👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

Por ChenQing4

42.9K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... Más

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 34 🌺👑

596 116 85
Por ChenQing4

"බබා.."

"ආ..හහ් සර්..."

"ම..මට කතා කරන්න ඕන.."

"ස්..සොරි මි..ස්ටර් ර..යිංහාඩ්...ම.මං දැන් යන්න ඕනා.."

තාමත් මේසෙ උඩ ඔළුව ගහන් උන්න කිරුළු එයාගෙ උරහිසට දැනුණ ස්පර්ශයක් එක්ක ගැස්සිලා ගිහිං කඳුලු පිහගෙන ඉක්මනින් ඔළුව උස්සද්දී බලාපොරොත්තු නොවුණ විදිහට ළඟ හිටගෙන උන්න කෙනා දැක්කම තව ටිකක් කලබල උණා වෙද්දී එහෙම්ම පුටුව පස්සට කරලා යන්න නැගිටිද්දි, ලෙවින් කිරුළුගේ වැලමිටකින් අල්ලන් කිරුළු ඉස්සරහා බැගෑපත් උණා..ඒ බැගෑපත් වීම මැද්දෙ මහ අසරණකමකින් පිරුණ කිරුළුගේ මූණ දකිද්දී අදවත් අවස්ථාවක් ලැබෙයි කියලා ලෙවින්ගේ හිතේ  බලාපොරොත්තු ඇති උණත්,ඒ බලාපොරොත්තුව එතනම බිඳලා දාන ගමන් කිරුළු බලෙන්ම තමන්ගෙ අත මුදවාන් පිටස්තර ආමාන්ත්‍රණේකින් කතා කරද්දි...අදත් මග අරින්න හදද්දී ලෙවින්ගේ ඉවසිම එක පාර අතුරුදන් උණා...

"මොකක්ද බං මේ..!! එක වචනයක් කතා කරන්න තරම්වත් මාව උඹට වටින්නේ නැද්ද කිරුළු...!! අඩුම සර් කියලාවත් කියා ගන්න බැරි තරමට පිට එකෙක්ද බං මං...!! ඇයි ඇයි මෙහෙම කරන්නේ...!! හොඳක් කරන්න හැදුවා මිසක් මං මොකක්..ද කර...පු වැරැ..ද්ද දෙවිය..නේ.."

"වැරැද්ද..!! මමද වැරදි එතකොට..!! අර තරම් ළඟින් ඉඳලා හොරෙන්ම මඟුල් කාලා මාව මුලින්ම පිට එකෙක් කරෙ කවුද සර්..!! කවුද..!! දැන් මමද වැරදි ආ..මමද වැරදි.."

"කී..රු..ලු මං..."

ලෙවින්ගේ වචනයක් වචනයක් ගානේ තිබුණෙම වේදනාවක් වෙද්දී කාට රහසක් උණත් කිරුළුට ඒ වේදනාව රහසක් උණේ නෑ..අනික් අතට ඒ වේදනාවේ ගින්න ලෙවින් තුල ඇති කරේත් තමන් කියන්න කිරුළු පැහැදිලිවම දැනගෙන හිටියා වගේම ගින්නක් අවලපු මනුස්සයෙකුටම ඒ ගිනි රස්නෙන් පීඩා විදිනවා වගේ කිරුළු ලෙවින්ගේ හිතේ එයාම අවුලවපු වේදනාවෙන් පීඩා වින්ඳා....ඒ ගින්න නිවන්න ඕනා උණත් , නිවන්න හිතන් එළියට අදින්න වෙන අතිතේ එක්ක කිරුළු අතේ තියෙන වතුරත් පෙට්‍රල් වෙලා තියෙද්දී තමන් දරණ පළවැනි උත්සාහයේදිම මේ ගින්න තවත් දරුණු වෙලා ඒ දෙන්නාව විතරක් නෙමෙ පොඩි කෙල්ලවත් එයාලා වටේ ඉන්න තව ගොඩ දෙනෙකුත් අහුවෙන්න පුළුවන් නිසා කිරුලු මේ වෙලාවේ විසෙන්ම විස නසන්න තිරණේ කරා...එයාටම රිදෙනවා කියලා දැන ගෙනම එයා ලෙවින්ගෙ හිත රිද්දලා , කේන්ති ගස්සලා,කල කිරවල එයාව පැත්තකට කරන්න හිතුව...

"අල්ලන්න එපා මා.ව..!! ත්..තව දුරටත් මං ඔයාගෙ නෙමේ..!!"

"හරි..!!අල්ලන්නෙ නෑ.!! ආපහු කරදර කරන්නෙත් නෑ..ඒත්..අවුරුදු 2ක්..නෑ ඊටත් වැඩි..ගොඩ..ක් වැඩි...මාව මේ වගේ මඟ අරින්න..මගෙන් පැනලා යන්න හේතුවක් කියපන් කිරුළු...හැමදේම..හැමදේම හරිගස්සනවා කියලා පොරොන්දු වෙලත්...මං උඹ ළඟට එන්න දවසක් තියෙද්දි..ගිය තැනක්වත් හොයාගන්න බැරි වෙන්න අතුරුදන් උණේ ඇයි කියපන් බබා...උඹ එහෙනුත් ගිහිං ගෙදර මිනිස්සු පවා ගමෙන් ගියේ ඇයි කියපන් බබා...අම්මා කෝ...බප්පා චමිලි ඔක්කොම කොහෙද...ඇයි ඒ කවුරුත් උඹ ළඟ නැත්තේ...කරදරයක් උණා නම්..ඇයි එකෙක්ට බැරි උණේ මට පණිවිඩයක් දෙන්න..ඇයි කියපන්...මා..ව..මාව පිස්සෙක් උණේ නැති ටික විතරයි..පිස්සෙක් උණේ නැති ටික විතරයි දෙවියනේ...අද..අද වෙනකං..පාර..ක්..පාරක් ගානේ..උබව.. ශිට් වැඩක් නෑ...උඹ ඒවා ගැන හිතනවා නම් අහම්බෙන් හරි මුණ ගැහුනට පස්සෙත් මාව මග අරින්න ගෙවල් දොරවල් වහලා දාලා යන්නේ නෑනෙ..."

........

ලෙවින්ට ඕනා උණේ කාගෙ උණත් කිරුළුව එක ටිකකට ඇදලා අරගෙන, ඉස්සර වගේ ඒ පපුවට තුරුලු කර ගන්න.... කිරුළුගෙ වචන ලෙවින්ට රිද්දද්දී මහ අසරණකමකින් , වරදකාරි හැඟීමකින් හිත වහගද්දී එයාට එයා වෙනුවෙන් හේතු පහදන්න ඕනා උණත් තවත් ඒ ගැන හේතු දක්වලා වැඩක් නෑ කියලයි හිතෙද්දි අඩුම, මං උබව පිට කෙනෙක් කරේ නෑ කියලා එයාව ඉස්සර වගේ එක මොහොතකට ළඟට අරන් කියන්න ඕනා උණා.. එයාගෙ අත් ඒ වෙනුවෙන් දික් උණත්,කිරුළු පුටුවත් තල්ලු කරන් ලෙවින් ගෙන් මිදිලා එහාට ගියා...

"හරි කමක් නෑ..මගෙ මූණවත් බලන්න අකමැති නම් එහෙම කමක් නෑ...මටත් කරදරයක් වෙන්න ඕන නෑ... ඒත්...උඹ වචනෙන් වචනෙ මට පැහැදිලි කරන්න ඕනා...වචනෙන් වචනේ...යකෝ...යකෝ...මගෙ පුංචි එකා උඹ...අ.. වුරුදු...අවුරුදු යාන්තං 23 යි උඹට...ඒත් නෑ...මේ කලබලේ..කසාද බැදලා දරුවෙක් හදන්න තරම්...නොකියා හැන්ඟෙන්න තරම් හේතුවක් කියපන් බබා...උඹ..උඹ මට පොරොන්දු උණා...අන්තිම මොහොතේත් උඹ මේ අත් අස්සෙ ඉඳලා ගියේ...මං විතරයි කියලා...සදහටම..මං විතරයි කියලා පොරොන්දු දීලා... පොරොන්දු වෙලා ගියේ මට...මං..මං විස්වාස කරානේ..බං...ගොඩක් විස්වාස කරානේ...උබව දරුවෙක් එක්ක දැක..ලත් මට තාම..තාම විස්වාස..කරන්න බෑ බං මේවා..ඒ කෙල්ල...ඒ කෙල්ල කවුද බබා...ඇයි...ඇයි එහෙම කරේ කියපන්..."

........

"ම..මතකද කිව්වා...දෙන්නෙක්..දෙන්නෙක් මුණ ගැහෙන්න තියෙනවානම්...දවසක එහෙම වෙනවා කිව්වා මතකද...අද අවස්ථාවක් නැති උණත්...හැමදාම එහෙම නැති වෙන එකක් නෑ අපි උත්සාහ කරොත්...ඒ අවස්ථාව ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්කියලා කිව්වා මතකද...මං...මං ඒ වචන විස්වාස කරා බන්..අදහාගෙන හිටියෙ....එදා උභව දකිනකං...අදහාගෙන..හිටියේ...දැනගෙන හිටියා...මේ ලෝකේ කොයි කොනෙන් හරි උභව දවසක මුණ ගැහෙයි කියලා...අනේ ඒත් ..මෙහෙම නෙමෙ බන්...මෙහෙම....දෙයක්...හිනෙන්වත් මන් බලාපොරොත්තු උණේ නෑ කිරුළු...බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරනවා කියලා උඹ කියද්දි...පිළිගන්න අකමැති උනාට උඹව දවසක මුණ ගැහෙයි කියන බලාපොරොත්තුව මාව ජීවත් කරා බන්...උඹෙ වචන ඇත්ත කියලා මං තේරුම් ගත්තා.... ඒ..ත්..ඒ..ත් දැන්.. ඒ කිසි දේකින් වැඩක් නෑ...තවත් බලාපොරොත්තුවක්වත්...උඹ මට ඉතිරි කරලා නෑ...කමක් නෑ...ඒත්..අද මෙහෙම වෙන්න හේතු දීපන් කොල්ලො...මගේ...මගේ හිතේ උඩම තැනක උන්න උබව පහලට දාන්න ඕනා නෑ මට..ඉතිං... මාව තව පිස්සු වට්ටන්නෙ නැතිව උත්තර දීපන්..!!"

.......

" පොරොන්දු වෙන්නම්... උත්තර දුන්නම...දුන්නම මං යන්නම්...ආයි කවදාවත් නොඑන්නම යන්නම්."

එයා වෙනුවෙන් හේතු දක්වන්න ඕනා නැති උණත්, ලෙවින්ට දැන ගන්න ඕනා උණා අද වෙනකං කිරුළුට මොකද උණේ කියන්න...මේ දේකටම පස්සෙ හැමෝම හොඳින්ද කියලා දැන ගන්න...ඒ බැල්මේම තිබුණ ඊට පස්සෙ වද දෙන්නේ නෑ කියන ස්ථිර හැඟීම කිරුළුව පණපිටින් පිච්චුවත්, හැමෝටම හොඳම විසදුම ඒකම නිසා වේදනාව කඳුලු හිරකරන් , හැඟීම් හිරකරන් ඉඳලා පුපුරන්න හදන පපුව ඇස් තව ටිකක් අමාරුවෙන් අල්ලන් කිරුළු ලෙවින්ට දෙන්න උත්තරයක් හෙව්වා...

"....ම්ම්..මට..මට..ඕනා උණේ...රිද්දන්න..!! ඔව් රිද්දන්න...!! මට එහෙම කරාට..රිද්දන්න...!!!"

"රිද්දන්න..!! මොනවාද බං මේ බොරු..!! උඹටම රිද්දන් මට රිදෙන්න නොදි බලා ගත්ත උඹද මේ කියන්නේ...!! පුලුවන්ද මට රිද්දන්න ආ...හරි...එහෙනම් අහක බලන් නොයිද මෙහෙ බලපන්..මෙහෙ බලන් කතා කරපං..!!"

ලෙවින් අවඥාවෙන් හිනා උණේ කිරුළු ගල් පැළෙන බොරුවක් කිව්වා වගේ...එයා ඕනා බොරුවක් විස්වාස කරයි...කිරුළුට එයාට රිද්දන්න ඕනා උණා කියන එක ඇරෙන්න.කිරුළු වෙනුවෙන්ම කියලා හිතන්,
නොදැක්කා නොදැනුණා වගේ උන්නට...එයා දන්නවා කිරුළු එයා නිසා මොන තරම් දුකක් තනියම දරා ගත්තාද කියන්න..අනික් අතට බැඳිම් වලට අර තරම් ආදරේ කරපු ගරු කරපු කිරුළු වගේ කෙනෙක් තමන්ට රිද්දන්න තව කෙල්ලෙක්ගෙ ජීවිතේ සෙල්ලමට ගනිද..කලබලේට ඒ අස්සට දරුවෙකුත් ගාවා ගනිද...ඒ උත්තරේම විහිළුවක් වගේ උණත් ඇත්ත හේතුවක් නිසාවත් තමන්ට රිද්දුවේ නැති කිරුළු බොරුවටත් හේතු මවන්  එයාට රිද්දන්න හදනකොට එයාට ගොඩක් රිදුණා...

"මොකද බැරි...මොක බැරි මට...බැරි නම් ඔය කරේ...තමුන්ම කියන්නේ රිදුණා කියලා..."

"වේ.. වෙන විදිහක් තිබුණෙ නෑ...!!මට..මට රිද්දන්න වෙන විදිහක් තිබුණෙ නැද්ද...කසාද බැදලා දරුවෙක් හදන එක ඇර..වෙන විදිහක් තිබුණෙ නැද්ද.."

කිරුළු හැරුණා අනික් පැත්තට...හයියක් නැතත් එයා හයියයි වගේ පෙන්නන්න උත්සාහ කරා..මේ කරන දේ ගැන එයා සියදහස් වැනි වතාවටත් ඒ මොහොතෙම පසු තැවුණා...එයා අද මේ තත්වේ ඉන්නෙ අසරණකමට මිසක්...ලෙවින්ට තව තව රිදෙන්න ඕනා නැති නිසා මිසක් මේ කටින් කියනවා වගේ...හිනෙන්වත් මට ඔයාට රිද්දන්න ඕනා නෑ මගේ සර් කියලා එයාට ඒ පපුවේ ඔළුව ගහන් අඬන්න ඕනා උණා...මේ තරම් බොරු කියන තැනට , මන්ම පරිස්සම් කරපු ඔය හිතට දුක් දෙන තත්වේට මාව පත් කරලා මට පවු පිරෙන තැනට මාව අසරණ නොකර අපි මුණ ගැහුනෙ නෑ කියලා හිතන් මෙතනින් යන්න කියලා ඒ කකුල් දෙකේ වැටිලා ඉල්ලන්න ඕනා උණා...

"වෙන විදිහක් මොකටද මිස්ට ලෙවින් තමුන් මට රිද්දුවෙත් එහෙමනේ...නේ...මට හොරෙන් කසාද බැදලා එහෙ..මනේ රිද්දුවේ මට..ඉතිං මං කරේත් ඒකම තමා...අනික..අනික බොරු කියන්නේ මම නෙමෙ ඔයා...රිදුණා කියන්නේ රිදෙන්නේ කොහොමද..ඇත්ත තමා මටත් වෙන විදිහක් හොයා ගන්න තිබුණා රිද්දන්න...මන් කසාද බැන්දා කියලා රිදෙන්න විදිහක් නෑනෙ...මටත් විකාර...රිදෙන්නේ කොහොමද..මං..මං..නිකංම ඕනා එපාකම් ඉෂ්ට කරගන්න පාවිච්ච්.."

"කට..කට වහපන්...!! උඹ උඹ දන්නවා...!! උඹ දන්නවා එහෙම නෙමෙ කියන්න...!! කාටත් වඩා උඹ දන්නවා...!!! අනික...අනික උඹ දැනගෙන හිටියා..ලියාව මට මැරි කරන්න වෙනවා කියලා උඹ දැනගෙන හිටියා..!!!මං කවදාවත් හැංගුවේ නෑ..!!"

හිත අස්සෙ අරගලේ කොහොම උණත්, තමන්ගෙ කටින් පිට උණ වචන ගැන එයාම පුදුම උණා.කිරුළු දැනගෙන හිටියේ නෑ එයාගෙ කටින් එහෙම පිටවුණේ ඇයිද කියන්නවත්..සමහර විට අවුරුදු ගාණක් ලෙවින් වෙනුවෙන්ම හිතේ හංගා ගත්ත එයාගෙ ඒකපාර්ශවික ආදරේ වේදනාව ලැබුණ අවස්ථාවෙන් පොඩ්ඩක් හරි එළියට දාන්න එයාගෙ යටි හිත එයාව පොලඹවන්න ඇති..

"හැංගුවේ නෑ..ඒත් කියන්නම ඕනා වෙලාවේ...හැන්ඟුවා...මටවත්..මටවත් ඕනා නැති හීන පෙන්නලා...අර නොදන්න රටක ගිහිං මාව අත ඇරලා...හෙවණැල්ල වගේ හැම මොහොතෙම පස්සෙන් ඉඳලා මට මොකද වෙන්නෙවත් නොහිතා එකපාර හේතු නැතිව අත ඇරලා දාද්දීත්...ඉවසපු මාව එතනින් අත අරින්නත් බැරිව තව රවට්ටන්නත් ඕනා උනානේ ඔයාට...දැනගෙන හිටියා...ඕනවාටත් වඩා තේරුම් අරන් හිටියා...මගෙ නෙමෙ කියන්න...ඒත්...ඒ..ත් මං බලාපොරොත්තු උණා හොඳ..හොඳ සමු ගැනීමක් බලපොරොත්තු උණා සර්...රැවටීමක් නෙමෙ හොඳ සමු ගැනීමක් බලාපොරොත්තු උණා...ඔයාගෙ සතුට වෙනුවෙන්...මේ අත් දෙකෙන්ම...ඔයාගෙ හනිමූන් බෙඩ් එක උණත් හදන්න හයියක් මට තිබුණා සර්...ඔයයි...ඔයයි රැවටීමක් ඉස්සර කරන් ඒ හයිය නැති කරේ...අවස්ථාවක් ඉතිරි නොකර ඔයාමයි මට මාවම නැති කරේ.."

කොහොම උණත්...එයාගෙම වචන කිරුළු මේ තරම් එකතු කරන් උන්න ශක්තිය එක තප්පරේ විසුරුවලා දැම්මා..අංශුවකින්වත් අඩු නොවී හිත අස්සෙ අද වෙනකං පරිස්සම් කරලා තියෙන ආදරේට...කරපු කැප කිරීම් ගණනාවක් එක්ක මිල කරන්න බැරි තරමේ වටිනාකමක් ලබපු එයාගෙ ආදරේට පලිගැනීම කියන නමවත් ගාවගෙන අගවුරව කරන්න උණ එක ගැන තිබුණ වරදිකාරි හැඟීම එයාව දුර්වල කරද්දි හිරකරන් උන්න කඳුලු ඇස් වලින් කඩන් වැටෙද්දී, ඒ හඬ බාල වෙලා වචන බිදිලා යද්දී...කොයි වෙළේ කොහොම උනාද දන්නෙත් නැතිව එයා ඒ ලොකු අත් අස්සෙ හිරවෙලා හිටියා...මේ තරම් වෙලා පිස්සුවෙන් වගේ පිහිතුඩු වගේ වචන විසි කර කර කෑ ගහපු ලෙවින්ට විතරක් නෙමෙ තමන්ටම ආගන්තුක උණ, කිරුළු අතුරුදන් වෙලා සැබෑ කිරුළු මතුවෙලා තියෙද්දී ඒ බව ඉවෙන් වගේ අඳුනා ගත්ත ලෙවින් ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජන අරන් කිරුළුව එයාගෙ පපුව අස්සෙ හිරකරන් හිටියා...

"රවට්ටන්න ඕනා උණේ නෑ දෙවියනේ...රවට්ටන්න ඕනා උණේ නෑ..රිද්දන්න ඕනා උණේ නෑ ඒකයි මං.."

ඉස්සර වගේම ඒ අත් වලින් කිරුළුව තුරුලු කරන් උන්න ලෙවින් පුරුද්දට වගේ ඒ හිස් මුදුනේ ඔළුව තද කරගන්න හැදුවත් එයාට තේරුණා..ඒ ඉරියව්ව ඉස්සර වගේ සුව පහසු නෑ කියලා...එදා කෙල්ලවත් වඩාගෙන කලබලේට තුරුලු කර ගද්දී නොදැනුණාට එයාට දැනුණා එයාගෙ පොඩි එකා උස ගිහිං...කිරුළුටත් තේරුණා තව දුරටත් එයා ඉන්නෙ ලෙවින්ගේ පපුවේ නෙමෙ කියන්න...ඉස්සර ලෙවින් ආස උණා වගේ කිරුළුගේ නහය ලෙවින්ගේ බෙල්ල පාමුලින් තද වෙලා තිබුණත්..ඒ වෙනස දෙන්නටම රහසේ ඒ පපුව රිද්දුවා.. ඊටත් වඩා තැන වෙනස් උණත්...දෙන්නා ළඟම ආවෙ තාමත් පුරුදු සුවද වෙද්දී දෙන්නටම පපුව පුරවපු හුස්මක් එකවිට පිට උණා... කවදාවත් නුපුරුදු විදිහට කෑ ගහලා ආවේගශිලි වෙලා තව රිද්ද ගන්නවාට වඩා පුරුදු විදිහට දේවල් විසඳ ගන්න එක හොඳයි කියලා,අන්තිම වතාවට කියලා හිතන් ඒ උණුහුමේ හුස්මක් ඇද ගන්න ගමන් කිරුළු එයාටම තේරුම් කරන්න කරා...

"ම..මං..දන්නවා...මගේ සර්...මං.මං දන්නවා...ඒ..ත්..ඒත් මට රිදුණා..නේ..දැන්..දැන් කමක් නෑ...පේන..වද...ඔයා හිතුවාටත් වඩා...මං හිතුවාටත්...වඩා...මං ශක්තිමත්...මං..මං හරි ඉක්මනින්..ඒ අතිතෙන් මිදුණා සර්...මට..මට දැන් මගේම ජීවිතයක් තියෙනවා..ඒ ශක්තිය ඔයා ළඟ ඉස්සර ඉඳන්ම තිබුණානෙ...ඉතිං දෙන්නම ඉස්සරහට ගිහිං..මං හොදින්..ඔයත් හොදින්.
තව දුරටත්..අතීතේ හාරා ඇවිස්සුවා කියලා...ඔයාටවත් මටවත් හොඳක් වෙන්නේ නෑ සර්..කරපු හැම දෙයක් ම...ස්තුති කියලාවත්..සල්ලි දික් කරලාවත් හෑල්ලු කරන්න ඕනා නෑ මට...ඒත් මං හිතන්නෙ..ඔයාගෙ අළුත් ජීවිතේට බාධාවක් නොවී ඔයාගෙන් මිදිලා, ඔයාගෙ වැරදුණ අතිතෙන් ඔයාව මුදවලා මං ඔයාට ගෙව්වා..පොරොන්දු කැඩුවට , බලාපොරොත්තු කඩ කරාට...සමාවෙන්න..ඉස්සර නම්...ඔයා කාගෙ උණත්, ඔයා මට දෙන අයිතිය බාර ගන්න මං දෙපාරක් හිතන්නෙ නෑ...ඒත් දැන් බෑ.. ආපහු හැරෙන්න මං පරක්කු වැඩියි සර්..ඒ නිසා මං බලාපොරොත්තු උණ හොඳ සමු ගැනීම මට දීලා මගෙන් ඈත් වෙලා යන්න සර්...බැරි නම් මේ වතාවෙත් මංම.."

"ඇ..ති..ඇ..ති බ..බා.ඕ. ඔයා හිතනවා වගේ මං හොදින්.."

කිරුළු කතා කරේ බොහොම ඉවසීමෙන්..තාමත් ඒ වචන ඇතුලේ වැඩිපුර තිබුණෙ හිත එකඟ නොවෙන බොරු ගොඩක් උණත්...කෑ ගහලා තේරුම් කරන්න බැරි උණ දේ මේ විදිහටවත් ලෙවින්ට තේරුම් කරන්න උත්සාහ කරා...තමන්ගෙ කැප කිරීම් එක්ක වර්තමානේ ලෙවින් ඉන්නවා ඇති කියලා කිරුළු හිතන් ඉන්න විදිහයි...තමන්ගෙ අතුරුදන් වීමෙන් පස්සෙ හැබෑවටම ලෙවින් ඉන්න තත්වෙයි එයා බලාපොරොත්තු උණ විදිහෙ නෙමෙ කියලා නොදැන , කලින් කෑ ගහලා එළියට දාපු වචන වලටත් වඩා ඒ සාමකාමී වචන වලින් කිරුළු නොදැනිම පමණටත් වඩා ලෙවින්ට රිද්දුවා...

අස්වයා ගියාම ඉස්තාලේ වහලා වැඩක් නැ වගේ,දැන් පැහැදිලි කරලා වැඩක් නැති නිසා ලෙවින් එයාගෙ පැත්තෙන් හේතු දෙන්න අකමැති වෙද්දී...තාමත් කලින් තමන්ව අසරණ කරපු හේතු නිසාමත්, කිරුලුත් හිතන විදිහට වෙන්න පුළුවන් හරිය වෙලා නිසාත් කිරුළුත් එයාගෙ හේතු ඒ පපුව අස්සේම හංගා ගත්තා...සදහටම ලෙවින්ගෙන් හංගන්නත් ඕනා දේ නිසා ලෙවින්ගේ ප්‍රස්න මඟ ඇරියා...කතා කරන්නම ඕනා දේ ගැන එයාලා නිහඬ උණා...

ඒ අතරෙ කිරුළුගේ ඇස් වලින් ගලන කඳුළු වල සිතල, ඒ වේදනාව තව තවත් වැඩි කරන ගමන් ලෙවින්ගේ ගෙල පාමුලට දැනුණා...ඉස්සර කිරුළු බය උණා වගේ,මින් ඉදිරියට තව දුරටත් බලාපොරොත්තුවත් නෑ කියන හැඟීමත් එක්ක එන වේදනාව, කිරුළුගේ වචනත් එක්ක මුල් වතාවට පැහැදිලිව ලෙවින්ට දැණෙද්දී එයාට එයා ගැන..තව දුරටත් මේ දේවල් දරා ගන්න බැරි වෙයි කියන එක ගැන බයක් දැනුණා...කලින් ඕනා නොවුණත් ඒ බය නිසාම එයාට එයා වෙනුවෙන් හේතු දක්වන්න.. කිරුළු හිතන් ඉන්නවා වගේ එයා හොදින් නෙමෙ කියන්න... ඉන්න තත්වේ කිරුළුට පැහැදිලි කරන්න ඕනා කියන සිතුවිල්ලක් එක මොහොතකට හිතට ආවත් දොරට තට්ටු කරන සද්දෙත් එක්ක ඒ වචන මග නතර කරලා කිරුළු කලබලෙන් ලෙවින්ගෙන් ඈත් වෙන්න හැදුවත් දොර ළඟ උන්න කෙනා ඊට වඩා ඉක්මන් උණා...

"ලෙවින් අපි ඇතුල.."

"ඩදා...දූනි ආවා..ආහ් තාතිත් ඉන්නෝ..තාතිත් ඉන්නෝ...තාති මේ තෝයි ආන්තිඑක් හම්බුනා...මේ තෝයි එයා...මේ බණ්ඩි බබෙකුත් ඉන්නා එලාට...."

"සොරි අපි පස්සෙ එන්.."

සයුරි තල්ලු කරන් උන්න දොර ළඟ හිටන් උන්නේ පොඩි එකීව වඩා ගත්ත ලියා...කිරුළු මිටින් එක ඉවර වෙන වෙලාවට පොඩි එකිවත් අරන් conference room එක ළඟම තියෙන මිතිලගේ රූම් එකට එන්න කියලා සයුරිට කලින්ම කියලා තිබුණ නිසා සයුරි එන්න ලෑස්ති වෙද්දී ලියත් ඒ එක්ක එකතු උණේ කිරුළු බලන් එන්න හිතන් වෙද්දී මඟදී මුණ ගැහුණ මිස්ටර් පතිරණ එයාලට කියපු විදිහට ලෙවින් එයාලා එක්ක එළියට ආවත් ෆොන් එක අමතක කරලා ආවා කියලා ආපහු හැරිලා ගිහිං තිබුණා වගේම කිරුළු එතන නතර උණ බවක් දැනගෙන හිටියේත් නෑ...ඉතිං පොඩි එකිගේ පෙරැත්තෙට කිරුළුව බලන්න කලින් යන අතරමග ලෙවින්ව බලලා යන්න conference රූම් එකට ඔලුව දැම්මත් දැකපු දේ නිසා ඒ දෙන්නා මූණෙන් මූණ බලාගන්න ගමන්  ආපහු හැරෙන්න හැදුවත් ,හරි පරිස්සමට ගොඩ නඟාගෙන ආපු සමු ගැනීමේ කතාවට හිටි ගමන් තිත තියන ගමන් ඇහුණ පොඩි එකිගේ කටහඬත් එක්ක සිහියට, ආපු කිරුළු  ලියා ඉස්සරහා ලෙවින්ට තුරුලු වෙලා උන්න එක ගැන දැනුණ වරදකාරී හැඟීම එක්ක...හැමෝටම වැඩිය ඉක්මන් උණා...

"මල්ලි...මේ දරු..වා.."

"ත..තමුසෙලා...මගෙ දරුවාගෙන් ඈත් වෙලා ඉන්නවා...!!"

පොඩි එකී ළඟත් ,පස්සෙ පොඩි එකීව වඩන් උන්න ලියා ළඟත් නතර උණ ඒ බැල්ම පොඩි එකිගේ කකුල් වලට එහා පැත්තෙන් ඉස්සරහට නෙරලා තිබුණ ලියාගේ කුස ළඟත් නතර වෙද්දී ඒ මූණේ ඇදුණ අමුතු පහේ වේදනා බර හිනාව නිසා ලියා විතරක් නෙමෙ මේ අය අතරෙ සිද්ද වෙන මොකුත් නොදන්න සයුරි පවා ගැස්සිලා යද්දී කිරුළු අනික් තප්පරේ ගිහිං ලියා අතේ උන්න පොඩි එකීව එයාගෙ අත් වලින් උදුරන් එතනින් යන්න හැරුණත් ඒ අත ඉක්මනින් අල්ල ගත්ත ලියා මොකක්දෝ කියන්න හැදුවත් මේ දරුවා කියද්දීම ගැස්සිලා ගිය කිරුළු පොඩි එකීව අත් දෙකෙන්ම තුරුලු කරන් එතනින් යන්න ගියේ ලියාට වගේම ලෙවින්ටත් වචන වලින් තර්ජනේ කරලා...

"සොරි මං.."

"ඒකට කමක් නෑ..එයාට ටිකක් ඉන්න දෙන්න..දරුවායි පිට මිනුස්සුයි ඉන්න තැන මෙවා කතා කරන එක එයාට හරි නෑ...ඔයත් කලබල වෙන්න එපා පැටියාට හොඳ නෑ..."

"එයා මොකෝ කිවේ.."

"ඒ..එ..යා.."

ලියා ආපහු කිරුළු පස්සෙ දුවන්න හැදුවත් ලෙවින් ගිහිං ලියාව නතර කරා වෙද්දී ලියා අහපු ප්‍රස්නෙ එක්ක, පොඩි එකීවත් අරන් කොරිඩෝ එකේ ඈතට නොපෙනී යන කිරුළු දිහා බලන් උන්න ලෙවින්ගේ කටහඬ බිදිලා යද්දි එයා ආපිට හැරිලා රූම් එක ඇතුලට ගිහිං ඈතින් පේන කඳු දිහා බලන් හොඳ හුස්මක් ගද්දි ලියාත් ගිහිං එයා ළඟින් හිට ගත්තා...

"කතා කරන්නවත් කැමති නෑ මං එක්ක.."

"ඒ තරම්.."

"අපෙ මැරේජ් එක..නෑ නොකියා මැරි කරපු එක..ඒ තරම් රිද්දලා මගෙ පොඩි එකාට..ඒ නිසාලු..ඒ නිසාලු මේ හැමදේම...හැමදා...ම..වචනෙකින්වත් මට..රිද්දුවෙ නැති කොල්ලට...මට රිද්දන්න ඕනා උණාලු...බොරුනේ...බොරු මේ ඔක්කොම...ඒත්...ඒත්...ඒ..එයා...මගෙ වගේ ඇස් තියෙන..කෙල්ලෙක් හොයන්...මගෙ අඩුව..පිරිමහන්න..ඒ ඒ මදි වෙලා...ම..මගෙ..මගෙ..ම හීනෙකට පණ දීලා..මගෙ ඇස් එක්ක..මං..මං දුන්න නම එක්ක...දරුවෙක් හදන්...මේ මේ ඔක්කොම...මං..මං හොරෙන්..කසාද බඳපු
නිසා...මට රිද්දන්නලු...රිද්දන්නලු ඕනා උණේ..ඒ කියන්නේ....බොරු උණත්....බොරු උණත්...මේ ඔක්කොම දැක්කම....මට...මට රිදෙනවානේ...ගොඩක් රිදෙනව නෙ..  "

"මං කිව්වා ඔයාට නොකියා ඉන්න එපා කියලා.."

"හ්ම්..මගෙ මෝඩකම්..දැන් මොනා කරන්නද.."

"දැන් මොකද කරන්නේ අයියෙ.."

"ආපහු යන්න ලෑස්ති වෙන්න.."

"පිස්සු හැදිලද ඔයාට...!!!"

"ඊට කලින් යන්නේ...තව බලන් ඉඳලා පිස්සු හැදෙන්න කලින් යන්නෙ...එයාව ආපහු මුණ ගැහුනෙ නෑ කියලා හිත හදාගන්න බලනවා..මං..මං නැතත් මගෙ පොඩි එකා හොදින් ඉදිනේ...එයාට..ඕනා උණා වගේම
ල..ලස්සන..පවුලක් තියෙනවනෙ..තවත් මාව ඕනා නෑ..මං මං හිටියොත් ඔක්කොම අවුල් කරයි...ඒ නිසා යමු..මෙහෙ වැඩ වලට වෙන කාව හරි එවමු..පැතුම්ට කෝල් එකක් දෙන්න..හොයන්න ඕනා නෑ..කොල්ලා හිටියා කියලා..අපිව එක්ක යන්න එන්න කියන්න.."

ලියා ලෙවින්ගේ බාහුවක එල්ලිලා ඒ බාහුවේ ඔළුව ගහ ගත්තෙ කලකිරීමකින්..කා එක්කවත් නෙමෙ ලෙවින් ගැනම...එයාට මහන්සි මේ ඔක්කොම බලන් ඉඳලා... දැන් නම් ඉන්න තත්වෙත් එක්ක තව අමාරුයි...ඒත් මේ තමයි එයා හරි හයියට ඉන්න ඕනා වෙලාව...හිතේ කලබලේටදො පොඩි එකත් පොඩ්ඩක් කලබල කරද්දි ලියාගෙ අත් වලට ලෙවින්ගේ අත මිරිකුණා...

"අමාරුද ඔයාට...අද කලබල උණා වැඩි..මං කතා කරන්නද එයාට.."

"ම්හු..ඔහොම ටිකක් ඉන්න හරියයි..මං හිතන්නෙ එයාට එයාගෙ අප්පචිට කතා කරන්න ඕනා වෙලා...ඒඋනාට ඊට කලින් අපි දෙන්නා ටිකක් කතා කරලා ඉන්න ඕනා.."

ලෙවින්ව තනියම එවන්න බැරි නිසා ආවා මිසක් ලියා උන්නේ මේ වගේ ගමනක් එන්න සුදුසු තත්වෙක නෙමෙ.. කොහොම උණත් ප්‍රස්න කොච්චර තිබුණත් , ලියා තමා මේ වෙලාවේ ලෙවින්ට තිබුණ ලොකුම වගකීම..ඉතිං ලියාගේ අපහසුව තේරුන ලෙවින් එයාව ළඟට අරන් උරහිසට වාරු කර ගත්තා වෙද්දී එයාලා නොදැනිම මොහොතකට කලින් එයාලට කතා කරන්න හිතන් ආපු කෙනෙක් එයාලගෙ අන්තිම වචනත් අහගෙන ඒ වචන වලට වගේම එයාලා ඉන්න ඉරියව්ව නිසත් හිත රිදවාගෙන,කලින් එයා මෙතන දාලා ගිය ෆයිල් එකකුත් අරන්  සද්ද නැතිවම ආපහු හැරිලා ගිහිං තිබුණා...

මතුසම්බන්දයි....
👩‍💻 dil

2024/02/24

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ළමයි....අද අවුල්ද මන්දා අප්පා....🤧🤧

කොහොමහරි ඔන්න කිරුළුට ලියාව මුණ ගැහුනා...

ලියා ඇත්තටම හොඳද නරකද...🙃🙃

දැකපු ගමන් හොයන්නෙ බලන්නෙ නැතිව කලබලේට විනිෂ්‍ය කරලා හිත් රිද්ද ගන්න එපා ඉතිම්....😌😌

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

උඹ එක්ක තනිවෙද්දි
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි

හිස උරහිසේ ඉද්දි
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇහැරන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි

උඹෙ නළල සිපගද්දී
තොල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි

සතුටින්ම අපි ඉද්දි
ලොව එරෙහි වී යද්දී
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි

මගෙමමයි පිලිගද්දි
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි

අපි යන්න සැරසෙද්දි
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි

පෝරුවට උඹ යද්දි
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි

ඉරණමට බිළිවෙද්දි
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි

ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි

අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි

පිලිවෙලට සමු ගද්දි
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි

ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ
ප්‍රේමය නිසාමයි..//

Seguir leyendo

También te gustarán

18.1K 426 13
jaune is a orphan boy who wanted to dream of being a hero after losing a kidney and a eye to pay off his debt to the mafia he couldn't pay it deep do...
862K 40K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
241K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
1.1M 44.3K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...