පුදුමෙන් වගේ තාන්‍යා දිහා බලන් ආන්‍යා ඒම ඇහුවෙ ජයවීර කියන්නෙ එයාලගේ සර්නේම් එක නිසා...
ඒ වගේම තාන්‍යා ඇස් කදුලු වලින් පුරවන් අබිරු දිහා බැලුවේ අබිරුත් බිම බලන් කතා කරන්න වචන හොයාගන්න බැරුව ලොකු පටලැවිල්ලක ඉන්න නිසා.......
"තනු මොනාද ඔයා ඔය කියවන්නෙ"
"ඉන්න අක්කි,මන් තාම අයියා එක්ක කතා කරනව"
"අයියා"
"කියන්න අයියේ...කෝමද ඒම උනෙ...ඉදුනිල් ජයවීරගේ පුතා රොව්ඩන් ඒකනායක කියන අධම මිනිහගෙ පුතා උනේ කෝමද"
"කෑ ගහන්න එපා තනූ..මන් කියන්නම් යමුකෝ අපි මන් ඉන්න තැනට"
අබිරු ඒම කිව්වත් එක්ක තාන්‍යා අඩ අඩ අබිරුව බදාගත්තේ ආන්‍යා ඒ දිහා පුදුමෙන් බලන් ඉද්දි...මොකද කිව්වොත් තාන්‍යා අබිරු ගැන දන්න දේ ආන්‍යා දැනන් හිටියෙ නෑ..මොකද ඒක තාන්‍යාට පවා දැනගන්න ලැබුනෙ හදිස්සියෙ නිසා...ඒ එදා ආන්‍යා එයාලගෙ අම්මා එක්ක තරහ වෙලා ගෙදරින් යන දවසෙ .....
මොනවත් නොදන්න ආන්‍යා අබිරුයි තාන්‍යායි දිහා බල බල කාර් එක ඩ්‍රයිව් කරේ හොල්මන් වෙලා වගේ....
අබිරු කිව්ව විදියට අබිරුගෙ ගෙදරට ආන්‍යාලා ආවේ වෙන තැනක් දැන් මෙයාලට කතා කරන්න නැති නිසා.....
අබිරුයි තාන්‍යායි කාර් එකෙන් බැස්සත් හොල්මන් වෙලා වගේ ඉන්න ආන්‍යා තාමත් කාර් එක ලගට වෙලා බලාගෙන හිටියෙ අබිරු වගේම යෝධ අබිරුගෙ ගේ දිහා....
"වටපිට බලලා ඉවරනම් ඇතුළත් බලන්න පුළුවන් එලියට ආවොත් මිස් ආන්‍යා"
කාර් එක ඇතුලෙ ඉන්න ආන්‍යාට අබිරු ඒම කියලා තාන්‍යාවත් එක්කන් ගේ ඇතුලට යන්න ගියා...ගේ ඇතුළ බලන්න කෙසේ වෙතත් තාන්‍යා අබිරුගෙ ඇගේ එල්ලිලා යන නිසා ඉක්මනට කාර් එකෙන් බැස්ස ආන්‍යා තාන්‍යාව එයා ලගට ඇදලා අරගත්තෙ තාන්‍යාව කොනිත්තන ගමන්....
අබිරු ඒ දිහා බලලා කට කොනින් හිනා උනේ ආන්‍යාගෙ මේ වැඩ නිසා....
ගේ ඇතුළට තුන් දෙනාම ආවත් හරි අබිරුගෙ විසාල ගෙදර සාලේ ප්‍රමාණේ දැක්කම ආන්‍යාට හික් ගෑවුනෙ සාලේ ඇතුලෙ වොලිබෝල් ටීම් දෙකකට උනත් වොලිබෝල් ප්ලේ කරන්න පුළුවන් නිසා...
"වාඩිවෙන්න "
අබිරු ඒම කිව්වම තාන්‍යා ගිහින් අබිරු ලග හිටගෙන අබිරු දිහා බලන් හිටියෙ වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලු ඇස් අග රදවගෙන....
"මන් කියන්නම් ළමයෝ හැමදේම..දැන් වාඩිවෙන්න"
තාන්‍යා දෙවෙනි පාරට වාඩිවෙන්න කියනකොට වාඩි උනත් ආන්‍යානම් වාඩිවෙන්න කියල කියන්නත් කලිම් වාඩිවෙලා ඉවරයි.....
"මිස්ටර් අබිරු...ඉක්මනට කියනවකො ඔහෙගෙ ඔය ඕපදුපෙ අපිට"
"අක්කි..අයියට ඕම කතා කරන්නෙපා"
"හැක්කි හැයියට ඕම කතා කරන්නෙපා..අනේ හැච පැච නෙවෙයි අනූ හැයියා හැයියා ගාන්නැතුව පැත්තකට වෙලා ඉන්නවා ඔය මිනිහගේ ඇගේ එල්ලෙන්නැතුව..මොන විකාරයක්ද"
"ආන්‍යා"
"ඔව් මන් ආන්‍යා තමයි මිස්ටර් අබිරු..ඉක්මනට කියන්න තියෙන දෙයක් කියනවකෝ..මට වැඩ තියෙනව"
"එහෙනම් හොදට අහගන්නවා..ආයේ තමුසෙලා ඔය රොව්ඩන්ගෙ පස්සෙන් ගියොත් මන් තමුසෙලා දෙන්නගෙ අඩු කඩලා මේ ගෙදර හිර කරලා තියනව"
"අනේ ඔහෙට අඩු කඩන්න තමයි අපේ තාත්තා මාව හැදුවේ..අන්න යන්න අබිරු යන්න"
"මහලොකුවට මිස්ටර් ඉදුනිල්ගෙ කටනම් තමුසෙට පිහිටලා තියෙනව හරි අපූරුවට"
"ඔයාටත් අයියේ...ඔයාගෙ පෙනුමත් හරියට තාත්තා තරුණ කාලේ වගේමයි"
"පිස්සු තනූ...අපේ තාත්තගෙ පෙනුම මෙයාට එන්නෙ කෝමද හලෝ...අමු කැවිලයි ඔහෙට"
"එයා අපේ අයියා නිසා එයා තාත්තා වගේ වෙන්නෙ අක්කි"
"අපෙ අයියා ...කොහොමද දන්නෑ නේද ඒම උනේ"
"අයියේ...අක්කි කියන ඒවා අහන්නෙපා..ඔයා යන්කෝ ගෙදර අපි එක්ක අනේ"
"බෑ නන්ගි..මට බෑ...ඒ ගෙදරට මාව අයිති නෑ.."
"එහෙම වෙන්න බෑනෙ අයියෙ..ඔයා අපේ ලොකු අයියනෙ"
"හ්ම්ම්..මන් ඔයාලගෙ අයියා...එත් ඔයාලගෙ අම්මයි තාත්තයි මාව ඒ පව්ලෙන් අයින් කරා"
"නෑ නෑ අයියේ...අම්මා තාම දුක් වෙනවා...අක්කි අක්කිට මතකද අක්කි අම්මි එක්ක තරහ වෙලා එනකොට අම්ම් කියපු දේ"
"මොකක්ද"
"එයා කිව්වා..එයාට බයයි කියලා..අම්මිට ඔයත් නැති වෙයි කිව්වා....මතක නැද්ද "
"හ්ම්ම්...ඔව්..මතකයි..ඉතිම්"
"අම්මි ඒම කිව්වෙ එයාට ඔයාට කලිම් කෙනෙක් නැති උන නිසා අක්කි.."
"නැති උනා..කව්ද..දේවිකා නැන්දද"
"නෑ අක්කි...අපේ අයියව"
"මොකක්"
"ම්ම්ම්...අපේ අයියා..අබිරු අයියා..අපේ අයියා"
"මොන අප්‍රභන්ශයක්ද කියන්නෙ තනූ ඔයා"
"අක්කි...අපි හම්බෙන්න කලිම්..අම්මිට හම්බෙලා අයියා කෙනෙක්"
"මොකක්ද කියන්නෙ දැන් ඔයා ඔය"
"මන් ඇත්ත කියන්නෙ අක්කි...අම්මියි තාත්තයි මැරි කරන්න කලිම් ඒම වෙලා තියෙන්නෙ...කැම්පස් ෆස්ට් ඉයර් එකේදි අම්මියි තාත්තියි ආදරේ කරන්න ගත්තෙ කියල තාත්ති කිව්ව මතකද...එතනින් එහා එයාලා අතීතයක් ගැන කතා කරේම නෑනෙ...ඒ මොකද දන්නවද...ඒ කාලෙ තමයි අයියව අම්මිට හම්බෙලා තියෙන්නේ ...තාත්තිගෙ පව්ලේ අය ඒකට කැමති උන්නෑලු...බබාව නැති කරන්න කිව්වලු...මිනිස්සුන්ව මරන්න නෙවෙයිනෙ අක්කි අම්මියි තාත්තියි ඩොක්ටර්ස්ලා වෙන්න හැදුවෙ ඒ නිසා එයාලා ඒකට කැමති වෙලා නෑ දරුවව හම්බුනාට පස්සෙ එයාව අනාත නිවාසෙකට දීලා..."
මේ හැමදේම සාවදානව අහන් හිටිය ආන්‍යා ඊටපස්සෙ හැරුනෙ අබිරුගෙ පැත්තට...තාමත් තනූ කියනදේ අහලා අවිශ්වාසෙන් ඉන්න ආන්‍යා අබිරු දිහා බැලුවෙත් සැකෙන්..අබිරු හීනි හිනාවකින් ආන්‍යට සන්ග්‍රහ කරත් ආන්‍යා ආය තනු දිහා බැලුවේ තනු තාම කතාව කියලා ඉවර නැති නිසා...
"අයියාව...අනාත නිවාසෙකට දීලා මැරි කරාට පස්සෙ අයියව ආය ගන්න කියලා තාත්තිගෙයි අම්මිගෙයි පව්ලේ අය කිව්වලු...අම්මියි තාත්තියි මැරි කරලා අයියව හොයද්දි අයියා නෑලු...ඒ ඇයි දන්නවද...ඒ කාලෙ ඉදලා රොව්ඩන් අම්මිගෙ තාත්තිගෙ දේවිකා නැන්දගෙ වගේම සෙනරත් මාමගෙත් හතුරෙක්ලු...ඒ හතර දෙනාම කැම්පස් ගියෙත් එකටනෙ..රොව්ඩන්ගෙ කරදරේ දරාගන්න බැරුවලු සෙනරත් අන්කලුයි දේවිකා ආන්ටියි පැනලා ගිහින් තියෙන්නේ...ඒකලු අම්මි දේවිකා ආන්ටි එක්ක තරහ උනෙ..මොකද අම්මිට් කියලා නෙවෙයි දේවිකා ආන්ටි ගිහින් තියෙන්නේ "
"හ්ම්ම්...හරි..මිස්ටර් අබිරු මේ කියන්නෙ ඇත්තද..."
"ඔව් අනූ"
"එහෙනම් කොහොමද ඔයා රොව්ඩන්ගෙ පුතෙක් උනේ"
"පුතෙක්..මන් උගෙ පුතෙක් නෙවෙයි ..සමාජෙට ඌ මන් උගෙ පුතෙක් කියල පෙන්නුවට ඇත්තටම මන් උගෙ දාසයෙක්"
"අයියේ"
"ම්ම්ම්..ඔව් තනූ..ඌ මහ නරුමයෙක්..."
"අයියා දන්නවද...අම්මියි තාත්තියි කසාද බැන්දට ඉස්සර තිබුණ ආදරේ දැන් ඒ දෙන්නාගාව නෑ කියල"
"ම්ම්ම්ම්...ඔව් ටිකක් විතර දැනගන්න ලැබුනා මට"
"ඒ ඇයි කියල දන්නවද"
"නැහැ"
"තාත්ති ඔයාව රොව්ඩන්ගෙන් බේරන් ආවෙ නැති නිසා..බැන්දට පස්සෙ ඔයාව ආයම ගේනව කියල තාත්ති උන පොරොන්දුව තාත්ති ඉශ්ට නොකල නිසා"...
"තාත්තා ආවා අනූ මාව එක්ක යන්න"
"ආවා"
"හ්ම්ම්...ඒත් එතකොට අම්මට ඔයාලව හම්බුණා විතරයි හොස්පිටල් එකෙ ඔයාලා...තාත්තට ඕන වෙන්නැති ඔයාලා හම්බුන සතුට වගේම මාවත් අම්මට පෙන්නලා අම්මව සතුටු කරන්න..ඒත් රෝහලෙ මොකෙක් හරි රොව්ඩන්ගෙ මිනිහෙක් ඉදලා ඔය දෙන්නගෙන් වම් කකුලෙ උපන් ලපයක් තිබ්බ බබාගෙ බෙල්ලට පිහිය තියලා ෆොටෝ එකක් තාත්තගෙ ෆෝන් එකට එවලා තිබ්බා..තාත්තා බයවුනා..එයා ගියා ආය එයා ආවෙත් නෑ අනික එදායින් පස්සෙ රොව්ඩන් මට සැලකුවේ බල්ලෙක්ට වගේ..මන් එදා ඉදන් තාත්තා අම්මා එතකොට ඒ බබා ගැන තරහින් හිටියෙ"
"කකුලේ උපන් ලපයක් තියෙන්නේ මගේ,එතකොට මන් නිසාද"
.....