දඬු මොණරු

By yuchi91

41.2K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 5

950 133 27
By yuchi91

කොණ්ඩ කුරුල්ලා පුදුම අහංකාරයි, අනිත් කොල්ලො ටික නැවතිලා මාමා එක්ක කතා කරද්දි මේකා යන්තම් මාමා එක්ක හිනා වෙලා මටත් ඔරවලා ඉස්සර වෙලා යන්න ගියා.කොණ්ඩෙ උඩට කරලා බැඳගෙන බැට් එකත් කරේ තියාගෙන දහයකට ගහන්න වගේ මේකා තනියම යන්න යද්දි මම කරේ ඒකා යන දිහා බලාගෙන හිටිය එක. හොඳ වෙලාවට අද මේකා දඬු මොණර පිටේ නොයා පයින් යන්නෙ.ටිකකින් කතාව නවත්තලා කට්ටිය දෙපැත්තට විසිරුණා.

චූටි මාමා අපි එක්ක ආවේ පොඩි කඩයක් ළඟට.

"මද්දු අයියෙ.... මෙන්න අපේ අක්කගෙ කොල්ලො දෙන්නව එක්ක ආවා මං"

චූටි මාමා කියද්දි කඩේ ඇතුලේ හිටපු කෙනෙක් එළියට ආවා.

"මට ඒ ගැන හාන්කවිසියක් වත් මතක් උනේ නෑනෙ චුට්ටන්, කොල්ලො දෙන්න කවද්ද ඇවිත් තියෙන්නේ"

"දැන් දවස් තුන හතරක් වගේ බං අය්යේ"

"හා හා ඔහොම්ම යමුකො එහෙනම් ගෙට"

මද්දු මාමා එහෙම කියාගෙන ගියේ කඩේ පිටි පස්සෙ තිබ්බ ගෙට. චූටි මාමගෙ ගෙදරට වඩා නම් හොඳට හදපු ගෙයක්.

"කුසුමේ.... පොඩ්ඩක් මෙහෙට ආවා නම්"

මද්දු මාමා එයාගෙ නැන්දට කතා කරද්දී එයත් ගේ ඇතුලේ ඉඳන් සාලෙට ආවා. ඒ එක්කම දොර රෙද්ද පිටි පස්සෙ ඉඳන් එබිකම් කරන් හිටපු කෙල්ලෝ දෙන්නෙක් මං බැලුවා විතරයි ගෙට පැන ගත්ත. අනේ මුන්ගේ මළ විකාර.අක්කලද , නංගිලාද දන්නෙත් නෑ. කවුරු උනත් මට මොකද, අර චූටි බටු ඇටේට විතරයි මං නම් ආදරේ.

"ආ චුට්ටන්,.....මේ කව්ද"

"මේ අපේ නංගිගෙ කොල්ලො දෙන්න කුසුමෙ"

"අනේ මේ ඒ දෙන්නද, හරි සීදේවි කොල්ලො දෙන්න ඒයි"

නැන්දා අපේ ළඟට ඇවිත් ඔළුව අත ගාලා කතා කරා. මාමලා දෙන්නයි නැන්දයි අපි එක්ක අම්ම ගැන එහෙම විස්තර කතා කර කර හිටියා, මාමල දැනගෙන හිටියේ නැහැලු අම්ම ඉන්නෙ කොහෙද කියලා, සීයල දැනන් හිටියත් එයාලා කාටවත් කියල නෑ, අම්මගෙ මරණෙ ගැනත් මාමලට කියල තියෙන්නේ අවසන් කටයුතු වලට ගිහින් ආවට පස්සෙලු. ඒ උනාට ලොකු මාමයි, ලොකු නැන්දයි ඒ ගැන දැනන් ඉදලා. ඒත් මට හිතුනේ උවමනාවක් තිබ්බ නම් එයාලට අම්මා ඉන්න තැන හොයා ගන්න තිබ්බා කියලා.

"දැන් ඉතින් දෙන්නම සඳුදා ඉඳන් මෙහෙ ඉස්කෝලෙද"

"ඔව් මාමේ"

"ම්ම්ම්.... මානවී,අනගි.... කෝ මේ කෙල්ලෝ දෙන්න "

මද්දු මාමා කතා කරද්දි එකා පස්සේ එකා කෙල්ලෝ දෙන්නෙක් සාලෙට ආවා, හැබැයි බිම බලන්. පුදුම ලැජ්ජාවක් මුන්ට තියෙන්නේ, ඒ ඇඹරෙන ඇඹරිල්ල දැකලා මගේ එක වකුගඩ්ඩකුත් ඇබරිලා ගියා.

"මේ ඉන්නෙ උබලගෙ නැන්දගෙ කොල්ලො දෙන්න, සඳුදා ඉඳන් ගමේ ඉස්කෝලෙට යන්නෙ, ඉස්කෝලෙදි පොඩ්ඩක් හොයලා බලන්න ඕන හරිද"

"හරි අප්පච්චි"

එහෙම කියලා උන් දෙන්න ආයෙත් පෝලිමට ගෙට ගියත් මට ඇස් කොනෙන් පෙනුන දොර රෙද්දෙන් එබිලා සැරින් සැරේ හොරෙන් බලනවා. මං ඉන්න තැනට විතරයි එතන හොඳට පෙනුණෙ. අනේ මන්දා මුන්ට කොල්ලෙක් පේන්න බෑනේ. මං දන්නවා මම ලස්සනයි කියලා. එහෙමයි කියල සැරින් සැරේ එබිලා බලන්න ඕන නෑනේ. ඒ උනාට මාමලා ඉස්සරහ හැසිරුණේ පූස් පැටව් දෙන්නෙක් වගේ. හොර පූසියෝ දෙන්න....

චූටි මාමගෙ ගෙදරින් බත් කාලා, මද්දු මාමගෙ ගෙදරින් තේ බීලා අපි ආයෙත් එද්දී හවස් වෙලා.ආච්චි අම්මලගේ ගෙදර ඉඳන් ඒ ගෙවල් දෙකටම මහ ලොකු දුරක් නැති නිසා හොඳයි. ඒ උනත් චූටි මාමා අපිව ගේ ළඟටම ගෙනත් ඇරළලා තමයි ගියේ.

අපි එද්දී ඔළු බක්ක ඉන්නවා මිදුලෙ හදල  තිබ්බ සිමෙන්ති බංකුවක ඉදගෙන. එයා කෙලින්ම බැලුවේ මගේ ඇස් දිහා, ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම ඔරවලා අහක බලා ගත්ත. ඒක මේ ගම්වල කොල්ලන්ගේ හැටි කියල හිත හදාගෙන මං ඔන්න ඔහේ ගෙට ගියා. වැල්ලේදි නම් ඔහොම කවුරු හරි මට එරෙව්ව නම් වලියක් දාගෙන තමයි නවතින්නේ. ඒ උනාට ඉතින් මේ ගමේ දකින දකින එකා මට ඔරවද්දි කී දෙනෙක් එක්ක කියල පැටලෙන්න යන්නද, දකින දකින එකා කිව්වට තාම දෙන්නයි හැබැයි.

"කෝ රස්තියාදු ගහන්න ගිය උන් දෙන්න ආවද, අපි ඉන්න හිටින්න දීලා කන්න බොන්න දුන්නට වැඩක් නෑ, දැන් මුන්ටත් ඒ නැන්දලා මාමලා ලොකු ඇති"

මල්ලි නාගෙන එනකම් සාලෙට වෙලා ඉඳන් හිටිය මට ඇහුනේ ලොකු නැන්දගෙ කට, ඔය බනින්නේ අපිට. අනිත් නැන්දලා මාමලා අපිට ආදරේ කරයි කියල උන්දැට තරහ ඇති. ඔය දුෂ්ට කම් තමයි අර ඔළු බක්කටත් ගිහින් ඇත්තේ, හැබැයි ඉතින් ඒකා ලොකු මාමා වගේ වත් නැන්දා වගේ වත් නෙවෙයි.හැඩරුව ටිකක් වත් සමාන නෑ.ඌ ලස්සනයි. මට එරෙව්වත් ඉතින් ඇත්ත කියන්න එපැයි.

°
°
°

ඊයේ හවස දැක්කට පස්සෙ ඔළු බක්කව තාම දැක්කෙත් නෑ,ගේ ඇතුලෙයි, මිදුලෙයි
එහෙ මෙහෙ යනවා ඇරෙන්න මට වෙන වැඩක් තිබ්බෙත් නෑ, කොල්ලො ටිකක් පිරිවරාගෙන වැල්ල පුරා කරක් ගහපු එකානේ දෙයියනේ මේ එක තැනකට වෙලා ඉන්නේ, මල්ලිත් එයාගෙ පාඩුවේ ඉතුරු පොත් වලට පිට කවර දානවා. මට යන්න තැනක් ඇත්තෙත් නෑ, යාලුවෙක් වත් නෑ.මට එක පාරටම මතක් උනේ චවිකයව, මොනව උනත් ඌ හොඳ කොල්ලෙක් කියල හිතෙනවා, මගේ ලොකු කම් පැත්තකින් තියලා ඌව යාලුවෙක් කර ගන්නත් හිතෙනවා.....

කල්පනා කර කරම මං දන්නෙම නැතුව වත්ත පල්ලෙහට ඇවිත්.සුද්ද බුද්ද කරලා නැති නිසා ඒක තනිකරම ලදු කැලයක්, ඒත් පොඩි අඩි පාරක් තිබ්බ. අඩි පාර යන්නෙ කොහේටද කියල බලන්න තිබ්බ කුතුහලේ නිසාම දිගටම ඇවිදන් ගියපු මගේ කකුල් දෙක නතර උනේ දොළ පාරක් ළග. ඒ හරිය නම් ලදු කැළයක් නෙවෙයි, ඊට වඩා ලොකු කැළයක්. ගස් අස්සෙන් චෛත්‍යයක කොතක් පේද්දී පන්සල තියෙන්නෙත් මේ ලඟ කියල මං හොයා ගත්තා.

එක එක ජාතියේ ගස් වගේම ලොකුම ලොකු වැල් වලින් දොළ පාර දෙපැත්ත වහගෙන තියෙද්දී මං ටිකක් ඉස්සරහට ඇවිදන් ගියා. ඉස්සරහට යද්දි මට හම්බ උනේ හිතුවෙ වත් නැති තැනක්. ඒක දොළ පාරෙන්ම හැදුණු ලොකු පොකුණක්.එතන පළල දොලේ අනිත් තැන් වලට වඩා හතර පස් ගුණයක් ලොකුයි....

මං මුලින්ම දාගෙන හිටපු බාට කෑලි දෙක ගලවලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ යටි පතුල විතරක් තෙමෙන විදියට එක කකුලක් වතුර උඩින් තිබ්බා.අයිස් වගේ වතුර. ඇයි ඉතින් ඉර එළියක් වත් වැටෙන්නේ නෑනෙ. කොච්චර සීතල උනත් මං පසු බහිනවද නෑනෙ. ටී ශර්ට් එක ගලවලා දොළ පාර අයිනෙ තිබ්බ පොඩි පදුරක් උඩින් වනල මං හෙමින් හෙමින් වතුරට බැස්සා. මුල හරියේ අඩිය පේන තරම් වතුර පැහැදිලි උනාට ටිකක් එහාට වෙන්න අදුරුයි, ඒ හරිය ගැඹුරු නිසයි ඒ. මහ මුහුදෙ සෙල්ලම් දාපු මට මේ වතුර වල ලුණු පොල් කට්ටක් වගේ, ඒ සැලෙන්නේ නැතුව එහාටම පීනගෙන ගියා. එතකොටයි මං දැක්කේ ඒ මැද තිබ්බ කළු ගලට එහා පැත්තෙන් හැංගිලා තියෙන තවත් වතුර වලක්. කළු ගලක් කිව්වට ඒක ගල් තලාවක්. ඒ නිසාම අර වතුර වල පේන්නේ ඒ හරියට පීනගෙන ආවොත් විතරයි. ඒක හරිම නිදහස් තැනක්. මං එතනට පීනන් ගිහින් ටිකක් වෙලා ඔහේ එහෙට මෙහෙට වෙවී හිටියා. ඒත් ඉතින් සීතලක් එක්ක බඩ ගින්නක් එද්දී ආයෙත් ගොඩට ඇවිත් ටී ශර්ට් එක ඇදන් තෙත පිටින්ම ගෙදරට ගියේ මල්ලිත් තනියම නිසා. මට දැන් නම් හොඳටම ෂුවර් මං අර පොකුණට නිතරම යයි කියල.....

ගෙදරට ඇවිත් නාගෙනම ගෙට යද්දි මේසෙ උඩ බත් පිඟන් දෙකක් වහල තිබ්බ. සෝම නැන්දා කෑම ගෙනත් දීලා. ඒ උනාට මල්ලි කාලා නෑනෙ තාම.

"කොහෙද අයියෙ ගියේ මං හැම තැනම හොයනවා"

"වත්ත පහළ හිටියෙ බං මට කම්මැලි, ඇයි කෑවේ නැත්තේ"

"ඔයා එනකන් හිටියෙ"

"කමු එහෙනම්"



ටිකක් හවස් වෙද්දී වැස්සක් වැටෙන්න ගත්තේ අපිව ගේ අස්සට කොටු කරලා. ගෙයි තැනින් තැන තෙමෙද්දි කර ගන්න දෙයක් නැතුව අපි දෙන්න බලා හිටියා. හොඳ වෙලාවට ඇදන්, පොත් මේස තිබ්බ තැන් තෙමුනේ නැත්තේ.

"අර රිලව් උළු කැට බිදල වෙන්න ඇති අය්යේ, මොනව උනත් ආච්චි අම්මල උන්ව එලවන එක සාධාරණයි"

ඒක නම් ඇත්ත. අපි වැල්ලෙදි දකින ඇදුම් ඇදන්, බෙල්ලට දම් වැලක් දාගෙන නෑගම් යන හැටි පෙන්නන රිලා හාමිලා වගේ නෙවෙයි ගම් වල ඉන්න රිලා රංචු.

"මොනව කරන්නද මල්ලි ඉතින්, අපිට වහල හදන්න බැහැනේ.ඔන්න ඔහේ ඉමු "

හවස පටන් ගත්ත වැස්ස ඉවර උනේ පහුවදා උදේ.මල්ලිගෙ සුදු ඇදුම ගේන්න යන්නත් ඕන. ඒ ගමන් මගේ පරණ කලිසමක ඉණ දෙපැත්ත ගහල දෙන්න කියලා ඒ මාමට කියන්න ඕන. මල්ලි එකම කලිසම සතියක් අදින්නේ කොහොමද.

"දැන් ටවුන් එකට යන්න දන්නවද අය්යේ, මමත් එන්නද"

"මට මතකයි මන් ගිහින් අරන් එන්නම්"

"ම්ම්ම්, අය්යේ අපිට කුඩ ඕන වෙයි නේද, මං අහලා තියෙනවා මෙහෙට නිතරම වැස්ස කියල"

"අම්මගෙ කුඩේ මං ළග තියෙනවා, ඔයාට අලුතින් එකක් ගමු"

ටවුන් එකට එදා ගිය නිසා ටේලර් ශොප් එක තියෙන තැන මතකයිනේ, ඒ නිසා තනියම ගිහින් එන්න පුළුවන්. මල්ලි කිව්ව වගේ කුඩයක් ගන්න ඕන.මෙහෙට හැම තිස්සෙම වැස්ස.

"මීනුවෝ, කෝ බං අයියා, ටවුන් එකට ගියේ නෑ නේද තාම"

මං කාමරේ තිබ්බ චූටි කන්නාඩි කෑල්ලෙන් බල බල කොණ්ඩෙ හද හද හිටියෙ, හෙට ඉස්කෝලෙ යන්න නම් මේක කපන්නත් වෙනවා. මල්ලි නම් මෙහෙ එන්න කලින් කොණ්ඩෙ කපා ගත්තනෙ.කොන්ඩෙත් අතින් හද හද මං එළියට ආවේ මල්ලි එක්ක කතා කරන්නේ කව්ද බලන්න.

"චවී අය්යේ කොහේ යන ගමන්ද මේ"

"කොහේ යන ගමන්ද අහන්නේ බං උඹේ යුනිෆෝම් එක ගන්න යන්නෙ නැද්ද"

"අයියා යන්න හදන්නේ"

"ආ මේ ඉන්නෙ.යමු යමු මමත් ආවා ඔන්න තනියමද බං යන්න හැදුවෙ, උබලට තාම මෙහෙ පුරුදුත් නෑනෙ"

"මට මතකයි, ඒ නිසා තනියම යන්න හැදුවෙ "

"ඒක කමක් නෑ, පණ්ඩිත නොවී ඉඳපන්. මීනුවෝ එහෙනම් ගෙදරට වෙලා පරිස්සමින් ඉඳපන් පුතේ හොඳේ අපි එනකන් "

"දැන් මුගේ අයියා උබද මමද"

"කවුරු උනත් මොකද බං දෙන්නම අය්යලානෙ,යමන් යමන් අද වෙලේ මැච් එකකුත් තියේ. ඒකටත් යන්න ඕන ඇවිත්"

මූ යකෝ.....ඔයා මෙයා ගගා හිටපු එකා නේද මේ මගේ කරේ නගින්න එන්නේ.

"යමන් බං නැලවෙන්න වෙලාවක් නෑ"

"කොහෙද යකෝ මාව ඇදන් යන්නෙ මට එන්න පුළුවන් "

ඒ යකා මගේ අතින් ඇදන් ඉස්සරවෙලා යද්දි මාවත් ඒ පස්සෙන් ඇදිල ගියා. එක පාරටම දෙන්නම බ්‍රේක් පාරක් ගැහුවා අපේ ඉස්සරහ හිටගෙන ඉන්න එකා දැකලා, ඔළු බක්කා....

"ආ සුදු අය්යේ, නිවාඩුවට ආවද, අපි මේ ටවුන් එකට ගිහින් එන්න කියලා, ගිහින් එන්නම් ඈ"

ඒකා කෝච්චිය වගේ කියවගෙන ගිහින් මාවත් ඇදගෙන ආයෙත් යන්න ගියා. ඔළු බක්ක නම් හිනාවක් වත් නැතුව රවන් හිටියා.චවික ගෙ අතේ පැටලිලා තිබ්බ මගේ අත දිහා බලලා ආයෙත් මගේ දිහා බලලා හොඳටම රැව්වා. මුන්ට මොනව වෙලාද කියලා දන්නෙ දෙයියෝ තමයි.

"අත අතෑරපා... න් යකෝ, මිනිහ ගෑණිව ඇදන් යනවා වගේ"

ඒ ගමන චවිකය අතින් කට වහන් හිනා වෙලා අත අතෑරියා. හයියෝ දෙයියනේ දැන් ඉතින් මෙහෙන් යනකම් මට ඉන්න වෙන්නේ මුන් එක්කනේ.

"මේ බං මැච් එකට එනවද"

"බලමු"

"මොනව බලන්නද වරෙන් වරෙන්, අද නම් හවස් වෙනකම්ම සෙල්ලම තියෙයි, අපේ අයියගේ සෙට් එකත් අද වෙලට බහිනවා"

"හාන්නද "

"අඩෝ උබ නම් මගේ එකා බං, මටත් ඔය අම්බරුවෝ සෙට් එක පේන්න බෑ. යශ් අයියයි, පිවිතුරු අයියයි විතරයි ටිකක් හරි සෙට් "

වෙල ලං වෙද්දිම පොඩි උන්ගෙ කෑ ගැහිල්ල ඇහුනා.පාර අයිනෙ තිබ්බ ගහක් හෙවනේ බයික් ටිකක් නවත්තලා තියෙද්දී එතන ඉන්න කොල්ලො ටික අතරින් මගේ ඇස් වලට අහු උනේ කොණ්ඩ කුරුල්ලා. බයික් එකේ අනිත් පැත්තට ඉදගෙන බයික් එක උඩ නිදාගෙන හිටියත් මගේ ඇස් දෙකට මුලින්ම පෙනුණෙ එයාව.

"ආ චවියා සුදු හූරත් එක්ක කොහෙද මේ මංගච්චන්නේ"

"අඩෝ මෙන්න මූට සිංහලත් තේරෙනවා. මේ බලපන්කො ඔරවන ලස්සන"

"චවික මල්ලේ මූට කියපන් අලුතින් ගමට ඇවිත් අපිට රෙස්පට් පෙන්නන්න එපා කියලා "

"ඔළු බක්කට වඩා හපන් වගේ "

අපි දෙන්නව දැක්ක ගමන් පාර අයිනෙ හිටපු රස්තියාදු නඩේ සම්පූර්ණ අවධානය වැටුණේ අපිට, හැබැයි කොණ්ඩ කුරුල්ලා හැර. ඒකා තාම ඇස් දෙක ඇරලා ඔළුව උස්සලා අපි දිහා බැලුවේ නෑනෙ. සුදු හූරා කිව්ව ගමන්ම මට තරහ ගිය නිසා රවල අහක බලා ගත්ත වැල්ලේ ඉද්දි නම් මට කිසිම එකෙක් වචනයක් වත් කිව්වෙ නෑ. එහෙව් එකේ මේ ගම් බයියන්ට බය වෙන්න ඕනයැ. අනික චූටි මාමා එක්ක ඉද්දී මුන් ඊයේ මුකුත් කිව්වේ නෑ, ඒකට අද.උන් ටික එක දිගට මට වචන වලින් දමලා ගහද්දි මං දැක්ක කොණ්ඩ කුරුල්ලා හෙමින් ඇස් ඇරලා ඔළුව උස්සලා අපි දිහා බලනවා, හැබැයි ඒ ගමන්ම ආයෙත් මට ඔරවලා ඒකගෙ සුපුරුදු නින්දට වැටුනා.

"අයියෝ මේ කසුන් අයියෙ නිකන් බොරුවට රණ්ඩු දා ගන්නෙ නැතුව ඉන්න. පාඩුවේ යද්දි එක එක නම් කියද්දි කාටත් තරහ යනවනෙ. අපිට පරක්කු වෙනවා අපි යනවා "

චවික ආයෙත් මාවත් ඇදන් එතනින් යන්න යද්දි කොණ්ඩය ඉන්න තැන පහු කරා විතරයි ඒකා ඇස් පියාගෙනම අපිට කතා කරා.

"ඒයි ඇටි කිච්ච ඔහොම ඉඳපන්, මොකද උඹේ ඔච්චර ඝනකම"

"කව්ද යශ් අයියෙ ඇටි කිච්ච"

"උබ නෙවෙයි මූ"

ඒකා චවික නෙවෙයි කියලා මාව පෙන්නද්දි මට තරහ ගියා.

"මට නමක් තියෙනවා, නේත්‍ර.. නේත්‍ර... මගේ නම නේත්‍ර "

එහෙම කියාගෙන මං චවියවත් දාලා ඉස්සරහට ඇවිදන් ආවේ අරුන් ටික මොනවද මන්දා කියද්දි. සමහර විට මට බනිනවා ඇති, අනේ මට මොකද ඉතින් මට පාන්ද.

"උබ ඕවා ගණන් ගන්න එපා බං, ටික දවසක් යනකම් උන් ඔහොම තමයි"

"අනෙ.... ඕකුන්ව ගණන් ගන්නේ කව්ද"

"ආයේ යශ් අයියව හම්බ උනාම මං කියන්නම් උබට මුකුත් කියන්න එපා කියලා "

අනේ මහ ලොකු යශ්, මට ඌ එක්ක මාර තරහයි. මොකද මගේ හිත යටින් එයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ.මං දන්නෙ නෑ එයාව දැක්කම මට මාවත් අමතක වෙලා යනවා වගේ. මගේ අවධානය යන්නේම එයා ලඟට. අද එයා මට අර වගේ කතා කරාම දුකක් දැනුනා......

ටේලර් ශොප් එකෙන් මල්ලිගෙ සුදු ඇදුම අරන් මං යද්දි අරන් ගිය කලිසමත් දෙපැත්තෙන් හදා ගත්ත. මල්ලිට කළු පාට කුඩේකුත් අරන් ආයෙත් එන්න ආවේ චවියා සුපුරුදු පරිදි කඩචෝරු මල්ලක් පොදි බැඳ ගද්දි. මුගේ තරමේ හැටියට නෙවෙයි කෑම.

අද ගමනින් පස්සෙ මං චවික එක්ක කලින්ටත් වඩා ෆිට් උනා. හෙට යන අලුත් ඉස්කෝලෙ මේ වගේ යාලුවෙක් ඉන්න එකත් හොඳයි , අනිත් එක තමයි මං එන්න කියන්නෙත් නැතුව අද එයා මගේ තනියට ආවා. තව මං වෙනුවෙන් අර කොල්ලො එක්ක කතා කරත් එක්ක. ඌට තිබ්බ උන් ටික ගමේ උන් මං පිට එකා කියල පාඩුවේ ඉන්න, ඒත් ඌ මන් වෙනුවෙන් කතා කරානේ. එහෙම කෙනෙක්, එහෙම යාලුවෙක් නොසලකා හරින්න හොඳ නෑ කියන පාඩම මං ඉගෙන ගත්තේ වැල්ලෙදි........

අපි එද්දී අර මහ උන් ටිකත් පොඩි උන් එක්ක වෙලට බැහැලා, හාන්න ගැලපෙන අම්බරු සෙට් එක ක්‍රිකට් ගහනවා. අපි එනවා දැකලා සෙල්ලම මඟින් නවත්තලා විසිල් ගහන්නයි, එක එක සද්ද දාන්නයි පටන් ගත්තා. උන් චවියට මුකුත් කියන්නේ නෑ, ඔය හැමදේම මට. උන්ගේ සද්ද බද්ද නැවතුනේ බයික් එකක් ඇවිල්ලා අපි ළගින් නැවැත්තුවට පස්සෙ.

"තමුසෙ දැන්ද එන්නේ, සෙල්ලම් කරන්න එනව නම් ගෙදර ගිහින් අම්මට කියල එනවා, මට බෑ තමුසෙ නිසා බැනුම් අහ ගන්න"

"හරි හරි මං ගෙදර ගිහින් තමයි එන්නේ කොහොමත්"

"මෙයාද ලොකු සීයලා ගෙදරට ආවා කිව්වේ "

"ම්ම්ම් ඔව් මේ නේත්‍ර, මේ අපේ අයියා නේත්‍ර"

ඒ අයියා මාත් එක්ක හිනා වෙද්දි මමත් හිනා උනා. එයා එහෙමම අනිත් බයික් ටික ළඟට ගිහින් බයික් එක නවත්තලා වෙලේ ඉන්න සෙට් එකට එකතු වෙද්දි මගේ ඇස් දෙක මටත් හොරෙන් ගියේ කොණ්ඩ කුරුල්ලව හොයාගෙන. ඒකා මෙච්චර වෙලා අපේ පැත්ත බලන් ඉදලා මං බලනවා දැක්ක ගමන් අහක බලා ගත්ත.



ගෙදර ආව ගමන්ම මල්ලි අලුත් ඇදුම හෝදලා නිල් දාලා වේලෙන්න දැම්ම, ගෙයි පිළි කන්නේ තියෙන රෙදි වැලට හොඳට අව්ව වැටෙන නිසා ඇදුම ඉක්මනට වේලගන්න පුළුවන් වෙයි, අම්ම ඉද්දී එයා තමයි අපේ සුදු ඇදුම් හෝදලා නිල් දාලා මැදලා එහෙම දෙන්නේ.ඒ නිසාම ඇදුම් කණ පාට නොවී හරි ලස්සනට තිබ්බ, මට ඒක මතක් උනේ ඊයේ මල්ලි අපි දෙන්නගෙම සුදු ඇදුම් ටික ආයෙත් හෝදලා නිල් දාලා වේලෙන්න දාපු එක මතක් වෙලා.මං ඔහේ රස්තියාදු ගැහුවට මල්ලි ගෙදර ඉඳන් අම්මගෙන් පිළිවෙලට වැඩක් කරන හැටි ඉගෙන ගත්ත......

චවික ක්‍රිකට් සෙල්ලම් කරන්න එන්න කිව්වත් මං ගියේ නෑ.මොකද මං ගියා නම් අරුන් මට පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ. අර කොණ්ඩ කුරුල්ලත් උන්ට එකතු උනානෙ. ආයේ අහු උනොත් ඔය කොණ්ඩෙ බෙල්ල මුලින්ම කපලා දානවා.යශ් ලු නම,මට මතක් උනේ රඝු අයියලාගේ ගෙදරදී බලපු KGF ටැමිල් ෆිල්ම් එක.ඒකේ නළුවත් යශ්නෙ, හැබැයි ඉතින් ඒ වගේ රැවුලක් නම් මේ ගම් බට්ටට නෑ. නෑ කියන්නේ රැවුල චුට්ටක් වත් නෑ. හොඳටම කපලා. ඒ මූණට නම් රැවුලක් ඕනත් නෑ නපුරු පාට බේරෙනවා. තව රැවුලක් වවා ගත්ත නම් අහල පහල පොඩි උන් බය කරවලා බත් කවා ගන්න තිබ්බා.මට මැවිලා පේනවා ඒකා රැවුල වවන් පාරේ යද්දි අම්මලා අන්න පුතේ ගෝනි බිල්ල කියල ඌව පෙන්න පෙන්න ළමයි බය කරවලා බත් කවනවා......

"අය්යේ"

ගෙයි පිටි පස්සෙ දොරකඩ ඉදගෙන කල්පනා ලොව මල් වනේ කොණ්ඩ කුරුල්ලෙක් එක්ක පියාඹන ගමන් හිටිය මාව තටු ගැලවිලා බිමට වැටුණේ මල්ලි කතා කරන සද්දෙට, එයත් ඇවිත් මං ළගින් ඉඳ ගත්ත. මොකක් හරි ලොකු කතාවක් කියන්න වගේ.

"යුනිෆෝම් ටික මැද ගන්නෙ කොහොමද"

"එහා පැත්තෙන් අයන් එකක් ඉල්ල ගමු"

"දෙයිද"

"සෝම නැන්දට කියමු එයා ගෙනත් දෙයි"

"අපි නිසා එයත් බැනුම් අහනවා, මතකනේ සබන් කෑල්ලක් ඉල්ල ගන්න ගිහින්"

අපිට නාන්න රෙදි සෝදන්න සබන් කෑල්ලක් ඉල්ලන්න ගියාම සෝම නැන්දා අපිට සබන් කෑල්ලක් දුන්න, ලොකු නැන්දා ඒක දැකලා අනම් මනන් කිව්ව. අද ටවුන් ගිය වෙලේ මං සබන් දත් බෙහෙත් වගේ අපිට ඕන කරන පොඩි දේවල් ටිකක් අරන් ආවෙත් ඒකයි. ඉස්සරහට නම් අතේ කීයක් වත් නැතුව අපිට මෙහෙ ඉන්න අමාරු වෙයි.ඒකට මොනව කරන්නද කියල හිතා ගන්නත් බෑ.චවික එක්ක තව ටිකක් ෆිට් උනාම උගෙන් අහන්න ඕන මොකක් හරි පොඩි රස්සාවක් ගැන. මේ ගමේ අහල පහල මට කරන්න පුළුවන් මොකක්ම හරි රස්සාවක් ඇතිනෙ.

"මොකද කරන්නේ ඉතින්, හෙට පළවෙනි දවස නිසා පොඩි වෙච්ච ඒවා ඇදන් යන්නත් බෑනේ"

"මං කෝකටත් ගිහින් අහල එන්නද"

"ම්ම්ම් බලන්නකෝ එහෙනම්"

මල්ලි නැගිටලා ගියාම මං ආයෙත් කල්පනාවට වැටුනා. එක්කෝ ඉස්කෝලෙ ගමන නතර කරලා වැඩක් හොයා ගන්න හිතෙනවා.ඒත් අම්මා කොච්චර ආසාවෙන්ද හිටියෙ මං උසස් පෙළ කරනවා බලන්න. අම්මව මතක් උන ගමන් මට මතක් උනේ අම්මගෙ තුන් මාසෙ දානේ.දෙයියනේ ඒකට මොකද කරන්නේ.ආච්චි අම්මලා නම් කවදාවත් ඒකට වියදම් කරන්නේ නෑ. ඇස් දෙකට කදුළු පිරෙද්දි මං අත් දෙකෙන්ම මූණ වහ ගත්ත.මට මේ දේවල් ලොකු බරක් අම්මේ,
මට දරා ගන්න බෑ. ඇයි ඔයත් අපිව අසරණ කරලා ගියේ. කෑ ගහල අඬන්න බැරි කමට මං හිත යටින් විලාප දුන්නා.....

"අය්යේ ඇයි මේ"

මල්ලි ඇවිත් උරහිසට අත තියලා අහද්දි මං ඉක්මනට අත් දෙක අහක් කර ගත්තා.

"නෑ බං මොකක්ද රොඩ්ඩක් ගියා ඇහැට, දැන් හරි..... මොකද ගිය වැඩේ"

මේ පොඩි එකාට මගේ හිතේ තියෙන බර දෙන්න බෑ, මං වගේ ඇට්ටර කමට නෙවෙයි එයා හැදුනේ. ඒ නිසා මට වගේ මේ දේවල් දරා ගන්න හයියක් නැති වෙන්න පුළුවන්.

"ලොකු නැන්දට ඇහුණ මං සෝම නැන්දගෙන් අයන් එකක් ගැන අහනවා"

"ඉතින්"

"එයා ඇවිත් කිව්වා ඕවා මදින්න ගියොත් කරන්ට් බිල දාස් ගානින් එයිලු, ඒක සුදු අයියට ඇහිලා එයා ඇවිත් නැන්දට බැන්න"

"සුදු අයියා?"

"ඔව් අනේ තඹර අයියා, උදේ ඔයා හිටිය නැති වෙලේ එයා මං එක්ක කතා කරා ටිකක්"

යකෝ එතකොට මේ හැම එකාම රවන්නෙ, ගොරවන්නේ මේ මට විතරද, මං අහිංසක වැඩිනෙ ඒකයි. මගේ ලස්සන නිසා ඉරිසියාවද දන්නෙත් නෑ හැබැයි"

"ඉතින් ඉතින් ඔය හුදු අයියා මොකක්ද කිව්වෙ"

ඒක ඇහුණු ගමන් පොඩි එකා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නවා.

"හරි හරි උඹේ සුදු අයියා මොකද කිව්වෙ"

"ඔය ඇදුම් ටික අයන් කරා කියල කරන්ට් බිල් වැඩි වෙන්නේ නෑ කිව්ව, ඇදුම් ටික අරන් එන්න කිව්වෙ, ඊට පස්සේ තමයි නැන්දා පාඩුවේ ගෙට ගියේ "

"එහෙනම් ගිහින් අයන් කරන් එන්න, ඔක්කොම එක සැරේ අයන් කර ගන්න ලේසිනේ එතකොට "

"ම්ම්ම් මං ගිහින් එන්නම් එහෙනම්, එයා මගේ විතරක් නෙමෙයි ඔයාටත් සුදු අයියා තමයි "

යැයි යැයි තමයි මහ ලොකු හුදු අයියා, ඌට වඩා සුදු මමනෙ, ඒ නිසා අපේ නම් දෙක මාරු වෙන්න ඕන. ඌ ලොකු අයියා, මං සුදු අයියා.අනිත් දවසේ බට්ටි කෙල්ලටත් කියන්න ඕන මට සුදු අය්ය කියන්න කියල.

මල්ලි ඇදුම් ටික අරන් එනකන් මං කාමරේට ගිහින් ඔහේ ඇදට වැටිලා හිටියා. අද අර වතුර වලට පනින්නත් බැරි උනානෙ අප්පා, හැමෝගෙන්ම හැංගිලා සැනසීමේ අඬන්න කියාපු තැන. ඇත්තටම මට දැන් ඕන අඬන්න,අඩල හිත සැහැල්ලු කර ගන්න. මං ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ කිසිම ළමයෙක් මේ වගේ අසරණ වෙන්න එපා කියලා.

"අය්යේ.... මේ ඇදුම් ටිකක් මැද්දා ඉතුරු ටික සුදු අය්ය තියා ගත්තා පස්සේ දෙන්නම් කියලා"

"ඒ ඇයි"

"අනේ මන්දා, අර ඔයාට නැන්දා දුන්න යුනිෆෝම් දෙක. එයා මගෙන් ඇහුවා මේ දෙක කාටද කියලා, මං කිව්වා අයියට කියල, ඒ ගමන ඒ දෙක තියා ගත්තා පස්සේ එවන්නම් කියල"

"එහෙනම් ආයේ හම්බ වෙන එකක් නෑ. කුණු ලෝභයා.ඒකගෙ ඇදුම්නෙ, අනික නැන්දා ඒකාගෙන් අහල නෙවෙයිනේ දුන්නෙත්. අනේ මට මොකද මට ඕන නෑ ඕකගෙ ඇදුම්"

තරහයි දුකයි දෙකම දැනෙද්දී මං නැගිටලා ගිහින් මූණ ටිකක් හෝද ගත්ත. හැමෝම නපුරුකම් කරන්නේ අසරණ අපිටමයි.



"මෙන්න පුතේ සුදු ඇදුම් ටික"

හවස හය හමාරට විතර අර තියා ගත්ත කිව්ව ඇදුම් ටික සෝම නැන්දා ගෙනත් දෙද්දි මං පුදුම වෙලා එයා දිහා බලන් හිටිය.

"අපේ සුදු බබා තකහනියක්ම සනත් මහත්තයල ගෙදරට ගිහින් කුසුම් නෝනට කියල මේ ඇදුම් දෙක ටිකක් හීනි කරන් අරන් ආවේ, මං එක්ක කිව්ව ඒ ළමයට මේ ඇදුම් ලොකු වෙයි කියලත්, අනේ අපේ සුදු බබාට ලීලා නෝනලගෙ නපුරුකම් ගෑවිලා වත් නෑ"

මොකක්ද ඒ උන විපර්යාසෙ, මං අර යකාට බැනපු වචන ටිකත් අපරාදෙනේ, කව්ද හිතුවෙ ඉතින් ආව දවසෙ ඉඳන් රවපු කෙනා මෙහෙම දෙයක් කරයි කියල. අම්ම ඇරුනම අපි ගැන හොයල බලන තව අය ඉන්නව කියල දැනෙද්දී හිතට සැනසීමක් දැනෙනවා....

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️💐

හෙට ඉස්කෝලෙ යමු එහෙනම්.......

✍️ යූචි

Continue Reading

You'll Also Like

129K 7.1K 45
Have you ever read a story about women who kill to protect people that can't protect themselves. Well this story is about just that. Follow Galleri...
9.8K 1K 32
ඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන...
40.1K 6K 37
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ
26.9K 3.4K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..