"දේශි ,ඔයා නිදාගන්නෙ නැද්ද "
"නිදාගන්න බෑ මල්ශි..."
"මටත් නින්ද යන්නෑ ඒකයි මාත් ආවේ කාමරෙන් එලියට"
සාලෙ පුටුසෙටිය උඩට වෙලා වාඩිවෙලා බලාගත්තු අත බලන් ඉන්න දේශිව දැක්ක මල්ශිත් දේශි ලගින්ම ඇවිත් වාඩි උනේ කිසිදෙයක් හිතාගන්න බැරුව....
"මොනවද බන් මේ වෙන්නෙ.."
"මන්දා ඕයි...ආන්‍යා ගියත් හරි අබිරු අයියා මොහකට පස්සෙන් ගියාද මන්දා"
"ඒ දෙන්නගෙ හැසිරීම් වෙලාවකට එක වගේ නේද"
"ම්ම්ම්"
"කාමරේ ඉන්නත් බෑ බන්...නන්ගි සැරින් සැරේ ඇහරලා අහනව ආන්‍යා ආවද කියල"
"ඉතිම්"
"මන් බොරුවක් කිව්වා ආන්‍යා ගෙදර ගියා කියල"
"ම්ම්ම්...අපිට බොරුකාරයෝ වෙන්නත් වෙලා"
"ඒකට කමක් නෑ...ඒත් මට බයයි ඒ දෙන්නා ගැනම"
"ම්ම්ම්...මටත් ටිකක්"
"තාන්‍යාගෙන් මොකක් හරි අහමුද"
"මොනව අහන්නද ඉතිම්"
"එයා දන්නවා ඇති ගිය තැනක්"
"මන් හිතන්නෙ නෑ එයා දන්නවා කියල.."
"ඒත් "
"ඕන නෑ අපි බලමුකෝ වෙන දෙයක් වෙයිනේ"
"මට බය අබිරු අයියා දොරවල් වහන් ඉන්න කිව්ව එකට"
"මොකක් හරි හේතුවක් ඇති ඒම කියන්න..එයා අපි ගැන හරියට හොයනව"
"ම්ම්ම්..ඔයා ගැන අපි ගැන නෙවෙයි "
"හ්ම්"
මල්ශි එහෙම කිව්වත් එක්කම දේශි මල්ශි දිහා බැලුවත් කලුවරේ මල්ශිගේ මුහුණ දේශිට පෙනුනේ නෑ...ඒත් මල්ශිගේ ඇස් වල කදුලු පිරිලා....හිමීට අනික් පැත්ත හැරිලා කදුලු පිහගත්ත මල්ශි දේශිගේ උරහිසට හේත්තු උනේ මැදියම් රෑ 1.30 පහු උනත් මේ දෙන්නටම නින්දක් නම් අහලකවත් නො එද්දියි...
...................*******.....................
"හොයාගත්තද උබ අරුන් ගැන"
"නෑ සර්..මිස්ටර් හරිතගේ කාර් එක පාරේ අයිනේ තිබුනා ඒත් මිස්ටර් හරිත පේන්න හිටියේ නෑ"
"ඌ අමුතුම ගේමක් ගහනව වගේ..සැකයක් දැනෙන වැඩක් ඌ කරොත් අනිවාර්යයෙන් ඔලුව කුඩුවෙන්න උන්ඩයක් බස්සපන්"
"හරි සර් "
"එතකොට අර කෙල්ලො ටික"
"සර් ගෙදර කවුරුත් නැහැ වගේ වෙනදා නම් ගේ පිටිපස්සෙයි ඉස්සරහයි බල්බ් දෙකක් උදේ වෙනකම් පත්තුවෙනව"
"උන් ඔය ගෙදර ඇරෙන්න වෙන කොහෙ යන්නද බන්"
"ඒත් සර් පොඩිමවත් සද්දයක් නැහැ..අපේ දෙන්නෙක් ගේ ලග ඉන්නව තවම"
"ඒක හොදයි..හෙට උදේ වෙද්දි ලෑස්ති වෙලා ඉන්න කියපම් ඔයින් එකෙක්ව පරලොව යවන්න"
"හරි සර්..සර්ගේ ඕඩර් එක ලැබෙනකම් ඉන්නෙ අපි"
"තව දෙයක්...අබිරු "
"සර් අබිරු සර්ව නම් හොයාගන්නවත් නෑ..ගෙදර කවුරුත් නැහැ අපි ගියා එහෙත්"
"අබිරුව පණපිටින් අරන් වරෙන්.."
"හරි සර්"
ඒත් සමගම රොව්ඩන්ට ඇසුණේ යමක් පෙරලෙනව වැනි හඩක්..දුරකතන සන්වාදය මදකට නැවැත් වූ ඔහු ශබ්දය ආ දෙසට පියමන් කරේ තම ලාච්චුව තුළ තිබූ රයිෆලයද අතැතිවයි....
"කව්ද ඔතන"
තර්ජනාත්මක හඩකින් රොව්ඩන් කතා කරේ කවුරුන් වුවත් ඔහුගේ මෙම වැදගත් සන්වාදය අසා සිටියෙ එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව දැනුනු නිසයි...
එසැණින් රොව්ඩන්ගේ ඉදිරියට කලු පැහැ තඩි පූස් පැටවෙකු දිව ආවේ රොව්ඩන්ගේ සිත මදකට බියවද්දමිනි...
"ආශ්..මේ අර ගෑනිගේ සතා නේද..මේ ගෑනි මගේ සේසතින් බාගයක්ම අරන් ගිහින් මේ පූස් නාම්බව තියල ගියේ අහවල් එකටද"
රොව්ඩන් එලෙස ගිගුලුවෙ තම දික්කසාද සුරූපි බිරිදගේ සුරතල් පූස් පැටවා දෙස රතු වූ දෑස්වලින් බලමින්.....
"මේ තනි ගෙදර උබයි මායි ඇරෙන්න වෙන කව්ද ඉන්නෙ ඉතිම්.."
ආපසු හැරෙමින් කාමරය වෙතට අඩිය තිවූ රොව්ඩන් තම රයිෆලයද පපුව මත තබාගෙන නින්දට ගියේ හෙට දිනයේදි තම දෙවන පළිගැනීම ආරම්භ කිරීමට මුල් පියවර තැබීමට සූදානම් වෙමින්....
......................*******......................
පාන්දර 3.45 පමණ වන විට දේශිලාගේ නිවස ඉදිරිපිට කාර් රථයක් පැමිණ නතර කරේ අඩ නින්දේ පුටුසෙටිය මතට වී සිටි යහලුවන් දෙදෙනාව මදකට බිය වද්දමින්...
"කව්ද බන් ආවේ"
"මට ඇහුනේ නම් ආන්‍යාගෙ කාර් එකේ සද්දෙ"
"පොඩ්ඩක් බලමුකෝ..කතා කරයිනෙ"
මල්ශිත් දේශිත් දොර අසලට ගොස් බලා සිටියේ පැමිණි කෙනා ඔවුන්ට අමතන තුරුයි...
එසේම කාමරය තුළට වී මෙතෙක් වෙලා නින්දක් නොමැතිව බලා සිටි තාන්‍යාද සාලෙට දුවගෙන ආවේ පැමිණියේ ආන්‍යාගේ වාහනය බව තේරුම් ගත් නිසා...
"දේශි, දොර අරින්න "
"ඉන්න අයියෙ ලයිට් දාන්නම්"
"නෑ එපා,දොර අරින්නකෝ"
දේශි දොර අරිනවාත් සමගම ආන්‍යාව ගේ තුළට තල්ලු කර දැමූ අබිරු ඉක්මනින් දොර වසා දැමුවේ රතු වූ ඇස්වලින් ආන්‍යා දෙස බලමින්...
"තමුන් මොන එහෙකටද මගේ පස්සෙන් ආවේ"
"මන් ආවෙ නැත්නම් තෝ අද මැරිලා"
"ඔව් මන් මැරෙයි..ඒත් මන් මැරෙන්නෙ ඌවත් මරාගෙන"
සමච්චල් හිනාවකින් අබිරු දෙස බැලූ ආන්‍යා තම ඉනෙහි සගවාගෙන සිටි තුවක්කුව එලියට ඇදගත්තේ වියරුවෙන් ඒ දෙස බලමින්...
"තමුන් නිසා මට අද ඌව මග හැරුණා"
"උබ මහලොකු චණ්ඩියද "
"නෑ ..කව්ද එහෙම කිව්වෙ"
"උබ ආය මේ ගෙදරින් එලියට බහින්න බෑ"
"තමුන් කොහොමද මට අණ දෙන්නෙ...මන් යනව...ඇහෙන්නැතිනෙ ඌ කියපුවා හැමෝම අනතුරේ..මට ඌව මරන්න දුන්නනම් අද ඉදන් හැමෝම නිදහස්"
"උබට මිනීමරුවෙක් වෙන්න එච්චර ආසද..උබ ඌව මැරුවම යේශිට මොකද වෙන්නෙ"
යේශි ගැන මතක් කළ වහාම තම අතෙහි වූ තුවක්කුව බිමින් තැබූ ආන්‍යා යේශිගේ කාමරය දෙස බැලුවේ කදුලු පුරවාගත් දෑසෙන්...එසැණින් තුවක්කුව තමා වෙතට ඇදගත් අබිරු ආන්‍යා දෙස බැලුවේ පුපුරන තරහකිනි...
"උබට ඕන ඌව මරන්නනම් මන් ඒක කරන්නම්"
"මන් ඌව මැරුවොත් යේශි ...තමුන් ඌව මැරුවොත් දේශි අක්කා"
එවෙලෙහි අබිරු දේශි දෙස බැලූ විට ඔහු දුටුවේ ඇස් ලොකු කරන් තමා දෙස ඇය බලා සිටින ආකාරයයි...
තුවක්කුව පුටුසෙටිය මතට විසිකර දැමූ ඔහු දේශි වෙතට ගොස් ඇයව වැලදගත්තේ උතුරායන ස්නේහයකින්...
"මට සමාවෙන්න..මොහොතකට මට ඔයාව අමතක උනා.."
"අයියේ..මොකද වෙන්නෙ මෙතන ඇයි ඔයාලා මෙහෙම හැසිරෙන්නෙ"
අබිරුව ඇත් කර අබිරුගේ අතකින් අල්ලාගත් දේශි අබිරු දෙස බලා එලෙස ඇසුවේ ඔවුන්ට මේ කිසි දෙයක් නොතේරෙන නිසයි...
"හැමදේම හරියයි දේශි අක්කෙ..එතකොට හැමදේම දැනගමු..දැන් ලෑස්ති වෙන්න ඔයාලා අපේ ගෙදර යන්න ඕන"
"ආන්‍යා"
"ඔව් මිස්ටර් අබිරු..මන් හිතන්නෙ දැන් ආරක්ෂිතම තැන අපේ ගෙදර "
ඇහිබැමද ඔසවමින් ආන්‍යා අබිරු දෙස බැලුවෙ තීරණාත්මක දෑසින්....
"හ්ම්ම්..එහෙනම් සිතුම්වත් අරන් යනවද"
"සිතුම්"
ප්‍රශ්නාර්ථ බැල්මකිම් ආන්‍යා අබිරු දෙස බැලුවෙ ඒ කව්දැයි නොදන්නා නිසයි..
"මගේ මල්ලි"
"මට බෑ...සමාවෙන්න"
"එයා ගැන බයවෙන්න දෙයක් නෑ.."
"ඒත් මට බෑ..මට අනතුරේ දාන්න බෑ මගේ පව්ලේ අයව"
"ඒත් "
"මිස්ටර් අබිරු..ඔය සිතුම් කවුරු උනත් කමක් නෑ එයාව වෙන තැනකට ගිහින් දාන්න.."
"තවදෙයක් අර දැන් ගස් බැදලා ඉන්න මිනිස්සු දෙන්නට මොකද කරන්නෙ"
"උන් දෙන්නව ගේ ඇතුලට දාලා යමු"
අබිරුත් ආන්‍යාත් කියන කිසිවක් තේරුම් ගත නොහැකිව මල්ශිත් දේශිත් තාන්‍යාත් මුහුණට මුහුන බලාගත්තෙ හිත තුල මතුවෙන ප්‍රශ්න දාහක් ගැන සිතමිනි......