The Sunset

By Aztharaa

3.3K 554 33

හැන්දෑ අහස දිහා බලාගෙන ඉන්න එක හරියට භාවනාවක් වගේ.තැබිලි පාටට ලා රෝස පාටට ඈත සිතිජය වෙනකන්ම ලස්සන රූප මවලා... More

01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස (අවසාන කොටස)

16 කොටස

94 21 0
By Aztharaa

මන් හිටියේ ගෙදරට යන පාරේ . ගේට්ටුවෙන් එක පාරම තාත්තා මතු වෙද්දී මන් ගැස්සුනා.

කවුද ඒ???
තාත්තා ඇහුවේ අන කරන්න වගේ.

ක...ක... කවුද ??
මට ගොත ගැහුනා.

උබ ආවේ කාත් එක්කද කියලා ඇහුවේ??? දැන් ඇවිත් car එකකින් බැස්සේ... ඒ කවුද ??

ඒ.. මේ... යාලුවෙක් තාත්තේ...

මොන? කොහේ යාලුවෙක්ද?

මගේ කටේ කෙල හිදුනා.

මේ.. මේ... මේ ලග. අපේ ක්ලාස් එකටමයි එන්නේ. එයාව එක්කන් යන්න ඇවිත් තිබ්බා. ඒ ගමන් මාවත් දාගෙන ගියා.

තමුසෙට අර ඉතාලි ඉන්න විජිතගේ කොලුවෝ දෙන්නා ඇරුනහම වෙන යාලුවෝ ඉන්නවා කියලා මන් දැනන් හිටියේ නෑනේ.

ආ.. මේ ක්ලාස් එන යාලුවෙක් තාත්තේ.... ලගදි හම්බෙච්ච. ක්ලාස් එකේ එකට ඉන්නේ..

හා... හා.... නොදන්න මිනිස්සු එක්ක වාහන වල නැගලා එන්න ඕනේ නෑ. තමුසෙට බස් එකේ එන්න බැරි නම් taxi එකක් දාගෙන එනවා. මන් සල්ලී දෙන්නම්.

ඒ අපේ තාත්තාගේ හැටි. හැමදේකටම සල්ලී ඉස්සර කරගන්නවා. මට කියන්නත් හිතුනා, ඉතින් තාත්තා මාව එක්කන් යන්න එන්නකෝ කියලා. ඒත් මන් දන්නවා ඒක ජීවිතේට වෙන්නේ නෑ කියලා . අපි පොඩි කාලෙත් මට රෑ වෙලා ඉවර වෙන පන්ති වලටත් අම්මා threewheel අරන් ඇවිත් අපිව එක්කන් ඇවිත් තියෙනවා , අච්චර තාත්තා ගෙදර සැපට ඉද්දි .

තාත්තා එහෙම කියලා ගෙට ගියා. මාත් ඒ එක්කම ගේ ඇතුලට ගිහින් කාමරේ දොර වහගත්තා. මගේ heart එක ගැහෙනවා අම්බානකට. කොහොමහරි shape වුනා.

ඊලග ඉරිදා මන් ක්ලාස් ගිහින් ඉක්මනට ආවා. අද අහස් අයියා දිගටම මෙහේ ඉන්න එනවා. මන් beach එකට යන්නේ නැතුව කෙලින්ම ගියේ අමිදු අයියාලගේ දිහා. අපි ඊයේ එහෙම කරමු කියලා කතා වෙලා හිටියේ. මන් යද්දීත් අහස් අයියා ඇවිත්.

අපි ඔක්කොම අහස් අයියා ඉන්න කාමරේට වෙලා කතා කර කර හිටියා.

ටිකකින් අරුන් අයියා ගෙදර යන්න ගියා.
අමිදු අයියායි, දුමිදු මල්ලී දෙන්නත් පල්ලෙහාට ගියා.
මටත් යන්න ඕනේ... ඊයේ වුන ප්‍රශ්නය හින්දා මටත් කලින් ගෙදර යන්න ඕනේ වුනා.
මන් යන්න නැගිටිද්දිම අහස් අයියා මගේ අතින් අල්ලා ගත්තා.

තිලින....

ම්......
මාත් බැලුවේ පුදුමෙන් වගේ.

දැන්ම යන්න ඕනෙද??

ඔව් අයියේ.... දන්නවනේ තාත්තාත් ගෙදර ඉන්නවා.

හම්....
ඒ මූන මැලවිලා ගියේ බලන් ඉද්දිම .

මට පාලුයි වගේ. මෙහෙම වෙන තැනක නිදාගන්න පලවෙනි පාර මේ.... නැන්දලාගේ ගෙදර හිටියත් ඒක මගේ ගෙදර වගේනේ... තිලිනත් ගියහම මට පාලුයි.

මට හරිම දුක හිතුනා. පොඩි ලමයෙක් අම්මට යන්න එපා කියනවා වගේ.

මන් හෙට එන්නම්කෝ අයියේ....
මන් එහෙම කිව්වේ එයාගේ අත මගේ අතින් පිරිමදින ගමන්.

ආ.... තිලින....
මේ මගේ අලුත් නම්බර් එක . මගේ කලින් phone එක අප්පච්චි ගත්තානේ. මන් අලුත් එකක් ගත්තා. ඔයා ඕනේ වෙලාවක මට කතා කරන්න. හරිද??

හරි.... අයියාත් එහෙමයි. මොනවහරි ප්‍රශ්නයක්නම් මට කතා කරන්න .
එහෙනම් මන් යන්නම් අයියේ... හෙට එන්නම්කෝ...

මන් එහෙම කියලා ගෙදර එන්න ආවා.

















See yaaa guyzzz!!!!!
Bye Bye :)

Continue Reading

You'll Also Like

1.9K 207 11
ප්‍රේම ගීතය වැයූ වයිරයේ වීනාව
2.4K 265 6
University එක කියන්නේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කාලයක්.🎁.. ඒක විඳින්න පුළුවන් තැනක්❤️... ප්‍රශ්න, දුක, සතුට හැම දෙයක්ම ලැබෙන එ හැම දෙය...
32.9K 6.2K 25
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්...
6.5K 712 21
" උඹ මොකද්ද දැන් කියන්නෙ ආආ හොඳම යාළුවා වෙච්ච නිසාද උඹ මට මෙහෙම කරන්නෙ ?? " " මේ අහපන් බන්, ප්ලීස් මාව පොඩ්ඩක් තේරුම්ගන්න බලපන්. " _______________...