"අයියේ"
"ඔහ්..කියන්න පොඩ්ඩො"
අබිරු ආන්‍යාගේ නිවසේ සිට නැවත තම නිවහන වෙතට ආවේ දැඩි තෙහෙට්ටුවක් ඇගට දැනුනු නිසයි...ඉක්මනින් කාමරයට ගොස් නිදාගන්න සිතමින් නිවසට පැමිනියත් සිතුම්ගේ කතා විලාසෙන්නම් අබිරුට තේරුනේ ඉක්මනින් නිදාගැනීමට කාමරයට යන්නට නොහැකි තරම් දෙයක් සිතුම් පවසන්නට තනන ආකාරයයි....
"හරිත අයියා ආවනෙ"
"මොකක්"
"ඔව්..ඇවිල්ලා කාලා ගියා"
හරිම සුලුවෙන් සිතුම් එහෙම කිව්වත් අබිරුට නම් දැනුනේ කුනාටුවට පෙර පවතින දැඩි නිහඩතාවයක ලක්ෂණයක් වැනි හැගීමක්...
"මොකටද දොර ඇරියෙ..මන් කිව්වනෙ කවුරුත් ගෙදර නෑ වගේ ඉන්න කියල"
"ඔව් ඒත්
හරිත මොනවත් කලේ නෑ...කාලා ගියා..කියන්න කිව්වා අයියට කාලා යන්න ආවෙ කියල"
"ඌ නම් පිස්සු බල්ලෙක්"
"ඊටපස්සේත් කව්දෝ ආවා"
"ඊටපස්සෙ කිව්වෙ"
"හරිත අයියා ගියාට පස්සෙ "
"ඉතින්"
"මන් කවුරුත් නෑ වගේ හිටියා.
හරිතත් කිව්වා මට ඒම ඉන්න කියල"
"හ්ම්ම්..හරිත ගියාට පස්සෙ ආවේ එක්කෙනෙක්ද.."
"නෑ හතරපස් දෙනෙක් ඇවිත් හිටියා"
"කොහොමද දන්නෙ"
"මන් දොර යටින් බලන් හිටියෙ"
දගකාර සිනාවකින් අබිරුට සන්ග්‍රහ කළ සිතුම් ලොකු වීරකමක් කලාක් මෙන් හැසිරුනෙ ආව ප්‍රමාණය හරියටම අබිරුට කියන්නට ඔහුට හැකි වූ නිසයි...
"පිස්සු කොල්ලා..හරි හරි ඒකට කමක් නෑ...පුදුමයි රොව්ඩන් ආවෙ නෑ මෙහාට"
රොව්ඩන් යන නම සවනත වැකෙනවාත් සමගම සිතුම්ගේ මුහුණ අදුරු වී ගියේ රොව්ඩන් සමග ඔහුට ඇත්තෙ ඉතාමත් අමිහිරි මතක නිසයි....
සිතුම්ගේ හැගීම් තේරුම්ගත් අබිරු සිතුම්ගේ උරහිසට තට්ටු කර ඉහළ මාලයේ සිතුම්ගේ කාමරය තුළට සිතුම්ව රැගෙන ගොස් තම කාමරය වෙතට යාමට හැරුනේ හරිතගෙ පිටත් වීමෙන් පස්සෙ ගෙදරට ආව පිරිස ගැන ඉක්මනින් සොයාගැනීමට අදිටන් කරගනිමින්....
................*****................
"හලෝ"
"හලෝ සර් කියන්න.."
"අබිරු දැන් ගෙදර ඉන්නෙ..කට්ටියක්ව යවපන් මේ දැන්ම ඌ ගැන හෙවිල්ලෙන් ඉන්න කියපම්"
"හරි සර්"
"අබිරුට හානියක් වෙන්න බෑ තේරුණානෙ"
"ඔව් සර්"
"මට ඒ බල්ලව පණ පිටින් ඕන"
"හරි සර්"
දුරකතන සන්වාදය ඉක්මනින් අවසන් කළ රොව්ඩන් ගැඹුරු හුස්මක් ගත්තෙ ඉක්මනින් තම අරමුණ ඉටු කරගැනීමේ තිර අදිටනකින්...
එලෙසම නැවත වතාවක් දුරකතනය අතට ගත් රොව්ඩන් එහි ඇති දින දර්ශනය දෙස බලා වියරුවෙන් මෙන් සිනා සුනේ...
තව දින දෙකකින් එනම් එලඹෙන 28 වන දිනට දේශිගේ හා යේශිගේ දෙමාපියන් රොව්ඩන් විසින් මරා දමා අවුරුදු තුනක් සම්පූර්ණ වන බැවින්....
"අම්මලා ගිය තැනට යන්න ලෑස්ති වෙලා හිටපන් කෙල්ලනෙ"
රොව්ඩන් තමාටම කොදුලේ බුර බුරා නැගෙන වෛරයේ ගිනි දැල් මොනවට කියාපාමින්....
...............*********...............
"ආන්‍යා"
"ම්ම්..කියන්න princess "
"ඊයේ අම්මා ගොඩක් ඇඩුවා..අපි නිදාගන්නකම් කාමරෙන් එලියට ගියෙත් නෑ"
"ඔයා දැන්මම අයිතිවාසිකම් කියනව නෙහ්"
"ඒ කිව්වෙ"
"නෑ ඔයා දැන් අම්මා කිව්වෙ මගේ අම්මටනෙ"
"ඉතිම් මන් එපාද එහෙම කතා කරන්න..මට හිතුනෙ ඔයාගේ අය මගෙත් අය කියල"
"අයියෝ නෑ නෑ ඉතිම්..මන් ඒම කිව්වෙ නිකම්..මන් ආසයි ඔයත් අම්මා තාත්තා කියල මගේ අම්මටයි තාත්තටයි කතා කරනවට"
"ම්ම්ම්..අපේ අම්මිව දන්නෝ නේද වත්සලා අම්මි..."
"ම්ම්ම්..."
"වත්සලා අම්මි මන් නිදි කියල හිතලා මගේ ඔලුව අතගගා රෑ ඇඩුවා.."
"ම්ම්"
"එයා කිව්වා දේවි මන් ගාවට එයාලා ආවා කියල වත්සලා අම්මා අපේ අම්මව හොදට දන්නව "
"ඔව් ඉතිම් අපේ අම්මිගේ හොදම යාලුවනේ යේශි ඔයාලගෙ අම්මා"
"හොදම යාලුවා"
"ම්ම්...ඔව් හරියට ඔයාලයි අක්කයි මල්ශි අක්කයි වගේ"
"මන් හොදම යාලුවෙක් නෙවෙයි ආන්‍යා"
ආන්‍යාගෙත් යේශිගෙත් කතාවට ඈත තියා සම්බන්ද උන මල්ශි එම කතාවට එක් වුනෙ එලෙස පවසමින්......
"ඔයා හොදම යාලුවා තමයි අපේ අක්කිගේ"
යේශි එලෙස පැවසුවත් මවාගත් හිනාවකින් මුහුණ ආවරණය කරගත් මල්ශි යේශිගේ වචන නොතකා හැරියේ ඇයටද කියන්නට දෙයක් මනසට නොආ බැවින්...
"යේශි...අදේශ් මල්ලි එක්ක ඇතුලට යන්න වත්සලා ඇන්ටි ඔයාට කතා කරා"
මල්ශි සමගම අදේශ් ද එතැනට පැමිනියේ වත්සලාගෙ පණිවිඩයකට අනුව යේශිව ගෙතුලට රැගෙන යාමටයි....
"princess ඔයා යන්න මල්ලි එක්ක...රෑට අපි පොඩි ගමනක් යමු හරිද"
"හරි ආන්‍යා..කීයට වගේද යන්නෙ"
"ම්ම්..හවසට මන් කියන්නම් ..එතකොට ලෑස්ති වෙලා ඉන්නකො ..අපි බයික් එකේ යන්"
"හරී"
ආන්‍යා සමග එකට කාලය ගත කිරීම තරම් සතුටක් යේශිට නොවුන නිසා ඇයට ආන්‍යාගෙ මෙම ආරාධනාව නිසා දැනුනේ විශාල සතුටක්....කට පුරා සිනාසෙමින් අදේශ් සමග යේශි යන ආකාරය ආන්‍යාද බලා සිටියේ හිත තුල උතුරන ආදරයෙන්....
"ආන්‍යා"
යේශි දෙස බලාගෙන සිටි ආන්‍යාගෙ දැහැන බිදී ගියේ මල්ශිගේ ඇමතීමත් සමගයි...
"අහ්..ඔහ්..කියන්න අක්කෙ"
"තාන්‍යා කිව්වා ඔයාලා දේවිකා ඇන්ටිලගේ මිනීමරුවව හොයාගත්තා කියල"
"ම්ම්ම්..ඔව්.."
"දැන් ඔයාලා මොකද කරන්නෙ"
"ප්ලෑන් එකක් ගහන ගමන් ඉන්නෙ"
"උදව්වක් ඕනනම් මටත් කියන්න"
"ම්ම්ම්..අක්කා කරන ලොකුම උදව්ව පරිස්සමෙන් ඉන්නඑක තමයි"
"මට කරදරයක් කරන එකක් නෑ"
"කියන්න බෑ..අක්කත් එක්තරා ආකාරයක ඇමක් ඌට"
"ඇමක් ..මේ මන්"
"ඔව්"
"ඇයි ඒම කියන්නෙ"
"දේශී අක්කලාට ලගම කෙනෙක්ට ඉන්නෙ ඔයානෙ"
"අහ්"
"අක්කත් පරිස්සමෙන් ඉන්න...දේශි අක්කලට රිද්දන්න අක්කව පාවිච්චි කරන්න උනත් පුළුවන් "
"ම්ම්ම්"
ආන්‍යාගේ කතාවෙන් දැනට පවතින තත්ත්වයේ බැරෑරුම් ස්වභාවය තේරුම් ගත් මල්ශි ආන්‍යා දෙස බලමින් ගැඹුරු හුස්මක් ගත්තේ ඕනම දෙයකට අවස්ථාවට අනුව මුහුණ දීමට සූදානම් වෙමින්....
....................********........................
"දේශි"
"කියන්න අබිරු අයියෙ"
"හොදින් ඉන්නවා නේද"
"ඔව් අයියේ...ආන්‍යාගෙ පව්ලෙ අය හරිම හොදයි "
"ම්ම්"
"අයියේ"
"ඇයි ඔයා එදා ආවෙ නැත්තෙ ඇතුළට"
"මට හදිසි වැඩක් වැටුණා ...ඒ නිසා ගියා"
"ම්ම්ම්...ආන්‍යාගේ අම්මා හරි හොදයි අබිරු අයියෙ..ඊයේ රෑ අපි නිදාගන්නකම් ලගට වෙලා ඔලුව අත ගගා හිටියා"
"ම්ම්ම්..ඒමද.."
"ඔව් අයියේ"
"අපි අද රෑට ගමනක් යමුද "
"අද..කොහෙද අයියෙ"
"ඇවිදින්න යන්..මන් හවසට කියන්නම් ප්ලෙස් එක"
"නන්ගිලත් යනව කිව්වා කොහෙද"
"කොහෙද"
"දන්නෑ..ආන්‍යා හවස කියන්නම් කිව්වලු තැනක්..ඔයත් අයියෙ එයා වගේමයි"
"ම්ම්ම්..ආන්‍යායි මමයිද"
"ඔව් ඇරපු අතක් නෑ හරියට නිකම් අයියයි නන්ගියි වගේ"
"ම්ම්ම්...එහෙමද"
කැඩුනු හඩකින් අබිරු එසේ අසනවාත් සමගම අබිරුගෙ දෑස් කදුලින් තෙත්ව ගියේ ඔහුට ඔහුගේ සහෝදරියන් මගහැරුනු තරම් මතක් වෙද්දි...ඉක්මනින් දුරකතන සන්වාදය නවත්වා දැමූ අබිරු දේශිට කෙටි පණිවිඩයක් දැමුවේ
පරිස්සමෙන් ඉන්න..මන් හවසට කියන්නම් තැන...ඔයා ඊටපස්සේ ලෑස්ති වෙලා එන්න ගෙට් එක ලගට මන් ඔයාව ගන්නම්
අබිරුගේ කටහඩේ කැඩුනු ස්වභාවය හොදින් තේරුණු දේශි පණිවිඩය කියවා බලමින් සිතුවේ අබිරු විසින් ඇයට වසන් කරන යමක් ඇත් දැයි ඇගේ ගැහැණු මොලයට ඉවෙන් මෙන් දැනෙද්දි.....