šŸ‘‘ šŸŒ·ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·ŠšŸŒ·šŸ‘‘ C...

By ChenQing4

43.2K 6.2K 3.7K

šŸŖ‚šŸŒ·šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦° FF/Non FF šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦°šŸŒ·šŸŖ‚ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..ą¶šą¶³ą·”ą·…ą·” ą¶‡ą¶ŗą·’ ą¶øą·™ą¶­ą¶»ą¶øą·Š.... ą¶…ą¶±ą·”ą¶±ą·Šą·ƒą¶­ą·” ą¶‹ą¶ŗą¶±ą¶š ą¶“ą·’ą¶“ą·“ ą¶”ą¶¶... More

šŸ‘‘ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..šŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 1 šŸŒŗšŸ‘‘
šŸŖ‚šŸŖ‚ Air balloon introduction šŸŖ‚šŸŖ‚
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 2 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 3 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 4 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 5 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 6 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 7 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 8 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 9 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 10 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 11 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 12 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 13 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 14 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 15 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 16 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 17 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 18 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 19 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 20 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 21 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 22 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 23 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 24 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 25 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 26 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 27 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 28 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 29 šŸ”ž šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 30 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 31 Bonus šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 32 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 33 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 34 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 35 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 37 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 38 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 39 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 40 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 41 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 42 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 43 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 44 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 45 ~ End ~ šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·...ą¶šą·’ą¶»ą·”ą·… spec 1 - 1 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·.. ą¶…ą·€ą·ƒą·ą¶±ą¶ŗ šŸŒŗšŸ‘‘

šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 36 šŸŒŗšŸ‘‘

686 121 52
By ChenQing4

"මුට්ටු...මුට්ටුවක් ගාන්න ඩදා..දූනිට මුට්ටුවක් ගාන්න..."

"ම්ම් මොට්ටු..." "මුට්ටු..."

"යෝ.. හ් හයිඑන් ගාන්න ඒයි..හයිඑන්.."

"බෑ බෑ දෝනිට රිදෙයි.."

"නෑ නෑ කෝ ඉන්න දූනි ගාන්න..."

"ආහ්හ...." "ආ...වු.."

"ඒකනෙ කිව්වේ රිදෙයි කියලා.."

"හි හි සුට්ටයිනේ..මගේ ඩදානේ..සිද්දෙව්වෙ දූනිට..ඒනිතා කමක් නෑ.."

"ඩඩා නිසා කමක් නෑද ම්ම්..."

"කමක් නෑ..නේ..මගේ නිතා තුට්ටක් සිද්දුවාට කමක් නෑ..තාති කියන්නේ ඒමනෙ.."

"දූනිගේ තාතිද ඒම කිව්වේ...එයාගෙ නිසා  තුට්ටක් සිද්දුවට කමක් නෑ කියලා.."

කෙනුල වෙනදාට වඩා ටිකක් කලින් වැඩ ඇරිලා ගෙදර අවා වෙද්දී වෙනදා මේ වෙලාවට දෝනි නිදි නිසා සද්ද බද්ද නැතිව
පුරුදු විදිහටම ළඟ තියෙන යතුරින් දොර ඇරගෙන ඇතුලට ආවා...ඒත් ඇතුලට එන ටිකට ඇහුණ පොඩි එකිගේ කටහඬත් අනික් කටහඬත් ඒ තප්පරෙන්ම අඳුනා ගත්ත කෙනුලගේ පපුව එක මොහොතකට නවතිද්දී   කෙනුල සාලේ කොණක ප්ලේ මැට් එක උඩ දිගා වෙලා ඉන්න ලෙවින් දිහායි ලෙවින්ගේ බඩ උඩ නැගගෙන මොට්ටු ගහනවා කියාගෙන පහලට නැමිලා ලෙවින්ගේ නළලට එයාගෙ නලලින් ගහලා අන්තිමේ දෙන්නටම රිද්දාගෙන කෝලම් කරන පොඩි හුරතලෙයි මහ හුරතලෙයි දිහා බයවෙලා බලන් හිටියා...ඒ බය පුදුමෙකට හැරිලා පපුව හිරකරන හැඟීමකටත් හැරිලා...සතුටක්,ලෝභකමක් ,එක්ක ආදරණිය හැඟීමකිනුත් පිරිලා ආපහු වෙනස් වෙලා යද්දි..කෙනුලගේ මූණේ කළාතුරකින් දකින්න බැරි උණ හරි ලස්සන හිනාවක් මොහොතකට ඇඳුනා..ඒත්  ආපහු  දැනුන පපුව රිද්දපු හැඟීමක්,වගේම හිතට ආපු බයක් එක්ක සුසුමක් හෙලෙද්දී සෙල්ලමේ උන්න ඩදාටයි දූණීටයි බාධා නොවෙන්න් සද්ද නැතිව හෙමින් සීරුවේ කෙලින්ම කුසියට ගියේ නඩු විසඳන්න රාණිව හොයාගෙන...

"අනේ...අනේ සර් මං.."

........

"මං..මං එතුළට ගත්තෙ නෑ..මං  නතර කරන්න හෙදුවා මාත්තියා...සුද්දා මාත්තයා එහුවේ නෑ..දූනිත් එඬුවා ඩඩා ඕනි කියලා.."

රාණි මේ තරම්වෙලා උන්නෙත් කෙනුලට දෙන්න උත්තර හොය හොය වෙද්දී හිටි ගමන් කෙනුලව දැකපු මොහොතෙම රාණි ගැස්සිලා යද්දි,ප්‍රස්න අහන්නත් කලින්ම රාණි කලබලෙන් හේතු දැක්කුවා..ලෙවින්ගේ හිතුවක්කාරකම් දන්න නිසා රාණි පිටම වැරැද්ද පටවන්න බැරි නිසා කෙනුලට සුසුමක් හෙළුණා..

"දැන්ද ආවෙ..බොන්න මොනා හරි දුන්නද.."

"උ..උදේ.ආවෙ...උදේ..මාත්තියා යද්දිම ආවෙ..උදේටත් කාලා..දවල්ටත් කාලා ඉන්නෙ..රෑ..රෑ කේමටත් ඉන්නවා කිව්වා..බොන්නත් දුන්නා මන්.."

......

"මා..මාත්තියා..මං මං කෝල් කරන්න හෙදුවා..සුදු මාත්තියා ක..කතා කරන්න දුන් නෑ...ධෝ .නි බලන්න ආවෙ කිව්වා.. ඒ ඒ මාත්තියා අපෙ මාත්තියාට ක..කතා කරන්නම් කිව්වා.."

රාණි අඩුපාඩුවක් නැතිව සලකපු හැටි කියන් යිද්දී , මේ දැන් තමන් එන වෙලාවට කිට්ටු කරලා එන්න ඇති කියලා හිතපු මනුස්සයා ඇවිත් තිබුණෙ උදේ කියලා ඇහෙද්දි...කෙනුල බලන් හිටියෙ බයවෙලා..ඊයේත් ඔෆිස් එකට ඇවිත් හොඳ කතා ටිකකුත් කියලා තර්ජනයක් නොවෙන තර්ජනෙකුත් කරන ගමන් තමන්ගෙ ඉදිරි වැඩ පිළිවෙල ගැන ඉඟි දිලා ගියත් කිරුළු ලෙවින් ගෙන් මේතරම් එඩිතරකමක් බලාපොරොත්තු උණේ නෑ...අනික් අතට කොයිතරම් ප්‍රතික්ෂේප කරා උණත් කෙනුල හොටෙල් එකට ගිය වෙළෙත්..ඔෆිස් එකේ උන්න පැය ගානෙත් මුළු දවසම ලෙවින්ගේ හෙවණැල්ලක්වත් දකින්න මඟ බලන් ඉඳලම හෙම්බත් වෙලා තමා ගෙදර ආවෙ...ඉතිං ඒ ඇවිත් තමන් බලපොරොත්තුවෙන් උන්න කෙනා දවසම ඉඳලා තියෙන්නේ එයාගේම ගෙදර එයාගෙ දෝනි එක්ක කියලා දැන ගත්තම කෙනුල ෂොක් උණා වගේ උණා..අනික් අතට මේ ගෙවුණ පැය ගාණ ඇතුලත පොඩි එකි කියන්න ඕනා නොකියන්න ඕනා දේවල් කොච්චර කියන්න ඇතිද කියලා හිතෙද්දී...කෙනුල බය උණා..ඒත් දැනටමත් වෙන්න ඔන හරිය වෙලා ඇති හිතන ගමන්, ලෙවින් මොනා කරාවිද කියන එක ගැන මීට වඩා සැලකිලිමත් නොවුණ එකට තමන්ටම දොස් කියා ගන්න ගමන් කෙනුල කාමරේට එන්න  ආවා...

කුසියට යන ටිකට හොරා වගේ මාරු උණත් කාමරේට යන්න ඕනා උනෙ ඩඩාලා දූලා ඉන්න තැනින් වෙද්දී කෙනුලට ඕනා උණත් ලෙවින්ව මඟ අරින්න බැරි උණා..වෙනදාට ආපු ගමන් ඇගේ එල්ලෙන්න එන පොඩි එකී නැති අඩුවත් අමුතු හැඟීමකින් පපුව හිරකරද්දි, එයාගේම ඩඩා අයිතිය නොදැන උණත් දැන් දැන් ළඟ ඉන්න නිසා දෝනිට එයාව තවත් ඕනා නැතිදො කියලා බයක් වගේම දුකක් හිත කොනිති ගහද්දී කිරුල කාමරේට යන්න ආවත්...ලෙවින්ගේ බඩ උඩම නින්ද ගිහිං උන්න පොඩි එකිවත්..ඒ ලොකු අත් අස්සෙ පොඩි එකිව හන්ඟාගෙන චූටි පස්සට තට්ටු දදා ඉන්න ලෙවින්වත්  දකිද්දී,හිත පිරුණු ආදරණිය හැඟීම නිසා ඒ හැඟීම් ඔක්කොම අතුරුදන් වෙලා යද්දි කෙනුලගේ මූණේ ලස්සන හිනාවක් ඇදුණා..

කෙනුලට ඒ හිනාව ලෙවින් දකින්න ඕනා නැති උණත් ඒ එක්කම ආපු ලෙවින්ගේ බැල්මට ඒ හිනාව අහුවෙද්දී ඒ මුනෙත් ලස්සන පිරුණු හිනාවක් ඇදෙද්දී ඉක්මනින් තමන්ගෙ හිනාව හංගා ගත්ත කෙනුල පොඩි එකිව ගන්න යන්න හැදුවත් ,උදේ ඉඳන් ඩඩා ආව නිසාම නින්දක් නොවුණ පොඩි එකී කියව කියවා ඉද්දීම නින්දට වැටුණත් තාම චූටි කටින් මොනාදො මුමුණ මුමුණ උන්නේ තද නින්දේ නොවෙද්දී,කෙල්ල ඇහරිනවට බයේ ලෙවින් සද්ද කරන්න එපා කියලා තොල් හොලවන ගමන් කෙනුලට වොෂ් දාන් එන්න කියලත් කිව්වෙ පොඩි එකිව පපුවෙන් ඈත් කරන්න ඒ හිත අස්සෙත් ලෝබ කමක් පිරිලා තියෙද්දියි...

කාමරේට ආපු කෙනුල හිතට දැනුණ නොසන්සුන්කම යන්නත් එක්ක අත් දෙකෙන්ම කොණ්ඩේ ඇද ගන්න ගමන් කාමරේ පුරා වට දෙක තුනක් එහෙට මෙහෙට කැරකුනා...මොහොතකට එක තැන නතරවෙලා ඉනට අත් දෙක තියන් ඇස් පියාගෙන ඔළුව උඩට හරවන් හොඳ හුස්මකින් පපුව පුරවා ගත්තා... ඒත් හිතට දැනෙන නොසන්සුන්කම පහ නොවෙද්දී ආයි පුක කැඩිච්ච කඩියා වගේ එහෙට මෙහෙට දුවන ගමන්ම , මේ අපහසුව ගේන්නෙ ඇඳගෙන උන්න ඇඳුම් නිසා වගේ ඇඳුම් එක්කත් කේන්ති අරන්,ෂර්ට් එක වගේම බැනියමත් බෙල්ට් එකත්  ගලවලා හතර අතේ විසිකරා..එහෙම්ම කාමරේ පුරා කැරකුණ පිම්ම ඇඳ අයිනෙ තිබුණ සයිඩ් ටේබල් එක ළඟින් නතරවෙද්දී ඒ උඩ තිබුණ ලෙවින්ගෙයි එයාගෙයි ෆොටෝ එක අතට අරන් පපුවට තුරුළු කර ගත්තෙ පුදුමාකාර ලෝබ කමකින් වෙද්දී මේ තරම් වෙලා හෙව්වත් නොදැනුණ සැනසීම කෙනුලට ඒ ෆොටෝ එකෙන් ලැබුණා  වගේ  දැණෙද්දී... බිත්තියෙන් එහා පැත්තෙ උන්න ලෙවින්ව තුරුලු කරන් සිපගන්න බැරි කමට ෆොටෝ එකේ උන්න ලෙවින්ගෙ රූපේ පුරා තොල් තද කරා...

මේ ෆොටෝ එක කෙනුල ජර්මනි යන්න කිට්ටු දවසක එයාව මතක තියාගන්න ලෙවින්ගෙන් කිරුළුට ලැබුණ තෑග්ගක්..එයාලා වෙළේ ගෙදර මංකඩ ළඟ මයිල ගහ යට බංකුවේ වාඩි වෙලා ඉඳගෙන එකට එක රාමුවක ගත්ත එයාලගෙ මුල්ම ෆොටෝ එක ලොකු කරලා රාමු කරලා කෙනුලව පුදුම වගේම සතුටු කරන ගමන් ලැබුණ තෑග්ගක්..කෙනුලට ඒ ෆොටෝ එක කොච්චර වටිනවාද කියන්නේ..කලබලේට ආය ලංකාවට එන්න උණාමත් කෙනුල ඒ පොටෝ එක එයා එක්ක අරන් එන්න අමතක කරේ නෑ...එතනින් එහා නොහිතපු විදිහට වෙනස් උන ජීවිතේ දෝනි වෙනුවෙන් වෙන් උණත් ,ලෙවින්ට රහසක් උණ කෙනුළගේ අලුත් ජීවිතේ දුක සතුට වේදනාව ඔක්කොම අහගෙන බලාගෙන ඉඳපු හිනාවෙන් වගේම කතාවෙන් මතක පුරවපු මේ ෆොටෝ එකටත් කෙනුල  අලුතින් ගොඩ නඟපු ජීවිතේ විශේස තැනක් හිමි උණා..ඒ ෆොටෝ එකෙන්ම ධෝනි එයා කවදාවත් නොදුටු එයාගෙ ඩඩාව..එයාගෙ තාත්තිගේ ජීවිතේ වටිනම කෙනාව අදුණා ගත්තා..

එදා ලෙවින් මුලින්ම ගෙදර ආපු දවසෙ පොඩි එකි මේ ෆොටෝ එක තුරුලු කරන් ඇවිත්, එදා ඒ ඇවිත් උන්නේ එයාගෙ කාමරේ තියෙන ෆොටෝ එකේ එයාගෙ තාත්ති එක්ක ඉන්න එයාගෙ ඩැඩාමයි කියන එක තහවුරු කරන්න හදපු හැටිත් අන්තිමේ තමන්ගෙන් බැනුණුත් අහලා අද ලෙවින්ගේ පපුවේ වැටිලා ඉන්නවා වගේ එදා තමන්ගෙ පපුවේ වැටිලා අඩ අඩා නිදා ගත්ත හැටිත් කෙනුලට මතක් උණා...එදා ඒ මොහොතේ මේ වගේ ලෙවින් ආපහු එයාගෙ ජීවිතේට වගේම කෙල්ලගේ ජීවිතේටත් මැදිහත් වෙන්න එයි කියලා බලාපොරොත්තු නොවුණත්, අද පොඩි එකි ලෙවින් ළඟ ඉද්දී දුක් වෙන්නද සතුටු වෙන්නදවත් කෙනුලට හිතාගන්න බැරි උණා...ඊටත් වඩා මේ හැමදේකම නොපැහැදිලි අවසානේ ගැන හිතද්දීත් කෙනුලට ඒ හැමෝගෙම අනාගතේ ගැන බයක් දැනුණා..ඒ බය පොඩි එකිවත් අරන් ආපහු ලෙවින් ගෙන් නොපෙනෙන දුරකට යන්න කෙනුලගේ හිතට බලකරා..ඒත් හංගන් උන්නත් ලෙවින්ව ඉල්ලලා අඩා වැටෙන එයාගෙ හිත...ලෙවින් දැක්ක දවසෙ ඉඳන් පොඩි එකිගේ මූණේ තිබුණ සතුට වගේම...ලෙවින්ගෙ වචන කිරුළුව තාමත් එක තැන රඳවා ගත්තා..

"මහන්.සිද ..ම්ම්.."

"ද්.. ධෝ.. නි කෝ.."

එදා හැංගුවා වගේම අදත් කිරුළුට ඕනා උණා තාමත් ලෙවින්ගේ ෆොටෝ එකක් ඇද  ලඟ තියාගෙන,උදේ හවස ඒ දිහා බල බල.. තාමත් ඒ මතක එක්ක ජීවත් වෙන බව ලෙවින් ගෙන් හංගන්න..ඉතිං අහම්බෙන් හරි  ලෙවින් කාමරේට ඔළුව දැම්මොත් ඇහැ නොගැටෙන්න හිතන් කිරුළු ෆොටො එක සයිඩ් ටේබල් එක උඩ මූණින් අතට තියලා හොඳ හුස්මක් අරන් අනික් පැත්ත හැරෙන්න ගියත් ඒ එක්කම ආපු ඒ ලොකු අත් කෙනුලගේ නිරුවත් ඉන වටේ එක තප්පරෙන් එතුණා වෙද්දී ඒ ස්පර්ශෙට හිතින් ගතින් දෙකෙන්ම ගැස්සුණත්, ලෙවින්ගේ ප්‍රස්නෙට ආපිට ප්‍රස්නෙකින්ම ප්‍රතිචාර දැක්කුවා...

"රාණි.. අරන්.. ගියා..අනික්.. රූම් ..එකේ ඇඳෙන්.. තියන්නම් කිව්වා.."

........

ලෙවින්ගේ උත්තරේට ප්‍රති උත්තර දෙන්න වගේම ලෙවින්ගෙන් මිදිලා එහාට වෙන්න කිරුළුට උවමනා උණත්, නැවතිල්ලේ කියපු වචන අතරෙ කිරුළගේ නිරුවත් උරහිස පුරා වගේම බෙල්ල පාමුලට සුසුම් රස්නෙ දිදි දැනෙන නොදැනෙන ගාණට තද උණ තොල්..බෙල්ට් එක අයින් කරලා බොත්තමුත් පන්නලා තිබුණ කලිසම් දාරෙට පහලින් බොක්සර් එකට උඩින්ම ඒ යටිබඩ පුරාමත් , නිරුවත් පපුව පුරාමත් හෙමින් සිරුවේ එහෙ මෙහෙ යන ඒ ලොකු අත් කිරුළුව නතර  කරන ගමන් මෝහනේ කරා වගේ ඒ පහසට තව ඇද ගත්තා...ඈත් වෙන්න ඕනා කියන සිතුවිල්ලටත් ඔච්චම් කරන ගමන් ලෙවින්ව නවත්වන්න හිතන් ඒ ලොකු අත් උඩින් නතර උණ අත්, කෙනුලටත් හොරෙන්ම ලෙවින්ගේ අත් උඩින් මිරිකෙන ගමන් බය නැතිව තව ඉස්සරහට යන්න ලෙවින්ගේ අත් වලට පාර කිය කියාම උත්තේජනත් සැපෙව්වා...

"ම්ම්..හ්..ආහ්..ඒ..එපා සර්...අ.. අතාරින්න..මාව..."

"ඔය ඉතිං...ඒක ආයි...එපා නෙමෙ...එපා...හ්...ඉතිං...කොහොමද නවතින්නේ මං...ඉල්ල ඉල්ල එපා කියද්දී... නවතින්න..බෑනෙ...ඉතිං..."

"අ.. අනේ..හ්..ඒ..එපා හ් දෙවියනේ..."

"මොකෝ ම්ම්..බයද...ඔයාගෙ..වයි..ෆ්..ඇවිත්.. මාව එළවයි කියලාද කියන්නේ...ම්ම්..එයාගෙ අයිතිය පෙන්නලා...මාව එළවන්න එයි කියලා  බය..ද..."

"ස්..සර්..ම්ම්..හ්..."

"ඒ..හෙම කෙනෙක්..ඉන්නවා..නම්..මං මෙහෙම එයි..කියලා හිතනවාද..බබා..."

"...ඕ..ඔයා...!!"

"ම්ම්..ඔයා නොකි..ව්වට..හං..ගන්න හැදුවාට...මං හොයා ගත්තා බබා...මං දන්නවා...එයා නෑ කියන්න...මේ ගෙදර නෙමෙ..මේ ලෝ..කෙවත් නෑ කියන්න දන්නවා..ඒක වේදනාවක් උණත්...අපෙ දෝනිට..ජීවිතේ දීලා..දෝනිව... ඔයාට දීලා එයා ගියා කියන්න මං දන්නවා..."

........

ලෙවින්ගේ අත් කෙනුල වටේ කිටි කිටියේ තද නොවුණත් , ඒ දීපු අමුතු පහේ ස්පර්ශෙ නිසා
මිදෙන්න ඕනෑ වුණත් මිදෙන්න හයියක් නැති කෙනුලගෙ පිට තව ටිකක් ලෙවින්ගේ පපුවට තද වෙද්දී ඒ ඔළුවත් නොදැනිම පස්සට බරවෙලා ලෙවින්ගේ උරහිසක් හොයන් ගිහිං තියෙද්දී ,දැනෙන පහසට උන් හිටි තැන් අමතක උණ, හිත.. ගත..නිසාම දැනටමත් හිර උණ වචන.. ඒ උගුර අස්සෙම තව තව හිර උණා..ඒත් ඉලඟට ලෙවින් කියපු දේ එක්ක , එක  මොහොතකට ආත්මේම පිස්සු වට්ටන්න දඟලන හැඟීම් යටපත් වෙලා ආපහු කෙනුළගේ හිත බයකින් අවිනිශ්චිත බවකින් පිරුණා..

අනික් අතට හොස්පිට්ල් ඇඳක් උඩ සිහියක් පතක් නැතිව වැටිලා, මැෂින් වල පිහිටෙන්  අමාරුවෙන් හුස්ම අල්ල අල්ලා මාරයත් එක්ක ඔට්ටු උණ සිහළිව මතක් වෙද්දී මේ මොහොතෙත් කෙනුළගේ පපුව වේදනා දුන්නා..මුළු දවසක් ගෙදර හිටියට පස්සෙ ලෙවින් කොහොමත් , තමන් හිතා මතා හංගන්න හදපු සිහලිගේ...ඒ නැති නම් තමන්ගෙ වයිෆ්ගේ...දරුවාගෙ අම්මගෙ මරණෙ ගැන රාණිගෙන් හරි පොඩි එකිගෙන්ම හරි දැනගන්න ඇති කියලා හිතූවත් , ලෙවින් ඒ දේවල් කලින්ම දැනගෙන ආවා කියද්දි..හංගන්න හැදුවත් කියන වචන බර කරලා කියද්දි නම් කෙනුල තව බය උණා..ඒ වගේ ලෙවින් තව මොනා හොයාගෙනද හොයා ගනිද..ඒ එක්කම මේ තරම් කල් නිහඬව උන්න හතුරු පාර්ශවේ ආපහු එළි බැස්සොත්..ඒ අස්සෙ දරුවෙකුත් බඩේ තියන් ඉන්න ලියා නිසාත් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්කම තියෙද්දි මේ වතාවේ මොන විනාසයක් වෙයිද...කියලා හිතද්දිත් කෙනුල බය උණා..

"කියන්න එපා...මේ ලෝකෙ නැති උනාට...ඔය හිතේ...ඉන්නවා කියලා නම් කියන්න එපා බබා...එහෙම නෑ..කියන්න...මේ දැන්..මේ මට තුරුලු වෙලා ඉන්න..ඔයාම තමා..හොඳම සාක්ෂිය.. ඔයා අනික්..හැමදේම.. මගෙන් හැන්ඟුවත්..ඔයාට...ඔයාව...ඔයාගෙ හැඟීම්.. මගෙන් හංගන්න බෑ කිරුළු.."

.......

එයාගේ හිත අස්සෙ පෙරළි කරන්න ගත්ත සිතුවිලි එක්ක අතරමං වෙලා උන්න කිරුළු දන්නෙත් නැතිවම ලෙවින් එයාව අනික් පැත්ත හරවන් තිබුණා වෙද්දී , තමන්ගෙ කම්මුලක නැවතුණ ඒ අතට බර දීලා ඔළුවත්  ඇලකරගෙන කිරුළු ඒ වචන වලටත් වඩා ඒ නිල් ඇස් වලින් කියන කතාවට ඇහුම්කන් දෙන්න උත්සාහ කරා...

"ඇත්තටම එයා..මොන හේතුවක් නිසා හරි..මොන විදිහකින් හරි...ඔයා ඔයාව දුන්න ඒ කෙල්ල...දෝනිගෙ අම්මා අද හිටියා නම්...මං හිත හදන් ආපහු හැරෙන්න තිබුණා බබා..ඒත් දැන්..හැමදේම නැති උණා කියලා ඉද්දී...හැමදේම ඉවරේටම ඉවරයි කියලා හිතන් ඉද්දී....අහම්බ්බෙන් ලැබුණ අවස්ථාව.. මං මඟ ඇර ගනී කියලා හිතනවාද කිරුළු...නෑ...කීයටවත්... මේ වතාවේ නෑ..ඔයා මොනා හැන්ඟුවත්..කොයි තරම් මගෙන් ඈතට දුවන්න හැදුවත්..මේ ඇස්... මේ ගැහෙන පපුව මට පාර කියයි කිරුළු...වැරදුණ තැන් හරි ගස්සන්න පාර කියයි...ආයිමත්...ඔයා මගේ විතරක් වේවි...මගේ..විතරක්...දැන්...මේ කිරුළු වගේම...ඩදා කියාගෙන මගේ පස්සෙන් එල්ලීගෙන එන ඒ කිරුළුත්... මගේ විතරක්ම වෙයි...මගේ හැමදේම වෙයි...හැමදාම.."

ඒ නිල් ඇස් අස්සෙ කියවුණ විස්වාසේ කිරුළු දැක්කා ඕනෑවාටත් වඩා...කවදාටත් වඩා...ඒත් අහන්න හයියක් නොවුනට , කියන්න හයියක් නොවුනට...මෙතනින් එහා ලෙවින් එක්ක ආපහු එක මඟකට වැටෙන එක්ක වළක්වන්න ඕනවාටත් වඩා ප්‍රස්න වගේම හේතු  කිරුළුට තිබුණා...අහන්න ඕනා උණා...ඔය කියන අයිතිය...හැමදාම හිමි ලෙවින්ටම විතරක්මද කියලා..අහන්න ඕනා උණා...මගේ ලෙවින්.. මගේ සුදු මහත්තයා..මගේ දෝනිගෙ ඩඩා විතරක්ම වෙන්න බැරිද කියලා..කිරුළුගේම විතරයි කියලා කියන්න දවසක් කවදාවත් එන්නෙ නැති වෙයිද කියලා අහන්න ඕනා උණා...ලියා මිස්ගෙ නම ලිය උණ කසාද සහතිකේ ඉස්සරහා තමන්ට වගේම පොඩි එකීටත් ලැබෙන්නේ මොන වගේ තැනක්ද කියලා අහන්න ඕනා උණා...තේරීමක් කරන්න උනොත්..මේ වතාවේ එයා තෝර ගන්නෙ ලියා මිස්වයි ඒ එන්න ඉන්න දරුවයිද ,  උපන් දවසේ ඉඳන් ලේ බැදීමකින් බැදුණ අම්මා තාත්තාගෙ හෙවණැල්ලක්වත් දකින්නෙ නැතිව හැදුන පොඩි එකිවයි.ආදරෙන් සෙනෙහසෙන් විතරක් අම්මා තාත්තා දෙන්නම වෙලා පොඩි එකී ළඟ උන්න තමන්වයිද කියලා කෙනුලට කෑ ගහලා අහන්න ඕනා උණා..තමන් වෙනුවෙන් අයිතියක් ඕනා නොවුණත්...පොඩි එකී වෙනුවෙන් ඒ අයිතිය ගැන ප්‍රස්න කරන්න ඕනා උණා...

ඔක්කොටමත් පස්සෙ වතාවක් එයාලගෙ ඉරණම ලියපු මිනිස්සුන්ගේ කතාව ලෙවින්ට කියන්නත් ඒ මිනිස්සුන්ගෙන් බේරා ගන්න කියන්නත් ඕනා උණා...ඔය ඔක්කොම නැතත්...අර මුලින් හිතට ආපු ප්‍රස්න වලින් එකම එකක් හරි ඇහුවා නං මේ හැමදේම මෙතනම විසඳෙන්න තිබුණා...ඒත් බලාපොරොත්තු බිදෙනවාට තිබුණ බය නිසා වගේම හැමදේම හරිගස්සනකං  බලන් ඉඳලා ඉඳලා එක වතාවක් ලෙවින් ගැන තිබුණ විස්වාසේ බිදුණ නිසාමදෝ...ලෙවින් හැමදාම බය උණ තත්වේට, එයාගෙ මමා උන්න තත්වේටම කිරුලුත් පත් වෙලා තිබුණ නිසාදෝ හිතේ ප්‍රස්න වචන නොකර හිත අස්සේම හංගා ගත්ත කිරුළුගෙ ඇසුත්, ඒ ඇස් කියන කතාවත් හංගන්න හිතන්දො බිමට බරවෙලා තිබුණා...

"මාව විස්වාස නැද්ද..බබා...වචන ඉස්සර කර නොගෙන..නොදැනිම බලාපොරොත්තු දීලා...හැමදේම හරිගස්සන්නම් කියලා මොකුත් කරගන්න බැරි උණ නිසා..මන් එක්ක තරහින්ද මගේ කිරුළු...විස්වාස නැද්ද දැන් මාව...මං.. මං..හැමදේම...හරි ගැස්සුවා කිරුළු...උඹ..උඹ නොදන්නවාට...මං...හැමදේම හරි ගැස්සුවා...ඒත්..ඒ..ත් මං බය උණා වගේම..මට උඹව මඟ ඇරුණා දෙවියනේ...හැමදේම හරි ගස්සලා ආපහු හැරෙද්දී...මට උඹව හොයා ගන්න බැරි උණා බන්..ම.ට..මන්...මහ අසාර්ථ..."

අන්තිම වෙද්දී ලෙවින්ගේ වචන බිඳිලා යද්දි මේ තරම් වෙලා බිම බලන් උන්න කිරුළු ඔළුව ඉස්සුවේ කලබලෙන් වෙද්දී ලෙවින්ගේ වචන එළියට එන්න නොදී කිරුළුගේ අතක් ඇවිත් ලෙවින්ගේ තොල් උඩින් නවතිද්දී  එතනින් එහා කියන්න එපා කියන්න වගේ කිරුළු කඳුලු පිරුණ ඇස් වලින් ඒ නිල් ඇස් දිහා බලන් දෙපැත්තට ඔළුව හෙලෙව්වා...මොහොතක් බලන් උන්න ලෙවින් හා කියලා අඟවන්නත් ඔළුව හොලවන ගමන්ම තමන්ගේ මුව මතින් නැවතුණ කිරුළුගේ අත ඒ අතක පටලන් ඒ ඇස් දිහා බලන්ම අත පුරා සිපුම් තියන්න ගද්දී...අල්ලෙන්  පටන් අරන් අත දිගේ නිවී හැන්හිල්ලෙ ආපු ලෙවින් බෙල්ල පාමුල නැවතුණ මොහොතකට පස්සෙ කලබලෙන් තව උඩට ඇවිත් කිරුළුගේ තොල් අල්ල ගද්දී තත්ව ප්‍රස්න ඔක්කොම මොහොතකට අමතක වෙලා අවුරුදු වලින්ම ගනින්න පුළුවන් කාලෙකට පස්සෙ තොල් වලින් පටන් අරන් ආත්මේ ගැඹුරටම දැනුණ හාදූවකට කොන්දේසි..සීමා මායීම් නැතිවම කිරුලුත් හවුල් වෙලා හිටියා...

තොල් විතරක් නෙමෙ අත් ඇගිලි පවා කාලෙකට පස්සෙ මුණගැහුන...හැමදාම බලාපොරොත්තුවෙන් ඉඳලා..හිටි හැටියේ හමු උණ මිතුරෙකුගේ සුවදුක් අහනවා වගේ නොයිවසිලිමත් වෙද්දී ලෙවින්ගේ දිග අත් හිස් මුදුනෙන් පටන් අරන් කිරුළගේ තට්ටම් දක්වා අත දිග සීමාව වෙනකංම හාදුව අස්සේම තවත් පාරක් හොයන ගමන් උන්නා..කිරුළු උන්නෙත් මේ දැනෙන පහස අස්සේ...හැමදාම හීනෙන් පවා විඳින්න ඕනා උණ පහස ඉස්සරහා අතරමං වෙලා වෙද්දි ඒ අතකුත් ලෙවින්ගේ ටිෂර්ට් එක අස්සෙන් ගිහිං නොසන්සුන් කමින් මොනාදෝ හොයන්න අරන් තිබුණා...

"..අද..රෑ මෙහෙ..හ්..ඉන්න..ම්ම්.."

මේ ලෝකේ ගැන සිහියක් නැතිව උන්න මොහොතකට පස්සෙ එයාලත් නොදැනිම ඉන පල්ලෙ යන්තමින් එල්ලි එල්ලී තිබුණ කිරුළුගේ ඔෆිස් ට්‍රවුසර් එකත් කකුල් දිගේ බිම වැටුණ මොහොතක තවත් වෙලාවකට දුර යන්න වෙලාව වගේම අවසර ඉල්ලන්න හාදුව එක තප්පරෙකට නතර කරපු ලෙවින් කිරුළුට අපහසුවක් නොවෙන්න ඕනා නිසාම අවසර ඉල්ලුවා...ඒත් මේ වතාවෙත් ලෙවින් ක්‍රියාත්මක වෙලා තිබුණෙ වැරදි මොහොතක වැරදි විදිහට වෙද්දි කිරුළු එක මොහොතකට උන්න සුරංගනා ලෝකෙන් එළියට ඇවිත්,සිහි එලවා ගන්න ගත්ත  නිහඬ මොහොතකට පස්සෙ කලබලෙන් ලෙවින් ගෙන් ඈත් උණ..

"....ම්ම්..ම..මගෙන්...ඈ..ත් වෙලා ඉන්න...!!"

"කිරුළු..."

"ඔයාට ප්‍රස්නයක් නැති උණාට... කසාද බැඳපු මනුස්සයෙක් එක්ක පැටලිලා දුර දිග යන එකේ මට ප්‍රස්නයක් තියෙනවා සර්..!! මගෙ ගෑනි උන්නත් නැතත් ඒක එච්චරයි...ප්ලිස් මගේ අසරණකමින් ප්‍රයොජන අරන් මාව පොලඹවා ගන්න හදන්න එපා...කාගෙවත් ඔන එපාකම් ඉස්ට කරන්න ඇඳට ගොඩවෙන  බඩුවක් වෙන්න ඕනා නෑ මට...!!"

"...උ..උඹට..මං...!!!"

ලෙවින්ගේ මේ උත්සාහේ මෙතනම නතර කරන්න කිරුළුගේ යටි හිත නරකම විදිහෙ වචන කටින් එළියට දාද්දී කිරුළු බලාපොරොත්තු උනාටත් වඩා ලෙවින්ට රිදුණා..කිරුළුගෙ හිතේ හැබැ හැඟීම් කොහොම උණත් මේ පෙන්නන්න හදන මවා පෑම ඉස්සරහා ලෙවින්ට පුදුම තරම් කේන්ති ගියා...ඒ නිල් ඇස් රතු වෙද්දී ඒ ලොකු අතක් කිරුළුගේ කම්මුල් දෙපැත්තෙ කිටි කිටියේ තද උණත් මහ පරාජිත කමකින් වගේ ආපිටට ඒ සැනින්ම පහලට වැටුණා...

"..ළමයා එක්ක ඕනා දෙයක්...ඕනා වෙලාවක් ඉන්න...කෙල්ල සතුටින් සැනසීමෙන්...ඉන්න තාක්....මට කමක් නෑ...මගෙන් බාධාවක් නෑ....හැබැයි ඔයාගෙ මේ හිතුවක්කාරකම් නිසා මගේ කෙල්ලට කිසිම ප්‍රස්නයක් වෙන්න බෑ.. වැදගත්ම දේ..මගෙන් ඈත් වෙලා ඉන්න....ළංවෙන්න ඉඩ දෙන්නේ දරුවට මිසක් මට නෙමෙ...!!"

ලෙවින්ගේ අත ආපිට පහලට වැටෙද්දී ඒ එක්කම වැටුණ කඳුළකුත් හංගන්න ලෙවින් කිරුළුට පිටුපාලා හිට ගත්තා උණත් ඒ හැරෙන පමාවට කිරුළු ඒ කඳුල දැක්කා...ඒ ඉස්සරහා ගැස්සුණත් කිරුළු කියන්න ඕනා ටික එළියට දැම්මා...ඒ ටික කියාගන්න පුළුවන් උණ එක ගැන කිරුළු සැනසුම් සුසුමක් හෙළද්දී කිරුළු අනික් පැත්ත ගහපු ෆොටෝ එක ආයි හිටවලා එතන තිබුණ දෝනිගෙ පුංචි ෆොටෝ ප්‍රේම් එකත් අර ෆොටෝ එකේ මැදට වෙන්න හිටවපු ලෙවින් මහ බරට සුසුමක් හෙළන ගමන් එතනින් පිට උණා...

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/03/01

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

වස්තුලා....පරක්කු උණාට සමාවෙන්න...🥺🤧

මාව හිරවෙලා වගේ..ගිය සතියම ඔට්ටු වෙලා මේ ටික ලියා ගත්තෙ...🤧🤧

අඩුපාඩුවත් බලන්න නෑ...එහෙම්ම දැම්මා... සමාවෙන්න.....අඩු පාඩු තිබුණොත්...😔

ඊලඟ එකෙන් මේ ප්‍රස්න ගොඩක් විසඳන්නම්....

හෙට තව එකක් දෙන්න උපරිම ට්‍රයි කරන්නම්...

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං.. ආදරෙන් එහා පෙනිච්ච චන්ඩ මාරයක්.. ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්..
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං..
මුසා බස් ගොතා කියන්න කාරනා නැතත්..
හීන මානයෙන් මිදෙන්න ඕනි නෑ තවත්.. ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

Continue Reading

You'll Also Like

2.2M 115K 64
ā†³ ā [ INSANITY ] āž ā” yandere alastor x fem! reader ā”• šˆš§ š°š”š¢šœš”, (y/n) dies and for some strange reason, reincarnates as a ...
588K 13.2K 40
In wich a one night stand turns out to be a lot more than that.
2.2K 450 7
"ą¶øą¶ø ą¶øą·ą¶»ą·™ą¶± ą¶šą¶½ą·Š ą¶”ą¶ŗą·ą·€ ą·ƒą¶­ą·”ą¶§ą·’ą¶±ą·Š ą¶­ą·’ą¶ŗą¶±ą·€ą· ą·€ą·ƒą·Šą¶­ą·”ą·€..." ą¶…ą¶“ą·’ ą¶†ą¶Æą¶»ą·š ą¶šą¶»ą¶± ą¶…ą¶ŗ ą¶¢ą·“ą·€ą¶­ą·Š ą·€ą·”ą¶±ą¶­ą·Š ą¶øą·ą¶»ą·”ą¶«ą¶­ą·Š ą·„ą·ą¶øą¶Æą·ą¶ø ą¶…ą¶“ą·š ą·„ą¶Æą·€ą¶­ą·š ą¶‰ą¶Æą·“ą·€ą·’...
39.4K 625 12
y/n goes to a new school ,she lives with her best friend Sabrina. she's not like others girls so she's not really into popular guys ,but once oikawa...