𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

By KAVINI231

3.5K 512 72

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
අවසානයට පෙර කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

17 කොටස

90 17 2
By KAVINI231

"කොහෙද දැන් අපි මේ යන්නේ...."

"නගින්නකෝ අක්කි..මන් යනගමන් විස්තර කියන්නම්"

"හ්ම්ම්...හරි හරි.."

ආන්‍යායි තනූයි දෙන්නා එක්ක මේ යන හදිසි ගමන ගැන යේශි බැලුවේ පුදුමයෙන් ඒ වගේම පැත්තක හිටිය මල්ශිත් මේ දෙන්නා ගැන ටික දවසක ඉදන් සෙවිල්ලෙන් නිසා එයත් බලන් හිටියෙ මේ දෙන්නා මේ කොහෙ යනවද කියල...

ඒ එක්කම දේශිට හොරෙන් අබිරුට කෝල් එකක් දුන්න මල්ශි මේ ට්වින්ස්ලා දෙන්නාගෙ සැක මුසු ස්වභාවේ ගැන අබිරුට කිව්වෙ එයාලා දෙන්නගෙන් දේශිටයි යේශිටයි කරදරයක් වෙයි කියල බයෙන් වගේ ඒත් මල්ශි දැනන් හිටියෙ නැහැ අද මේ තාන්‍යා ආන්‍යාවත් එක්කන් ගිය ගමනෙන් යේශිටයි දේශිටයි එයාලා දෙන්නගේ දෙමාපියන්ගෙ මරණෙ ගැන තවත් තොරතුරු දැනගන්න ලැබෙනව කියල....

මල්ශිගෙ කෝල් එකත් එක්කම අබිරුත් කර කර හිටිය වැඩේ අතෑරලා දාලා ට්වින්ස්ලාව ෆලෝ කරන්න ගත්තෙ ට්ව්න්ස්ලා දෙන්නා නිසා යේශිටයි දේශිටයි රිදුනොත් ආන්‍යාටයි තාන්‍යාටයි අනිවාර්යයෙන් ඒ වෙනුවෙන් ගෙවන්න වෙනව කියල දිව්ර දිව්ර.....

මේ අතරේ ආන්‍යායි තාන්‍යායි දෙන්නම රොව්ඩන් කියන මිනීමරුවා එනවා කියල කියපු හෝටල් එකක් ලගට තමා මේ යන ගමන් හිටියෙ...එතනදි එයාලට දැනගන්න ඕන උනේ රොව්ඩන්ගෙ වටේ ඉන්න අනික් අය කව්ද කියලා....

"තාන්‍යා...හොදටම සුවර් නේද අද ඒ නරුමයා එනව කියල"

"ඔව් අක්කි...අනිවාර්යයෙන් ඔය මිනිහා එනව අද...මට සීයට දාහක් ශුවර්"

"ම්ම්ම්...මට ඒත් මන් ගැන ශුවර් ගැන කරන්න බෑ "

"ඒ කිව්වෙ..."

"ඔය මිනිහගෙ නම කියනකොටත් මගේ ඇගේ මාලු ගගේ නටනව"

"අක්කෙ...මන් ඔයාට දැන්මම කියන්නම්...විකාර කරන්නනම් ලෑස්ති වෙන්නෙපා"

"විකාර"

"ඔව්...විකාර"

තාන්‍යා කියපු විදියට ප්‍රශ්නයක් ඇති නොකරගෙන ඉන්න ආන්‍යා හොටෙල් එකට යන ගමන් එයා එයාවම පාලනය කරගන්න එකට පොඩ්ඩක් රෙඩි උනා....ඒ අතරේ අබිරුත් හරි හරියට මේ දෙන්නව ෆලෝ කරනව....ඉතිම් කෝමහරි මේ ට්ව්න්ස්ලා දෙන්නා වගේම අබිරුත් ආවේ divyagarden හෝටලේ ගාවට....ආන්‍යා වාහනෙන් බහින්න හදනවත් එක්ක තාන්‍යා ආන්‍යාගෙ අතින් අල්ලගත්තෙ රොව්ඩන් ආවට පස්සෙ එයාලගෙ පස්සෙන්ම එයාලා එක්ක ආවා වගේ යන එක හොදයි කියලා හිතුන නිසා....කෝමහරි විනාඩි 10 ක් විතර කාර් එකට වෙලා බලන් හිටිය ඒ දෙන්නා රොව්ඩන්ව එක්කන් ආව කාර් එක දැකලා හිමීට කාර් එකෙන් බැස්සෙ රොව්ඩනෙ ගාර්ඩ්ස්ලාට සැක නොහිතෙන විදියට එයාලා පස්සෙ යන්න....

මේ අතරේ අබිරුත් කලබලෙන් වගේ මේ දෙන්නා පස්සෙන් ගියේ එයාලව මගහැරෙයි කියල බයට.....

කෝමහරි මේ තුන් දෙනාම හොරාට හොරාට රොව්ඩන්ගෙ මිනිස්සු පස්සෙ ගිහින් උත්සව ශාලාවක් ළග නතර උනේ උත්සව ශාලාව ඇතුළට යන්න දෙන්නෙ කාර්ඩ් එකක් පෙන්නුවොත් විතරක් නිසා...ඉතින් මෙයාලට සිද්ධ උනා රොව්ඩන් දිහා ඈත ඉදන් බලන් ඉන්න....

තාන්‍යා නම් රොව්ඩන් වටේ ඉන්න අය ගැන ෆොටෝ ගද්දි ආන්‍යා කරේම රොව්ඩන් දිහා කන්න වගේ බලන් හිටිහ එක...අක්කා නගෝ මේ කරන වැඩේ දිහා පැත්තක ඉදන් අබිරුත් බලාගෙනම හිටියා....

ඒ එක්කම උත්සවේ පටන් අරන් ටික වෙලාවක් යද්දි රොව්ඩන් උදව් කරපු පව්ලක කෙනෙක් කියල මනුස්සයෙක් නැගිටලා රොව්ඩන්ගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා....
මේ සිද්ධියත් එක්ක ආන්‍යාට මල පැන්නෙ ඒ කතාකරන මිනිහා රොව්ඩන්ව සත් පුරුෂයෙක් ගානට දාලා ගුණ වර්ණනා කරන නිසා...ඉවසලා ඉවසලා බැරිම තැන තාන්‍යා මෙච්චර වෙලා අල්ලන් හිටිය ආන්‍යාගෙ අත ආන්‍යා ගසලා දාලා ආන්‍යා ශාලාවට ඇතුල් වෙන්න හදද්දි..එකපාරටම ආන්‍යාගෙ පිටිපස්සෙන් ආව කෙනෙක් අඅන්‍යාගෙ කටත් වහලා ආන්‍යාවත් ඇදගෙන හොටෙල් එකේ ලිෆ්ට් එක ලගට වෙනකම් ඇදගෙන ගියා...

මේ දිහා බලන් හිටිය තාන්‍යාත් හයියෙන් ඒ පිටිපස්සෙන් දුවන්න ගත්තෙ ආන්‍යාට කරදරයක් වෙයි කියල හිතන්....

ආන්‍යාගේ කට මෙච්චර වෙලා අල්ලන් හිටිය ඒ හැඩි දැඩි මනුස්සයා ආන්‍යාව නිදහස් කරනවත් එක්කම ආන්‍යා ඒ මනුස්සයගේ බඩට පයින් ගහන්න හැදුවත් ආන්‍යාගෙ උත්සාහේ අපතේ ගියේ ඒ මනුස්සයා ආන්‍යා ඊලගට කරන්නෙ මේක කියල දැනන් ඉදලා වගේ පස්සට පැන්න නිසා....මෙතනදි තමයි ආන්‍යා වගේම බය වෙලා දුවගෙන ආව තාන්‍යාත් දැක්කෙ ඒ හැඩි දැඩි මනුස්සයා කව්ද කියල....

ඒ වෙන කවුරුත් නෙවෙයි මල්ශි කිව්ව නිසා ආන්‍යාලව ෆලෝ කරපු අබිරු....

"මිස්ටර් අබිරු" තාන්‍යා අබිරුට කතා කරනකොට අබිරුට කලිම් ඉස්සර උනේ ආන්‍යා

"මිස්ටර් අබිරු නෙවෙයි ...මොකටද තමුසෙ මෙහෙට ආවේ"

"මන් ආවේ නැත්නම් ඒම තමුසෙ තව ටිකකින් මැරිලා..තමුසෙගෙ බොඩියවත් හොයාගන්න නෑ"

"තමුසෙ කෝමද ඒම කියන්නෙ"

"මන් දන්නවා...උබ මහ ගොනෙක් වගේ හැසිරෙන්න එපා ආන්‍යා...ඔය මිනිහට අහු උනොත් උබ විනාසයි"

"මන් විනාසයි..මොන මිනිහට අහු උනොත්ද"

ආන්‍යා දන්නෑ වගේ ඒම ඇහුවේ අබිරු මේ කියන්නෙ හරියටම මොකක්ද කවුරු ගැනද කියලා දැනගන්න ඕන නිසා...

"ඔය හිටිය මනුස්සයා"

"රොව්ඩන්"

"ඔව් ඔව්"

එයාලා එතන ඒම කතා වෙද්දි ලිෆ්ට් එක ඕපන් උනත් එක්කම අබිරු ලිෆ්ට් එකට නැග්ගෙ ආන්‍යාවත් ඇදගෙන

"මිස්ටර් අබිරු දිව්හස් ඒකනායක"

තාන්‍යා ඒම කිව්වෙ සැක මුසු කටහඩකින්...ඒ එක්කම අබිරු ඔලුව උස්සලා බලලා ඇයි කියල තාන්‍යාගෙන් ඇහුවත් එක්කමයි අබිරුට මතක් උනේ...දැන් තාන්‍යා අබිරු දිව්හස් ඒකනායක කියලා එයාගෙ මුලු නමම කියලා තමයි කතා කරේ කියල...

ඒ එක්කම තාන්‍යාත් ලිෆ්ට් එකට නැග්ගෙ ආන්‍යා දිහා බලලා ආයම අබිරු දිහා බලන්....

"තාන්‍යා"

"කියන්න"

"මන්"

"ඔව් ...ඔයා ගැන කියන්න මිස්ටර් අබිරු..අබිරු දිව්හස් ජයවීර...ඇයි අබිරු දිව්හස් ඒකනායක කිව්වම රියැක්‍ට් කරේ ඇයි කියල අපිට කියන්න"

"ජයවීර"

................

Continue Reading

You'll Also Like

562 104 8
මට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් ම...
665 117 7
Girlie means a woman who behaves in a predominantly feminine manner; a feminine woman. Started- 2022/11/19 Finished- 2022/11/20 @lil_gukie ♡
403 63 6
වැළලී ගිය පුරාවෘත්තයක නොමියෙන ප්‍රේමය.. . . . . . . . . . . . . . . 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫