~
අඩෝ එතකොට ඌ උඹට කැමතිද බං?
අශියයි මමයි හිටියෙ උගෙ තාත්තගෙ ඉකෝන් ක්ලාස් එකේ පස්සහම බංකුවට එකක් ඉස්සරහ එකේ ඉඳගෙන බයිට් පැකට් එකක් කන ගමන්. දවල් අභිසෙස් අයිය කිව්ව කතාවෙන් පස්සෙ මට ඉකෝන් තියා හැට හතරෙ බස් එකවත් අල්ලගන්න තරං සිහියක් තිබ්බෙ නෑ. මේක මොන ජාතියෙ ටෙස්ට් එකක්ද? අහෝ දෙවියනේ මේ තේව් බේරල දෙන්න. අනිත් එකා මේ මැටි පගයා මූ මාව දාල දිව්වෙ නැත්තං මේ මුකුත් නෑ. නෙද්දකින් පගයා මටත් චාන්ස් එකක් එයිනෙ දෙන්නම් උඹට
මං දන්නෑ බල්ලො. උඹ මාව දාල දිව්ව තිරිසනා
ඉතින් පකෝ උඹට මං කිව්වනෙ ඕක නවත්තපං කියල
ඇත්තද හෑයි හූයි තමා
දෙන්න කියවිල්ල ඉවර නං අර ප්‍රස්ථාරෙ අඳිනවද?
අශියගෙ තාත්ත ඇවිල්ල අශියට අතේ තියං ඉඳපු මයික් එකෙන් පාරක් ගහද්දි අපි දෙන්නම සිහියට ආව
හිහී....
තියෙන ගොංම හිනාව දැම්ම මම ඉක්මනට පොත බලාගත්තා. අනේ මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ උනේ. ක්ලාස් එකේ එහා පේලියෙ ඉඳපු කෙල්ලො ටිකත් බලනව. ඔයාලගෙ සිහින කුමාරයගෙ සිහින තඩි කුංෆුපැන්ඩෙක් හොරකම් කරන් ගිහින් කෙල්ලනේ, සමාවෙන්න මේ පව්කාරයට!
ඊටපස්සෙ තුනේ ඉඳලම තව පැය පහක් එක දිගට ක්ලාස් එක ඇදිල ඇදිල කෝමහරි අටට ගානට ඉවර වෙන්න තිබ්බ ක්ලාස් එක අටයි හතලිහට ඉවර කරද්දි මගෙයි අශියගෙයි පණ ගිහින් හිටියෙ.. හැබැයි කොයිම වෙලාවකවත් හිත එක තැනක තියාගන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ. වෙලාවකට ඔලුව මේසෙ ගහන් තව වෙලාවකට මං බෝඩ් එකත් බලන් අභිසෙස් අයියගෙ තරහ ගිය ඇස් දෙක මතක් කරගන්න උත්සාහ කළා. මවාගෙන උනත් මං ට්‍රයි කරේ මගෙ ඇස් දිහාම බලන් එයා ඒ කිව්ව වචන වල තේරුම ඇහිඳින්න. මං තවත් වෙලා ට්‍රයි කරේ අභිසෙස් අයියගෙ ඇස්වල හැඟීම් කියවන්න. වෙන වෙලාවට කිසිම හැඟීමක් නැතුව කළු කුහර වගේ හිස් ඒ ඇස්වල ලාවට වෙනසක් මගෙ ඔලුවෙ පත්තු වේගෙන එද්දි මං හරි සිහියට ආවා. මොනාද මං මේ කරන්නෙ? දකින දකින පාරට මරාගන්න අභිසෙස් අයිය මට එහෙම වෙන්න පුලුවන් ද?
තේව් යනව නං තාත්ත ගෙදරින් ගෙනිහින් දාන්නංලු
මං සිහියට ආවෙ අශියගෙ මගෙ පිට මැද්දට පත පාරක් දෙද්දි
ටෞකන්ඩ පකා...ඕක කියන්න ගහන්නෝනෙද යකෝ
කුනුහර්ප කියනව වැඩී උඹ බේසිකයා
අනේ උඹ හොඳ එකානෙ
පස්සෙ අශියගෙ තාත්ත මාවත් ගෙදරින් දාගෙන ගියාම මං ගේ දිහා බලල හුස්මක් පල්ලෙහ දැම්ම..
දැන් ඉතින් ආයෙත් මේ ගේ ඇතුලෙ!
මං හිමීට බෑග් එකත් අරන් අපෙ ඉස්කෝලෙ මිස් ලතා වගේ හිමීට ගේ ඇතුල්ට ඇවිදන් ගියා. මනුස්සයෙක්ට ගෙයක් දැනෙන්නෝන තමන්ගෙ කියල. ඒත් මට මේ ගේ ඇතුල නිකන් හිර ගෙයක්... just like this home is not my actual home, අඩු තරමෙ මනුස්සයෙක්ට තමන්ගෙ කියල කෙනෙක් හරි ඉන්න ඕන. ඇත්තටම මට මේ ගේ ඇතුලෙ අපෙ අයියයි, සුමන නැන්දයි නැත්තං තනිකර හිර ගෙයක්... අම්මයි තාත්තයි නරක නෑ ඉතින්, ඒත් එයාල දෙන්න හැසිරෙන්නෙ නිකන් අපිව කරදරයක් ගානට දාලා. නොපෙන්නුවට ඒ හැමදේම අපිට තේරෙනව. මොකද පුංචි ළමයි නෙමෙයිනෙ. වැඩිහිටියෝ! ඉතින් ලොකු වෙද්දි මමයි අයියයිත් උපරිම උත්සහ කළා එයාලට බරක් නොවී ඉන්න. මට ජීවිතේ කවදාවත් අර හෝමී කියන ෆීලින්ග් එක දැනිල නෑ, එහෙම දැනෙන එකකුත් නැතිවෙයි, මොකද සල්ලි තිබුනට තේව් යුහස් අහිංස ෆ්‍රනෑන්ඩො තමා ලෝකෙ අවාසනාවන්තම ළමයා. මට නිකන් මැවි මැවී පේන්න ගත්ත ලෝකෙම මට එකතු වෙලා හිනා වෙනවා...
~
පුංචි බේබි ඔයා ආවද?
ඕ නැන්දා
වොශ් එකක් දාන් කාල ඉන්න බේබී නිදාගන්නෙ එහෙම නෑ කන්නැතුව
හරි නැන්දා
එහෙම්ම පඩිපෙළ නැගල මං දකුණුපැත්තෙ කොනේම තියෙන රූම් එකට ගියා. හනේ මගේ රාජධානිය, පාඩම් කරන තැන මේසෙ උඩ ඩොග් ගාල බෑග් එක අතෑරපු මම ඇඳුම් එකින් එක ගලෝලා දාල බාත් රූම් එකට පැනගත්තා..
ෆූහ්ඃ සීතායි අම්මෝ!
හොඳට දවසේ කුණු ජරාව මං හෝදගත්තා, ඒත් උරහිස හරියෙ සබන් ගාද්දි මට ලාවට අභිසෙස් අයිය මතකෙ මැවිල මැකිල ගියා. දෙයියනේ තේව් උඹට පිස්සු හැදිලා. අර අශියයි මායි දවසක් බලපු BL එකේ වගේ මටත් ලව් සික්ද දන්නෑ. ඊව් අර හා තඩියට? මේ මම?
එව්ව හඳේ
නාල කරල මං කන්න පල්ලෙහට යද්දි අපෙ අයිය ඇවිල්ල ඉඳගෙන ඉන්නව. අනේ මගේ දෙව්ලිය. බලන් හිඳීමත් සැනසීමක් කිව්වට අපෙ අයිය අද කාව හරි බලන් සැනසෙනව වගේ. මං ශේපෙ පිටිපස්සෙන් හිටගත්තා. අපෙ ඉස්කෝලෙ යුනිෆෝම් එක ඇඳගත්ත කොල්ලෙකුයි අපෙ අයියයි නේද? කව්ද මේ කොල්ලා කියල බලන්න මං පාත් උනත් හුටස්! දැක්ක නේද මාව
චූටී මොනාද කරන්නෙ
හරි ඉවරයි ඕක තමා කියන්නෙ මාට්ටු නොවී හොර වැඩ කරන්න ඉගනගනින් කියල. කෝ ඇහුවද ඉතින්. පොතපතේම ඉඳල කොහෙද උඹලට ඕව තේරුම් ගන්න මොලයක් ඉතින්.
අහ් හිහී අයියෙ කන්න කියල ආව
ඈ බොල චූටි උඹ කන්නෙ මගෙ පිටද පස්සට වෙලා ඉඳන්..
අයිය ඇස් දෙකට උඩින් මං දිහා බලන ගමන් කිව්ව. අනේ ඉතින් රවන්න දෙයක් කරායැ. ගැත්තාට සමාවන සේක්වා දේවයන්වහන්ස
මං මේ අත- ආ ඔව්- ඒයි අත හෝ-දගන්න කියල
ඒනං හෝදගෙන කන්න ඇවිල්ල
හෑයී හෑයි තමා කවුද අයියෙ ඒ කක්කුරුච්ච්වා.. මටත් පෙන්නන්නකො
මං තව ටිකක් අයියගේ ෆෝන් එකට එබුනා..ඒත් එක්කම මං දිහාට හැරුන අයියා ෆෝන් එක ඩෝං ගාල ස්ක්‍රීන් එක බිම හිටින විදියට මේසෙන් තිබ්බා..
චූටි මගෙන් කන්න යන්නේ..............
කාල ඉවර වෙලා ඇඳට පැනල ඉඳපු මට ලාවට අභිසෙස් අයියගෙ රූපෙ ඇඳිල මැකිල ගියා..
ශිට්ට්! මොකද්ද මේ උනේ
මං තව ටිකක් හැරිල පස්ස උඩ දාගෙන ඒසී එකත් හොඳට වැඩි කරන් නිදාගත්තා.
~
මං හිටියෙ අමුතු වත්තක් මැද.. රතුපාට රෝසපාට සුදුපාට කහ පාට කළු පාට වගේ හැම පාටකම රෝස මල් තිබුනා... ඒ වත්ත මැද පුංචි ලේන් එකක තමයි මං හිටගෙන හිටියෙ. ඒත්.... දැන් ටිකකට කලින් ඇඳේ ඉඳපු මං කොහෙන්ද මේ වගේ තැනකට මතු උනේ?
කවුරුත් නැද්දෝ....
මං කෑ ගැහුවත් කිසිම කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ..
කවුරු හරි ඉන්නවදෝ....
ඒ පාර මං දැක්ක ඈත තියෙන පඳුරක් හෙලවෙනවා. දෙයියනේ මෙතනත් අර පාක් වල වගේ සීන් එකක්ද. මං ගිහින් පඳුර ඈත් කරල හූ කියල දුවනවා,,,, නෑ එක්කො පව්නෙ යන ගමන් ප්ස් ප්ස් අයියෙ පොලිසියෙන් එනව ශේප් එකේ දුවපන් කියනවා. හෙහ් අපිට නැති ලව් තොපිටත් එපා. එච්චරයි!
මං හිමීට අඩි තියන ගමන් එතනට ලං උනා.... එකපාරට උඩ පැනල වගේ නැගිට්ටෙ අභිසෙස් අයියා? මූ මොකද මෙහෙ? ඒකත් පඳුරක් අස්සෙ? රෝස පඳුරක් අස්සෙ? කටු නැද්ද? මං හිමීට ඇහැ දාල බලද්දී දැක්කෙ මේවගෙ කටු නෑ.. දෙයියනේ මේ මොන ලෝකයක්ද? හාට් එක එකසිය ගානට ගැහෙද්දි මං අභිසෙස් අයිය දිහා බැලුවා.
මේ මනුස්සයා මට මල් පොකුරක් දික් කරන් ඉන්නවා...
රතු, රෝස, කහ එකතුවක්... හරිම ලස්සන මල් පොකුර මං අතට ගත්තම අභිසෙස් අයියා මාව ඇදල එයා ගාවට ගත්තා
~
To be continue...