝඩ් එකේ ලියපුවා මකන්න ගත්තා..


" සෙතිනු පුතා.. මේ රෙජිස්ටරේ ඔෆිස් එකෙන් ගිහින් තියන්න.."


මිස් එහෙම කියලා පන්තියෙන් ගියාම සෙතිනු ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා..


" සයාසයෝහ්හ්.. යමංකො.."


" යමං.."


මාත් නැගිටලා සෙතිනුවා පස්සෙන් ගියා.. දැන් අපි ඔය ගියාට ආයෙ අපිට පන්තියට එන්න විනාඩි විස්සක් විතර යනවා..

මුලින්ම බර නිදහස් කරගෙන , පොඩි කාලෙ අපේ පන්තිත් බලලා , වෙරලු ගහ යටින් ගෙඩි දෙක තුනකුත් අහුලං , කැන්ටිම පැත්තෙ ගිහින් අච්චාරුවක් අරන් , අන්තිමට ඔෆිස් එකෙන් රෙජිස්ටර් එකත් තියලා තමා ආපහු පන්‍තියට යන්නෙ.. ඉතින් ටිකක් වෙලා යනවා.. අනික දැන් තියෙන්නෙත් ඉතිහාසයනෙ..


" අහස්ලටත් මේකෙන් ටිකක් අරන් යනවද බං.."


මම සෙතිනුවගෙන් ඇහුවෙ කැන්ද කොලේට දාලා තියන අච්චාරුව පෙන්නලා..


" ගෙනියන්න තිබ්බනම් හොඳයි.."
" ඒත් මේවා අරන් ඔෆිස් එකට යන්න බෑනෙ.."


ඒකත් ඇත්ත.. ඉන්ටවල් එක වෙනකොට ආපහු අච්චාරු හොයන්නත් නෑ.. පොඩි පොඩි බටු කොල්ලො ටික ඇවිත් ඔක්කොම අච්චාරු ටික අරන් යනවා බෙල් කරපු ගමන්.. උන්ට දහයටනෙ ඉන්ටවල්.. අපිට දහයාමාට්ට..

උන් ඔක්කොම අරන් ගියාම අපේ උන්ට හුලං.. හරේ හරේ.. අපිත් හිච්චි කාලෙ ඒම තමෛ.. ඒත් දැන්නින්න පොඩි පගයො ඒම ඕන්නෑනෙ..


" ඕක ඉක්මනට කාලා කොලේ විසික් කරහම්.."


" හරි හරි ඉඳාම්.."


ඔෆිස් එක පේන මානෙදි අච්චාරුව කාලා කැන්ද කොලේ ඩස්බින් එක්කට දාලා සෙතිනුවගෙ ලේන්සුවෙන් අතුත් පිහිදගෙන අපි ඔෆිස් එකට ගියා..


" මම මෙතනින් ඉන්නම්.."
" උඹ ඕක තියලා වරෙං.. පඩි නගින්න බෑ බං.."


" ඇයි උබ බඩවෙලාද පඩි නගින්න බැරි.."


" ඕ ඕ.. උඹර්ගෙ දරුවව මං මේ බඩේ තියන් ඉන්නෙ.."


මං බඩට අත් තියන් එහෙම කියලා පඩිපෙල ලඟින් නතරවුනාම අරූ මට බනින ගමන්ම උඩට ගියා..


" සයාෂ්.. "


පිට්ටනියෙ ලමයි පෙරඩ් එකට ප්‍රැක්ටිස් වෙනවා බලන් හිටපු මම ගැස්සුනේ ටිකක් ලඟින් ඇහුන කටහඬකට.. අඩෝ යුගාන් අයියා..


" මොකෝ මෙතන කරන්නෙ.."


" ම්-මං රෙජිස්ටරේ දෙන්න ආවා අයියෙ.."


" හ්ම්ම්.."
" දැන් කෝ රෙජිස්ටරේ දුන්නද.."


මූ ඇහුවෙ මගෙ අත් දෙක දිහා බලාගෙන..


" ඒක යාලුවා අරන් ගියා උඩට.."


" එහෙනම් යාලුවා ආවම රස්තියාදු වෙන්නෙ නැතුව පන්තියට යන්න.."


" හරි අයියෙ.. "


මම ඔලුව වනලා හා කිව්වෙ මූ එක්ක ප්‍රශ්න දාගන්න හොඳ නැති නිසා.. මොනාවුනත් හෙඩ් පිපෙට්නෙහ්..

එතකොටම කොහෙද ඉඳන් එතනට දුවගෙන ආවේ තව හිච්චි පිපෙට් මල්ලියෙක්.. හය වසරෙ වෙන්නැති පොඩි එකා..


" අයියෙ පෙරඩ් එකට ඉන්න ප්‍රිෆෙක්ට්ලා සේරගෙම නම් අද හවස් වෙද්දි ඔෆිස් එකට දෙන්න කිව්වා.."


පොඩි එකා කියනකොට අයියා ඔලුව වැනුවා..


" මගෙ විස්තර මොනාද ඕන.."


හම්බෝ අයියා පොඩි උන්ට හෙන පාට් එක දානවනෙ.. ලොකු ලයින්නෙකේ ඒක ඇහුවෙ.. හැබැයි එහෙම නැත්තම් බෑ ඉතිම්.. උන් කරේ යන්න ගියොත් අයියටමනෙ වදේ..


" අයියගෙ සම්පූර්ණ නම කියන්නකො.."


" සලුවඩන නිලමගේ තේව් යුගාන් තිදස්වර.."


( සලුවඩන නිලමගේ තේව් යුගාන් තිදස්වර )


ආව්ව්ස්සප්පා.. හැබැයි පට්ට ගැම්මක් ඈ මුගෙ නමේ ඉඳන්.. හෙන වලව්කාර නමක් වගේ ඒක..


" අයියෙ පන්තිය.."


හිච්චි පිපෙට් තව විස්තර අහන්න ගත්තා.. තේව් අයියා ඒ හැම එකටම කෙටියෙන් උත්තර දුන්නා..

තේව්.. ම්ම්ම් ඒ නම ලස්සනයි.. අනික හැමෝම යුගාන් කියද්දි වෙනසක් තියෙන්නත් එපෑ..

අද ඉඳන් එයා තේව්.. තේව්වයියා.. !!


" යමන් බං.. !! "


පඩිපෙල උඩ ඉඳන්ම කෑගහලා පහලටාපු සෙතිනු ගල් වුනේ අයියව දැකලා.. ඌ බයයිනෙ තේව් අයියට..

අයියා එක්ක හිනාවුන මම සෙතිනුවත් ඇදගෙනම පන්තිය පැත්තට ගෑටුවෙ දැන් ඉතිහාසය මගුලට ඉන්නෝන නේද කියලා හිතන ගමන්..
























___________________________________________________




හායි.. අලුත් කතාව කෝමත කියාගෙන යම්නහ්හ්හ්.. 😁

🔴 මුලින්ම කියන්න ඕන මම " සුදු අරලිය " කතාව ජනවාරි මාසෙ ඉඳන් ලිව්වට මේක මං දැම්ම දෙන්න නෙවෙයි හිටියෙ.. ඒත් මට පෞද්ගලිකව පොඩි ප්‍රශ්නයක් වුන නිසා කතාව අප්ලෝඩ් කරන්න උනා.. මම හිටියෙ කතාව ඔක්කොම ලියපු කාලෙක " Inevitable Destiny " ඉවර කරලම මේකෙ අප්ඩේට්ස් දෙන්න.. ඒත් එහෙම කරන්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ.. 🔴

ඒ නිසා මම පුලුවන් හැටියට මේකෙ අප්ඩේට්ස් දෙනවා.. 😌💜️

Parakku unoth corry boccala.. 💔

ලව් යූහ්හ්..


💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ Sayuu..💕

2024.03.03

Continue Reading

You'll Also Like

1.9K 480 36
Namgoogie's thoughts Cover credit -: @Silvermirror23
1.7K 201 6
'අදින් පස්සේ එන හෙට දවසවත් අදින් පස්සේ එන කිසිම දවසක් ගැන මට බලාපොරොත්තුවක් නෑ හිමව්! මම බලාපොරොත්තු වෙනවා මොන දේ උනත් ඔයා දකින්නේ මගේ ඇස් දෙක විතරම...
13.6K 39 20
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
672 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...