තේව් !

By MOoONAnGeL7

4.9K 485 103

මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 ... More

හැඳින්වීම...
°°°පළවෙනි පරිච්ඡේදය°°°
°°°තුන්වෙනි පරිච්ඡේදය°°°
°°°හතරවෙනි පරිච්ඡේදය°°°
°°°පස්වෙනි පරිච්ඡේදය°°°
°°°හයවෙනි පරිච්ඡේදය°°°
°°°හත්වෙනි පරිච්ඡේදය°°°
°°°අටවෙනි පරිච්ඡේදය°°°
°°°නමවෙනි පරිච්ඡේදය°°°
°°°දහවෙනි පරිච්ඡේදය°°°
°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°
°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දාසයවෙනි පරිච්ඡේදය°°°
°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°
°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°
°°°දහනමවෙනි පරිච්ඡේදය°°°
°°°විසිවෙනි පරිච්ඡේදය°°°
°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිදෙවනි පරිච්ඡේදය°°°
°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහතරවෙනි පරිච්ඡේදය°°°
°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහයවෙනි පරිච්ඡේදය°°°
°°°විසිහත්වෙනි පරිච්ඡේදය°°°
°°°විසි අටවෙනි පරිච්ඡේදය°°°
°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°
°°°තිස්වෙනි පරිච්ඡේදය°°°

°°°දෙවනි පරිච්ඡේදය°°°

240 21 0
By MOoONAnGeL7

°°°

මමයි අශියයි හිටියේ කැන්ටින් එකට වෙලා හොඳට දවල් ආහාරය බුදින ගමන්...

අඩෝ උඹලයි තාත්තා දුන්න ගණන් ටික උඹ හදාගත්තද බං?

මං ඇහුවෙ කැන්ටින් එකෙන් එකක් ගත්තොත් එකක් නොමිලේ හම්බෙන සබ් එක ගිල ගිල හිටපු අශියගෙන්.

හේහේ මට තාත්ත ටොකු ඇන ඇන කියල දුන්න බං

දත් ටිකත් විලිස්සගෙන අශිය මං දිහා බැලුව. ඒ ගමන්ම පොර කතා කරන්න ගත්තෙ කෑම එකවත් ගිලින්නැතුව. අශියගෙ කටේ තිබ්බ සලාද කොළ කෑල්ලක් කෙලින්ම ගුවන් ගමනින් පියාසර කරල මගෙ අතෞඩ විසිවෙද්දි මං ඉක්මනට අත ගැසුව...

ඊව් බලපන් කෑමත් විසි වෙනව පගයො.

සොරි ඕයි

ආයෙමත් දත් ටික පුප්පපු අශියා කතා කරන්න ගත්තා

ඊටපස්සෙ තාත්තටම එපා වෙලා

"උඹ වගේ හරකෙක්ට ඉකෝන් කියල දෙනවට වඩා හොඳයි කූඩැල්ලට මෙට්ටෙ යන්න පුරුදු කරනව කියල"

අශියා ඒක උන්ගෙ තාත්ත වගේම ඇක්ට් කරල පෙන්නද්දි මං බඩ අල්ලන් හිනා උනා

ඉතින් ඊටපස්සෙ

අශියගෙ පිටට තඩිබාන ගමන් මං ඇහුවෙ හිනාව ගානට සේප් කරගත්තයින් පස්සෙ

ඊටපස්සෙ ම‍ං ඇහැව්ව තාත්තගෙන් ඇයි ඌට මෙට්ටෙ යන්න බැයිද කියල. ඊටපස්සෙ ආයෙ ඔලුව හිල් වෙන්නම එකක් ඇනල පපුවත් අල්ලන් යන්න ගියා

හයියෝ... මුන්ගෙ ගෙදර ඔහොම්මයි,, මං හිනා වෙන ගමන් අශියට තව පාරක් දුන්නෙ ඌ කකා ඉඳපු සබ් එකේ තක්කාලි කෑල්ල උගෙ නහයෙ හිටිද්දි...ඒක දැකල මට තවත් හිනා ගියෙ අශියා ජපං ඌරෙක් වගේ මට රවන් ඉද්දි.

හත්තික්කේ සමාවෙයන් මගෙ වල් බලු තඩියෝ...

මං තවත් ඌ දිහා බල බල හයියෙන් හිනා වෙන්න ගත්තෙ මුළු කැන්ටින් එකේම අවදානෙ උටයි මටයි එද්දි

මොකද්ද මෙතන සද්දෙ??





















































එතන හිටියෙ අභිසෙස් අයිය එක්ක අශෙල් අයියා. අභිසෙස් අයිය මං එක්ක තරඟෙට රවාගද්දි අශෙල් අයියට අශියා ඉඳපු විදිය දැකල හිනා යනව මං දැක්ක. අශියත් කෝමහරි අශෙල් අයියට රවල ම‍ං දිහා බැලුවා

හනේ මා දෙස නොබලනු රත්තරනේ....

මුන් අලි යෝධයො වගේ ඉද්දි වචන එන්නෑ අශ්වින් පුතේ පැනල දුවපන්.

මං අසරණ බැල්මක් අශියට දාල අභිසෙස් අයිය දිහා රවල බැලුව

ඇයි උඹ රවන්නෙ?

කව්ද මම?

ඔව් උඹ!

අභීසෙස් අයිය සුපුරුදු පරිදි මං එක්ක එල්ලෙද්දි අශියා අහි‍ංසකයා වගේ මං දිහා බලන් හිටියා. ඒ අස්සෙන් අශෙල් අයියා අශියා දිහා බලන්.

ඌප්ස්....

වට් හැපනින් හියර්! ඔව් අශෙල් අයිය අශියා දිහා බලන් තමයි. පොර සමථ භාවනාව වඩනවද? මං අශිය දිහා ආයම බලද්දි ඌ මෙතනින් පැනගමුකො වගේ බැල්මට් එකක් මට දාගෙන හිටියා. ලෝකෙ පටල පටල මායි අශියයි මූණට මූණ බලන් ඉද්දි මගෙ උරිස්සට ආයෙ මොකෙක් හරි තට්ටු කරා. මුගෙ අප්පට කව්ද යකෝ මට තට්ටු දාන එකා.

බනින්න හිතන් බලද්දි ඒ අභිසෙස් අයියා.. අනේ හත්තික්කේ ඌ මගෙ මූණටම ළං වෙලා මට රවාගෙන මං දිහා බලන් ඉද්දි මට ලාවට චූ බරකුත් සෙට් උනා. පොඩ්ඩක් ඉන්න ඇයි මං මූට බය වෙන්නෙ? පුහ්හ්ඃ

ඇයි?

මේක ඉස්කෝලයක්නෙ මල්ලි දෙන්න එක්ක වැදගත් විදිහට හැසිරුනොත් නරකද?

අනික මෙතන කන්න පොඩි ලොකු බේදයක් නැතුව ඔක්කොම එනවා

වැදගත් පව්ල් වල ළමයි නේද

අනික ඉස්කෝලෙ ලොකු බැජ් එකක් නේද?

අභිසෙස් අයිය මට මූණටම ළං වෙලා හැච හැච ගාද්දි මං බලන් හිටියෙ ඒ නපුරු ඇස් දිහා

හාපෝ බයේ බෑ

මං බයවෙන්න මූට?

එව්ව හඳේ තමා මේ තේව් යුහස් අහි‍ංස එහෙම කාටවත් බයත් නෑ ණයත් නෑ

හිතුනොත් හාපික් බෝතලයක් ගෙනල්ල කටේ ගහනව බීපිය කියල, බලකො මුගෙ තඩි දෙන්න හිතයි මූට

මෙතන ඔය කියන තරමෙ ප්‍රශ්නයක් උනේ නෑ මං හිතන්නෙ!

මං එහෙම කියල අශියගෙ අතිනුත් ඇදන් එතනින් ආවෙ අභිසෙස් අයිය මූණ රතු කරගද්දි. හැබැයි ඒ එද්දි මගෙ ප්ලේට් එක උඩ තිබ්බ මාලු බනිස කටේ ඔබාගන්න මං අමතක කරේ නෑ ඒක වෙනම කතාවක්

























°°°

ඇයි බං උඹ ඌ එක්ක මරාගන්න යන්නෙ? දන්නැද්ද බං උඹ ඇමති පුතාලගෙ තරම?

මං හිටියෙ අකවුන්ට්ස් පීරියඩ් එකේ අශියගෙ බණ අහන ගමන්. ආපු වෙලේ ඉඳන් මූ උදෙයි දවලුයි අරූ එක්ක පැටලුන එකට කියෝනව. ඉතින් මූ බය උනා කියල මං මොනා කරන්නද හත්වලාමේ

අනේ මේ බල්ලො උඹ බය උනා කියල මං නැට්ට පුප අස්සෙ ගහන් බලන් ඉන්නද බං. කටවහන් පාඩම අහන් හිටපන්

මං කිව්වට පස්සෙ අශියත් කුටුකුටු ගගා බෝඩ් එක බලාගත්තා...

සමාගම් ගාන! අනේ,,

මං බෝඩ් එක බලන් ඉද්දි මට ලාවට මතක් උනේ අභිසෙස් අයියගෙ තරහ ගිය මූණ. ඔලමොට්ටල ගස් හිපාටු හා පස්සා. දෙන්න හිතයි මූට













°°°

ඒ අශියා!

ඉස්කෝලෙ ඉවර වෙලා මං එක්ක යන ගමන් හිටපු අශියට මං කතා කරේ කකුල ගාව තිබ්බ ගලට අභ්‍යවකාශ ගතවෙන්න පාරක් දෙන ගමන්. ඉන්ටවල් එකෙන් පස්සෙ අර මෝඩ හරක් ගාල අපිට හම්බුනේම නෑ. අනේ මංද මේ රස්තියාදුකාරයො කොහොම මේපාර ඉස්කෝලෙ හෙඩ් බැජ් ටික බාර ගත්තද කියල. කවුද දන්නෑ මුංට බැජ් දුන්නෙ. යකෝ මං මෙච්චර මේ ඉස්කෝලෙ ඉඳලත් ජීවිතේට ප්‍රිෆෙක්ට් තියා ස්ටුඩන්ට් ගයිඩ් එක්කටවත් ඉල්ලල නෑ. නෙද්දකින්!

ඕ කියාම්, එපා හුත්තෝ ඕක කාගෙ හරි කකුලක වැදුනොත් කන්න වෙයි දෙන්නට

ගැහුවොත් ගහමු බං! උඹට අශෙල් අයිය ගැන අමුත්තක් තේරෙන්නැද්ද?

දවස් ගානක ඉඳන් නෝට් කරන් ඉඳපු සීන් එක ළාවට අද කන්ෆර්ම් වෙද්දි මං ඕක අශියගෙන් අහන්න තීරනේ කරා. ඕ මයි ගෝඩ්! වැරදිලාවත් අශෙල් අයිය අපෙ අශියට කැමති නං එහෙම.. අනේ මට අශියෙක් නැති වෙනව.. මගෙ අශියව මගෙන් උදුර ගන්න ආව පාපී අශෙල් අයියා. හුවෑක්.....

නෑ බං මටත් තේරුනා හරිද ලාවට, අශෙල් අයිය නිකන් අමුතුවට මං වටේ කැරකෙනව වගේ තමයි.

ඒකනෙ දැක්කනෙ මට හිතුන

ලාවට මගෙ හිතට දැනුන මම තමයි දෙවනි ශර්ලොක් වගේ සීන් එකක්. එතකොට අශිය තමා වොට්සන්! අභිසෙස් අයිය තමා බැස්කැවිල් රුදුරු බල්ල, ගැම්මට. මං ආයෙමත් පාරෙ තිබ්බ ගලකට දුවගෙන ගිහින් මෙසී ෆුට් බෝලෙට ගහනව කියල හිතාගෙන දමල ඇරියෙ ඒ ගල උඩු ගුවනේ පියාසර කරල අපිට ඉස්සරහ ඇවිදන් ගිය පස් කට්ටුවෙ මැද ඉඳපු එකාගෙ ඔලුවෙ වදිනකොට.

ඌප්ස්

මං කිව්ව උඹට, දැන් දුවපං තේව්


ඔහොම නැවතියන් පොඩි පගයො දෙන්නා...

මල හත්තිහුත්තයි අභිසෙස් අයියල නේද? ඒත් ඒ සෙට් එකේ හතරයිනෙ ඉන්නෙ. පස්වෙනි ඇස කාගෙ ද.. අනේ ඕව හිතන්නැතුව දුවපන් තේව් ගමකට කෑමක් සෙට් වෙයි උඹල දෙන්නට නැත්තං. අනේ සුමන නැන්දේ අද පුංචි බේබිට බත් තියන්නෙපා

මමයි අශියයි එහෙම්ම වයිට් පාක් එකෙන් අනිත් පැත්තෙ පාරට පැනල දුවගෙන දුවගෙන ගිහින් නැවතුනා. යකෝ කෝ මං එක්ක දුවන් ආව අශියා? මූට මක් වෙලාද? මූ මට කලින් දිව්වත් වගේ..

කෝ බං කොහෙටද ගියෙ?

මට ලාවට සයුල් අයියගෙ කටහඬ ඇහුන

උඹල ඔහෙ බලපන්කො මං මෙහාට යන්නං.

අභිසෙස් අයියගෙ කටහඬ ඇහෙද්දි මං සේපට බිත්තියකට කවර් උනා. හිමින් හිමින් අඩි සද්ද මැකිල යද්දි මං බිත්තිය අස්සෙන් ඔලුව දාල බැලුව. ආච්චිට හික්කඩු යන්න දෙයියෝ!!





















මගෙ මූණට එබිල හිටියෙ අබිසෙස් අයියා

Gotcha

මං හැරුන පමාවට දුවන්න යද්දි ඒකා මගෙ බෑග් එකෙන් අල්ලගත්තා. අනේ සමාවෙන්න නොදැන කළ වරදට

මං ඇස් දෙකත් තද කරල වහං එහෙම්ම නතර උනේ මාව අබිසෙස් අයිය එතන බිත්තියෙ වදින්නම තල්ලු කරල කෑ ගහද්දි

කාගෙ තරහක්ද යකෝ මං පිටින් යවන්නෙ ආ?

අභිසෙස් අයියගෙ තරහ පිරුන කටහඬින් මගෙ ක‍ං දෙක පිරිල කීං.... වගේ සද්දෙකුත් ඇහෙන්න ගත්තා... ඉස්කෝලෙ ළමයි ඒ පාරෙන් යනව, හොඳ වෙලාවට කාටක්වත් පේන්නැත්තෙ. නැත්තං අර ගර්ල්ස්කූල් වල කෙල්ලො අපිව අල්ලං ශිප් කරයි,, තේභි! ඊව් ... මගෙ ඇඟේ හිරිගඩුත් පිපුන

ස්-සොරි අයියෙ

සොරි හැයියෙ තමා! බලාගනින් උඹට මං කරන දේ!

අභිසෙස් අයිය තර්ජනාත්මක බැල්මක් මට එල්ල කරන් කියද්දි මගෙ කන්ට්‍රෝල් නැති වාචාල කටින් ආයෙම වචනයක් පැන්න

ඇයි මොනා කරන්නද?

ඇහි බැමකුත් උස්සං කට ඇතුලෙ දිව එහාට මෙහාට කරපු අභිසෙස් අයිය මගෙ උරිස්ස ඒ බිත්තියට තද කරන් මගෙ මූණට පාත් උනා.. හත්තික්කේ මේ මොකද? බැරි වෙලාවත් අභිසෙස් අයිය ගේ ද? අනේ අම්මේ මගෙ නිකැළල් නොයිදුල් හාද්ද මූට නං දෙන්නෑ.. මං ඇස් බෝල කරන් මට වඩා අඟල් කීපයක් විතර උස අභිසෙස් අයිය දිහා බැලුව. හුස්ම වැදෙන නොවැදෙන දුරකට ආව අභිසෙස් අයිය කතා කළා...

දත් ඇන්ද බඩටයවාගන්න ආසද උඹ?

බයටම මං මට තියන අහිංසකම ලුක් එක දාන් අබිසෙස් අයිය දිහා බලන් හිටියා.

උඹ ඔහොම බලද්දි මට වචන අමතක වෙනව අහි‍ංස..






මගෙ ඇස් තවත් ලොකු වෙලා කටත් ඇරුන මට දැනුන. යකෝ මේ මොකද වෙන්නෙ, අනේ මගෙ හාට්ටුව, කොහෙද අශ්වින් බල්ලො මාව දාල උඹ දිව්වෙ. හුවෑක්!

මාව හිර කරන උඹෙ ඔය අළුපාට ඇස් මං කොයිවෙලේ හරි උගුල්ලල දානවා, උඹ ඒක කරගන්න ආසද?

මං නෑ කියන්න ඔලුව දස අතේ දෙපැත්තට වැනුව. අනේ අම්මෙ මාව බේරගන්න, දැන්නං මට ඇඬෙන්න වගේ...මගෙ මූණ ගාවටම ළං වෙච්ච අභිසෙස් අයියගෙ අත ඉක්මනට එයා අරන් ඔලුව දෙපැත්තට ගසල මගෙන් එහාට උනා.. මාත් ලැබිච්ච ඉඩෙන් අනික් අතට එතනින් එහාට දිව්වා


















ඊළඟ පාර උඹ කුපාඩි වැඩ කරොත් දත් ඇන්ද ගලවනව බලපිය...

අන්තිමට මට ඇහුනෙ අභිසෙස් අයිය මහ හයියෙන් කෑ ගහන සද්දෙ විතරයි!.





~


To be continue

Continue Reading

You'll Also Like

303 67 10
"උබට ඌගේ එක කෙස් ගහකට අත තියන්න මම දෙන්නෑ..දැනගනින්..ජීවිතේ එක පාරක් වෙච්ච වැරැද්ද ආයේ වෙන්න මම ඉඩ තියන්නෑ.."
789 101 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
434K 6.1K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
111K 12.7K 47
මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇත...