"ආන්‍යා..කොහෙද මේ යන්නෙ හැඩවෙලා"
මල්ශි එහෙම අහනවත් එක්කම ආන්‍යා සද්ද කරන්නෙපා කියන්න වගේ ආන්‍යාගෙ කටට අත තියල මල්ශිට ඇගෙව්වෙ බැරි වෙලාවත් යේශිට ඇහුනොත් එයා යන තැන ලොකූ ලොකු විස්තර යේශි අහන්න ගන්න නිසා...
ඒ එක්කම ආන්‍යා දැක්කෙ අබිරුත් ඇවිත් ඉන්න බව...අනික් හැමෝමත් අබිරුත් ඉන්න තැනට ටිකක් ළන් උන ආන්‍යා ඇහෙන නෑහෙන ගානට ඒ කට්ටියට කතා කරා..
"පොඩි ගමනක් යන්න තියෙනව....ටිකක් රෑවෙයි..."
"අක්කෙ..ඒත් ඔයා කිව්වෙ හෙට යනව කියල නේද"
"ඔව්..ඒත් මට දැන් යන්න වෙලා..හදිස්සියක් "
තාන්‍යාටත් රැවුමකින් සංග්‍රහ කරපු ආන්‍යා තාන්‍යා දිහාවට දැම්මෙ තරවටු බැල්මක්..ඒ මොහොතෙම නිහඩ උන තාන්‍යා බිම බලාගත්තෙ වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ මූණත් හදාගෙන...
ඒත් එක්කම ආන්‍යා එලියට යන්න හදනවත් එක්කම අබිරු දුවගෙන ගිහින් ආන්‍යාගෙ අතින් අල්ලගත්තේ ආන්‍යා තාන්‍යාට දැම්ම තරවටු බැල්මට සමාන තරවටු බැල්මක් ආන්‍යාට දාන ගමන්..ඒත් ඒ තරවටු බැල්මට ප්‍රතිචාර විදියට ආන්‍යාත් ඊට නොදෙවෙනි තරවටු බැල්මක් අබිරුට දැම්මෙ අබිරු ආන්‍යාගේ අත අල්ලන් ඉන්න නිසා...
"මොකද"
ඇහිබැම උස්සලා ආන්‍යා අබිරුගෙන් එහෙම ඇහුවත් එක්කම අබිරු ආන්‍යාගේ අත තද කරේ ආන්‍යා ආව් කියල සද්දයක් දාද්දි..
"This f*cking man..what's wrong you"
ආන්‍යා තද බැරෑරුම් කටහඩකින් අබිරුගෙන් එහෙම ඇහුවත් එක්කම අබිරුගෙ ඇස් උඩගියේ තමන්ගෙ නන්ගි තමන්ට කතා කරන විදිය දැකලා...
"f*cking man"
ආරූඪ කරගත්ත හිනාවකින් ආන්‍යා දිහා බලපු අබිරු ආන්‍යාගෙ අත ඇරියේ ආන්‍යාගේ ඇස් දිහා කෙලින් බලාගෙන...ඒ ක්ෂණයෙන් යන්න හැරුණ ආන්‍යා එයාගෙ ගමන යන්න ගියේ ගෙදර හිටිය හැමෝම වික්ෂිප්ත වෙලා එකිනෙකා දිහා බලද්දි....
ආන්‍යා වාහනේ ස්ටාර්ට් කරලා ටික දුරක් යනකම් ආන්‍යාගෙ වාහනේ සද්දෙ ඇහුණත් එතනින් එහාට කිසි සද්දයක් නොඇසුනේ වේගෙන් ආන්‍යා යන්න ගිය නිසා...හැමෝම දොර ලගට යද්දි පාර දූවිල්ලෙන් වැහිලා...ඒ ගමන්ම අබිරු ආපහු වාඩිවෙලා හිටිය පුටුසෙටිය ලගට ගිහිම් හෙල්මට් එක අරන් බයික් එක ලගට දුවගෙන ගියේ අනික් අය කොහෙද යන්නෙ කියල අබිරුගෙන් ඇහුවත් ඒ ගැන ගනන් නොගෙන......
උන දේ හිතාගන්න බැරුව දේශි මල්ශි වගේම තාන්‍යාත් ගල් ගැහිලා බලන් ඉද්දි එයාලගෙ නිහඩතාවය බිදුනේ ටික දුරක් ගිහිම් ආපහු හැරිලා ආව අබිරු එයාලට කතා කරද්දි...
"කට්ටියම ගේ ඇතුලට යන්න..කිසි කෙනෙක් එලියට එන්නෙපා..කවුරු කතා කරත්...මන් ආය එන්නෙ ආන්‍යාවත් එක්කගෙන..ආන්‍යායි මායි දෙන්නම ඇවිත් ඔයාලට කතා කරනකම් දොර අරින්නෙපා.."
"අයියේ ඒත් ඔයා යන්නෙ"
"කතා කරන්න වෙලාවක් නෑ..අරකි දැනටමත් සැහෙන්න දුර ගිහින් ඇති..පරිස්සමෙන් ඉන්න හැමෝම"
"අයියත් පරිස්සමෙන් "
දේශි එහෙම කිව්වත් අබිරුගේ බයික් එකේ සද්දෙට ඒක නෑහුණා සේ අබිරු යන්න ගියේ ආපහු හැරී හෝ නොබලා...
අබිරු කිව්ව විදියටම කට්ටිය ගෙ ඇතුලට ඇවිත් දොරවල් ජනෙල් වහගෙන ඉක්මනින් රෑ කෑම කාලා නිදාගන්න යන්න ලෑස්ති උනේ දැන් උන දේ ගැන ඒ අයට හිතාගන්න බැරි නිසා.....
................******...................
"අබිරු අබිරු..."
"කව්ද"
"මන්"
"මන් කිව්වෙ"
"දොර ඇරපන් බේසික බල්ලො"
"හ..හ..රිත අයි..යා.."
"හ...හ..රිත..නෙවෙයි හරිත..දොර ඇරපන් දොර කඩන් එන්න කලිම්"
"අනේ අයියා කිව්වේ කවුරුත් ආවට දොර අරින්න එපා කියල"
"දොර ඇරපන් නැත්නම් මේක කඩන් ඇතුලට ඇවිත් මන් උබට අරින්නෙ"
"බෑ බෑ මට බෑ.."
"ඇරපන් "
ඒ එක්කම ගේ ඇතුලේ ඉදන් සිතුම් හා පැටියෙක් වගේ දොර ඇරියේ හරිත දොරත් තල්ලු කරන් ඇතුළට එද්දි...ගේ ඇතුලට ආව හරිත ඉක්මනට දොර වහලා දැම්මෙ කවුරුත් දකියි කියල බයෙන් වගේ...
"අබිරු කොහෙද "
"අයියා නෑ"
"අයියා නෑ කියල මාත් දන්නවා මිනිහෝ..කොහෙද ඒ යකා ගියෙ කියල අහන්නෙ මන්"
"මන් දන්නෑ.."
"හරි...උබට මොකක්ද අයියා කිව්වෙ.."
"දොර වහන් කවුරුත් නෑ වගේ ඉන්න කිව්වා"
"ඉතිම් පගයෝ තෝ මන් කතා කරාම කතා කරේ අහවල් එකටද"
"කතා කරාම කතා කරන්නැතුව ඉන්නෙ කොහොමද"
"අනේ ගොනාගෙ පුතේ එතකොට උබ දොරවහන් හිටියත් උබ ඇතුලෙ ඉන්නබව ආව එකා දන්නවනෙ"
ඒ එක්කම හරිත කිව්ව දේ තේරුම් ගිය සිතුම් ඔලුව බිමට හරවගත්තෙ වැරැද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගේ...
"කාලද ඉන්නෙ..මොනවද කන්න තියෙන්නේ "
"ඔයා ආවේ කොහොමද මෙහාට..වාහනයක සද්දයක්වත් ආවේ නෑනෙ"
"උඩින් ආවේ මන් ඇයි..උබට වැඩක් නෑනෙ ඒවා කන්න තියෙනවද කියල ඇහුවෙ මන්"
"කන්න..රෑටද"
"නෑ උදේට"
"උදේට ඉව්වෙ නෑ මම"
"අනේ ගොනාගෙ පුතේ..යමන් කුස්සියට" හරිතට හිනාව පාලනය කරගන්න බැරි උනත් සිතුම්ගෙ මේ පොඩි එකා සීන් වැඩ නිසා බොරු තරහක් ආයම මූණට අරගත්ත හරිත සිතුම්ගේ කනෙන් අල්ලගෙන කුස්සියට ගියේ පොඩිවත් වෙනසක් පෙන්නුවොත් පොඩිවත් ආදරයක් පෙන්නුවොත් සිතුම් ආපිට කරන ආදරේ හරිතට දරාගන්න බැරි නිසා...
"මේවා තියෙන්නේ "
"මේවා"
"ඔව්..නූඩ්ලස්..මැගී නූඩ්ලස්"
"ඕවා කාලා මට මදි...උබව තමා කන්න වෙන්නෙ මට දැන් තියෙන බඩගින්නෙ හැටියට"
හරිත හිනාවෙවී ඒම කියනකොට සිතුම් බයවෙලා වගේ හරිත දිහා බලන් හිටියෙ අවුරුදු ගානකට පස්සෙ දකින හරිතගෙ හිනාව කොච්චර ලස්සනද කියල හිතන ගමන්...
ඒ එක්කම පියවි සිහියට ආව හරිත ආපහු බොරු තරහක් අරන් සිතුම්ට ගැහුවේ සියුම්ව රිදෙන්න..
"ආව්.."
"ආව්..වෑව්"
"ඉන්න අයියා මට කොත්තුවක් ගෙනැල්ලා දීලා ගියේ..ඔයා ඒක කාලා යන්න "
"හා..මන් උබ කියන දේම කරන්නම් පොඩි ගස් බල්ලෝ"
හරිත එහෙම කියනකොට හරිත දිහා රවලා බලපු සිතුම් එයා කන්න ආසාවෙන් හිටිය කොත්තුව හරිතට ගෙනැල්ලා දුන්නෙ මොනවා උනත් බඩගින්නෙ ඉන්න කෙනෙක්ව හිස්බඩින් ආපහු හරවලා යවන්න හොද නැති නිසා...
හරිත කොත්තුව කාලා ඉවර වෙනකම්ම හරිත දිහා බිත්තියට හේත්තු වෙලා සිතුම් බලාගෙන හිටියේ දවස් ගානකින් කාලා නෑ වගේ හරිත කොත්තුව ගිලගෙන ගිලගෙන යන නිසා....
කොත්තුව කාලා ඉවර උනත් එක්කම අත සෝදන් ආපහු සිතුම් ලගට ආව හරිත 5000 ක් කොළයක් සිතුම්ගේ සාක්කුවට දැම්මා...
"මේ ඇයි"
"උබ තව කොත්තු ටිකක් අරන් කාපන් පොඩි ගස් බල්ලෝ"
"මට ඕන නෑ"
"ඇයි උබට කඩවල්වලින් නිකම් දෙනවද කොත්තු"
"නෑ මට ඔයාගෙ සල්ලි එපා"
"ඇයි"
"ඕවා අර රොව්ඩන්ගෙ සල්ලි"
කට කොනින් හිනාවක් දාන් සිතුම් දිහා බැලුව හරිත බිමට ඇස් බර කරලා ආයම සීරියස් මූණක් හදාගෙන සිතුම්ට ටිකක් ළන් උනේ රහසක් කියන්න වගේ...
"මේවා මගේ සල්ලි...මගේ මහන්සිය..කවදහරි උබල දැනගනියි මේ ඔක්කොම"
හරිත එහෙම කියල ආපහු යන්න කියල හිතන් සාලෙට ගියේ අරන් ආව ෆයිල් කවරෙත් අතට අරගන්න...
"ඔය යනවද"
"ඔව් පොඩි ගස් බල්ලො"
"එතකොට කන්නමද ආවේ"
"ඔව්..නැතුව උබව කන්න නෙවෙයි ..මන් බොරුවට කිව්වෙ උබව කනවා කියල"
"මන් දන්නව"
"ඒනම් අපි ගියා"
"ඒත්"
"අයියා ආවම කියහන් මන් ආවා කියල...කාලා ගියා කියලම කියපන්..අහ්..ආයම මොකෙක්වත් ඇවිත් කතා කරාට දොර අරින්නෙපා...අයියා ආවොත් ඇරෙන්න"
"හරි"
හරිත කිව්ව දේට ඔලුව වනලා හා කිව්ව සිතුම් හරිත එලියට යනවත් එක්කම දොර වහගත්තෙ හරිත අබිරු සිතුම් හැමෝම එකට ඉද්දි කොච්චර ලස්සනට ජීවත් උනාද කියල හිත හිත......
.
.
.
.
.