සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිපස් වන දිගහැරුම •

507 124 111
By ___Sky-Heart___

" ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න "

* Beep Beep *

තීනු උදේ නැගිට්ට වෙලේ ඉදන් යුගාන්ට කෝල් කරත් යුගාන් නම් ෆෝන් එක ආන්සර් කලේ නැහැ . පුපුර පුපුර හිටපු තීනු තමන්ගේ ෆෝන් එකත් ඇදට විසික් කරලා කොට්ටේ බදා ගත්තේ යුගාන්ට මොන කෙංගෙඩියක් උනාද කියලා හිතන ගමන් . කලින් දවසේ කැම්පස් එකේ වෙච්චි දේත් එක්ක යුගාන් තීනුව කෙයා කරන එක අඩු කරලා කියලා තීනුගේ වැලි කැටයක් තරම් සයිස් තඩි මොලේට තේරෙන්න ගත්තා .

ඇත්තටම යුගාන් තීනු ගැන කෙයා නොකර හිටියේ නැහැ . යුගාන් හැම වෙලාවෙම තීනුව කෙයා කලා ඒත් තීනුමනේ යුගාන්ව පඩේකට ගනන් ගත්තේ නැත්තේ .. දැන් ඉතිම් ඒ සිද්ද උනු දේවල් වල අනිත් පැත්ත වෙද්දි තීනුට නම් ඉන්න බැරි උනා . තමන් යුගාන්ට බෙදපු හැන්දෙන් යුගාන් තමන්ට බෙදන්න ගද්දි වැඩියෙන්ම රිදුනේ තීනුට . හැබැයි යුගාන්ට ෆෝන් එක ආන්සර් කරන්න බැරි තරමටම තියෙන අමාරුව මොකක් උනත් තීනු නම් හිටියේ යුගාන්ව මරන් කන සයිස් එකෙන් .

" මට තිබුනා තීර්ථ කියපු දේ අහලා වෙන මංගල්‍යක් කර ගන්න කොහෙද මාත් පුකේ අමාරුවට මේ ගෝතයා එක්කම සෙට් උනානේ .. උබට හොද වැඩේ තීනු !! හොදම වැඩේ !! තිරිසන් ගෙරියට මගේ කෝල්ස් ආන්සර් කරන්න බැරි තරමටම පකේ ලොකුකම ඕකව අහු උනොත් පගයගේ ඇටේ ඉදන් පට්ට ගහලා පුකේ ඉදන් හැට්ට මහනවා "

තීනු තමන් බදා ගෙන ඉන්න කොට්ටේ හප හපම යුගාන්ට බනින්න ගත්තා . කොච්චර යුගාන් එක්ක මරා ගත්තත් තීනුට යුගාන් නැතුව ඉන්න බැහැ . ඒක තීනු පිළිගන්න අකමැති උනත් ඒත් ඒක තමා ඇත්ත . කොට්ටේ අල්ලලා කාමරේ මුල්ලට විසික් කරපු තීනු ඇදේ ඉදන් දෙකට කැඩිච්ච ඉස්සෙක් වගේ දගලන්න ගත්තා . තරුණ අසහනයට බෙහෙත් නැහැ වගේ තීනුගේ අසහනය හොද කරන්නත් බෙහෙත් තිබුනේ නැහැ .

" උබට මගේ කෝල් ආන්සර් කරන්න බෑනේ ?? මං එන්නම් උබලගේ ගෙදර හිටපන්කෝ !! "

ඇදෙන්න පැන්න තීනු මේසේ උඩ තිබුනු තමන්ගේ කැප් එකත් ඔලුවට දාගෙන වෙඩිල්ල වගේ පහලට ආවා . කැම්පස් නැති දවසට දඩාවතේ යන සුනඛයෙක් වගේ තීනු හැම රෙද්ද අස්සෙම රිංගන නිසා තීනු එලියට බැහැලා යන දිහා තීනු ගේ අම්මා ඉනටත් අත් දෙකත් තියන් බලන් හිටියා . කාලෙකට පස්සේ තීනු තමන්ගේ බයික් එකත් සර්විස් කරන්න දාලා තිබුනු නිසා යුගාන්ලගේ ගෙදරට තීනුට පයින්ම බඩ ගාන්න සිද්ද උනා 

තමන්ගේ ගෙදර ඉදන් යුගාන්ලගේ ගෙදරට යන්න උපරිම විනාඩි දහයක් විතර ගත වෙනවා උනත් තීනු විනාඩි පහෙන් යුගාන්ලගේ ගේ ගාවට ඇවිත් හිටන් හිටියා . යුගාන් එක්ක තද මලෙන් ඉන්න නිසා තීනු ඇවිදලා ආවා නෙමෙයි දිව්වා . යුගාන්ව අහු උනු හැටියෙම ඕකගේ කන පලලා පොල් ගහක් හිටවන්න තීනු මග බලන් හිටියා . යුගාන්ලගේ ගෙදර තියෙන ලොකුම ලොකු ගේට්ටුවෙන් එලියේ ඉදන් තීනු බෙල්ල එක ගහන්න ගද්දි ගේට් එක ඇරියේ යුගාන්ලගේ වත්ත බලා ගන්න කෙනා .

" මේ පාලිත අන්කල් අර සක්කිලි පකයා ඉන්නවද ?? "

ගේට්ටුව ඇරුනු හැටියෙම තීනු පාලිත ගෙන් එහෙම අහද්දි පාලිත ඇස් දෙකත් ලොකු කරන් තීනු දිහා බැලුවේ තීනු කිව්ව ජාතියේ නමක් තියෙන එකෙක් මේ ගෙදර නැති නිසා .

" කවුරු කියලද කිව්වේ පුතේ ?? "

" ආර්ර් යුගාන් යුගාන් අනේ !! "

" ආහ් යුගාන් බේබී ඉන්නවා "

" හොද බේබී !! ඕකගේ බේබී වැඩ දන්නේ මමනේ .. පාලිත අන්කල්ට කියන්න ඕකට වටේම ගෑණු !! ඕකව ජීවිතේට හදන්න බැහැ හුලගට ගහන් යන්න ජම්ගි කෑල්ල වගේ ඕකා වටේ යන එකමයි කරන්නේ !! මං මිනිස්සුන්ට කතා හදන්න කැමති නැහැ පාලිත අන්කල් ඒත් මං මේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔය යුගාන් කෙල්ලෙක් එක්ක ක්ලබ් එහෙකට යනවා !! බුදුන් පල්ලා ජේසු පල්ලා අම්මා පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න නැත්තම් මට වැඩකුත් නැහැ ඒත් මම කිව්වේ මේ ඇත්තමයි !! "

තීනු ගේට්ටුවට හේත්තු වෙලා පාලිතට ගල් පැලෙන බොරු කියද්දි කිසිම දෙයක් නොදන්න අහිංසක පාලිත නිකටට අතකුත් තියා ගෙන තීනු කියපු දේවල් අහන් හිටියේ විශ්වාස කර ගන්න බැරුව . යුගාන් දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක් කියලා ගෙදර වැඩ කරන හැම කෙනෙක්ම දැනන් හිටියත් යුගාන් මේ වගේ වැඩ කරන නොසන්ඩාලයෙක් කියලා නම් පාලිත හීනෙකින් වත් හිතුවේ නැහැ .

" දෙයි හාමුදුරුවනේ !! යුගාන් බේබී එහෙම දරුවෙක් කියලා මං හිතුවේ නැහැ !! "

" මාත් හිතුවේ නැහැ පාලිත අන්කල් ඒත් මූ හෙන කබරයා !! පාලිත අන්කල්ට දුවෙක් එහෙම ඉන්නවා නේද පරිස්සන් කර ගන්න හොදේ පස්සේ අපි නොකිව්වයි කියන්න එපා !! "

යුගාන් ගැන පාලිත හිතන් හිටපු හැම හොද අදහසක්ම තීනු සැනින් මකලා දැම්මා . තීනු මෙච්චර පෞකාර වැඩක් කරන්නේ යුගාන් ෆෝන් එක ආන්සර් කරේ නැති නිසා කියලා යුගාන් දන්නවා නම් ඔක්කෝටම ඉස්සෙල්ලා යුගාන් අඩු කඩන්නේ තීනුගේ .. පාලිත තමන්ගේ පපුවට අතකුත් තියා ගෙන ගේට්ටුවට හේත්තු වෙද්දි ඒ මනුස්සයට එච්චර ගින්දරක් දීපු තීනු පැස්බරා වගේ ඔලුවත් කරකව කරකව වටේ පිටේ පේන්න යුගාන් ඉන්නවද කියලා බැලුවා .

" අයියෝ පාලිත අන්කල් ඕවා ඔච්චර හිතන්න එපා කෝ දැන් මේ මට ඇතුලට යන්න දෙන්නකෝ "

තීනු ඔලුවත් කස කස කියද්දි පාලිත ගේට්ටුව ඇරලා තීනුට ඇතුලට එන්න ඉඩ දුන්නා .

" ඔය දරුවා උනත් පරිස්සමෙන් යුගාන් බේබී ඔච්චර නරක දරුවෙක් නම් ඔය දරුවත් නොමග යන්න පුලුවන් නේ "

" හහ් නොමග යන්නේ නැති උන් මේ ලෝකේ නැහැ පාලිත අන්කල් ඒක නිසා ඔයා ඉස්සෝ වඩයක් කාලා දෙයියනේ කියලා බුදිය ගන්න "

තීනු තමන්ගේ කෙටි දිගු කොණ්ඩෙත් පිටි පැස්සට දාලා කියද්දි පාලිතගේ කට අක්කරයක් විතර ලොකු උනා . මෙච්චර වෙලා යුගාන්ගේ ඇද කිව්ව එකාත් මොන වගේ එකෙක්ද කියලා පාලිතට තේරුම් යද්දි ඉක්මනට ගේට්ටුව වහලා දාලා පාලිත සරමත් කරේ තියන් පිටි පැස්සට දිව්වා . පාලිත මොන කෙන්ගෙඩියකට දිව්වද කියලා නොදන්න තීනු අත් දෙකත් වන වනම යුගාන්ලගේ ගේ ඇතුලට යද්දි තීනුගෙ මූණටම මුලිච්චි උනේ හස්නව .

" අනේ තීනු අයියා ඔයා මොනවද මෙහෙ කරන්නේ "

" කෝ අරූ ඌ බුදිද නැත්තම් වෙන එකෙක් එක්ක වටේ ගිහිල්ලද ??? " 

තීනු එක පාරටම හස්නව හොල්මන් වෙලා යන විදිහට පුප්පන් අහද්දි හස්නට තේරුනා යුගානුයි තීනුයි ඇන ගෙන තමා කියලා . අද නම් යුගාන්ට බඩු බනිස් වෙන්න දීලා දෙන්නගේ ප්‍රශ්න වලට අත පය නොදා ඉන්න තරම් හස්නා නුවණක්කාර තීරණයක් ගත්තේ ගිය පාර යුගාන් තීනුව සෙට් කර ගත්තට පස්සේ මෙච්චර ලව් එක සෙට් කරලා දුන්නු තමන්ව කුණු මාළු කෑල්ල වගේ යුගාන් අහක් කරලා දැම්ම නිසා .

" අර ඉන්නේ උඩට වෙලා සරිගම කකා ගිහින් බලන්නකෝ තීනු අයියේ "

" අහ් !! හිටපන්කෝ ඕකට මම සරිගම පෙන්නන්න !! "

අත් දෙකත් මිට මොලොවා ගත්තු තීනු ගරා යකා වගේ උඩට යද්දි හස්නා කට කොනේ හිනාවක් රදවා ගත්තා . යුගාන්ගේ කාමරේ කන පැලෙන්න දාලා තියෙන සිංදු වල සද්දේ පහලට වැඩිය ඇහුනේ නැති උනත් යුගාන්ගේ කාමරේ ගාවට තීනු එන්න එන්න ලං වෙද්දි සද්දේ දරා ගන්න බැරුව තීනුගේ කන් අඩි පැලෙන්න වගේ ආවා . යුගාන්ගේ කාමරේ දොරට අත තියලා දොර අරිද්දි තීනු තමන්ගේ ඇස් දෙකත් ලොකු කර ගෙන යුගාන් දිහා බැලුවේ යුගාන් මයික් එකකුත් අතේ තියන් පුකත් වන වන ඇද උඩ ඉදන් නටනවා දැකපු නිසා .

" පවනක් වාගේ එන්න ප්‍රියේ

මගේ සිත අර ගෙන කොහෙද ගියේ

පවනක් වාගේ එන්න ප්‍රියේ ...

ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

ආදරෙයි මැට්ටෝ පැලෙන්න මං ... "

යුගාන් පුක උඩ දදා නටන හැටි දැක්කම තීනුට යුගාන්ව බිම දාගෙන යුගාන්ගේ මූණට කෙල ගෙන කෙල ගෙන යන්න හිතුනා . තමන්ගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැතුව යුගාන් මෙතන සරිගම කකා බ්‍රේක් ඩාන්ස් දාද්දි ආදරේ නාමයෙන් තීනු ගේ පපුව ඇවිලුනු හැටි දන්නේ තීනු විතරයි . යුගාන්ට තමන්ටත් වඩා ජොලි කරලා සැපේ ඉන්න එක වටිනවා කියලා තීනුට තේරෙද්දි යුගාන්ගේ කාමරේ දොර දඩාස් ගාලා වහලා දාපු තීනු ජලභීතිකාව හැදුනු සුනඛයා වගේ යුගාන්ගේ ඇගට කඩන් පැන්නා .

" තොට මගේ කෝල්ස් ආන්සර් කරන්න බැරි මේක නිසාද උද්දිකයෝ ?? ඊයේ රෑ චූ කරලා පරිස්සමට නිදා ගන්න පණ කියලා දාපු මැසේජ් එක වත් තමුසෙ සීන් කරලා නැහැ උදෙත් ගුඩ් මෝනින් කුක්කු පැටියා කියලා දාපු එකට වත් රිප්ලේ කරලා නැහැ තමුසෙ කොහොමද මට එහෙම කරන්නේ ??? "

තීනු යුගාන්ගේ මූණටයි බඩටයි හතර වටේම තියෙන අවයව වලටයි එක එක විදිහේ කුන්ෆු පාරවල් දෙද්දි නොහිතපු විදිහට තීනු ගෙන් ලැබුනු ඇටෑක් එක නිසා යුගාන් හරි අමාරුවෙන් ඇඹරෙන්න ගත්තා . යුගාන්ට කතා කරන්න වත් ඉඩක් නොදී හක්ක පටස් වෙන්නම තීනු වැලමිටෙන් පාරක් යුගාන්ගේ නහයට දෙද්දි යුගාන් එහෙන්මම ඇදෙන් බිමට වැටුනේ තීනු දුන්නු පාරට දවල් අහසේ තරුත් පෙන්නලා .

යුගාන් ඒ බිමට වැටිලත් අමාරුවෙන් නැගිටින්න හදද්දි ඇදේ හිටපු තීනු හල්ක්ගේ පුංචි අම්මා වැහිලා වගේ යුගාන්ගේ ඇගට පැන්නා . ඒ පාර නම් යුගාන් මහ හයියෙන් බෙරිහන් දුන්නේ තීනු පැන්න පාර තීනුගේ දණ හිසට තමන්ගේ බිබික්කම තද උනු නිසා . මොනවා නැතත් ඒ වේදනාව දන්නේ තවත් කොල්ලෙක් මයි කිව්වට තීනු හිතක් පපුවක් නැති විදිහට තව තවත් තමන්ගේ දණ හිස යුගාන්ගේ බිබික්කමට තියලා තද කරන්න ගත්තා .

" අහ්.. තී..නු බබා .. හුකන වැඩ කරන්න.. එපා .. හු..ත්තෝ !! එහාට ... පලයන් ... "

" අයින් වෙන්නේ නැහැ පුලුවන් දෙයක් කරපන් මං උබට බය නැහැ යුගාන් !! උබයි මෙතන මාව නරක මිනිහා කර ගත්තේ !! ඇයි කියපන් උබට මට කතා කරන්න බැරි ඒ තරමටම උබට ලොකුකම ගහලද ?? "

තීනු යුගාන්ගේ මූණට ආයෙම අත පුරෝලා පාරක් දෙද්දි තීනු දීපු ශොට් එකට යුගාන්ගේ යටි තොලෙන් ලේ එන්න ගත්තා . යුගාන්ගේ දිවට ලේ රහක් දැනෙද්දි කොල්ලා ඇගිල්ලෙන් තමන්ගේ තොල් පිහිදලා ඇගිල්ල දිහා බලද්දි ඇගිල්ලේ ලේ තියෙනවා දැකපු නිසා යුගාන්ගේ ඇග ඇතුලින් එක පාරටම අමුතු කික් එකක් ඇවිත් තීනුවත් තල්ලු කර ගෙනම නැගිටලා බෙරිහන් දෙන්න ගත්තා .

" බුදාම්ම්මෝමෝමෝමෝමෝමෝ මෙන්න මිනී මරනවෝ අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ බේර ගන්ඩෝ .. මගේ බෝයිෆ්‍රෙන්ඩ් මාව මරන්න හදනවෝ ඉක්මනට එන්... "

යුගාන් ඉතුරු ටික කියලා කෑ ගහන්න කලින් තීනු තමන්ගේ අතින් යුගාන්ගේ කට තද කලේ මූ තව මොනා හරි කියලා කෑ ගහන්න ගත්තොත් ඒ සද්දෙට යුගාන්ගේ අම්මා හරි හස්නා හරි ආවොත් මෙතන වෙනම සන්නියක් නටන්න වෙන නිසා . යුගාන්ව තල්ලු කරගෙන යුගාන්ව ඇදට දාපු තීනු යුගාන්ගේ ඇග උඩට ඇවිත් ලග තිබුනු බෙට්ශීට් එක යුගාන්ගේ කටේ එබුවා . අඩුම ගානේ යුගාන්ගේ තොලෙන් ලේ එන එක ගැන වත් තීනුට ගානක් උනේ නැහැ .

" තමුසෙ හොද නැහැ !! තමුසෙ මහ පකේ ලයින් දාන පකයෙක් !! "

තීනු මූණත් අමුතු කර ගෙන යුගාන් ගේ ඇගෙන් එහාට වෙලා ඇදේ කොනෙන් වාඩි වෙද්දි තීනු තමන්ගේ කටට ඔබපු බෙට්ශීට් එක අයින් කරපු යුගාන් තමන්ගේ යටි තොලත් ඇගිල්ලෙන් පිරි මැද මැද ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු උනා  

" යකෝ තීනු බබා යම් කිසි වැරැද්දක් සිද්ද උනා තමයි ඒත් මං අහන්නේ හතුරෙක්ට උනත් මෙහෙම ගහනවද ?? බලහන් මගේ තොලෙනුත් ලේ එනවා පුකත් රිදෙනවා ඇගත් රිදෙනවා ඇට දෙකත් නිකන් පණ නෑත් වගේ !! ඊට හපන් උබ දැන් සේරම හුත්තවල් කරලා වාඩි වෙලා ඉන්න හැටි බලපන් !! අම්මපා තීනු කෙලින්න හිතෙනවා උබේ මූණටම !! "

යුගාන් තීනු දිහා බලන් තීනු කරපු හපන් කම් ගැන කියද්දි තීනු නම් තමන්ට නෙමෙයි වගේ කකුල් දෙකත් වන වන හිටියා . යුගාන්ට වෙන එකෙක් එහෙම මේ වගේ අපරාදයක් කලා නම් යුගාන් මෙච්චර ඉවසන්නේ නැහැ ගහපු එකාව අඩි හයක් යට යවන්නේ නැතුව . ඒත් තීනු මොන දේ යුගාන්ට කිව්වත් කෙරුවත් තීනුට අතක් උස්සන්න තරම් යුගාන් නපුරු උනේ නැහැ . යුගාන් දිහා හොර ඇහැ දාලා බලපු තීනු හිමීට ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු උනේ යුගාන්ට ලං වෙන ගමන්

" මොකද බබා උබ දැන් මගෙ ලගට එන්නේ ආයේ කොහෙට හරි ඇනලා මාව මරන්නද ?? "

" වහපන් ගස් ගෙරියා කට !! "

තීනු යුගාන්ට ඇගිල්ල දික් කරලා කියද්දි යුගාන් තීනුගේ ඇගිල්ල හව් ගාලා හැපුවා .

" ආව්ව්ව් ආව්ව්ව් මොකද හුකන්නෝ හපන්නේ "

" හපලා මදි උබව හම ගහන්න ඕනේ මට දීපු ගින්දරට "

යුගාන් තීනුට රවලා කියද්දි තීනු යුගාන්ට ඇද කරලා අහක බලා ගත්තා .

" ඒක නෙමෙයි තමුසෙට රිදුනද ?? "

" අපෝ නැහැ මොනවා අහනවද මන්දා තීනු බබා උබත් !! හරි සනීපයි මට .. පොඩ්ඩක් මගේ ටී ශර්ට් එක ගැලෙව්වා නම් උබ දීපු පාරවල් වලට මුලු ඇගම රතු වෙලා තියෙන විදිහ බලන්න පුලුවන් "

යුගාන් තීනුට ඔරවද්දි තීනු තමන්ගේ මූණත් පුම්බ ගෙන යුගාන්ගේ මූණ එබුනා . යුගාන්ගේ යටි තොලෙන් තාමත් ලේ එනවා දැක්ක නිසාම තීනු තමන්ගේ ඇගිල්ලෙන් යුගාන්ගේ තොල් පිහි දාන්න හැදුවත් යුගාන් තීනුව තමන් ගෙන් ඈත් කලා .

" එහාට යනවා බොරුව දාන්නේ නැතුව !! ඔක්කෝම කරලා දැන් රෙද්දක් බලන්න එනවා "

" අනේ මේ රගන් නැතුව හිටපන් !! කෝ පෙන්නවා ඔය තොල "

යුගාන්ගේ මූණ තමන්ගේ පැත්තට හරවපු තීනු තමන්ගේ ඇගිල්ලෙන් යුගාන්ගේ යටි තොලෙන් එන ලේ පිහි දාද්දි යුගාන් තමන්ගේ ඇස් තද කර ගත්තේ තමන්ගේ තොල් වලින් දැවිල්ලක් දැනුනු නිසා . යුගාන්ගේ තොල් වල තිබුනු ලේ ටික පිහි දාපු තීනු යුගාන්ගේ තොල් මතින් ඉක්මන් හාදුවක් තවරද්දි තීනුගේ තොල් වල ස්පර්ශයත් එක්ක යුගාන් තමන්ගේ ඇස් ඉක්මනට විවර කලා .

" මොකද ඉඹින්නේ ලැජ්ජ නැද්ද තීනු බබා උබට "

" මගෙ ගස් ලබ්බව ඉඹින්න ලැජ්ජ වෙන්නේ මොන එහෙකටද ?? "

තීනු තමන්ගේ තොල් උල් කරලා කියද්දි තීනු ගේ මේ ඒස හැසිරීම දැකලා යුගාන්ට මහ අප්පිරියාවක් දැනුනා .

" ඇයි උබට මහ ලොකු තීර්ථ ඉන්නේ ඉඹ ගන්න "

" අයියෝ ඔයා තාම ඒක ගැනද හිතන්නේ ?? මං ඒක විහිලුවට අනේ කිව්වේ ?? අනික තීර්ථ දත් මදින්නෙත් නහැ එහෙම එකේ මං උගේ කට කයිද "

" උබව නම් මට විශ්වාස නැහැ බබා !! තෝ මෙතන පස් කාලා උගෙ කට කෑවේ නැහැ කිව්වත් මං විශ්වාස කරන්නේ නැහැ මොකද මං ඌ ගැනත් දන්නවා තෝ ගැනත් දන්නවා "

යුගාන් තීනු දිහාවට ඇගිල්ල දික් කරලා කියද්දි තීනු කට පියා ගත්තේ යුගාන් එක්ක වාද කරන්න ගියොත් තමන්ට ආයෙම යුගාන්ගේ හොම්බට අනින්න හිතෙන නිසා .

" දැන් තමුසෙ දිගටම මාත් එක්ක තරහ වෙලා ඉන්නද හදන්නේ ?? මාව එපාද උබට ?? "

තීනු යුගාන්ගේ මූණට එබිලා අහද්දි යුගාන් තමන්ගේ මූණ හරව හරව ගත්තේ තීනුට කිසිම පිලිතුරක් නොදී . තමන්ගේ මූණ පුම්බ ගත්තු තීනු යුගාන්ගේ බෙල්ලෙන් අත තියලා යුගාන්ව තමන්ගේ ලගට ඇදලා අරන් යුගාන් ඇස් දිහා කන්න වගේ බලන් හිටියා .

" තීනු බබා ඔහොම බලන්න එපා මට කක්කි බරයි වගේ "

තීනුගේ බැල්ම දරා ගන්න බැරුව යුගාන් එහෙම කියද්දි තමන්ගේ දිව හපා ගත්තු තීනු ටොන් ගාලා පාරක් යුගාන්ගේ ඔලුවට ගැහුවා .

" පලයන් පලයන් උබට ඕනේ නෑනේ මාව එහෙනම් මටත් ඕනේ නැහැ උබව !! "

හයියෙන්ම යුගාන්ට කෑ ගහපු තීනු ඇදෙන් නැගිටලා යුගාන්ගේ කාමරෙන් එලියට යන්න හදද්දි ඉක්මනින් ඇදෙන් පැන්න යුගාන් තීනුගේ අතින් අල්ලලා තීනුව බිත්තියට හේත්තු කලා . ඒත් තීනු යුගාන්ව තල්ලු කරලා යන්න හැදුවත් යුගාන් තීනුගේ ඇදුමින් අල්ලලා ආයෙම තීනුව බිත්තියට තද කලා .

" කොහෙද දැන් යන්න හදන්නේ ?? "

" තමුසෙට මාව එපා කිව්වනේ ඒක නිසා ඔලුව හැරුනු අතේ යන්න හැදුවේ "

" දැන් මං කොයි වෙලාවක වත් කිව්වද මට තමුසෙව එපා කියලා ම්ම් ?? "

යුගාන් තීනුගේ මූණට බර වෙලා තීනුගේ යටි තොල යාන්තමින් පිරිමදින ගමන් ඇහුවා .

" නොකියා කියන දේවල් මට තේරෙනවා "

තීනු ඔරවලා යුගාන්ට කියද්දි යුගාන් හිමින් සීරුවේ තීනුගේ පස්ස මිරිකුවා . යුගාන් තමන්ගේ පස්ස මිරික මිරික ඇහිබැමැත් නටවනවා දැක්කම ඔන්න ඒ පාර තීනුට තද උනා ..

" මේ මේ උබ හැමිනෙන්න එන්න එපා "

" මං තමුසෙ එක්ක හැමිනෙන්නේ නැතුව වෙන කාත් එක්ක හැමිනෙන්නද "

" අර එදා කැම්පසේ එකේදී උකුලු මුකුලු කර කර හිටිය කෙල්ල කෝ ඒකි එක්ක ගිහින් හැමිනියන් මෙතන මට වද දෙන්නේ නැතුව "

තීනු යුගාන්ට ගස්සලා කියද්දි යුගාන්ට තේරුනා තීනුට මෙච්චර තද වෙන්න වෙලා තියෙන්නේ මොකක්ද කියලා . යුගාන්ගේ තොල් අතර ඉබේටම සිනහවක් මැවෙද්දි යුගාන් තමන්ගේ තොල් වලින් තීනුගේ කම්මුලක් සිප ගත්තා .

" තමුසෙ දන්නවද ඒ කවුද කියලා "

" කවුරු උනත් මට මොකද "

යුගාන් සිප ගත්තු කම්මුල පිහිදාන ගමන් තීනු යුගාන්ට රැව්වා .

" එයා හස්නගේ යාලුවෙක් අනික එයා තමයි අපේ පාලිතගේ එකම දුව .. කෙල්ල හෙන නිවුනු කෙනෙක් නිසයි මං ඒකිට හැමදේම කරන්නේ .. නැතුව වෙන දෙයක් නැහැ "

යුගාන් කිව්ව දේවල් තීනු ඇහෙන්නේ නැහැ වගේ හිටියත් තීනු නම් හොදට ඒ දේවල් වලට කන් දුන්නා . පාලිතට තමන් කිව්ව දේවල් වලින් දැන් කොහොමත් පාලිත තමන්ගේ දුවව යුගාන් ගෙන් ඈත් කරලා තියෙන නිසා තීනු නම් හිටියේ හිත ඇතුලින් සතුටු වෙන ගමන් .

" ඉතිම් මං ඇහුවේ නෑනේ ඇයි මට ඒවා ගැන කියන්නේ ?? "

තීනු තමන්ගේ ඇසුත් රෝල් කරලා කියද්දි යුගාන් තීනුව ඇදලා අරන් තමන්ගේ පපුවට තද කර ගත්තා . හැබැයි යුගාන්ව එපා වගේ සීන් එකේ හිටපු තීනුත් මුකුත් නොකර බබා වගේ යුගාන්ගේ අස්සට වෙලා හිටියා .

" ඉරිසියා කරන එකෙත් සීමාවක් තියා ගන්නවා "

" ඉරිසියා කරන්න මට වෙන වැඩ නෑනේ අනික තමුසෙ මට ආදරේ නැහැ කියලා මං දැන් දන්නවා "

යුගාන්ගේ පපුව අස්සේ ඉදලම තීනු මුමුණද්දි ඔන්න ඒ පාර නම් යුගාන්ට ටිකක් විතර තරහ ගියා .

" ආදරෙයි යකෝ ආදරෙයි !! ඒ ආදරේ උබට කියන්න මට තේරෙන්නේ නැහැ ඕයි !! ඒත් මං උබට මගේ පණටත් වඩා ආදරෙයි !! දැනෙන තැන් වලට මං හරි ආදරෙයි තීනු !! උබයි මගේ දැනෙන තැන උබයි මගේ හැමදේම !! කොටින්ම උබෙන් තොර ලෝකයක් ගැන හිතන්න වත් බැහැ මට !!! හැබැයි උබ ආයේ ඔය වගේ කතාවක් කිව්වොත් ලෑස්ති වෙලා හිටපන් බදින්න කලින්ම ටුවර් එක යන්න " 

යුගාන් තීනුව තමන්ගේ පපුව තද කර ගෙන තීනුගේ හිස් මුදුනි  හාදුවක් තවරලා කියද්දි තීනු තමන්ගේ තොලුත් තද කර ගෙනම යුගාන්ගේ පපුවට තද උනා . යුගාන්ට කිසිම විදිහකින් පිලිතුරක් නොදී ඒ වෙනුවට යුගාන්ගේ කර වටින් තමන්ගේ අත් යවා ගෙන තීනු එහෙන්මම යුගාන්ගේ උණුහුමට ගුලි වෙලා හිටියා . යුගාන් උනත් තමන්ගේ නිකට තීනුගේ හිස් මුදුන මතින් තියන් තමන්ගේ ඇස් තදින් පියා ගත්තේ තීනුව තවත් තමන්ට නැඹුරු කර ගනිමින් ..









To be continue

_________________________________________

හලූ ලමයිනේ

සුබෝදෑසනක් වේවා

බාල්දි නැතුව පාලුයි නේද ඉන්නකෝ හොද බාල්දියක් අරන් එන්න මං

බාල්දි නැති ආදර කතා පරිප්පු නැති හෝටල් වගේලුනේ 😓

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

10.8K 332 56
Alexandra Amethyst Morin that's his name,but most prepare Sky Scotland,she's A coldhearted person,kapag nakita mo ang childish side nya siguradohin m...
16.7K 480 26
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
1.8K 244 7
දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ...